ගෙම්බාගේ දෘෂ්ටාන්තය
මෙය විද්‍යාඥයින් පිරිසක් විසින් ගෙම්බෙකු හා කරන ලද පර්යේෂණයක් පිළිබද දෘෂ්ටාන්තයකි.
උණු වතුර කෑකෑරෙන හැළියකට දමන ලද ගෙම්බා එයින් පිටතට පැන්නේ ක්ෂණිකවය. ඌට වතුර පිච්චෙන තරමට උණු බව ක්ෂණිකවම දැනුනු නිසාය. එහෙත් යාන්තම් රස්නය ඇති වතුරට දමන ලද ගෙම්බා එහි නිසංසලව සිටියේය. වතුර පිරුණු හැළිය යටින් බුර බුරා දැල්වෙන ගින්දර ගැන දැනීමක් නොමැති ගෙම්බා යාන්තම් රස්නෙ ඇති වතුරේ ගිලී සංසුන්ව සිටියි. අන්තිමේ දී වතුර රත් වූ කළ ගෙම්බා තැම්බී මැරී යයි.
පිච්චෙන විට පැන දුවන්නට ඕනෑම කෙනෙකුට අමුතුවෙන් කියා දෙන්නට උවමනා නැත. එහෙත් ඇල් මැරුණු වතුරේ බැස ඉන්නා අය තැම්බී මැරෙන තෙක් එහි නිශ්චලව සිට යටින් වතුර පැහෙන කළ ඒ ගැන නොසොයා සිටීම මෝඩකමකි.
ලෝකයේ වැඩියෙන් ඉන්නේ වෙන්නේ මොකක්ද කියා නොදැන බැහැගෙන සිටින ඇල් මැරුණු වතුරේ නිකම්ම නිකම් ඉන්නා ගෙම්බෝ බව පෙනේ.

lankavenam den ehemayi kiyalaa penavane……
නියම කතාව!
හැම දෙම එක පාරට දැනේකොට තමයි නොපුරැදු .කලක් තිස්සේ ඉදලා දැනේන කොට ගනක් නැ
hi
Like who are thinking again vote to Mahinda
KHAP Dayaratne ,
dont u like the developent of the country ? and do u need the WAR again ?
do u need a country that will say “YES” to USA, UK and other ppl ? (Including NGOs & LTTE)
shame on u man! go and vote for SF and go to hell!
– we need our country and this is for all of us —
[...] . . . හෆොයි . . .! අරුණි ශපිරෝ වෙතින් – ගෙම්බාගේ දෘෂ්ටාන්තය SANKALPANA – ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු [...]
හෆොයි දැන් අපේ කට්ටිය මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න ගෙම්බො තම්බයි
ප්‍රතිගාහී අනුවර්තනයක නරක විපාක
බයෝ සයන්සි කරන අය කරන ලොකුම පව්කම තමයි ගෙම්බන්ගේ ජීවිතේ විනාශ කරන එක.ඒක එයාලගේ අධ්‍යාපනයේම කොටසක්.සුද්දා අපට ලබා දුන්න අධ්‍යාපන රටාව ඇතුලේ දයාව කරුණාවට කොහෙත්ම ඉඩත් නැහැ. නමුත් බෞද්ධ අධ්‍යාපන රටාවතුළ විෂය කරුණුවලට සමගාමීව දයාව කරුණාව වගේ මානුෂික පැතිකඩ ඉගැන්වූවා. එය ගමේ බයියන්ගේ අධ්‍යාපනයක් කියලා අප ලවාම එයට අපහාස කරවලා එයාලා දැන් අපට මහ ලොකුවට දීලා ගියේ මොකක්ද?අපට තවම වෙලා තියෙන්නේ අපව මේ පඹගාලේ පටලවපු සුද්දගේ අධ්‍යාපන රටාවෙනුයි සුද්දගේ වැරදි ආකල්පවලිනුයි මිසෙන්න බැරිව දඟලන එකයි. නමුත් මේකට ප්‍රශස්ති කියන ඕනෑම කෙනෙක් හිතන්නේ මේක තමයි අමෘතය කියලා.ඒක තමයි කියන්නේ කකුළුවා නටන්නේ වතුර නටන තුරු විතරයි කියලා