අරුණි ශපීරෝ‍ වෙතින්

අයින් රෑන්ඩ් නැමති ඩබල් ඒජන්ට් රතු හමුදාව කැඳවා ඇති අයුරු

Posted in Uncategorized by arunishapiro on මැයි 1, 2011

පාස්කු සති අන්තයේ දී මාත් සුදු අප්පුහාමිත් පැය දෙකහමාරක් වාහනය පදවා ගෙන ගියේ අයින් රෑන්ඩ් ලියූ පොතක් පාදක කරගෙන නිපදවා ඇති ‘ඇට්ලස් හැකුළුනි: පළමු කොටස’ චිත්‍රපටිය නරඹනු පිණිස ය.

පැය දෙකහමාරක් ගෙවා යා යුතු ඒ චමත්කාරී කුඩා සිනමා ශාලාව, සීමිත තිර දැක්වීම් ඇති ඒ චිත්‍රපටිය නරඹත හැකි අපිට සමීපතම ස්ථානය විය. සිනමා ශාලාව සේ ම චිත්‍රපටිය නරඹන්නට එක් රොක් වූ පිරිස ද චමත්කාරී වූයේය! සුදු හම නොමැත්තෙකුට වූයේ මා පමණකි. වයස පනහට අඩු අයට වූයේ මාත්, එහි සිටි තරුණයෙකුත් ය. ඔහු හැරෙන්නට අනිත් සියල්ලෝම එක්කෝ තඹ විට කෙස් ඇති අය නැත්නම් තට්ටය පෑදිච්ච හෝ පෑදීගෙන එන අය වූහ!!!

චිත්‍රපටිය නැරඹුවා යයි දන්වා එවූ ටෙනසි ප්‍රාන්තයේ ලාංකික හිතවතෙකුට මෙය කීවෙමි. ඔහු කියුවේ ද ඔහුත් භාර්යාවත් චිත්‍රපටිය නැරඹූ ශාලාව ද ඊට සමාන වූ බවයි.

අයින් රෑන්ඩ් පොත් සියල්ල කියවා ඇති මට, චිත්‍රපටිය බැලීමෙන් පමණක් (පොත නොකියවා ඇති) යම් අයෙකුට කතාවේ ප්‍රධාන තේමාව නොහොත් පුද්ගලයා නිෂ්පාදනයේ යෙදෙන්නේ ඇයි? යන සංකල්පය වටහා ගැනීම අපහසු යැයි සිතේ. ඔහුට හා ඇයට ලයිට් බල්බ් පත්තු වෙයි ද?!!! තිරයේ කතාව දිග හැරෙද්දී ඇසුණු දෙබස්, පොත කියැවූ මට කට පාඩම් වී ඇති සේ හැඟුණි. ඒ 1957 දී අයින් රෑන්ඩ් විසින් ලියූ දෙබස්.

මාක්ස් හා කේන්ස් ‘කියැවූවා’ යැයි කියන සෙසු ලෝකයා සේ ම මාත් අයින් රෑන්ඩ් ‘කියවා’ ඇත්තේ විචාරයෙන් තොරව දැයි එය නරඹද්දී සිතුවිල්ලක් මොළයේ කොහේදෝ තැනකින් හට ගත්තේ ය.

ඇය ධනවාදය මුලින් ම උදුරා දමන ප්‍රධාන සැලැස්ම ඉදිරිපත් කරනු සඳහා ඇමෙරිකාවට රිංගා ගත් ඩබල් ඒජන්ට්වරියක් ද?!!!!!!!

‘ඇට්ලස් හැකුළුණි’ පොතේ සඳහන් වන ‘අවස්ථා සඳහා සමානාත්මතා සාධන පනත’ Equalization of Opportunity Bill සම්මත වූවා යැයි කියන්නේ මිනිත්තු 45 ක දී ය. එය කොන්ග්‍රසයේ වැඩි විවාදයකට ලක් වූ පනතක් නොව හදිසියේ ඉදිරිපත් කර සම්මත වූ පනතක් සේ දැක්වෙයි. සසඳා බලන්න මෙය සමඟ: “Hurry up and pass the bill so we can all find out what is in it” -Nancy Pelosi 2009 ඔබාමා ආණ්ඩුව සම්මත කරගත් සෞඛ්‍ය පනත ගැන නැන්සි කියයි: “ඉක්මණින් පාස් කරන්න අපිට පනතේ තියන දෑ දැනගන්න.” සම්මතයට අත්සන් තැබූ, ජනතාව නියෝජන කරන්නෝ, වැඩි පිරිස පනත සම්පූර්ණයෙන් ම කියවන්නට වත් කාලය ලැබුණේ නැති බව ප්‍රසිද්ධියේ පිළිගනිති.

‘ඇට්ලස් හැකුළුණි’ පොතේ දැවැන්ත චරිතයක් වන හෑන්ක් රියර්ඩන් සහ ඔහු හිතවතකු වන පෝල් ලාර්කින් අතර සංවාදය:

පෝල් ලාර්කින්: “ඔයා මුරණ්ඩුකාරයෙක්. ඔයා ඇට්ටරයෙක්. ඔයාගේ එකම ඉලක්කය යකඩ නිෂ්පාදනයටයි එකෙන් සල්ලි හොයන්නටයි.”

හෑන්ක් රියර්ඩන්: “ඒත්, ඒක තමයි මගේ එකම ඉලක්කය.”

පෝල් ලාර්කින්: “ඒත් එහෙම කියන්න එපා.”

ජනමතයට පටහැනි නිසා ‘එසේ කියන්න එපා’ යැයි ලාර්කින් හෑන්ක්ට අවවාද කරයි. 2011 දී ලෝක ජනමතය එය නොවේ ද?!!! එහෙත් තමන් නොසොයන, තමන් අප්‍රසාදය දක්වන, ධනවතා හම්බ කරන සල්ලි වලින් ආධාර ලැබීම ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ ද?!!!!

මේරිලැන්ඩ් ප්‍රාන්තයේ 2010 ඔක්තෝබරයේ සිට සම්මත වී ඇති ‘මහජන යහපත සඳහා සමාගම් නීතිය’ (Benefit Corporation Legislation) සලකා බලන්න. මෙයින් නීතිගත වෙන්නේ පුද්ගලික කොම්පැණියක ලාභයට ඉහළින් මහජන යහපත සැලකිල්ලට ගැනෙනා බවයි. Plan B නීති ලෙසින් අද සම්මත වෙන මෙම නීති වර්මොන්ට්, නිව් ජර්සි සහ වර්ජීනියා ප්‍රාන්ත අනුමත කර ඇති අතර මිචිගන්, හවායි සමඟ තවත් ප්‍රාන්ත රාශියක් අද හෙටම එය අනුමතයට හා නීතිගත කිරීමට එක්වෙති.

මාක්ස්වාදය යැයි කියාගත් ලෙනින්වාදය සෝවියට් රුසියාවේ පතුරවද්දී ජනතාවට මහජන සේවය සඳහා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වීමට බලපෑම් සිදුවිය. සාගින්න නිවා ගන්නට, රැකියාවක් ලබන්නට, අධ්‍යාපනය ලබන්නට, පාලකයා අනුමත කරන මහජන සේවය කළ යුතු විය. මහජන සේවය සඳහා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන්නාට තමා කැමති මහජන සේවයක් කිරීමට ඉඩක් නැති බව කිසිවෙක් විමසුවේ නැත. අද ඇමෙරිකාවේ අධ්‍යයන ආයතන වලින්, රැකියා ස්ථාන වලින් සහ රජය අය කරන ආදායම් බදු සඳහා වාසි යනාදිය හා ජනතා ප්‍රසාදය ලැබෙන්නේ පාලකයෝ අනුමත කරන මහජන සේවාවන් කරනවා නම් පමණි.

අද බිල් ගේට්ස්, වොරන් බෆට් තමන් විසින් මහජන සේවයට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී අනුන්ට ද ‘ස්ව කැමැත්තෙන් මහජන සේවය’ සඳහා ඔවුන් සමඟ එකතු වෙන්න යැයි බලපෑම් කරති. මුහුණු පොතෙන් ධනවත් වූ මාර්ක් සුකර්බර්ග් ද පසුගිය දා මහජන යහපත සඳහා විශාල ධනයක් පරිත්‍යාගයක් කළේය. ධනවතාගේ ධනය ඔහු ලවාම (සමාජ අප්‍රසාදයෙන් ගැලවෙන්නට) පරිත්‍යාගය කරවා ගැනීම සඳහා ඔහුව බලහත්කාරයෙන් පොළඹවා ගැනීම අද ඇමෙරිකන් විලාසිතාවකි.

ඊ ළඟ දවසේ ඔබ තවත් කෙනෙකුට “උඹ සල්ලිකාරයා මචන්, වැඩියෙන් දාපන් බං සල්ලි පිං පෙට්ටියට” කියා ඔහුව ලැජ්ජාවට පත් කරමින් ආධාර කඩා ගනිද්දී ඒ ගැන පොඩ්ඩක් සිතා බලන්න. දුප්පතා යනු කොයිතරම් දුප්පත් ද? සල්ලිකාරයා යනු කොයිතරම් සල්ලිකාරයෙක් ද? පුද්ගලයා ත්‍යාගයක් කළ යුත්තේ ඔහු කැමති නම් ද? ඔබ කැමති නිසා ද?

‘ඇට්ලස් හැකුළුණි’ කතාවේ එන තෙල් ධනකූවේරයා, එලිස් වයට්, තමන් මුදල් ඉපැයූ තෙල් කනින කම්හල් වලට ගිනි තබා අතුරුදහන් වෙයි. “අයිති කරගන්න, එය ඔබලාගේ ය. මම සොයාගත් පරිදි මම එය ඔබට තබා යන්නම්.” ඒ ඔහුගේ පණිවුඩයයි.

මෑතක දී පැවැත්වුන පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ සමුළුවට ගිය ඔබාමා ව්‍යාපාරිකයන් වෙතින් ආයෝජන කරන්නැයි ඉල්ලා සිටියේය. අද දිනයේ දවසින් දවස වැසී යන පුද්ගලික ව්‍යාපාර (Loehmann’s, Blockbuster, Border’s, Harry & David) මිස අළුතින් විවෘත වන පුද්ගලික ව්‍යාපාර ගැන අහන්නට නොලැබේ.

‘ඇමෙරිකන් කෑදරකමෙන්’ උපයන මුදලින් ආධාර ලබමින් ජීවත්වන සෙසු ලෝකයා ‘ඇමෙරිකන්කාරයා කෑදර නොවුනාම’ ආධාර ලබන්නේ කා ගෙන්දැයි සිතා ඇත් ද?!!!!!!

ඇමෙරිකන් සද්ගුණය ලස්සන වී තිබුණේ පවුල් සංස්ථාව වටා ගෙති සංස්කෘතියක් නිසා ය. සෙසු ලෝකයාට වටහා ගන්නට අපහසු වන ‘නිදහස’ තුලින් පවුල් සංස්ථාව හා විවාහය වටා ‍ජනතාව එකතු ව සිටියහ. ජනාධිපති අපේක්ෂකයෙක් තම ගෝල බාල පිරිස හෝ පක්ෂ ඇම්මැට්ටයන් සමඟ නොව වේදිකාවට නැඟ්ඟේ ‘වාහේ’ හා දරුවන් සමඟ ය. හොර අඹුවන් අහුවීම නිසා තනතුර හැර දමා ගිය අය සිටියහ.

අයින් රෑන්ඩ් ඇමෙරිකාවේ දකුණට ‘ලිබටේරියන්වාදය’ තිත්ත කරන්නේ විවාහ සංස්ථාව අවියක් කර ගනිමිනි. අයින් රෑන්ඩ් නැමති ‘සෝවියට් කෙල්ලගේ’ පෞද්ගලික ජීවිතයේ ආදර පලහිලව් ඇමෙරිකන් දකුණට දිරවූයේ නැත. එය සනාථ කරන්නට ඇය ගෙනා තර්කයන් ඇමෙරිකන් දකුණට අප්‍රිය විය.

දරුවන් අමතක කරන අයින් රෑන්ඩ් සමාජයේ වැඩිහිටියන් පමණක් සැලකිල්ලට ගනියි. ඒකීය පුද්ගලයාට සම්පූර්ණයෙන් යා හැකි දියුණුවක් කරා යන්නට ඉඩක් ලබා දී තිබුණ සංස්කෘතියක ඉපදුන දරුවන් නිසා ලෝකයට වූ මහඟු දායාද ඇය නොසලකයි. ආබාධිතයන්ට ඇයගේ ලෝකයේ ඉඩක් නැත. දරුවන් හා ආබාධිතයන් ඇමෙරිකන් ක්‍රිස්තියානි ආගමට බර දකුණ දකින්නේ දෙවියන් දුන් ත්‍යාගයන් ලෙසයි.

විවාහ සංස්ථාව අළුතින් නිර්වචනය කිරීමත්, දරුවන් හා ආබාධිතයන් ගැන නොතැකීමත් මඟින් ඉතා සූක්ෂම ලෙසින් ක්‍රිස්තියානි දකුණ හා ලි‍බටේරියන්වාදීන් දෙකඩ කරන්නට ඇයට හැකියාව ලැබුණි.

අයින් රෑන්ඩ් තමා වටා සිටි මිතුරු කැල තමන් අනුමත කරන දෑට පමණක් කැමැත්ත දක්වන්නට මොළ සෝදා හුරු කරගෙන තිබුණි. ඇය කැමැත්තට පිටු පා ගිය අයට ඇය ප්‍රසිද්ධයේ දෝෂාරෝපණ එල්ල කළාය. සමාජ සබඳතා මාර්ග අවහිර කළාය. ඇමෙරිකන් නිදහසේ සැබෑ වෙනස නම් ස්වාධීන පුද්ගලයාට තම කැමැත්ත සොයා යෑමේ අයිතියයි. සත්‍යය හා නිවැරදි මඟ එසේ වූවාට හැමෝවම ඒ මාර්ගයේ ගෙන යන්නට බලහත්කාරයක් පවතිනවා නම් එය කොමියුනිස්ට්වාදයට වඩා වෙනසක් නොගනියි. ඉන් තව පිරිසක් අයින් රෑන්ඩ් ප්‍රතික්ෂේප ක‍ළහ. ඇය එය නොදැක්කා යැයි කිව හැක්කේ කෙසේද?!!!

බිත්තර නොබිඳා ඔම්ලට් හදන්නට බැරි යැයි සිතූ ස්ටාලින්ගෙ රෙජීමයට හැදූ ඔම්ලට් එකක් පෙන්වන්නට බැරි විය. එදා පටන් ලොව පැතිර ගිය හැම කොමියුනිස්ට් පාලනයක් ම මිලියන ගණනින් බිත්තර කඩමින් සිටිය ද හැදූ ඔම්ලට් කිසිවක් අද දිනයේ ද පෙන්වා නැත. අයින් රෑන්ඩ් ද ඔම්ලට් හදන හැටි පෙන්වනවා යැයි කියා පෙන්වා නමුත් ඊට පටහැනි හැසිරීමෙන් ඇමෙරිකන් ඔම්ලට් හදන වැසියන් දෙකට බෙදා කර ඇත්තේ බිත්තර කැඩීමක් පමණක් ද?!!!

යමක් ඵල රහිත වීම ගැන ජනතාවට කිසි ගාණක් නොතිබීමත්, පරහිතකාමීත්වයේ ප්‍රධාන සද්ගුණය ලෙස යමක් හොඳ වැඩක් යැයි වැඩි පිරිසක් විසින් සැලකීම පමණක් ඔවුනට ප්‍රමාණවත් බව මනුෂ්‍ය ස්වභාවය යැයි අයින් රෑන්ඩ් දැන සිටියාය.

ඉතින් අයින් රෑන්ඩ් අනාගතය ගැන පේන කියුවෙක් ද? නැත්නම් ඇය බොල්ශෙවික් සැලසුම ඇමෙරිකන් වමට ප්‍රසිද්ධ රහසකින් කියා දුන් අයෙක් ද?!!!!

‘ඇට්ලස් හැකුළුණි’ ප්‍රකාශනය එළි දැක්මෙන් පසු රතු හමුදාව තමා මරා දමන්නට එනු ඇතැයි ඇය ප්‍රසිද්ධියේ සඳහනක් කර ඇත. ඇමෙරිකන් ධනවාදය මුලින් උදුරා දමන්නට රතු හමුදාව කැඳවා ඇත්තේ ඇය විසින් ද?!!!!!!

ඒකීය පුද්ගල වෑයමෙන් නිෂ්පාදනයේ යෙදෙන්නාව වහලෙක් කරගෙන ඔවුන් ගෙන් යැපෙන, එසේ අනුන් වෙතින් යැපෙමින් තමන් පරහිතකාමී සද්ගුණයෙන් ඉහළ යැයි කියා ගන්නා සාමූහික චින්තනය ප්‍රතික්ෂේප කරන්නෝ එකින් එකා චිත්‍රපටියේ දී අතුරුදහන් වෙති.

“ඒත් එහෙම අයට යන්න තැනක් අද ඇමෙරිකාවේ නැහැනෙ,’ සුදු අප්පුහාමි චිත්‍රපටිය අවසානයේ දී කියා සිටියේය.

අයින් රෑන්ඩ් ගේ තවත් පොතක් වන (මම මෙතැනින් සිංහල පරිවර්තනයක් දමන) ‘අප ජීවත්වන්නෝ’ හි බයාඩෙයර් ඔපෙරාව නරඹන කීරාට “කොහේදෝ තැනක තවමත් පවතින පොරොන්දුවක්, ඉටු විය හැකි පොරොන්දුවක් ගැන” මතක් වී නත්‍යාගාරයේ දී හඬා වැටුණ සිද්ධිය සුදු අප්පුහාමිගේ බස් ඇසී මගේ මතකයට නැඟුණි.

“ඔයා පස්සෙන් මහපොළවේ අන්තිමට වුනත් එන්නම්” සුදු අප්පුහාමි කියුවේ ය.

සටහනට දාන්නට ඉහත පින්තූරය ගන්නට දැන් ටික මොහොතකට කළින් මුහුදු වෙරළට ගිය මා පිටුපසින් කුමක් කරනවා ද යන්න සොයා බලන්න ආ සුදු අප්පුහාමිට මා ‍කීවේ “ඔයා මා පස්සෙන් මහපොළවේ අන්තිම දක්වා ඇවිත්!!!!”

වාමාංශික පමණක් මිස තමන් පිළිගත් සමාජීය හිතවාදී ස්ථාවරයක් නැතැයි මෑතක දී ඔප්පු කර ඇති ‘NPR’ ප්‍රසිද්ධ මාධ්‍යයේ රේඩියෝවෙන් ඊට පසු දිනයක ඇසුණ ප්‍රවෘත්තියක් මුවට සිනාවක් නැඟීය. අඩු දේපල බදු, ප්‍රාන්ත ආදායම් බදු නැති හා ව්‍යාපාර හිතවාදී ප්‍රතිපත්ති තියන ප්‍රාන්ත වලට ඒ නිසා පමණින් ජනතාව සංක්‍රමණය නොවන්නේ යැයි වාර්තාව කියා සිටියි!!!! ප්‍රාන්ත ආදායම් බදු නැති, අඩු දේපල බදු හා ලාභ උපයන පරමාර්ථ සහිත ව්‍යපාරයන්ට හිතවාදී ප්‍රාන්තයක් වන ටෙනසි හි විසූ ෆෙඩරල් එක්ස්ප්‍රස් සමඟ අළුතින් වොක්ස්වාගන්, ඇමේසන් යනාදී රටේ ප්‍රධාන පුද්ගලික කොම්පැණි පදිංචියට යති. ටෙනසි පුවත්පතක් කියන්නේ අඩු ආදායම් බදු පවතින ප්‍රාන්ත වලට සමහර ජනතාව සංක්‍රමණය වන බවයි. ටෙනසි ප්‍රාන්තයේ ජනගහණය 2000 වසර දී සිට 2011 වසර දක්වා 11.5% කින් වැඩිවෙයි!

ලෝකයේ ඔප්පු කර පෙන්වා ඇති සත්‍යයන් ඉදිරියේ හැමදා කියන බොරු වලට මිනිසා රැවටිලා ඉන්නේ ඇයි?

About these ads

32 Responses

Subscribe to comments with RSS.

  1. SiriBiris said, on මැයි 1, 2011 at 6:21 ප.ව.

    ආයිබෝවන්ඩ නෝනේ. ආයි බොන්ඩම තමා වෙන්නෙ.
    මං මේක දෙපාරක් කියෙව්වා. ඊට පස්සෙ ඔලුව කස, කස එහාට මෙහාට ඇවිදල බැලුව , ම්හු..මීටර් වෙන්නෙම නෑ.

    රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්න එනව කියලා බනින්න එපා,මේං මගේ සත දෙක.

    මේ අයින් රෑන්ඩ් නෝනෙත් මාර පොරියක්නෙ. එයා කියපු ඔක්කොම හරි නොවෙන්න පුළුවන්. එයා එයාට කියන්න ඕනෙ දේ කිව්වා, තාර බර ඇරලා ඒකෙ හොඳ ටික ‍තෝර ගන්න එක ඔහෙලගෙ, අපේ කාරියක්. අනික එයා රුසියන්නෙ, ඉතිං ජීවිත කාලයක් දැකපු අත්දැකපු , අර‍ටු බැහැපු වමේ ආභාෂය ටිකක් තියන එක පුදුම වෙන්න කාරියක් යෑ?අර Apple කෂ්ටිය කියන්නැහේ “Think Different .” වම-දකුණ, හොඳ-නරක, ඒ පැත්ත-මේ පැත්ත ඔය කොයිවාත් තියෙන්නෙ ඕනා නේද? එතකොට අපිට හරි පැත්ත ‍තෝරගන්න පුළුවන් වෙයි.

    හරි මං කියන්නෙ, දැං ඔය තිස් ගණන් වල මහා අවපාතෙදි, දකුණට, වමේ ප්‍රතිපත්ති මුක්කු ගහගන්න පුළුවන් වුනේ, එහෙම එව්වා තිබිච්ච නිසා නෙව.

    • arunishapiro said, on මැයි 2, 2011 at 8:49 පෙ.ව.

      SiriBiris,

      රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න එනවා කියලා කිසිවිටෙක මම බැනලා තියනවා ද?!

      එහෙම තිබිය දී ඇයි ඔහොම පිළිතුර පටන් ගන්නේ?!!!

      30 ගණන් වල ඇමෙරිකාවේ වූ මහා අවපාතය ගැන පසු කාලයක ආර්ථික විද්‍යාඥයෝ විවිධ අදහස් දක්වලා තියනවා. ඒ අතරින් මහා අවපාතයට හේතුවක් හැටියට ඉදිරිපත් කළ එක සාධකයක් නම් 1929 දී ණය ලබා ගැනීම සඳහා තිබි අද්දරය (margin) 10% ක්. ණය දෙන ආයතන ආයෝජකයා යොදවන හැම ඩොලරයකටම ඩොලර් නමයක් ණය දුන්නා. තමන් දානවාට වඩා වැඩි මුදලක් අතට ලැබෙන නිසා පුද්ගලයා වැඩි වැඩියෙන් ණය ගත්ත. වැඩි වැඩියෙන් තමන්ට දරන්න බැරි පමණින් ණය බරින් පිරුණ. ‍වැඩි වැඩියෙන් මිනිස්සු බඩු ගන්න කොට බඩු මිල ඉහළ යනවා. බඩු මිල ඉහළ යන්නෙ ණය වලින් බඩු ගන්න අය නිසා බව හැමෝම අමතක කරනවා. ඒ ණය ගන්න අයට ණය ගෙවන්න හැකියාව තියනවා ද නැද්ද යන්න අමතක කරනවා. එක්තරා ඉහළ යෑමකට ආවම ගත්ත ණය ගෙවන්න බැරි නිසා තවත් ණය ගන්න බැරි අය බංකොළොත්. දැන් බඩු වැඩි වැඩියෙන් ගැනීම හිමිහිට නතර වෙනවා. බඩු විකිණීමක් නැහැ. ණය දෙන අයගෙන් ණය ගන්න අය අඩුයි. ඉතින් ණය දුන්න ආයතන පොළී එක්ක දීපු ගණන් ඉල්ලද්දී ගෙවන්න පුළුවන් තත්වයක ණය ගත්තු අය නැහැ. ණය ගත්තු අය බංකොළොත් වෙද්දී ණය දීපු අයත් බංකොළොත් වෙනවා.

      ඒකෙන් ඉගෙන ගත යුතු වූ පාඩම වූයේ ණය ගෙවන්න බැරි අයට ණය දීම හොඳ වෙළඳ ප්‍රතිපත්තියක් නොවේ යන්න ය. එසේම ණය ගෙවන්න බැරි අයට ණය දෙන ආයතන, ගෙවන්න පුළුවන් ණය පමණක් ගෙන ණය ගෙවා දැමූ අයගේ බදු මුදල් වලින් බේරා ගත යුතු නොවේ යන්නත් ය. නමුත් “වස්තුව හැම අතම බෙදලා දාන්න” (spread the wealth around) යටතෙ රජය නැවත කරපු වැරදි ම කරනවා.

      අද ඇමෙරිකාවේ ආර්ථිකය කඩා වැටීමත් සාධකය එයම තමයි බව ඔප්පු වෙලා තියෙන්නෙ.

      මධ්‍යගත ආණ්ඩුවක් විසින් කරන සැලසුම් නිසා අනිසි ආයෝජන වැඩියෙන් සිද්ධ වී එයින් වෙළඳපොලේ අනිසි ඉහළ යාමක් ඇති වීමෙන් පසු සිද්ධ වන අවපාතය. කදිම නිදසුන ඇමෙරිකන් නිවාස වෙළඳපොල. මේ ඒ ගැන විමර්ශනය නොකරන ලද ජීවිතය සටහනේ කෙනෙක් ඇසූ ප්‍රශ්නයකට කළින් දාපු පිළිතුරක් නැවත:

      “ඇමෙරිකාවේ ආදායමක් උපයන සෑම අයෙක් ම බදු ගෙවිය යුතුයි. ඒත් සත්‍යයෙන් සිද්ධ වන්නේ අඩු ආදායම් ඇති අය බදු නොගෙවීම සහ වැඩි ආදායම් ඇති අය බදු සියල්ල ගෙවීම.

      යම් මුදල් ප්‍රමාණයකට වඩා අඩුවෙන් උපයන අයට (ඒ ප්‍රමාණය කීයක් දැයි වසරින් වසර ආදායම් බදු ආයතන කියයි) earned income tax credit කියා දීමනාවක් රජයෙන් ද සමහර විට ප්‍රාන්ත වලින් ද ලැබේ. ඒ ආදායම අඩු නිසා ජීවත් වන්නට සමෘද්ධියකි. එය ආණ්ඩුව විසින් තීරණය කරන ලද යම් ප්‍රමාණයකට වඩා උපයන අයට ලැබෙන්නේ නැත.

      අද ඇමෙරිකාවේ ආදායම් උපයන පහළින් ම ඉන්නා වූ‍ 40% ක ජනතාවක් මේ earned income tax credit ක්‍රමය නිසා බදු ගෙවනවා වෙනුවට එයින් ලාභයක් උපයයි. එනම් ඔවුන් සේවය කරද්දී වේතන වලින් කපා ගන්නා මුදල පසුව ආදායම බදු ‍‍පෝරම පුරවා යැවූ කල ආපසු ලැබී තව ඊටත් වඩා ප්‍රමාණයක් ඔවුන් වෙත ලැබේ. ඔවුනට වැඩි පඩි ලැබෙන රැකියා සොයා යෑමට උවමනාව එයින් අඩු වෙයි.

      ආණ්ඩුව විසින් තීරණය කරන්නා වූ සහන දීමනා අනුව විශේෂ වැඩ සටහන් වලින් ඒවායේ නිරත වූ අඩු ආදායම් අයට පමණක් ආපසු මුදල් ලැබේ. මෙම වසරේ බදු සහන අනුව දරුවෙකු හදා ගන්නට ගත් පවුලකට $12,150 ක්, ඇලස්කාවේ whales දඩයමේ ගිය අයෙකුට $10,000 ක්, ඥාති නොවන සිසුවෙක් ගෙදරක නවතා ගත් හැම මාසයක් සඳහා $50 බැඟින් ද, තම දරුවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා නම් $8000 ක් ද, ප්‍රථම වරට නිවසක් උගසට ගත් අයෙකුට $8000 ක්, විකල්ප ඉන්ධන පාවිච්චියෙන් දුවන වාහනයක් ගත් අයෙකුට $4000 ක් ද යනාදී වශයෙනි. මෙයින් පුද්ගලයාට තනි තීරණ ගැනීමට නොව, සිය කැමැත්ත කිරීමට නොව, බදු වාසි නිසා ආණ්ඩුවේ කැමැත්ත කරන්නට පොළඹවයි. ඒ බදු ගෙවන වැඩි ආදායම් අයගේ බදු මුදලින් මේ අයට ලබා දෙන සහන වෙයි.

      ජෝර්ජ් බුෂ් පුතා දෙවන වරට ජනාධිපති වූ කල ඔහු විශාල වාහන මිල දී ගන්නා අයට ඉහළ සඳහන් වැනි tax credit දුන්නේ ය. එවිට මහත් පිරිසක් බදු වලින් වාසි ලබන්නට ඉන්ධන බොන විසාල වාහන මිල දී ගත්හ. එසේ විශේෂ සහන දීම පුද්ගල ඒකීය නිදහස නැති කරන පිළිවෙලකි.

      ඔබාමා බලයට පත් කරගනිද්දී චන්දය දුන් බොහෝ දෙනා සිතුවේ එවැනි බදු සහන සියල්ලම ඔබාමා විසින් ඉවත් කරනු ඇතැයි කියාය. එහෙත් සිද්ධ වී ඇත්තේ බුෂ් දුන් බදු සහන ඉක්මවා යමින් ඔබාමා බදු සහන දීම ය. ධනවතුන්ට දෙන bush tax cuts නැවතුවාට කමක් නැත. එසේම පිරිසකට පමණක් දෙන tax credits සියල්ල ද නතර කරනු යුතුය. නමුත් ඔබාමා ඉදිරිපත් කරන්නේ තවත් tax credits වැඩි කර bush tax cuts නැවතීම ය. නැති අයට මුදල් බෙදා දෙන්නට නම් මුදල් කවුරු හෝ හම්බ කළ යුතුය. පුද්ගලයාට මුදල් හම්බ කිරීමට ඉඩ ප්‍රස්ථා නැති කිරීම නිසා ලෙනින්ට වූයේ බෙදා දෙන්නට ආණ්ඩුවේ මුදල් නැති වීමය. ධනවතාට හම්බ කරන්න ඉඩ දීමත් ඔහුගේ මුදල් බෙදා දීමත් අතර ඇති ඉතා සුවිශේෂී ගණුදෙනුව නිකමුන් හා නිර්මාණශීලීන් අතර ඇති වෙනස අනුව හඳුනා ගන්නට අවශ්‍යයය. නැත්නම් ධනවතුන් හම්බ කරන්නට ඉඩ දී තිබෙන කොමියුනිස්ට් නොවන ක්‍රමයක දී වුව ද හම්බ නොකර ඇති දේපල කා බී, අධික බදු ගෙවා පැත්තකට වෙති. අද ඇමෙරිකාවේ ආර්ථික වර්ධනය අඩු වී ඇත්තේ ඔවුන් ලාභයක් උපයන්නට හැකි වෙනසක් ඇතිවන තුරු පැත්තකට වී එසේ බලා සිටින නිසාය.

      ඉල්ලුම හා සැපයුම මත (ප්‍රමිති හා සීමා ඇතිව) තීරණය විය යුතු වෙළඳපොල ආණ්ඩුව විසින් තීරණය කරන්නට ගොස් අනාගත් ආකාරය නිවාස උදාහරණයෙන් මෙසේ විස්තර කරන්නම්.

      2002 දී ඇමෙරිකාවේ නිවාස අයිතිය තිබුනේ කළු ඇමෙරිකානු ජනගහණයෙන් භාගයකට පමණි. හිස්පැනික් ජනගහණයෙන් භාගයකටත් අඩුවෙනි. සුළු ජාතීන්ට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙල පටන් ගත්තේ ජෝර්ජ් බුෂ්.

      අඩු ආදායම් ඇති අයට නිවාස ලබා ගැනීමට ආධාර දෙනු පිණිස නව පනතක් දියත් විණ. වානිජ්‍ය දත්ත වලින් කියන සත්‍යය අතහැර සමාජ සුබ සාධන වැඩ පිළිවෙලක් සකස් විණ. අඩු ආදායම් ඇති දිස්ත්‍රික්ක වල වාසය කරන අයට පහසුවෙන්, ආදායම හෝ තැන්පතු නොපෙන්වා, ණය දිය යුතු යැයි ආණ්ඩුව විසින් බැංකු වලට කියන ලදි. 1994 දී සෙල්මා එස්. බක්ස්-රොබර්සන් නඩුව සිටි බැංකුවට විරුද්ධ පැන වූ නඩුවකි. අඩු ආදායම් ඇති නිසා තමාට ණය ලබා දුන්නේ නැතැයි චෝදනාව විය. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අතර වූවෙක් නම් බරාක් ඔබාමා ය.

      බැංකුවක් ආදරේට හෝ හිතවත්කමට ණය දෙන්නේ නැත. ඔබ දුප්පත් නිසා එයින් ගොඩට ගන්න ණය දෙන්නේ නැත. බැංකුවක් ණය දෙන්නේ ණය හා පොලී පියවා ලාභයක් උපයා ගන්නට ය. එසේ නොකළ හොත් බැංකුව බංකොළොත් වෙයි.

      ඩිපොසිට් නැතිව, පොලිය පමණක් ගෙවන, ණය නොගෙව්වාට දඬුවමක් නොලැබෙන බැංකුවට කිසිත් කළ නොහැකි (no-recourse) නිවාස ණය 1990 දී ආරම්භ විය.

      පොලිය home mortgage credit මඟින් ආදායම් බදු වලින් අඩු කරගත හැකිය.

      ඇමෙරිකාවේ ආදායම් ඇති අය හා ආදායම් නැති අය සියල්ලෝම නිවාස මිල දී ගත්හ. තමන්ට දරා ගන්නට බැරි තරම් මිල අධික නිවාස ද මිල දී ගත්හ. අතින් මුදල් වැය නොවෙන්නේ නම්, පොලී ආදායම් බදු ගෙවන මුදලින් අඩු කරගත හැකි නම්, කවදා හරි දිනයෙක නිවාස ණය ගෙවන්නට බැරි වුනාම යතුර ලියුම් කවරයකට දා බැංකුවට තැපැල් කර දඬුවම් නොවිඳ යා හැකි නම් ඔවුන් එසේ ණය නොගෙන සිටින්නේ මන්ද?

      Pick-a-pay නොහොත් option ARM ක්‍රමය අනුව ණයට නිවාස ගත් අඩු ආදායම් හිමියාට මාස්පතා නිවාස ණය තමන් කැමති මුදලක් ගෙවන්නට ඉඩ ලැබුණි. බොහෝ අවස්ථාවල දී මේ මුදල පොලියටත් අඩුවෙනි. එනම් මුළු ණය කාලයාගේ ඇවෑමෙන් තව තවත් ඉහළ යනවා මිසක කිසිදා අඩු නොවේ.

      සැමට සුබසෙත සලසා දිය හැකි යැයි කල්පනය මත ආණ්ඩුව බැංකු වලට තව තවත් නීති දැමුවේ මෙසේ ණය ලබා දෙන්නට ය. ඔය අතර තුර දී ආණ්ඩුව විසින් වැඩි ආදායම් උපයනවා යැයි කියූ අයට ණය ලැබුනේ තමන්ට ගෙවත හැකි යැයි සාධක පිට සාධක හා තම බඩු මුට්ටු හෝ අනෙක් දේපල ණය ගනු පිණිස බැංකුවට පවරා දීමෙන් පමණි.

      අඩු ආදායම් ඇත්තෝ තමන්ට වගකීම් රහිත වු නිසා දිගට හරහට නිවාස මිල දී ගත්හ. ඒ නිවාස අලෙවිය නිසා නව නිවාස බිහිවිය. නිවාස මිල ඉහළ ගියත් ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා මිසක සත්‍යය මිල ඉහළ යාමක් නොවීය. මිල ඉහළ යාමට අනුව භූමි බදු ද වැඩි විය. දැන් නිවාස ණය ගෙවා ගත නොහැක්කාට භූමි බදු ගෙවිය ද නොහැකිය.

      අවසානයේ වූයේ වගකීමක් නැතුව ණය ලබාගත් පිරිස ණය ගෙවන වගකීම පැහැර දා නිවාස අතහැර යාමයි. අද ඇමෙරිකාවේ නිවසක් අලෙවියට වසර තුන හතරක් ගත වෙන්නට පුළුවන.

      බැංකු ණය දුන්නේ බරාක් ඔබාමා ඉදිරිපත් කළ ‘හැමටම නිවසට අයිතියක්’ යටතේ නිසා ඔහු බලයට පත් වූ විට ඔහුට සහාය දුන් බැංකු ඔවුන් ගෙවිය යුතු ණයෙන් නිදහස් කළේය.

      රජයක් විසින් වෙළඳපොලට අත දාන්න ගිය හැම අවස්ථාවකම සිද්ධ වී ඇත්තේ (එය ජොර්ජ් බුෂ් කලත්, බරාක් ඔබාමා කලත්) සාධාරණයක් සිද්ධ නොවී හැමෝම දුප්පත් වීම ය.

      හැමටම සාධාරණයක් කරන්න නම් හැමෝම උපයන ආදායමෙන් යම් ප්‍රමාණයක් බදු ගෙවිය යුතුය. නමුත් රටේ 45% ක් අද කිසිම ආදායම් බද්දක් නොගෙවන්නේ නම්, ඔවුන් සහනාධාර වලින් පමණක් ජීවත් වන්නේ නම් අපි ඔවුන් හිඟා කන්නට හුරු පුරුදු කර ඇත. එයට ඔවුන්ට හෝ රටට කරන යහපතක් නොවේ.

      2008 දත්ත අනුව රටේ $380,000 ක‍ට වඩා වසරකට උපයන 1% විසින් රටේ මුළු බදු වලින් 38% ගෙවා ඇත. රටේ 25% ක් ඉහළ ආදායම් ඇති අය රටේ මුළු බදු වලින් 86% ක් ගෙවා ඇත. වැඩි ආදායම නිසා වැඩි බදු ගෙවිය යුතු යැයි ඔබ සිතනු ඇත. එහෙත් සාපේක්ෂව අයෙක් බදු කිසිත් නොගෙවද්දී අයෙක් තම ධනයෙන් වැඩි බදු ගෙවිය යුතු ඇයි යන්න සිතා බලන්න.

      වැඩි ආදායම් ඇති පුද්ගලයා සහ පුද්ගලික ආයතන ගෙවිය යුතු අමතර බද්දකි Alternative Minimum Tax (AMT). මෙය මුලින් පටන් ගත්තේ වැඩි ආදායම් ඇති අයගෙන් බදු අය කරගැනීමට වුවද අද එය එතරම් වැඩි ආදායම් නැති අය වෙත ද පැනවෙන අමතර බද්දකි. 2010 දී $47,450 ට වඩා ඉපැයූ අයෙක් තම වැඩිපුර 26-28% ක අවම බද්දක් ගෙවිය යුතුයි.

      පුද්ගලික ආයතන තම සේවකයන්ට වැඩි පඩි හා වැඩි දීමනා දෙනවා යැයි දෝෂාරෝපණය කළාට 2009 දී ආණ්ඩුව විසින් ෆෙඩරල් සිවිල් සේවකයෙක්ට වසරක සාමාන්‍ය වේතනය $123,049 වෙද්දී පුද්ගලික ආයතන සේවකයෙක්ගේ සාමාන්‍ය වසරක වැටුප $61,051කි. මෙහි දී මතක තබාගත යුතු වැදගත් දේ ආණ්ඩුව මුදල් උපයන්නේ නැති බව. ආණ්ඩුව බදු මුදල් එකතු කරගන්නේ (එනම් ආණ්ඩුවේ ආදායම) පුද්ගලික අංශයෙනි. පුද්ගලික අංශය පඩි වැඩි නොකරන්නේ නම් ආණ්ඩුව පඩි වැඩි කිරීම ආර්ථිකයට සුදුසු නැත.

      පුද්ගලික අංශය බෝනස් පුදනවා යැයි මාධ්‍ය වලින් කෑ ගහද්දී පසුගිය වසරේ House සභිකයෝ හැම 10 න් 1 ක්ම අඩුම ගානේ $100,000 ක බෝනස් තම සේවකයන් ට ලබා දී ඇත.

      මෙම විෂමතා නිසා සමාජයේ පුරවැසියා වගකීමෙන් තොර, ආණ්ඩුවේ එන එන ප්‍රතිපත්ති අනුව බදු බරින් ගැලවෙන ක්‍රියා මාර්ග හා නිෂ්පාදනයෙන් ඈත් වී බදු නොගෙවා සිටින්නට හුරු වෙයි. ලෙනින් සහෝදරයා හැමටම සාධාරණය සැලසිය යුතු යැයි කීවාට සැලකුවේ තමන්ට පක්ෂ වූ පිරිසකට පමණයි. ඒ සමඟ පුද්ගලයා රට වෙනුවෙන් වෙහෙස විය යුත්තේ ඇයි කියන්න විමසලා නැහැ. මිනිස් ස්වභාවය නම්, පුද්ගලයා වෙහෙස වෙන්නේ තමන් පිණිසයි. පුද්ගලයාට තම අභිවෘද්ධිය පිණිස ඉඩකඩ දී ආණ්ඩුව පැත්තකට වෙලා හැම දෙනාගෙන්ම එක හා සමාන බදු ප්‍රතිශතයක් අය කරගන්නවා නම් රටක් වේගයෙන් දියුණු වෙනවා.”

      අද ඇමෙරිකාවේ රැකියා නැතිවෙච්ච අය බොහොමයක්. විකුණන්න දාපු ගෙවල් බොහොමයක්. ඇමෙරිකන් කොටස් වෙළඳපොලේ ආයෝජන 2008 මට්ටම් වල. ප්‍රැටල් මිල අධිකයි ඊට ගහන බදු නිසා. එතනෝල් හදන්න දෙන තිරිඟු සහනාධාර නිසා පශු ආහාර වියදමත්, ප්‍රැටල් මිල අධික නිසා ප්‍රවාහන වියදමත් අධික නිසා ආහාර මිල ඉහළ යනවා. ඇමෙරිකාවේ ආහාර මිල ඉහළ යෑම ලංකාව වැනි ස්වයංපෝෂිත නොවූ ඈත රටකට දැනෙන්නට වැඩි කාලයක් යන්නෙ නැහැ. අද සමහර ආහාර නිෂ්පාදනය කරන පුද්ගලික කොම්පැණි සතියකට බිලියන 14 ක් පමණ පාඩු විඳගෙන දුවන්නෙ. ලාභයක් නැතිව මහජන සුවසෙත සඳහා සේවා සැපයීම කරන්නේ ආණ්ඩු පමණයි. මොකද ආණ්ඩුවට සල්ලි අච්චු ගහන්න පුළුවන් නිසා.

      ණය අරගෙන තමන් බංකොළොත් වීමේ අවදානමක් ගනිමින් නිෂ්පාදනයේ යෙදෙන පුද්ගලික කොම්පැණි අයිතිකාරයා උපයන ලාභය ‘වස්තුව හැම තැනම බෙදලා දාන්න’ කියන රජයක් යටතේ ඔයා හිතන්නේ පහත අතරින් කුමක් සිද්ධ වෙයි කියා ද?

      තම කොම්පැණියේ දැනට කරන නිෂ්පාදන වැඩි කරයි

      තම කොම්පැණියේ අළුත් නිෂ්පාදන දියත් කරයි

      අළුතින් සේවකයන් බඳවා ගනියි

      නව නිෂ්පාදන බිහි කරන ‍තවත් කොම්පැණි පටන් ගනියි

      නැත්නම්,

      අතේ තියන සල්ලි ටික වියදම් කරලා, ලාභ උපයන්නට ආයෝජනය කරන්න තැනක් නිසා තමන් බංකොළොත් වෙමින් කොම්පැණිය වසා දැමීම ද?

      සල්ලි අච්චු ගැසීමෙන් හෝ ණය වැඩියෙන් ඉල්ලා ගැනීමෙන් කිසිදාක රටක් ගොඩ එන්නෙ නැහැ. නිෂ්පාදනය කරන්නට සෑම පුද්ගලයාටම එක හා සමාන නිදහසක් තිබීම සමඟින් ආණ්ඩුව ලබා දෙන සමෘද්ධි අඩු කළාම ආර්ථිකය ගොඩ ඇවිත්. මෑත කාලීන කදිම උදාහරණය එ‍ස්ටෝනියාව. මෙන්න කළින් කියූ සටහනට දාපු විස්තරයක්.

      “එස්ටෝනියා (Estonia):
      1990-92 කාලයේ හාම‍තයේ සිටි රටක්. එසටෝනියාවට සෝවියට් අධිරාජ්‍යවාදයෙන් ගැලවිලා එන්නට හැකිවුනේ සෝවියට් ආර්ථිකය කඩා වැටෙද්දී. 2005 දී එස්ටෝනියාවේ අගමැති පදවිය ලබන Andrus Ansip සමාජ සුබ සිද්ධිය සලසන නිකමුන්ට ධනය බෙදා දෙන වැඩ සටහන් බොහොමයක් අවලංගු කරනවා. 2009 වෙද්දී ආර්ථිකය හත් ගුණයකින් අඩු වී යනවා. පඩි කාලකින් අඩු වෙලා රටේ රැකියා කරන අය අතරින් 1/5 කට රස්සාවල් නැති වෙනවා. මොකද ඒවා ආණ්ඩුවේ සමෘද්ධි පිළිවෙත් ක්‍රියාත්මක කරන්න වැඩ බැරි වුනාට පක්ෂයට ගැතිවාදී කරගන්න දෙන ‘කළමනාකරණ සහායක’ වගේ රස්සා නිසා!

      සෝවියට් අධිරාජ්‍යවාදයෙන් ගැලවෙන එස්ටෝනියාව නැගෙනහිර යුරෝපයේ වඩාත්ම සමෘද්ධි පිළිවෙත් කපා දැමූ මෙන්ම ඉතා දිළිඳු රටක්. 2010 හතරවැනි කාර්තුවේ දී ආර්ථික වර්ධනය වසරේ දී 6% කට වඩා වැඩියෙන්. යුරෝපීය සංගමයට එකතු වෙන රටවල් වෙනුවෙන් පනවන දාන ණය හා අය-වැය ඌනතා නීති රීති අනුව වැඩ කරන්න එස්ටෝනියාව සමත් වුනා.

      අන්සිප්ගේ නිදහස් වෙළඳපොලට තැනක් දෙන ආර්ථික ප්‍රතිපත්ති තවත් බදු ඉවත් කරන්න සූදානම්. ආණ්ඩුව කුඩාවට, වැඩි වියදමකින් තොරව හා විනිවිද භාවයෙන් යුතු දූෂණයෙන් තොරව තියාගන්න ඔහු කටයුතු කරනවා. අද එස්ටෝනියාවේ වෙළඳ හා පාර්ශවීය හිතවතුන් ඇමෙරිකාව හා නෝඩික් (ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය, නොර්වේ යනාදිය) මිසක රුසියාව, චීනය හෝ කියුබාව නෙමෙයි.

      2011 මාර්තු 6 වැනිදා පැවති මැතිවරණයෙන් අන්සිප්ව යළි තෝරා පත් කරගන්නේ එස්ටෝනියාවේ බුද්ධිමත් වූ පුරවැසියන් විසින්. එස්ටෝනියාවේ දේශපාලනය ස්ථාවර වීම රටේ අනාගත ආර්ථික වර්ධනයට බෙහෙවින් වාසිදායකයි.

      එස්ටෝනියාවට පුළුවන් නම් ධනවාදී ක්‍රමය පාවිච්චි කරලා 1990 දී පටන් ගෙන 2011 වෙද්දී සමෘද්ධිය කරා යන්න ඇයි වෙනත් රටකට බැරි?

      එස්ටෝනියාව සුන්දර සිහිනයක් සැබෑ කරගත්තේ අනවශ්‍ය බදු ඉවත් කර මිසක බොරු පොරොන්දු දෙමින් රජය ලොකු කරගන්න, පාල‍කයෝ ලොක්කො වෙන්න, ජනතාවට දෙන නාමයෙන් ජනතාව ගසා කන්න නොගිය නිසා. ඒක එස්ටෝනියානු ජනතාව තමන් විසින් නැඟිටින්න ධෛර්යය ගත්තා මිසක අනුන්ගෙන් අත පාන්න බලා නොසිටි නිසා වූවක්.”

      අවසානයේ දී, මම අහන්න කැමතියි සිරිබිරිස් අයින් රෑන්ඩ්ගේ ‘ඇ‍ට්ලස් හැකුළුණි’ පොත කියවා තියනවා ද කියලා? කියවා නැත්නම් අනුන්ගේ සටහන් වලින් අයින් රෑන්ඩ් වටහා ගන්නට නොයා මූලාශ්‍රය වූ ඇයගේ පොතම කියවන්න යයි යෝජනාවක් කරන්නම්.

      • Chanuka Wattegama said, on මැයි 2, 2011 at 10:46 පෙ.ව.

        මේ ධනවාදය ගැන අන්ධ විශ්වාසයකින් යුතුව තබන ලද සටහනක් බව කියන්නට සිදුව ඇත්තේ කණගාටුවෙනි. ප්‍රායෝගික ධනවාදය ඔබ සිතනවාට වඩා වෙනස්ය. දියුණුය. Ayn Rand ගේ පොත් වල ඇති ධනවාදයෙන් වෙනස්ය. (තව එකක්, Ayn Rand මේ neoclassical ධනවාදය ගැන ලියා ඇති එක් අයකු පමණෙකි.)

        “ඇමෙරිකාවේ ආදායමක් උපයන සෑම අයෙක් ම බදු ගෙවිය යුතුයි. ඒත් සත්‍යයෙන් සිද්ධ වන්නේ අඩු ආදායම් ඇති අය බදු නොගෙවීම සහ වැඩි ආදායම් ඇති අය බදු සියල්ල ගෙවීම.”

        ඇත්ත. එසේ වන්නේ ඇයි? දේශපාලනය හෝ පරාර්ථකාමීත්වය (altruism) නිසා නොවේ. අප ඔළුවෙන් හිටගෙන කිව්වත් සමාජයේ යම් පිරිසකට බදු ගෙවීමට හැකියාවක් නැත. ශ්‍රී ලංකාවේ නම් මේ පිරිස 40%ක් පමණ වේ. මේ පිරිසගෙන් බදු අය කරගැනීමට දරණ සියළු උත්සාහයන් අසාර්ථක වන්නේ ඔවුන්ට ඊට හැකියාව නැති නිසාය. හිරේ දානවාය කිව්වොත් ඔවුහු බදු නොගෙවා හිරේ යති. ලංකාවේ හිර ගෙවල් පිරී ඇත්තේ ඉතා සුළු දඩ ගෙවා ගත නොහැකිව හිරේ ඉන්නා පිරිසකගෙන්ය.

        මීට ඇති එකම ප්‍රායෝගික විසඳුම බදු ගෙවිය හැකි පිරිසගෙන් වැඩිපුර බදු ගැනීමෙන් අඩුව පිරවීමය. මෙය අසාධාරණ විය හැකිය. නමුත් අනෙක් අතට විකල්ප විසඳුම් ඊට වඩා දරුණු ප්‍රතිඵල ගෙන දෙන බව ඔප්පු වී තිබේ. සමාජයේ දුප්පතුන් නැති කිරීමට ධනවතුන් යම් පරිත්‍යාගයක් කළ යුත්තේ ඔවුන් වාමාංශිකයින් නිසාවත් පරාර්ථකාමීත්වය නිසාවත් නොවේ. එසේ නැතිනම් දිළින්දන් කැරැළි ගසා ඒවා මැඬැලීමට ඊට වඩා මුදලක් ධනවතුන් ගෙන් බදු ලෙස අය කර ගන්නට වන නිසාය.

        කලින් කී ලෙස මම අයිඩියොලොජියක් ලෙස නොව ප්‍රායෝගිකව ධනවාදය කෙරේ විශ්වාසය තබමි. මට පෙනෙන හැටියට බරක් ඔබාමාද ස්ටීවන් හාපර්ද කරන්නේ එයමයි.

        • arunishapiro said, on මැයි 2, 2011 at 12:01 ප.ව.

          Chanuka Wattegama,

          චානුක ආයෙත් උඩින් පල්ලෙන් කියවා ඇත.

          ලංකාවේ මෙන් නොව ඇමෙරිකාවේ තාවකාලික රස්සාවක් කරන, අවම පඩියට වැඩ කරන, සේවය කරන සෑම පුද්ගලයා සඳහා ම social security card පතක් ලබා ගත යුතුයි. (ඇමෙරිකාවේ හොරෙන් පදිංචි අය ගැන නෙමේ මේ කතාව. මොකද ඒ අයට බදු සහන හෝ සමෘද්ධි ලාභ නැති නිසා.) රැකියාවක් කරන්නා මේ ඉහත කාඩ්පතේ අංකය ඉදිරිපත් කළ යුතුය. පඩිය අතට ලැබෙන්නේ රජය බදු කපා ගෙන ය.

          අඩු පඩි ගන්නා අයට බදු වසර අවසානයේ දී ඒ කපාගත් බදු වලට අමතර ව තවත් මුදල් ලැබෙයි. එයින් සිද්ධ වන්නේ අඩු පඩියෙන් ඉහළ රස්සාවකට යන්නට පුද්ගලයාට උවමනාවක් ඇති නොවීම ය. ඉහත උත්තරයේ සඳහන් කළා මෙන් වැඩ කරනවාට වඩා නිකම් සිටීම නිසා මුදල් ලැබේ නම් ඇයි වෙහෙසක් ගන්නේ? සමෘද්ධි ලාභ ලබමින් ඉන්නා ආබාධිතයන්, වයසක හා රෝගීන් ගැන නොවේ. බදු ක්‍රමයෙන් ආදායම් උපයන අය ගැනයි!!!!!

          ප්‍රායෝගික විසඳුම බදු ගෙවිය හැකි වැඩි පිරිසකගෙන් වැඩියෙන් බදු අය කර ගැනීම නොවේ. අයින් රෑන්ඩ් පොත නොකියවා තිබීමේ පාඩුව මෙහි දී පැහැදිලිය.

          අද කැරලි ගහන්නේ ධනවතුන් ය. අද වර්ජයන කරන්නේ ධනවතුන් ය. ආර්ථිකය එක තැන හිර වී සිටින්නේ ඒ නිසා ය.

          දුප්පතුන් කැරලි ගැහැව්වාම ඔවුනට සමෘද්ධි ලාභ දී සංසුන් කළ හැකිය. එහෙත් ධනවතුන් ආයෝජනය නොකරන, පරිභෝජනය නොකරන, නිෂ්පාදනය නොකරන කැරැල්ල දියත් කර ඇත. ආර්ථිකයේ දියුණුව ඇණ හිටී ඇති වර්ජනයේ යෙදෙන ධනවතා නිසා දුප්පතාට යන කල කුමක් ද?

          එතකොට ආණ්ඩුව බෙදා දෙන්නේ කාගේ මුදල් ද?

          අද නිවාස ණය ක්‍රමයේ අසාධාරණත්වය නිසා පුද්ගලයා මිලියන බාගයක් වටිනා නිවසක කුලියට ජීවත් වෙයි. මන්ද ඔහු නිවස මිල දී ගත්තොත් එයට ඔහු ගෙවන මුදලින් වැඩි ලාභය ලබන්නෙ කිසිම වගකීමකින් තොර නිවාස ණය ගත් අය හා කිසිම වගකීමකින් තොර ණය දුන් බැංකු හිමියා නිසා ය.

          ආයෝජනය කළ හැකි, ඒ නිසා රැකියා ලබා දිය හැකි, මාර්ග දැක දැක පුද්ගලයා අහක බලා ගෙන සිටියි. මන්ද ඔහු ආයෝජනය කිරීමෙන්, ඔහු රැකියා ලබා දීමෙන් සිදු වන්නේ ඔහු තවත් වැඩියෙන් බදු ගෙවීම පමණක් නිසා ය.

          ඇමෙරිකාවේ ෆෙඩරල් ආණ්ඩුවට අමතර ව ප්‍රාන්ත ආදායම් බද්දක් ද ඇත. අද ප්‍රාන්ත ආදායම් බදු අයකරගත් ප්‍රාන්ත ණය බරින් සිටිනා අතර ආදායම් බද්දක් නැති ප්‍රාන්තයන් වල ආර්ථික වර්ධනය වැඩි ය. කැලිෆෝර්නියාවේ ප්‍රාන්ත බදු 10.3% කි. 2011 ජනවාරි 1 දා සිට අප්‍රෙල් 15 වෙද්දී පුද්ගලික කොම්පැණි 70 ක් කැලිෆෝර්නියා ප්‍රාන්තය අතහැර ගියහ.

          ධනවතාගෙන් බදු අය කර දුප්පතාට බෙදා දෙන සැලසුම් ලොව හැම පැත්තකින් ම අසාර්ථක ය. එය අසාධාරණ වීම පමණක් නොව ප්‍රතිඵල රහිත ද වෙයි.

          ආදායම් බදු හැමෝම උපයන මුදලින් ප්‍රතිශතයක් ගෙවන්නේ නම් (එස්ටෝනියාවේ වැනි) පුද්ගලයා වැඩියෙන් මහන්සි වී ආයෝජනය, පරිභෝජනය හා නිෂ්පාදනයේ යෙදෙන නිසා එයින් ආර්ථිකය වඩා ශක්තිමත් ය. එයින් හැමෝටම දිනන්නට පුළුවන්.

      • SiriBiris said, on මැයි 2, 2011 at 11:01 පෙ.ව.

        සමාවෙන්ඩ ඕනෙ අපෙ නෝනෙ, බිරිස් බිව්වා වයින්, පොඩ්ඩක් වැඩි උනා, නිවාඩු දවස ඒකයි.
        බුදු අම්මෝ, වෙන පොත් මොකටෑ, මේ තියෙන්නෙ පොතක්ම ලියලා!. අම්මපා පිං සිද්ද වෙනවා අපි වගේ හුදි ජනයාට තේරෙන විදිහට මෙව්වා ලියනවාට.

        පොත නං බෑව, කවදා කියවල ඉවර කරයිද මන්දා? වැඩේ කියන්නෙ අර හිංගල වාගේ හයි-ස්පීඩ් කියවන්න බෑනෙ.

  2. Chanuka Wattegama said, on මැයි 1, 2011 at 8:33 ප.ව.

    I believed in both socialism and capitalism as ideologies in different times of my life. Socialism in early 20s and capitalism in mid to late 30s. Then realized both don’t work fully. Of course, there are things to be taken from each. I still read both Marx and Milton Freidman. I learn from them. But I don’t take anything they say as gospel.

    Human beings are after all animals. They behave like the rest of animals. The love between partners and the urge to raise offspring cannot be explained either in socialism or capitalism. (The rational selfishness theory may suggest we do both for our own personal gain, but we know it is not.) Neither socialism nor capitalism can explain why people consume alcohol, or for that matter, a religion. It is human behavior and the reasons are purely biological, not political or economical.

    The advice I have received from my romie was that I should never read Ayn Rand as he thought it would make one insane. I am happy that I didn’t.

    Ayn Rand wasn’t a double agent. She was one of the most intelligent human beings of her times. But as with all other intelligent human beings she was not 100% correct, as there were things she didn’t know.

    Have a look if you have missed. http://sihisatahan.wordpress.com/2011/04/28/blogpost25-2

    • Nimal abeypala said, on මැයි 1, 2011 at 10:31 ප.ව.

      Hello Chanuka, Do you know Jagath Lakpriya. He is also from wattegama. Now living in France or USA. Please leave a note here. If you know him. He is ths son in law of late prof. sarachchabdra.

    • arunishapiro said, on මැයි 2, 2011 at 9:27 පෙ.ව.

      Chanuka Wattegama,

      ඔබ ඉංග්‍රීසියෙන් දැමූ ප්‍රතිචාරයට සිංහලෙන් පිළිතුරු ලියන්නේ ඉංග්‍රීසි බැරි නිසා නොවේ. මේ බ්ලොග් සටහන දැමීමේ ස්වාර්ථකාමී අපේක්ෂාවක් නම් මා දන්නා සිංහල මලකඩ කන්නට නොදී පාවිච්චියට ගැනීමයි.

      මම කිසිම ‘අයිඩිය‍ලොජියක්’ කිසි දිනෙක විශ්වාස නොකළෙමි. හැම ‘අයිඩියලොජියක් ම’ හැම දිනක ම විචාරය කරමි.

      ඔබ ලියන ‘සිහි සටහන්’ බලන්නට ඔබ සටහන් දමන්නට පටන් ගත් දිනයේ පටන් පැමිණ ඇත්තෙමි.

      ඔබ උපුටන අයින් රෑන්ඩ් සටහනේ මෙම වගන්තියෙන් පසු මට එය කියැවීමේ රුචිය පහ වී ගියේය.

      “මේ පොත් කිසිවක් මම සම්පූර්ණයෙක් නොකියැවූයෙමි. නමුත් පොතක් නොකියවා එහි හරය උකහා ගැනීමේ කපටිකම ඒ වන විට ‘මාස්ටර් කර’ තිබුණු හෙයින් විජයවර්ධන මහත්තයාට මට උගන්වන්නට අවශ්‍ය වූ දේ වටහා ගතිමි.”

      මූලාශ්‍ර පිරික්සා කර බලන්නට අවස්ථාව තිබිය දී අල්ලෙන් පල්ලෙන් කියවන ඔබ අනතුරුව උපකාරයට ගන්නේ තවත් අය ඇය ගැන ලියන ලද දේ ය. “Objectivism ගැනද Any Rand ගැනද දීර්ඝ හැඳින්වීම් විකිපීඩියාවෙහි වෙයි,” කියා ඔබ කියයි.

      පොත කියවන්නට එපා යැයි අවවාද කළ චානුකගේ ‘රූමි’ චානුක දැනුම එකතු කරන හැටි හොඳ හැටි දැන සිටියා වන්නට ඇත!!!!

      චානුක රැවැට්ටුවේ විජයවර්ධන මහත්තයා ව ද? නැත්නම් චානුක රවට්ටා ගත්තේ චානුකවම ද?

      මෙහි දී චානුක මාක්ස් හා ෆ්‍රීඩ්මන් “කියවා” ඇත්තේ ද ඒ ආකාරයෙන් ම‍ වන්නට හැකි යයි මම නොසිතා ඉන්නේ කොහොම ද?

      “අයින් රෑන්ඩ් ඩබල් ඒජන්ට් නොවේ” යැයි ඔබ කියයි. “ඇයගේ කාලයේ විසූ වඩාත්ම බුද්ධිමත් පුද්ගලයෙක්” ලෙස ඔබ ඇයව හඳුන්වයි. නමුත් ඇයගේ පොත් හරියාකාරව කියවා නැතිව, ඇය ගැන දෙවැනි තෙවැනි මූලාශ්‍ර වලින් සොයා ගත් තොරතුරු අනුව පමණකින් ඔබ එසේ වාර්තා කරයි. ඔබ විචාරයෙන් තොරව අයින් රෑන්ඩ් ගැන අනුන් කියන බයිලා ගිරවෙක් මෙන් නැවත ප්‍රචාරය කරන්නෙක් පමණක් යැයි සිතන මා ඔබ කියන “අයින් රෑන්ඩ් ඩබල් ඒජනට් නොවේ” යන්න පිළිගත යුත්තේ කුමන සාධක විමසා බලා ද?!!!!!

      එදා සමාජවාදීයෙක් වූ ඔබ අද ධනවාදීයෙක් වූ නිසා පමණින් ද?!!!!

      • Chanuka Wattegama said, on මැයි 2, 2011 at 10:07 පෙ.ව.

        ලෝකයේ දිනපතා පළවන ප්‍රකාශන සංඛ්‍යාව අති විශාලය. කෙනෙකුට තමන්ගේ ජීවිත කාලයේදී කියවන්නට ලැබෙන්නේ මේවායින් ඉතාම සුළු කොටසක් පමණෙකි.

        Ayn Rand වැනි කෙනෙකුට වඩා වැදගත් ලේඛකයින්ගේ පොත් සම්පූර්ණයෙන් කියැවීමට මම කාලය වැය කරමි. Ayn Rand ගේ පොත් සම්පූර්ණයෙන් කි‍යැවීමට වැය කළ හැකි කාලයක් මට නැත.

        “මූලාශ්‍ර පිරික්සා කර බලන්නට අවස්ථාව තිබිය දී” කියන එක මේ නිසා වැරදිය.

        ප්‍රැන්සිස් බේකන්ගේ මේ කියමන ඔබ අසා ඇතැයි සිතමි.

        Some books are to be tasted, others to be swallowed, and some few to be chewed and digested: that is, some books are to be read only in parts, others to be read, but not curiously, and some few to be read wholly, and with diligence and attention.

        • arunishapiro said, on මැයි 2, 2011 at 10:29 පෙ.ව.

          Chanuka Wattegama,
          මම අයින් රෑන්ඩ් ගැන ප්‍රථම සටහන තබන්නේ මෙම වෙබ් සටහන් පටන් ගනිද්දී ය. ඒ ඇයගේ සියළු පොත් පත් කියවා බලා පමණක් නොව ඇය ගැන ලියැවුණු විස්තරයන් ද, විඩියෝ මඟින් ඇය ජිවතුන් අතර සිටිය දී කෙරුණු සම්මුඛ සාකච්ඡාවන් ද සියල්ල සොයා බලා ය.

          ඇයගේ ‘අප ජීවත්වන්නෝ’ පොත පරිවර්තනය මවිසින් කරන්නේ අයින් රෑන්ඩ් ඉන්ට්ටියුට් වෙතින් අවසර ලබා ගෙන ය.

          මා ඉහත දැමූ සටහන ලියන්නේ ඇයගේ පොත පාදක කරගත් ‘ඇට්ලස් හැකුළුණි’ පොත කියවා හා චිත්‍රපටිය නරඹා ය. ලියන මත වාදයන් ඔප්පු කරන්නට අද ඇමෙරිකාවේ වාසය කරමින් එහි ආර්ථිකය හා ජන ජීවිතය ගැන සාධක පෙන්වා දීමෙනි.

          මා ලියන සටහනේ ‘අයින් රෑන්ඩ් ඩබල් ඒජන්ට්වරියක්’ මම කියූවට අකමැති ඔබ ඇය ඩබල් ඒජන්ට්වරියක් නොවේ කියයි. නමුත් ඇය ඩබල් ඒජන්ට්වරියක් නොවේ යන්න පෙන්වා දී නැත.

          ඊට පිළිතුරු වශයෙන් තමයි ප්‍රථම පිළිතුරත් සහ මෙම පිළිතුරත්. නැතිව චානුක ලෝකෙ තියන පොත් සියල්ල කියවිය යුතු යැයි කියන්නට නොවේ.

      • Chanuka Wattegama said, on මැයි 2, 2011 at 10:58 පෙ.ව.

        ඔබට Ayn Rand ජීවත් වූ සමාජය හා පරිසරය ගැන අවබෝධයක් ඇත්නම්, ඇගේ අදහස් ඇය විසූ පරිසරය හා කාලයට අනුරූප අතිශයින් අව්‍යාජ ඒවා බව මට වඩා හොඳින් අවබෝධ කර ගන්නවා ඇත. මේ ධර්මය දේශනා කළේ ඇය පමණක් නොවේ. එය කාලානුරූප, සමාජානුරූප ධර්මයකි. (හරියට මාක්ස් කියූ දේවල්ම අඩු වැඩි වශයෙන් කී තවත් බොහෝ පිරිසක් ඒ යුගයේ යුරෝපයේ සිටියාක් මෙන්) එබැවින් conspiracy theories වලට යාමේ අවශ්‍යතාවයක් මට නම් නොපෙනේ.

      • SiriBiris said, on මැයි 2, 2011 at 2:14 ප.ව.

        මේ මං ආයෙ හොම්බ රිවට් කරගන්න හරි පොඩ්ඩක් මැද්දට හොට දාන්නද?

        ලෝකය විවිධයි, විෂමයි ගෝලාකාරයි කියනවනෙ. ඉතිං ඒ වගේ හැමෝගෙම අදහස් එක වගේම වෙන්න ඕනෙ නැහැනෙ. මේ පරස්පරභාවය හරිම හොඳයි, ඒකෙන් තමයි ප්‍රයොජනවත් විවාදයකට මඟ පෑදෙන්නෙ. කිසිම කෙනක් හෝ දෙයක් සර්ව සම්පූර්ණ නැති නිසා, අනෙකාගේ මතයට ගරු කිරීමත්, විවාදයකදී අනෙකා ප්‍රකෝප නොකිරීමට වගබලා ගැනීමත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.මං මෙහෙම කියන්නෙ මං ඔයාල දෙන්නෙටම ස්තූති කරන්න ඕනෙ නිසා, අප වෙනුවෙන් කාලය මිඩංගු කලාට.

        දේෂපාලනය, කාගෙ කාගෙත් ලේ රත් කරන මාතෘකාවක්. මේ කතාව මට කිව්වෙ යාළුවෙක්: ලංකාවෙ මැතිවරණ කාලෙක රටේ ප්‍රධාන පකෂ දෙකට වැඩ කල යාළුවෝ දෙන්නෙක්ගෙ කතාව දුර දිග ගියාලු. කතාවෙන් පරදින්න ගිය කෙනාට කොච්චර කෙන්ති ගියාද කියනව නං , පැන්න ගමන් හැපුවලු අනිකගෙ කණ.

        • arunishapiro said, on මැයි 2, 2011 at 7:40 ප.ව.

          SiriBiris,
          සටහන කියවන්නට ආවට සිරිබිරිස්ට ස්තූති කරමින් සටහ‍න දැමුවාට සිරිබිරිස් කළ ස්තූතිය බාර ගන්නම්.

          දාර්ශනිකයා හැමදාම සංවාදයට ගත්තේ යාළුවෝ හදාගන්න විෂයයන් නොවේ. දේශපාලනය, ආගම වැනි පුද්ගලයා දැඩි ව අල්ලා ගෙන ඉන්නා මතවාදයන්ට, විවාදයන්ට තුඩු දෙන මාතෘකා ම වෙත්!!!!

          මම හිතන්නේ නැහැ අඩු පාඩු විචාරය නිසා චානුක යාළුවෙන්නටත් කළින් තරහා වෙයි කියල!!!!

  3. SiriBiris said, on මැයි 1, 2011 at 11:29 ප.ව.

    Chanuka,
    I read your post about Ayn Rand first, then I saw Arunie’s. I will read both posts again. Thank you both for writing these nice articles.I couldn’t read my usual blogs for couple of weeks, and what a load of info, I’ve missed.

  4. Ashoka said, on මැයි 3, 2011 at 12:17 පෙ.ව.

    Red the long comments of Chanuka and Aruni both. Sometimes when we get deep into a theoretical duel, the real essence of the argument (if there is one) suffers by the diluting with less important counter arguments.

    While enjoying the whole posts, comments and the argument, this is what I saw as the essence of the argument (correct me If I’m wrong), Since I’m yet to get updated with Ayn Rand, I will stick only to the economic side of the discussion:

    Chanuka : මීට ඇති එකම ප්‍රායෝගික විසඳුම බදු ගෙවිය හැකි පිරිසගෙන් වැඩිපුර බදු ගැනීමෙන් අඩුව පිරවීමය. මෙය අසාධාරණ විය හැකිය. නමුත් අනෙක් අතට විකල්ප විසඳුම් ඊට වඩා දරුණු ප්‍රතිඵල ගෙන දෙන බව ඔප්පු වී තිබේ. සමාජයේ දුප්පතුන් නැති කිරීමට ධනවතුන් යම් පරිත්‍යාගයක් කළ යුත්තේ ඔවුන් වාමාංශිකයින් නිසාවත් පරාර්ථකාමීත්වය නිසාවත් නොවේ. එසේ නැතිනම් දිළින්දන් කැරැළි ගසා ඒවා මැඬැලීමට ඊට වඩා මුදලක් ධනවතුන් ගෙන් බදු ලෙස අය කර ගන්නට වන නිසාය.

    arunishapiro : ධනවතාගෙන් බදු අය කර දුප්පතාට බෙදා දෙන සැලසුම් ලොව හැම පැත්තකින් ම අසාර්ථක ය. එය අසාධාරණ වීම පමණක් නොව ප්‍රතිඵල රහිත ද වෙයි. ආදායම් බදු හැමෝම උපයන මුදලින් ප්‍රතිශතයක් ගෙවන්නේ නම් (එස්ටෝනියාවේ වැනි) පුද්ගලයා වැඩියෙන් මහන්සි වී ආයෝජනය, පරිභෝජනය හා නිෂ්පාදනයේ යෙදෙන නිසා එයින් ආර්ථිකය වඩා ශක්තිමත් ය. එයින් හැමෝටම දිනන්නට පුළුවන්.

    Now here’s my two cents : When Aruni asking for a percentage of what one is earning, that also mean taking more from rich and less from poor. However, for a system to be practical, few more unavoidable complexities need to be added on to it. Such as a minimum threshold of income, below which taxes wouldn’t be applicable. In addition there needs to be some minimum level of welfare a human society has to be taken in order to look after old people, kids, those who are sick, save those who are starving from dying etc. This would ultimately mean : no taxes from poorest, percentage of income from everybody else, a bit extra from richest. This I think is exactly what Chanuka says as well. So where is the disagreement ?

    Also, think this is what most countries are trying to achieve anyway (or pretending to be) ? There are few exceptions like Norway but even there I guess the philosophy of who should pay how much is more or less same, they just tax more from all for saving for future. as I see it. Exact figures and formulas of taxing systems can change here and there due to various experiments and local optimizations each country is trying to achieve, there could also be politically motivated reasons such as the vote base of the ruling party. This is why (I think) we see republicans (in US) favoring more tax breaks for rich while democrats trying the other way around etc, otherwise they all tend to have the same pattern we discussed above governed by common sense. However, some countries might collecting more efficiently with less corruption than the others.

    Tax may not be the only or main deciding factor of a economical system. There could be other more defining factors we have not discussed here.

    • arunishapiro said, on මැයි 3, 2011 at 9:00 පෙ.ව.

      Ashoka,
      ආදායම් බද්ද යන්න ආදායමක් උපයනවාට එරෙහි වූවකි. පුද්ගලයා උපයන ආදායම වේවා කොම්පැණියක් උපයන ආදායම් වේවා මීට වඩා හම්බ කළාම බදු කොච්චරක් වැඩි වෙයි ද යන්න නිෂ්පාදනයේ යෙදෙනවා ද නැද්ද, නිෂ්පාදනය වැඩි කරනවා ද නැද්ද යන්න තීරණය කරන ප්‍රධාන සාධකය බවට පත් වී ඇති යුගයකට අද ලෝකය පිවිස සිටියි.

      යුරෝපයේ ඔය තත්වය කාලාන්තරයක් තිස්සේ පැතිර ඇත. යුරෝපයෙන් අද වැඩි වැඩියෙන් වෙළඳපොලට දාන නව නිෂ්පාදන හෝ නව කොම්පැණි ගැන අහන්නට නොලැබීම එහි ප්‍රතිඵලයකි.

      නොදියුණු රටවල ආදායම් බදු ගැන කතා කිරීමෙන් ඵලක් නැත. නොදියුණු රටක නිෂ්පාදනයේ යෙදීමට හැකියාව ලැබෙන්නේ පුද්ගලයාගේ වෙහෙස හා කැපවීම අනුව නොව රටේ දේශපාලනය අනුව නිසා ය!!!!

      නිෂ්පාදනයේ යෙදෙන දියුණු ලෝකය හා සසඳා බලද්දී මෙතෙක් කාලයෙක් ඇමෙරිකාවේ වූයේ සාපේක්ෂව අඩු ආදායම් බද්දකි. ඇමෙරිකාව ලෝකයාට නව නිෂ්පාදන මහත් රාශියක් දායාද කළේ ආදායම් බදු ගැන නොව නිෂ්පාදනය ගැන හිතන්නට හැකි වූ නිසා ය. ඔය අතර තුර, ආදායම් බදු කෙමෙන් ඉහළ නැඟී එය පෙරළෙන කුලින්නයක් (tipping point) වෙත පිවිස ඇත.

      ආදායම් බද්ද වෙනුවට කෙනෙක් මිල දී ගන්නා භාණ්ඩ සඳහා පමණකින් (ආහාර, බෙහෙත් යනාදිය අයත් නොවේ) පනවන බද්දකින් රටේ ආදායම සොයා ගත හැකි බව පෙන්වා දී ඇති fair tax යෝජනාවක් අද කතාබහේ ඇත. එය පෙන්වා දෙන්නේ අද ඇති ආදායමට වඩා වැඩියෙන් රජයට ඉන් ආදායමක් ලැබෙන බවයි. නමුත් එය සම්මත නොවීමට ප්‍රධාන හේතුව බාහිර සාධක කිසිවක් නොව ආණ්ඩුවක් බදු පැනවීම මඟින් තමනට ඇති බලාධිකාරය අත හරින්නට අකමැති වීම ය.

      ආණ්ඩුවක් බදු මඟින් කරන්නේ පාලනය තමන් අත තබා ගැනීමකි. හැමටම සාධාරණ වූ ප්‍රතිශතයක් බදු ගැහැව්වාම ඒ පාලනය නැති වී යයි. කළින් දාපු උදාහරණයේ ඇති ඇලස්කාවේ මාළු බාන අයට දුන් බදු සහනය කියවන්න.

      හැමටම සාධාරණ වූ ප්‍රතිශතයක් බදු ගැහැව්වාම ධනවතුන්ට දඬුවම් කරනවා කියා දුප්පතුන් සැනසිය නොහැක. ලොව හැම දා දුප්පතුන් වැඩි නිසා ඔවුන්ගේ චන්දයෙන් පාලනයට තෝරා පත්විය හැකිය.

      අද ඇමෙරිකාවේ දුප්පතුන් ලෝකයේ ධනවත් ම දුප්පතුන් වූවත්,
      දුප්පත්කම යනු මේ මට්ටම යයි කියන්නට කිසිවෙක් අකමැති වූවත් (අද ඇමෙරිකාවේ වසරකට $10,000) ක් උපයන්නා බදු නොගෙවන සමෘද්ධි සහන ලබන දුප්පතා),
      ධනවත්කම යනු මේ මට්ටම යයි කියන්නට කිසිවෙක් අකමැති වූවත් (අද ඇමෙරිකාවේ ධනවතෙක් සේ සැලකෙන්නේ ඔබාමාට අනුව වසරකට $200,000 වඩා උපයන්නා),
      සහ
      ආදායම් බදු නොගෙවීමට අමතර ව, සියළු අධ්‍යාපන හා රැකියා පුහුණු ශිෂ්‍යත්ව, සෞඛ්‍ය පහසුකම් හා අඩු පොළී ණය යනාදී ලාභ ලැබෙන්නේ අඩු ආදායම් ඇති අයට ය.

      අවම ආදායම් මට්ටම් ඉන්නා අයට බදු සහන හැමදා තිබුණි. අවම පඩියක් යනු පුද්ගලයා රැකියාවක් පටන් ගන්නා පඩියයි. ලෝකයේ අන් රටවල මෙන් නොව ඇමෙරිකාවේ අපේක්ෂා කරන්නේ අවම පඩියක් ගන්නා අයෙක් රැකියාව පටන් ගත් පසු කුසලතා දියුණු කරගෙන පළපුරුදුකම් වැඩි කරගෙන අවම පඩියෙන් ඉහළට නඟිනු ඇතැයි කියාය. වෝල්මාර්ට් ධනකුවේරයා කඩ රාක්ක අස්කරන රැකියාවෙන් පටන් ගෙන ද, මැක්ඩොනල්ඩ් ධනකුවේරයා බර්ගර් එකක් ලොවට දෙන්නට බොහෝ වතාවක් බංකොළොත් වී වැටි වැටී නැඟිට්ටේ ද එසේ ය.

      මා කළින් ද කීවා මෙන් ආබාධිතයන්, රෝගීන් හා වයසක අයට ඇති බදු සහන හැමදා තිබුණි. විශ්‍රාම පඩියෙන් ජීවත්වන අයගෙන් ආදායම් බදු කැපෙන්නේ වැඩ කරන අයට වඩා අඩුවෙනි.

      ඒ අය ගැන නොව අද ඇමෙරිකානුවන් විරෝධය පාන්නේ ඩොලර් ලක්ෂ දෙකකට වඩා උපයන්නා ගෙවන බදු වැඩිවීම නිසා රටේ අඩාල වන ආර්ථික වර්ධනය ගැනයි. ‍ඔවුන් බිල් ගේට්ස් වැනි ධනවතුන් නොවේ. ඔවුන් ලොන්ඩරියක්, අවන්හලක්, වාහන හෝදන තැනක්, සිල්ලර කඩයක් පවත්වා ගෙන යන රටේ ආර්ථිකය පවත්වා ගන්නට බදු ගෙවන අයයි. ඔවුන් ගෙවන බදු ඉහළ යෑම නිසා දිනෙන් දින එවැනි ව්‍යාපාර වැසී යයි. ඔවුන් ද අඩු ආදායම් ඇති අය වී බිල් ගේට්ස් ගෙවන බද්දෙන් ජීවත් වෙන්නට පටන් ගනියි. එතකොට බිල් ගේට්ස් බංකොළොත් වූ දාට රටට කුමක් වෙයි ද?

  5. Ashoka said, on මැයි 3, 2011 at 11:39 පෙ.ව.

    Tx for the detailed response.

    I have following observations on your arguments. (personally I like to discuss sri lanka and it’s own problems more than US but mentioning these since you have taken the examples from US)

    1) global economic slow down started even before Obama came to power and before ‘Obama defining those who earn more than $200000 per year as rich’. In fact, most issues started and aggravated during the Bush period. Problem in US too was much severe in 2008/09 wasn’t it ? so there may be other reasons too as to why US economy is not doing good enough as you say. For instance, trillions of dollars wasted on Iraq war ?

    2)නොදියුණු රටවල ආදායම් බදු ගැන කතා කිරීමෙන් ඵලක් නැත. නොදියුණු රටක නිෂ්පාදනයේ යෙදීමට හැකියාව ලැබෙන්නේ පුද්ගලයාගේ වෙහෙස හා කැපවීම අනුව නොව රටේ දේශපාලනය අනුව නිසා ය!!!! I think it will be worthwhile to discuss the successes of China and India, how come those countries are willing and eager to invest more and their economies expanding while US is not ? How do those countries manage to find funds for huge welfare activities they do ?

    3) Recent failures in world financial systems puts some doubts about the sanity of ultra liberal policies and over reliance of free market economy. Like weaknesses of socialism got exposed in the past decades, the recession should have started a healthy dialogue of weaknesses in capitalism. All this is to say that putting the whole blame on ‘taxing the rich’ might be an over simplification of real issues.

    4) In the economic crisis, greed (from the part of big corporations, wall street) too has played a major part. In a world with limited and decreasing resources, It shouldn’t be a surprise that a system solely relying on greed might prove untenable and unmaintainable in the long run, but this is a whole new discussion which may be taken separately. As per my understanding, a challenge capitalism is facing now is its inability to solve environmental and social problems arising from increased consumption.

    5) In the eyes of ultra right, Obama is seen as a socialist. (his health care policy for example). Even a very moderate act of welfare is quick to get labeled as socialism and communism. In US, reminding of Soviet Union is used as a good economical terror tactic in the same way as reminding of terrorism is used as a political terror tactic. Instigating terror in people can be then used to get them to agree on dropping their civil liberties and welfare benefits.

    6) some welfare moves are actually beneficial to a country (such as the fertilizer subsidy in Sri Lanka). To get them going, a government need to collect more from those who earn more (like you correctly pointed out, they may need to make sure it is collected from the likes Bill Gates and not from middle class). However, one need to identify types of welfare moves which creates exact opposite. An example can be the tax breaks in US for big oil. A sri lankan example would be Samurdhi. First one tries to help the rich while the second tries to help the poor. Both may be equally ineffective.

    • arunishapiro said, on මැයි 3, 2011 at 10:12 ප.ව.

      Ashoka,
      1. මම කතා කරන්නේ යම් පාලකයෙක් ගැන නොවේ. හැම පාලකයෙක් ම කරනා වූ අහිතකර සැලසුම් ගැනයි. මම නිවාස ගැන දැමූ පිළිතුර කියෙව්වා නම් “2002 දී ඇමෙරිකාවේ නිවාස අයිතිය තිබුනේ කළු ඇමෙරිකානු ජනගහණයෙන් භාගයකට පමණි. හිස්පැනික් ජනගහණයෙන් භාගයකටත් අඩුවෙනි. සුළු ජාතීන්ට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙල පටන් ගත්තේ ජෝර්ජ් බුෂ්,” යන්නෙන් එය පැහැදිලි වන්නට තිබුණ.

      එසේම “1994 දී සෙල්මා එස්. බක්ස්-රොබර්සන් නඩුව සිටී බැංකුවට විරුද්ධ පැන වූ නඩුවකි. අඩු ආදායම් ඇති නිසා තමාට ණය ලබා දුන්නේ නැතැයි චෝදනාව විය. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අතර වූවෙක් නම් බරාක් ඔබාමා ය,” යන්නෙන් එවක දී ඔහු ජනාධිපති හෝ සෙනෙට් සභිකයෙක් නොව නීතිඥයෙක් පමණක් බව පැහැදිලි වන්නට තිබුණ.

      දැන් ඔය දෙක පමණක් ඇති ‘අයින් රෑන්ඩ් නැමති ඩබල් ඒජනට් රතු හමුදාව කැඳවා ඇති අයුරු’ වැටහෙන්නට. ඒ කියන්නෙ පොත කියවා ඇති අයට. එනම් ඇය පොතින් දක්වා තිබු සංකල්පයක්: සැලසුම් ඵල රහිත වීම ගැන තැකීමක් නැති ජනතාවක් සඳහා ඵල රහිත සැලසුම් දියත් වීම. ඒ සැලසුම් නොමැතිව දේශපාලනඥයාට බලය ලබන්න බැහැ. හැමෝම යමක් හොඳ වැඩක් යැයි සලකනවා නම් ඒක හොඳ වැඩක් හැටියට පුද්ගලයා සෑහීමකට පත් වෙනවා. විචාරයක් නොකර.

      නමුත් ලෝකය දිහා බැලුවම, දත්ත පිට දත්ත ඉදිරිපත් කරලා පෙන්වා දෙන්න පුළුවන්, දීමනා වලින් දුප්පත් ජනතාව කවදාවත් නැඟී සිටියේ නැහැ, ඔවුන් නැඟී සිටියේ ඔවුනට නැඟී සිටිය හැකි ආර්ථික නිදහස ඇති පරිසරයක් ලබා දුන්නම පමණයි කියන එක. ඒක විචාරය කරන්න වෙහෙසක් ගන්න ඕන.

      ආර්ථිකයේ බහින කලාව අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමේ. ඇමෙරිකාවේ විතරක් පටන් ගත්ත දෙයක් නෙමෙයි. අයර්ලන්තය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යයට ද ඔය ගැටළු අද තියෙනවා. ජර්මනියේ ද ජනතාව වෙනුවෙන් ඇති සුබ සාධන පළාත් වලට දරා ගන්න බැරිව ප්‍රධාන ආණ්ඩුවට ගෙවන්න පටන් ගෙන. කල්පනා කරලා බලන්න ඔබේ මුදල් පසුම්බිය හිස් නම් ඔබ ණයට මුදල් ගෙන දුප්පතුන්ට බෙදා දෙනවා ද?

      “කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි”යන්න විචාරයෙන් තොරව හැමෝම එසේ යැයි සිතන නිසා සත්‍යයක් යැයි පිළිගෙන තිබීමේ ප්‍රතිඵලයක්. ආණ්ඩු වෙනස් කරන්න කළින් සැලසුම් වෙනස් කරන්න ඕන. සැලසුම් වෙනස් කරන්න කළින් පුද්ගලයා හිතන විදිය වෙනස් කරන්න ඕන.

      ඉතිරියට ප්‍රතිචාර පසුව දමන්නම්.

    • arunishapiro said, on මැයි 4, 2011 at 10:18 පෙ.ව.

      Ashoka,
      2) නොදියුණු රටවල ආදායම් බදු ගැන කතා කිරීමෙන් ඵලක් නැත. නොදියුණු රටක නිෂ්පාදනයේ යෙදීමට හැකියාව ලැබෙන්නේ පුද්ගලයාගේ වෙහෙස හා කැපවීම අනුව නොව රටේ දේශපාලනය අනුව නිසා ය!!!! I think it will be worthwhile to discuss the successes of China and India, how come those countries are willing and eager to invest more and their economies expanding while US is not ? How do those countries manage to find funds for huge welfare activities they do ?

      ඉන්දියාවේ හා චීනයේ ආර්ථික වර්ධනය විවෘත වෙළඳපොලට ආදේශ වූ නිසා හටගත්තකි. ඉන්දියාවේ බිලියන 1.3 ක ජනතාව‍ටත් ඉන්දියාවේ බිලියන 1.2 ක ජනතාවටත් තම භාණ්ඩ විකුණා ගැනීමට කෙළ හැලූ බටහිර ආයෝජකයෝ රංචු පිටින් ගොස් එහි ආයෝජනය කරන්නට පටන් ගැනීමයි. චීනය හා ඉන්දියාවට තම රටේ ආයෝජනයන් කරන්නට හැකි ප්‍රධාන හේතුව විදේශ ආයෝජකයන් රටට ගෙන්වා ගත් නිසා ය. චීනයේ ඇති walmart කඩදාම ගැන මෙතැනින් බලන්න. මැක්ඩොනල්ඩ් අළුතින් අවන්හල් 200 ක් 2011 දී ආරම්භ කරන්නට යයි. වසර 21 කට පෙර චීනයට ඇතුල් වූ මැක්ඩොනල්ඩ් කඩ 1,300 ක් විවෘත කර ඇත. 2013 වද්දී ඔවුන්ගේ අරමුණ ඒවා 2000 ක් දක්වා වැඩි කිරීමයි. ඔය මහා පරිමාණයේ පාරිභෝගික භාණ්ඩ සපයන ආයෝජන උදාහරණ දෙකක් පමණි.

      ඒ හැරෙන්නට ඇමෙරිකන් කර්මාන්ත ක්ෂේත්‍රය (manufacturing) අද වැඩියෙන් ඇත්තේ චීනයේ. ඒ ලාබ ශ්‍රමය ලබා ගැනීමටයි. චීන කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩිපුර තියෙන්නේ නව විද්‍යාත්මක හා තාක්ෂණික නිෂ්පාදන නොව අනුන් හැදූ නිෂ්පාදන assembling වැඩියෙන් සිදුවීම යි.

      China Shakes The World (2006) ලියන James Kynge චීනයේ චීන්නු ආයෝජනය කරන බැංකු ණය ගැන දිගු විස්තරයක් කරයි. ආයෝජන කරන්නට දුන් බැංකු ණය බංකො‍ළොත් වන ව්‍යාපාරයන් වෙතින් ආපහු ඉල්ලන දිනයේ දී ඇතිවන්නට හැකි ආර්ථික අවපාතය කිසිවෙක් ගණනය කරන්නට නොදන්නා තරම් වියවුල් බව ඔහු පෙන්වා දෙයි.

      එසේම James Kynge පෙන්වා දෙන තවත් කරුණක් නම් බටහිර විද්‍යාව හා තාක්ෂණය මිල දී ගැනීමට හා කොපි කිරීමට මිසක් තමන් විසින් විද්‍යාව හා තාක්ෂණ වර්ධනයට චීනා උත්සාහයක් නොගන්නා බවයි.

      තමන් ගෙන ගිය විද්‍යාව හා තාක්ෂණයෙන් නිපදවන භාණ්ඩ වල ඇති විද්‍යාව හා තාක්ෂණය චීනාට අවශ්‍ය වන්නේ ඔහු විසින් කොපිකර එය චීනයේ විකිණීමට මිසක ආයෝජනය කරන රටවලට වෙළඳපොලක් විවෘත කර දීමට නොවන බව දැකි බොහෝ ආයෝජකයෝ චීනයට නව තාක්ෂණය ගෙන යාම දැන් අඩු ය.

      අද චීනය සිය වර්ධන ඉලක්ක (growth targets) අඩු කරන්නට යයි.

      ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF) හි World Economic Outlook පෙන්වා දෙන්නේ චීනය 2010 දී 10.3% කින් ආර්ථික වර්ධනයක් ලැබූ බවයි. ඉන්දියාව 10.4% කින් ආර්ථික වර්ධනයක් ලැබූ බවයි.

      ඉන්දියාව, තම දළ ජාතික නිෂ්පාදිතය වාර්තා කරනුයේ ෆිස්කල් වසරේ දත්ත (කැලැන්ඩරයට අනුව නොව) සැලකිල්ලට ගෙන. ඉන්දියාව දළ ජාතික නිෂ්පාදිතය ගණනය කරන්නේ ‘at factor cost’ අනුව ය. එනම්, රටේ භාණ්ඩ හා ‍සේවා නිෂ්පාදනයේ දී උපයන සියළු ආදායම් එකතු කර (ශ්‍රමය, ප්‍රාග්ධනය සහ අනිකුත් නිෂ්පාදන සාධකයන් සියල්ලම) ය. ඒ අනුව බලද්දී දළ ජාතික නිෂ්පාදිතය 2010 දී 8.6% ක් විය යුතුය.

      අනිත් රටවල් (චීනය ගැන පහත) දළ ජාතික නිෂ්පාදිතය වාර්තා කරන්නේ ‘වැය’ ගණනයෙනි. රටේ නිෂ්පාදිතයන් සඳහා වැය වූ සියළු මුදල් එකතුවෙනි. මූල ධර්මයක් වශයෙන් වැය = වියදම. නමුත් බදු හා සහනාධාර ඒ මැද්දට එයි.

      වෙළඳ බද්දක් පැනවීම නිසා තමන් ගන්නා භාණ්ඩයකින් දළ ජාතික නිෂ්පාදිතයට වර්ධනයක් ලැබේ. සහනාධාරයක් නිසා එය අඩු වේ.

      ඉන්දියාවේ 2009 දී තිබි අමතර බදු 7.5% ක සිට 2010 වෙද්දී 9.2% දක්වා වැඩි වී ඇත. එම බදු වර්ධනය නිසා පමණක් ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය 2010 දී 10.36% ක් දක්වා වැඩි වෙයි.

      සමහර අය පෙන්වා දෙන්නේ වර්ධනයේ දත්තය විදේශ විනිමය හුවමාරුවේ ප්‍රතිඵලයක් යැයි කියාය. නැත. ඔවුන් දළ ජාතික නිෂ්පාදිතය ගණනය කරන්නේ රුපියල් වලින්, ඩොලර් වලින් නොවේ (2004-05 ෆිස්කල් වසර තුල දී පැවති අගයම ඇති). IMF සිය ගණන් හදන්නේ ඉන්දියාවේ Central Statistics Office (CSO) දත්ත විමසා ය. ඔවුන් සෙසු ලෝකය හා ද.ජා.නි ගණනය ආකාරය අනුවත් ඉන්දියාවේ ද.ජා.නි ගණනය අනුවත් දෙකෙන් ම හදති.

      චීනය ඒ ආකාරයෙන් ද.ජා.නි. ගණනය කරමින් සිටිය ද දැන් සෙසු ලෝකය හා වියදම අනුව ගණනය වාර්තා කරයි. පරණ ක්‍රමයට අනුව චීනය දක්වන්නේ වසරේ මුල් කාර්තුව වර්ධනය වූයේ 9.7% කියාය. සෙසු ලෝකයා ගණනය කරන ආකාරයට බලද්දී එය 2.1% කි. වසරක් ගණනයේ දී 8.7% කි.

      චීනය පසුගියදා පොලී අනුපාතිකය ඉහළ දැම්මේය. ඒ උද්ගමනය පාලනය කරගන්නට හා බැංකු ණය දීම අඩු කරන්නට ය.

      ඉන්දියාව සලකා බලද්දී ඇමෙරිකන් බිල් ගේට්ස් මුදල් ආධාර දානය නොකළත් ඔහුගේ පරිගණක ක්ෂේත්‍රය නිසාම ඉන්දියාවේ වූ දියුණුව අවතක්සේරු කළ නොහැකිය.

      මයික්‍රසොෆ්ට් ‍කොම්පැණිය විසින් ඉන්දියාවේ දී ඇමෙරිකන් ඩොලර් වලින් කළ හා පොරොන්දු වී ඇති ආයෝජන:

      මිලියන 20 ක් Shiksha edtech training programme (ගුරුවරු 80,000 ක් සහ මිලියන 3.5 ක සිසුන් අරභයා)
      මිලියනයක් MIT’s Media Lab Asia project සඳහා
      මිලියන 25 ක්, දකුණු අන්ද්‍රා ප්‍රාදේශ් හි දරුවන් සඳහා හෙපටයිටිස් බී එන්නත වෙනුවෙන්
      මිලියන 100 ක්, ඒඩ්ස් රෝග මර්ධනයට
      මිලියන 400 ක්, අධ්‍යාපනයට සහ සොෆ්ට්වෙයාර් දියුණුව සඳහා
      සියළු දත්ත බිල් ගේට්ස් පදනමේ සැරිසරා ඔබට සොයාගත හැකිය.

      ඉතින් චීනය හා ඉන්දියාව තම සුබ සාධන කටයුතු සඳහා මුදල් සොයන්නේ කෙසේදැයි ඔබට වැටහේවි යයි සිතමි.

  6. සුජීව said, on මැයි 3, 2011 at 4:17 ප.ව.

    අයින් කෙල්ලගේ පොත් බලලා නැහැනේ. :)

    ඔබේ සටහන විතරක් සැලකුවොත්, “අයින් රෑන්ඩ් නැමති ඩබල් ඒජන්ට් රතු හමුදාව කැඳවා ඇති අයුරු”: පළමුව ඇය ඩබල් ඒජන්ට් වෙන්නේ ඔබ විසින් ඇය එක කඳවුරක කියා හිතන නිසා නෙ. කෙලින්ම කිව්වොත් අයින් ගේ ලිබරල් මත යට සමාජවාදී මත ඇති බවක් නේද ඔබ කියන්නේ. සමහර විට අයින් ලිබරල් හා සමාජවාදී මත දෙකේ මිශ්‍රණයක් දරනවා ඇති [මා කියවා නැහැනේ]. ඔබ මේ ගැන හිතන්නේ මොකද්ද?

    මෙහිදී ඔබ කරන චෝදනාවත් එක්ක ඔබ ලිබරල් වාදියෙක් කියා අපට හිතෙනවා. ලිබරල් වාදියෙකුටනේ මේක ඔෆෙන්ඩින්. එහෙම නොවේ නම පැහැදිලි කරන්න. ඔබ ලිබරල් වාදියෙක් ම නම අවුලක් නැහැ. අප අතර ඉන්න තරමක් ඉන්නේ “-වාදීන්” කොහොමත්.

    මිට වඩා සාධාරණ වෙන්න තිබ්බ ඔබේ අයින්ගේ මත කිහිපයක් ගෙන මත හැටියට ඒවා ප්‍රායෝගික නොවන හැටි කියා දුන්නා නම්. සමාජවාදය ශ්‍රේෂ්ට කියා නොසිතනවාක් මෙන්ම සමාජවාදය තහනම් කල යුතුයි කියාත් හිතන්නේ නැහැ අපි. මට නම අවුලක් නැහැ ඔය ගෑනි පොල්ස්හෙවික් වරුන්ගෙන් උකහා ගත හැකි යහ ගුණයක් පෙන්නා දුන්නට. එ නිසා අයගේ අදහස් තමයි වැදගත්.

    ස්ටාලින්ගේ ඔම්ලට් ගැන එහෙම නම ඔබත් සමග එකඟයි.

    මතවාද ගැන නම මා ඉන්නේ චානුකට සමීප අදහසක. ඔය එකක්වත් උපතීන් නොගෙනා අපි ඒවා බදා නොගෙන, භාවිතයේදී තෝරා ගනිමු.

    මගේ අඩවියේ කොමෙන්ටුවක මා දැම්ම සේ: වඩා හොඳ නැද්ද කරුණු දිහා බලලා ප්‍රායෝගික වූ උත්තරයක්‌ හොයන එක, ඔබ දන්නා සියලු මතවාද ඇසුරින්. ඒක 35.78% සමාජවාදී, 40.33% ධනවාදී, 84.751239837273%ක් ලිබරල්, 17.11 % ජාතිකවාදී වෙන්න ඇති [එකතුව 100% නොවෙන්නේ ඇයි කියලා දන්නවා නේද?]. “හූ කෙයාස්‌” !!

    • සුජීව said, on මැයි 3, 2011 at 4:19 ප.ව.

      පොල්ස්හෙවික් = bolshevik

      how did I write that crap word?

    • arunishapiro said, on මැයි 3, 2011 at 11:36 ප.ව.

      සුජීව,
      //කෙලින්ම කිව්වොත් අයින් ගේ ලිබරල් මත යට සමාජවාදී මත ඇති බවක් නේද ඔබ කියන්නේ.// නැහැ. ධනවාදය තමයි පැහැදිලිවම පුද්ගලයා හා රට දියුණු කරන ක්‍රමය යයි පෙන්වා දීමක් ඇය කරන්නෙ. සිද්ධ වෙලා තියෙන්නෙ පුද්ගලයෝ ඇයගේ පොත කියවලා ඒකෙ අනිත් පැත්ත කරන එකයි!!!

      හරියට තමන් ධනවාදීන් කියා ගන්නා අය සිංගප්පූරුව ගැන කතා කරනවා වගේ, රුසියාව හා චීනය හොඳයි කියනවා ‍වගේ, ධනවාදීන් කියාගෙන තවමත් රජය විසින් සැලසුම් ගැසීමට කැමැත්ත දැක්වීම.

      වාදයන් අතරින් මා වඩාත් සමීප රොබට් නෝසික් ලියූ ලිබටේරියන්වාදයට: සේරා පේලන්ගෙ ලිබටේරියන් නෙමේ. ලිබරල්වාදයත් නෙමේ.

      අයින්ගේ මත ඉතා ප්‍ර්‍රායෝගිකයි. නමුත් සිද්ධ වෙන්නෙ ඇයගේ මත අතහැරලා සෝවියට් පර්යේෂණයේ කරපු දේවල් ම කරගෙන යෑම. ඒකයි ඇය ඩබල් ඒජන්ට් වෙන්නෙ….

      තමා ධනවාදී අදහස් වලට සමීපයි කියන චානුක සහ සුජීව දෙදෙනාම ධනවාදයෙන් ඉතා ඈතක ඉන්නෙ. ලංකාවේ ධනවාදීන් නැහැ. ඉන්නෙ ‘ප්‍රායෝගික ධනවාදය’ කියාගෙන අනුන් උපයන ධනයෙන් ආණ්ඩුව මඟින් සම්පත් බෙදන්න බලාගෙන ඉන්න සමාජවාදියෝ.

      ප්‍රායෝගික උත්තරය හැමදාම කියමි. ධනවතාට ඇති අප්‍රසාදය පුද්ගලයා තුලින් ඉවත් කරගන්නා තෙක් පුද්ගලයා ද කිසිදා ධනවතෙක් නොවෙයි!!!

      අයින් කෙල්ලගේ පොත් කියවන්න. තව පැහැදිලි වෙයි. :)

      • සුජීව said, on මැයි 4, 2011 at 2:47 පෙ.ව.

        මා වැඩිපුර සමීප කොයි වාදයටද කියා මා දන්නේ නැහැ :) මිශ්‍රනයකට කැමතියි කිව්වේ හොඳ නරක වෙන කරගෙන එකක තියෙන ඒකාධිකාරය අනිකෙන් අඩුවෙන විදිහට කාටත් සාධාරණ ක්‍රමයක් හදන්නයි. කිව්වට ඕක කරන්න ලෙහෙසි නැහැ.

  7. Ashoka said, on මැයි 4, 2011 at 11:23 පෙ.ව.

    Aruni, Tx for the long reply again. I have more to say and it will take another long comment and space in your blog. So I wrote a whole new post instead. Basically I still feel there are more deeper reasons for the failures in capitalism as we are witnessing these days throughout the world. Socialists too did not acknowledge their inherent weaknesses at first when the red bulbs started to light, their system came crashing down as a result. Similarly, I think capitalists too need to rethink and adjust instead of believing just tax breaks and cuts in welfare funding(moving to ultra right) alone would do the trick for them.

    • සුජීව said, on මැයි 4, 2011 at 11:58 පෙ.ව.

      I am strictly not and “-ist” of a philosophy, but I wonder whether ppl will start calling me “evolutionist”. However I can’t help but bringing forward the simple philosophy what caused our existence today.

      The strongest of these systems will survive. Aruni gave me some reading by calling herself somewhat a “Libetarian” and my “brief” reading into the topic yields that they are variants of anarchism. And of course some believe in private ownership and others in communal ownership at the place of govt.

      These are fancy ideas. Fact remains that they do not survive unless the whole wrold accepts them and “behave”, It is not yet clear how Libetarianism can maintain an army of able men/women, defence research and infrastructure etc. And how a libetarian police system and judicial system can work as “most laws are violation of a core level asic right’. If you just relax these departments, the other elements such as dictators, crony capitalism, feudalism etc may rise in the back of the relaxed liberal/libetarian system.

      Today the key debate is how USA can face more controled China. And these discussions that role of US govt shud reduce further etc will soon be forgotten. China’s success is nothing but theory of natural selection. In the world of economics, theirs can withhold the twists and turns than the liberal american system.

      If you look back in human history it was always the fittest to then circumstances who has won. There had never been a single judgement on righteousness or morale.

      Pls do not call me evolutionist. I am just observing.

    • arunishapiro said, on මැයි 4, 2011 at 9:13 ප.ව.

      Ashoka,
      මම ඔයා දාපු පෝස්ට් එක කියෙව්වා.

      සුජීවගේ අඩවියේ දාලා තියන හෙඩිම හරි. හැමෝම අනිත් අය ලියන කිසිවක් කියවන්නෙ නැතුව තම තමන්ගෙ මත ලිය ලියා යනවා ද කොහෙද?

      මම කොමියුනිස්ට්වාදය සහ සමාජවාදය නිසා ආර්ථික කඩා හැලෙන හැටි පෙන්වා දෙනකොට ඇයි මේ ධනවාදයේ අසමත් බවක් ගැන අද දකිනවා කියන්නේ?

      ඉන්දියාවේ හා චීනයේ ප්‍රගතිය ඇමෙරිකාව එක්ක එකතු වෙච්ච වූ නිසා සිද්ධ වූ උදාහරණ හා සාධක ඇතුව පෙන්වා දෙනකොට ධනවාදීන් නැවත හිතන්න ඕනිලූ!!!!

      කමක් නෑ…. ඔයාල ඇහුවේ නැතිවුනාට අඩුගානේ රාවුල් කැස්ත්‍රො අහගෙන ඉඳලා තියනවා. ඒ ඇති.

      ඔය ගොල්ලො ඉතින් හෙට නොමිලේ දෙන බියර් ලැබෙනකම් බලාගෙන ඉන්න. :-)

  8. Ashoka said, on මැයි 5, 2011 at 4:04 පෙ.ව.

    Aruni, “ඔය ගොල්ලො ඉතින් හෙට නොමිලේ දෙන බියර් ලැබෙනකම් බලාගෙන ඉන්න. :-)” Did I advocate socialism in my post ? I was only talking about those who believe capitalism is the solution for everything. Some time ago, it was the fashion to hail socialism as how people are believing in capitalism these days. What I try to discuss was about consumerism and the limits of it. Think it will have an impact since capitalism is so dependent on consumption. Before writing that post, those thoughts were put in here as well, (item 4 above)

    See, I may not be the one who was not reading after all! :-)

    • arunishapiro said, on මැයි 5, 2011 at 9:15 පෙ.ව.

      Ashoka,
      විලාසිතාවක් සහ ක්‍රමයක් අතර වෙනස පැහැදිලි කරන්නම්.

      සාරිය උදාහරණයක් ලෙස ගනිමු. සාරිය පොරවන හැටි විලාසිතාවකි. සාරිය ඇඳීම ක්‍රමයකි. සාරිය පොරවන හැටි වෙනස් වූවාට සාරිය ඇඳීම කරනා තාක් ක්‍රමය වෙනස් වී නැත. කෙසේ ඇන්ඳත් එය සාරියම වෙයි.

      ලෝකයේ අධිරාජ්‍යවාදයට එරෙහි ජනතාව විශ්ව විද්‍යාල උපාධි සහතික ගන්නට ලෝගු ඇඳන්, උපාධි තොප්පි දා ගන්නේ ඇයි? ඒ වෙනුවට ඇස්කිමෝ කබායක් හෝ හවානා තොප්පියක් පළඳින්නේ නැත්තේ ඇයි? විශ්ව විද්‍යාල ඉගෙනීම අනුව සහතිකය ගන්නට වස්ත්‍රයක් දා ගැනීම බටහිරින් ආ ක්‍රමයක් අනුගමනය කිරීම මිසක එය විලාසිතාවක් නොවේ.

      ධනවාදී ආර්ථික ක්‍රමය ද විලාසිතාවක් නොවේ.

      ඔබ ඇසූ පළමු හා දෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු දී (එය හුදු විලාසිතාවක් පමණක් නොවන බව පෙන්වා) ඔබ දැමූ සටහන කියවන්නට ගිය මට මා ලියූ උත්තර ඔබ කියවා නැති බව වැටහුනේ ඔබ ධනවාදී ආර්ථික ක්‍රමය විලාසිතාවක් යැයි කියූ නිසාම ය.

      ලෝකයේ සම්පත් සීමිත යැයි කියූ සුජීවට එය පෙන්වා දෙන සංඛ්‍යාත්මක සාධක ඉදිරිපත් කරන්න යැයි විවෘත ආරාධනාවක් තවම ඇත. එය ඔබ වෙත ද ඉදිරිපත් කරමි.

      සම්පත් සීමිත යැයි පෙන්වන්න. ඉන්ධන අර්බූදයන් ඉදිරියේ තෙල් හිඟ ගැන බිය වූ මිනිසා ඉදිරියේ අද කැනීම් පවා නොකළ ඛනිජ තෙල් නිධි ඇත. එදා නොතිබි විකල්ප ඉන්ධන භාවිතයෙන් දුවන ජපන් සහ ඇමෙරිකන් වාහන අද ඇමෙරිකන් පාරවල් වල දී දැකිය හැකිය.

      බ්‍රසීලය කෘෂි කාර්මික විප්ලවයක් කරමින් නිසරු වගාබිම් සරු කරගත් ආකාරය සටහන් කළෙමි.

      බිලියන ගණනක වටිනාකමක් තියන මුහුණු පොත නිෂ්පාදනය සීමිත සම්පත් භාවිතයකින් සිදු නොවේ.

      එසේම නිෂ්පාදනයන් ද සීමිත නොවේ.

      රූබික් කියුබ් හැදූ හංගේරියානු Ernő Rubik ලොවට ඉදිරිපත් කළේ මිනිසා ඉල්ලා නොසිටි භාණ්ඩයකි. මිනිසාට උවමනා නොවූ භාණ්ඩයකි. නමුත් අද ලොව රූබික් කියුබ් එකක් ගැන අසා නැති අයෙක් සොයාගත නොහැකිය.

      ධනවාදී ආර්ථික ක්‍රමය රඳා පවතින පුද්ගලයාගේ නිෂ්පාදන සේ ම පරිභෝජනය ද සීමා රහිත ය.

      කන්න බොන්න හා අඳින්න ලැබුණාම තමන් ගේ කියා ඉන්නට ගෙයක් උවමනා ය. ලෙඩ රෝග වලින් බේරී ඉන්නට බෙහෙත් අවශ්‍යයය. සතුටු වන්නට මුහුණු පොතක් අවශ්‍යයය. ඒ සියල්ල පරිපූර්ණ නම් රටින් පිට සංචාරයට යනු ඇත. රට රටවල් බලා ගත්තාට පසු පිටසක්වල ද සැරිසරන්නට ද හිතනු ඇත.

      නැත, පරිභෝජනය සීමා සහිතයි කියා පිළිගන්නේ ‘කල්පනා ශක්තියක්’ (imagination) නැති පුද්ගලයා පමණකි.

  9. Ashoka said, on මැයි 5, 2011 at 12:36 ප.ව.

    පරිභෝජනය සීමිත යැයි නොකීවෙමි. මා කීවේ අසීමිත ආශාවන් සපිරීමට (පරිභෝජනයට) ඇති සම්පත් සීමිත බවය. තෙල් සම්පත් ක්ෂය වන බව කවුරුත් දන්නා දෙයකි. ඒවා නැවත වර්ධනය වන බව හෝ අපට ඉවර කල නොහැකි තරම් විශාල ප්‍රමාණ වලින් ඇතැයි කියනවානම් එසේ කීම සඳහා කරුනු පෙන්විය යුත්තේ ඔබයි. දෙමුහුම් රථයක් මටත් තිබේ. එය ක්‍රිය කරවීමටත් තෙල් අවශ්‍ය වේ. අනෙක් අතට තෙල් දවන තරමට CO2 මුදහැරීම වැඩි වේ. ලෝකය උණුසුම් වන බව පිලිගන්නවාද ? සියලු නිෂ්පාදන මගින් (මෘදුකා0ග නොවේ, ඔබගේ වත්පොත උදාහරනය මේ කරුණේදී මුළුමනින්ම වැරදිය ) CO2 නිපදවන බව පිලිගන්නවාද ?

    වැඩි විස්තර මාගේ ලිපියෙහි දක්වා ඇත.

    සම්පත් අසීමිතයයි සිතා ලෝකයේ සැමට වැඩි වැඩියෙන් හැමදා පරිභෝජනය දිගටම කරගෙන යාමට හැකි යැයි සිතන්නේ තර්ක ශක්තිය නැති පුද්ගලයා පමණක්ම නොවේ, තම මත වාදයෙන්ම අන්ධ වූ සහ දුර බලා විකල්පයක් සෙවීමට පරිකල්පන ශක්තියක් නැති පුද්ගලයාත් එසේ සිතයි.

    • arunishapiro said, on මැයි 5, 2011 at 3:35 ප.ව.

      Ashoka,
      තෙල් සම්පත් ක්ෂය වනවා යැයි සිතන්නට හැකි මිනිසා බලාගෙන සිටින්නේ නැත. සිතන්නට හැකි නිසාම ඔවුන් විකල්පයන් සොයමින් සිටිති. එදා දර කොටයක් යොදා ලිප ගිනිමැල වූ අය ඉන්ධනය එය පමණක් යැයි සිතා සිටියා නම් කුමක් වෙයි ද? දර කොටන් සේ පරිසරයට අහිතකර නොවන මයික්‍රවේව් වලින් ආහාර උයාගන්නට, ස්වභාවික ගෑස් වලින් ආහාර උයාගන්නට මිනිසාට අද හැකිය. විකල්පයන් සොයා යන මිනිසාට විකල්පයන් හමු වෙයි.

      තෙල් නිධි නැවත වර්ධනය වනවා යැයි මා කියුවේ නැත. පාවිච්චියට නොගත් තෙල් නිධි ලොව ඇත. ඇලස්කාවේ Arctic National Wildlife Refuge (ANWR) හි බිලියන 10.4 ක බැරල් ඇතැයි කීම උදාහරණයකි. 2008 ජූනි වල දී නෝර්ත් ඩකෝටා, මොන්ටෑනා සහ කැනඩාවට අයත් සදර්න් සැස්කැචවාන් සහ මැනිටෝබා යන ප්‍රදේශයන්හි Bakken formation නම් විශාල භූමි ප්‍රමාණයක දැනට කනින තෙල් නිධි වලට අමතර ව බිලියන 3-4.3 අතර බැරල් ප්‍රමාණයක් (1995 ඇස්තමේන්තු වලට වඩා 25 ගුණයකින් වැඩි) ඇතැයි සොයා ගත්හ. 2000 දී මිය ගිය U.S. Geological Survey සේවය කළ Leigh Price කියුවේ එහි සොයා නොගත් බිලියන 413 බැරල් ප්‍රමාණයක් ඇති බව ය. ඒ සවුදියේ ඇති ලොකුම තෙල් නිධියට වඩා වැඩි ප්‍රමාණයකි. නමුත් ඒවා කනින්නට පෙර විකල්ප ඉන්ධන හා අයහපත් වායු අවම කිරීම් ගැන නීති ගෙනෙනවාට හා සැලසුම් කිරීම ගැන මා ද සතුටු ය. ධනවාදී වූ පමණින් සියළු සම්පත් හිතුමතයේ පරිභෝජනයට ගැනීමක් සිදු නොවේ. තිබෙන සම්පත් වඩාත් සූක්ෂම ලෙසින් පරිහරණයට ගැනීම හා පරිසරය රැක ගැනීම ධනවාදයට පටහැණි නැත.

      වැඩි වැඩියෙන් හැමදා පරිභෝජනය කරන්නට හැකි යැයි කියා ද සිතන්නට හැකි මිනිසා සිතාගෙන ඉන්නේ නැත. සිතන්න හැකි අය තියන ප්‍රමාණයෙන් වැඩියෙන් වැඩ ගන්නේ කෙසේදැයි සොයා ගනියි. ඔබ කදිම උදාහරණයක් දී තිබෙනවා: //දෙමුහුම් රථයක් මටත් තිබේ. එය ක්‍රිය කරවීමටත් තෙල් අවශ්‍ය වේ.// එදා ප්‍රැටල් ගැලුමකින් කොපමණ දුරක් වාහනයකට යා හැකි වුනි ද? අද දිනයේ එන්න එන්නම වාහනයක් බොන ප්‍රැටල් කොතරම් අඩු වන්නේ ද? එසේම වාහන වල බර ද අද අඩු වී එහෙත් ආරක්ෂාව අතීතයට වඩා වැඩියෙන් ලැබේ.

      Zero Pollution Motors නිෂ්පාදනය කරන Compressed-Air Powered car යනු කිසිම අහිතකර වායුවක් මුදා නොහරින zero emmissions වාහනයකි. අද ඇමෙරිකාවේ දුවන වාහන ලෝකයේ නන් දෙසින් ගෙනෙනා වාහනය. ඉන්දියාවෙන් ටාටා ද, ජර්මනියෙන් වොක්ස්වාගන් ද, ජපානයෙන් හොන්ඩා ද ගෙනාවට ධනවාදී ආර්ථික ක්‍රමය අගය කරන්නා කළබල නොවේ. ඒ ලොව ඕනෑම අයෙක් වඩා සුදුසු හා වඩා කාර්යක්ෂම දැයක් නිපදවන්නේ ද ඔහු ජයගත යුතු බව පිළිගන්නා ක්‍රමයක් නිසා ය.

      Honda Civic GX – Super Clean NGV දුවන්නේ ස්වභාවික ගෑස් වලිනි. අහිතකර වායු පිට කිරීම ඉතා අඩු ය. අද ඇමෙරිකාවේ විශාල ට්රතක් රථ ස්වභාවික ගෑස් වලින් දුවන්නට වෙනස් කරමින් ඒ සඳහා බඩු ප්‍රවාහනයේ යෙදෙන පුද්ගලික ව්‍යාපාර හිමියන් විසින් තම ව්‍යාපාරික ස්ථාන වල පිරැවුම් හල් අළුතින් ඉදිකරගෙන යයි.

      අද සුඛෝපභෝගී නැව් පවා විකල්ප ඉන්ධන මාර්ග පාවිච්චියට ගනියි. මයාමි හි Paracas Yachts ඉදිරිපත් කරන මීටර් 48 ක් දිග Paracas 158 නෞකාව රුවල් මඟින් හයිඩ්‍රඉලෙක්ට්‍රික් ජෙනරේටරයක්, ලිතියම්-අයන් බැටරි වලින් දුවයි. Sauter Carbon Offset Designs අයිතිකරු රිචඩ් සවුටර්ගේ මීටර් 78 ක් දිග Ark Angel නෞකාව සූර්යාලෝක පැනලයන් හා නැව බඳ හදා ඇති කාබන්-ෆයිබර් පාවිච්චියට ගනියි. මීටර් 44 ක් දිග Ocean Empire සරුංගල් යොදා ගනියි. ඒ සරුංගල් හදන හැම්බර්ග් කොම්පැණියක් වන SkySails නැවක ඉන්ධන පාවිච්චිය බාගයකින් අඩු කරගත කරන්නට උපකාර කරයි.

      අපට ඉවර කළ නොහැකි තරම් ප්‍රමාණයකින් යමක් නැති වූ පමණින් අනේ අපොයි කියා නිකට අත තියගෙන බලා ඉන්නේ හිතන්නට බැරි මිනිසා ය. සිතන්නට ඇති මිනිසා නැති වී යන දේවල් සඳහා විකල්පයන් සොයා ගනියි.
      අපි ජීවත්වන පමණින්, හුස්ම පිට කරන පමණින් පරිසරයට අහිතකරය. එසේ කියා කැමත්තෝ පරිසරය රැකගන්න සියදිවිනසා ගත්තාට කරන්නට දෙයක් නැත. නමුත් ජීවත්වන්නට කැමැත්තෝ තමන් ජීවත්වන නිසා පමණින් පරිසරයට හානියක් නිසා දිවිනසා නොගෙන හැකි පමණින් තමන් වසන පරිසරය ද රැක ගෙනම ඉදිරියට යන්නට උත්සාහ කරයි.

      මෙන්න ඇමෙරිකාව පරිසරයේ අහිතකර වායු අඩුකර ගත් බව පෙන්වන දත්ත. 1980 සිට 2009 දක්වා කාබන් මොනොක්සයිඩ් 80% කින් ද, ඕසොන් (O3) 30% කින් ද, ලෙඩ් 93% කින් ද, සල්ෆර් ඩයොක්සයිඩ් 76% කින් ද, නයිට්ර්ස් ඩයොක්සයිඩ් 48% කින් ද අඩු වී ඇත. එය ලබා ගන්නේ Enviornmental Protection Agency වෙතිනි. ඒ ඇමෙරිකාවේ ජනගහණය මිලියනයකට වඩා වැඩියෙන් වර්ධනයක් සෑම වසරක් පතාම සිදු වෙද්දී ය. ඒ 1980 සිට 2009 දක්වා ආර්ථික සංවර්ධනයේ අඩුවීමක් සිදු නොවෙද්දී ය.

  10. Ashoka said, on මැයි 6, 2011 at 12:01 පෙ.ව.

    අරුනි, “සම්පත් සීමිත යැයි පෙන්වන්න.” කී ඔබ දැන් සීමිත බව පිලිගෙන විකල්ප ශක්තීන් ගැන සෙවීමට සිතීමම දියුනුවකි. අවාසනාවට (කියවන්නන්ගේ, ඔබගෙ නොවේ) ඔබ තවමත් දකින්නේ හෝ පෙන්වන්නේ ඔබට වාසි දත්ත පමනි. ඇමරිකාවේ අධි CO2 පිටකිරීම් දත්ත ඔබ සිතා මතාම සඟවා ඇත, ඒ එක් උදාහරණයක් පමණි.

    තෙල් දැවීමෙන් අනිවාර්යෙන්ම සිදුවන CO2 පිටවීම දැනටත් ඇත්තේ ලොවට දරගත හැකි ප්‍රමාණය ඉක්මවාය. තමනට වාසි දෙය පමනක් පෙන්වමින් කරන ඉලක්කම් හරඹයෙන් වන්නෙ කාලය නාස්තිවීම පමනකි. මේවා සම්පුර්නයෙන් කියවන්න. සත්‍ය දැනගැනීමට අවශ්‍ය අය සඳහා එහි කරුණු ඇත.

    fossil fuel
    limits of resources

    ඇමෙරිකානුවන් CO2 ගැන කතා කිරීමට අකමැති ඇයිද යන වග සහ ලෝකය උනුසුම් වීම පිලි ගනීමට මලි වන්නෙ අය්ඩ යන වග ලෝකයෙ ප්‍රධානම CO2 පිටකරන්නා කව්දැයි දුටු විට තේරුම් යයි. පරිසරය සුරකීමට මුලු ලොවම එක් වන විට තමාගෙ සුපිරි සැප පහසුව වෙනුවෙන් එයින් ඈත් වී සිටින්නා කව්ද යන වගත් හඳුනාගන්න. කියවන්න. (අරුනි මේවා දැනටමත් දනී. අමෙරිකාවට ඇති සීමා රහිත පක්ෂපාතිභාවය සහ අන්ධ බවින් මිදුනු දාට පිලිගනු ඇත.)

    kyoto

    කතා කිරීමට දුන් ඉඩකඩට අරුනිට ස්තුතියි. පරිභොජනවාදය, සහ විලාසිතා ගැන තවදුරටත් මාගේ බ්ලොගයෙන් කතා කරමි. අරුනිටත් එහි එන්නැයි ආරාධනා කරමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 239 other followers