අපි සටන් වදින්නේ කුමට ද?
පෙලපනීසියන් යුද්ධයේ (ක්‍රි. පූ. 431-404) පළමු වසර අවසන් වෙද්දී, පෙරික්ලීස් ඇතැන්ස් නගරයේ දී යුද්ධයේ සටන් වැදී මරණයට පත් වූවන් සඳහා පවත්වන වාර්ෂික මහජන අවමංගල්‍ය කතාව පැවැත්වීය. නිදහස් ලෝකයේ සෑම පුද්ගලයෙක් ම මුළු මිනිස් ඉතිහාසය පුරා ම මුහුණ පෑ ගැටළුවක් ඔහු ඉදිරියේ විය.
නිදහස යනු තමනට ලැබිය යුත්තක් සේ හිතන හුරුවක් මිනිසාට තියෙද්දී එය ගැන කතා කරන්නේ කොහොම ද යන්න ගැටළුව විය. නිදහසේ නාමයෙන් පුද්ගලයා විසින් කැපවීමක් කළ යුතුය යන්න පුරවැසියාට කියා දෙන්නේ කෙසේදැයි ඔහු කල්පනා කළේය. පුද්ගලික ජීවිතයේ සුව පහසුවට හුරු පුරුදු පුරවැසි පිරිසක් ඉදිරියට ඔවුන් නසා දමන්නට එන, පීඩා විඳිමින් පුහුණු වූ මිලිටරි රෙජිමයක හැදියාව යුතු, මරාගෙන මැරෙන්නට සූදානම් හමුදාවකට මුහුණ දිය යුතු හැටි කෙසේ කියා දෙන්න ද?
“අපේ ආණ්ඩු ක්‍රමය අපි අපේ අසල්වැසියන්ගේ ආණ්ඩු ක්‍රමයෙන් කොපි කරන්නේ නැත. වෙන කවුරුත් අනුකරණයට නොයන අපි අපේ ක්‍රමය ගෙන යන්නේ ඔවුන්ට ද ආදර්ශයක් වන සේ ය.”
ශිෂ්ඨාචාරයක අඩංගු මූලික දේවල් මොනවා ද?
“රණ්ඩු සමථයකට පත් කරද්දී, සියළු දෙනාම නීතිය ඉදිරියේ එක හා සමාන ය. මහජන වගකීම් සඳහා එක පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට වඩා පළමුවෙන් සිටිය යුතු යැයි තීරණයක් ගන්නා විට, වඩා වැදගත් වන්නේ පුද්ගලයා කුමන සමාජ පංතියේ ඉන්නවා ද යන්න නොව, පුද්ගලයාට ඇති සත්‍ය හැකියාව ය.”
‘සමානාත්මතාවය’ සහ ‘කුසලතාවයට අනුව සැලකීම’ යන දෙක පුරාණ ඇතැන්ස් නගරයේ වැදගත් ලක්ෂණ වූහ.
“අපේ දේශපාලන ජීවිතය විවෘත හා නිදහස් වන්නා සේ, එදිනෙදා ජීවිතයේ අපි එකිනෙකා හා කටයුතු කරන්නේ ද එයාකාරයෙනි. අපේ අසල්වැසියා ඔහුගේ කැමැත්ත අනුව ජීවත්වෙනවා නම් අපි ඔහුට බාධා කරන්නට යන්නේ නැත. පුද්ගලික ජීවිතයේ දී තමන් කැමැති ආකාරයට හැසිරෙන්නට පුද්ගලයාට අයිතිය දී ඇත. එහෙත් මහජන කටයුතු වල දී අපි නීතියට අනුව හැසිරෙමු. මන්ද, නීතිය අපේ දැඩි ගෞරවය ඉල්ලා සිටින්නක් නිසා ය.”
ඇතැන්ස් නගරයේ වාසය කළේ නිදහස අගය කරන ලද පිරිසකි. එහෙත් ඔව්හු නිදහස භුක්ති වින්ඳේ නීතිමය රාමුව යටතේ ය. නිදහස් පුද්ගලයෝ නීතියට ගරු කරනුයේ එය තර්කයට එකඟ ඔවුන්ගේ යහපත සඳහා ම පනවා ඇත්තක් බව දකින නිසා ය. නීතින් හිතුවක්කාර ලෙස පනවන ලද නීති නොවන නිසා ය.
ඇතැන්ස් නගරය අසල්වැසියන් සමඟ නිදහසේ වෙළඳ ගණුදෙනු පැවැත් වූ නගරයකි. “අපේ නගරයේ උදාර බව නිසා ලෝකයේ නන් දෙසින් එන සියළු බඩු භාණ්ඩ අපට පරිභෝජනය සඳහා අවස්ථාව ලැබේ. ඒ නිසා අපේ දේශීය නිෂ්පාදන රස විඳීම සේ ම විදේශ නිෂ්පාදන රස විඳීම ද අපට ස්වභාවයෙන් ම හුරු ය.”
“අපේ නගරය ලෝකයට විවෘත ය. කලින් කලට පුද්ගලයෝ අපේ රහස් සොයන ඔත්තුකාරයන් යැයි කියා ඔවුනට එසේ කරන්නට බැරි වනු පිණිස අපි ඔවුන්ව රටෙන් පිටුවහල් නොකරමු.”
“ස්පාටන්වරු කුඩා කල සිට දුෂ්කර වූ ජීවිතයකට හුරුව ඇති දැඩි වේ. එයින් ඔවුනට උගන්වන්නේ ධෛර්යය වඩන්නට ය.” පෙරික්ලීස් පෙන්වා දුන්නේ ඇතැන්ස් වැසියන් ඒ සියළු සීමා අවහිර නොමැතිව හැදී වැඩුණ ද ඔවුන්ට ස්පාටන්වරු මුහුණ දෙන්නා වූ අවදානම් වලට මුහුණ පාන්නට හැකියාව ලබා ඇති බව ය.
පෙරික්ලීස් පෙන්වා දෙන්නේ ස්පාටන්වරු නීර්භීත වන්නේ නොදන්නාකම පෙරදැරි කරගෙන ය. නමුත් ඇත්තෙන් ම නීර්භීත විය හැක්කේ නිසැකවම ජීවිතයේ සුන්දරත්වය දන්නා අයෙකුට ය. එය අත්දුටු නිසා එය නැතිව යාමේ භයානකම අවබෝධ විය හැකි අයෙකුට ය. පෙරික්ලීස් ඇතැන්ස් පුරවැසියන් වෙතින් ඉල්ලා සිටින්නේ තම නගරයේ ඇති සුන්දරත්වය හඳුනා ගෙන එය හා ආදරයෙන් වෙළෙන්න කියාය.
ඥානය සොයා යෑමට ඇති නිදහස හා ඉඩකඩ නිසා, සුව පහසු දිවියක් ගෙවන්නට හැකියාව තමනට ඇති බව හඳුනා ගැනීම නිසා, ඒවා ලැබෙන්නා වූ මෙම ක්‍රමයට වඩවා ගන්නා ආදරය නිසා ඇතැන්ස් නිදහස රැක ගන්නට සහ ඇතැන්ස් ජීවන රටාව රැක ගැනීමට සියළු කැපවීම් කරන්නට හැකියාව පුද්ගලයාට ඇතැයි පෙරික්ලීස් පෙන්වා දුන්නේය.
ඇමෙරිකාව අද මුහුණ දෙන්නේ එදා ඇතැන්ස් වැසියන් මුහුණ දුන් අවස්ථාවට. අළුත් ස්පාර්ටන් හමුදා දෙකක් අද ඇමෙරිකන් ජනතාව ආක්‍රමණයට සැරසෙති. පිටතින් ඉස්ලාමීය අන්තවාදීන් ද ඇතුලතින් සමාජවාදී අන්තවාදීන් ද ඇමෙරිකන් නිදහස් සංකල්පය ගොඩ නැඟුණු ඇමෙරිකන් සමානාත්මතාවය හා ඇමෙරිකන් කුසලතාවයට අනුව සැලකීම යන දෙකෙන් සෑදී ඇති පදනම බිඳ හෙලන්නට අර අඳිති.
ඉතින් අද අවශ්‍ය අරගලයේ මූලාශ්‍රය හඳුනා ගැනීමයි. හතුරාගේ ස්වභාවය හඳුනා ගැනීමයි. රුසියානු පර්යේෂණ කඩා හැලී ගොස් තිබිය දී තවමත් බලවත් ලෙසින් ලොව පවතිනා වූ ලොව එකම එක ක්‍රමය ලෙස පවතින ඇමෙරිකන් පර්යේෂණය හඳුනා ගත යුතුයි. ඇමෙරිකන් ජීවිතය අද ලෝකයේ මිනිසා ඉදිරියේ තිබෙන්නා වූ වඩාත් ම පරිපූර්ණ වූ ජීවිතය වන්නේ මන්දැයි හඳුනා ගත යුතුයි. එවිට සතුරු හමුදාවන් ආක්‍රමණය කරන්නට එන්නේ මන්දැයි යන්න සේ ම, අපි සටන් වැදිය යුත්තේ කුමක් ආරක්ෂා කර ගන්නට දැයි යන්න ද වැටහෙනු ඇත.
අරාබිකරය අද නිදහස ඉල්ලා ඝෝෂාවේ යෙදෙති. කොමියුනිස්ට් ක්‍රමය වැඩ නොකළ නිසා රුසියාව හා චීනය සමඟ අද කියුබාව ද ජනසතු කළ නිෂ්පාදන අයිතිය පුද්ගලයාට බාර දෙන්නට පටන් ගෙන ය.
2010 දී මිලියන 5.1 ක් ඉන්නා ශ්‍රමික ජනතාවෙන් මිලියන 4.3 ක් රජයේ සේවය කරති. 800,000 ක් රජයේ නොවන සේවයේ යෙදෙති. 2010 දී 157,000 ක් ස්වකීය වූ පුද්ගලික ව්‍යාපාර පටන් ගත්හ. 2011 අවසානයේ දී රජයේ රැකියා කරන 500,000 ක සේවය නතර කරනු ඇත. 2011 අවසානයේ දී පුද්ගලික ව්‍යාපාරයේ යෙදෙන සංඛ්‍යාව 295,000 දක්වා ඉහළ යනු ඇතැයි කියුබාව දත්ත දක්වයි.
පර්යේෂණය අසාර්ථක යැයි දැක ඒ බව පිළිගෙන වෙනසක් කරන්නට නිර්භීත වූ රාවුල් කැස්ත්‍රොට අතිශයින් ප්‍රණාමය!! කියුබාවට ජයවේවා!!!
මෙම ගිම්හානයේ කියුබාවේ සල්සා නැටුම් ඉගෙන ගන්නට කැමති අයට මෙතැනින් විස්තර.
අපි හැකි තරම් නැඟී ඉන්නට වෙර දරනා කියුබානුවන්ට සහාය දිය යුතුයි. කියුබාවේ නිවාඩුවක් ගෙන එහි ඇමෙරිකන් ඩොලර් වියදම් කරන්නට කාලය පැමිණ ඇත.
තවත් කොතරම් කාලයක් නොදියුණු රටවල් වල ජනතාව හෙට දෙන බියර් වලට රැවටී සිටිනවා ද?


මම නම් හදන්නේ ඔය හැමදේම පැත්තක දාලා ‘සල්සා නැටුම්’ ඉගෙනගන්න යන්න.
praveena,
මාත් එනවා ප්‍රවීනා, අපි යමු සල්සා නටන්න. ආයි මොනවා ඉගෙන ගන්න ද අපි කෙළින් ම නටන්න බහිමු. ඔය නැටුම් උගන්වන්න ඉන්න අයටත් අඩියක් දෙකක් තියන හැටියි ඉඟ සුඟ නලවන හැටියි අපිට කියලා දෙන්න බැරි කමකුත් නැහැ නේද?!!
අරුණි;
පහත සඳහන් කොටස ඔබේම වෙනත් පොස්ටයක මා දැමු උත්තරයක්.
——————–
I am strictly not an “-ist” of a philosophy, but I wonder whether ppl will start calling me “evolutionist”. However I can’t help but bringing forward the simple philosophy what caused our existence today.
The strongest of these systems will survive. Aruni gave me some reading by calling herself somewhat a “Libetarian” and my “brief” reading into the topic yields that they are variants of anarchism. And of course some believe in private ownership and others in communal ownership at the place of govt.
These are fancy ideas. Fact remains that they do not survive unless the whole wrold accepts them and “behave”, It is not yet clear how Libetarianism can maintain an army of able men/women, defence research and infrastructure etc. And how a libetarian police system and judicial system can work as “most laws are violation of a core level basic right’. If you just relax these departments, the other elements such as dictators, crony capitalism, feudalism etc may rise in the back of the relaxed liberal/libetarian system.
Today the key debate is how USA can face more controled China. And these discussions that role of US govt shud reduce further etc will soon be forgotten. China’s success is nothing but theory of natural selection. In the world of economics, theirs can withhold the twists and turns than the liberal american system.
If you look back in human history it was always the fittest to then circumstances who has won. There had never been a single judgement on righteousness or morale.
Pls do not call me evolutionist. I am just observing.
————————–
මා දකින විදිහට කලින් කලට මානව ශිෂ්ටාචාරය තුල මෙම සිදු වීම සිදු වෙනවා. ඇතන්ස් ඇතුළු ග්‍රීසිය රෝම අධිරාජ්‍යය ඉදිරියේ හිස නැමුවා. රෝමය ආගමික අන්තවාදය ඉදිරියේ හිස නැමුවා. ලිබරල් ලෝකය අද මුහුණ දෙන්නේ මේ ගටලුවටයි. හැමවිටම මා දකින්නේ නිදහස් පාර්ශ්වය ලබන පරාජයක්. “සියලු සතුන්ගේ ජිවත් වීමේ නිදහස අගැයු” ඒ නිසා යුද්ධ නොකළ ශාක්‍ය වංශිකයින් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සමුල ඝාතනය කරවූ බවක් කොහේ හෝ දුටුවා මතකයි.
මෙයට හේතුව නම උසස් මොරාල් එකක් හා සාධාරණත්වය මත පදනම වූ පාර්ශ්වයට , වඩාත් දරදඬු බලහත්කාරකම් කරන පාර්ශවයක් එක්ක දිගටම දිනා ගන්න බැරිකම. මිනිසුන් මෙහෙය වන්නේ පරිනාමික නරුම ගතිවලින් මිස දේව ගුණ වලින් නොවේ.
මං හිතන්නේ ඔබට සතුරන් තිදෙනෙක් ඉන්නවා.
1. මුස්ලිම් අන්තවාදය
2. අභයනතර සමාජවාදීන්
3. ජාත්‍යන්තර මට්ටමින් ඇමරිකන් ආර්ථික බලය අහිමි වීම නිසා, එහි ලිබරල් නිදහසට එල්ල කරන බලපෑම [චීන/ඉන්දීය/යුරෝපිය නැගිටීම]
මෙහි 1, 2 ඔබේ ලිබරල් [තරමක්] සහෝදරයින් වන යුරෝපයට ඔබටත් වඩා බලපානවා. “නිදහස් ලෝකය” කියා තමන් ම නම් කරගත් ලෝකය එම නිදහස තුල ඇති ස්ව කැමැත්තෙන් නිදහස අහිමි කර ගන්නට ඇති අයිතියට [උදා: ස්වයං ව ෂරියා අනුගමනය කරන්නට පෙළඹීම] මුහුණ දෙන හැටියක් තවම හිතලා නැහැ. සමහරු නම දඟලන්නේ මරු විකල්ලෙන්. හිජාබ් තහනම, ආගමික සංකේත තහනම වගේ දේවල්. ඇමරිකාවත් මොකද්ද තහනමක් ගෙනාවාද ශරියාවට එරෙහිව? තහනම් කිරීම කියන්නේ හෙල්ප්ලස් බව පිලි ගැනීමක් පමණයි.
ඔබට මතකද ඔන්ටාරියෝ හි ෂරියා නීතිගත කරන්නට ගිය කතාව. මෙය එක උත්සාහයක් පමනයි.
තව වසර 30-කින් යුරෝපිය ප්‍රධාන නගර ඉස්ලාමික බහුතරයක් ඇති නගර බවට පත්වන බවට අනාවැකි පල කරලා තියෙනවා.
අරුණි දකින සතුරන් අතිශයින් බයානකයි. ඔය පෙනෙන්නේ ලිබරල් වාදයේ පැවැත්මේ අභියෝගය නොවේද? ඇමරිකාව අනාගතයේ තවත් ඇතන්ස් ශිෂ්ටාචාරයක් ම වේවි.
මේ හැරුණු විට ඔබ කියන ඇමරිකානු ක්‍රමය ලෝකයේ උසස් ම ක්‍රමයයි වගේ කතා නම් සාපේක්ෂයි. මට නම හිතෙන්නේ ඔය රටවලට වඩා හොඳින් ඉන්න වෙනත් රටවල් තියෙන බවයි.
සුජීව,
පෙලපසීනියානු යුද්ධයට හේතුවක් වූයේ ඇතැන්ස් බලය පැතිර යා කියා ස්පාර්ටාව බිය වූ හෙයිනි. අද ඇමෙරිකාව ඉදිරියේ ඉන්නා ‘මම ස්පාර්ටන් හමුදා’ යැයි හැඳින්වූ කණ්ඩායම් දෙකම ඇමෙරිකාවේ බලය ගැන හොඳාකාරව දනිති. ආර්ථිකයෙන් ද, හමුදා බලයෙන් ද ලෝකයේ ඉහළින් ම ඉන්නේ එය බව සටන් වදින්නට එන එම ස්පාර්ටන් හමුදාවන් දැනටමත් පිළිගෙන ය. ‘අමෙරිකන් සමාජවාදී ස්පාර්ටන් හමුදාව’ තව තවත් ධනය රටවැසියන්ට පමණක් නොව ලෝකයාටම බෙදා දිය යුතු යැයි කියන්නෙ බෙදා දෙන්නට ධනයක් ඇති නිසා ය. ‘ඉස්ලාමීය සටන්කාමී ස්පාර්ටන්වරු’ ඇමෙරිකන් යුද බලයේ රඟ දැනටම අත්දැක ඇතිවාට සැක නැත. සමහර විට අරාබියේ වසන්තය උදාවීමත් සමඟ ඔවුන් අනුන්ගේ නිදහසට එරෙහි නොවී තම නිදහස් ඉල්ලා සටන් වැදීම නිසා ‘ඒ ස්පාර්ටන් හමුදා’ ‘ඇතැන්ස් ආදර්ශය’ තමන් ද පිළිගෙන ‘ඇතැන්ස් වැසියන්’ වන්නට ද ඉඩ ඇත.
මම ඔවුන් ‘ස්පාටන්වරු’ යැයි හැඳින්වූයේ ඔවුන් අනුන් සැලසුම් කරනා ලද ජීවිත ගෙවන අය බව පෙන්වන්නටත් ඇමෙරිකාවේ පුරවැසියා (සමාජවාදී නොවන) ඇතැන්ස් නගරයේ වැසියා මෙන් සීමා අවහිර නොමැතිව නිදහසේ සුවය විඳිමින් ඉන්නා බව පෙන්වන්නටත් ය. උදාහරණ දෙකක්: මුස්ලිම් අන්තවාදීන් සමඟ පුහුණු වන මුස්ලිම් සටන්කාමීයා, සමාජවාදී සැලසුම් යටතේ නිවාස ණයගෙන බංකොළොත් වූ සමාජවාදී ඇමෙරිකානුවා.
හිට්ලර් යුරෝපය අල්ලා ගනිද්දී, ජපනා ලෝකය අල්ලා ගනිද්දී ලෝකය බේරාගන්නේ නිදහස අගයන ඇමෙරිකාව. නිදහස අගයන නිසා බෝම්බ දැමූ ජර්මනියේ නොකැඩිච්ච ගඩොලක් පවා නොමැති සමයක ඇමෙරිකාව ජර්මනිය තමන්ගේ යටත් විජිතයක් කරගත්තෙ නැහැ. ජපානයට ගිහින් බෝම්බ දෙකක් දාලා එන ඇමෙරිකාව ජපානය යටත් විජිතයක් කරගන්නෙ නැහැ. ඇමෙරිකාව අගය කරන නිදහස ඔවුන්ට ද අත්විඳින්න ඉඩ දීලා ඔවුන්ගේ බෝම්බ දැමූ විනාශයන් තුලින් නැවත නැඟී එන්න ඇමෙරිකාව අත දෙනවා.
ජාත්‍යන්තර මට්ටමින් ඇමෙරිකාවට ආර්ථික බලය අහිමි යැයි ඔබ කියන්නේ ඇයි කියා සාධක පෙන්වා දෙන්න. සුජීව කියූ පළියට එය එසේ නැත.
ඇමෙරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය 2010 වසරේ දී $ ට්‍රිලියන 14.660
දළ ජාතික නිෂ්පාදිතය ඒක පුද්ගල ශීර්ෂය: $47,284 (IMF දත්ත අනුව) ඇමෙරිකාව ලොව 7 වැනි තැන.
ඇමෙරිකාවට ඉහළින් දළ ජාතික නිෂ්පාදිතය ඒක පුද්ගල ශීර්ෂය ඇති රටවල් කටාර් ($88,559), ලක්සම්බර්ග් ($81,383), සිංගප්පූරුව ($56,552), නෝර්වේ ($52,013), බෲනෙයි ($48,892), එක්සත් අරාබි එමයිරේට්ස් ($48,821).
ඔය ඉහළ ලැයිස්තුවේ යුරෝපීය නැඟිටීමක් එහෙම පෙන්වනවා ද?
ඊ ළඟට යුරෝපයේ අයර්ලන්තය (බිලියන 122), ග්‍රීසිය (බිලියන 157), පෘතුගාලය (බිලියන 116) බංකොළොත් බවින් මුදා ගන්නට යුරෝපයට උදව් වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 16.2% ක ප්‍රධාන කොටස් හිමිකරුවා වන ඇමෙරිකවයි. අද හෙට ස්පාඤ්ඤයට සහ ඉතාලියට උදව් කරන්නත් වෙයි. හැමදාම ඇමෙරිකාව විශාලතම කොටස්කරු වුනත් අරමුදලේ සභාපති පට්ටම තිබුනේ යුරෝපයට. 2009 දී ඔබාමා අරමුදලට බිලියන 100 ක ණයකුත් අනුමත කරනවා දුන්න සල්ලි මදිවට. ඒ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාවගේ සල්ලි. මගේ සල්ලි!!!
ආයෝජනය කරපු සල්ලි ඉවත් කරගෙන අයින් වුනාම ලෝකෙ කාට කාටත් තේරෙයි ඇමෙරිකාව නිසා ගැලවෙන බංකොළොත් සමාජවාදී රටවල් ගැන. ලංකාවට එහෙම IMF මුදල් නැති වුනොත් යන හර්තාල් ගැන හිතන්න!!! ඕක කලිනුත් කිව්වා. හැබැයි ඉතින් කවුරුත් කියවන්නේ නැහැනෙ.
චීනයේ දළ ජාතික නිෂ්පාදිතය $ ට්‍රිලියන 5.88
ද.ජා.නි. ඒක පුද්ගල ශීර්ෂය: $7,519 (චීනය ලොව 94 වැනි තැන)
ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතය 2010 වසරේ දී $ ට්‍රිලියන 1.53 (වටහා ගන්නට කැමති නම් ඉන්දියාව දළ ජාතික නිෂ්පාදිතය ගණනය කරන හැටි අශෝක් වෙනුවෙන් දැමූ පිළිතුර කියවන්න.)
ද.ජා.නි. ඒක පුද්ගල ශීර්ෂය: $3,339 (ඉන්දියාව ලොව 129 වැනි තැන)
නැවත කියන්න මන්දැයි අද ඇමෙරිකාවට ආර්ථික බලය අහිමි???????
අරුණි අද නොවෙයි හෙට.
ආර්ථිකය ගැන කරන අනාවැකිත් බලනවාද? ඩොලරය වෙනුවට යුරෝව හා යුවානය භාවිතා වුනොත් වෙන දේ ගැන හිතුවාද?
මට ඔබට සන්ක්යාත්මක සාධක දෙන්න අමාරුයි මේ මොහොතේ. උත්සාහ කර බලන්නම්.
සුජීව,
අද ඇමෙරිකාවේ ධනවතුන් ආයෝජන වර්ජනයක ඉන්න බව තමයි අයින් රෑන්ඩ් චිත්‍රපටිය හා කතාව හා සත්‍ය කාලීන සිද්ධිය. ඔබාමා පෙබරවාරියේ ආයෝජක ව්‍යාපාරිකයන්ගේ වාර්ෂික සමුළුවකට ගොස් රට වෙනුවෙන් ආයෝජනය කරන්න කියලා බැගෑපත් වුනා. නමුත් ධනවතුන් ආයෝජනය නොකරන්නෙ ඇයි හේතුව පහදලා දීලා තියෙනවා. තමන් හම්බ කරන ධනය ආණ්ඩුව විසින් බෙදා දෙන සැලසුම් ඉවත් කළොත්, ලිහිල් කළොත් ඔවුන් නැවත ආයෝජනය කරනවා. දැන් ආණ්ඩුව පැත්තෙ බෝලෙ තියන්නෙ. ඒ එවන විදියට තමයි තරඟය තීරණය වෙන්නෙ.
ඔබාමා රජයෙ ප්‍රතිපත්ති ලිහිල් හා වෙනස් නොකළ හොත්, ඇමෙරිකාවේ රට පාලනය කරන ක්‍රමය වූ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ආණ්ඩුව ආර්ථික ක්‍රමය වූ ධනවාදී ක්‍රමයෙන් බැහැරක යනවා නම් රටේ චන්දය ප්‍රකාශ කරන ජනතාවට පුළුවන් ආණ්ඩුව තමන් කැමති පැත්තට ගෙන්වා ගන්න. එවිට 2012 දී එය තීරණය වෙයි.
තවත් එකක්, ඇමෙරිකන් පුරවැසියාට වෙන ඕන රටක ආයෝජනය කරන්නත් ඇමෙරිකාවෙන් නිදහස ලැබෙනවා. ඒ ලැබෙන ආදායමෙන් බදු ගෙවීම පමණයි ඉල්ලා සිටින්නෙ.
ඉතින් අද ඇමෙරිකාවේ ආයෝජනය නොකරන ධනවතා විදේශ ආයෝජනය කරනවා. බිල් ගේට්ස් ඉන්දියාවේ!!! මැක්ඩොනල්ඩ්, වෝල්මාර්ට් ඇතුළු පිරිසක් චීනයේ!!! ඒ සල්ලි හෙට දවසේ දී ආපහු කොහාට ද යන්නෙ?
ඒ නිසා, ඇමෙරිකාවට හෙට දවස ගැන බියවෙන්න ඕන නැහැ.
මීට කළිනුත් නොයෙක් මාතෘකා යටතේ කතාබහ යද්දී සුජීවට සංඛ්‍යාත්මක සාධක පෙන්නන්න බැරි වූ තැන් තිබුණ. ඒත්, ඒ දේ ගැන තමන් විසින් සංඛ්‍යාත්මක සාධක පෙන්වා දීමට නොහැකි වූවා කියා සුජීව වගේම අනිත් බොහෝ පිරිසක් ඒ ගැන නැවත නැවතත් පුන පුනා ඇත්ත ඇති සැටියක් සේ කීම නවතා නැහැ.
මම ඇමෙරිකාවේ ඉන්න ඉහළ ආදායම් උපයන 5% අයිති ධනවතෙක් යැයි කියාගන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒත්, ඒක ඔප්පු කරන්න නම් ආදායම් වාර්තාවක් පෙන්වන්න පුළුවන් කී දෙනාට ද?
//හිට්ලර් යුරෝපය අල්ලා ගනිද්දී, ජපනා ලෝකය අල්ලා ගනිද්දී ලෝකය බේරාගන්නේ නිදහස අගයන ඇමෙරිකාව//
තරමක් වැරදුනා නේද?හිට්ලර්ට කෙලෙව්වෙ සෝවියට් රුසියාව.නැගෙනහිර පෙරමුනේ අනාගත්ත එක තමයි හිට්ලර් කරගත්ත බරපතලම වැරැද්ද.හිට්ලර් වැටුන නං ඒකට පිං දෙන්න ඕනෙ අමෙරිකාවට නෙමෙයි සෝවියට් සංගමේට.
//ජපානයට ගිහින් බෝම්බ දෙකක් දාලා එන ඇමෙරිකාව ජපානය යටත් විජිතයක් කරගන්නෙ නැහැ//
අනේ අමෙරිකාව දාල ආව බෝම්බ දෙක ගැන අරුණි තොලේ කටේ නොගැවී කියන අහිංසකකමේ ලස්සන!යුද අපරාධ වලට අදිකරන අටවනවා නම් ඉස්සෙල්ලාම ගේන්න ඕනෙ ඒ බෝම්බ දෙක දාල ලක්ෂ ගනන් අහිංසක සිවිල් වැසියන් මරා දාපු නිදහස අගයන අමෙරිකානු ජනාධිපතිව!
නිදහස අගයන අමෙරිකාව වියට්නාමෙට බෝම්බ දාල ඒකෙ සිවිල් වැසියො මැරුවෙ උන්ව නිදහස් කරන්න වෙන්න ඇති නේද?අපි නොදන්න ලයිව් තමයි!
lali,
ඇත්ත නේන්නම්. අමතක වුනානෙ. ඇමෙරිකාව අධිරාජ්‍යවාදීයා යැයි හැමෝම කියද්දී 1945 මැයි 8 වැනි දා බර්ලිනයට ඇතුල් වෙච්ච සෝවියට් රුසියාව මොකද කළේ? අවුරුදු 44 ක් එනම්, 1989 නොවැම්බර් 9 වෙනි දා වෙනතෙක් තාප්පයක් ගහගෙන එහෙ හිටියනෙ.
මොකද දන්නෑ කොමියුනිස්ට් ක්‍රමයට කමැති ජර්මන් අය 1950 දී 187,000 ක්, 1951 දී 165,000 ක්, 1952 දී 182,00 ක්, 1953 දී 331,000 ක් පිටවෙලා ගියේ. 1961 වෙද්දී පිටවෙලා ගිය මුළු ප්‍රමාණය මිලියන 3.5 ක් (මුළු ජර්මන් ජනගහණයෙන් 20% ක්) වෙන්නෙ.
පිටවෙලා යන පෝලිම් දිහා බලලා 1961 ජූනි 15 වැනිදා සෝවියට් පක්ෂයේ ලේකම් කියනවා “Niemand hat die Absicht, eine Mauer zu errichten!” නැත්නම් “කාටවත් තාප්පයක් බඳින අදහසක් නැහැ!” කියලා. අර ඒ කාලේ ෆිඩෙල් සහෝදරයා “මම කොමියුනිස්ට් නෙමෙයි” කිව්ව වගේම තමා!!!
ඊට පස්සේ තාප්පයක් බඳින කොට 1961 අගෝස්තු 17 වැනිදා National People’s Army සහ Combat Groups of the Working Class හමුදාවල් තුවක්කු උරුක්කු කරගෙන ඉන්නවා පැනලා යන්න හදන අයට වෙඩි තියන්න.
සෝවියට් ක්‍රමයට මිනිස්සු කොච්චර කැමති ද කියනවා නම් හැමදාම ජීවිතය පරදුවට තබා පැනලා යන්න හදන්නෙ!!!
හිරෝහිතෝ ගේ නීතිය වූයේ “සියල්ල මරා දමන්න, සියල්ලට ගිනි තබන්න, සියල්ල කොල්ල කන්න” කියාය. “Kill All, Burn All, and Loot All.”
ජපන්නු කළ යුද අපරාධ ගැන ඔවුන් සමාව ඉල්ලා සිටිය බව දන්නෙ නැද්ද? මෙන්න ලැයිස්තුවක්.
1937 සිට 1945 දක්වා ජපන් හමුදාව 6,000,000 ක චීන, ඉන්දුනීසියා, කොරියන්, පිලිපීන, ඉන්දුචීන සහ බටහිර සිරකරුවන් මරා දමා ඇත.
චීනයේ පමණක් 1937-45 දී මිලියන 3.9 million චීන සිවිල් වැසියන් සාමාන්‍ය ජපන් මෙහෙයුම් වලින් ද, සටන් වල දී මිලියන 10.2 ක් ද මරා ඇත.
Nanking Massacre (1937-38) ජපන් හමුදාව 300,000 මරා දමා ඇත.
Manila massacre පිලිපීන සිවිල් වැසියන් 100,000 මරා දමා ඇත.
පිලිපීනයේ ජපන් හමුදාව අල්ලා ගෙන සිටිය දී හැම පිලිපීන වැසියන් 20 කට අයෙක් ජපනුන් අතින් මරණය ලදැයි කියැවේ.
Sook Ching massacre ගැන කියන Lee Kuan Yew, හිටපු සිංගප්පූරු අගමැති, 50,000 සහ 90,000 ක් මරණ හා තුවාල ලැබූ බව කියයි.
ඉතිහාසය ලියන Mitsuyoshi Himeta විසින් “Three Alls Policy” (Sankō Sakusen) වාර්තා කරන්නේ මිලියන 2.7 කට වඩා චීන සිවිල් වැසියන්ගේ මරණ වලට ජපානය වගකිව යුතු බවයි.
Laha massacre: ඔස්ට්‍රෙලියන් හා ඕලන්ද 300 අධික යුද සිරකරුවන් මරා දැමීම
The Bangka Island massacre ඔස්ට්‍රෙලියන් මිලිටරි හෙදියන් 22 ක් මරා දැමීම.
The Palawan Massacre: දෙවන ලෝක යුද්ධයේ සිරකරුවන් බේරා ගැනීම වළක්වා ලනු පිණිස සිරකරුවන් 150 ක් Tomoyuki Yamashita ජනරාල්වරයා විසින් Puerto Princesa හි වල කානු තුනක් කපා දමා තෙල් බැරල් හලා පණ පිටින් ගිනි තැබූහ.
The Bataan Death March නම් 1942 දී පිලිපීනයේ කි. මී. 97 ක් ඇමෙරිකානු හා පිලිපීන යුද සිරකරුවන් 75,000 ක් මරණය කරා මාර්ච් කරවීමය.
ඔව් නේන්නම්, ඇමෙරිකාවට තිබුනේ මෙහෙට එන ජපනුන්ට විතරක් බෝම්බ දාලා ඇමෙරිකාවේ අය විතරක් ආරක්ෂා කරගෙන ආසියාවේ හැමෝම මරන කම් නිකං බලාගෙන ඉන්න. මීට පස්සෙ අනේ අපිව බේරාගන්න කියල අඬ අඬ වැන්ඳත් ඇහුනෙ දැක්කෙ නැහැ වගේ ඉන්න ඕන.
Aruni, 2-3 decades ago, there was a magazine available in sri lanka (freely given I think) named Soviet Union (it was a sinhala magazine) It was full of soviet propaganda, success stories, stories from history, stories for kids, about courageous soviet comrades who love and protect their motherland, how they almost single handedly saved the world from Hitler (of that I agree even now but not due to stories I red in that magazine) etc…
Those days I didn’t know enough that there is a thing called propaganda and it’s power. Nowadays most of us do.
Why did that old magazine come to my mind now ? May be the reason for that little disappointment is when I red the tiles as “අපි සටන් වදින්නේ කුමට ද?” I thought “අපි” meant all of us, looks like it meant Americans.
Of course you may be a honest patriotic American who like to write about the glory of her country and promote it to foreigners like us. If one choose to be a patriotic to own country and be open and active about it, what business is it of others to question that?
Anyway, we are clear on that now. No false expectations, everybody is happy again!
Even though I had no time to read magazines like “Soviet Union” since then, still I read lot of blogs from various other countries where I have things in common with such as the field I’m working on. In the case of your blog, it is specially nice to see someone writing so skillfully in Sinhala language.
I wish there will be many sri lankan blog writers too in future who can and willing to take our country into the larger world like Aruni who is so skillfully and passionately doing for hers.
Ashoka;
We [as Sri Lankans] need one or two genuine futuristic happenings to do so. We did when war was raging. We spilled our two cent’s worth in places like Defencewire. Yet today there is nothing much we can contribute as patriots. Either support GOSL version of Soviet Deshaya magazine [the harbour and the rock debate], or support the lunatic anti-govt propa full of illogical statements built with hatred. Latter is perhaps the majority of blogsphere.
In contrast US is in war. As I said b4, it is a somewhat religious, somewhat ideological and all the way economy oriented war. Aruni is picking its ideological component only.
Yet we still stand for us, patriotic SLans, at places it matters.
Few such attempts, that is still continuing [and I WAS a part of]
http://srilankadefenceforum.blogspot.com/
http://defenceanalytics.blogspot.com/
note that these are NOT ideological/philosophical forums like Aruni’s.
For Aruni’s case, my idea is that she’s half broad thinking and half blinded in propa. When it comes to general logic she is a very broad thinking person, yet when it comes to American affairs she heartily chooses sides and defends her sides no-matter-what.
Ex:
- When Stalin killed Kulaks “to make the farmers void of slavery” [as the propa read] but ended up destroying so many innocent ppl in the process, Aruni can see it thru.
- When US destroys other nations “in the name of freedom, liberalism and democracy” [as its propa reads] aruni repeats it.
I hope I wasnt harsh in saying that. I may have done at least some of it for my country I admit.
Nevertheless Aruni’s blog is a prime place in sinhala blogsphere – no doubt about it.
සුජීව,
// – When US destroys other nations “in the name of freedom, liberalism and democracy” [as its propa reads] aruni repeats it.//
මෙය ගැන ඇමෙරිකාව විනාශ කර දැමූ නිදහස්ව සිටි සමෘද්ධිමත් රටක් උදාහරණයට ගෙන පැහැදිලි කරන්න යැයි මම කළිනුත් සුජීව ගෙන් ඉල්ලා සිටියා.
ඒත් සුජීව තවම එහෙම කරලා නැහැ. එසේ පෙන්වා නොදී සුජීව තවම එයම නැවත නැවත කියනවා.
රුසියාව අල්ලා ගත් එස්ටෝනියාව නිදහස් ව සිටි සමෘද්ධිමත් රටක්. රුසියාව යටතේ එස්ටෝනියා වැසියන්ට කොමියුනිස්ට් ක්‍රමය නිසා නිදහස අහිමි වී කොමියුනිස්ට් ක්‍රමය නිසා ආර්ථික විනාශයක් අත්විඳි රටක්. රුසියාවෙන් ගැල වී ප්‍රජාන්ත්‍රවාදයෙන් නිදහස යළි ලැබී ධනවාදී ක්‍රමයෙන් ආර්ථිකය වේගයෙන් සරු බවට නැවත පැමිණි රටක්. තවත් උදාහරණ සඳහා නැගෙනහිර ජර්මනිය, පෝලන්නතය හා බොහෝ නැගෙනහිර යුරෝපීය රටවල් දිහා බලන්න.
හිට්ලර්ගේ ඒකාධිපතිවාදයෙන් ජර්මනිය ඇතුළු හිට්ලර් අධිරාජ්‍යවාදයෙන් බැට කෑ යුරෝපය බේරාගත්තේ ඇමෙරිකාව. ඊට පසුව ජර්මනිය ඇතුළු යුරෝපයේ නිදහස වූයෙ නැද්ද, ප්‍රජාතන්ත්‍රවාදයක් නැද්ද? හිට්ලර් ගෙන් බේරා ගැනීමෙන් පසු ඔවුන්ගේ රටවල ආර්ථිකයන් ඉහළ ගියා මිසක පහළ ගියා ද? ඇමෙරිකාවේ යටත් විජිතයක් ද? ජර්මනිය අද ඇමෙරිකාව එක්ක තරහයි ද?
ජපානයේ අධිරාජ්‍යවාදයෙන් ලෝකය (ලංකාවටත් බෝම්බ දාන්න ආපු ජපනා) බේරාගත්තේ ජපානයට බෝම්බ දැමූ ඇමෙරිකාවයි. එයින් පසු ජපානය අල්ලා ගත්තා ද? ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුනට අහිමි වූවා ද? ජපානය අද ඇමෙරිකාවේ යටත් විජිතයක් ද? ජපානය අද ඇමෙරිකාව එක්ක තරහයි ද?
හෙන්රි කිසින්ජර් තමාගේ White House Years (1979) පොතේ මෙහෙම දෙයක් කියා කියනවා. පොත ළඟ නැති උපුටා ගැනීම ලියන්න බැහැ. ඇමෙරිකාවට ස්ථිර (permanent) යාළුවෝ හෝ හතුරෝ නැහැ. ඉන්නේ ‘කැමති අය’ (interest) පමණයි. අපේ කැමැත්ත හා එකඟ වෙද්දී අපි අනිත් රටවල් වලට කැමති අතර ඊට එරෙහි වෙද්දී අපි ඒ රටවල් වලට දක්වන කැමැත්ත අඩුයි. මෙතැන දී අපේ කැමැත්ත සඳහා ඔවුන් ද අපි සේ ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ධනවාදී ආර්ථික ක්‍රමය අගයන අයවීමට තැනක් ලැබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති චීනයට හා යාන්තමින් තියන රුසියාවට අපි අකැමැති වුවත් ඔවුන් ධනවාදී ආර්ථික ක්‍රමයට පිවිසීම නිසා චීනයට හා රුසියාවට කැමතියි. ධනවාදී ආර්ථික ක්‍රමය පසුපසින් ඔවුනට හරියාකාර ප්‍රජාතන්ත්‍රවාදයත් ලැබෙයි ද?!!
ඉරාකය කුවෙයිට් ආක්‍රමණය කරද්දී කුවෙයිට් වෙතින් ඉරාකය එළවා දැමූ ඇමෙරිකාව කුවෙයිට් රට අල්ලා ගත්තේ නැහැ. කුවෙයිට් නිදහස රැක ගැනීමට අත දීමක් කිරීම මඟින් ඇමෙරිකන් උත්කෘෂ්ටය වන නිදහස් රාජ්‍ය ස්ථාපිත කළා. ඇමෙරිකන් කැමැත්ත (interest) ඇමෙරිකන් උත්කෘෂ්ටයන් (ideals) බැහැරලා වැඩ කළේ නැත. එතැන වූයේ අපේ කැමැත්ත තවත් ප්‍රතාප (dignify) කිරීමයි.
මගේ පුද්ගලික මතය, තමන්ගේ නිදහස වෙනුවෙන් තමන් සටන් වැදිය යුතුය. නැතහොත් එහි අගයක් නැත. හැමදාම අනුන්ගෙ කුණු ඉවත් කරන්න ගොස් ඇමෙරිකාව අසා ගත්තේ බැනුම් මිස මෙය වටහා ගත්තෙක් නැත. ඒ නිසා ඇමෙරිකාව අද පැත්තක වී සිටිය යුතුයි කියාය.
නිකරාගුවාවේ සොමෝසා, පිලිපීනයේ මාකෝස්, චිලේහි පිනොචේ, ඉරානයේ ෂාහ් වැනි අයට අත දුන් ඇමෙරිකාව පසුව ඔවුන් ඉවත් කරන්නට ද අත දුන්නේ ඉහත නිදහස නැමති උත්කෘෂ්ටය අගයන නිසාම ය. චිලේ හා පිලිපීනයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ඇති වූවාට නිකරාගුවාවේ හා ඉරානයේ එසේ සිදු නොවීය. එක කෲර පාලනයකින් තවත් කෲර පාලනයකට ගියා පමණි. වඩා හොඳ යන්න ස්ථාපිත කරන්නට යෑම නිසා තිබෙන නරකකම නැවත මුල් බැස ගත්තා මිසක තිබුණාට වඩා විනාශයක් කරා අද ඉරානය සහ නිකරාගුවාව ගිහින් ද? ලිබියාව හා පාකිස්තානය විසින් පෙන්වන හෙට දිනයේ එය දකින්නට ලැබෙනු ඇත.
නැවතත් මගේ පුද්ගලික මතයට. රටේ වැසියා කෲර පාලකයා කවුදැයි හඳුනා ගන්නා තෙක් ඔහු ඉවත් කිරීමෙන් ඵලක් නොව්. මන්ද පිළිලය හැම විටම පාලකයා නොවෙයි. එහෙත් එය හැම විටම පුරවැසියා ‘නිදහස’ යන්නට අගයක් නොදීමයි.
සමහර විට තෝරා ගැනීමට ලැබෙන්නෙ ‘දන්න යකා’ පමණකි. තවත් විදියකින් කියතොත් දුෂ්ටයන් දෙදෙනෙක් ඉදිරියේ වැඩිය නරක දුෂ්ටයා එළවා දමන්නට ටිකක් නරක දුෂ්ටයා හා එක්වීම. එදා ඇමෙරිකාව හිට්ලර් නැමති කෲර පාලකයා එළවා දමන්නට එකල විසූ තවත් දුෂ්ටයෙකු වූ ස්ටාලින් හා එක්වූයේය.
අද ඔසාමා එළවා දමන්නට මානුෂික අයිතීන් නොරකින රුසියාව සමඟ ඇමෙරිකාව එක්වුණි. අද රුසියාව එදා ස්ටාලින් තරම් දුෂ්ටයෙක් නොවේ.
ඇමෙරිකාව එදා ගිය වියට්නාමයේ අද තියෙන්නෙ කොමියුනිස්ට් ක්‍රමයකට වඩා දැඩි ධනවාදී ආර්ථික ක්‍රමයක්!!!
ඇමෙරිකාව මෑතක ගිය ඉරාකයේ අද සෙසු අරාබිකරයේ රටවල් වල වගේ නිදහස් අයිතීන් ඉල්ලා ජනතාව පෙළපාලි යනවා ද?
ආයිත් කියන්න සුජීව, රටක ජීවත් වන මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ආර්ථික නංවා ලීමට අත දීම නිසා ඇමෙරිකාව අතින් අනිත් රටවල් විනාශ වී ගිය අන්දම?
විනාශය ආර්ථිකවමද ඔබ බලන්නේ?
ඇමරිකාව විසින් කල විනාශයන්.
1. 1989 පැනමා ආක්‍රමණය: මියගිය ගණන අඩු තරමින් දහස් ගණනක්. හේතුව තමන් ගෙ අන නොපිලිපදින එක මිනිහෙකුව අල්ලා ගැනීම. සැක කරන හේතුව පැනමා ඇල පාලනය සම්බන්ධ ප්‍රති විරෝධයන්.
2. 1990 සිට ඉරාක සම්බාධක: අරමුණ තම මතය නොපිළිපදින මිනිහෙකුව මට්ටු කිරීම, ප්‍රතිපලය ඌ අගේට හිඳිද්දී බෙහෙත් වගේ මුලික ද්‍රව්‍ය අහිමිව දහස් ගණන් මිය යාම.
3. 2001 ඉරාක ආක්‍රමණය: ප්‍රසිද්ධ හේතුව අල් කයිඩා සම්බන්ධිත සමුහ ඝාතක අවි සෙවීම. සැක කරන හේතුව තෙල් වෙළඳාම සම්බන්ධ ප්‍රශ්න [යුරෝවලින් ගනුදෙනු කිරීම වැනි]. ප්‍රතිපලය ලක්ෂ ගණනක මරණ. හොයා ගත් සමුහ ඝාතක පුස් මයිලක්වත් නැත.
4. දකුණු ඇමරිකානු තෙල් හා ඛනිජ කැණීම: ප්‍රතිපල හැටියට එහි මුල් පදිංචිකරුවන්ගේ ජිවිත වල සිදුවන ඇද වැටීම.
5. වියට්නාමය: ඇමරිකාවට ඇති අහවල් කෙහෙල් මලක්ද මේක? ජිවිත විනාශය හා භාවිතා කල රසායනික අවි වල බලපෑම තවමත් ඉවර නැහැ.
6. හයිටිය/ග්‍රෙනඩාව/නිකරගුවාව/චිලි [1973]: උන්ට ඕනේ දෙයක් කරන්න දීල ඉන්නේ නැතුව ඇයි ඇමරිකාවට ඕන විදිහට නායකයින් වෙනස් කලේ. මේක එ රටවල් මිනිසුන්ගේ ලිබරල් අයිතියට කරන ලොකුම විහිළුවක්. ඉන පසුව බිහිවූ රුකඩ ඒකාධිපතියන් කල මිනිස් ඝාතන වල ඇමරිකන් වගකීමක් නැද්ද?
මේ එළිපිට පෙනෙන කරුණු. ඉක්වදෝරයේ හා පැනමාවේ නායකයින් ඝාතනය කිරීම පස්සේ ඇමරිකන් සම්බන්ධයක් ඇති බව බොහෝ දෙනෙක් චෝදනා කරනවා. මේවා විනාශ නොවේද?
ඔබ සාධාරණ කෙනෙක් අරුණි එහෙත් ඔබ මේ ප්‍රශ්නයේදී ඔප්පු කල යුත්ත සාක්කුවෙන් අරගෙනයි එන්නේ. ඔබ මෙහිදී හැසිරෙන්නේ සමාජවාදීන් රුසියාවට හෝ ට්‍රොස්කි වාදයට බැන්නම හැසිරෙන විදිහටමයි.
ඇමරිකාවේ ජාත්‍යන්තර හැසිරීම තුල ලිබරල්, ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණ, ප්‍රතිපත්ති ගරුක, හෝ සුබවාදී බවක් නැහැ. බේබදු චන්ඩියෙක් ගමේ ගම්මුන්ව බය කරගෙන ඉන්න විදිහට හැසිරෙන්නේ.
“ඔබ” [කිව්වේ ඇමරිකාව] කොටසක් පමණක් කළ ජර්මානු ආක්‍රමණය හා ජිවිත ලක්ෂ ගණනින් පුච්චා දැමු ජපන් ප්‍රහාර මගේ ලිස්ට් එකේ නැත්තේ එය ඔවුන් ඇටවූ යුද්ධයකට ඇමරිකාව එල්ල කල ප්‍රති ප්‍රහාරයන් නිසා. ඇෆ්ගන් යුද්ධයත් මෑ ඇතුළු කලේ නැහැ. එහෙත් මෑ හිතන විදිහට ඇමරිකාවට තව සැහෙන්න ඇෆ්ගන් ජිවිත බෙර ගන්න තිබ්බ.
ඔබ ඉල්ලන්නේ දත්ත. හිට්මෑන් ගෙ පොත විකිලික්ස් ඔබේ දත්ත ලිස්ට් එකේ නැහැ නේද? ඇමරිකාවට වාසිවන දත්ත පමණද හරි? ඉතින් අපි කොහොමද ප්‍රව්ඩා ඒකෙන ලෝකය බලන අපේ රුසියානු මිතුරන්ට බනින්නේ?
සුජීව.
ඇමෙරිකාව ආක්‍රමණය කරපු නිදහසේ සිටි සමෘද්ධිමත් රටක් ඔය ලැයිස්තුවේ නැහැනෙ සුජීව.
1940 දී රුසියාව ආක්‍රමණය කරන එස්ටෝනියාව නිදහසේ සිටි සමෘද්ධිමත් රටක්. ගැලවෙන්නේ 1991 දී, වසර 51 කට පසුව.
කුලාක්ස්ලා වගේම තමයි එස්ටෝනියාවට ආයුධ තිබුනෙ නැහැ. ඔවුන් දණ ගහලා යටත් වුනා රටට වැදිච්ච රතු බූට් සපත්තු 115,000 ක් නිසා.
විකිපීඩියාව: සෝවියට් හමුදා අල්ලා ගත් මුල් වසරේ දී (1940–1941) 8,000 කට අධික ජනතාවක්, රටේ ප්‍රධාන දේශපාලනඥයන්, හමුදා නායකයන් සියල්ල අත්අඩංගුවට ගනු ලැබිණ. එස්ටෝනියාවේ දීම මෙයින් 2,200 ක් මරණයට පමුණුවන ලදි. ඉතිරිය රුසියානු සිරකඳවුරු වලට යවන ලදි. පසු කාලයක දී ආපහු එන්නට ලැබුණා යයි කියන්නේ අතලොස්සකට ය.
1940 ජූලි 19 වැනිදා, එස්ටෝනියා හමුදාවේ Commander-in-chief වූ Johan Laidoner ව NKVD විසින් අත්අඩංගුවට ගෙන ඔහුගේ බිරිඳ සමඟ Penza, RSFSR සිරකඳවුර වෙත යවන ලදි. 1953 මාර්තු 13 වැනිදා රුසියාවේ ව්ලැඩමියර් සිරකඳවුරේ දී Laidoner මිය ගියේය. එස්ටෝනියාවේ ජනාධිපතිවරයා වූ Konstantin Päts ව ජූලි 30 වැනිදා අත්අඩංගුවට ගෙන Ufa වෙත යවන ලදි. ඔහු රුසියාවේ Kalinin (currently Tver) මිය යන්නේ 1956 දී.
එස්ටෝනියා නිලධාරීන් 800 කින් භාගයක් මරණයටත්, අත් අඩංගුවටත්, සිරකඳවුරු සාගතයෙන් මැරෙන්නටත් හැර ඇත.
1940 ජූලි සිට 1941 ජූනි අතර කාලයේ දී 59,732 ක ජනතාවක් එස්ටෝනියාවෙන් පිටුවහල් කර ඇත. ඒ අය අතර එස්ටෝනියාවේ හිටපු රාජ්‍ය නායකයන් 8, ඇමතිවරුන් 38 ක් සිටියහ.
සමෘද්ධිමත් රටක් වූ පෝලන්තය හිට්ලර් හා සටන් වදිද්දී එංගලන්තය හා ප්‍රංශය එක්ක එකතු වෙලා ජර්මනියට විරුද්ධ සටන් ගිවිසුම් ගහන්න කතා කරමින් පෝලන්තයන් රවට්ටන්නෙ රුසියාව.
පෝලන්තය අල්ලා ගැනීම (1939–1945)
1939 ඔක්තෝබරයේ Molotov වාර්තා කරන්නේ පෝලන්තය අල්ලා ගැනීමේ දී සෝවියට් 737 ක් මරුමුවටත් 1,862 තුවාල ලැබූ බවත් ය. පෝලන්තය කියන්නේ රුසියන් මරණ සංඛ්‍යාව 3,000 සහ තුවාල ලත් අය 8,000-10,000 පිරිසක් කියාය. පෝලන්ත සොල්දාදුවන් 3,000-7,000 රතු හමුදා භටයන් අතින් මැරුම් කෑ අතර 230,000-450,000 සිරකරුවන් හැටියට ගන්නා ලදි.
සෝවියට් විසින් පෝලන්ත සිරකරුන් දස දහස් ගණනක් මරා දමා ඇතැයි කියනු ලැබේ.
සැප්තැම්බර් 24 වැනිදා සෝවියට් හමුදාව පෝලන්ත Grabowiec ගමේ වූ මිලිටරි ඉස්පිරිතාලයක සේවකයෝ 42 ක් සහ රෝගීන් මරා දමා ඇත. 1939 සැප්තැම්බර් 28 වැනිදා Battle of Szack අල්ලා ගත් හමුදාවේ සියල්ල මරා දමන ලදි. Katyn massacre දී පෝලන්ත මිලිටරියේ 20,000 කට අධික සංඛ්‍යාවක් මිය යන ලදි.
2009 අගෝස්තුවේ දී සෝවියට් ආක්‍රමණයේ 70 වැනි සංවත්සරයේ දී Polish Institute of National Remembrance කියා සිටින්නේ සයිබීරියාවට යවන ලද සංඛ්‍යාව 320,000 ක් සහ මරණයට පත් සංඛ්‍යාව 150,000 කියාය.
මේ අය මත්දුව්‍ය ජාවාරම් කරපු, ජනතා අයිතීන් නැති කරපු, අහිංසක මිනිස්සු මරා දමපු මැරවරයෝ නොවේ. නිදහස් රටක ජනතාවක් සහ ජනතාව තෝරා පත් කරගත් රටේ නායකයෝ.
ඊට අමතරව ලැට්වියා, ලිතුවේනියා, බෙලාරූස් යනාදී තව ගොඩක් තියෙනවා ලැයිස්තුවක් හදන්න නම්.
ආර්ථිකය දිහා විතරක් බලනවා නෙවෙයි. යුද්ධයකට පෙර මරණයට පත්වූවන් හා යුද්ධයේ දී මරණ සංඛ්‍යාව සමඟ යුද්ධයෙන් පසුව වූ මරණ සංඛ්‍යාව ද බලන්න ඕනා. වඩාත් දුෂ්ටයා ඉවත් කරන්න කාටවත් බැරිකම තියෙද්දී ඇමෙරිකාවටම තමයි කුණු අදින ජොබ් වැටෙන්නෙ. පුද්ගලික මතය ඇමෙරිකාව අනුන්ගෙ කුණු ඉවත් කරන්න අනවශ්‍ය බව.
පැනමාවේ ඇමෙරිකන් ආක්‍රමණය නිසා මිය ගිය සිවිල් වැසියන් එක්සත් ජාතීන්ට අනුව 2,500; CONADEHUPA අනුව 3,500 ඒ වැඩිම සංඛ්‍යාව. පැනමා හමුදා භටයන් 1,205 මිය ගිය අතර අල්ලා ගත් සංඛ්‍යාව 1,905 යි. පැනමාවේ මිලිටරි නායකයා රටේ නිදහස් චන්දය නැති කරපු, අවිගත්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ගෙන ගිය අය.
ඇමෙරිකාව එහි දී තම වරද පිළිගන්නවා ප්‍රසිද්ධියේ ම: “The 1988 Senate Subcommittee on Terrorism, Narcotics and International Operations concluded that “The saga of Panama’s General Manuel Antonio Noriega represents one of the most serious foreign policy failures for the United States. Throughout the 1970s and the 1980s, Noriega was able to manipulate U.S. policy toward his country, while skillfully accumulating near-absolute power in Panama. It is clear that each U.S. government agency which had a relationship with Noriega turned a blind eye to his corruption and drug dealing, even as he was emerging as a key player on behalf of the Medellín Cartel (a member of which was notorious Colombian drug lord Pablo Escobar).”
රුසියාව ඔවුන් මරා දමපු කිසිවෙක් වෙනුවෙන් හෝ ආක්‍රමණය කළ රටක් ගැන වරද පිළිගෙන ඇත් ද ප්‍රසිද්ධියේ?
එක්සත් ජාතීන් විසින් Resolution 940 මඟින් අනුමතය දුන් හයිතියේ ඇමෙරිකන් මෙහෙයුමට (1994 සැප්තැම්බර් 19 සිට 1995 මාර්තු 31) එකතු වන්නේ පෝලන්තය හා ආර්ජන්ටීනාවයි. ජනතා චන්දයෙන් තේරී පත් වූ ජනාධිපති Jean-Bertrand Aristide ඉවත් කර මිලිටරි රෙජිමයක් බලය අල්ලා නිසා සිද්ධ වූවකි. මෙහෙයුම වූයේ තේරී පත් වූ ජනාධිපතිවරයා නැවත ස්ථාපිත කිරීම ය. මෙහිදී අතරමඟ චෙක් පොයින්ට් එකක දී වෙඩි පහරක් වැදී මිය ගිය ඇමෙරිකන් ස්ටාෆ් සාජන්ට්වරයෙක් හැරෙන්නට වෙනත් මරණ හා තුවාල වාර්තා නොවේ.
ග්‍රැනඩා මෙහෙයුමේ (1983 ඔක්තෝබර් 25 සිට දෙසැම්බර් 15 දක්වා) එක පැත්තක ඇමෙරිකාවත් සමඟ ඇන්ටීගා බාර්බූඩා, බාර්බඩෝස්, ඩොමිනිකා, ජැමෙයිකා, සෙන්ට් ලුසියා, සෙන්ට් වින්සන්ට් හා ග්‍රැනඩින් දූපත් සටන් වදින්නේ කියුබාවට හා ග්‍රැනඩාවට එරෙහිව ය. ග්‍රැනඩාවේ පාලන බලය වාමාංශික මිලටරි කැරැල්ලක් මෙහෙයවා අල්ලා ගත් නිසා ය. එංගලන්තය, කැනඩාව හා එක්සත් ජාතීන් ඇමෙරිකානු මෙහෙයුමට විරෝධය පෑහ. සිවිල් වැසියන් 24 ක් මරුමුවට පත්වූහ. ඇමෙරිකන් හමුදා පැත්තේ 19 ක් මරුමුවට ද, 116 ක් තුවාල ද ලැබූහ. ග්‍රැනඩාවේ 45 ක් මරුමුවට පත් වී 358 ක් තුවාල ලැබූහ. කියුබාවේ 25 ක් මරුමුවට පත් වී 59 තුවාල ලබා, 638 දෙනෙකු සිරබාරයට ගැනිණ.
අද දවසේ ද, ඔක්තෝබර් 25 වැනිදාව ග්‍රැනඩාව ස්තූති කිරීමේ දිනය යැයි නම් කර සමරන රජයේ නිවාඩු දිනයකි.
[ඇමෙරිකාව ආක්‍රමණය කරපු නිදහසේ සිටි සමෘද්ධිමත් රටක් ඔය ලැයිස්තුවේ නැහැනෙ සුජීව.]
ඒ කියන්නේ දුප්පත් අසරණ රටවල මිනි මැරුවට අවුලක් නැහැ කියන එකද?
මා කිව්වේ “ඔබේ” සටන කල විනාශයන් ගැන. ඔබ කියන්නේ බාහිර කරුණු. අනික අයත් මෙව්වා කළා කිව්වා කියලා “ඔබේ” සටන සාධාරණ වෙයිද?
සුජීව,
මම කියා සිටින්නේ සුජීවට තවමත් වැටහී නැත්තේ මෙයයි:
ඇමෙරිකාව අධිරාජ්‍යවාදී හෝ ධනවාදය ලොව පතුරවන්නට රටවල් ආක්‍රමණය නොකළ බවත්,
ඇමෙරිකන් මෙහෙයුම් වලින් රටක මිය ගිය සංඛ්‍යාව ඒ රටේ සිටි අනිත් දුෂ්ටයෝ විසින් මරණයට පත් කරන ලද සංඛ්‍යාවන්ට වඩා ඉතා පහළ බවත්,
කොමියුනිස්ට්වාදයක් බලහත්කාරයෙන් ස්ථාපිත කළ සෝවියට් රුසියාව ලොව අවි නොගත් මහත් සංඛ්‍යාවක් ජනතාව මරා දැමු බවත්,
ඇමෙරිකාව නිසා රටක ආර්ථිකයක් කඩා වැටී දරිද්‍රතාවයෙන් වසර ගණනාවක් මිනිස්සු දුක් නොවිඳි බවත් ය.
“දුප්පත් අසරණ රටවල්” යැයි කියන්නෙ කොහොම ද? එහෙනම් ප්‍රභාකරන් සිටි උතුර ද දුප්පත් අසරණ ද්‍රවිඩ ජනතාවක් සිටි උතුරක් යැයි කියන්න පුළුවන්. උතුර දුප්පත් අසරණ ද්‍රවිඩ ජනතාවක් පීඩනය කරගෙන සිටි අවිගත් සන්නද්ධ ත්‍රස්තවාදීයෝ සිටි පළාතක් බව සලකන්න අවශ්‍යයයි. ඇමෙරිකාව ගිය ඒ සියළු රටක ම අවිගත් මැර බලයෙන් පාලනය, මත්ද්‍රව්‍ය, ජාවාරම්, චන්ද හා පක්ෂ අහෝසිය, වාරණ හා විරුද්ධ මත දරණ අය මරා දැමීම උච්ච අවස්ථාවකට පත් වෙද්දී, සෝවියට් රුසියාවත් (වියට්නාමයට රුසියාවට අමතරව රිංගා සිටි ජපනුන් හා චීනුන්) රිංගන්න යද්දී නැත්නම් රිංගා සිටිද්දී තමයි ඇමෙරිකාව ඇතුල් වෙන්නෙ.
ඇමෙරිකාව කැරලිකාර තත්වයක ඇති රටකට යන්නේ දුෂ්ටයා ඉවත් කරලා රටට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් ලබාදෙන්න. ඇමෙරිකාව ඒ කිසිම රටක් යටත් විජිතයක් කර නොගත්ත බව තාමත් සුජීව පිළිගන්නෙ නැහැ. සෝවියට් කොමියුනිස්ට්වාදී පාලනය එස්ටෝනියාවේ වසර 51 ක් බලහත්කාරයෙන් ස්ථාපිත කිරීම සහ ඔවුන්ගෙ සම්පත් සූරා කෑම වරදක් විදියට දකින්නෙ නැහැ. ඔයා ඉන්න පළාතකට ඇවිත් බලවත් වූ අවි ඇත්තෙක් ඔයාගේ ඉඩ කඩම් සියල්ල දැන් මට අයිතියි කියලා කිව්වොත් ඔබ කැමැති වෙනවා ද?
ඇමෙරිකාව ගිය රටවල් සියල්ලේ ඇමෙරිකන් මෙහෙයුම් නිසා මරණයට පත් සංඛ්‍යාවන් හා සෝවියට් නැගෙනහිර යුරෝපයේ අවි නොගත්, කැරලි නොතිබූ රටවල් ආක්‍රමණ නිසා මරණයට පත් සංඛ්‍යාවන් සසඳා බැලුවා ද?
ඇමෙරිකාව ගිය රටවල් ආර්ථිකයෙන් තිබුණාට වඩා පහළට බැස්සේ නැහැ ඇමෙරිකාව ගිය නිසා පමණකින්. සෝවියට් කොමියුනිස්ට්වාදය නිසා ඒ රටවල් වල හොඳට තිබිච්ච ආර්ථික කඩා වැටීම හා කොමියුනිස්ට් ක්‍රමය වෙනස් වන තුරු, සමහර අයගේ මුළු ජීවිතය පුරා ම, දුප්පත්කමින් ජීවත් වන්නට සිද්ධ වීම වරදක් විදියට නොදකින්නේ ඇයි?
ඔසාමා ඉවත් කිරීමට ඇමෙරිකාවට හොඳ කියන අය ඒ රටවල් වල සිටි දුෂ්ටයන් ඉවත් කිරීමේ හොඳ දකින්නේ නැත්තේ ඔසාමා මුස්ලිම් නිසා ද? කොමියුනිස්ට්කාරයා මුස්ලිම් නොවන නිසා කොමියුනිස්ට් අය කරන දුෂ්ටකම් කමක් නැද්ද?
කොමියුනිස්ට්වාදය යන අවියෙන් එස්ටෝනියාවේ, පෝලන්තයේ, බෙලාරූස්, ලිතුවේනියාවේ අසරණ රටවල මිනී මැරුවට අවුලක් නැහැ කියන එක ද?
එතකොට ක්ලෙමන්ට් පීරිස් කියන කතාව හරි. ක්‍රිස්තියානි දෙවියන්ගේ නාමයෙන්, මුස්ලිම් දෙවියන්ගේ නාමයෙන්, කොමියුනිස්ට්වාදයේ නාමයෙන් මිනී මරණ සටන්වල වල ඉන්නෙ වීරයෝ. තමන් කැමති ආර්ථිකය තෝරා ගන්නට ඇති නිදහස හා තමන් කැමති පාලකයා තෝරා ගන්නට ඇති නිදහස නාමයෙන් ඒවා අහිමි කරන්නට පැමිණි හතුරකු ඉන්නා විටක දී මිනී මරණ සටන් වැරදියි. ඒවා කරන්නෙ අපරාධකාරයෝ.
තමන්ගේ මතවාදයක් අනුන් මත බලහත්කාරයෙන් පටවන්න මිනි මරණ හැම එකාම දුෂ්ටයෙක් කියා මා කියන්නේ. ක්ලෙමන්ට් කියන වීරයින් රොත්තයි සෝවියට් කාරයොයි ඇමරිකාවයි ඔක්කොම.
වියට්නාමයේ රිංගා ගත් ජපනුන් හා චීනුන් උන්නා කියන්න මට සාධක දෙන්න. මා දන්නා තරමින් ඇමරිකාව වියට්නාමයට යන්නේ එහි උන් ඒකාධිපතියා බේර ගන්න.
ඉරාකය තුල මතුවූ මිනීමරු ඒකාධිපතියා ගෙ මුල් අවදියේ අමරිකාවැ ඔහුට සහය දුන්නේ නැද්ද? පිනෝචේ හැදුවේ කවුද? පැනමාවේ ඔමාර් ටොරිජෝ මරා දැමීමට ඇඟිල්ල දිගුවන්නේ ඇමරිකාවට. ඉන් පස්සේ එහි නොරිගා හදා ගත්තේ කවුද? මුන් ව හදන්නත් මිනි මරනවා. පවත්වා ගන්න උන් මිනි මරනවා, ඉවත් කරන්නත් මිනි මරනවා. ඕක ද මහා ලොකු නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සටන.
ඇමරිකාව නිදහස් මතධාරීන්ට සහය දෙනවා නම් සහය දිය යුත්තේ ඒ රටවල අයට කැමති ලෙසට පාලනය කර ගන්න. ප්‍රජාතන්ත්‍රවාදී රජයන් පෙරලන්න නොවේ [චිලි 1973]. ප්‍රජාතාන්ත්‍රික නායකයින් මරන්න නොවේ [ඉක්වදෝරය 1981 සැක කිරීමක් පමණි]. එහෙත් ඇමරිකන් මැදිහත්වීම් නිසා බිහිවන්නේ ඒකාධිපතියන් නේද [පිනෝචේ, සදාම්, මුබාරක්, අරාබි රජවරු, තවත් ඉන්නවා]? ඉවත් කරන්න ඕන තරම් කල් තිබියදී ඇමරිකාව කරන්නේ ඉන්න ඒකාධිපතියන් පෝෂණය කිරීම. පස්සේදී ඔවුන් පහර දෙන්නේ තමන්ට පිටුපා යන ඒකාධිපතියන්ට පමණයි.
සෝවියට් කාරයින් මිනි මැරීම ආර්ථිකයන් වැනසීම ගැන ඔබත් සමග එකඟයි අරුණි. ඕකයි මා සමාජවාදී පර්යේෂණයට දුටු තැන පහර දෙන්නේ. ඒත් ඇමරිකාව රටින් පිටත පවත්වා ගෙන යන ක්‍රියා අනුමත කරන්න මට ඒ සාධකය යොදා ගන්න බැහැ. ඇයි ඇමරිකාවට පැත්තකට වෙලා ඉන්න බැරි. අවශ්‍ය නම් තමාට හිංසා කල හතුරෙකුට පහර දෙන එක [ඔසාමා වගේ] ගැටලුවක් නොවේ.
ඇමරිකාව රටක හැටියට නිදහස් මතවාද වලට විද්‍යා හා තාක්ෂණ දියුණුවට තෝතැන්නක්. එහි ගෞරවය ඔවුන්ට හිමි විය යුතුයි. එමෙන්ම ඕනෑම මිනිහෙකුට අසීමිත ලෙස අවස්ථා සපයා දෙන තැනක්. මනුස්සයෙකුට හැදෙනවා නම් ඇමරිකාව නියම තැන. අද ලෝකේ පවතින ශිෂ්ටාචාරයේ පිනකල් එක ඇමරිකාව. කොටින්ම මා ඇමරිකාවේ හහුරෙකු නොවේ.
හැබැයි ඔය රට ඇතුලේ. එළියේ නම් ඔවුන් ස්ටාලින්, හිට්ලර්, වගේ තවත් ඒකාධිපතියන් පිරිසක්. තම මතයට අනුගත නොවන්නන් දැඩි මර්දනයට ලක් කරන, රාජ්‍ය නායකයින් ඝාතනය කරන, රටවල් වලට බලෙන් [එජාස අනු දැනුම වත් ඕනේ නැහැ ඔවුන්ට] ඇතුළු වී සාමාන්‍ය මිනිසුන් මරා දමන රටක්. ඔය ක්‍රියා කාරකම් ඔබ කොහොමද සාධාරණය කරන්නේ? කොටින්ම පිනොචේලා සදාමලා හදන්නේ නැතුව, සදාම්ලා මරන්න ලක්ෂ ගණන ජිවිත බිලි නොගෙන, බින ලාඩන් ලා හදා ගන්නේ නැතුව ඇමරිකාවට පුළුවන් නේද රට තුල ඔවුන් මවන සුරපුරය හදා ගන්න. [මා දන්නවා අරුණි මත් මේ මතය දරන බව - මැදිහත්වීම් ගැන. ඇයි ඔබ එක මෙතැනදී යටපත් කරන්නේ. මේ පෝස්ටයේ හෙඩිම හින්දද?]
[[ඇමෙරිකාව ඒ කිසිම රටක් යටත් විජිතයක් කර නොගත්ත බව තාමත් සුජීව පිළිගන්නෙ නැහැ]]
බොහෝ දුරට ඔව්. හයිටිය [34-56] විශේෂ අවස්තාවක් හැටියට හිතුවොත්.
[[ඔසාමා ඉවත් කිරීමට ඇමෙරිකාවට හොඳ කියන අය ඒ රටවල් වල සිටි දුෂ්ටයන් ඉවත් කිරීමේ හොඳ දකින්නේ නැත්තේ ඔසාමා මුස්ලිම් නිසා ද? කොමියුනිස්ට්කාරයා මුස්ලිම් නොවන නිසා කොමියුනිස්ට් අය කරන දුෂ්ටකම් කමක් නැද්ද? ]]
එක්කෝ ඔබ ඇමරිකා සටන පිළිගන්න, නැත්නම් ඔබ කොමියුනිස්ට් අන්තවාදියෙක් කියා කියන්නේ argumentum ad ignorantiam ලියු අරුණි ශපිරෝ ම ද?
සුජීව,
//වියට්නාමයේ රිංගා ගත් ජපනුන් හා චීනුන් උන්නා කියන්න මට සාධක දෙන්න. මා දන්නා තරමින් ඇමරිකාව වියට්නාමයට යන්නේ එහි උන් ඒකාධිපතියා බේර ගන්න.//
පළමු ඉන්දු චීන යුද්ධය, Vietnam Expedition, Japanese coup of March 1945, චීන වියට්නාම් යුද්ධය යනාදිය කියවන්න.
අද වියට්නාමය යැයි සැලකෙන රටේ පළමු ඉන්දු චීන යුද්ධය (1946-1954) දක්වා සිදුවෙයි.
එක පැත්තක ඉන්නේ: ප්‍රංශය (1945-1954), ප්‍රංශ ඉන්දු චීනය (1946-1953), වියට්නාමය (1949-1954) කාම්බෝජය (1953-1954), ලාඕස් (1949-1954). ප්‍රංශයට මුදල් ආධාර දෙන්නේ ඇමෙරිකාවයි (1950-1954).
අනික් පැත්තේ ඉන්නේ: ප්‍රජාතන්ත්රාවාදී වියට්නාම් ජනරජය, පැතට් ලාඕ කොමියුනිස්ට් ව්‍යාපාරය, Khmer Issarak. ආධාර දෙන්නේ: චීන සමූහාණ්ඩුව සහ සෝවියට් රුසියාව
ප්‍රංශ ඉන්දු චීන ආක්‍රමණය (1940) ජපානය වියට්නාමය ආක්‍රමණය කරයි. දෙවන ලෝක යුද්ධය අවසන් වනතුරු ජපන් හමුදා භූමි බලය හැරදා නොයති.
දෙවැනි ඉන්දු චීන යුද්ධය නොහොත් වියට්නාම් යුද්ධය (1955-1975)
එක පැත්තක: දකුණු වියට්නාමය, ඇමෙරිකාව, දකුණු කොරියාව, ඔස්ට්රේොලියාව, පිලිපීනය, නවසීලන්තය, තායිලන්තය, කේමර් ජනරජය, ලාඕස් රාජාණ්ඩුව, චීන ජනරජය
අනිත් පැත්තේ: උතුරු වියට්නාමය, වියට් කොන් නම් කොමියුනිස්ට් සන්නද්ධ භටයෝ, කේමර් රූජ්, පාතෙට් ලාඕ කොමියුනිස්ට් ව්යාේපාරය, චීන සමූහාණ්ඩුව, සෝවියට් රුසියාව, උතුරු කොරියාව
චීන වියට්නාම් යුද්ධය (1979) චීනය හා වියට්නාමය අතර වූවකි.
Nevil Shute ලියූ A Town Like Alice (1950) මලයාවේ දී ජපන් භටයන් සිරකරුවන්ට දීපු වදහිංසා ගැන සඳහන් කරන චාල්ස් ඩිකන්ස්ගේ ‘දෙනුවර අන්දරය’ වැනි කාලීන සමාජීය පසුබිමකින් දිග ඇරෙන ආදර කතන්දරයකි. චිත්‍රපටියක් ද ඇත.
Vietnam By Nick Ray, Peter Dragicevich, Regis St. Louis
In 1941 Ho formed the League for the Independence of Vietnam, much better known as the Viet Minh, which resisted the Japanese and carried out extensive political activities during WWII. Despite its nationalist program, the Viet Minh was, from its inception, dominated by Ho’s communists. But Ho was pragmatic, patriotic and populist and understood the need for national unity.
WWII BREAKS OUT
When France fell to Nazi Germany in 1940, the Indochinese government of Vichy France collaborators acquiesced to the presence of Japanese troops in Vietnam. For their own convenience the Japanese left the French administration in charge of the day-to-day running of the country. For a time, Vietnam was spared the ravages of the Japanese occupation and things continued much as normal. However, as WWII drew to a close, Japanese rice acquisitions, in combination with floods and breaches in the dikes, caused a horrific famine in which two million of North Vietnam’s 10 million people starved to death. The only forces to opposed both the French and Japanese presence in Vietnam were the Viet Minh and Ho Chi Minh received assistance from the US government during this period. (page 32, 33)
ලංකාවේ ’71 කැරැල්ල රටේ වූ වැඩි ජනතාව කොමියුනිස්ට්වාදය ඉල්ලා සිටියක් ද? නැත්නම් අවිගත් සුළු පිරිසක් විසින් රටට කොමියුනිස්ට්වාදයක් ස්ථාපිත කරන්නට බලහත්කාරයෙන් ගත් උත්සාහයක් ද? එය සසඳන්න වියට්නාමයේ වූ වැසියන් කොමියුනිස්ට්වාදය ඉල්ලා සිටියා ද යන්න සමඟ.
රුසියාව හා හිට්ලර් නසන්නට එක් වෙන්නේත්, රුසියාව හා ඔසාමා නසන්නට එක් වෙන්නේත් ධනවාදය ස්ථාපිතයට නොව වැඩි දුෂ්ටයා නැසීමට ය.
රුසියාව 1990 ගණන්වල දී කඩා හැලෙද්දී ඇමෙරිකාවට හිනා වෙවී බලා සිටින්නට තිබුණ. කොමියුනිස්ට්වාදය නිසා රුසියාවේ පැවැත්ම හදිසියේ නැවතෙත් දී ඇයි ඇමෙරිකාව රුසියාවේ නැඟ ඒමට බිලියන ගණනින් මුදල් ආධාර දුන්නෙ? 1992 දී $ මිලියන 80.4; 1993 දී $ මිලියන 234; 1994 දී $ බිලියන 1.27 ක්; ඇමෙරිකාව දෙන්නෙ කාගේ සල්ලි ද? මගේ සල්ලි!!!!
2010 රුසියාවේ USAID/Russia ලබන ආධාර: සාමය හා ආරක්ෂාවට $7,300,000 සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා $30,280,000, ජනතා ආයෝජනය $22,810,000, ආර්ථක වර්ධනයට $3,800,000.
ධනවාදී ක්‍රමය නිසා රටක් දියුණු කරත හැකි යැයි 1776 දී කියූ ඇමෙරිකාව අද ලෝකයේ ද ධනවත්ම රටයි. කොමියුනිස්ට්වාදයෙන් රටක් දියුණු කරත හැකි යැයි කියූ කොමියුනිස්ට් රටවල් සියල්ල අද ඒ ක්‍රමයෙන් බංකොළොත් වී ධනවාදයට පිවිසෙති. ධනවාදී ඇමෙරිකාව ඒ එන අයට ආධාර දී, වෙළඳ ගණුදෙනු කරමින්, තමන් හා තරඟ කරන්නට නැඟිටින්න ඉඩදෙයි. ඇමෙරිකාවට කොතරම් ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසයක් ඇත්දැයි සිතා බලන්න.
Ashoka,
“අපි” යනුවෙන් මම සටහනේ අදහස් කළේ ප්‍රජාතන්තවාදී ආණ්ඩු ක්‍රමය අගයන, ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇති සියළු රටවල්.
ඇමෙරිකානු යුද්ධයක් නොවන පෙලපනීසියානු යුද්ධය වූ පුරාණ ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ ද තිබුනේ ප්‍රජාතන්තවාදී ආණ්ඩු ක්‍රමයක් සහ ධනවාදී ආර්ථික ක්‍රමයක්.
මම ලියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ධනවාදී ආර්ථික ක්‍රමයකින් දියුණුවක් ලබන්නට කැමති සිංහල කියවන ඕනෑම පුද්ගලයෙක් සඳහා.
“ඥානය සොයා යෑමට ඇති නිදහස හා ඉඩකඩ නිසා, සුව පහසු දිවියක් ගෙවන්නට හැකියාව තමනට ඇති බව හඳුනා ගැනීම නිසා, ඒවා ලැබෙන්නා වූ මෙම ක්‍රමයට වඩවා ගන්නා ආදරය නිසා ඇතැන්ස් නිදහස රැක ගන්නට සහ ඇතැන්ස් ජීවන රටාව රැක ගැනීමට සියළු කැපවීම් කරන්නට හැකියාව පුද්ගලයාට ඇතැයි පෙරික්ලීස් පෙන්වා දුන්නේය.”
මේක එවැනි වෑයමක්.
“අපේ ආණ්ඩු ක්‍රමය අපි අපේ අසල්වැසියන්ගේ ආණ්ඩු ක්‍රමයෙන් කොපි කරන්නේ නැත. වෙන කවුරුත් අනුකරණයට නොයන අපි අපේ ක්‍රමය ගෙන යන්නේ ඔවුන්ට ද ආදර්ශයක් වන සේ ය.”
එනම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය සහ ධනවාදී ආර්ථික ක්‍රමය. ඒක තියෙන්නෙ ලෝකයේ ඇමෙරිකාවේ විතරක් නෙමෙයි. “අපේ” කියන්නේ එවැනි ක්‍රම තියන සියළු රටවල්.
රුසියවත් අද ප්‍රජාතන්ත්‍රවාදී හා ධනවාදී වෙන්න උත්සාහයක. නැගෙනහිර යුරෝපයෙන් ඒසටෝනියාව, පෝලන්තය වැනි රටවල් ද අනුගමනය කරන්නේ ‘අපේ’ ක්‍රමයයි.
ඒ නිසාම තමයි, මම කියුබාවේ ඇති වන්නට යන වෙනස ගැන ප්‍රීතිවෙන්නේ.
අවසානයේ දී, අශොක්, සිංහලෙන් ලියන හැකියාව ගැන කළ ප්‍රශංසාවට ස්තූතියි. භාෂාවක් හැටියට ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ දක්වා පමණක් වූ නිසා වුවත්, රටක් ආණ්ඩු කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මෙන් ම, ධනවාදී ආර්ථික ක්‍රමයට මෙන් ම, සිංහල භාෂාවටත් තවමත් ආදරෙයි!!! එය රැක ගන්න කවුරුන් හෝ සටනක් දියත් කරන්නේ නම් මම එහි ද සටන් වදින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට හා ධනවාදී ආර්ථික ක්‍රමය ආරක්ෂා කර ගැනීමට තිබෙනා හා සමාන වූ දැඩි ළැදියාව පෙරටු කරගෙනයි.
Aruni, I appreciate your efforts of consoling ‘us’. Read your article again with all the comments you have written and it will be all too obvious exactly who the ‘us’ are.
Anyway, there are no hard feelings really. You speak for your country and we speak for ours, no big deal! I still enjoy your writing…
However, with that long reply u made for Sujeewa’s comment, you actually proved what he was claiming!
After that long, hopelessly one sided (open to one side, totally blinded to all other sides) comment, I wonder there can be any hope of having a productive argument with you about America. Seems like that’s a kind of a soft spot for you which always blind you to reality!
You asked for naming countries who suffered at the hands of Americans, I doubt whether this will help since you have already decided which side you are in and will somehow find a way to justify your one sided views. If you are in a balanced/open mind, you would have already find this list yourself. Anyway, here goes….
Do you know what Agent Orange is Aruni ? read here. read all please!
Do you know how many kids and innocent people died in Iraq since US invaded them. (every body knows why USA invaded Iraq, to control oil! this was openly acknowledged even by Alan Greenspan) ? America who is so respecting other countries should have let Iraq keep it’s oil with them isn’t it ? Bush famously declared those days that US is after WMD Iraq was allegedly possessing. How many have US uncovered to date ? besides US were looking the other way when Saddam waging a ruthless war against Iran.
Why US is crying for Libya but not for Bahrain ?
Remember, all these are related, capitalism need growing consumption, for that it needs endless unlimited fuel supplies…. America already knows whole world population can not live American dream of high consumption because the world eco system will collapse if that happens.
How many times US have got caught red handed trying to assassinate popular Cuban leader Fidel Castro ? If the Cuban people preferred to have their own economical/political system. US could have leave them alone isn’t it ? Can you really argue such acts as moral ones ?
OK here’s a little sanity test : if you really believe you are capable of admitting an atrocity US has committed. (I don’t think you can) type this 10 times.
“I admit it was wrong for USA to use chemical weapons (Agent Orange) on Vietnam civilians”
“I admit it was wrong to lie to the world about IRAQ WMD and invade that country” (resulting a huge loss of innocent lives for the regime change and oil USA wanted to cotrol – but you don’t have to type this, only above 2 quoted lines. see I’m making it really easy for you.)
If you can not even admit those 2 above, then you know yourself that you really have a problem in your thinking in that (American) particular department at least.
come on, give it a try!
hmmmm.
Aruni left me with no option but to repeat the same list
.
“Helping” your neighbour lady does not mean that you go and kill her occassionally drunk hubby, spank their kids, eat all their pets and take home some valuables. Also get the poor bewildered woman of that house to bring all their coconuts to your house monthly and let your kids play in her garden as they wish.
But as a result of this “humanitarian operation” you have made the woman clean the garden and regularly maintain her coconut trees for the simple need that she has to facilitate you. And that is “development”.
සුජීව,
//eat all their pets and take home some valuables// and //coconuts to your house monthly and let your kids play in her garden// seriously????
Ashoka,
//USA invaded Iraq, to control oil//
2009 දෙසැම්බරයේ ඉරාක තෙල් වෙන්දේසියේ දී රුසියාව තමයි වඩාත් ම විසාල හා දිගු කාලීන තෙල් ගිවිසුම් ලබන්නේ. ඊ ළඟට යුරෝපීයයන් විසින්. තතු හරි හැටියට නොසොයා අනුන් කියනා දේ හැමට පැහැදිලි සත්‍යයක් සේ කියන්නට යාම කියවන්නාගේ ඥානයට නිගාවකි.
Ashoka,
I sincerely admit it was an atrocious cruelty to use Agent Orange on innocent Vietnamese. Furthermore, I would urge US to pay compensation to those who are survivors and to the country itself. I was against US going to Iraq before they left US soil. My Congress representative, John Duncan Jr. was also one of the very few people who opposed it and voted no. However, US does not control Iraq and US did not change the regime for oil.
අන්න එහෙම එන්න. ඔහොම ය0!
Ashoka,
දැන් ඔයාගෙ වාරය.
වියට්නාමයේ යුද්ධ පටන් ගැනීමට Imperial ජපානයත් චීන සමූහාණ්ඩුවත් සහ සෝවියට් රුසියාවත් සහාය දුන් බව පිළිගනිමි.
ඉරාකයට ඇමෙරිකාව ගැහැව්වේ තෙල් නිසා නොවන බව පිළිගනිමි.
This is exactly what we shud be. Not being puppets of other powers that we represent [or that represent us]. It shud have been 100 times better if this post was named “ඇමරිකාව සටන් වදින්නේ ඇයි?” [doesn't mean that it makes the facts right]
Aruni Shapiro shud not pay for the crimes of few megalomaniac politicians and greedy business ppl.
I see your bias to capitalism and liberalism. Many find bias points in arguments and that is fine. But theory, ideology and ground truth are different. You don’t have to justify every American action in the name of that ideology.
I know that your blog is often battered by singled-eyed socialists. I have commented a lot against their “ideocracy”. But that does not mean you have to do the same thing for a diff ideology.
Ashoka,
වියට්නාම් යුද්ධ හා ඇෆගනිස්ථාන් යුද්ධ ගැන අහද්දී වැඩියෙන් අහන්නෙ ඇමෙරිකන්කාරයෝ එකතු වෙන තැන ඉඳලා. ඊට කළින් වෙච්ච හරිය බොහෝ විට කවුරුත් කතාබහ කරන්නෙ නැහැ.
වියට්නාමයට ඇමෙරිකාව යන්න කලින් ජපනුන් මිලියන 30 ක පිලිපීන, මැලේ, වියට්නාම, කාම්බෝජ, ඉන්දුනීසියානු හා බර්මාවේ ජාතිකයෝ (එයින් මිලියන 23 ක් චීන්නු) මරා දමා තියෙනවා.
වියට්නාමය, චීනය, කාම්බෝජය හා ලාඕසය එකතුවන දෙවැනි ඉන්දු-චීන යුද්ධය 1960-75 දක්වා පැවතෙද්දී මිය ගිය සංඛ්‍යාව 4,200,000 ලෙස දැක්වෙනවා.
වියට්නාම් යුද්ධයෙන් (ඇමෙරිකාව එකතු වුනාට පස්සෙ) මිය යන සංඛ්‍යාව 1,700,000 ක් පමණ ඉහළ මුළු සංඛ්‍යාවෙන්. ඇමෙරිකන් හමුදා භටයන් 58,135 ක් මැරුණ.
වියට්නාමයේ 1945-56 අතර කාලයේ පැවති යුද්ධයෙන් 415,000 ක් මිය ගියා.
වියට්නාමයේ 1957-75 අතර කාලයේ පැවති යුද්ධයෙන් 216,000 ක් මිය ගියා. (මේ ඇමෙරිකාව එකතු වුනාට පස්සෙ.)
ඇමෙරිකාව අනාගත්තෙ නැහැයි කියන්නෙ නැහැ. ඒත් දත්ත දිහා බැලුවම තනිකරම යුද්ධයේ මරණ සංඛ්‍යාව ඇමෙරිකාව පිටින් දාන්නත් බැහැ.
කාම්බෝජයේ 1975-1978 කාලය තුල දී පොල් පොට් පාලනය නිසා වූ මරණ 1,650,000 ක්.
මොසැම්බික් හි 1975-1992 කාලය තුල දී ගැටුම් නිසා වූ මරණ සංඛ්‍යාව 800,000 ක්.
කොන්ගෝවේ 1998 දී මිය ගිය සංඛ්‍යාව 3,800,000 ක්.
සූඩානයේ 1983-2005 මිය ගිය සංඛ්‍යාව 1,900,000 ක්.
ඊ ළඟට 1979-2001 දක්වා සෝවියට් රුසියාව, මුහජඩීන්, ඇෆගනිස්තාන් රජය හා ටැලිබාන් සටන් වලින් මිය ගිය සංඛ්‍යාව 1,800,000 ක්. (ඇමෙරිකාව රහසින් ටැලිබාන් සටන්කාමීන්ට ආයුධ සැපයූවා). ඇමෙරිකන්කාරයෝ 2001 දී ඇෆගනිස්තානයට ගිහින් 2005 දක්වා සටන් වැදීමෙන් මිය ගිය සංඛ්‍යාව 9,500 ක්.
සදාම් හුසේන් විසින් මරණය කැඳවන ලද තම ඉරාක රටවැසි සංඛ්‍යාව මිලියනයකට අධික යි. අන්ෆල් සටනේ දී පමණක් සදාම් කුර්දි ඉරාකි 100,000 ක් මරා දමා තියෙනවා.
ඉරාකයට 2003 දී ගිය ඇමෙරිකානු හමුදා නිසා මරණයට පත් සංඛ්‍යාව 150,000 ක්.
එක ජීවිතයක වටිනාකම මැනිය නොහැකි යන මතයක සිටින මා මෙම දත්ත වලින් කවුරු වැඩියෙන් මරලා ද නැද්ද යන්න පෙන්වනවාට වඩා කියන්නට කැමැත්තේ අපගේ දැනුමේ අඩුපාඩු ඇති බව පෙන්වීමට යි.
අනිත් ඔක්කොම හරි නරකයි. ඒත් අරුණි ඇමරිකාවත් නරකයි. ලිබරල් ප්‍රජාතාන්ත්‍රික චින්තනයේ නාමයෙන් මෙම “විනාශයන්” සාධාරණ කරන්න බැහැ.
“ඔබ” සටන් වදින්නේ මේ ලේ පැල්ලම් මතයි. ඒ ලේ පැල්ලම් වෙනකෙකු “ඔබ” මත පටවන ලද යුද්ධයක නොවලක්වියහැකි ලේ පැල්ලම් නොවේ [මා නැවතත් ඇෆ්ගන්, ජපාන, ජර්මන් ලේ මේ ලිස්ට් එකෙන් ගලවන්නේ මේ පදනම උඩ]. “ඔබ” විසින් සිය කැමැත්තෙන්, මතවාදී හා මතවාදී නොවන [වාණිජමය] හේතු මත බලහත්කාරකම් කරන්නට ගොස් ගාගත් ලේ. ඒවා අසාධාරණයි අමානුශිකයි.
මෙහි “ඔබ” ඔබ නොවන බවත්, ඔබ විසින් “ඔබ” බලෙන් ඔබේ කරේ තබාගෙන සිටින බවත් කිව යුතු වෙනවා.
ලිපිය සහ සියලු කොමෙන්ට් කියවීමි. කෙනෙක්ට තමන් සිරවී සිටින අයිඩියොලොජිය අයිඩියොලොජියක් බව තමන්ටම තේරුම් ගැනීමේ හැකියාවක් මිනිසුන්ට නැත. මෙය අයිඩියොලොජියක ස්ව්භාවයයි.මිනිස් මනසේ ස්ව්භාවයයි.සිතන පතන සියලුම දෙනා භාශාව නම් දැලේ යම්කිසි අයිඩියොලොජියක පැටලී සිටී.මේ දැලෙන් පිටත කිසිවකු නැත. හැමවිටම අපිට මේ දැන් තමන් සිරවී සිටින අයිඩියොලොජිය සත්‍යයක් ලෙස සිතේ.අයිඩියොලොජියකින් තවත් අයිඩියොලොජියකට මාරු වීම සිදුවන තෙක් තමන් කලින් සිරවී සිටි අයිඩියොලොජිය පරම සත්‍යයකි. අපි අයිඩියොලොජියකට බැදෙන්නේ හේතුව(reason) නිසා නොව ආශාව/අහේතුව නිසාය. අරුනිගේ මනසේ මේ මොහොතේ ආශාව අමෙරිකාව හා ධනවාදයයි. හේතු ඉදිරිපත් කිරීමෙන් කෙනෙකු ගේ ආශාව / අහේතුව වෙනස් කල නොහැක
[[වියට්නාමය]]
1959 සිට උතුරු දකුණු වියට්නාමයන් අතර ඇවිල ගිය යුද්ධයේ ඇමරිකන් උත්සාහය වුයේ දකුණේ ඒකාධිපතිය රැක ගැනීමයි. එය අසාර්ථක වූ විට ඔවුන් පහර දුන්නේ වියට්නාමයේ මිනිසුන් සියල්ලන්ම සුන්නද්දුලි වුනත් කමක් නැති ආකාරයටයි. අපේ අන නොතකන එවුන්ට දෙන්නේ මේ දඬුවමයි කියන මෘග ඒකාධිපති ක්‍රමයට. 1940+ කාලෙ එහි රිංග ගත්ත ජපනුන්ට මෙම 1970+ කාලෙ ප්‍රහාර වල තත්කාලීන සම්බන්ධයක් නැහැ.
සමහර කරුණු ගැන ඔබ හා එකගයි.
- ඇමරිකාවට ඕනෑකමක් තිබ්බේ නැහැ වියට්නාමය ඈඳා ගන්න. භූ ගෝලීය වශයෙන් මත් එය විහිළුවක් නෙ.
- ඇමරිකාව ගියේ එක්සත් ජාතින් දෙකට බෙදපු වියට්නාමය එකතු වීම වලක්වන්න නොහොත් බලෙන් පොලිස් පාට් දාන්න.
- වියට් මින් කියන්නේ ජනතා තේරීමක් ම නොවේ. අදටත් දකුණ එතරම් කැමති නැහැ ඔවුන්ට.
මෙතැනදී තමයි තර්කයේ අනික පැත්ත යට යන්නේ. එතකොට ඇමරිකාව යුද්ධ කලේ මේ අහිංසක වියට්නාම් කාරයින් වෙනුවෙන්ද? ඒජන්ට් ඔරේන්ජ් ගැන ඔබ කනගාටුව පල කළා වගේම දකින්න ඕනේ නැද්ද ඒජන්ට් ඔරේන්ජ් පිටි පස්සේ තියෙන කතාව. ඒවා ගැහුවේ මොන පදනමින්ද? මේ වගේ විනාශයන් කරන්නේ ඒ රටේ ඉන්න මිනිසුන් වෙනුවෙන් ද?
මා දකින විදිහට ඇමරිකාවට රටේ ඉන්න එවුන් ගැන තඹ දොයිත්තක මායිමක් නැහැ. අවශ්‍ය සිය බලය පවත්වා ගන්න. ඒකයි හේතුව ඒජන්ට් ඔරේන්ජ් ගහන්න. ගම් පිටින් සුන්නද්දුලි කර දාන්න. ඇමරිකන් නරුම කම සංකේත කරන ට්‍රේඩ් මාක් පින්තුරයක් වන නිරුවතින් දිවයන පිළිස්සුනු පොඩි කෙල්ලගේ පින්තුරය මුළු ලෝකෙම හිත් වල මුද්‍රා තියන්න සමත් වුනේ මේකයි.
අද ඉරාකයේ වෙන්නෙත් වැඩිපුර වෙනස් දෙයක් නොවේ.
[[අරමුණ]]
රෝමන් කාරයා එ කාලේ ඇඩ්මිනිස්ට්‍රෙට් කරන්න දස්සයා. ඔහුට ඕනා වුනේ එ හැකියාවෙන් යුතු “ශිෂ්ටාචාරය” හැමෝටම බෙදා දෙන්න. ප්‍රතිපලය වුනේ යුරෝපය වෙලා ගත් මහා ලේ වැගිරීමක් පමණයි. බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීයයන් අපේ රටවල් අල්ල ගත්තෙත් ශිෂ්ටාචාරය දෙන්න. හැබැයි ඒක ලංකාවේ ලේ වලින් ලියවිලා තියෙනවා. නැපෝලියන් කියන්නේ වැඩවසම් ක්‍රමයට වඩා ජාතික රාජ්‍ය නගා හිටවපු පොරක්. හැබැයි මිනිහට ඇම්මක් ආවා මුළු යුරෝපෙට මේ තෙල බෙදන්න. ප්‍රතිපලය ලේ වැගිරීමක් පමණයි. ජපනා 1930 ගණන් වල හිතුවේ ආසියාවේ ශිෂ්ටාචාරය පවත්වා ගන්න යුතුකම ඔවුන් සතු බවයි. මන්චුරියාව ආක්‍රමණය කරන්නේ අශිෂ්ට චීනුන් දමනය කරන්න කියලයි.
මේ කවුරුත් එන්නේ ඔහොම ලොකු කතා කියාගෙන. කතාව අමුලික බොරුත් නොවේ. රෝමන් කාරයා ඉංග්‍රීසි කාරයා නැපෝලියන් කල දේවල් තියෙනවා. ඒත් එ වෙනුවෙන් මිය ගිය ජිවිත වලට එය සාධාරණද? අනික ඔවුන්ගේ අවංක අරමුඉන ඔය කියන එකමද? ස්ථිරවම නැහැ.
අරුණි “ඔබේ සටන” ගැනත් මට කියන්න තියෙන්නේ ඕකමයි.
[[ධනවාදය]]
මා ධනවාදියෙකු නොවේ. ලිබරල් වාදියෙකුද නොචේ. එපමණක් නිසාවෙන් සමාජ වාදියෙකු ද නොවේ. ඔය කොයි ධර්මයත් එකතු කොට හොඳ පාලනයක් හදිය යුතුයි කියා හිතන්නෙක්. මා විතරක් නොවේ එහෙම කියන්නේ. බලන්න නව්‍ය දේශපාලන ක්‍රම ගැන. ඇතැම් යුරෝපිය රටවල්, බ්‍රසීලය, තරමක් දුරට අද ඇමරිකාව. සිතල යුද්ධේ කාලේ අන්තවල හිටි මේ රටවල් පසුව මැදට එනවා. ග්‍රීන් පක්ෂ වල නැගිටීමත් එක හේතුවක්.අඩුම තරමේ යුරෝපයෙවත් මේ “මැදට ඒම” වෙන බවයි මගේ මතය.
ලාභය කියන ක්‍රමයේ වාසිය ගත්තට අපි ධනවාදය අදහන්න ඕනේ නැහැ. වල්බුරු ධනවාදයෙන් තුන්වෙනි ලෝකේ රටක චප්ප වෙලා යන්න පුළුවන්. මධ්‍යයෙන් දෙගියුලේට් විය යුතුමයි.
[[එකම තර්ක]]
අප දෙදෙනා ගේ ම තර්ක වල ඇති පදනම පිලිබඳ නොවෙයි ප්‍රශ්න කරන්නේ. මේක පර්සේප්ෂන් ප්‍රශ්නයක්. දෙන්නම පිලිගන්නවා මිනිස් ඝාතන ගැන. ඒත් එ ගැන දරන පර්සේප්ෂන් දෙකක්. මට තේරුම ගන්නවත් බැහැ ඔබ අදහන මතවාදයක් වෙනුවෙන් ලක්ෂ ගණන මිනිසුන් මැරීම ඔබ අනුමත කරන හැටි.
මේ නිසා එකම දේ ගැන දිගටම ලියන්න මා අදහස් කරන්නේ නැහැ. agree to disagree කියමු. වෙනස් අදහසක් මතු වුනොත් අලුතින් ලියන්නම්.
@ Aruni
මෙය ඔබේ මෙම ලිපියට අදාල නොවූවක් වීම ගැන සමාවන්න.මෑතකදී සිට බොහෝ ජනප්‍රියත්වයට පත්ව තිබෙන සිහිසටහන් නම් බ්ලොග් අඩවිය හා මෙය සම්බන්ධය. මෙහිදී මට සිදුව තිබෙන අසාධාරණය ප්‍රකාශ කිරීමට අන් මගක් නැත.මන්ද අදාල බ්ලොග්කරු මාගේ කමෙන්ටු කපා දැමීමෙහි දිගින් දිගටම නිමග්නව සිටින බැවිනි.ඒ නිසා අන් මගක් නැති තැන මෙම අඩවියේ මෙය පලකරමි.(මෙහි පිටපතක් කතන්දර අඩවියේද පල කරන ලදි)
ඒ සදහා ඉඩ දෙනු ඇතැයි මම අපේක්ෂා කරමි.
සිහිසටහන් අඩවියේ ගෝඨාභය රාජපක්ෂ ගැන දින කිහිපයකට ඉහත ලිපියක් පලවූ අතර ඉන් එතුමාව ලංකාවේ බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය නායකයා ලෙස අභිෂේක කොට තිබුණි.
http://sihisatahan.wordpress.com/2011/05/05/blogpost33/
එහිදී මම කරුණු කිහිපයක් උඩ එම නිගමනය ප්‍රශ්න කල අතර එම ප්‍රශ්න කිරීම් වලට කිසිදු පිලිතුරක් නොලැබුණි. මා ලද එකම පිළිතුර වූයේ මා එක්තරා දේශපාලන කදවුරක් නියෝජනය කරන නිසා මට පිළිතුරු දීමට කාලය වැය නොකරමි යන ලිස්සා යන උත්තරය පමණි. එහිදී අදහස් දැක්වූ රවි දිනුක වැනි කීපදෙනෙක්ම චානුකගේ උක්ත ප්‍රවේශය ප්‍රශ්න කොට තිබූ අතර මීට පිළිතුරු දෙන චානුක මගේ නිර්නාමිකත්වය ගැනත් මා නිර්නාමික වීම ගැනත් ප්‍රශ්න කරමින් ( මා මතුකළ කරුණු වලට උත්තර දෙනවා වෙනුවට) නිර්නාමිකව ලියන මා වූ කලී ආනන්ද වර්ධන යැයි නිගමනයක්ද කර තිබුණි. (ආනන්දවර්ධන ඔබ දන්නවා ඇතැයි සිතමි.හෙතෙම බ්ලොග් අවකාශයේ පුරෝගාමි බ්ලොග්කරුවෙකි.ඔහුට මා වාගේ නිර්නාමිකව කමෙන්ටු දදා ඉන්න ඇම්මක් ඇතැයි නොසිතමි )
මා සිහිසටහන් අඩවියේ පලකල කමෙන්ටුව සම්පූර්ණයෙන් මෙසේය.
“@ සියල්ලන්ම
මෙම බ්ලොග්කරු වැදගත් මහත්මයෙකු බවට කතන්දර බ්ලොග් අඩවියේ සදහන්ව තිබූ අතර මමද එය සද්භාවයෙන් විශ්වාස කලෙමි. මෙහි කමෙන්ට් කිරීමට මා පෙළඹුනේ එම නිසාය.මොහු මෙහිදී දක්වා තිබූ අදහසක් නිශ්චිත කරුණු කිහිපයක් උඩ මම ප්‍රශ්න කලෙමි.ඒ වැදගත් මහත්මයෙකු ලෙස අභිෂේක කොට තිබූ මෙතුමාගෙන් ඊට නිසි පිළිතුරු ලැබෙනු ඇත යන අවංක විශ්වාසයෙනි.නමුත් මා වෙත කිසිදු පිළිතුරක් නොලැබුනු අතර සිදු වූයේ මගේ දේශපාලන කදවුරක් ගැන නන්දෙඩවීමක් පමණි.එය මා කිසිසේත් අපේක්ෂා කල එකක් නොවීය.මේ නිසා කිසිදු සංවාදයක් ගොඩ නොනැගෙන බව තේරුම් ගිය නිසා මම දිනකට පෙර මෙම සංවාදයෙන් ඉවත් උනෙමි.
නැවත අද නිකමට මෙන් මෙම අඩවිය වෙත පැමිණි විට දැක ගත හැකි වූයේ කුමක්ද?ඉතාම සදාචාරාත්මක නොවන විදිහකට මෙම බ්ලොග්කරු මගේ ප්‍රශ්න මග හරිනවාට අමතරව මා ආනන්ද වර්ධන බවට මහා සොයාගැනීමක්ද කර තිබෙන බවයි!ආනන්ද වර්ධන මෙය කියවනවාදැයි මම නොදනිමි.එසේ නම් ඔහු මෙය නිවැරදි කරනු ඇත.ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නෙක්ට පිලිතුරක් නොදී ඔහුගේ ජාතකය පිලිබද අංජනම් කීම මෙවැනි “මහත්මයෙකුගෙන්” කිසිවිට මම අපේක්ෂා නොකලෙමි.මොහුට මාගේ නිර්නාමිකත්වය විශාල ගැටලුවක් වී තිබේ.නිර්නාමිකත්වය සදහා වූ අයිතිය බ්ලොග්කරණයේ අයිතියක් බව මෙතුමා නොදැනීම කනගාටුවට කරුණකි.ඒ නැතත් ආරක්ෂක ලේකම් මුරුංගා අත්තේ තබමින් සිය සැබෑ නමින් ලිවීමට චානුක වත්තේගමලාට නිදහස තිබුණත් ඔහුව ප්‍රශ්න කිරීමට අපට තිබෙන නිදහස එම විශ්ෂ්ට රාජ්‍ය නිලධාරීන් විසින් හකුලා තිබෙන ආකාරය තේරුම් ගැනීමට අතාස් පෝදද්ල ජයන්ත චන්දන සිරිමල්වත්ත හා එවැනි ප්‍රශ්න කිරීමකට තරම් නිර්භීත වූ සියලු දෙනාගේ අත්දැකීම් ප්‍රමාණවත්ය.වත්තේගම.මම ආනන්ද වර්ධන නොවෙමි.අනෙකාගේ ජාතකය සොයන කැත පුරුද්ද පසෙක තබා සංවාදයෙහි යෙදීමෙහි ශික්ෂණය දැන්වත් ප්‍රගුන කරගනු මැනවි!
- මෙය පලකරනු ඇතැයි මම අපේක්ෂා කරමි.”
අවාසනාවකට වත්තේගම මෙය පල කලේ නැත!තමන්ගේ බ්ලොගයේ පල වන්නේ මොනවාද නැද්ද යන්න තිරණය කිරීමේ අයිතිය ඕනෙම අයෙකුට තබේ. නමුත් කුණුහරුප කිසිවක් නැති තමාගේ භාවිතය ප්‍රශ්න කරන කමෙන්ටු කපා දැමීම යනු සදාචාරාත්මක නොවන බමුණු ක්‍රියාවක් බව මම සිතමි.වත්තේගම ශාන්තුවරයෙකු බවට අභිෂේක කොට තිබේ.එහි පල වෙන කමෙන්ටු දෙස බැලීමෙන් බොහෝ දෙනා එසේ සිතාගෙන ඉන්නා බවත් පෙනී යයි.නමුත් එම වැදගත් මහත්මයා මෙලෙස සදාචාරාත්මක නොවන ලෙස හැසිරෙන බවත් ලෝකයා දැනගත යුතුය.මෙහිදී එක් අතෙකින් ආනන්දවර්ධනට අසාධාරණයක් සිදුව තිබෙන අතර අනිත් අතින් මගේ අදහස් ප්‍රකාශය වැලැක්වීම හරහා මාගේ සම්පූර්ණ කතාව ලෝකයාට කීමට නොහැකි වීමෙන් මටද අසාධාරණයක් සිදුව ඇත.මෙය පලකරන්නේ ඒ නිසාය.මෙහිලා සාධාරණ ක්‍රියාමාර්තයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි.
lali,
//නමුත් කුණුහරුප කිසිවක් නැති තමාගේ භාවිතය ප්‍රශ්න කරන කමෙන්ටු කපා දැමීම යනු සදාචාරාත්මක නොවන බමුණු ක්‍රියාවක් බව මම සිතමි.//
මගේ අඩවිය වනාහී ස්වාර්ථාකාමී බවින් පිරි වූවකි. එබැවින් මා ඉඩදෙන්නේ මට කැමති ප්‍රතිචාර වලට පමණි. ඔබගේ ඉහත සිතුවිල්ල කියවා මට සිනහා නොවී සිටිය නොහැකි විය. මම කුණුහරුප තිබුණත් නැතත් ‘මා අකමැති’ කොමෙන්ටු ක්ෂණයෙන් කපා හරිමි. මේ මාගේ අඩවියයි. ඊට වද්දා ගන්නා හා නොගන්නා අයිතිය මා සතුයි. ඔබ ලියූවට ‘මා කැමැත්ත’ ලැබුණු නිසා එයට ඉඩ දුන්නෙමි!!!!!!!!!
my car my gasoline…….:-) by the way aruni wordpress that you are using is built by hundreds of community volunteers and its free. it is easier to fight for your beliefs than live up to them. if you are real Ayn Randian,“true” objectivist who produces for yourself you should buy or create your own blogging software, gotta purchase your own domain name
and gotta get your own hosting space instead using community build wordpress.
kevin perera,
අයින් රෑන්ඩ් ගැන නම් දන්නැති බව ඔප්පුයි. ඒ වගේම බදු ගැනත් දන්නෙම නැහැ වගෙයි!!!
ඉඩක් ලැබුනු වහා “Atlas Shrugged” කියවන්නෙමි බදු නම් ඇල්බට් අයින්ස්ටයින්ස් ටත් නොතේරෙන බව වරක් ඔහුම කීවා. අයින් රෑන්ඩ් ගැන දන්නේ අරුනි කියා ඇති දේ පමනි.
kevin perera,
//බදු නම් ඇල්බට් අයින්ස්ටයින්ස් ටත් නොතේරෙන බව වරක් ඔහුම කීවා.//
ඔව්, ඔබ නිවැරදියි. බොහෝ පිරිසක් ඉල්ලා සිටිය ද ඇමෙරිකන් බදු ක්‍රමය ගැන මා නොලියන්නේ ද ඒ නිසාමයි. සොක්‍රටීස් කිව්වා සේ ඒ ගැන කතා කරන්නට නම් ‘සංවාදයක්’ අවශ්‍යයය. ලියැවීමෙන් තතු පහදන්නට නොහැකිය.
අද ඇමෙරිකාවේ ජීවත්වන ලංකාවේ අයන්ස්ටයින් කෙනෙකු හා බදු ගැන කතා කළ සමයක් තිබුණි. ඔහු අයන්ස්ටයින් යැයි කියුවේ සත්‍යයෙන්ම ඔහු ලොව ඉහළ පෙළේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙක් වූ නිසාත්, අයන්ස්ටයින් සේවය කළ ඇමෙරිකන් විද්‍යාගාරයේ ම සේවය කළ නිසාත් ය! මේ ටික කිව්වේ ඔහු ඉතා බුද්ධිමත් අයෙක් බව පැවසීමට ය. අපි වරක් ජාතික වනෝද්‍යානයක සිරි නරඹමින් සිටිය දී ඇමෙරිකන් කොටස් වෙළඳපොලේ ඔහු ආයෝජනය කරනවා දැයි මා ඇසුවෙමි. නැහැ යයි කියූ ඔහු ඒ ගැන සොයන්නට උවමනාවක් තමනට ඇති බව කීවේය. එදා කාලය ඊට වඩාත්ම සුදුසු වූ සමය බව මම කියා සිටියෙමි. ඔහු ඒ ගැන ඉක්මණින් සොයා බැලුවේ ය. අනතුරුව ආයෝජනය කළේය. මිලියනපතිවරයෙක් වූයේ ඊට පසු ඉතා සුළු කලක දී ය. මේ ටික කිව්වේ මා ඊට හේතු පාදක වූවා යයි කියන්නට නොව (ඔහුට ඒ ගැන කුතුහලයක් තිබූ නිසා ඔහු ඊට කෙසේ හෝ යොමු වෙයි) නැවතත් ඔහුගේ බුද්ධිය පෙන්වීමට ය. නමුත් බදු ගැන ඔහු හරියාකාරව වටහා ගත්තේ ඔහු ඇමෙරිකාවේ ඉහළ ආදායම් උපයන 5% ට අයිති ධනවතෙකු වී ද දිගු කාලයක් ගිය පසුව ය. අද ඔහු රැකියාවෙන් විශ්‍රාම ලත් කොටස් වෙළඳපොල ආයෝජකයෙකි. අයින් රෑන්ඩ් වටහා ගත්තෙකි.
“අරුණිගේ” සටන ඇය කියන තරම් උසස් පරමාර්ථ මත මෙහෙය වන්නක් නොවන බව සිතුවත්, අද ඔවුන් සටන් වදින සතුරාගේ නින්දිත හැසිරීම මත එහි විශේෂ වැදගත්කමක් තියෙනවා. මා හිතන්නේ ඇමරිකන් අධිරාජ්‍යවාදය අරාබියට සලකන හැටි ඉතාමත් වැරදි බවයි. එහෙත් අරාබින් කොහෙත්ම සාධාරණ මිනිසුන් නොවේ. මෙන්න මේ කාරනාව නිකමට කොටා බලන්න. මෙය අප දන්නා සත්‍යයක්.
විසෙන් විස නැසෙන තුරු අපි බලා හිඳිමු.