ඔස්ට්‍රේලියාවේ පැවති සිංහල අවුරුදු උළෙල
මෙම සිංහල අවුරුදු උළෙල පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික ආයතනයේ ආදී ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියා සංවිධානයේ මෙහෙයවීමෙනි. එය ඔස්ට්‍රේලියාවේ පැවති සිංහල අවුරුදු උත්සාහයක් සඳහා වැඩිම ජනගහණයක් සහභාගී වූව බව ද පින්තූර අපි හා බෙදා ගන්නා පද්මකුමාර අමරසිංහ කියයි.
පද්මකුමාර ඔබට බොහොම ස්තූතියි.







කතන්දර; මේ “මාලඹේ” වෙන්ටැ. රසබර මතක දෝරේ ගලන මුත්, වැඩි සඳහනක් නොකර ඉන්නම්. අවුරුදු 15 කට විතර කලින් ඔතන ඉඳං කිලෝ මීටර 800 ක විතර එහා “ඇඹිලිපිටියේ” එකම දවසේ තැබූ අවුරුදු උත්සව දෙකටම සහබාගි වීමට අප ගත් මහත් වෙහෙස සිහිපත් විය.
අරුණි; වැඩේ ලස්සනට ගිහින් නේද? කැන්ගරුවට ඇහැ තියන්න ට්‍රයි කළා නම් ලස්සන නැද්ද? හැබැයි ඌට ඇස් තියෙන හින්දනේ ඔක්කොම හරියට කෙරෙන්නේ.
අලියට ඇහැ තියන්න බැරුවයි මෙහෙත් කට්ටිය දඟලන්නේ.
සුජීව,
මේ දවස්වල කැන්ගරුවොත් ඇස් පියාගෙන රටේ ඛනිජ සම්පත් කැමති විදියට හාරලා, ඇති තරම් පිටරට පටවන්න දීලා වෙන පැත්තක් බලාගෙන පැන පැන යනවාලූ!!!
ඔව් ඔව් පොරවල් කරන්නේ ඕක තමයි. අනුන්ගේ දඩබිම් හා පුද බිම් වල පතල් හැරිම. අනුන්ගේ සුරතලුන් පලිබෝධකයින් ලෙස නම්කර වැටවල් ගසා එළවා දැමීම වගේ පුංචි අහිංසක සත් ක්‍රියා. ඉස්සර නම් අනුන්ගේ ළමයින්ට නිකම් උගන්නන්න කියලා පහරගෙනත් ගියා දැන්නම් බෝධි සත්වයෝ නේ. ලේ බිව්වත් නිදුක් වෙත්වා කියාගෙනයි බොන්නේ.
සුජීව,
key word: ඇස් පියාගෙන
කැන්ගරුවන් ඉන්නා ස්වාධීන රටක් එහෙම කරද්දී ස්වාධීන නොවන රටවල් එහෙම කරනුයේ ඇයි කියා හිතන්න.
රටක් ඇතුලට එන්නට ඉඩ දෙන්නේ ඒ රටේ සැලසුම් ගහන්නෝ ද? නැත්නම් පිටතින් යන පුද්ගලික සමාගමක් ද? යන්න හිතා බලන්න.
ඔස්ට්‍රේලියාව බොහෝ විට දේශීයත්වය අගය කරන රටක්. ඔබ මෙහි සඳහන් කතාවට අදාළ ලින්ක් එක දෙන්න.
ඔස්ට්‍රේලියාවේ නොවෙයි ධනවාදයේ දඩබිම් තියෙන්නේ. ඔස්ට්‍රේලියාව කියන්නේ නීති ගරුක රටක් එහෙ සෙල්ලන් දාන්න බැහැ [නියාමනයක් තියෙනවා].
හැබැයි ශ්‍රමය අඩු මිලට විකුණන පරිසරය ගැන හොයන්නේ නැති ඉන්දියාව [බෝපාල් සිද්ධිය], දකුණු ඇමරිකාව නැගෙනහිර ආසියාව, අප්‍රිකාවේ ඇතැම් තැන් වගේ ප්‍රදේශ වල බහු ජාතික සමාගම් විශාල දුශ්චරිත වල යෙදෙනවා. මේ සමාගම් වලට පහසුකම් සපයමින් හා නියාමනය යටපත් කරමින් උදව කරන්නේ මේ රට වල දුෂිත ධනේශ්වර රජයන්. වල් බූරු නිදහස ඇති තැනක ධනවාදය දුෂණය වෙන බවට උදාහරණ.
සුජීව,
//ඔබ මෙහි සඳහන් කතාවට අදාළ ලින්ක් එක දෙන්න.//
පහත විස්තර මදි නම් resource boom in Australia යැයි ගූගල් කරන්න.
//චීන ආණ්ඩුවට අයිති පතල් ආයතනයක් වන Minmetals Resources ඔස්ට්‍රේලියාවේ Equinox Minerals ඇමෙරිකන් ඩොලර් බිලියන 6.5 ක් ගෙවා සැම්බියාවේ තඹ පතලක් (ඔස්ට්‍රේලියා-කැනඩා අයිතිකරුවා) ගෙන් මුදලින් (cash) ගෙවා මිල දී ගන්නට යයි. //
http://www.bnn.ca/News/2011/04/26/Chinas-Minmetals-walks-away-from-Equinox-bid.aspx
http://www.aph.gov.au/house/news/magazine/28/ath28_wake.pdf
http://www.ipa.org.au/publications/1865/resource-boom-not-assured
http://docs.google.com/viewer?a=v&q=cache:ejjnUCPH4D4J:lockthegate.org.au/documents/doc-301-minerals-boom—australia-s-resources-curse.pdf+resource+boom+in+australia&hl=en&gl=us&pid=bl&srcid=ADGEESj0Gl27Dwi4MclsMt8AdgKiEsMvy4j-YUR8JcxafHje_eYckc9QC0dvK_YnRpZL378OWmg-tkNBh0d5Mp2Og3dtwc-l75-6OyDkThh-7fpaC7rXjspE0HLf4PGM-4DtZT2zamYs&sig=AHIEtbSKoLdeVnRHzJE9ZLDwBAY11Jrldw
ගොඩාක් කාලෙකින් මේ පැත්තේ එන්ට බැරි උනා. ආවත්, කමෙන්ට් දාන්ට තරම් විවේකයක් තිබුනේ නෑ. ලස්සන පින්තූරු ටික.
මම කැමතිම අලියට ඇහැ තියන පින්තූරෙට. අර ගෑනු ලමයා නියම තැන ඇහැ තියන්ට සැරසෙන බවක් පෙනෙනවා.
praveena,
කමෙන්ට් දැමිල්ල/නොදැමිල්ල කිසිම විටෙක මේ අඩවියේ දී වැඩි සැලකිල්ලට භාජනය වෙන්නක් නොවෙයි ප්‍රවීනා!! ඇවිත් කියවලා ගියාම ඒ ඇති.
‘අලියෝ’ කවුද කියලා ඇමෙරිකාවටත් අමතක ලංකාවටත් අමතක වෙලා ගිය කාලයක්. ‘අලි රැළක්’ යැයි කියාගත්ත ‘නරි රැළක්’ මිසක් හරි ‘අලි’ මෙහෙත් නැහැ එහෙත් නැහැනෙ. කොහොම ද ඉතින් අර ගෑනු ලමයා තියන හැඳි මිටක මොළයකින් හරි ‘අලි ඇස්’ හොයන්නෙ?!!
ඕස්ට්රේලියාවේ පැවති අවුරුදු උළෙල කියන්නේ මොකක්ද? එහෙම ගමක් ගැන නම් මං අසා නෑ.
මේ සමගම ලංකාවේ පැවති අවුරුදු උළෙලේ, ඇමරිකාවේ පැවති අවුරුදු උළෙලේ වගේ ඒවා ගැනත් දාන්න බැරිද?
Rasika Suriyaarachchi,
ඇමරිකාවේ පැවති අවුරුදු උළෙලේ දැන්වීමක් මම දාලා තියනවා. විස්තරයක් ලියන්න, පින්තූර දෙන්න, ගිය අයෙක් හොයා ගන්න බැරි වුනා. එදා මේරිලැන්ඩ් වල වැහි දවසක්!!
http://arunishapiro.wordpress.com/2011/04/08/maryland-new-year-celebrations/
ලංකාවේ සයිබර් අවුරුදු සැණකෙළිය ගැන පින්තූර හා සටහන් ඇති තරම් කියෙව්වා නේද අපි?
මගේ කතාව අරුණී ට තේරුනේ නැද්ද මන්දා?
ඕස්ට්රේලියාව යනු ගමක් හෝ නගරයක් නොවේ, මහාද්වීපයකි. ප්‍රධාන නගර අටක් ඇත. මින් හතක අවුරුදු උත්සව පැවැත්වේ. මෙල්බර්න් වගේ තැණක උත්සව දෙක තුනක් ම පැවැත්වේ.
එනිසා මේ පින්තුර ඕස්ට්රේලියා වේ පැවති “එක” අවුරුදු උළෙලක පින්තුර ලෙස නම් කළ යුතුයි, වඩාත් යෝග්‍ය වන්නේ ඇඩිලේඩ් නුවර හෝ කැන්බරා නුවර හෝ යැයි නම් කිරීමය.
මට මේ නිසා සිහිවුණා එඩී මර්පි රඟ පෑ “කමින් ටු ඇමරිකා” චිත්‍රපටිය.
එහි එක තැනක එඩීකියනවා තමන් විශ්ව විද්‍යාල ශිෂ්‍යේරක් බව. මොන විශ්ව විද්‍යාලයේද කියා ඇහුවාම, අප්‍රිකාවේ සිට රැජිනක් හොයන්නට නිව්යෝර්කයේ ක්වීන්ස් වලට පැමිණි මේ රජ කුමාරයා කියන්නේ “මා ඉගෙන ගන්නේ යුණිවර්සිටි ඔෆ් යුනයිටඩ් ස්ටේඨස් ඔෆ් ඇමෙරිකා” කියායි.
සිඩ්නි නගරයේ පැවති ප්‍රධාන අවුරුදු උළෙල ගැන විස්තරයක්
http://www.tvlanka.com/archives/2011/sl-newyear/story.htm
ඡායාරූප
http://www.tvlanka.com/archives/2011/sl-newyear/index.htm
මාලඹේ වගේද සී නුවර නේද?