කුණු වලින් ධනපතියෙක් වූ හරිතවාදියා
බෝතලයක් ඇතුලත පණිවුඩ දමා යැවීම දූපතක අතරමං වූවන් කරන්නේ දූපතෙන් ගැලවෙන්නට මාර්ගයක් පාදා ගන්නට ය. ඒ චන්ද්‍රිකා තාක්ෂණය නොමැති යුගයේ දී ය. අද ලෝකයේ ඕනෑම තැනක යන දේශාටකයකුව අක්ෂාංශ දේශාංශ අනුව සොයාගත හැකි විජට්ටු ඇත. විජට්ටු විවිධ ය. සපයන සේවා ආයතන බොහොම ය. උදාහරණයක්: findmespot.com බලන්න. එවැනි සේවයක් තිබුණා නම් ටොම් හෑන්ක්ස් රඟ පෑ Cast Away (2000) චිත්‍රපටිය කෙටි ද?!!
Sting ප්‍රමුඛ ගායකයන් message in a bottle ගයන්නේ තනිවම ජීවත්වන්නට අකමැති මිනිසා ගැන ය!!
නැති වූ ආදරය නැවත ලැබූ හැටි ගැන ප්‍රබන්ධයක් ලියන්නේ message in a bottle (1998) නමින් Nicholas Sparks විසිනි. කතාව පාදක කරගෙන ඒ නමින් වූ බිහි වූ චිත්‍රපටියේ (1999) කෙවින් කොස්නර් සහ පෝල් නිව්මන් රඟපාති.
කුණු වලින් වුවත් මුදල් හම්බ කරන්න පුළුවන් යැයි හිතන්නේ ධනවාදියෙකි. පරිසර හිතවාදීව revolution in a bottle (2009) නොහොත් බෝතලයකින් විප්ලවයක් කරන්නේ Tom Szaky විසිනි. මේ ඔහුගේ කතාවයි. වැඩි විස්තර සඳහා ඉහත නමින් ලියැවුන පොත හා පහත සබැඳිය දමා ඇති අඩවිය කියවත හැකිය. පොත අච්චු ගසා ඇත්තේ ප්‍රතිචක්‍රකරණය (recycle) වූ කඩදාසියේ වන අතර එය කියවා අවසන එහි කවරයෙන් ලියුම් කවරයක් හදා වෙනත් ප්‍රතිචක්‍රකරණය කරත හැකි ද්‍රව්‍යය ද ඔවුනට තැපැල් කරත හැකිය.
ඉහත පොතේ හැඳින්වීමේ ටොම් සැකි මෙසේ කියයි: “වෙනත් කිසිම රටක පටන් ගත්තා නම් TerraCycle ව්‍යාපාරය කිසිම සාර්ථකත්වයක් නොලබනු ඇත. ඇමෙරිකාව නම් සුවිශේෂී අවස්ථා ඇති භූමියකි. …. මෙහි ඉපදුනේ නැති අයෙක් විදියට, මට TerraCycle අදහස එහි සුවිශේෂී වූ සාරවත් පසේ පැළ කරන්නට ඉඩ දුන්නාට මම ඇමෙරිකාවට ස්තූතිවන්ත වෙමි.” ඇමෙරිකාව තුල කුණු ගොඩක් ඇත!!! එයින් ද ආදායමක් උපයා ධනවත් විය හැකිය!!!
1982 දී ඔහු උපදින්නේ කොමියුනිස්ට් හංගේරියාවේ ය. වයස අටේ දී කැනඩාවට පය තබන ඔහු 2001 දී ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අරඹයි. පළමු වසරේ දී TerraCycle ව්‍යාපාරය අරඹන ඔහු උපාධිය අවසන් නොකළ ඇමෙරිකන් ධනවතුන් සංඛ්‍යාව අතරට එකතු වෙයි!! ඔහු ද ‘පැය දස දහසක රීතිය’ අනුගමනය කළ අයෙකි.
අද දිනයේ ඔවුන් පහසුවෙන් නැවත පාවිච්චියට ගත නොහැකි අමුද්‍රව්‍ය වලින් innovative අදහස් යොදා පාවිච්චියට ගත හැකි භාණ්ඩ නිෂ්පාදනයට අත ගහති. ව්‍යාපාරයක අරමුණ ලාභයයි. දීර්ඝ කාලයක් ලාභ සොයන්නට නම් අනගිත්වය පාවා නොදී වැය අඩුකර ගත යුතුයි. අඩු වැයකින් නැවත නැවත පාවිච්චියට අමුද්‍රව්‍ය භාවිතය පමණක් නොව අඩු වැයකින් කුණු එකතු කරන්නට ද ඔවුන් innovative අදහස් භාවිතා කරති.
2001 දී කුණු ප්‍රතිචක්‍රකරණය පටන් ගන්නා ඒ පුංචි ව්‍යාපාරිකයාට අද මිලියනක 20 කට අධික ඇමෙරිකානුවන් සිය කැමැත්තෙන් ම කුණු එකතු කර යවති!! එය ද සුවිශේෂී ඇමෙරිකන් හැදියාවයි. ධනවාදීන් මසුරු තණ්හාධිකයෝ යයි කියන අය කැපිලි කෙටිලි වැඩියෙන් ඇත්තේ ධනවාදී නොවන රටවල යැයි නොදකින්නේ මන්ද?!!
ඉහත සඳහන් පොතේ ටොම් සැකිව හඳුන්වා දෙන Natural Capitalism පොත ලියූ Paul Hawken මෙසේ කියයි: “පරිසර හිතවාදී ව්‍යාපාරිකයෙක් වන්නට කැමති මෙම පොත කියවන සෑම අයෙක් ම සලකා බැලිය යුත්තක් ඇත. සැකිගේ මූලික ව්‍යාපාරික දැනුම දිදාලයක් පුරවන්නට වත් නොතිබුණි. එහෙත් ඔහුගේ ව්‍යාපාරික සිතුවිලි ලෝකය පුරවත හැකි තරම් විය. එය දුර්ලභ ය. ඔහුගේ දැක්ම ලෝකයටත්, දුප්පතුන්ටත්, දැවැන්ත ව්‍යාපාරිකයන්ටත් එකම අවස්ථාවේ දී ලාභ ගෙන දෙයි.”
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ නිව් ජර්සි ප්‍රාන්තයේ ය. නිව් ජර්සිය තමන්ව හඳුන්වා ගන්නේ ‘ගෙවතු ප්‍රාන්තය’ (garden state) කියා ය. අනිත් ප්‍රාන්ත නිව් ජර්සිය හඳුන්වන්නේ කුණු ප්‍රාන්තය (garbage state) කියා ය!! එතැන සැකිගේ ධනවත් වන මාර්ගය උදා කිරීම පුදුමයක් ද?!!
ප්‍රින්ස්ටන්හි ප්‍රථම වසරේ සිසුවක වන සැකි තම මිතුරන්ට කැනඩාව පෙන්වන්නට ගිය ගමනක දී රතු ගැඩවිල්ලෝ (Eisenia fetida) නිවසක විසිකරන කුණු වලින් සමෘද්ධියෙන් ජීවත්වන ආකාරය දකියි.
ගැඩවිල්ලන් පිටකරන අපද්‍රව්‍ය අනගි පොහොරක් බව ලොව හැම අතීතයේ පටන් පැළයක් වවා ගන්නට ගිය හැම අයෙක්ම දන්නා කරුණකි.
මෙය දකින වෙනත් අයෙක් ඊයා කැතයි, අප්පිරියාවේ බෑ කියා වෙනතක් බලාගනු ඇත. සැකි එයින් සල්ලි හොයන්නේ කොහොමදැයි සොයා බැලුවේය. ගැඩවිල්ලන් නිකුත් කරන අපද්‍රව්‍ය වගාව, ගැඩවිල්ලාට හානියක් නොවන ලෙසින් එකතු කරගන්නට ක්‍රමවේදයක් ගැන විධිමත්ව හිතුවේ ලොව ඒකීය පුද්ගලයෙකි. ටොම් සැකි විසිනි!!
ගැඩවිල්ලන් මිලියනකට අධික සංඛ්‍යාවකට වාසය කරත හැකි නිවසක් හදා ගන්නා ඔහු විශ්ව විද්‍යාලයේ කැන්ටිමේ විසි කරන ආහාර අපද්‍රව්‍ය පර්යේෂණයට ඉල්ලා ගනියි. ගැඩවිලි වාසස්ථානය ඩොලර් 10,000 කට හදා දෙන්නේ Harry Windle නැමැත්තාය. ඔහු ද විද්‍යාඥයකු හෝ කර්මාන්තශාලා හිමියෙකු නොවේ. මැද වයසේ වූ තමන් විසින් තම නිර්මාණ හදන ස්වයං රැකියා නියුතු වූවෙකි. හැරී හදන්නේ හෙමින් ඇදෙන බෙල්ට් පටියක තැබි ආහාර අපද්‍රව්‍ය කන්නට ගැඩිවිල්ලන්ට හැකි මැෂින් එකකි. ගැඩවිල්ලෝ ආහාර කා අපද්‍රව්‍ය නිකුත් කර බෙල්ට් පටියේ හෙමින් ඇදී ගොස් එක තැනකටත් ගැඩවිලි අපද්‍රව්‍ය තවත් තැනකටත් වැටේ. ඒ මැෂිම ගැන කෙටියෙනි.
සැකිගේ අදහස කැන්ටින් වලින් නොමිලේ ලැබෙන ආහාර අපද්‍රව්‍යයෙන් ගැඩවිල්ලන් සමෘද්ධියෙන් ජීවත් කර උන්ගේ අපද්‍රව්‍ය වගාවෙන් ලැබෙන ගැඩවිලි පොහොර නිෂ්පාදනය විකිණීමයි!!
යම් සිතුවිල්ලක් සිත සිතා නොසිට, අත්හදා බැලීමටත් ඉන් පසුව එය ලාභ සොයන නිෂ්පාදනයටත් පිළිවෙලක් ඇතුව අවදානමක් ගැනීම ව්‍යාපාරිකයෙකු විසින් කරන ආයෝජනයයි. පොරොන්දු වූ අය වැඩට නොපැමිණීම, කැඩුණු මැෂින්, මැෂින් හා පර්යේෂණයට වැය කර අතේ සතේ නැති අවස්ථා වැනි දුෂ්කරතා රැසක් මැදින් ගමන් කර අනතුරුව සැකි අභියෝග සියල්ල ජයගනී.
2001 දී නිව් ජර්සි ප්‍රාන්තයේ කුණු ටොන් එකක් දාන්නට යන දළ වැය $50 ක් යයි ඔහු ලියයි. ඇමෙරිකානුවන් වසරකට ටොන් බිලියන 12-14 ත් අතර කුණු විසි කරති. ඉන් 80% ක් organic කුණු ය. මෙය කුණු ගොඩක තියෙද්දී මෙතේන් ගෑස් නිපදවයි. එයින් ozone හානිය හා ගෝලීය උණුසුම වැඩි වේ. ඇමෙරිකානුවන් ගැඩවිල්ලන් අනුභව කරන ආහාර විසි කිරීම සඳහා වසරකට ඇමෙරිකන් $ ට්‍රිලියනයක් ගෙවන බව ගණන් හදන සැකි වහාම කුණු එකතු කරන්නෙක් වෙයි. දැන් ඔහුගේ ව්‍යාපාරයට ගන්නා අමුද්‍රව්‍ය සඳහා අනුන් ගෙවති!!
සැකි වෙනුවෙන් වැඩ කරන වැඩි ශ්‍රමිකයන් වන්නෙ ගැඩවිල්ලන් ය!! The New York Times දමන ප්‍රවෘත්තියේ සිරස්තලයේ කියැවෙන්නේ “කොන්දක් නැති සේවකයෝ” (But The Employees Really Are Spinelss) ගැනයි.
කුණු කා හැදෙන ගැඩවිලි අපද්‍රව්‍ය සාන්ද්‍රණයක් හැටියට (liquid worm poop) කුණු ගොඩවලින් එකතු කරගන්නා බෝතල් සුද්ද කර ඒවා ඇතුලට බහා ink-jet ප්‍රින්ටරයකින් හැදූ ලේබල් අලවා ඔවුන් TerryCycle Plant Food විකුණති. හිතන්න, මේ 2001 ඇමෙරිකාවේ ප්‍රමිතියන් තියන නිදහස් වෙළඳපොල තරඟය බව. මහා පරිමාණ පොහොර නිපදවන ලොව දැවැන්තයෝ සිටින වෙළඳපොලක් බව. ප්‍රමිතියන්ට අනුව හදන පළමු කේස් දහය ඔවුන් විකුණන්නේ වාහනයේ (station wagon) පිටිපස්සේ තබාගන.
සමාජ සුබ සාධන සංවිධාන, ආගමික ස්ථාන හා පාසැල් (සෙනඟ රැස්වන තැන්) කරා යන සැකි ඔවුන් පරිහරණය කර විසිකරන බෝතල් එකතු කර පරිසරයට හිතවාදී වන්නටත්, මුදල් උපයා ගන්නටත් හැක්කේ කෙසේදැයි කියා දී තම නිෂ්පාදන ඇසුරුම් අඩු මිලට ලබාගන්නා ක්‍රමයක් ආරම්භ කරයි.
අද ගැඩවිලි අපද්‍රව්‍යයෙන් පොහොර හැදීම පමණින් නොනැවතී ඔවුන් වෙනත් බොහෝ දෑ නැවත නැවතත් පරිහරණයට යොදවන්නට සැලසුම් ගහති. අයෙක් විසි කරන්න දකින සැකි එය නැවත පරිහරණයට ගන්නේ කෙසේදැයි හිතයි.
වැසුණු දාමයක (Close Loop) නිෂ්පාදනයෙන් එකම අමුද්‍රව්‍ය වඩාත් කාලයක් නැවත නැවත පරිහරණයට ගැනීමේ දී ලෝකයේ ස්වභාවික සම්පත් ඉක්මණින් ක්ෂය වීම ද අඩු කරගත හැකියි. ඉදිරි ලෝකයේ පැවැත්ම ගැන සත්‍යයෙන් තැකීමක් කරන්නෝ ස්වභාවික සම්පත් අවම පාවිච්චියට ක්‍රම සහ විධි සොයති. සම්පත් ක්ෂය යැයි කියා කට්ටියකගෙන් අරගෙන තවත් කට්ටියකට බෙදා හැරීම ගැන සැලසුම් ගහන්නට පමණක් කාලය වැය කරන්නේ හැමදාම බිත්තර කඩන අයයි. කාබන් කෙඩ්‍රිට් යනු වැරදි කරන්නට පාස්පතක් ධනවතුන්ට පමණක් දීම වැනිය. පිවිසය යුත්තේ ශුන්‍ය කාබන් ක්‍රම වේදයන්ට ය.
අභියෝගයක් ඇමෙරිකානුවාට දෙන්න. ඒකීය පුද්ගල මොළයෙන් සිතා අභියෝගය ජය ගැනීමට ඔහුට හැකියාවක් ඇත. මන්ද කාටවත් අල්ලස් නොදී, කාගේවත් පිට කහන්නට නොයා, දේශපාලන පක්ෂයට ගෑවෙන්නේ නැතිව මහත් ධනස්කන්ධයක් උපයත හැකි නිදහස් වෙළඳපොලක් ඇමෙරිකාවේ තවමත් තියන නිසා ය.
ලෝකයේ පාරිභෝගික භාණ්ඩ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන Kraft, Frito Lay, Nabisco, Starbucks කෝපි සමාගම, Johnson සහ Johnson, Coke, Hershey සහ Mars චොක්ලට් නිෂ්පාදකයන් වෙතින් ඔහු පහසුවෙන් ප්‍රතිචක්‍රකරණය කරන්නට බැරි ඇවුරුම් කුණු ලබාගෙන ප්‍රතිචක්‍රකරණයටත්, එය කළින් කරන ලද භාණ්ඩ ඇවුරුම් ලබාගෙන ඒවා ඉහළ ප්‍රතිචක්‍රකරණය -යම් භාණ්ඩයක් අමුද්‍රව්‍ය බවට හරවා තවත් භාණ්ඩයක් හැදීම- (upcycle) කර ලාභ උපයා ගනියි. නිදසුනක්: පරිගණක Circuit Board වලින් හදන Clipboard.
ටොම් සැකි නැමති තවත් අතේ සතේ නැතිව ඇමෙරිකාවට පය ගැහුවෙක් පරිසරයත් බේරාගන්නට ක්‍රමයක් හදමින් එසේ ධනවතෙක් විය. 2006 ජූලි මස Inc සඟරාව වයස 30 ට අඩු පළමු තැන දිනාගත් ව්‍යාපාරිකයා (The #1 CEO Under Thirty) හැටියට මාක් සුකර්බර්ග් පරදවමින් ටොම් සැකි තෝරා ගනියි.
ඇමෙරිකාවේ ප්‍රතිචක්‍රකරණය සඳහා කුණු එකතු කරන තවත් ලාභ සොයන පුද්ගලික සමාගම් හා රජයේ නොවන සංවිධාන බොහොමයකි.
මේරිලෑන්ඩ්හි මහා පරිමාණයෙන් කුකුලන් ඇති කරන පුද්ගලික ව්‍යාපාරික සමාගමක් කුකුල් අපද්‍රව්‍යයෙන් පොහොර හදා විකුණයි. ඇමෙරිකාවේ කුකුලන්ට ආසනික් දීම තහනම් ය. ඒ නිසා කුකුල් අපද්‍රව්‍යයෙන් හදන organic පොහොර වල ද ආසනික් නැත. මේරිලෑන්ඩ් ප්‍රාන්ත රජය විසින් ඔබාමා ආණ්ඩු රජයෙන් හරිත ව්‍යාපාරිකයන් සඳහා විශේෂ ණයක් මෙම මහා පරිමාණ පුද්ගලික ව්‍යාපාරයට ලබා දී ඇත. එය මේ මහා පරිමාණ පුද්ගලික ව්‍යාපාරිකයාත් හා ටොම් සැකි වැනි කුඩා නවක ව්‍යාපාරිකයා යන දෙදෙනාම තරඟ කරන කුණු පොහොර වෙළඳපොල අල්ලන්නට යන සටනේ දැවැන්තයාට ඔබාමා රජය විසින් දුන් විශේෂ සැලකිල්ලක් වෙයි. නිදහස් වෙළඳපොලක එය නුසුදුසු ය. මේරිලෑන්ඩ් ප්‍රාන්තය ඒ සැලකිල්ල නුදුන්නා නම් මහා පරිමාණ පුද්ගලික ව්‍යාපාරිකයා ඩෙලවෙයාර් ප්‍රාන්තයට (බදු සහ රීති අඩු නිසා) තම ව්‍යාපාරය ගෙන යන්නට හදන තැතක් ගැන කතාවක් ද පුවත්පත් වලින් අහන්නට ලැබුණි.
ආණ්ඩුවක් මැදිහත් වීමේ දී නිතරම නොදන්නා කරුණු බොහොමයකි. නොසිතූ ප්‍රතිඵල වැඩි ය. නිදහස් වෙළඳපොල තරඟයට ඉඩ දීම නිසා, අද වැනි මහත් වැරදි රහසින් කරත නොහැකි යුගයක, තනිවම ජීවත්වන්නට අකමැති මිනිසා විසින්, ලෝකයේ ස්වභාවික සම්පත් ඉක්මණින් ක්ෂය වීම ද වළකන භාණ්ඩ නිෂ්පාදකයාව අගැයීමත්, විනිවිද භාවය තීරණයත් පාරිභෝගිකයා අතට පත්කරයි.
ඇමෙරිකන් හරිතවාදය අද ඊයේ පටන් ගත්තක් නොවේ. සටහනට දැමූ closed loop පින්තූරය ලබාගත් Petoskey Plastics කොම්පැණිය හරිතවාදීව හිතන්නේ 1978 ගණන්වල දී සිට ය. නමුත් ඔවුන් ලෝකයට කිය කියා ඉන්නට නොගොස් ලෝකය බේරා ගන්නට කටයුතු එදා පටන් අද දක්වා කරමින් සිටිති.
පුද්ගල අයිතිය අගයන අය පුද්ගල අයිතිය වගකීමෙන් පාවිච්චි කරද්දී, එය දකින්නට නොහැකි අය දකිනුයේ ලොව කිසිවකුත් අයිතියක් නොකියන මහ මුහුදක් මැද ගොඩ ගැසෙන ප්ලාස්ටික් බිඳිති වලින් සෑදුන කුණු ගොඩකි. කවදා හෝ දිනයක එය ඉවත් කරන්නටත් (අනිත් රටවල් සේරම දුප්පත් නිසා) ඇමෙරිකන් ධනවාදීන්ටම සිදුවෙනු ඇත!!! ඒ කුණු ගොඩෙන් upcycle කරන බඩු ලොවට විකුණන ධනවතෙක් අනාගතයේ දී ඇමෙරිකාවෙන් ම බිහිවනු ඇත් ද?!! කුණු ගොඩ ඉවත් කර පරිසරය බේරගන්නට එයින් හැදෙන ප්ලාස්ටික් බෝල මාලයක් අයිතියට කේවල් කරන මිල ebay හි කොතරම් ඉහළ යයි ද?!! එවිට කවුරුත් අයිතිය නොකියූ කුණුගොඩට හදිසියේම අයිතිය කියන්නට යුද පටන් ගනියි ද?!!

සමත් අසමත් රාජ්‍ය වල වෙනස …..
ඉඳුනිල්,
මෙහෙම කිව්වොත් වඩා නිවැරදියි නේද? … සමත් අසමත් පුද්ගලයන් අතර වෙනස …
ඔබ හරි. මම රටවල් ඉලක්ක කරලා කිව්වේ අපේ වගේ රටවල් වල ඔය වගේ දේවල් වෙන්න ඉඩ කඩ තවත් අඩු නිසා. අසමත් රටක අසමත් පුද්ගලයින් බහුතරයක් ඉන්නවානම් .. මම අසමත් කියන ඒකෙන අදහස් කලේ “නොහැකි” කියන තේරුමම නෙමෙයි.
ඉඳුනිල්,
ඔව් ඉඳුනිල්, පුද්ගලයා ‘අසමත් වෙන්නෙ’ හැම විටම ‘නොහැකියාව’ නිසා නෙවේ. ’නොහැකියාව’ ඔවුන් විසින් අයින් කරලා ‘හැකියාව’ ලබාදෙන සැලසුම් හදනවා යැයි පීඩකයෝ දෙන බොරු පොරොන්දු විශ්වාස කරන නිසා. එහෙම කතා විශ්වාස කරන්නෝ ද තමන් විසින් හැකියාව ලබාගන්න හැටි නොදකින්න ඇස් පියාගෙන ඉන්නෙ.
තනි පුද්ගලයෙක් විසින් වගකීම අරගෙන කරන දේවල්. ඒවගේ අය තමා අද රටට අවශ්‍ය. ඒ වගේ අය තමා අඩුම.
Hishan Melanga,
ඒ අයව අපි වැඩියෙන් අගයන්න පටන් ගනිමු. අනිත් අයට වැටහෙයි කවදා හරි ඒක.
අරුණි අක්කේ පෙනේද අපේ අයගේ හා ඔවුන්ගේ වෙනස.
වෙනසක් කරන්න නොබියව තම වි. වි. අධ්යාපනය උගසට තියන්න තරම් ඒ මිනිස්සු තමන්ගේ හැකියාව ගැන ආත්ම විශ්වාසයෙන් ඉන්නේ.
ලංකාවේ කීයෙන් කීදෙනාටද මෙහෙම කොන්දක් තියෙන්නේ.
මෙව්වා අපේ උන්ට හොද පාඩම්, වැටෙන්න හරි නැගිටින්න, වෙනසක් ඇති කරන්න, ක්‍රියේටිව්ව හිතන්න අපේ උන්ට 2020 දී වත් පිලිවන් වේවා, එහෙව් ගමනට දිරි දෙන්න තවත් මේ වගේ කතා ලියන්න.
ප.ලි : හැමදාම ලංකාවේ දේශපාලනයට බැන බැන ලංකාවේ බිස්නස් කරන්න බෑ කියන උන්ට මන් කියපු දේ අදාල නොවන බව සලකන්න.
bckurera,
හැමදාම තියන දේශපාලනයට බැන බැන, බිස්නස් කරන්න බෑ කියලා අඬ අඬා ඉන්න අයටත් අපි කියලා දෙමු ඒ අය පුද්ගලයාට හා පරිසරයට දැඩි වගකීමෙන් පැතිවාදී නොවී බිස්නස් කරනවා නම් ජනතාව ඔවුන් සමඟ බව. ඉදිරි අනාගතයේ දී දිනන්නෙ එහෙම අය බව.
අරුණිත් (පශ්චාත්) උපාධිය අත හැරියා නොවැ!
නියම බිස්නස් කාරයෙක්.
/* ඇමෙරිකාව තුල කුණු ගොඩක් ඇත!!!
*/
ෂහ්! මටත් හිතෙනවා ඇමරිකාවට එන්න.
ජනප්‍රිය බ්ලොග් එකකට හොඳ අමුද්‍රව්‍ය තියෙනවා වගේ.
බලාගන යනකොට ඇමරිකන් ජාතිකයෝ හරිම දක්ෂ කොටසක් නේද?නැත්නම් ඕනෑම කෙනෙක් ඇමරිකාවට පය ගහපු හැටියේ එහෙම වෙනවද?
praveena,
ඇමෙරිකානුවා කවුද? ටොම් සැකි මෙන් ලොව නන් දෙසින් එන සංක්‍රමණිකයන් වෙතින් හැදුණු පිරිසකි. එනම් ඔවුන් අරගෙන එන්නා වූ වටිනා දෑ පැළ කරන්නට හැකි සරු භූමියකි.
ඕනෑම කෙනෙක් ඇමෙරිකාවට පය ගැහුව හැටියෙ එහෙම වෙනව ද?
නැහැ. අර කළින් සටහනක කිව්ව ‘පැය දස දහසක රීතිය’ අනුව ඒකීය පුද්ගල වෙහෙසක් දාන අය විතරයි දක්ෂයෝ වෙන්නෙ. ඇතුලට ඇවිත් මෙහෙ තියන කුණු විතරක් දිහා බලලා, කුණු වලට බැන බැන ඉන්න පිරිස මෙහෙ තියන තමන්ගෙ රටවල නැති ඒ සරු පස නොදකින අය.
ඔබ ෙග් ලිපියට තුති.අපි අනුන් ෙග් වැරදි ෙසවීම නතර කරල අපිත් වැඩට බැස්සනන් ප්‍රතිපලයක් තිෙය්වි.ජීවිෙත් ඉෙගන ගන්න ෙක ෙනකුට ෙහාද අත්වැලක්…ජය…
අරු,
ස්තූතියි. හැමදාම වෙන කවුරු හරි කරනකම් බලාගෙන ඉන්න අයට ඕක කොහොම ද වැටහෙන්නෙ?!!!
ස්වයං-සැදූ එකීය පුද්ගලයා යනු රෑන්ඩියානු ප්‍රබන්ධයකි. අයින් රෑන්ඩ් අදහන්නන් පුන පුනා නැවත නැවත කීම නිසා තමන්ගේ බොරුවට තමන්ම නසුර්දීන් මෙන් රැවටීමකි. ස්වයං-නිර්මිත කිසිවෙකු මෙලොව නැත. පුද්ගලයා සමාජය තනන පරිමානයෙන්ම සමාජය විසින් පුද්ගලයින් තනනු ලබයි. ඒකීය පුද්ගල මොළයෙන් සිතන එකීය අමෙරිකානුවාගේ පවා සිතුවිලි සන්තතිය ඇති වන්නේ භාෂාව හරහාය. පුද්ගලික භාෂාව කියා දෙයක් නොමැත භාෂාව පොදු දේපලකි.
කාට කියන්නද ඉතින්
ඔව්ව කියලා අරුණි ගෙ ෆ්ලෝ එක කඩනවට වඩා හොඳයි ඔන්න ඔහේ යන්න දෙන එක. අරුණි දුවන්නේ ව්යාතිරේඛය සාමාන්‍ය ලෙස මවා පෑමෙන් සහ ගොඩයන්ට මැජික් පෙන්නිමෙන්. විරෝධයක් ආවොත් බේරෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වලින්. දිගු කාලයක් මේක කලොත් ලස්සන ගොබෙල් පාරක් වෙන්නත් බැරි නැහැ.
ඔබේ නස්රුදින් උදාහරණය පට්ට. අර සිටුතුමාගේ ගෙදර දානයක් දෙන කතාව නේද?
හොඳ අධ්‍යනයක් තමයි අරුණි ට දිගටම මේ ෆ්ලෝ එකේ යන්න දීල එයාගේ පාටකයා දෙස විමසිලිවත් ව බලන එක. කාලයත් එක්ක වෙන වෙනස්කම්. කොහොම සංවාදයක් ද, මොන වගේ කොමෙන්ට් ද එන්නේ. ඔය වගේ කරුණු.
උදාහරණයක් හැටියට සමාජවාදී කට්ටිය දැන් අඩු වෙලා. චානුක ට උත්තර දෙන්නේ නැහැ නේ, ඉතින් ඔහුගේ කොමෙන්ට් අඩු වෙයි. මාත් ඉන්නේ දැන් එකම දේ කියලා ඇතිවෙලා. අසෝක කාලෙකින් දැක්කේ නැහැ. ඔය වගේ අය [ඔක්කොම නොඑන හේතු මතවාදී නොවෙන්න පුලුවන් ඒත් සමහර ඒවායේ පැටර්න් දැකිය හැකියි]
ඔහොම යනකොට ගොබෙල් කරණයක් කල හැකියි. මෙය මාධ්‍ය පිලිබඳ හදාරන අයට හොඳ උදාහරණයක්.
මා අරුණි නරකයි කියා කිව්වා කියල වැරදි අවබෝධයක් එන්න හොඳ නැහැ. මෙහෙම වත් මේ දේවල් කතා කරන එක ලොකු දෙයක්. පුද්ගල [ඒකීය
] මාධ්‍යකරණයේ අරුණි ඉන්නේ අලුත් පැතිකඩක. විවේචන තාර්කිකැ හා මතවාදී පදනමක විතරයි.
සුජීව,
//ගොඩයන්ට මැජික් පෙන්නිමෙන්//
විද්‍යාවෙන් ලත් ජය පැහැදිලිව දකිනු නොහැකියාව ඉතින් අතීතයේ සිට සමහර අයට නම් මැජික් තමා!!
විද්‍යාව නම් ප්‍රාතිහාර්ය නොවේ. ඔප්පු කරන ලද්දක් තමන් විසින් ම කර ඒ ප්‍රතිඵලම ලබත හැකි දැයකි. ගැඩවිල්ලන්ට ආහාර දී උන් පිටකරන අපද්‍රව්‍ය පොහොර හැටියට යොදා සරුවට වැඩිච්ච රසැති තක්කාලි ගෙඩියක් ලබා ගැනීම ඕනෑම කෙනෙකුට එකම ප්‍රතිඵලය ගෙන දෙන්නකි.
kevin perera,
අවශ්‍ය සියළු ශාරීරික අංගයන් මනාව වැඩ කරනවා නම් ඕනෑම මිනිසෙකුට හුස්ම ගන්නට කිසිවෙක් කියා දිය යුතු නැත.
අවශ්‍ය සියළු ශාරීරික අංගයන් මනාව වැඩ කරතත්, උස් පහත්, ධනවත් දුප්පත් භේදයක් නැතිව, භාෂාව හසුරුවත හැකියාව පුද්ගලයන් අතර විවිධ ය.
ඒකීය උත්සාහයක් නැතිව භාෂාව සියල්ලන්ම එක සේ පරිහරණයට දන්නේ නම් එය පොදු දේපළක් යැයි කියත හැකියි.
නැත, භාෂාව පොදු දේපළක් නොවේ. ඒකීය පුද්ගල උත්සාහයෙන් තමන් විසින් ම වර්ධනය කරගත හැකි භාෂාව හැසිරවීමේ හැකියාව ඒ පුද්ගලයාට අයිති පුද්ගලික දේපලකි.
භාෂාවක වචන සහ අර්ථ යනු පොදු එකඟතාවයෙන් ගොඩනැගී ඇති දෙවල්ය. යම් වචනයකින් හදුන්වන්නේ මේ දේ යැයි අපි පොදු එකඟතාවයකට පැමිනීම නිසා අපිට භාෂාව හරහා සන්නිවේදනය කල හැක. සුජීව කියා ඇති පරිදි ලොකයේ සුවිශේෂ ව්‍යාතිරේකයක් වූ විලියම් සේක්ෂ්පියර් වගේ ඇතැම් ටික දෙනෙක්ට පමනයි හැකිවුනේ භෂාවක වචන හෝ අදහස් ස්ව්කීය වූ අන්දමකින් හසුරුවන්න. කෙසේ වුවත් මොන තරම් අතාර්කික කරුනු කීවද අයින් රෑන්ඩ් හරි හෝ වැරදි හෝ අයින් රෑන්ඩ් ලංකාවට හඳුන්වාදීමේ ගෞරවය අරුනිට හිමිවිය යුතුය.
මිසී මන් මේ නිකමට වගෙ අහන්නෙ, ඔහේ ගැඩවිල්ලෝ ආසනික් වලට මැරෙනවද?? මෙහෙ මිනිස්සුත් මැරෙනවලු පලිබෝද නාශක වල තිබුන නිසා, නාථ දෙවියෝලු කියලා තියෙන්නෙ!
ගතයුතු දේවල් තියන ලිපියක්… ඒත් ඔය හැම දේම ඇමරිකාවේ බල මහිමය කියල පිළිගන්න නම් කැමැත්තක් නෑ…