විචාරාත්මක චින්තනය නොහොත් නිරවුල් ව සිතීම
ඉස්සරහට අඩියක් තියන්න හැදුවට ඒ අඩිය ආපහු ගන්න හිතුන. මොකද, මෙතෙක් කියාගෙන ආපු දේවල් වලින් සංකල්පයක් අවබෝධයට නිරවුල් මාර්ගය පැහැදිලි කිරීම මා අතින් සිද්ධ වී ඇත්තේ ප්‍රමාණවත් ලෙසකින් නොවෙයි. එයට නැවතත් උත්සාහයක් මේ.
දර්ශනය මගේ ප්‍රධාන අධ්‍යයන අංශය, දෙවැනිය මනෝවිද්‍යාව. ඒ දෙක පදනම් කරගෙන ලෝකේ තියන හැම දෙයක් ගැන ම ඉගෙන ගන්න කුතුහලයක් මට තියනවා. දර්ශනය හැදැරීම නිසා ලැබුනේ නිරවුල් ව සිතන්න පුහුණුවක්. විචාරාත්මක චින්තනය නැතිව කිසිම අධ්‍යයනයක්, රැකියාවක් සහ සමාජ ආශ්‍රයක් සාර්ථක වෙන්නේ නැහැ. ඇයි යන්න නිරවුල් චින්තනය කුමක් දැයි අවබෝධයෙන් තමයි පැහැදිලි වෙන්නෙ.
ලෝකයේ ගැටළු නිරවුල් ව දකින්න ලැබීමෙන් තමන්ට ඇති වාසිය තමයි තමන්ගෙ තත්වය වැඩි දියුණු කරගන්න හැකියාව ලැබීම.
තර්කයක ව්‍යුහය නැත්නම් ප්‍රස්තුත හා නිගමන ගැන මා කළින් සටහන් වල දී කියා තියෙනවා. අපි බ්ලොග් ලියද්දී, ලියපු අයට ප්‍රතිචාර දමද්දී වගේ ම, අධ්‍යාපනයේ දී, රැකියාවේ දී හා යහළු මිත්‍රාදීන් ආශ්‍රයේ දී වැඩියෙන් යෙදෙන්නේ තාර්කික වාද වල.
හැම වාදයක ම සාමාන්‍යෙයන් දැකිය හැකි ලක්ෂණ (standard form) මෙහෙමයි:
1. හැම විශ්ව විද්‍යාල සිසුවෙක් ම උගත් අය.
2. නිර්මලා විශ්ව විද්‍යාල සිසුවියක්.
3. ඒ නිසා, ඇය උගත් තැනැත්තියක්.
ඉහත වාදයේ දී හැම වාක්‍යයකට ම නමක් තියෙනවා.
* පළමු වාක්‍යය මූලික ප්‍රස්තුතයක්, සාමාන්‍ය රීතියක්.
* දෙවැනි වාක්‍යය සුළු ප්‍රස්තුතයක්, විශේෂිත වූ කියමනක්, නැත්නම් සිද්ධියක්.
* තුන්වැනි වාක්‍යය තමයි නිගමනය.
පුද්ගලයන් අධ්‍ය්‍යනයේ දී හා රුකියාවේ දී පමණක් නොව සාමාන්‍ය කතාබහේ දී ද මේ ක්‍රමය තමයි අදහස් හුවමාරුවට පාවිච්චි කරන්නෙ. අපි හිතන්නේ ඒ විදියට. ඒත් ගොඩක් අය අදහස් හුවමාරුවේ දී ඉහත ප්‍රස්තුත විග්‍රහයට ඉඩක් දෙන්නේ නැහැ. එයින් වාද කරන්නේ මොනවා ගැන ද යන්න ගැන අවබෝධයක් ද නැතිවෙනවා. ඕනෑම විෂයයක් ඉගෙන ගනිද්දී අහලා තියනවා නම් විවේචනාත්මක විමර්ශනය (critical analysis) කරන්න කියලා, මේක තමයි ඒ. මිනිස් මොළයක් ඇති අයට පමණක් සුවිශේෂී වූ හැකියාවක්!!!
විවේචනාත්මක විමර්ශනයට මුලින් ම යම් විෂයකින් මාතෘකාවක් අරගන්නවා. ඒ සඳහා වාද (arguments) කිහිපයක් ඉදිරිපත් කරනවා. ඒ එක එක වාදය සඳහා ඊට ඇති සාක්ෂි (evidence) අනුව ඒ වාදයේ ඇති හැම ප්‍රස්තුතයක් ම තහවුරු කරනවා දැයි සොයා බලන හැකියාව.
එහෙම රචනාවක් ලියන්න හැකි නම්, ඒ රචනාවට තමයි වැඩියෙන් ම ලකුණු ලැබෙන්නෙ. මොකද එවිට ඒක එහෙම ලියපු තැනැත්තා ඒ මාතෘකාව ගැන විවේචනාත්මක විමර්ශනයක් කරලා තියෙන නිසා.
අද අහන්න ලැබෙන ප්‍රවෘත්ති, දේශන, බ්ලොග්, යහළු මිත්‍රාදීන් හා කතාබහේ දී එහෙම වෙනවා ද යන්න සොයා බලන්න හැකිනම් අපිට පුළුවන් නිරවුල් සිතුවිලි වලට ඉඩක් ලබාදෙන්න.
එහෙම නැතිව හිතට සමීප නිසා අදහස් පිළිගත්තාම වෙන්නෙ හරියට ලස්සන කෙල්ලෙක් කියන ඕනෑම දෙයක් පිළිගන්න කොල්ලෙක්ට වෙන දේ!!! නැත්නම් ධනවත් කොල්ලෙක් කියන ඕනෑම දෙයක් පිළිගන්න කෙල්ලෙක්ට වෙන දේ!!! (ඒ ආන්තික වූ උදාහරණ දෙකක්!!! මේ සුළු ප්‍රස්තුත වලට සාක්ෂි පරිනාමවාදී මනෝවිද්‍යාවෙන් සපයන්න පුළුවනි!!!)
විවේචනාත්මක විමර්ශනය පැහැදිලි කරන්න, අපි සලකා බලමු කුඩා දරුවන්ට ඥානය ලැබෙන්නේ කොහොම ද යන වාදය. ඒ ගැන වාද බොහොමයි. එකක් තමයි, ඉගෙන ගන්නේ තම හැදියාවෙන් කියන පැත්තෙන් ගත්තම එන මේ වාදය.
1. හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් (skill) යනු ඔවුන් අන්‍යයන් අතරින් දකිනා කුසලතාවන් වලින් ලැබුණා වූවකි.
2. ඥානය යනු චින්තන කුසලතාවයකි.
3. ඒ නිසා, කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් අනිකුත් අය වෙතින් නිරීක්ෂණය කරන දැයෙහි ප්‍රතිඵලයකි.
තවත් වාදයක් නම් ජානුගත බවින් දරුවන්ගේ ඥානය ලැබේ යැයි කියාය. එහෙම බලනා අයෙක් මෙසේ වාදය ඉදිරිපත් කරයි:
1. හැම දරුවෙක් ගේ ම චින්තනය වැඩියෙන් ම තීරණය කරන්නේ ජානු විසිනි.
2. ඥානය යනු චින්තන කුසලතාවයකි.
3. ඒ නිසා, දරුවන්ගේ ඥානය වැඩියෙන් ම තීරණය වන්නේ ජානු වලිනි.
දැන් මේ වාද දෙකෙන් විමර්ශනය කැමැත්තාට අදහස් දෙකක් සොයා බලන්නට අවස්ථාව පෑදේ. සමාජයෙන් ලැබෙනවා යැයි කියන social learning වාදය ද? නැත්නම් ජානුගත නියත predisposition වාදය ද? දැන් මෙහෙම වෙන් කරගත්තාට පස්සේ තමයි සම්පූර්ණයෙන් විමර්ශනයට අවස්ථාව පෑදෙන්නේ. එහි අරමුණ නිගමනයට ආවේ කොහොම දැයි විමසිල්ල තක්සේරු කිරීම නෙවෙයි. ප්‍රධාන හා සුළු ප්‍රස්තුත විමසිල්ල හා ඒවා තක්සේරු කිරීමයි අරමුණ වන්නේ.
මොකද, වාදය නිගමනය මත වූවක් නම් චක්‍රාකාර වාදයක (circular argument) හිර වෙනවා. ඒ කියන්නෙ, අනුන් කරන දේවල් බලලා දරුවන් ඉගෙන ගන්නවා යැයි කියන අය එක පැත්තකත්, එය ජානුගත දායාදයෙන් ලැබෙන්නක් කියන අය අනිත් පැත්තෙත් හිර වෙනවා. තර්කයේ (debate) විවේචනාත්මක දෘශ්ටියක් කාටවත් දකින්න ලැබෙන්නෙ නැහැ. පේන්නෙ දෙපැත්තක් ඇති බව පමණයි.
ඒත්, අපි ඒ ප්‍රස්තුත සොයා බැලීම පටන් ගත්තොත්, එතකොට අපිට ඒ වාදය ගැන යමක් දැනගන්න අවස්ථාවක් පෑදෙනවා.
සමාජයෙන් දකිනා දැයෙන් දරුවන් ඉගෙන ගන්නවා කියන පැත්තෙන් එන ඉහත කියූව නැවතත්:
1. හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් (skill) යනු ඔවුන් අන්‍යයන් අතරින් දකිනා කුසලතාවන් වලින් ලැබුණා වූවකි.
2. ඥානය යනු චින්තන කුසලතාවයකි.
3. ඒ නිසා, කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් අනිකුත් අය වෙතින් නිරීක්ෂණය කරන දැයෙහි ප්‍රතිඵලයකි.
මෙහි දී අපිට මුලින් ම කරන්න පුළුවන් දේ තමයි එහි මූලික ප්‍රස්තුතය සොයා බැලීම: “හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් යනු ඔවුන් අන්‍යයන් අතරින් දකිනා කුසලතාවන් වලින් ලැබුණා වූවකි.” අපි හොයන්න ඕනා මේ ප්‍රස්තුතයට සහාය දෙන, විමසන, විරුද්ධ වන අදහස්. ඒ උත්සාහයෙන් අපිට මේ වගේ ප්‍රශ්න අහන්න ලැබෙනවා:
* දරුවෝ පෙන්වන්නේ ඔවුන් අනුන් වෙතින් දැකි චින්තන කුසලතාවයන් පමණක් ද?
* චින්තන කුසලතාවයට බලපෑම් කරනා වූ වෙනත් දේවල් තියනවා ද?
* හැම දරුවෙකුගේ ම චින්තන හැකියාව ලැබෙන්නේ අනුන් වෙතින් දැකි දේ වලින් කීම සත්‍යයක් ද, නැත්නම් මේක සමහර දරුවන්ට පමණක් ඇති හැකියාව සත්‍යයක් වූවක් ද?
එහි ඇති සුළු ප්‍රස්තුත සලකා බලන්න මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්:
* ඥානය යනු චින්තන කුසලතාවයක් ද?
* ඥානය යන්නෙන්, චින්තනයට බාහිර වූ වෙනත් කුසලතාවයන් නියෝජනය වෙනවා ද?
මෙහෙම ජීවිතයේ දී ප්‍රශ්න අහලා ඒවාට උත්තර සොයා ගැනීම තමයි විවේචනාත්මක විමර්ශනයෙන් සිද්ධ වෙන්නෙ.

ඉතාම වැදගත් ඉසව්වකටයි ඔබ අපව ගෙනයන්න හදන්නේ, හැබයි සමහර දේ තර්කයට හසුවන්නේ නෑ කියල බුදුන්වහන්සේ දේශනා කරල තියෙනව, විශේශයෙන් ඥාණය සම්බන්දව, එය අත්දැකීමෙන් ලද යුතු දෙයක්, හරියට වතුර රස කවදාවත් වතුර නොබීපු කෙනෙකුට තේරුම්කරදෙන්න නොහැකි වගේ. ඥාණයත් සමහර විට විඳිය යුතු දෙයක් වගේ කියල මට හිතෙනව.
dayal – bathee,
//හැබයි සමහර දේ තර්කයට හසුවන්නේ නෑ කියල බුදුන්වහන්සේ දේශනා කරල තියෙනව// යැයි සඳහන් වන්නේ කොහෙද කියලත් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
අහවල් තැන් යයි මට මේ දැන් කියන්න නොහැක ‘අතක්කෝ’ යන පදය, ඔබ අසා ඇත්නම් තේරුම එයයි. ම’හිතනව බුද්ධාගම ගැන හොඳට දන්න අය මට උදව් කරයි.
අතක්කෝ යන පාලි පදයේ තේරුම අතාර්කිකයි යන්නයි.
dayal – bathee,
පාලි භාෂාවෙන් Yāthāva කියන්නෙන් අදහස් වෙන්නේ තාර්කික යන්නයි. micchā – diṭṭhi නම් වන්නේ ආතාර්කික වූ අදහස් (incorrect or illogical view) ය.
සංස්කෘත භාෂාවෙන් අතර්ක (अतर्क) illogical reasoner සහ bad logic තේරුම් ගෙන දෙයි.
අතාර්කික බව කියන්නට පාලි හා සංස්කෘත වචන දෙක සමඟ //සමහර දේ තර්කයට හසුවන්නේ නෑ// සහ //ඥානය එය අත්දැකීමෙන් ලද යුතු දෙයක්// යන ප්‍රස්තුත ඇතැයි ඔප්පු කරන සාක්කි කොහෙන් හොයා ගන්න දැයි ප්රශ්නයකි.
#dayal-bathee
දන්නැති මගුල් රට පඩත්තලයෙක් වගේ කියවනවා. මෙලෝ හසරක් දන්නැතුව දන්නවා වගේ පෙන්නන මෝඩයන්ගේ ගොඩට අයිති ලූසර් කෙනෙක් තමුන්නැහේ.
NotAFool,
දයාල්-බතී නොදන්න දෙයක් හොයාගන්න උත්සාහ කරන්නෙ නොදන්න දෙය දැනගෙන දන්න කෙනෙක් වෙන්නයි. NotAFool කියාගත්තාට ඔයා දන්නැති දේවල් හොයාගන්න උත්සාහයක් නැති නිසා හැමදාම Fool වෙයි ද?!!!
අගක් මුලක් නැති විකාර ලිපියක් මේක. හිතට ආපු විකාර වගයක් ඔහේ ලියාගෙන ලියාගෙන ගිහිල්ල. ලිපියක් උනාම proper introduction එකකුත් proper conclusion එකකුත් තියෙන්න ඕනේ. මේකේ එහෙම කිසි දෙයක් නැහැ.නිකන්ම වචන ගොඩක්.
Suits you, mate!
Suits what? Please clarify.
NotAFool මැතිතුමාට හෝ තුමියට මට කියන්න ඇත්තේ මගේ කණ හරහා ගැහුවාට ස්තුතියි, එතකොට තමයි සිහිය සැපත් වෙන්නේ කියලයි.
මට මෙතනදි තේරුන හැටියට. ප්‍රස්තුතයක් ඔප්පු කරන්න arguments කිහිපයක් ලබා ගන්නව. එම arguments ඔප්පු කිරීමට evidence යොදාගන්නව. ඒ evidence මගින් ප්‍රස්තුතය තහවුරු කරගන්නව. තහවුරු වෙන්නෙ නැත්නම් තහවුරු වෙන ආකාරයට ඒ ප්‍රස්තුතය වෙනස් කරගන්නව(සාමානයෙන් මිනිස් හිත). එසේ ඔප්පු කරගත් ප්‍රස්තුත මගින් නිගමනයකට එලබෙනව. ඔබතුමිය මීට පස්සෙ දාපු post එකෙන් මට කියල දීපු විදියට premise කියන ඉංග්‍රීසි වචනයට google search එකක් දාල බැලුව.
premise –
Verb:
Base an argument, theory, or undertaking on: “the reforms were premised on our findings”.
Noun:
A previous statement or proposition from which another is inferred or follows as a conclusion.
මට මේ ටික කියවල තේරුන හැටි නම්, ප්‍රස්තුතයක් තනිව පැවතීමට ඇති ඉඩ කඩ අවම බවයි. එය සැම විටම විචාරයකට බදුන්වී, ඒ මගින් යම්කිසි නිගමනයකට එලබ සිටිය යුතුයි.
“මුලික ප්‍රස්තුතයක්” කියල ඔබ හදුන්වන්නෙ සාමානයෙන් general premise එකක් විය යුතුයි. මොකද එය සාමානයෙන් විශාල පිරිසක්/කුලකයක් ඉලක්ක වන නිසා. උදාහරණ ලෙස මේ post කේ එන
1. හැම විශ්ව විද්‍යාල සිසුවෙක් ම උගත් අය. (මුලික ප්‍රස්තුතය) (විශාල පිරිසක්)
2. නිර්මලා විශ්ව විද්‍යාල සිසුවියක්.
3. ඒ නිසා, ඇය උගත් තැනැත්තියක්.
හා මීලග post එකේ එන
* සමන්තිගෙ උපන් දින උත්සවයට මට ආරාධනාවක් තියනවා.
* හැමෝම යනවා සමන්තිගෙ උපන් දින උත්සවේට. (මුලික ප්‍රස්තුතය) (විශාල පිරිසක්)
* ඒ නිසා, මාත් යන්න ඕනා.
හැබැයි “සුළු ප්‍රස්තුතය” කියන එක ඉංග්‍රීසියෙන් කොහොම තේරුම් ගන්නද කියල මට නම් හිතා ගන්න බැහැ.
Hishan Melanga,
සෑහෙන්න හොඳ විස්තර කිරීමක්. ගොඩක් ස්තූතියි.
අපිට general premise එකක් විදියට ගන්නත් පුළුවන්. ඒත් ඒක සාමාන්‍යයක් (general) වෙනවාට වඩා ඒක තමයි ප්‍රධාන නොහොත් ඒ තර්කයට මූලික වූව. සාමාන්‍යයෙන් යමක් ගැන කතා කරද්දී ඒකට ඇති වැදගත්කම අඩු නිසා, ඒ කියමනට සාමාන්‍ය යැයි කියනවාට වඩා ප්‍රධාන හෝ මූලික යැයි කීම වඩා නිවැරදියි. හැම තර්කයක ම ප්‍රධාන ප්‍රස්තුතයක් තියෙන්න ඕන. ඒ වගේ ම සුළු ප්‍රස්තුත (minor premise) තියෙන්නත් ඕන. ප්‍රධාන ප්‍රස්තුතයෙන් නිගමනයට යන්න තර්කයට සහාය දෙන්නෙ ඒ සුළු ප්‍රස්තුත වලින්. ප්‍රධාන වූ කියමන අනුව අදාල වූ සිද්ධි/කාරණා ඇසුරින් තමයි නිගමනයකට යන්නෙ.
Brain Storming එනම් වැඩදායක දැනුමක් සොයන්න අප සමුහයක් වශයෙන් එකතුව යාමේදී මං කරන දේ නරකක් නෑ, ප්‍රතිපල තියෙනව. ‘අතක්කාවචර’ යන පදය හමු උනා, මාරායාගේ post එකට කොමෙන්ට් එකක තිබිල රේරු කානේ චන්දවිමල හිමියන්ගේ කෘතියකින්
නිර්වාණ විනිශ්චය 72 පිටුව
http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Nirvana%20Winishchaya%20Ha%20Punaruthpaththi%20Kramaya.pdf
dayal-bathee,
ගොඩක් ස්තූතියි දයාල්-බතී මල්ලි සබැඳිය දැම්මට. රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් අපේ ගෙදර තිබුණු බව මතකයි. නැවතත් එහි භාෂාවට ටිකක් හුරුවෙලා හිමිහිට කියවන්න ඕනා.