දාමරික ප්‍රචණ්ඩත්ව ඉහළ මයාමි බීච්
මයාමි නගරයේ ආර්ට් ඩෙකෝ හෝටල් සහ ලමස් පාර්ක් ඇති මයාමි බීච් මුහුදු වෙරළ අසබඩ පෙදෙස රටේ දාමරික ප්‍රචණ්ඩත්ව ඉහළ ම තැනක් යැයි සැලකේ. සෙසු ඇමෙරිකාවේ (2010 දත්ත) සාමාන්‍යයට (319.1) වඩා එහි දාමරික ක්‍රියා (651.8) දෙගුණයකින් පමණ වැඩි ය. දහවල් කාලයේ එහි පොලිස් නිලධාරීන් බහුලව දැකිය හැකිය. රාත්‍රියේ දී උද්‍යානය, නිවාස නොමැති අය නිදාගන්නා, මත්ද්‍රව්‍ය විකුණන හා මිල දී ගන්නා අයගේ රාජධානිය වෙයි.
සංචාරකයාටත්, පළාතේ වැසියන්ටත් මෙන් ම නිවාසයකට අයිතියක් නොකියා උද්‍යානයක ජීවත්වෙන නිදහස් මිනිසාටත්, ශාරීරික ව්‍යායාම් කරන්නට එළිමහනේ ඉදි වූ මුදල් අය කිරීමක් නැති කය වඩවන ආම්පන්න මෙසේ ඇත.

මයාමි බීච්හි ජනගහණයේ වැඩියෙන් ඉන්නේ හිස්පැනික් නොහොත් දකුණු ඇමෙරිකානු රටවල වැසියන් වෙති. යුරෝපීය ආභාෂය ඇති සුදු හම ඇත්තෝ ඊ ළඟට වැඩිම පිරිස වෙති. චීන, ඉන්දියන් හා කළු අය ඉතා ස්වල්පයකි.
ස්පාඤ්ඤ භාෂාව නොදන්නේ නම් එහි ජීවත්වීම නීරස ය. 2003 දී අපි එහි යද්දී දැක්කාට වඩා 2012 වෙද්දී හැමෝම කතාබහ කරන්නේ ස්පාඤ්ඤ (ලතින් ඇමෙරිකානු හුරුව) බසිනි.
මේ පැත්ත ආර්ට් ඩෙකෝ දිස්ත්‍රික්කය යැයි හැඳින්වෙන්නේ එහි ඇති හෝටල් නිමැ වී ඇති විලාසය සහ ඒවායේ බිත්ති පාට නිසා ය. මේ බිල්ඩින් නිර්මාණ ශෛලීය 1920 ප්‍රංශයෙන් ලබා ගත්තකි.

සෙසු ඇමෙරිකාවේ මෙන් ම මයාමි බීච් පැත්තේ ද දාමරික ප්‍රචණ්ඩත්ව කෙමෙන් අඩු වෙන බව දත්ත පෙන්වයි. එහෙත් නීති දැඩි කිරීමෙන් සාමය උදා වෙනවා යැයි සිතන පාලකයෝ දත්ත දිහා බලනවා දැයි සැක ය.
අද හැඳින්වීම: අරාබි සමාජවාදය (arab socialism)
මේ දේශපාලන සංකල්ප ගොඩ නැඟෙන්නේ සර්ව-අරාබීය ඇජෙන්ඩාවකට එකතු කරගන්නා සමාජවාදී මූල ධර්ම කිහිපයකිනි. අරාබි සමාජවාදයෙන් අරාබිකරයේ රටවල් එකමුතු කරන්නට උත්සාහයක් ඇත. යුරෝපීය සමාජවාදයේ බොහෝ සංකල්ප ද මෙහි දකින්නට තිබිය ද යුරෝපීය සමාජවාදයෙන් ඔවුන් වෙනස් වන්නේ සංස්කෘතිය හා බැඳුනා වූ හා සර්ව අරාබි අධ්‍යාත්මික අනන්‍යතාවයකින් යුතු වූ අදහස් වලින් සමන්විත හෙයිනි.
Al-Ishtirākiyya (සමාජවාදය) යැයි මුලින් ම අරාබි භාෂාවෙන් පොතක් ලියැවෙන්නේ 1913 දී කොප්ටික් ඊජිප්තු වැසියෙක් වන සලාමා මූසා විසිනි.
ස්ත්‍රීන්ට සම්පූර්ණ විමුක්තිය ලබා දිය හැකි යැයි කියන සමාජවාදය හා සමාජවාදී පක්ෂ තියරි වලින් සපිරි ආරබි සමාජවාදය ද සමාජ සමානාත්මතාවයක් නිර්මාණයට කැප වී සිටිති.
1917 සිට 1991 දක්වා සෝවියට් රුසියාවේ ජෝසප් ස්ටාලින්ලා, වී. අයි. ලෙනින්ලා, බොරිස් යෙල්ට්සින්ලා ගෙන් පසුව 2012 දී නැවත දිනන්නට දත කන ව්ලැඩමියර් පූටින් දක්වා කාන්තාවක් කී දෙනෙක් රටේ සෙන්ට්‍රල් කොමිටියේ හිටියා ද, අද ඉන්නවා ද?!!! කොමියුනිස්ට් චීනයේ කී දෙනෙක් හිටියා ද, අද ඉන්නවා ද?!!! කියුබාවේ කී දෙනෙක් හිටියා ද, අද ඉන්නවා ද? උතුරු කොරියාවේ කී දෙනෙක් හිටියා ද, අද ඉන්නවා ද?!!!!
ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ හා අනිකුත් සමාජවාදී පක්ෂ වල සෙන්ට්‍රල් කොමිටියන්හි කාන්තාවන් කොපමණක් හිටියා ද? අද ඉන්නවා ද?!!!!
අරාබි සමාජවාදීන්ට ඒ නිසා, කාන්තාවන්ට විමුක්තිය දෙනවා යැයි තියරි වලින් පොරොන්දු වූවාට බය වෙන්න දෙයක් නැති ද?!!!

ලංකාවෙත් සමහර පැති ඔය වගේ තමා. දෙමටගොඩ අවට සිංහ පුරය කියන්නේ නිශාචර චන්ඩින්ගේ එකතුවීම් පොලක්.
ගෝල්ඩ් fish,
දෙමටගොඩ බස් හෝල්ට් එක ගොඩක් හුරු පුරුදු තැනක් වෙච්ච කාලයක් තිබ්බා. කොහුවලින් පටන් ගත්ත 135 න් කැම්පස් යන 154 ට මාරුවෙන තැන.
ලංකාවේ ගොල්ෆේස් වල දහවල් කාලයේ දී තනිවම කාන්තාවකට ව්‍යායාම් සඳහා ඇවිදින්න යන්න පුළුවන් ද?
පූළුවන් කියලා හිතනවා. මොකද ඕනෙ තරම් ආරක්ෂක බලකායක් ඉන්නවා අවට…
විල් ස්මිත් වෙල්කම් ටු මයෑමි කියල කියනකොට මම හිතුවෙ එතන බොහොම සාමකාමී තැනක් කියල.
ආණ්ඩුක්‍රමේ මොකක් උනත් දේශපාලනයේ කාන්තා නියෝජනය හැමතැනකම අඩුයිනේ. ඒක සමාජවාදයට විතරක් නෙවේ නේද?
රාජ්,
විඩියෝවේ දකින්න ඇත්තෙ සිංදු කියාගෙන සාමයෙන් ඉන්න අය නෙවෙයි ද?!!!! රෑට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙ නැති නිසා වෙන්නැති අපි නම් දැක්කෙ බොහොම සාමකාමී පරිසරයක්.
//ආණ්ඩුක්‍රමේ මොකක් උනත් දේශපාලනයේ කාන්තා නියෝජනය හැමතැනකම අඩුයිනේ. ඒක සමාජවාදයට විතරක් නෙවේ නේද?// ඒත් සමාජවාදීන් විතරයිනෙ කියන්නෙ කාන්තා විමුක්තිය සැලසෙන්නෙ සමාජවාදී ක්‍රමයෙන් පමණක් යැයි කියලා … මෙහෙත් එහෙමයි, සමාජවාදී පක්ෂ තමයි ඒක වැඩියෙන් උලුප්පා දක්වන්නෙ .. ඒත් එයාල අතර කාන්තා නියෝජනය සමාජවාදී නොවන පක්ෂ වලට වඩා වැඩි නැහැ.
මන් දෑකලා තියන ගොඩක් සමාජවදීන් කියාගන්නා පුද්ගලයෝ තමන්ගේ අම්මට විතරයි තෑන දෙන්නේ.තමන්ගේ බිරිද,සහොදරියෝ එයාලට සමාජවදේ තියා දෙන්න ඕනෙ respect ekath නෑ.
Inesh,
සමානාත්මතාවය කුමක් දැයි හඳුනාගන්න අපහසුව. සමාජවාදීන් සමානාත්මතාවය දිහා බලන්නෙ අයෙක් වෙතින් අරගෙන තවත් අයෙකුට දිය යුත්තක් හැටියට. නැතිව හැමෝටම ලබා දිය යුත්තක් විදියට නෙමෙයි. පදනම වැරදි නිසා, ධනවතා ධනවත් වූයේ අනිත් අයගෙන් සූරා කාලා යැයි තැනින් පටන් ගන්න එකයි මූලික වැරැද්ද. එතැනින් පටන් ගත්තාම ධනයක් සොයන්නේ කෙසේද යන්න වැටහීමක් ලැබෙන්නේ නැහැ. පිරිමියා මූලිකයා වෙන්නේ අනිත් අය පීඩනය කරගෙන ඉන්නා නිසා … ගැහැණියට සමතැන දෙන සමානාත්මතා නීති වලින් ගැහැණිය නම් වූ පීඩිතයා බේරා ගන්න හැකි යැයි කීම. ධනවතාගෙන් උදුරා දුප්පතාට දීමෙන් ධනවත් වූ රටක් ද, නීති ගෙන ඒම නිසා කාන්තාවන්ගේ තත්වය යහපත් වූ රටක් ද ලොව නැහැ. හැබැයි, කියන ඒවා කරන්න බැරි බව 1920 ගණන් වල සිට තවම ඔප්පු කරගන්න බැරි වුනාට කිසිම ගැටළුවක් නැහැ ඔවුන්ට.