අනිත් රටවල ආහාර හිඟය
අන්තර්ජාතික පාසැලක ගුරුවරයක් ළමයි වෙත ප්‍රශ්නයක් යොමු කරයි,
“අනිත් රටවල ආහාර හිඟය ගැන ඔබේ මතය කුමක් ද?”
අප්‍රිකානු ශිෂ්‍යයෙක්, “මොනවා ද ආහාර කියන්නෙ?”
යුරෝපීය ශිෂ්‍යයෙක්, “මොකක් ද හිඟය කියන්නෙ?”
ඇමෙරිකන් ශිෂ්‍යයෙක්, “මොනවා ද ‘අනිත් රටවල්’ කියන්නෙ?“
චීන ශිෂ්‍යයෙක්, “මොකක් ද ‘මගේ මතය’ කියන්නෙ?”
උපුටාගන්නේ fatpita.net වලිනි.
****
හාස්‍ය දනවන්නේ විහිළුවක කුමන හෝ සත්‍යය ගැබ් වූ කොනක් ඇත්නම් ය. ඉහත විකට උත්සාහයේ ඇත්තේ සත්‍යයක පදනම් වී එයින් ගලා යන විහිළුවයි. ඒත් සමහර විට විහිළුවෙන් ඇස් රතු වෙන්නේ සමහරු විහිළුව සත්‍යයක් යැයි සිතන්නට ගිහින් හාස්‍ය රසවිඳින්නේ නැති නිසා ය!!!!
*****
ඇමෙරිකන් සිනමාව තුල කිසිවෙක් නොදන්නා රටක් ගැන කියන්නට උවමනා වූවා ම ලංකාවේ නම කියන්නට පටන් ගත්තේ Die Hard (1988) චිත්‍රපටියෙනි. සවුත්පාර්ක් විකට කාටූන් වැඩසටහනේ දී “The Mexican Staring Frog of Southern Sri Lanka” ගැන ද එම වසරේ දී ම සඳහන් වුණි. Burn Notice, House M.D., Castle වැනි ජනප්‍රිය රූපවාහිනි ටෙලිනාට්‍ය තුල ද ශ්‍රී ලංකාව එසේ නිරූපනය වෙයි. Children of Men (2006) නමින් වූ බ්‍රිතාන්‍ය-ඇමෙරිකන් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියේ මුල් ජවනිකාවක අම්මා කෙනෙක් පුතා සොයාදෙන්න යැයි සිංහලෙන් කියමින් හඬා වැලපෙන හැටි දැකිය හැකිය. Hanna (2011) යුරෝපීය-ඇමෙරිකන් චිත්‍රපටියේ ඉංග්‍රීසි කතා කරන්නට බැරි වුනත් කමක් නැහැ ඇමෙරිකාවේ වුනත් ජනප්‍රිය ගායකයෙක් වෙන්න ශ්‍රී ලංකාවෙන් ආපු M.I.A.ට හැකි වූවා යැයි සඳහනක් වෙයි. මේ මා නරඹා ඇති ඒවාය. මා නොදැකි හා ඉදිරියට තවත් කොපමණ කාලයක් දැන් හැමෝම දන්නා රටක් එසේ කවුරුත් නොදන්නා රටක් සේ පිළිබිඹු කරන්නට සිනමාකරුවන් පෙළඹෙනු ඇත් ද?!!!
****
අද හැඳින්වීම: ගෝලීයකරණය (gloabalization)
දේශපාලනයට අද ඇති මහත් අභියෝගය නම් දේශපාලනඥයන් කැමති වුවත් නැති වුවත් ලෝක ජනතාව වඩාත් ඉක්මණින් එකිනෙකා හා සබඳතාවයන් ඇති කර ගැනීමයි.
ගෝලීයකරණයට ඉතිහාසයේ පටන් ඕලන්ද, පෘතුගීසි, ප්‍රංශ, ඉතාලි, ඉංග්‍රීසි යනාදීන් යොමු වූහ. ජපනුන්, රුසියානුවන් හා ජර්මානුවන් ගෝලීයකරණයට ගියේ නැත. ඔවුන් රටවල් තුලට බලහත්කාරයෙන් ඇතුල් වී විරුද්ධවාදීන් දහස් ගණනින් මරා දමා රටේ සම්පත් සූරා කෑහ!!! ඇමෙරිකන්කාරයා රටක් අල්ලා ගත්තේ නැත. එහෙත් අන්තර්ජාලය සහ සමාජ සබඳතා අඩවි වලින් ගෝලීයකරණයට ඔවුන් ඉතිහාසයේ අනික් හැම උත්සාහයකට වඩා සාර්ථක වෙයි. මන්ද, එය රටක පාලකයන් විසින් නොව රට රටවල සාමාජිකයන් විසින් සිය කැමැත්තෙන් කරනා ගණුදෙනු වලින් පිරි වූ නිසා ය.
එයින් අහක් වී සිටිය හැකිය. එහෙත් ගෝලීයකරණය නැවතීමට නොහැකිය.

අපට නම් ආහාර හිඟයක් නොමැත. නමුත් ඒවා මිළදී ගැනීමට අවශ්‍ය දෑහී හිඟයක් ඇත…
maathalan,
මේක කියවලා ඇතිවෙච්ච හිතේ වේදනාව නැතිවෙන්න දුවන්න ගිහින් ඇවිත් උත්තරයක් දාන්නම්
maathalan,
අද ලෝකෙ ආහාර හිඟයක් නැහැ … කිසිම රටක.
වෙළඳාම පටන් ගත් දා සිට ලොව අයෙක් නිම කරන විජට්ටුවකට තවත් අයෙක් හදන විජට්ටුවක් හුවමාරු කර ගැනීම සිදුවුනා. ගණුදෙනු වලින් හැමෝගෙම ජීවිත සරුසාර වෙද්දී ඒක දැකපු පාලකයෝ ඒ මැද්දට ඇවිත් ගණුදෙනු වලින් තමන්ටත් කොටසක් ලබාගන්න සැලසුම් ගැහැව්වා. රජ්ජුරුවන්ගෙන් පසු අපි විසින් ම තෝරා පත් කරගත් පාලකයන් ද කරන්නේ එයයි. අපි විසින් තෝරා පත් කරගන්නා ක්‍රමයට පදනම වූ පාලකයාට වෙළඳපොල බලය අඩුවෙන් දෙන කොටස දැන් හැමෝටම අමතක වෙලා ගිහින්.
හිඟයක් නැතත් බඩුවක් මිල දී ගැනීමට නොහැකියාව ඇතිවෙන්නේ පාලකයන් තමන් වෙළඳපොල හසුරුවන්නට දන්නවා යැයි සිතා සැලසුම් ගැසීමෙන්. හොඳම උදාහරණය: සිම්බාබ්වේ වල බිලියන 100 ක නෝට්ටුවක් ගැහැව්වත් වැඩක් වුනේ නැතිකම.
බඩු මිල දී ගන්නට මුදල් නෝට්ටු, රිදී හෝ රත්තරන් විතරක් නෙමෙයි තමන් විසින් නිපදවන දැයකින් ද පුළුවන් … මම ඇමෙරිකන් අතුරුපස හදා දෙන නිසා එයාගෙ වත්තෙ වවන එළවළු දෙන අයෙක් ඉන්නවා. මට තනිවම ඒ එළවළු සියල්ල කන්න බැරි නිසා කොටසක් ළඟ තියන චීන කඩේට දුන්නාම මට චීන කෙල්ල චීන කෑම දෙනවා … maathalan නිෂ්පාදනය කරන්න දක්ෂ මොනවාට ද?!!!!
USA Network එකේ යන Covert Affairs කියන වැඩසටහන් මාලාවෙ සමහර කොටස් තිරගත කරලා තියෙන්නේ ලංකාවෙ, ඒකෙ ලංකාව ගැන ගොඩක් සඳහන් වෙනවා. ලංකාවෙ අජිත් ජිනදාස වෙළෙන්දෙක් ලෙසින් රඟපෑවා.. නමුත් වැඩේ තියෙන්නේ එතැන පෙන්වූයේ ලංකාවෙ භාවිතා වන භාෂාව දෙමළ කියලා.. පාතාලෙ වැඩ වලට පන්සල් සම්බන්ධයි කියලා… නමුත් අපේ සංස්කෘතික පොලීසිය ඒවා දන්නෙ නැහැ…. මම මේ නාට්‍යය ගැන ලිපියක් ලිවුවා මුල කාලයේ…..
http://tinyurl.com/7v2mrns
E-Ring නම් පෙන්ටගනය සම්බන්ධ කතා මාලාවෙ ලංකාවෙ ත්‍රස්තවාදීන් ගැන සඳහන් වුනා… Indiana Johns කතාවෙ ලංකාවෙ නළු නිළියොත් රඟපෑවා.. අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ, දර්ශන පනංගල, කතුරු මුවාත් එකේ සීයා, ආදීන්
Alchemiya,
2004 දී ටෙනසි නැටුම් කණ්ඩායමක් එක්ක ලංකාවට ගිහින් ඇවිත් ටෙනසි ටෙලිවිෂන්වල ලංකාව ගැන වැඩසටහනක් ප්‍රචාරය වුනා. ඒකෙ ලංකාව පිළිබිඹු වුනේ තාත්විකව.
ඇයි ඒ විදියට නැතිව මේ විදියට අයෙක් නිර්මාණයක් කරන්නෙ?!!! නිර්මාණකරුවාට කැමති විදියට කිරීමට නිදහසක් ඇති රටක් නිසා. අසත්‍ය තොරතුරු ඇත්නම්, ප්‍රබන්ධයක් නොවන්නේ නම් ඊට එරෙහිව කැමැති කෙනෙකුට නඩු යන්න පුළුවන්.
ෆුඩ් ඉන්ක් වාර්තාකරණය ගැන තාම නඩු ගොඩක්. ඒත් “නොදන්නා අය දන්නෙ” ඒකෙ තියන සේරම ඇත්ත කියලා. රටේ ලෝකේ වෙන දේවල් සොයා බලන්න දන්න අය ඒකට විරුද්ධ නඩු ගැනත් දන්නවා.
ඉන්දියානා ජෝන්ස් ලංකාවේ රූගත කළාට කියන්නෙ ඉන්දියාවට ගියා කියල. ඉන්දියාවේ අය කෑ ගැහැව්වා ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටියේ තිබිය විදියට වඳුරු ඔළු කන අය එහෙ නැහැ කියලා … ඉන්දියාවට ගිහින් තිබිච්ච සුදු අප්පුහාමිලා ඉන්දීය නිර්මාංශිකයන් ගැන දන්න නිසා සිනමාවේ හාස්‍ය රසය වින්ඳා මිසක් ප්‍රබන්ධය සත්‍යයක් යැයි ගත්තේ නැහැ. අද ඉන්දියාවේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි වල ඉන්දීය දුම්රිය උඩ මිනිස්සු යන හැටි පෙන්වන්න එපා කියල තහනමක් …. මොකක් ද තාත්වික???
කොහොමත් බටහිර සිනමාව ලංකාව පාවිච්චි කලේ නොදියුනු සමාජයක් පෙන්නන්න නේද ???
http://ornaya.blogspot.com/2011/10/blog-post.html
ප.ලි.:
ආහාර ගැන නං . . . මාතලං කියපු ටිකම තමයි කියන්න තියෙන්නෙ
ඕනයා (දුලිප් සිකුරාජපති),
ඔයා බටහිර සිනමාව තමන් ගැන කියන දේවල් දැකලා නැතිව ඇති!!!!
ආහාර ගැන නං මාතලංට කියපු ටිකම තමයි කියන්න තියෙන්නෙ!!!!!
සිනමාව ත් යතාර්තයත් දෙකක්නේ. මම හිතන්නේ වාර්තා චිත්‍රපටියක හැරෙන්ට අනිත් ඒවා වල තිබෙන දෑ යතාර්ථය හැටියට ගන්ට නරකයි.
රුසියන් ප්‍රබන්ධ වල ඇමෙරිකාවට පහර ගහනවා. ඇමෙරිකන් ප්‍රබන්ධ වල රුසියාවට පහර ගහනවා. නමුත් ඔය දෙකම ප්‍රබන්ධ. ඒ වගේම දෙකම රසවත්. මම නම් දෙවර්ගයම රස විඳලා තියේ!
Charlaine Harris විසින් ලියන The Southern Vampire Mysteries කතා මාලාවේ (දැන් රුපවාහිනියේ ට්රු බ්ලඩ් නමින් විකාශනය වන), එල්විස් ප්‍රෙස්ලි වැම්පයර් කෙනෙක්. නිකම් වැම්පයර් කෙනෙක් නොවෙයි, ටිකක් මන්ද මානසික වැම්පයර් කෙනෙක්!
රසල් පීටර්ස් ලෝකේ හැම ජාතියකටම මඩ ප්‍රහාර එල්ල කරනවා. ඔහුගේ කතාවල තියෙන්නෙත් අතිශයෝක්තිය කියල තේරුම් ගත්තොත් තමයි, තමන්ගේ ජාතියට එල්ලවන මඩ රස විඳින්න පුළුවන් වන්නේ.
අමා,
චිත්‍රපටි වාර්තාකරණයන් ද සත්‍ය ඇබිත්තක් වටා ගෙතුනු මතවාදයේ අත්‍යාලංකාරයෙන් විකසික වෙන ඒවා.
මේ පැත්තෙ දැන් ප්‍රවෘත්ති පවා එහෙමයි. වැඩියෙන් ප්‍රචාරය වෙන්නෙ ප්‍රවෘත්තිය නෙමෙයි, ප්‍රවෘත්තිය ගැන අරයා හිතන්නෙ මොකක් ද මෙයා හිතන්නෙ මොකක් ද කියලා මාධ්‍යවේදීන් හිතන විදියයි. නැත්නම් ඒ අය විසින් ආරාධනා කරන විශේෂඥයෝ කියන දේවල් අහගන ඉන්න වෙනවා. අද මිනිස්සු ප්‍රවෘත්ති සොයාගන්නෙ අන්තර්ජාලයේ තමන් ම පටිගත කරලා දාන සමාජ සබඳතා අඩවි වල යන තොරතුරු වලින්!!!
http://runronpaul.com/supporter-video/sht-ron-paul-supporters-say/
ලොස්ට් සීරීස් එක යන DHARMA Initiative එකය් ලන්කවය් අතර සම්බන්දෙ කවුරු හරි දන්නවද ?
http://wolverine080976.deviantart.com/art/Dharma-Initiative-Sri-Lanka-39973960
තව දුවන්න වෙනවා වගේ …. අත්ලාන්තික් වලින් පටන් ගෙන පැසිෆික් පැත්තට දුවලා ෆොරස්ට් ගම්ප් කෙනෙක් වෙයි ද දන්නෙත් නැහැ!!!
run lola run
kevin perera,
පැසිෆික් වලට ම දිව්වත් වෙන්නෙ ආපහු හැරිලා මෙහාට ම එන්න
මුල්ම ටික නම් ඇත්තම ඇත්ත වෙන්න ඕනේ…
ගෝල්ඩ් fish,
ඇත්ත නැත්ත හොයන්න මේ ටික සේරම අමුණගන්න පුළුවන් වුනොත් පහසු වේවි:
ඇමෙරිකන් ශිෂ්‍යයෙක්, “මොනවා ද ‘අනිත් රටවල්’ කියන්නෙ?“ (ලින්ක් එකත් කියෙව්වොත් වඩා පහසු වේවි)
සමහරු විහිළුව සත්‍යයක් යැයි සිතන්නට ගිහින් හාස්‍ය රසවිඳින්නේ නැති නිසා ය!!!!
ඉදිරියට තවත් කොපමණ කාලයක් දැන් හැමෝම දන්නා රටක් එසේ කවුරුත් නොදන්නා රටක් සේ පිළිබිඹු කරන්නට සිනමාකරුවන් පෙළඹෙනු ඇත් ද?!!!
… ලෝක ජනතාව වඩාත් ඉක්මණින් එකිනෙකා හා සබඳතාවයන් ඇති කර ගැනීමයි.
අපිට ආහාර ගන්න සල්ලි නැහැ..ඒක මහ පුදුම කතාවක්..
මොන හත්තිලව්වක් කිව්වත් මෙහෙ වම්බටු පන්ෂිය තාමත් රුපියල් විස්සයි තිහයි..මං අද උදේ මරදානෙ බුහාරි එක ඉස්සරහින් එනකොට බුරියානි සුවඳ ආව..රුපියල් තුන්සීයක් දවසම කන්න පුලුවං සල්ලි එක පාර වියදං කරන්න බැරි නිසා මං ආව…ඔයිට කලින් මම හොඳ පාඩං ඉගෙනගන තියෙනවා මල පෙරේතකමට වැඩිමිල ආහාර කන්න ගිහින්..දවසක් අපේ බොස් කියල ගෙනාව පීස…මෙලෝ රහක් නෑ…ලුනුත් නෑ ඒවයි…තව අල පෙති සහ තව වෙන මොනාද ගැජට් ගොඩක් ඕඩර් කලා තව දවසක්..ඒවත් පෙනුමයි සුවඳයි විතරයි රස නෑ..
ඉන්දියන් සයිවරි පාරකින් කනව ඊට හොඳයි..අපිට අමෙරිකන් විදියට කන්න සල්ලි නෑ..ඒක හරි..ඒත් ඉතින් ලංකන් විදියට හොද්දක් බතක් ගහගන්න..ව්‍යාංජනයක් අච්චාරුවක් දාගන්න..ඉන්දියන් විදියට ඉඳිආප්ප පිට්ටු හදාගන්න තාමත් ලංකාවේ ජීවත්වෙන අයට ඔය පෙන්නන තරම් ලොකු මුදලක් වැය වෙන්නෙ නෑ..මං මේ ලගදි බොහොම දුෂ්කර නැගෙනහිර පලාතෙ ගමකට ගියා…ඒ මිනිස්සුන්ට සීනි පරිප්පු කරෝල වගේ දේවල් කීපයක් හැර වෙනත් කඩෙන් ගන්න තියෙන්නෙ සුරුට්ටු සිගරට් දුම්කොල වගේ ආතල් ජෙනරේට් කරන දේවල් ටිකක් විතරයි..අනික් ඔක්කොම වවාගන්නව ෂෙයාර් කරගන්නව..හැබැයි එකක් ඒ මිනිස්සුන්ට මේ අපිට වගේ අමෙරිකන් කෑම.චීන කෑම, ඉන්දියන් කෑම ලස්සනට දකින්න ඉන්ටනෙට් යන්න තියා…කෝල් එකක් ගන්න මොබයිල් සිග්නල් වත් නෑ…
අපි හැමදේම ලංකාවෙ විදියට කරල කෑමට විතරක් අමෙරිකාවට යන්න හදනවා…
.”අපිට නැති දේවල් වල අපිට නොදැකපු දේවල් වල මහා ලොකු වටිනාකමක් තියෙනවා කියල දුක්වෙන්න එපා”…සමහර වෙලාවට ඒ දේවල් ලබපු අපිට ඔයාලට තියෙන නිදහස සතුට නෑ…මං ඒ ගිහිපු ගම්මානෙ ඉස්කෝලෙට තෑගි දෙන අතරෙ තිබුන දේශනයේදි අපේ කොම්පැනියෙ ලොකු මහත්මයෙක් කිව්ව කතාවක්
indika27,
හුරු පුරුදු දේවල් වලින් තමයි රසයක් දැනෙන්නෙ. පුංචි කාලේ ඉන්දියාවේ හැදිච්ච සුද්දෙක් මෙහෙ ආවත් ඉන්දියාවේ කෑම හොයන්නෙ ඒකයි. හැම රටවලින් ම එන කෑම කාලා හැදිච්ච වැඩිච්ච කෙනෙක්ට කොයි රටේ කෑමත් රසයි. නිතර ලැබිච්ච දේ වඩා රසයි.
අපිට ලැබෙන තොරතුරු වල දීත් මොනවා බාරගන්නවා දැයි අපි තෝරා බේරා ගන්නෙත් එවැනි ම වූ හුරු පුරුදු හැදියාව මත.
පුරුද්ද රිචඩ් ඩෝකින්ස් ගැන අනුන් කියන දේවල් වලින් තම මතය ගොඩනඟන්න ද? නැත්නම් තමන් විසින් ඔහු ලියූ සියළු දෑ කියවා තමන්ගේ මතයක් හදාගන්න ද?
පුරුද්ද සිනමාවේ පිළිබිඹු වන්නේ සත්‍යය කියා පිළිගන්න ද? නැත්නම් සිනමාව ප්‍රබන්ධ වලින් පිරි වූවක් කියා දකින්න ද?
පුරුද්ද තමන්ගෙ අය කියූ දේ පිළිගන්න ද? හැමෝම කියන දේ අසා තමන්ගෙ මතයක් ගොඩනඟන්න ද?
misinformation effect දෙයාකාරයකින් සිද්ධ වෙනවා.
එක විදියක දී අනිත් අය අපේ මතකයෙන් අපේක්ෂා කරන්න අපි මතක තබා ගැනීම: මෙහෙ දී වෙන්නෙ අනිත් අය යෝජනා කරන විදියට හැසිරෙන්න සහ පිළිගන්න හුරු වී සිටීම.
අනික් විදිය තමයි තොරතුරු ඇහෙද්දි තිබි ආවේගය අනුව වැරදි විදියට යමක් මතක තබා ගැනීම.
දෙකෙන් ම වෙන්නෙ යම් සිද්ධියක දී ඒ ගැන තොරතුරු එකතු කරගන්නා ආකාරයෙන් මතකය පිහිටන එක.
“Misattribution Theory of Tendentious Humor,” ලියන්නෙ Zillmann & Bryant (1980) විසින්. මේ දෙන්නා පෙන්වා දෙන්නෙ සභාවක ඉන්න අය යම් විහිළුවක් ඇයි විකට වෙන්නේ කියා නිශ්චිතව කියන්න නොදැන එහි විකට බව රස විඳීම ගැන. වැඩි දෙනෙක්ගෙ පුරුද්ද එහෙමයි. නිතර ඇහෙන විහිළුවක් ඇයි විහිළුවක් වෙන්නෙ කියා නොදැන සිටියත් හිනා යනවා!!!
IMF එකයි අමෙරිකාවයි අතර ඇති සම්බන්ධය?
dayal-bathee,
මේ ඒ ගැන කළින් ලියපු උත්තර. ඒවා කියවලා තවත් දැනගන්න දෙයක් ඇත්නම් අහන්න. මා නොදන්නවා නම් කොහෙන් හරි හොයලා විස්තර ලියන්නම්.
http://arunishapiro.wordpress.com/2011/05/22/මොකක්-ද-මේ-ධනවාදය/#comment-3888
http://arunishapiro.wordpress.com/2012/01/04/2012-අනතුරුදායක-ලෙසින්-ජීවත්/#comment-6807
http://arunishapiro.wordpress.com/2012/01/04/2012-අනතුරුදායක-ලෙසින්-ජීවත්/#comment-6843
http://arunishapiro.wordpress.com/ඇමෙරිකාව/#comment-5556
මගේ අම්මෝ, නොසෑහෙන තරම් ගෙදර වැඩ!
dayal – bathee,
නොසෑහෙන තරම් කිව්වෙ දයාල්-බතී මල්ලි මදියි කියලා ද?!!!
අනේ අක්කේ ඇයි ඔයා මට මෙහෙම කරන්නේ
තව නම් එපෝ මින් පසුව ලොකු ලොකු පඬි ප්‍රශ්න අහන් නැතෝ…..