ආසියාව සාගතයෙන් බේරාගත් කොළ විප්ලවයේ පියා නෝර්මන් බෝර්ලාවූග්
වැඩිවන ජනගහණයට කන්න දෙන්න තරම් ආහාර නිපදවන්න බැරි වෙනවා යැයි Robert Malthus විසින් 1798 දී කියූ බව මතකනෙ. ඉතින් 20 වැනි සියවසේ දී මැල්තීසියානු සර්ව අශුභවාදීන්ව තවත් අන්දබූද කරන වැඩ සිද්ධ වෙනවා.
ඒ ස්වභාව ධර්මය යළි යළිත් මෙය ම සිදු වන්නේ මෙසේ නිසා යැයි පෙන්වා දීම නොසලකා හරින අය වැඩියෙන් ලොව ඉන්නා නිසා. තවත් විදියකින් කිව්වොත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අය ලෝකේ ඕනෑම රටක වැඩියි!!!
1943 දී ඉන්දියාවේ බෙංගාලි සාගතයෙන් මිනිසුන් මිලියන 1.5 -4 ත් අතර සංඛ්‍යාවක් හාමතෙන්, මන්දපෝෂණයෙන් හා ලෙඩ රෝග වලින් මිය ගිහින්. 1943 දෙසැම්බර් වල සාගතයෙන් පස්සෙ ආහාර නැවත ලැබෙද්දී බෙංගාලයේ මිලියන 60.3 ක ජනගහණයෙක් බාගයක් මිය යන්නෙ ලෙඩ රෝග වලින්. වැඩියෙන් ම මිය යන්නේ දුප්පත් ජනතාව නොවෙයි. මිනිස්සු තමන් අතේ තියන සල්ලි සේරම ආහාර සඳහා වියදම් කිරීම නිසා වෙනත් දේවල් වලට සල්ලි වැය කරන්නේ නැතිකමින් මිය යන්නේ කලාකරුවන්, වඩු බාස්ලා සහ සපත්තු මහන්නෝ වැනි ව්‍යාපාරිකයන්.
2012 වෙද්දී තාම ඊට හේතු වූයේ කුමක් දැයි එකඟතාවයට එන්න ඉන්දියානුවන්ට බැහැ!!!
1966 දී ඉන්දියාව මිලියන 400කට වඩා ජනගහණයකුත් එක්ක නැවතත් දැවැන්ත සාගතයකට මුහුණ දෙන්න ඔන්න මෙන්න. ඒ මිලියන 53 ක් පමණ සිටි බිහාර් වල. සාගතය නිවාලන්න එහි අවදානම් කාලයේ දී ඇමෙරිකාව විසින් දවසකට තිරිඟු ටොන් පනස් දහසක් දිනපතා ඉන්දියාවට යවලා තියෙනවා.
ඉන්දීය ආණ්ඩුව කෘෂිකර්මය රටේ ඉහළ ම අවධානය යොමු විය යුත්ත ලෙස සැලකුවත්, ප්‍රාන්ත ඒකාධිකාරයන්ට කිසිම පැත්තකින් විසඳුමක් සොයාගන්න නොහැකිව සිටියා.
විසඳුම එන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් ජපානයේ සිටි ඇමෙරිකන් හමුදාවේ වූ ඇමෙරිකන් කෘෂි විද්‍යාඥයෙක් වන Samuel Cecil Salmon වෙතින්. එයා 1945 න් පසුව ජපානයේ සිටිය දී තිරිඟු පැලෑටි ගැන අවධානය යොමු කිරීම නවතන්නේ නැහැ. ඔහු තිරිඟු වර්ග 16 ක් එකතු කරනවා Wheat Norin 10නම් වූවත් සමඟින්. ඔහු ඒවා යවන්නෙ 1949 දී ඔරිගන් ප්‍රාන්තයේ විසූ Orville Vogelට. 1952 දී ඕර්විල් වෝගල් හමුවන්නට එන්නෙ කොළ විප්ලවයේ පියා ලෙස නම් දරන නෝර්මන් බෝර්ලාවුග්. එයා මේ ජපන් නොරින් වර්ග ටිකක් රැගෙන තමන් පර්යේෂණ පවත්වමින් සිටි මෙක්සිකෝවට ආපහු යනවා.
එහි දී ජපන් හා මෙක්සිකෝ වර්ග බද්ධ කිරීමෙන් නෝර්මන් බෝර්ලාවුග් ප්‍රමුඛ පර්යේෂකයෝ විසින් ඊට කළින් ලොව තිබුණ තිරිඟු වලට වඩා තුන් ගුණයකින් ඵලදාව ලබාදෙන තිරිඟු වර්ගයක් ලොවට දෙන්නට සමත් වෙනවා. 1963 වෙද්දී මෙක්සිකෝවේ වගාවෙන තිරිඟු වලින් 95% ක් බෝර්ලාවුග් විසින් සොයාගත්ත තිරිඟු වර්ගයයි. මෙක්සිකෝවේ, බෝර්ලාවුග් පය ගහන්න කළියෙන් තිබ්බාට වඩා ඵලදාව හය ගුණයකින් දැන් වැඩියි. ඊජිප්තුව හා පාකිස්තානය ඇතුළු වෙනත් රටවල් වලින් එන කෘෂි විද්‍යාඥයන්ව පුහුණු කරන්නට පටන් ගන්නෙ බෝර්ලාවුග්.
1963 සිට 1966 දක්වා බෝර්ලාවුග් ඇතුළු පර්යේෂකයන්ගේ අළුත් තිරිඟු වර්ගයට පාකිස්තානයේ හා ඉන්දියාවේ බලධාරීන් වෙතින් ලැබෙන්නේ කැපිලි!!!
ඊර්ෂ්‍යා සහගත රටේ පර්යේෂකයෝ අළුත් බීජය පර්යේෂණ වල දී පැලෑටි වලට උවමනාවෙන් ම අඩුවෙන් පොහොර දානවා. මෙක්සිකෝවෙන්, ඇමෙරිකාවෙන් නැව් වලින් යන තොග උවමනාවෙන් ම රේගුවල දී ප්‍රමාද කර පැල කරන කාලය ඉක්ම වී ලැබෙනවා. පමණට වඩා වැඩියෙන් දුම් ගැසීම නිසා රේගු වල දී බීජ සංඛ්‍යාවෙන් බාගයක් නරක් වෙනවා. ඉන්දීය ප්‍රාන්ත රාජ්‍ය ඒකාධිකරයන් පිටරටින් එන බීජ වලට එරෙහිව ප්‍රචාරය කර හරින්නේ ඒවාට ලෙඩ රෝග පහසුවෙන් බෝවෙනවා කියා. ඉන්දීය ආණ්ඩුව වැඩියෙන් පොහොර ආනයන ද ප්‍රතික්ෂේප කරනවා. ඒ දේශීය පොහොර නිෂ්පාදනයට ඉඩක් දෙන්න.
ඒ අස්සෙ ඉන්දියාවත් පකිස්තානයත් යුද්ධ පටන් ගන්නවා. සාගතයෙන් මැරෙන්න නොදී මිනිස්සුන්ට කන්න දෙන්නෙ ඇමෙරිකාවෙන් ටොන් ගණනින් ගෙන්වන තිරිඟු.
බඩගින්නේ මිනිස්සු දහස් ගණනින් මැරෙන්න පටන් ගන්න කොට තමයි හැමෝටම නුවණ පෑදෙන්නෙ. පකිස්තානයේ කෘෂිකර්ම ඇමතිවරයා රේඩියෝවෙන් මේ අළුත් බීජයේ ගුණ වර්ණනා කරන්න ගන්නවා. ඉන්දියාවේ කෘෂිකර්ම ඇමතිවරයා එයාගෙ ක්‍රිකට් පිට්ටනියේ අළුත් බීජ වගා කරනවා. ගොවියන්ට වගාකරන්න බීජ ලැබෙන්නෙ ඉන්පසුව.
1968 දී ජපන් හා මෙක්සිකන් වර්ග දෙකින් බද්ධ වූ අළුත් බීජය මහත් ලෙසින් ගෙනැවිත් වගා කරපු රටවල් දෙකේම තිරිඟු අස්වැන්න දැවැන්ත අස්වැන්නක් වෙනවා. නෝමන් බෝර්ලාවුග්ව හැඳින්වෙන්නෙ The Man Who Fed the World යන විරුදාවලියෙන්. ඒ නමින් ලියපු පොතේ කියන විදියට සාගතයෙන් මිය නොගිහින් ඉතිරි වෙලා හිටපු මිනිස්සු බරකරත්ත හා ට්‍රක් රථ පුරවලා අස්වැන්න ප්‍රවාහනය කරලා. අස්වැන්න ගබඩා කරන්න තැන් නැතිව ඉස්කෝල වලත් ධාන්‍ය තැන්පත් වුනාලු.
1951 දී ඉන්දියාවේ වැවෙන්නෙ තිරිඟු ටොන් මිලියන 6.8 ක් පැරණි බීජ වර්ග වලින්. 1967-68 වසරක දී අළුත් බීජ වර්ග වලින් තිරිඟු ටොන් මිලියන 16 ක් නිෂ්පාදනයට ඔවුන් සමත් වෙනවා. 1968 මාර්තුවේ දී ඉන්දියාව තිරිඟු විප්ලවය සමරන්න මුද්දරයක් නිකුත් කරනවා.
ඒ වසරේ දී ම තමයි Paul Ehrlich නැමති පරිසරවේදියා ලියන The Population Bomb නැමති පොත නිකුත් වෙන්නෙ. ඒකේ එයා කියන්නෙ ඉන්දියාවට තමන්ගෙ ජනතාවට කන්න දෙන්න පුළුවන් වීම ෆැන්ටසියක් කියලයි!!! (The battle to feed all of humanity is over. In the 1970s hundreds of millions of people will starve to death in spite of any crash programs embarked upon now. At this late date nothing can prevent a substantial increase in the world death rate..) පොත පිටවෙද්දී එහි වූ අනාවැකිය බොරුවක් වෙලා!!! 1974 වෙද්දී ඉන්දියාව විසින් තිරිඟු ශුද්ධ අපනයන කරන්නෙක්. අස්වැන්න තෙගුණයකින් ඉහළ ගිහින්.
1970 දී නෝර්මන් බොලාවුග්ට නොබෙල් සාම තෑග්ග පිරිනැමෙනවා … සාම තෑග්ග .. ප්‍රතිඵලයක් පෙන්වපු අයෙක්ට!!!
කොළ විප්ලවය සැල්මන්ගෙ, වෝගල්ගෙ හා බෝර්ලාවුග්ගෙ දක්ෂතාවයක් නිසා පමණක් නෙමෙයි. තිරිඟු වවන ඉන්දීය හා පාකිස්තාන ගොවියන්ගේ ද මහත් වෙහෙසින් ලැබූ ජයග්‍රහණක්. ගොවිතැන් කරන්නෙ ඵලදාවක් වගාවෙන් ලාබයක් රිසි අයයි. දේශපාලන පටු රාමුවක හිරවෙන පිරිස අයින් වුනාම කොයි රටක වුවත් ගොවියෝ ජයගන්නවා.
නෝමන් බොලාවුග් ගැන කළින් ලියූ සටහන්: මා අගයන වීර මනුෂ්‍යයෝ;
ප්‍රංශ සවාරිය, රොබට් බර්ඩ් සහ තිරිඟු ව්‍යසනය;
බ්‍රසීලයේ සෝයා බෝංචි හා ලංකාවේ උක් වගාව
![3809OB[1]](http://arunishapiro.files.wordpress.com/2009/12/3809ob1.jpg?w=300&h=264)

නොදන්න දේවල් මහ ගොඩක් දැන ගත්තා. ස්තූතියි අක්කෙ.
ගෝල්ඩ් fish,
දැනුමට යමක් එකතු කරන්න හැකිවීම ගැන මටත් සතුටුයි.
හරිත විප්ලවය කියන්නේ ඔච්චර සුන්දර දෙයක් ම නෙව්ය් …. කෘෂි රසායන බාවිතයට ගත යුතු වීම (මේ නිසා පස නිසරු වීම ) …. දේශීය ප්‍රභේද වද වීම දීර්ගකාලීන අහිතකර ප්‍රතිපලය්
අබරන් සීයා,
එහෙම කියලා මදි, නෝර්මන් බෝර්ලාවූග් නිසා මිලියන ගණනක් ජනතාව සාගතයෙන් බේරාගත් බවට දත්ත හා මූලාශ්‍ර මම පෙන්වලා තියනවා. දැන් හරිත විප්ලවය ඔච්චර සුන්දර දෙයක් නොවේ, ඒ නිසා කෘෂි රසායන භාවිතය ගත යුතු වීම වැඩි වෙලා ද අඩු වෙලා ද, පස නිසරු වීම වළක්වා ගත හැකි අනිකුත් ක්‍රම, දේශීය ප්‍රභේද වෙනත් හේතු නිසා වඳ වී නොගියේ ද, යනාදියට නිදසුන් සහිත මූලාශ්‍ර දෙන්න.
අරුණි නෝනා මට කෘෂිකර්ම විශේෂ උපාදියක් තියෙනවා … හරියටම දන්න නිසා තමය් මේ ගැන කිව්වේ … මව විස්වාස නැත්තම් මේ ලින්ක් බලන්න
… තව එකක් … මේ මගින් මිලියන ගානකට කන්න දෙන්න ඇති … නමුත් අද මිලියන ගණනක් ගොවින් මේ නිසා පාඩු විදිනවා …. ඉදිරියට එන පරම්පරාවේත් මිලිනයන ගානක් මිනිස්සු මේ බලපෑමට යටත් වෙය්
1)http://kashambuzi.com/blog/3-all/18-undesirable-side-effects-of-the-green-revolution-and-how-to-overcome-them.html
2)http://www.npr.org/templates/story/story.php?storyId=102944731
3)http://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&ved=0CEgQFjAC&url=http%3A%2F%2Fwww.guusgeurts.nl%2Finhoud%2Fartikelen%2FEssayVandanaShiva.doc
4)
decades after the so-called Green Revolution enabled this vast nation to feed itself, some farmers are turning their backs on modern agricultural methods—the use of modified seeds, fertilizer, and pesticides—in favor of organic farming.
This is not a matter of producing gourmet food for environmentally attuned consumers but rather something of a life-and-death choice in villages like this one, where the benefits of the Green Revolution have been coupled with unanticipated harmful consequences from chemical pollution.
http://www.usnews.com/news/world/articles/2008/07/07/the-toxic-consequences-of-the-green-revolution
5)
Combating negative impact of green revolution on groundwater, soil and land in Haryana, India
Shrenik Kumar Lunkad, Kurukshetra University, Kurukshetra (India)
Anita Sharma, Kurukshetra University, Kurukshetra (India)
http://www.cprm.gov.br/33IGC/1286697.html
6)
The Collapse of Green Revolution
Green revolution has not only gone sour, it has now turned red. The unexplained number of huge number of suicides a testimony to the entire equation going wrong. However, the fundamental issue of destruction of sustainable livelihoods is not at all being addressed.
http://www.stwr.org/food-security-agriculture/the-collapse-of-green-revolution.html
7)Green-revolution and its impacts
By Mahesh V. Joshi
8)The violence of the green revolution: Third World agriculture, ecology, and politics
ඔබේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි
අබරන් සීයා,
උපාධියක් තිබි පමණින් අයෙක් විෂයයක් දන්නවා යැයි මා පිළිගන්නේ නැත. ඒ ඔබ ගැන නොවේ, මා ඔබව දන්නේ නැත. එය පොදුවේ මා දකිනා සත්‍යයකි. උපාධියක් නැති එහෙත් දැනුමින් සපිරි අය නිතර මට හමුවේ.
ඔක්ස්ෆර්ඩ් හි Professor of Pharmacology වන්නේ Susan Greenfield නැමැත්තියයි. පරිගණක ක්‍රීඩා නිසා දරුවන් තුල dementia හැදීමට හේතු වෙනවා යැයි ඇය කියයි. මෙය විද්‍යාත්මක තොරතුරක් හැටියට ඇය ඉදිරිපත් කරන්නේ අධික ගාස්තු ගෙවන බෝඩිම් ඉස්කෝලයක අළුත් කොටසක් විවෘත කරන දේශනයක දී ය. ඊට මාස දෙකකට පෙර ඒ තැනැත්තිය ම අන්තර්ජාල භාවිතයෙන් autism වැඩි දරුවන් බිහිවෙනවා යැයි ද කියූවාය.
වසර 5 ක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පුටුවක් හොබවන සූසන් ග්‍රීන්ෆීල්ඩ් විද්‍යාත්මක ලිපියක් අධ්‍යන සඟරාවක පළකර නැත.
විද්‍යාත්මක ලිපියක් යනු පර්යේෂණයකින් දත්ත ඔප්පු කර සොයා ගන්නා ප්‍රස්තුතයක් (hypothesis) තවත් ඒ ක්ෂේත්‍රයේ පර්යේෂකයන් වෙත කරන ඉදිරිපත් කිරීමකි. තමන් කරන ලද පර්යේෂණයේ තමන් ලැබූ ප්‍රතිඵල එලෙසින් ම තවත් එම පර්යේෂණය ඒ විදියට ම කරන්නාට නොලැබෙන්නේ නම් එවැන්නක් විද්‍යාත්මක සත්‍යයක් නොවේ. එසේම විද්‍යාත්මක ලිපියක් ඒ අධ්‍යයනය සඳහා වූ සඟරාවේ පළ වෙද්දී තමන් කරන ලද පර්යේෂණ තම ප්‍රස්තුතය සාක්ෂාත් කරන්නට මදි නම් එහි දී තව පර්යේෂණ අවශ්‍ය යැයි (more research is needed) ලිවිම බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව තහනම් කර ඇත. මන්ද විද්‍යාත්මක ලිපියක් යනු අපේ දැනුමේ අඩුපාඩු පියවන්නට ලියන්නකි. එසේ නොහැකි නම් තව පර්යේෂණ කර ප්‍රස්තුතය ඔප්පු වුනාම ලිපිය ලිවිය යුතුය.
ජනප්‍රිය දේශන පවත්වන හා ජනප්‍රිය පොත් ලියන අය මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධාන, නොයෙක් රජයේ සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන වල ඉන්නා අය විද්‍යාත්මක ලිපි පළ නොකරති.
විද්‍යාත්මක ලිපියක දී ඒ ගැන විවේචන අනිකුත් ඒ ක්ෂේත්‍රයේ ඉන්නා අය වෙතින් නොමඳව ලැබේ. ඒ විවේචන විද්‍යාත්මක බවින් යුතු වූ ඒවාය.
එහෙත් ජනප්‍රිය දේශන හා පොත් වලින් ලියනා දැයේ ප්‍රතිචාර විද්‍යාත්මක බවින් යුතු වීමක් අවශ්‍ය නැත.
1 සබැඳිය ලියා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආයතනයකට සම්බන්ධ වූවෙක් විසින් විද්‍යාත්මක නොවන වාර්තාවකි. එහි දත්ත, මූලාශ්‍ර කිසිවක් නැත.
2 සබැඳිය ඇමෙරිකාවේ රේඩියෝ මාධ්‍යයකින් ඉදිරිපත් කරන්නකි.
3 සබැඳිය වන්දනා ශිවා ගැන අඩවියකට යයි … මා ඒ ගැන දැනටමත් ටිකක් ලියා ඇති නිසා තව ඉදිරියේ දී ද ලියන නිසා දැනට නවතිමි.
මෙන්න විද්‍යාත්මක ලිපියකට උදාහරණයක්: Engineering the Provitamin A (β-Carotene) Biosynthetic Pathway into (Carotenoid-Free) Rice Endosperm මෙය පළවන්නේ 2000 ජනවාරි මස 14 වැනිදා Science සඟරාවේ ය. එය ලියනා අයත් ඔවුන්ගේ ආයතන හා විශ්ව විද්‍යාල ගැනත් විස්තර ලිපිය පටන් ගනිද්දී ම කියවන්නට ද හැකිය.
4, 6, 7, 8 යන ඒවා ගැන ද කියන්නට ඇත්තේ ඉහත ටිකම ය.
5 වැන්න ගැන ඉදිරියේ ලියන්නෙමි. රැඳි සිටිනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.
ස්තූතියි! අරුණි, නොදන්නා බොහෝ දේ දැනගත්තා. මෙවැනි අය නොමැතිනම් වෙන්නෙ සාගතේ මිය යන්න නේ. මේ අය වීර චරිත අතරට නොවැටුනොත් නේ පුදුමේ. එක පාරක් ඉතියෝපියාවට යන විට කන්න තියා වතුර පොදක් ගන්න තුබුන අමාරුව. ඒ වගේ රට වලට මෙවැනි නව ධාරිතාව වැඩි බීජ කොපමණ වටිනවාද? මේ තාක්ෂණය මේ වගේ රටවලට බෙදා දෙනවා නම් හරිම වටිනවා.
chandi,
ඔව් චාන්දි අක්කා සාගතයෙන් මිය යන අහිංසක ජනතාව එදා සෝවියට් රුසියාවේ අයත් එක්ක ලෝකයෙන් සඟවන්න ලෝක මාධ්‍යවේදීන් පවා එකතු වුනා. මා ඕං සේතුං නිසා චීනයේ මියගිය ගණන ගැන තාම විවාද. බ්‍රසීලයේ cerrado නිසරු බිම්වල වගාව දියුණු කරන්නටත්, ඔස්ට්‍රේලියා අවුට්බැක්හි Sundrops Farms පුළුවන් නම් ඉතියෝපියාවේ සාගතයක් වෙන්න එකම හේතුව එය කරන්න දන්නවා යැයි කියන නොදන්නා පිරිසක් ලොව ඉන්නා නිසා.
ඒත් //මේ තාක්ෂණය මේ වගේ රටවලට බෙදා දෙනවා නම් හරිම වටිනවා// මෙතැන තමයි ගැටළුව තියෙන්නෙ. උදාහරණයකින් පැහැදිලි කරන්න උත්සාහයක් ගන්නම්. මහා පරිමාණ සැලසුම් ගහන්න දක්ෂ අය විසින් මදුරුවන් විනාශ කරන බෙහෙත් දැමූ මදුරු දැල් වැය අඩුවෙන් පැහැදිලිව මැලේරියාව වඳ කරත හැකි ක්‍රමයක් නිසා ඒවා බෙදා දිය යුතු යැයි 2005 දී ගොර්ඩන් බ්‍රවුන්, අයර්ලන්ත ගායක බෝනෝ, ඇමෙරිකන් නිළිය ෂැරන් ස්ටෝන් වැනි අයගේ ප්‍රධානත්වයෙන් කීම දාවෝස් ලෝක ආර්ථික සමුළුවේ දී ප්‍රසිද්ධියක් ලැබූවා. ඉතින් ආධාර දෙන අය අතර මේ මදුරු දැල් තෑගි කරන රැල්ල වේගයෙන් පැතිරුනා. නොමිලේ දෙන ආයතන වලින් ලැබුනාම ඒවා විලාසිතා බඩු වෙලා මදුරු දැල යටින් නිදා ගන්නවා වෙනුවට ඒවා වෙඩින් වලට වේල් හදන, මාළු අල්ලන නෙට් හදන, කළුකඩේ විකිණෙන බඩුවක් බවට පත්වෙනවා. නොමිලේ හෝ අඩු මුදලට ලැබෙන ඒවා වැඩි මුදලට විකිණෙනවා. එක ඇමෙරිකන් දානමය සංවිධානයක්, Population Services International, මේ මදුරු දැල් දරු ප්‍රසූතියෙන් පසුව මලාවියේ ක්ලිනික් එන අම්මලාට සත පනහකට විකුණන්නට පටන් ගන්නවා. ඔවුන් ධනවත් මලාවියන්ට ඒ මදුරු දැල් විකුණන්නෙ ඩොලර් පහකට. දුප්පත් අම්මලාට දවසේ පඩියෙන් භාගයක් තරම් වියදමක් මලාවියේ සත පනහක් කියන්නෙ. ඒත් එහෙම ගෙවලා ගත්තම එයාලා ඒවා මදුරු දැල් විදියට පාවිච්චි කරනවා. වසර හතරක් ගෙවෙද්දී එතෙක් 8% ක් මදුරු දැල් යට නිදාගත් වයස අවුරුදු පහට අඩු දරු සංඛයාව 55% ක් දක්වා ඉහළ යනවා. තොරතුරු: The White Man’s Burden: Why the West’s Efforts to Aid the Rest Have Done So Much Ill and So Little Good (2006) ලියන්නේ William Easterly විසින්.
ඔබතුමියගේ වයසට මම පත්වුනාම ඔබ තුමියට තරම් දැනුමක් මා සතුව නොතිබේවි..එය ලබාගැන්ම මට ගැටලුවක්..
ඔබ තුමිය ගෘහනියක් හෝ වෙනත් චරිතයක් වී මෙතරම් ඇසූ පිරූ තැන් ලබාගන්නට වේලාව වෙන් කරගන්නේ කෙසේද??
සමහර විට ඒ සඳහා ඔබ ජිවත් වන රටෙනුත් ලොකු පිටුබලයක් ලැබෙනු ඇති..
ඔබ තුමිය සාමාන්‍යනේ දවස ගෙවන ආකාරය බොහොම කෙටියෙන් දැනකියාගන්න පුලුවන් නම් වටිනවා..අපේ වයසෙදි කොහොමද දවස බෙදාගත්තෙ කියල කියනවනම් ඒකත් වටීවි අපිට…මම නම් විසිපහත් තිහත් අතර වයස් කාන්ඩයේ කෙනෙක්..
අනිකා අපිට කුමන්ත්‍රණ කරනවාය කියල නිතර අපි කල්පනා කරන්නෙ අපේ තියෙන දැනුමේ වපසරියේ ප්‍රශ්ණයක් නිසා…අපිට නොතේරෙන ආකාරයකින් ප්‍රශ්ණවලට පිලිතුරු හොයන අය දැක්කම සමහර වෙලාවට අපි ඒ අයට කුමන්ත්‍රණ කාරයො කියල දෙස් කියනවා..
ඒක එක අතකින් අපේ දැනුම මඳකම පිළිබඳ ගැටලුවක්..
indika27,
දැනුම අද ලෝකයේ ඉතා වේගයෙන් බෙදා ගන්නට හැකියාව වැඩියි. ඒත් ඕනෑකම ඇතිකරගන්නේ කෙසේද යන්නයි ගැටළුව.
මම කැම්පස් හිටිය පළමු වසරේ දී අයන්ත කියලා අයියා කෙනෙක් දවසක් මට අවලාද කිව්වා. ඔයා හැම තිස්සෙම දේශන ශාලාවලින් පිට ගස් යට ගල් උඩ තෙල් බෙද බෙද ඉන්නෙ. ඒත් ඔයා කොහොම හරි ඉහළ ලකුණු ගන්නවා. ඔයාගෙ යාළුවෝ ගැන දුක නැද්ද වගේ කතාවක්. එදා ඉඳලා මාත් එක්ක සිටි යාළුවෝ සේරටම (විවිධ පීඨ වල ඉගෙන ගත්) විභාග වලින් ගොඩයන්න උදව් කළා. තිස්ස අත්තනායකගේ වානිජ්‍ය පංතිවල හිටිය කාන්ති එක්ක මයික්‍රො හා මැක්‍රො අර්ථ ශාස්ත්‍ර සංකල්ප පැහැදිලි කරගන්න ගත්ත වෙහෙස තාම මතකයි!!! මම ජයගත්තේ දර්ශන උපාධියකින් විතරක් නෙමෙයි ඒ නිසා!!!
මගෙ තාත්තාට ස්තූති වෙන්න ලොව හැම දෙයක් ම ගැන කුතුහලයක් හිතන බව දැනගත් දා සිට පිහිටීම නිසා ඊට වේලාව වෙන් කරගන්නේ කෙසේද යන්න ගැටළුවක් නැහැ. ඒක පළමුව, ඉතිරි සියල්ල දෙවනුව!!!! ඒකට හරියන්න මහත්තයෙකුත්, ඒ විදියම දුවෙකුත් ඉන්න නිසා තවත් වාසියි. අළුත් දෙයක් ගැන හෝ පරණ දෙයක් ගැන අළුතින් යමක් දැනගත්තාම ඒ දෙන්නත් මා එක්ක ඒවා බෙදාගන්නවා. සාමාන්‍යයෙන් දවස ගෙවන එක විදියක් නැහැ. හැමදාම වෙනස්. මේ දවස්වල වැඩියෙන් ම කාලය ගෙවෙන්නෙ රෝන් පෝල්ව ඩෙලවෙයාර් වල ප්‍රචලිත කරන්නයි.
ඔව් ඉන්දික මේ රට මට හරියට ම ගැලපෙන රට. රටට පය ගහපු දා සිට තොරතුරු සොයාගන්න මෙහි ඇති ඉඩකඩ වෙන ලෝකයේ කොතැනක වත් දැකලා නැහැ. ඒ වගේ ම ගමනට දවස ගෙවෙන්නෙත් නැහැ. ගිය තැනකින් වැඩේ කරගෙන එනවා මිසක් ආයේ දවසක යන්න වෙන ඉඩකඩත් අඩුයි.
මා අතින් සිද්ධ වන වල්පල් කතාව අවම කරන්නට දැඩි උත්සාහයක් හැම විටම. වල්පල් හැරෙන්නට වෙන වැදගත් යමක් කියන්න නැති අය හා ගැවසීමත් අඩුයි!!!
කෙසේ හෝ දහවල් කාලයේ දී සැතපුම් පහක් විතර දුවන්න හෝ ඇවිදින්න යන්නත් අමතක කරන්නේ නැහැ.
දැනුම මඳකම පිළිගැනීම දැවැන්ත පියවරක්. සොයන්නාට ලැබෙන නිසා ඒ අඩුව පුරවගන්නත් හැකියාව ලැබේවි. උත්සාහය කෙදිනක වත් අත් නොහරින්න.
ඔය කියන්නෙ අර මරාගෙන මැරෙන බීජ ගැන වෙන්ට ඕනි….
Sameera,
මම කියන්නේ නෝර්මන් බෝර්ලාවූග් ඇතුළු පර්යේෂකයෝ විසින් නිර්මාණය කරන ලද semi-dwarf, high-yield, disease-resistant wheat varieties; Pitic 62, Penjamo 62, Lerma Rojo 64, Siete Cerros, Sonora 64, Super X ගැන. ඉන්දියාවට හා පාකිස්තානයට යවන්නේ Lerma Rojo සහ Sonora 64. ඔයා කියන්නේ මොනවා ගැන ද?
http://en.wikipedia.org/wiki/Genetic_use_restriction_technology
Sameera,
ඔයා සඳහන් කරන සබැඳියේ ඇති දේවල් තවම වානිජ්‍ය ලෙසින් ලෝකයේ භාවිතා වෙන්නෙ නැතිබව එහි කියා තියෙනවා මෙහෙම: The technology was developed under a cooperative research and development agreement between the Agricultural Research Service of the United States Department of Agriculture and Delta and Pine Land company in the 1990s, but it is not yet commercially available.
මා සඳහන් කරන බෝර්ලාවුග් විසින් නිර්මාණය වුනේ ජාන විකිරණ භාවිතයෙන් නොවේ. ඔහු අභිජනනය නොහොත් cross breeding ක්‍රමයකින් ඒ තිරිඟු වර්ග බෝ කරන්නෙ.