සකේ හදන කම්හලක් බලන්නට ගියෙමි
මුලින් ම, ඔව්, බීලා බලන්න ඩ්‍රෑම් එකක විතර වීදුරුවකට දාලා නොමිලේ සකේ ටිකක් ලැබෙනවා!
හිරෝෂීමා ප්‍රිෆෙක්ට්චරයේ වන සයිජෝ නගරයේ භූමිගත වතුර ඉතා උසස් යැයි සැලකෙන නිසා එහි සකේ හදන කම්හල් කිහිපයක් තියෙනවා. අපි ගියේ පවුලේ කම්හලකට. එහි අයිතිකාරිය Masako Enomoto වූ අතර ඇය ඇමෙරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ සියෑටල් නගරයේ කුඩා කාලයේ හැදුණු වැඩුණු බවත් දැනගන්නට ලැබුණ.
සකේ හදන්න අවශ්‍ය සුපිරි වතුර (80% ක්), සුපිරි හාල්, තාක්ෂණික දැනුම, යීස්ට් සමඟ පරිසරය හා කාලගුණයයි (ඒ යීස්ට් වලට පිපෙන්න).
සකේ හදන්න පාවිච්චි කරන ළිඳේ වතුර එයාලා කම්හලෙන් පිටත ඇති තැනක උණ ලී බටයකින් පිට කරමින් කැමති ඕනෑම කෙනෙකුට අරගන්නත් හදා තියෙනවා. සකේ හදන පැත්තේ ඇවිදින්න යද්දී එහෙම වතුර ඇති ළිං තියන තැන්වල සුදු විසිතුරු සැරසිල්ලකින් එල්ලා ඇති කුඩා කොඩි දකින්නට හැකියි.
මේ ඔවුන් හදන සකේ වලට පාවිච්චි කරන ජපානයේ වැවෙන වී වර්ග.
සහල් තම්බන්නෙ Shikomi ටැංකිවල. වතුර දාන්නෙ නැතිව යටින් වැදෙන හුමාලයෙන්.

ඊ ළඟට තම්බපු හාල් වලට එකතු කරනවා යීස්ට්, වතුර සහ koji (aspergillus oryzae) කියන පුස් වර්ගයක්.
තැම්බූ බත් තුනී රෙද්දක් වගේ තලපයක් හදා මෙහෙම එල්ලා වියැලෙනවා. එයින් කෑල්ලක් අපිට කන්න දුන්නා. බත් රහක් තමා තිබ්බෙ.

ඊට පස්සෙ ඒවා පල් කරන්න දානවා භාජන වලට. දවස් 18-32 ක් අතර කාලයක් පල් කරනවා. ඊට නැවතත් හාල්, පුස් වර්ගය සහ වතුර එකතු කරනවා.
අවසානයෙ දී තලපය තදින් මිරිකලා, වතුර වලින් පෙරාගෙන, තව කැමති නම් පළතුරු රස සමඟින් එකතු කරනවා. ඒ තමයි සකේ.
කම්හල පෙන්වලා අවසානයේ (නොමිලේ ලැබිච්ච ටුවර් එක) අපි සකේ බෝතල් දෙකකුත් ගත්තා. උමෙ (Prunus mume) කියන ජපන් පළතුරකින් සමඟින් පෙරපු පැණිරහ සකේ.
ඔව්, සාම්පල් බීලා බැලුවා … පළතුරු දාපු නිසා පැණිරහයි, ගඳක් සුවඳක් ද නැති වූවක්.

Thank You! Ms. Masako Enomoto for giving us a tour of your Saijo Tsuru Sake Brewing Company Ltd.


මගේ යාළුවෙක් එක පාරක් සකේ බෝතලයක් ගෙනැල්ලා අපි සෙට් එක බිව්වා..හප්පා නැගිටගන්න බැරි උනා…ලෝකල් එකක්ද කොහෙද….
ඔබ නොදුටු ලොවක්,
ඔව් බියර් සහ වයින් වලට වඩා alcohol content වැඩියි; 18-20% වගෙ ප්‍රමාණයක් තියන නිසා සැර වැඩියි.
අපූරු අත්දැකීමක්, ඒත් බීලා ම බලන්න තිබ්බනම්….
Lahiru,
කවදා හරි ලැබෙන්න තමන් විසින් විදියක් හදා ගන්න වෙයි.
එක දවසක් අපෙ තිබුණ පොඩි පාටියකදි දැකලා ආසාවට [නොරිකො සං ලගෙ කතාව කියවල තිබුණ හන්දා] බොහොම ටිකක් බීල බැලුවා. ඒක නම් මහ අමුතු ගඳක් තිබුණේ. .. නිකම් … මේ.. මකුණො ගඳක් වාගේ…
මට නම් එපා වුනා.
kumaraya,
සහල් සහ වතුරට කවලම් කරපු අනිත් දැය කුමක් වෙන්නැති ද?!!!
මකුනෝ ?
thanks pl write abut japan culture and add more potoes.
vajira kantha,
බලමු. වැඩි කලක් ඉන්නෙ නැහැනෙ.
lankawe thiyena dewal walin mona rasatada samana wenne???
ගෝල්ඩ් fish,
ජින් වලට සමාන බවක් කියන්න පුළුවන්, ඒත් ජින් වල තියන සැර ගතිය තිබ්බෙ නැහැ.
Kampai !!!
emailkavikaari,
Salut!?!
ෂකේ…අරුණි, ජපානෙට ගියත් වෙලා සකේ බෝතල් හත අටක්ම ගන්න එපාය..
සකේ බොන්නත් ඊටම ආවේණික කෝප්ප වර්ගයක් තියනවය කියල කොහෙදිද කියවපු මතකයක් තියනව…..
Ravi,
ඉතින් රවීව මඟ දී හමුවෙන්න පුළුවන් කමක් තිබුන නම් බෝතල් හත අටක් අරන් යන ගමන් දීගෙන යන්න තිබුණා!!!
සකේ බොන්නත් ඊටම ආවේණික කෝප්ප තියෙන බව මාත් අහලා තිබුනට දැක්කෙ නම් නැහැ, අපි බාර් වලට ගියෙ නැති නිසා වෙන්නැති!!!
ෂෙහ්…ඒක නෙව…මගෙ වෙලාවටමයි හම්බ වෙන්න බැරිඋනේ….මොනව කරන්නද?…..May be some other time and other place…
Ravi,
අනේ මගේ සකේ බෝතලය නොරිටා එයාර්පෝට් සෙකියුරිටි අය ඉල්ලා ගත්තානෙ. වැරදි බෑග් එකෙයි අරගෙන එන්න දා ගත්තෙ.
මම දැක්කා නොරිටා වලට පාත් වෙනකොට “down with Norita airport” කියලා බැනර් එකක් එල්ලලා තියෙනවා කටු කම්බි වැටක. මේක ද දන්නෑ සීන් එක!!!
@ රවි …
මමත් අහල තියෙනව. කතාවට කියන්නෙ ඒව නිකම් පොඩි දිදාලයක් විතර ඇති කියල. = [ඇඳුම් මහනකොට ඉඳිකට්ට අතේ ඇනෙනවට ඇඟිල්ලට දාන පොඩි කැප් එකක් වගේ එකක්]
ඇත්තටම ඒවට කියන්නෙ ”සකසුකි” මම අහල තියෙන විදිහට. [බොහොම චූටි භාජන විශෙෂයක්.
kumaraya,
විකිපීඩියාව කියන විදියට ඉස්සර කාලයෙ බීලා තියෙන්නෙ masu කියන නමින් ලීයෙන් නිමැවුන කුඩා හතරැස් භාජනයක. අපි ගිය කම්හල් කඩයෙ සකේ බොන්න ඊටම ආවේණික කෝප්ප වර්ග තියනවා දැක්කෙ නැහැ.
ජපන් වලින් සකෙ කියල කියන්නෙ පොදුවෙ ඔක්කොම මත්පැන් වලට. ඔය හාල්වලින් පෙරන අපි සකෙ කියල කියන එකට ජපන් වලින් කියන්නෙ “නිහොන්ෂු”. ඒකේ තේරුම ජපානේ මත්පැන් කියන එක. ඒත් හැමෝම සකෙ කියන නිසා මාත් එහෙම කියන්නන්.
මං ඉන්න පළාතත් සකෙ වලට ප්‍රසිද්ධයි. අපේ හිතවත් යාලුවො ගොඩක් ඉන්නව ගෙදර සකෙ හදන. ඒ නිසා විවිධ වර්ගයේ ඒවා බීල බලන්ඩ අවස්ථාව හම්බවෙනව.
අරුණි කිව්ව මසු කියන ලී වලින් හදපු හතරැස් කෝප්ප නම් දැන් පාවිච්චි වෙන්නෙ නැති තරම්. මා ගාවත් එකක් තියනව. එකම එක වතාවක් එක රෙස්ටුරන්ට් එකකදි මෙහෙ ගෙවල්වල හදන දොබුරොකු කියලතහනම් සකෙ වර්ගයක් දුන්න මසු එකක . සකසුකි නන් පාවිච්චිවෙනව නිතරම. ඊටත් වඩා වැඩිපුරම පාවිච්චිවෙන්නෙ ඔචොකො කියන පොඩි කෝප්ප.
සකෙ බොද්දි ගොඩක්වෙලාවට කොහෙ හදපු සකෙ එකක්ද කියල හොයල බලනව. හිරොශිමා සකෙ නම් බීල නැහැ මට මතක විදිහට.
සකෙ බොද්දි සාමාන්‍ය විදිහට බොනවට අමතරව සකෙ රත් කරල බොන සිරිතකුත් තියනව. විශේෂයෙන්ම සීතල කාලෙට. මං කැමති රත් කරපු සකෙ වලට.
ඔය උමෙ කියන ගෙඩි වලින් ‘උමෙෂු’ කියල සකෙ වර්ගයක් හදනව. ඒක නම් ගෙදර හදන්ඩත් පුලුවන්. ගිය අවුරුද්දෙ හදන්ඩ හිතාගෙන හිටියට හදන්ඩ බැරිඋනා. ඒක පෑණිරසයි. අයිස් කැටේකුයි උමෙ ගෙඩියකුයි දාල බොද්දි හරිම රසයි. උමෙ වලින් රසම රස ජූස් එකකුත් හදනවා.
ජපානෙට එන්ඩ අවස්ථාව නැති අයට ලංකාවෙ තියන ජපන් රෙස්ටුරන්ට් එකකට ගියානම් සුශි කාලා සකෙ එහෙම බීලා එන්ඩ පුලුවන්.
චමිල,
බොහොම ස්තූතියි වැදගත් විස්තර එකතුවට.
ස්තූතියි කුමාරයා….අඩේ දිදාලය කියන එක මම දන්නවා බොල….හෙහ්, හෙහ්
හපොයි සකේ හදන්නෙ කම්මලේද?
සූෂි නං කන්න ලැබෙනව ඕනෙ තරං . . ඒත් තාම සකේ ටිකක් ටෙස්ට් කරන්න ලැබුනෙ නෑ.
ඔය තියෙන්නෙ රෙසිපිය දීල, පෙරමු !
ප.ලි : අපි ගෙදර පෙරුවොත් පොලීසියෙන් පැනල කසිප්පි කියල කුදලගෙන යයිද ?
අපි පෙරලම බලමු නවම් ස්වයං රැකියාවක් විදියටත් කරන්න පුලුවන් වෙයි.
අවුලක් වෙන එකක් නෑ . . ඇහුවොත් බත් කැඳ කියන්න පුලුවං
aluth ath dakimak good
Dear Ms. Aruni,
I’m Lawanga Weerakkody from the Dept. of International Relations. Nayani Madam told me to ask those pictures which were taken by you. If you can send me those pictures that will be a great help for me.
My email address is lawangaweerakkody@gmail.com
Thank you.