අරුණි ශපීරෝ‍ වෙතින්

ඔකොනොමියාකි – お好み焼き

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 21, 2012

ඔකොනොමියාකි කියන්නෙ ජපන් කෑමක්. රසයි. කොයි වගේ ද කියන්න කිව්වම ලංකාවේ සිට පැමිණ ජපානයේ ඉගෙන ගන්න අයෙක් කිව්වෙ කොත්තු රොටි වගෙයි කියල. මම තාම කොත්තු රොටි කාලා නැති නිසා ඒක කොහොම ද කියන්නෙ දන්නෙ නැහැ.

ඔකොනොමියාකි හොයා ගන්න අවන්හල් ඉදිරියේ ගහලා තියන කෑම පිඟන් පින්තූර දිහා බල බල ගියා. අන්තිමේ දී අවන්හලක් ඇතුලට ගිහින් අතේ තිබ්බ සංචාරක විස්තර කොළයේ පින්තූරය පෙන්නලා මේක ගන්න පුළුවන් දැයි ඇහැව්වා.

අවන්හලේ මනුස්සයා “වේට් ප්ලීස්” -කරුණාකර පොඩ්ඩක් ඉන්න- යැයි ඉංග්‍රීසියෙන් කියා ඇතුලට දුවගෙන ගිහින් කුස්සියෙ වැඩ කරන තරුණයෙක්ව එක්ක ගෙන ආවා. එයා අපිත් එක්ක පාර පැනලා වමට හැරිලා, දකුණට හැරිලා වංගුවක් පාස් කරලා, කන්දක් නැඟලා පල්ලම බැහැලා ආයෙත් හැරිලා පුංචි කඩයක් ඇතුලට එක්ක ගෙන ගියා. එයාම තමා කඩයේ අයිතිකාරියට කිව්වෙ අපි ඉල්ලන්නෙ මොනවා ද කියල.

ඔකොනොමියාකි අපි කෑවේ හිරෝෂිමා ස්ටයිල් එකට. ඒ කියන්නෙ තට්ටුවෙන් තට්ටුවට එක එක දේවල් එකතු කරලා හදපු විදියෙන්. මුලින් ම පෑන් කේක් වගේ එකක් දාලා ඊට උඩින් තට්ටු වශයෙන් නූඩ්ල්ස්, ගෝවා ගොඩක්, බේකන්, බිත්තර දාලා අන්තිමේ දී ඔකොනොමියාකි සෝස් එකක් යහමින් දානවා. උඩින් ම දැම්මෙ කොළ පාට කුඩු පාර්ස්ලි වර්ගයක්.

ලංකාවේ ද ඔකොනොමියාකි හදන කෙනෙක් ඉන්නවා. එයා ජපන් කෑම දිවා ආහාරයට ගෙදර සිට පිළියෙල කර විකුණන, ජපානයේ කාලයක් වාසය කර තියෙන මගේ යෙහෙළියක්.

24 Responses

Subscribe to comments with RSS.

  1. පූසා said, on පෙබරවාරි 21, 2012 at 10:24 ප.ව.

    කොත්තු රොටී කාලා තියෙන හන්දා ඒ වගේ කියලා හිතාගන්නම්!

  2. රාජ් said, on පෙබරවාරි 21, 2012 at 11:06 ප.ව.

    මේක කොත්තු වලට වඩා රස ඇති. අයියෝ ලංකාවට ආව එකේ කොත්තුවක් කාල බලන්න තිබුනෙ.

    • arunishapiro said, on පෙබරවාරි 22, 2012 at 9:09 ප.ව.

      රාජ්,

      ලංකාවට ආවම නෙළුම් අල, දඹල, කොස්, දෙල් එහෙම කන්න ඉඩ තියාගන්න නිසා කොත්තු රොටි වලට ඉඩක් දෙන්න හිතෙන්නෙ නැහැ. ඒවා දාලා හදන කොත්තු රොටී තියෙනවා ද?

      • රාජ් said, on පෙබරවාරි 22, 2012 at 11:23 ප.ව.

        ඒව දාන කොත්තු නං නෑ. ඒත් දැන් කොත්තු තියන්නෙ කොස්දෙල් වලටත් උඩින්.:-)

  3. අංජන said, on පෙබරවාරි 21, 2012 at 11:46 ප.ව.

    කොත්තු නොකෑ කට…

  4. Ravi said, on පෙබරවාරි 22, 2012 at 1:30 පෙ.ව.

    හෙහ්, හෙහ්, දැන් කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් කොත්තු රොටි මොන රහද කියල කිව්වැහැකි බය නැතුව ආ, මේ කොත්තු රොටීද එව්ව මේ..මේ…ඔකොනොමියාකි රහයි කියල :) :-

  5. චමිල said, on පෙබරවාරි 22, 2012 at 2:33 පෙ.ව.

    මං මේ කියන්ඩමයි හිටියෙ හිරෝශිමා ඔකොනොමියකි එකක් කාලා බලන්ඩ කියල. මෙහෙ(ෆුකුශිමා ) ඔකොනොමියකි හදන ස්ටයිල් එක වෙනස්. තට්ටු තට්ටු වෙන වෙනම දාන්නෙ නැතුව ඔක්කොම දේවල් මිශ්‍ර කරල තමයි තැටියට දාන්නෙ. පස්සෙ උඩින් මයොනිස්, අඔනොරි(කොළ පාට කුඩු පාර්ස්ලි කියල කිව්ව ඒවා )
    ඔකොනොමියකි කඩවල්වල තියනව මොන්ජයකි කියල කෑමක්. ඒක නන් ලංකාවෙ කොත්තු වගේම තමයි. ගිය සෙනසුරාදා ඔකොනොමියකි කඩේකට ගිහින් අපි හදාගෙනම කෑවා. ආපහු චාන්ස් එකක් ආවොත් කාල බලන්ඩ.

    ( ඕක හරියටම ශබ්දකරන්නෙ ඔකොනොමියකි කියල (ඔකොනොමියාකි නෙවේ ). ‘යකි’ කියල ජපන් වලින් කියන්නෙ ‘ග්‍රිල් කරපු’ කියන එක. )

    • arunishapiro said, on පෙබරවාරි 22, 2012 at 9:13 ප.ව.

      චමිල,

      ආයෙත් චමිල ගොඩක් ස්තූතියි මම හරි ම කැමතියි මේ සටහන් වලට ඔයා වගේ දන්න කියන අය තව වැඩියෙන් තොරතුරු එකතු කරනවාට.

      ජපන් වචනය උච්චාරණය දැම්මාටත් ස්තූතියි. අපිට ඉක්මණින් හොයාගන්න බැරි වුනේ වැරදියට කියපු නිසාත් වෙන්නැති!

  6. රූ said, on පෙබරවාරි 22, 2012 at 3:17 පෙ.ව.

    ජපන් කොත්තු රසයි වගේ..

    • arunishapiro said, on පෙබරවාරි 22, 2012 at 9:16 ප.ව.

      රූ,

      රසයි, ඒත් නිතර කන්න හොඳ නැහැ ගෝවා ගොඩ වැඩි නිසා. ගෝවා වැඩියෙන් ගත්තම අයඩින් එකතුවට බාධාවක් වෙනවත් කියලා අහලා තියෙනවා.

  7. මේ දවස්වල මම ෆුල් ටයිම් කොත්තු බාස් වෙලා ඉන්නෙ . . මුං හදන චපාති බල්ලෙකුටවත් කන්න බෑ (හරියටම ටෙස්ට් කරන්න බැරි උනා, මෙහෙ බල්ලො නැති නිසා) . . . මේ කෑම ජාතියත් වෙලාවක හදල බලන්න ඕනෙ

  8. පියදාස සිරිසේන said, on පෙබරවාරි 22, 2012 at 6:59 පෙ.ව.

    කොත්තු රොටි නොකෑ කට, උලාපිය මිරිස් ගලකට!

  9. praveena said, on පෙබරවාරි 22, 2012 at 7:06 පෙ.ව.

    ඕකට හිරෝෂීමා පැත්තේ කියන්නේ ‘හිරෝෂීමා පීසා’ කියලා. :D

  10. N.S.A. Niriella said, on පෙබරවාරි 22, 2012 at 3:25 ප.ව.

    ඔකොනොමියකි…..:P………….ඒ රටේ කොත්තු….?

  11. ඔබ නොදු‍ටු ලොවක් said, on පෙබරවාරි 24, 2012 at 12:19 පෙ.ව.

    කොත්තුවක් වගේ තමා පෙනුම නං ..අර ටකට ටකස් සද්දේ දැම්මේ නැද්ද හදනකොට….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 134 other followers