බස් කොන්දොස්තරලාගේ රස්සාව නැතිවෙන වැඩක්
ජපන් බස්වල ටිකට් ගන්න හරි ලේසියි. PASPY නමින් තියෙන බස්, ට්‍රෑම්, ෆෙරී පාස් එකක් ගන්න පුළුවන් ඩ්‍රැයිවර් මහත්තයාගෙන් තමන්ට කැමති මුදල් ප්‍රමාණය අනුව. ඒක පොඩි හතරැස් ඉලෙක්ට්‍රොනික් කෑල්ලකට අල්ලන්නෙ බසයට නඟිද්දී. ඉස්සරහින් බහිද්දී ආයෙත් ඩ්‍රැයිවර් මහත්තයා ළඟ තියෙන ඉලෙක්ට්‍රොනික් කෑල්ලට ඇල්ලුවාම ඒ ගමනෙ ගාස්තුව ඉබේම අඩුවෙනවා.
බස් එක ඉස්සරහා උඩින් දමා ඇති පුවරුවක ඊ ළඟ නැවතුම්පලේ දී බහින කොට ගෙවන්න සිද්ධ වෙන ගාස්තුවත් වැටෙනවා. ජපන් කියවන්න බැරි වුනාට අංක කියවන්න පුළුවන්නෙ.
මේ බස් ටිකට් එක නම් කියවන්න අපහසුවක් නැහැ. ඒත්, මේ බස් ටිකට් එකට හරියටම සල්ලි දුන්නෙ නැත්නම් ඉතුරු ලැබෙන්නෙ නැහැ. ඉතුරු හැම විටම ලැබෙන්නෙ නැතිකොට ඊ ළඟ බස් එකේ දී හෝ හරියට ම සල්ලි දෙන්න මාරු කාසි කෝ?!!!




ලංකාව කියන්නේ මොකක්ද කියල තෙරුම් ගන්න හොඳම උදාහරණය තමයි මේක. පෞද්ගලිකකරණය අසාර්ථකයි කියන්න අපේ පන්ඩිතයෝ ටක් ගාල බදාගන්න තැන තමයි ප්‍රයිවට් බස්. ලංකාවේ පුද්ගලික බස් සේවය අසාර්ථක වෙන්න මූලික හේතුව තමයි රජයේ මිල පාලනය. වෙලඳ පොල විසින් මිල තීරණය වෙන්න නොදෙන පුද්ගලීකරණයක් කිසි විටක සාර්ථක වන්නේ නෑ මේ සරල සත්‍ය තෙරුම් ගන්න අපේ රාජප්‍රේමී ජනතාවට මොලයක් නැහැ. වෙලඳ පොල තරඟය තුල මිල තීරණය වෙන්න දුන්න නම් අවුරුද්දක් ඇතුලත අපිටත් ජපානේ වගේ බස් සේවයක් සාධාරණ මිලට ලැබේවි.
kevin perera,
සටහනේ අරමුණ විශිෂ්ඨ කරවන මේ ප්‍රතිචාරයට සියළු තුති පුද කරමි!
kevin perera
එතකොට මහත්තයෝ, තරගයට ඉඩ දුන්නනම් බස්වල කොන්දොස්තරල ඩ්‍රයිවර්ල මිණිස්සුන්ට දාන සද්දෙ අඩුවෙයිද? නිවැරදිව ඉතුරු සල්ලි දෙයිද? දැනට මිල පාලනයක් නොකරන සහ රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජනය ඇති රක්ෂණ ක්ෂේත්‍රයේ තියන අවුල් සහගත ස්වභාවය පැහැදිලි කරන්න ඔය සරළ සත්‍ය තේරෙන මහත්තයට පුළුවන්ද?
අරුණි
මාරුකාසි නෙවේ සමහර දුරගමන්සේවා බස් වල රුපියල් 10ක් ගන්නත් කිහිප වරක් ඉල්ලන්න වෙනව.
රාජ් ලෝක සිතියමක් අතට ගන්න දියුණු රටවල් කිහිපයක් තෝරා ගන්න. දැන් හොයල බලන්න මේ රටවල් දියුණු වුනේ රජය මිල පාලනය කරල,විශාල බදු අයකරල ද නිදහස් වෙලඳ පොල ආර්තිකය ක්‍රියාත්මක කරලද කියල.
// තරගයට ඉඩ දුන්නනම් බස්වල කොන්දොස්තරල ඩ්‍රයිවර්ල මිණිස්සුන්ට දාන සද්දෙ අඩුවෙයිද? නිවැරදිව ඉතුරු සල්ලි දෙයිද? //
මෙහෙමයි නේ රාජ් නිදහස් වෙළඳ පොල හරියට ක්‍රියාත්මක වුනාම වෙන්නේ රජය මිල පාලනය කරන එක සහ විශාල බදුඅය කරන එක නැති වෙන එකයි එවිට බස් ව්‍යාපාරය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වෙනවා.එතකොට අවිධිමත් තනි බස් හිමියන් වෙනුවට විධිමත් බස් කොම්පැනි බිහි වෙන්න ගන්නවා.දැන් මේ කොම්පැනි මගීන් දිනා ගැනීම සඳහා තරග කරන්න වුනාම අඩු මිලට හොඳ සේවයක් දෙන කොම්පැනි දියුණු වෙලා කොන්දොස්තරල ඩ්‍රයිවර්ල මිණිස්සුන්ට සද්දෙ දාන,නිවැරදිව ඉතුරු සල්ලි නොදෙන අය බංකොලොත් වෙලා වෙලඳ පොලෙන් හැලිලා යනවා.රාජ්ලගේ මූලික වරද තමයි,මෙතන වරද තියෙන්නේ නිදහස් වෙලඳ පොල ක්‍රමයේ නොව මෙගා රජයේ, විශාල බදු සහ මිල පාලනය කියන එකේ කියන එක තේරුම් නොගැනීමයි. ලංකාවේ ප්‍රවාහන සේවා දියුනු නොවෙන්නේ බස් හිමියන් දියුනු නොවන නිසයි(බස් හිමියන් හමදාම එදා වේල )බස් හිමියන් දියුණු වෙලා විශාල කොම්පැනි බවට පත් නොවන්නේ ලාභ නොලබන නිසයි ලාභ නොලබන්නේ රජය තමන්ගේ පවැත්මඋදෙසා ඉන්ධන වල සිට හැම දෙයක් මත බදු අය කිරීමයි මිල පාලනයි නිසයි.රජය මේ බදු අරගෙන තමයි මෙගා ඇමති මණ්ඩල නඩත්තු කරන්නේ වංච දුශණ කරන්නේ සහ නිදිමත රජයේ සේවය නඩත්තු කරන්නේ.
//රක්ෂණ ක්ෂේත්‍රයේ තියන අවුල් සහගත ස්වභාවය පැහැදිලි කරන්න ඔය සරළ සත්‍ය තේරෙන මහත්තයට පුළුවන්ද?//
රක්ෂණ ක්ෂේත්‍රයේ තියන අවුල් සහගත ස්වභාවය නොවෙයි මුලු ලංකාවේම තියන අවුල් සහගත ස්වභාවයට හේතුව තම්යි රාජ් පටු විදියට හිතන රජය තමයි අපේ ගැලවුම් කාරයා කියල හිතන බහුතර ජනතාවක් සිටීම.රජය ව්‍යාපාර කලයුතු නැහැ රක්ෂණයේ අවුල තමයි රජය මේක අස්සේ ඉඳීම.
රාජ්,
නිදහස් වෙළඳ පොලක් හෝ ඊට ආසන්නතම ක්‍රමයක දී මාරු දෙන්නෙ නැති බස්වල වෙනුවට මාරු දෙන බස් දුවන අයගේ බස්වලට තැනක් ලැබෙනවා. පාරිභෝගික කැමැත්ත අනුව බිස්නස් ලැබෙන්නෙ. එතකොට දහයෙ කොළේ ලැබුනේ නැත්නම් ඒකෙ යන්නෙ නැතිව ටිකක් වැඩිපුර ගෙවා හෝ වංචාවක් තමනට වුනේ නැහැයි කියා හිතේ සතුටින් යන්න පුළුවන් නිසා.
මේ තියන ක්‍රමයෙන් කෙළ වෙන්නෙ දුප්පතාගේ අතේ තියන තුට්ටු දෙකටමයි.
kevin perera
බොහොම ස්තුතියි ප්‍රථිචාර දැක්වීමට.
//රජය මේ බදු අරගෙන තමයි මෙගා ඇමති මණ්ඩල නඩත්තු කරන්නේ වංච දුශණ කරන්නේ සහ නිදිමත රජයේ සේවය නඩත්තු කරන්නේ.// ඒක නං හරියටම හරි.
ඒත් මම මතුකරපු ප්‍රශ්නයට ඔබ දිල තියන උත්තරෙන් ප්‍රශ්නය විසදෙයි කියල හිතන්න පුළුවන්ද? යම්කිසි බදු ප්‍රමාණයක් අයකලත් දැනට ලංකාවෙ තියෙන්නෙ නිදහස් ප්‍රවාහනයක්. මොකද මිල පාලනය වගේ දේවල් වලට ආණ්ඩුව උත්සාහ දරන්නෙ ඒ ඒ අවස්තාවල ජනප්‍රියතාවයට/මුලීක ප්‍රශ්නය, අමතක කිරීමට. අන්තිමට මෙහේ ඇතිවුන සිද්ධියෙදිත් කෙලවර උනේ බස්හිමියන්ගේ ඉල්ලීම් දිනාගනිමින්.
බස් කොම්පැණි බිහිවෙලා තරගකාරීත්වය ඇතිවුනත් මම මුල් කොමෙන්ටුවෙන් දක්වපු අකටයුතු අඩුවෙයි කියල හිතන්න බෑ. මොකද දැනටත් මේ අකටයුතු කරන පිරිස අතිමහත් බහුතරයක්. හොද අය ඉන්නෙ ඉතා සුව ප්‍රමාණයයි.
අන්තිම කාරනාව රක්ෂණ ක්ෂේත්‍රය බස්කර්මාන්තයටත් වඩා හොද නිදර්ශනයක් මම කියපු කාරණාව ඔප්පු කරන්න. කොච්චර සමාගම් තිබුනත් අඩුගානෙ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙ සේවයවත් ඔවුන්ට දෙන්න බෑ. පැහැදිලි කල හැකිද?
//ඒත් මම මතුකරපු ප්‍රශ්නයට ඔබ දිල තියන උත්තරෙන් ප්‍රශ්නය විසදෙයි කියල හිතන්න පුළුවන්ද? //
රාජ් ඔබ මතු කරපු ඔඩු දුවපු තුවාල වගේ තියන ලංකාවෙ ගැටලු වලට මෙහෙම පුංචි කොමෙන්ටුවකින් විසඳුම් දෙන්න බෑ. මං උත්සාහ කරන්නේ හිතන්න පුලුවන් අයට ආරම්භයක් ලබා දෙන්න විතරයි.මේ ගැටලු දම්වැලක පුරුක් වගේ එකතැනකින් විසදන්න බෑ උදාහරණයකට ප්‍රයිවට් බස් වල මිල පාලනය අයින් කරල වැඩක් නැහැ ඉන්ධන මත තියන බදු අයින් නොකර මේ එකක්වත් කරන්න බැහැ අති විශාල නාස්තියක් කරන මෙගා රජය කුඩා නොකර. වැඩේ තියෙන්නෙ මුලින් දුකට හේතුව අවබෝධ කරගෙන දුකින් මිදෙන මාර්ගය සොයා ගත යුතුයි. අපේ අය තාමත් ඉන්නෙදුකම මොනතරම් සතුටක්දෝ කියන තැන.රාජ් දැන් වයස 42 කි මා ඇමරිකාවට යනවිට වයස 30 කි ලංකාවේ අවුරුදු තිහක් ජීවත් වී මෙහි වසර 12 සිටින මට අත්දැකීමෙන් වැටහෙනවා යකෝ මේ ලංකාවේ අපි ගැටලු කරගෙන අනාගෙන ඉන්න ගැටලු වලට ඇස්පනාපිට විසඳුම් මේ තියෙන්නේ කියල.නිකමට අරුණි උඩ දාල තියන පින්තූර දෙක සංසන්දනය කරල බලන්නකො රාජ් දෙවියො ජපනුන්ට බස් මවල දීලද? නැහැ නිවැරිදි මග ගමන් කිරීම නිසා විසඳුම් හොයාගෙන. මැජික් නොවෙයි. මාර්ගය පෙනි පෙනි තියෙද්දි රාජ් ඔයාල හිතනව මේ පේන පාර නම් බටහිර කුමන්ත්‍රණ්යක් ඒක නිසා ඔන්න ඔහේ කානුවෙම යනවා කියල.
kevin perera,
ඊයේ ගිය ටැක්සියෙ රියැදුරු මහත්තයා මට කියනවා “ඇමෙරිකාවට හරි තරහයි අපි යුද්ධෙ නැවැත්තුව එක ගැන. ඒකයි ඔය කරදර කරන්නෙ. නැවැත්තුවෙ නැත්නම් අපිට අවි ආයුධයි බෙහෙත් එහෙමයි තව විකුණගන්න තිබුණනෙ” කියල. මම ඇහැව්වා “කොච්චර මුදලකට අවි ආයුධ ලංකාව ඇමෙරිකාවෙන් මිල දී ගත්තා ද?” කියල. එයා දන්නෙ නැහැ. “කොච්චර මුදලකට බෙහෙත් ලංකාව ඇමෙරිකාවෙන් මිල දී ගත්තා ද?” කියල. එයා දන්නෙ නැහැ. හැබැයි ඔක්කොම බටහිර කුමන්ත්‍රණ කියනවා!!!
//කොච්චර සමාගම් තිබුනත් අඩුගානෙ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙ සේවයවත් ඔවුන්ට දෙන්න බෑ. පැහැදිලි කල හැකිද?//
ඔව් පැහැදිලි කර හැකියි රාජ්. හිතන්න ඔබ රක්ෂණ හිමිකරුවෙක් කියල. ඔබ හොඳ සේවයක් සැපයූවොත් අනිත් රක්ෂණ සමාගම් වල පාරිභෝගිකයො ඔබට දිනාගත හැකියි ඉතින් ඔබ එහෙම නොකරන්නේ ඇයි? ඔබ එහෙම නොකරන්න එකම හේතුව ලංකාවෙ රක්ෂණ ව්‍යාපාරයෙන් එහෙම සේවාවක් දීල ලාභ උපයන්න බැහැ කියන එකයි. ඇයි ඔබේ රක්ෂණ ව්‍යාපාරය ලාභදායී නැත්තේ රජයේ බදු මුදල් වලින් යැපෙන ඔබේ තරඟකරුවා (මෙතන රජයේ රක්ෂණ සංස්ථාව ) එක්ක හැප්පෙන්න ඔබට බැහැ මොකද ඒකට එක නීතියක් ඔබට එක නීතියක් නේ ඒක ලාභ ලැබුවත් එකයි පාඩු උනත් එකයි ඒක මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් යප්පනව නේ. ඔයා පාඩු උනොත් වැහිල යනව. හිතන්න ඔයා ක්‍රිකට් මැච් එකක් ගහනව ඔයාගෙ ප්‍රතිවාදියට එක නීතියක් ඔයාට එක නීතියක් ඔයා කොච්චර විකට් පොලු කැඩෙන්න බෝල දැම්මත් එයා අවුට් නෑ කියනව ඔයාට දිනන්න පුලුවන්ද? රජය බිස්නස් කරන කොට වෙන්නේ ඕකයි. රජය බිස්නස් කරන රටවල් කවදාවත් දියුනු වෙන්නේ නෑ මම මගේ ජීවිතය උනත් ඔට්ටු අල්ලනව මෙන්න කැට
ලංකාවෙ අය වෙනස් වෙනවට හරි බයයි.
අංජන,
ඒකත් එහෙමයි, ඒත් සමහර අනවශ්‍ය වෙනස්කම් නම් ඕනාවටත් වැඩිය.
ලංකාවේ පුද්ගලික බස් සේවය, කතිපයාධිකාරී මාෆියාවක්. සාමාන්‍ය කතිපයාධිකාරයකටත් එහා ගිය දෙයක්. ලංගම හරි හැටි ක්‍රියාත්මක නොවන තත්වයක, මගීන්ගේ තෝරා ගැනීමේ අවස්ථා අවමයි.පුද්ගලික බස් ව්‍යාපාර අතර කොහොමටත් තරඟකාරී තත්ත්ව දක්නට තියෙනවා. ඒ තත්වය කොතරම්ද කියනවානම්, මාරක ධාවන තරඟත් පවතින අතරම, සමහර විට කොන්දොස්තර අතර මග දමා තරඟයේ යෙදෙන රියදුරනුත් ඉන්නවා.
ඉඳුනිල්,
නඟ්ගවා ගන්න තියන කැක්කුම මුල් පඩියට පය තිබ්බම පලා යන්නෙ මාක් ස්පීඩ් එකකින්.
වැඩියෙන් කීයක් හරි අයකරන්න පුළුවන් ක්‍රමයක් වෙතොත් හරි සැලකුම් ඇති ප්‍රවාහන සේවයක් අනිවාර්යෙන්ම ඇතිවෙනවා.
දැන් කැන්ගරූ ටැක්සියකට කතා කරලා බලන්න, එන්න කළින් දන්වනවා, ආවම දන්වනවා, නවත්තලා බැස්සම ස්තූතියි ටටා බයි බායි කියලානෙ යන්නෙ.
මෙන්න ලංකාවෙ ප්‍රවාහනයේ තරම http://sugandi-batti.blogspot.com/2012/02/blog-post_23.html කියවල බලන්න.
රාජ්,
මට අහන්න ලැබුන කොන්දොස්තර කෙනෙක් මඟියෙක්ගෙ ඇහැට කුඩයෙන් ඇනලා මඟියා පසුව රෝහල් ගතකර මිය ගිය බවත්.
කුඩයක් අරන් යන්නෙ නැද්ද නැත්නම් බස් එකක යන්නෙ නැද්ද කියලා හිතන්න වුනා.
බොහෝ දියුනු රටවල බස් මගී ප්‍රවාහනය කරන සමාගම් වලට ආණ්ඩුවෙනුත් යම් ප්‍රතිපාදන දෙනවා (subsidies). විශේෂයෙන්ම පාසැල් ලමුන් සහ වැඩිහිටි අය ප්‍රවාහනය කරනවාට. ඒ නිසා මේ සේවාවන් සම්පූර්ණයෙන්ම පෞද්ගලික සේවාවන් නෙවේ.
ඔව් ඇත්ත මේ සේවාවන් සම්පූර්ණයෙන්ම පෞද්ගලික සේවාවන් නෙවේ. මා සිටින නිව් යෝර්ක් නගරයේ බස් සහ උමං දුම් රිය සේවාව ප්‍රාන්ත රජයට අයිතියි එම සේවාව ඉහලයි එහෙම තියෙද්දි මම ඉහත රාජ්ට කියපු කතාව පරස්පර විරෝධී කියල කෙනෙක්ට හැඟෙන්න පුලුවන්. මෙහෙමයි මේක සංකීර්ණ කතාවක් සරලව කෙටියෙන් කියන්න අමාරුයි නිව්යෝක් රජයට මෑන්හැට්න් උමං දුම් රිය මාර්ග පද්දතිය වැනි දැවැන්ත නිර්මාන කරන්න හැකියාව ලැබෙන්නේ ඇමරිකාවේ නිදහස් වෙලඳ පොල ක්‍රමය ක්‍රියාත්මක වෙලා රට දියුණු වුන නිසයි අපි කරන්නේ රට කවදාවත් දියුනු වෙන්න ඉඩ නොතබා හිඟන්නගේ පාත්තරේට තට්ටු කරන එකයි.
kevin perera,
නිව් යෝර්ක් ට්‍රාන්සිට් සිස්ටම් එකත් දුවන්නෙ ගැටළු සහගතව. ඒක කාලයක් ඇදගෙන ගියා වුනාට ලැබෙන බදු අඩු වෙනකොට ඒවායේ ද ක්‍රමවත් බවත්, පහසුකම් හා තත්වය බහින්න පටන් ගෙන. එකම විසඳුම පුද්ගලීකරණය, හැබැයි ඒකට නගරාධිපති බ්ලුම්බර්ග් කිසිම විදියකින් කැමැත්තක් දක්වන එකක් නැහැ තමන්ගෙ බලය අඩුවෙන නිසා.
Kandyan,
ප්‍රතිපාදන වලින් දුවන කිසිවක් කාලාන්තරයක් නියමකාරයෙන් පවත්වාගෙන යන්නට සමත් වූවෙක් නැහැ. ලාභ උපයන ක්‍රමයකට හැඩ ගැසුණක් පමණයි සුපිරි තත්වයකින් පවත්වා ගන්නට හැකිවෙන්නේ.
මිල පාලනයක් නැතිව ලෝකයේ ලාභ උපයන පුද්ගලික වූ ප්‍රවාහන සේවාවන් ලාභ උපයමින් පාරිභෝගිකයාට තරඟකාරී මිලකට ලබා ගතහැකි සේවා සපයන්න සමත් වී තියෙනවා. රුවල් නැව් ප්‍රවාහන සේවය ඊට අයිතියි!!!
ඒත් මෙහෙ වගේ මහජන – පුද්ගලික කැඳ හැලියක් කරගත්ත එංගලන්තයේ ලන්ඩන් හි Metronet බංකොළොත් වුනා. මෙහෙ වගේම එහෙත් ඒක පුද්ගලීකරණයේ වරදක් කියන්න පෙළ ගැසෙනා අය වැඩියි.
ඔව්…කළමණාකරණය හොඳ නම් පාඩු වෙන්න විධියක් නෑ…මම ඉන්න උතුරු එංගලන්තේ පොදු ප්‍රවාහන පද්ධතියට ආණ්ඩුවෙන් පවුම් මිළියන ගානක් දෙනවා. අපේ ගෙදර ලඟින් යන බස් එකේ යන්නේ 10 කටත් අඩු ගානක්, වැඩිය ඉන්නේ බස් පාස් තියන අය. ඒත් ඒ බස් එක හැමදාම දුවනවා. ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක කියන්නේ PUBLIC GOOD එකක්. PUBLIC GOOD එකක් profit කරනවා කියන්නේ හරිම අමාරු දෙයක්…
මේ වගේ ප්‍රවාහන සේවයක් තියෙන්ට රටක් දියුනු වෙන්ට ඕනි. ඒ දියුනුව මිනිස්සු අතරෙත් තියෙන්ට ඕනි. මිනිස්සු හිතන හැටි වෙනස්වෙන්ට ඕනි. වෙනස්කම් පිලිගන්ට කැමති වෙන්ට ඕනි. ඒ හැමදෙයක්ම වෙනස් වෙනකල් මේ ක්‍රම ලංකාවේ දකින්ට වෙන එකක් නෑ.
අරුණි ඔයා තාම ජපානෙද?
praveena,
බල තණ්හාධික ස්වභාවය අඩු වූවොත් හැමෝටම ඉදිරියට යන්න පුළුවන් බව වටහා ගන්න හැකිනම් ….
ගල්කිස්සට යන ටිකට් එකේ තියන දවසෙ ලංකාවට ආවා.
Bringing in the change or not…thats entirely up to you,….Those who want change must bring change themselves, if you dont bring change dont expect change from me,
මේ රුවන් වැකිය කිව්වෙ කවුද දන්නවද?………එම්. ඩී. විල්බට් මහත්මයා….එතුමා ඇවිල්ල ලොව පිළිගත්තු උගතෙක් වත් මහා ප්‍රාඥයෙක්වත් නම් නෙවෙයි හැබැයි….176 කරගම්පිටිය – හෙට්ටියාවත්ත බස් එහෙක වැඩ කරපු කොන්දොස්තර මහතෙක්….අපි ඒ දවස්වල් ඉස්කෝලෙ ගියෙ ඔය බස් එකේ තමයි.
එම්. ඩී. විල්බට් මහත්තයගේ කතාව ඇත්ත. එයාගේ ඉංග්‍රීසිත් නියමයි…
Ravi,
Having knowledge is not the same as being smart. Facts are merely trivia. Smart is knowing what to do with it. -Practice Cake, a romantic comedy by Dalya Moon
දැනුම තිබි පමණින් දක්ෂයෙක් වෙන්නෙ නැහැ. පරිසිද්ධියන් වනාහි එතරම් අගයක් නැති සුළු දේවල්. දක්ෂයෙක් යනු ඒවායෙන් කුමක් කරන්නේ ද යැයි දැන සිටීමයි.
එම්. ඩී. විල්බට් වැනි කොන්දොස්තර මහත්මයාණන් ලොව තව බිහිවේවා!
අපේ රටේ නම් ඒ රස්සාව නැති වෙන්නේ නෑ…කොන්දොස්තරලා ඒ කාඩ් එක අල්ලන්න ගනිවී ඊට පස්සේ…
ගෝල්ඩ් fish,
ඔව් යාළු මාළුවෝ ඊට පස්සෙ ඒ කොන්දොස්තරලා පුහුණු කරලා එයාලට සහතික දෙන ඉන්ස්ටිටියුට් ද බිහිවේවි!!!
අපෙත් ප්‍රීපේඩ් කාඩ් සිස්ටම් එකක් ගේන්න යනවා කියලා ආරංචියක් තිබුනා….
ඔබ නොදුටු ලොවක්,
මාසික සීසන් කාඩ් සිස්ටම් එකක් ඉස්සර තිබුණා නේද? එහෙම සීසන් කාඩ් හැමෝටම ඔය ඩයලොග් රීලෝඩ් වගේ හැම තැනකින් ම ගන්න විදියක් ඇත්නම්!!
ඒ වගේ ඉලෙක්ට්‍රොනික් කාඩ් සිස්ටම් එකක් තමයි හඳුන්වා දෙන්න යන්නේ..පෝස්ට්පේඩ් …ප්‍රීපේඩ් දෙවිදියටම..
අසාවෙන් ලන්කාවට අවා.මනස හොදින් තියාගන්නවා කියලා තිරණයක් අරගෙන.අහන දකින් දේවල් සෙරම negative දෑන්නම් අයෙත් ලන්කාවෙන් පෑනලා යන්න හිතෙනවා.