අරුණි ශපීරෝ‍ වෙතින්

සමහර ස්ථාන එදා මෙන්ම සුන්දර ය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 23, 2012

සමහර ස්ථාන ටික කලකින් බෙහෙවින් වෙනස් වී තිබිය ද සමහර තැන් නම් එදා මෙන් ම සුන්දර ය. එදා යැයි කියන්නේ වසර 25 කට පමණ පෙර අතීතයකට දිව යන මතකයකි!!!

ආයෙත් ලංකාවට ආවා. අර රහ බලල යන්න බැරිවෙච්ච කොත්තු රොටි වලට ම නෙමෙයි හැබැයි!!!

ලංකාවේ ප්‍රමුඛ පෙලේ අවන්හලක් හැටියට තිබිච්ච තැනක 2007 දී සතුටු සන්ධ්‍යාවක් ගෙවන්න ලැබුණ. පරිසරය මිහිරි කළේ ලාංකික පියානෝ වාදකයෙක්. සුද්දෝ ඇරුනාම මම නම් වූ කළු සුද්දිත් ගිහින් එයාගේ ටිප් බන්දේසියට නෝට්ටුවක් දාලා ආවා ඇමෙරිකාවේ පුරුද්දට. කෑම කොච්චර රස ද කිව්වොත් සාමාන්‍යයෙන් බඩ පිරෙන්න කළින් කෑම නතර කරන මමත් බඩ පිරෙන්නම කෑවා.

ඒ මෙතැන.
ඉතින් ඊයේ පෙරේදා දවසක ආයෙත් එතැනට ගියා අර රසවත් සැන්දෑවේ මතකය නිසාම. අපොයි මේ කොහෙද වැරදිලා වෙන තැනකට ආවා ද කියල තමා හිතට ආවේ.

කෑම යුරෝපීය ද නොවේ, ලාංකික ද නොවේ. මොකක් ද අමුතු මිශ්‍රණයක්. වේටර් මහත්තයා ඇවිත් හැඳි ගෑරුප්පු එහාට මෙහාට කළා කිහිප සැරයක්ම, අන්තිමේ දී ඕවා ඔහොම අතගාන්නෙ නැහැ කියල කියන්නත් සිද්ධ වුනා මට.

කුශලාත්මක ප්‍රතිශ්ඨාව (meritorious consideration) නොහොත් කුශලතාවයන්ට තැන දීමෙන් (meritocracy) මිසක් රටක් රාජ්‍යයක් දියුණු වෙන්නෙ නැහැ යැයි කියූවේ චීනයේ විසූ මහා දාර්ශනිකයා කොන්ෆියුසියස්.

“ඥාත්‍යානුග්‍රහය (nepotism) සහ රාජානුග්‍රහය වෙනුවට එදා චීනයේ වූයේ කුසලතාවයට තැන දීමෙන් ආණ්ඩුවේ තනතුරු තීරණය වන ක්‍රමයකි.”

කොතැන ගියත්, මොන අභියෝගයක් ඉදිරියේ වුවත් අපේ විනෝදය අඩු නොකර ගන්න අය නිසා වෙන්නැති අපි කාලා බීලා ඉවර වුනාම මෙන්න ගෙනාපි හොඳ නරක ලියන්න කොළයක්! මේකෙ අපි දැක්ක දේවල් ලිව්වොත් ඔයාලගෙ රස්සාවල් නැතිවෙනවා ඒ නිසා ලියන්නෙ නැහැ හොඳේ කියලා එතැනින් මාරු වුනා.

ඒත් සමහර ස්ථාන එදා මෙන් ම සුන්දරයි. කළින් කිව්වා වගේ වසර 25 කට පෙරත් ඒ අතර තුර කාලයේ ලංකාවට එන සෑම අවස්ථාවක දී ම පබ්ලිස් සූපවේදියාගේ ආහාර වට්ටෝරුවක් රස විඳින්න අමතක කරන්නෙ නැහැ.

කියලා වැඩක් තියෙනවා!!! තාමත් එදා වගේ ම රසයි. තැනත් එදා වගේ ම සුන්දරයි.

ජෙනරල් මැනේජර් මහත්තයා ඇමෙරිකාවේ ද සේවය කරලා තියෙන කෙනෙක් නිසා නෙමෙයි ඔන්න එහෙම කියන්නෙ!!!!

10 Responses

Subscribe to comments with RSS.

  1. ඔබ නොදු‍ටු ලොවක් said, on පෙබරවාරි 24, 2012 at 12:14 පෙ.ව.

    සමහර තැන් තියෙනවා එදා වගේම වෙනසක් නැතුව ගුනාත්මක දේ ඒ විදියටම පවත්වාගෙනයන…ගොඩක් තැන් මොඩිෆයි වෙන්න ගිහින් චා වෙනවා…

    • arunishapiro said, on පෙබරවාරි 24, 2012 at 8:45 ප.ව.

      ඔබ නොදු‍ටු ලොවක්,

      සමහර අය දර්ශනයක් නොමැතිව යම් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ව්‍යාපාරයක් කියන්නෙ යමක් විකිණීම පමණක් නෙමෙයි. ඒ දැය විකුණන අනිත් ව්‍යාපාර වලින් තමන් වෙනස් වෙන්නේ කෙසේද යැයි දර්ශනයක් ද තිබිය යුත්තක්.

      ටෙනසි ප්‍රාන්තයේ නොක්ස්විල් නගරයේ මැලේසියානු අවන්හලක් පටන් ගත් කාලයේ අපි නිතර එහි ගියා. ඇය කෑම මැලේසියන් නොවී ඇමෙරිකන් කරන්නට උත්සාහයක් ගත්තා තව වැඩියෙන් සෙනඟ ගෙන්වා ගන්නට. එවිට අපි ඇයට කිව්වා එහෙම කරන්න එපා මැලේසියන් විදියටම කරන්න ටික දවසක් ගියාම වැඩියෙන් සෙනඟ එයි කියා. ඇය වෙනස් කරන එක නවතා මැලේසියන් විදියට ගෙන ගියා. වැඩි කලක් නොගිහින් එතැන ඉතා සාර්ථක වුනා. අපි යන හැම වතාවක දී ම අපිට නොමිලේ කෑම පිඟානකුත් ලැබෙන්න පටන් ගත්තා!!

  2. රාජ් said, on පෙබරවාරි 24, 2012 at 1:50 පෙ.ව.

    අපරාදෙ කොත්තුවක් කන්නනේ තිබුනෙ.

  3. සාබිත් said, on පෙබරවාරි 24, 2012 at 7:32 පෙ.ව.

    ඒ තැන් සුන්දර කරන්නේ අපේ පැරනී මතකයන් ම විතරක් මිසක් වටේ පිටේ දේවල්,පහසුකම් වගේ දේවල් නෙවෙයි කියලයි මට හිතෙන්නේ!

    • arunishapiro said, on පෙබරවාරි 24, 2012 at 8:53 ප.ව.

      සාබිත්,

      නැහැ හැම විටම පැරණි මතකයන් නොවේ තැනක් සුන්දර කරන්නේ.

      ඔව් මම නම් යන හැම තැනකින් ම කොච්චර අභියෝගයක් ඉදිරියේ වුවත් සුන්දර මතකයක් හදාගන්න උත්සාහ කරනවා.

      ඒත් වටේ පිටේ දේවල් හා පහසුකම් නිසා එය අභියෝගයක් නොවනවා නම් සංචාරකයෙක් ගෙන් රටකට ලැබෙන සල්ලි වැඩියි.

  4. ඩිලාන් said, on පෙබරවාරි 24, 2012 at 4:34 ප.ව.

    ලංකාවේ ගොඩක් අවන්හල් වල තියන ලෙඩක් ඕක,පොඩි කාලයයි ඒක පිලිවෙලට තියෙන්නේ…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 134 other followers