දෙයියෝ වැඩිවෙලා එක් අයකුගේ වත් පිහිටක් නැද්ද?
හඳට ගිය ඇමෙරිකන්කාරයා දෙවියන්වහන්සේ විශ්වාස කිරීම ලෝකයේ මහත් පිරිසක් නිතර හුවා දක්වන කාරණයකි.
ජපානයට ගිය මම එහි දී හංදියක් පාසා ඇති රූ ලාවන්‍ය සඳහා වූ කඩ හා හරි හරියට ඇති ජපන් පන්සල් දුටිමි. කන්නට පෙර බත්පතට වැඳීම හිරෝෂිමා විශ්ව විද්‍යාල කැෆටේරියාවේ දී බොහෝ සිසු සිසුවියන් අතර දැකිය හැකිවිය. ජපන් සමාජය නොයෙකුත් ඇදහිලි හා විශ්වාස වලින් පිරුණකි. මඟතොට දී දකිනා ෂින්ටෝ ඇතුළු තවත් දහම් අදහන පන්සල් වල ජනයා සතියේ දිනවල දහවල් කාලයේ දී ගැවසෙන ආකාරය ද දකිනු හැකිවිය.

ජපානයේ මෙන් ලංකාවේ ද රූ ලාවන්‍යය සඳහා වූ කඩ බහුල ය. මා හිතුවේ Chopping Bloc නමින් වූ ස්ථානය මස් කඩයක් යැයි කියාය!!!!
ඇමෙරිකන්කාරයා අනුගමනය කරමින් හඳට යන්නට අද චීන්නුන්ට මහත් උවමනාවක් ඇත.
දෙවියන්වහන්සේ විශ්වාස නොකරන රටකින් ගගනගාමීයෙකුට කවදා හෝ හඳට යන්නට හැකිවනු ඇත් ද?
තවත් විදියකින් ඇහැව්වොත්, දෙවියන් අදහන්නේ නැති අය ඉන්නා රටක් සොයාගත හැකි ද?
නැත්නම් කිසිම දෙයියෙක් විශ්වාස නොකරන 16% ක ඇමෙරිකානුවන් ඉන්නා විට හඳට ගිය ඇමෙරිකන්කාරයා දෙවියන්වහන්සේ අදහනවා යැයි විසුළු කරන අනිත් රටවල් වල දෙයියෝ වැඩිවෙලා නිසා ඒ දෙවියන් අතරින් එක් අයෙකුගේ වත් පිහිටක් පුරවැසියාට නැද්ද?
ජපානයේ බස් ටිකට් එකේ මිල වැටෙන තැන ලංකාවේ බස් රථයක මෙසේ දිස්විය. ඒ බස් රථයේ ම “…මඟීන්ටද…” යැයි ද සඳහන් වී තිබුණි. ඒ කියන්නේ ප්‍රවේශ පත්‍ර ඇතිව ගමන් කරන මඟීන්ටත් දඩ මුදලක් ඇති බව නේද?!!!!
කොයි දෙයියන් යටතේ ද ඊයේ රෑ දොළහට රුපියල් පහකින් මිල ඉහළ ගිය පාන්ගෙඩියේ බාරකාරත්වය තිබ්බේ?
මිය යන්නට පෙර මා යළි හමුවේවා යැයි වසර ගණනාවක් තිස්සේ සායිබාබා හමුවේ පැතූ යෙහෙළියකගේ ප්‍රාර්ථනාව අද ඉෂ්ඨ වී ඇත. ඇය ඊට තුති පුදකරන්නට යද්දී මා ද කැටුව යන්නට අපේක්ෂා කරන්නීය. මුහුණුපොතට තෙවරක් වැඳ වැඩ පටන් ගත යුතු ද?!! නැත්නම් අනේ අපොයි, මාර්ක් සුකර්බර්ග්ට වඳින්නට ආපසු ගිය ගමන් මා නිව්ජර්සි යා යුතු ද?!!!!





ලංකාවේ මස් කඩ වලත් බුදු පිළිමයක් තියලා මල් පූජා කරලා වැඩ පටන් ගන්න කොට ඔව්වා නම් මොනාද
ගෝල්ඩ් fish,
ඔව් පෝය දවසේ යද්දි දැක්කා මස් කපන ලෑල්ල උඩ පේලියට බුදු පිළිම තබා තියෙනවා, එවැන්නක් කරනා අයගේ මනස තුලට රිංගා බැලිය හැකිනම් කියා සිතුණා!
එහෙම රිංගලා ඉගෙන ගන්න දෙයක් තියා අඩුම ගානේ හිතන්නවත් දෙයක් නෑ… අපිට හොයාගන්න පුළුවන් එකම දේ වෙන්නේ… සල්ලි… සල්ලි… කිය කිය හිත ඇතුලේ සැරිසරන සිතුවිල්ලක් විතරයි….
දෙවියොත් කෝප වෙලා ඉන්නේ මේ ළඟදි කපු මහත්වරු කීප දෙනෙක්ම නිවන් ගියා…
@maathalan
කැලනියේ නාථ දේවාලේ සිල්වා කපු මහත්තයාට කොහොමද?
kevin perera,
කැළණිය පැත්තෙ ගියා, ඒත් හොඳ වෙලාවට කපු මහත්තයා හමුවූයේ නැහැ.
අපේ බස් වල වම් පැත්තේ සිග්නල් ලයිට් එක දැම්මම විෂ්නු දෙවියන්ගේ බල්බ් එක පත්තු වෙනවා…දකුණු පැත්තේ සිග්නල් එක දැම්මම කතරගම දෙයියන්ගේ බල්බ් එක…බ්‍රේක් එකට රතු ලොකු බල්බ් එක බුදු හාමුදුරුවන්ගේ පිංතූරේ ඉස්සරහා පත්තුවෙන්නේ…..
ඔබ නොදුටු ලොවක්,
අත් වලත් පාට පාට වලින් හැදිච්ච ඇමෙරිකන් ළමයි දාන ෆ්‍රෙන්ඩ්ශිප් බ්රෙස්ලට් වගේ “පිරිත් නූල්” පවා දකින්න ලැබුණා!
අනේ පල වේසි යන්න…
ancsi,
මම බය වෙයි ඔහොම කිව්ව කියල!
කාට කියන්නද මංදා
emailkavikaari,
ඇස් තියන අයට නම් පෙනෙනවා ආයෙත් අළුතින් කියන්න ඕනෑ නැහැනෙ කියලත් හිතෙනවා නංගි.
වැරැද්ද තියන්නේ දෙවියන්ගේ වත් වෙන බලවේගයකවත් නෙවි.මිනිස්සුන්ගේ.උන් ගේ හිත්වල තියන ආශා පොදි වැඩිවෙන තරමට දෙවියොත් වැඩිවෙනවා.පාලකයො මිනිස්සු ගැන නොහිතන නිසා පාං මිල වැඩි වෙනවා.උන්ව පත්කරන අය වැඩි වෙන කොට තණකොළ අඩුවෙනවා(ප්‍රමාණය).උන් ඒවා කනවා!
MW Team,
//උන් ගේ හිත්වල තියන ආශා පොදි වැඩිවෙන තරමට// ඇරෙන්න අනිත් ලියපු ටිකට නම් මම කැමතියි.
//උන් ගේ හිත්වල තියන ආශා පොදි වැඩිවෙන තරමට// වෙන රටවල නම් අළුත් අළුත් මිනිස් ජීවිතය තවත් සමෘද්ධි කරවන දේවල් බිහිවෙන්නෙ.
//උන් ගේ හිත්වල තියන ආශා පොදි වැඩිවෙන තරමට// නෙමෙ වැරැද්ද ඇත්තේ. ඔය කියන තණකොල අඩුවීමයි!!!
aththatama meharak kathawak,minissu 100% k hari nam agamak adahanna onada?thmange hithe sathitata agam adhanne,bubu pilimayak ellagath tharamin ohu niwan dakinna oneda?ai mas kada karayata agama adahanna akapada?boad gana nowa prthipathi rakina aya gana katha karamu.
katholika americawa hadata giyahama okkoma prashna harida?loke minisunge sathuta thiyenne thakshanika diunuwenda? hithe sathuta gana dan nathi adabala blog ekak.
oba hadata gos siyalu sapa athkaraganna.
oba buddimath miniseku lesa sithanna
ranga,
ආයුබෝවන් ranga! ඔයා මගේ ගෙදරට අළුත් නිසා මේ සටහන පැහැදිලි වී නැහැ.
ඇමෙරිකාවේ කතෝලික භක්තියකයන් ඉන්නෙ අනිකුත් ක්‍රිස්තියානුවන් අතරින් අල්පයයි. “කතෝලික ඇමෙරිකාව” ක් නැහැ.
මටත් කියන්න තියෙන්නෙ ඔබ බුද්ධිමත් මිනිසෙක් ලෙස හිතන්න කියා ම තමා.
arunishapiro@ මම පොදුවෙ අදහස් කලෙ සියලුම ජෙසුට වදින කන්ඩායම් ගන තමා,මමත් දන්නව අමෙරිකවෙ ප්‍රොතෙස්‌ට්‍රන්ත අයත් ගොඩක් ඉන්නව එට අමතරව ජොහොවගෙ සක්‍ෂිකරයො,බයිබලෙ ,එංගලන්ත සබාව වගෙ විවිඩ කොටස් ඉන්නව.අමෙරිකාව තමයි ලොකෙට විවිඩ ක්‍රිස්‌තියනි ආගම් පතුරවන මඩ්‍යස්‌තානය වෙල තියෙන්නෙ,සමහර ආගම් කතොලික අගමටත් තර්ජනයක්.මට පහදිලිව කියනවද දෙයියො ගොඩකුයි තනි දෙයියයි එක්‌ක ඔයා කියන කාරනෙ,අඩුම තරමෙ ජපන් මිනිස්‌සු කන බත්පතටවත් වදිනව ,නමුත් සමහරු නති දෙයියෙක් හිතින් හදන් වදිනව.
ranga,
ඇමෙරිකාවේ ඉන්න ආගමික නිකායන් ගැන ඇමෙරිකාවේ වාසය කරනා අය ද දන්නේ ඩිංගයි. කවදා හරි දවසක ඒ ගැනත් සටහනක් දාන්නම්. ලෝකයේ ඕනෑම රටක අදහන ආගමික ඇදහිල්ලක් ඇමෙරිකාවේ ද දකින්න පුළුවන්.
කැමති කෙනෙකුට කැමති ආගමක් අදහන්න හෝ එක ආගමකට වඩා අදහන්න ඉඩකඩක් තිබීම ගැන නොවේ මා සටහනේ දී කතා කළේ. දෙයියෙක් නැති ආගමක් අදහමින් තමන් ඒ ආගම මහා ශ්‍රද්ධාවෙන් යුතුව අනුගමනය කරනවා යැයි කියා ගනිමින් ඒ ආගම ගැන නොදැන සිටින අය ගැනයි. එහෙම තමන්ගේ ආගම නොදන්නා අය තවත් රටක මිනිස්සු ඔයා කියන විදියට “නැති දෙයියෙක් හිතින් හදාගෙන වදිනවා” කියන්නේ කොහොම ද?
me loke deviwaru 1 k nemei godak inna puluwan a ayath yam kisi sathwa kottasayak ,oya kiyana boho deviwaru ayath wenne dewa kiyana kandayata nowa yaksh kiyana kandayata ,udaharanayak gaththoth munu saya thiyena skanda kumara,kali wage aya.namuth a ayatath yamekuta pihitaweeme hakiyawa thiyenawa.namuth loke mawwai kiyana thani deiyek nathi nisa oyage kathawa sampurnayenma waradie.anika loke mawwa dewiyage loke palanaya gaththama yakshayekuta wada anthai.
අපේ අත්තම්මා ඒ දවස් වල කිව්වේ..”තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා” කියලා….
kandyan,
ඔයාගෙ අන්වර්ථ නමින් ම ඒක අර්ථ දැක්වෙනවා නේද?!
ඒ කොහොමද කියලා කිව්වානම්!
Kandyan,
ඉන්දියාවේ “තිස්තුන් කෝටියක් දෙවිවරු” ලංකාවේ පදිංචියට ආවේ කන්ද උඩරට රාජධානියට ලංකාවේ රජ පරම්පරාවේ අයෙක් නැතිවීම නිසා ඉන්දියාවේ දෙවිවරු විශ්වාස කරන අය ගෙන්වා ගැනීමෙන් යැයි අසා තියෙනවා, ඉතින් Kandyan දන්නවා ද එහි සුලමුල, ඇත්ත නැත්ත?
අහලා තියන විධියට ”තිස්තුන් කෝටියක් දෙවිවරු” ආවේ පොළොන්නරු යුගයේ ලු. නුවර යුගයේලු දෙවිවරු පන්සල් වලට ආවේ.
// ඒ බස් රථයේ ම “…මඟීන්ටද…” යැයි ද සඳහන් වී තිබුණි. ඒ කියන්නේ ප්‍රවේශ පත්‍ර ඇතිව ගමන් කරන මඟීන්ටත් දඩ මුදලක් ඇති බව නේද?!!!!
මෙය “මඟීන්” නොව “මගීන්”ට කියා නිවැරදි විය යුතුය
කාරියකරවන,
මා නිවැරදි යැයි තවමත් සිතමි. “මඟීන්” යනු ගමනාගමනයේ යෙදෙනා අයයි. “මගීන්” කියා වචනයක් නැති අතර “මගින්” කියන්නේ යමක් ආධාරයෙන් කෙරෙන්නක්.
දන්නා අයෙක් නිවැරදි කරන්න.
මාර්ගය = මග
මාර්ගය, මාර්ඟය වූවා නම් මගීන්ට මඟීන් බවට පත්වීමේ හැකියාව ඇත.
මග යන්නෝ මගීහු වෙති.
ඔබ ද බස නිවැරදිව හසුරුවන්නන්ගේ මගට බට මගියෙක්ම වේවා !!!!!!!!!!!
කාරියකරවන,
ස්තූතියි, ඔව් මා බස නිවැරදිව හසුරුවන්නන්ගේ මගට බට මගියෙක් ම වීමට කැමතියි.
මගියා යන්න ඔබ දෙන අර්ථ විහග්‍රහය එන්නේ හරිශ්චන්ද්‍ර විජේතුංග මහා සිංහල ශබ්දකෝෂයේ 1293 පිටුවේ ඟ සංඤ්ඤය නැතිව ය. ඉතින් ඔබ නිවැරදියි. නැවතත් ස්තූතියි.
අපිට මෙයාලටත් කියන්න වෙනවා: http://maduraonline.com/?find=passenger
ඔය බස්වල තියෙන “දෙයියො” ගෙනෙන්නෙ බස්එක ගේන ඉන්දියාවෙන්මයි. ඒවට ගහන හදුන්කූරුත් ඉන්දියාවෙන්මයි.
ඉස්සර ඕවගේ බුද්ධරූපය ටිකක් ලොකුවට තිබුනා. දැන් ඒකත් අනිත් කක්කුටු රූපවල ගානටම බැලන්ස් කරලා…(බෞද්ධයෝ ලංකාවෙ නැති හින්ද ඒකෙ ඒහැටි වරදකුත් නෑ)
ලංකාවෙ ඉන්නෙ “හින්බුඩ්ඩො”( හින්දු + බුද්ධාගම) පන්සල් වල ඉන්නෙ භික්ෂූන් නෙවෙයි සිවුරු දාගත්ත පූසාරිලා.
ඉතින් අදේවවාදී බුදුදහම තවදුරටත් ලංකාවේ නැත.
N.S.A. Niriella,
“හින්බුඩ්ඩො”! අළුත් වචනයක් කාලේ හැටියට එකතු වෙලා නියමයි. ඔව් මේ අය අද වැඩියෙන් හමුවෙනවා කියා මටත් සිතෙනවා.
ලෝකේ හැම පැත්තෙන් ම හොඳ දේවල් එකතු කරගන්න නිසා අදේවවාදී බුදුදහමත් අපි ඇමෙරිකාවට අරන් ගිහින්!
සමහර බස් වල බුදු පිලිමෙ බුදුරැස් මාලාවෙ බල්බ් රටාව සෙටප් එකේ බීට් එකට වැඩ කරනව . . . අජිත් මුතුකුමාරනගෙ සිංදුවක් හෙම දැම්මාම බුද්දාලම්බන ප්‍රීතියෙං පිනා යනව
ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති),
ඊ ළඟ සැරේ බස් එකකට නැඟ්ගම ටෙස්ට් කරලා ම බලන්නම්!!!!
මං දැක්ක තේරුමක් තියෙන එකක්, ලංගම බස් එකක.
ඩ්‍රයිවර් බ්‍රේක් පෙඩල් එකට කකුල තිබ්බ ගමන් බුද්ධ රූපෙ ඇටසැකිල්ලක් වෙනව.
අනිත්‍ය මෙනෙහි වෙන්න නරක නෑ කියල හිතුන, හැබැයි ලංකාවෙදි මොන වාහනේ ගියත් නිතරම අනිත්‍ය මෙනෙහි නොවෙනව නං තමා පුදුමෙ.
බස් වල ගහන්න ඕනෙ ‘බුදු අම්මෝ ටුවර්ස් ‘
ටුක් ටුක් වල ‘ මරුවා සමග වාසේ ‘
Observer,
ඔව් ඔබා අයියේ අනිත්‍ය නම් මෙනෙහි වුනා හැම තත්පරයක දී ම!!! ටුක් ටුක් වල යන්නෙ නැහැ කියලා සුදු අප්පුහාමිට පොරොන්දු වෙලා ආව නිසා ඒක ටෙස්ට් කරලා බලන්නෙ නැහැ.
ඒ කියන්නෙ තාම ලංකාවෙද ?
මෙහෙ ඉන්න සරත් අනුර කියල අරුණිගෙ යුනි එකේ සමකාලීන හිතවතෙක් මතක් කළා
Observer,
ඔව් තාම ලංකාවේ. සරත් අනුරව මාත් මතක් කළා කියන්න.
“කන්නට පෙර බත්පතට වැඳීම හිරෝෂිමා විශ්ව විද්‍යාල කැෆටේරියාවේ දී බොහෝ සිසු සිසුවියන් අතර දැකිය හැකිවිය”
ඒක නන් ආගමික විශ්වාසයක් හින්දම කරන දෙයක් නෙවේ. කෑම කන්ඩ කලින් සිරිතක් විදිහට කරන දෙයක්. ‘ඉතදකිමස්’ කියල අත්දෙක එකතුකරල වඳින එක. ගොඩක් වෙලාවට පිරිසක් මැද්දෙ කද්දි මාත් එහෙම කරනව. ජපානෙ ජීවත්වෙන ඇමරිකන් අයත් කරනවා.
ඒකෙ ඇත්තම අර්ථය නන් ඒ කෑම වේල සපයන්ඩ උදවුවෙච්ච අයට ස්තූතියි කරන එක (සත්තු, ගස්කොල, කෑම පිළියෙල කරපු අය ).
ජපානෙ එක එක විශ්වාස තිබ්බට මිනිස්සු නන් එච්චර ආගමික නැති බව මට සහතිකේටම කියන්ඩ පුලුවන්. අනිත් එක ජපානෙ තියන ආගම් වලින් මිනිස්සුන්ගෙ සාමාන්‍ය ජීවිතේට කිසිම බාධාවක් නෑ. හරිම නිදහස්.
ඇමරිකාව ගැන නන් ලොකු අවබෝධයක් නෑ. ඒ හින්ද සංසන්දනය කරන්ඩ නන් බෑ. ඒත් මං දැකල තියනව ජෝජ් බුෂ් කියනව ඇමරිකාව මැද පෙරදිග කරපු සටන් දෙවියන් වෙනුවෙන් කරන දෙයක් වගේ අදහසක්(හරියට ඒ වචනම නොවෙන්ඩ පුලුවන්. ඒත් අදහස ඒ වගේ එකක්). ජපානයෙ රාජ්‍ය නායකයෙක් ආගමක් ගැන ඒ වගේ දෙයක් කියනව කියල අහල නෑ(ඈත අතීතය ගැනනන් දන්නෙ නෑ, මං කියන්නෙ මේ මෑත ඉතිහාසයෙ )
ලංකාව නන් ඉතින් ආසියාවෙ ආශ්චර්ය හින්ද කිසිම රටක් එක්ක සන්සන්දනය කරන්ඩ බෑ
චමිල,
ඔව්, මාත් එහෙම වැන්දා කන්න කළින් විශ්ව විද්‍යාල කැන්ටිමේ දී.
“ආගමික” යන්න පුළුල් අර්ථයකින් බැලුවම “විශ්වාස” අතරින් වෙනස් වෙන්නෙ කොහොම ද?
ජපන් අය තම දූ දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය ගැන දැඩි ආගමික වතාවත් සහ සාස්තර පවා බලනවා නේද?
ජෝර්ජ් බුෂ් ඇමෙරිකානුවා නියෝජනය කරපු අයෙක් නෙමෙයි. කර්නල් ගඩාෆි ලිබියානුවා නියෝජනය කරපු නායකයෙක් නොවූවා වගේම.
අපොයි ලංකාවේ … ආසියාවේ ආශ්චර්යය එක්ක ලෝකෙ කිසිම රටක් සංසන්දනය කරන්න බැහැ නේන්නම්.
මට හිතෙන විදිහට ආගමික කියන එක පුලුල් අර්ථයකට යද්දි ඒක දර්ශනය බවට හැරෙනව. හැම මිනිහෙක්ම යමක් විශ්වාස කරනවා. ඒක ආගමක් කියන එකට වඩා දර්ශනයක් කියන එක නේද ගැලපෙන්නෙ. සමහරක් දර්ශන ආගමක් බවට පත්වෙනව. හැම ආගමක්ම ඇතිවෙලා තියෙන්නෙ එහෙම නේද?
ඒ අදහසින් ගත්තහම මට කලින් කියන්ඩ ඕනේ උනේ ජපානෙ ආගමික විශ්වාසවල එල්ලිල ඉන්න අය අඩුයි ඒ වගේම ඒ ආගමික විශ්වාසවල ඉන්න අයත් ඒක කරන්නෙ තමන්ටවත් අනුන්ටවත් ලොකු බලපෑමක් වෙන විදිහට නෙවෙයි කියන එක. විවිධ සංකීර්ණ විශ්වාස ගොඩක් තියනව කිව්වෙ ඒ අය අතරෙ මිසක් පොදුවෙ හැමෝම අතරෙ නෙවෙයි.
අනාගත වාක්‍ය බලන සිරිත තියනව උනාට මං දැක්ක විදිහට ඒක ජොලියට කරන වැඩක් මිසක් ලංකාවෙ වගේ සීරියස් දෙයක් නෙවෙයි. මොකද මාත් හැම අවුරුද්දෙම මුල ජපන් යාලුවො සෙට් එක එක්ක පන්සල් ගිහින් යෙන් 100ක් ගෙවල වාසනාව චෙක් කරනවා. ඒක විනෝදයක් විතරයි. සීරියස් විදිහට ඒක කරන අයත් ඇති. ඒත් ඒ වයසක පරම්පරාවෙ සුලු ප්‍රමාණයක් වෙන්ඩ ඕනේ. එක එක තරාතිරමෙ එක එක වයස්වල ජපන්නු ඇසුරුකරල ගත්ත ඇත්දැකීමෙන් මං දැක්ක දේ ඒක. (අද ජපන් යාලුවො ගොඩක් එක්ක රෑ කෑම ගන්නව. අවස්ථාවක් හම්බ උනොත් මේ කතාව ඇදල ගන්නන්. වෙනස් අදහසක් ආවොත් ශේයා කරන්නන් මෙතන)
ජෝර්ජ් බුෂ් මිනිස්සුන්ගෙ චන්දෙන් දෙපාරක් රටේ නායකයා වෙච්ච කෙනෙක් නිසා ඒ කියන කතාව ඇතුලෙ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකගේ(බහුතරයක්ම නොවෙන්ඩ පුලුවන්) මතයක් ගැබ්වෙලාම නැද්ද? මෙතන ගඩාපි එක්ක සංසන්දනය කරන එක සාර්ථක නෑ. මොකද ලිබියාවෙ මිනිස්සුන්ට ගඩාපි එලවන්ඩ නොතිබ්බ නිදහස ඇමරිකාවෙ මිනිස්සුන්ට තියන නිසා.
අනිත් එක ලංකාවෙත් හරියට හොයල බැලුවොත් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉන්ඩ පුලුවන් ආගමික විශ්වාසයක් නැති. තව සෑහෙන්ඩ ප්‍රමාණයක් ඉන්නව නිදහසේ තමන්ගෙ ආගම අදහගෙන ඉන්න අය. බොහොම සුළු ප්‍රමාණයක් තමයි ආගමේ අයිතිකාරයො කියල හිතාගෙන ආගමික පිස්සු කෙලින්නෙ. ඒත් ගොඩක් වෙලාවට අපි මිනිස්සුන්ගෙ ආගමික ඇදහිලි විධි ගැන බැලූ බැල්මට තීරණය කරන්නෙ ඒ අන්තිම කොටස දිහා බලල.
චමිල,
//අනිත් එක ලංකාවෙත් හරියට හොයල බැලුවොත් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉන්ඩ පුලුවන් ආගමික විශ්වාසයක් නැති.//
ඒ තත්වය අද දැඩි ලෙස වෙනස් වී ඇතැයි සිතෙනවා … මම රටින් යන්න කළින් පල්ලි හෝ පන්සල් පමණක් ගිය බහුතරය අද තව තව තැන් ගොඩකට ද වඳින්න පුදන්න පටන් ගෙන. ඒ අයගේ දරුවන් අපේ කුඩා කාලයේ තිබූ ආගමික අවබෝධයකින් තොරව මං මුලා වී ඇතැයි සිතෙනවා.
මාත් මේක විශ්වාසෙකින් කිව්ව කතාවක් නෙවෙයි. හරිහමන් සමීක්ෂණයකින් තමයි හොයන්ඩ වෙන්නෙ. ඔයා කියන කතාවට එකඟයි.
අරුණි අක්කා හරි. අපේ ගමෙන්ම ආගමක් නැති එකම පුද්ගලයා මම විතරයි. අපේ තාත්තලාගේ පරම්පරාවෙ සෑහෙන පිරිසක් හිටියා, ආගමක් ඇදහිල්ලක් නැති වාමාංශිකයො. කියන්න කණගාටුයි දැන් වාමාංශිකයො තමයි වැඩියෙන්ම දෙයියො අදහන්නෙ.
දෙවියො ගැන කියද්දි මතක් වුනේ තිස්තුන් කෝටියක්ම ඉන්න නිසා එක මනුස්සයෙක්ව බලා ගන්න දෙවියො හත් අටදෙනෙක් ඉන්නවද කොහෙද…
රූ,
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකටත් ගෙනෙයි ද දන්නෑ ලෝකයේ රට රටවල වාසය කරන ජනගහණයට අනුව දෙවියන්ගේ බැල්ම ලැබෙන සම අයිතීන් ලබා දෙන්න ක්‍රමයක් හදන්න කමිටුවක්.
දැං ඉතින් කෝල් එක කට් කරන්නෙත් “බුදු සරණයි” කියලනෙ. ඉස්සර ඔය දේව හත් කට්ටුව උන්නෙ තෝසෙ කඩවල විතරයි. හින්දු විදියට විශ්ණුගෙ අවතාර වලින් එකක් නිසා එතන බුදු හාමුදුරුවොත් උන්න. දැං හැම එකම තෝසෙ කඩ ගානට වැටිල හින්දද මන්ද දෙවියො ප්‍රිවරාගෙන මහිලා සමිතියෙ සභාපති වගේ බුදු හාමුදුරුවො ඉන්නව හැම කඩේකම බස් එකකම.
//දැං ඉතින් කෝල් එක කට් කරන්නෙත් “බුදු සරණයි” කියලනෙ//
මට නං මහ විකාරයක් ඒක.
ඔව්! කෝල් කට් කරන්නෙ “බුදු සරණයි” කියලා තමා. ඒ වගේම ෆෝන් එකේ ඩෙස්ක්ටොප් එකේ තියෙන්නෙත් “බුදු සරණයි” කියලා
හැබැයි ඇතුළට යන්න යන්න තියෙන්නෙ “නව සරණ” එහෙම තමයි හින්බුඩ්ඩො.
දෙවිවරු වැඩි උනාම වෙන්නේ අර සුප් හදන්ට කුක්ලා වැඩි උනාම වෙන දේද දන්නේ නෑනේද?
praveena,
කැමති කෙනෙක් අදහන්නට ඉඩක් තියෙද්දී එක් කෙනෙක් තෝරා ගන්න බැරිකම වෙන්නත් ඇති ප්‍රවීනා.
ආගම ඇදහීම පිළිම ගණනින් පන්සල් පල්ලි ගණනින්ම බලන්න බැහැ මං හිතන්නෙ.
සමහර අය අර කපුගේ ගැයූ සිංදුවේ වගේ (දන මන පිනවා රඟ දක්වාලා වෙස්සන්තර චරිතේ – අදින්න පුබ්බක මසුරු සිටානෝ බෝසත් දම් පුරතේ)
මස් කඩේ මෑන් කරන්නෙත් අනිත් මුදලාලිලා කරන්නෙත් එකම බිස්නස්එක. ඉතින් බුද්ධ රූපයකට වඳින්න අයිතිය තියෙන්නෙ සත්ගුණවත් කලු කඩ මුදලාලිලාට විතරක් නෙවෙයි.
Sudath,
ඔබ හරි ආගමක් ඇදහීම පිළිම ගණනින් හෝ පන්සල් පල්ලි ගණනින් කිසි සේත් ම බලන්න බැහැ. එහෙම කිව්වත් හැම හංදියක් ගානේ ම පිළිම නැති ඇමෙරිකාවට පමණක් දෙයියෝ අදහනවා කියා ලෝක අවලාදයක් නැඟෙන්නේ ඇයි?!!!
කාලෙකට ඉස්සල්ලා මම දැක්කා ලංකාවේ උනු ලොකු හොරකමක්,හොරකම ඉවර කරලා කෙලින්ම ගිහින් තිබුනේ කතරගම,හොරකම සාර්තක උනාට බාරේ ඔප්පු කරන්න…. පහු ගිය සතියේ නම් දැක්කා මුන්නේස්වරම් දේවාලේ පත්තිනී මෑනියන්ට දාලා තිබුන රත්තරන් තැල්ල කවුදෝ හොරකම් කරලලු
අයියෝ….දෙයියො….!!!???
මටත් කටක් දාන්න ඉඩ දෙනු මැන. මඳක් ගැඹුරට ගියාට කමක් නෑනේ!
හෙට දිනය අස්තිර උනහම
අපි පිදුරු ගහෙත් එල්ලෙනවා
ඉතින් බොහෝ සුලු වෙලඳුන්, දේශපාලකයින්
මේ රටේ ඉන්න ඔක්කොම දෙවිවරුන්ගේ
පිහිට අයදිනවා එලිපිටම
තව දෙයක් තමයි
බුදු දහම ඇවිත් ගතවී ඇත්තේ
තවමත් වසර 2500ක් පමනයි
ඉන් පෙර මුල් බැසගෙන තිබුනු
දේව විශ්වාසවල තරම නිසා තමයි
බොහෝ පන්සල්වල දේවාල්වලට ඉඩක් දීමට සිදු වූයේ
සිදුවූයේ දේවාලයේ කොනක බුදු ගෙය ඉදිවීම වෙන්නත් පුලුවන්.
මැදපෙරදිග ගොස් කුස්සිවල කඹුරා රට සල්ලි එවීමට සිදුවී ඇතිවා මදිවට ජීවිතයෙන් වන්දි ගෙවන්නට අම්මාවරුන්ට සිදුවී තිබෙන,
මතුවී ඇති අපරාද රැල්ල
අසාධාරන තත්වයක් තුල
අපේ රජය, සංඝයාවහන්සේලා විසින්, වාමාංශිකයින් විසින්, විරුද්ධ පක්ශය විසින් කලයුතු දේ නොවීම නිසාවෙන් සාමාන්‍ය ජනයාට දෙවියන් ඇර වෙන කවුරුත් නැති බවක් හැඟී යාම පුදුමයක් නොවේ.
එහෙත්
ලංකාවේ ආත්මය ප්‍රයිවට් බස් එකේ ස්වභාවයෙන් මනින්නට නොහැකි වන බවයි මගේ අදහස.
මේ විකාර නැවතීමට ලඟදීම ගෙනෙනු ඇතැයි නීති ගෙනෙනු ඇතැයි මා සිතනවා.
ලංකාවේ ආත්මය මැදපෙරදිග කුස්සිවල කඹුරා මැරීයන අම්මාවරුන් සමග,
බ්‍රෙට් ලී අමු කුණු හරුපයෙන් මහ දවල් ඩිල්ශාන්ට බනින කල නිශ්ශබ්ද්දව ඉවසා සිටීම සමග මරු තුරුල්ලට නොයනු ඇත.
යුද්ධයේ කඩතුරාවෙන් වැසුනු බොහෝ දේ එලියට පැමිනීමට අවස්තාවක් උදාවී තිබේ.
මං දන්නවා ඔබ ලියන්නේ අපට යමක ඔබේ අත් දැකීම්වලින් ඉගෙනීමටයි.
dayal – bathee,
ඔව් දයාල් බතී ලංකාවේ ආත්මය ප්‍රයිවට් බස් එකේ ස්වභාවයෙන් මනින්නට නොහැකි නම් බුෂ් පුතා කියපු කතා වලින් ඇමෙරිකාවේ ආත්මය ද මනින්න බැරි බව තමයි මාත් කියන්නේ.
/* ඒ බස් රථයේ ම “…මඟීන්ටද…” යැයි ද සඳහන් වී තිබුණි. ඒ කියන්නේ ප්‍රවේශ පත්‍ර ඇතිව ගමන් කරන මඟීන්ටත් දඩ මුදලක් ඇති බව නේද?!!!! */
I guess now they fine the conductor if passengers are found without tickets, ie, if passengers pay, the conductors should issue a paper ticket to the passengers. With the new law, it makes the responsibility of the passengers to get a ticket for the money paid.
All these are applicable for private busses, I think.
-KK
kathandara,
ඒත් මම අහවලාගේ අහවලා කිව්වම මොන දඩයක් වත් ගෙවන්න වෙන්නෙ නැහැ නේද?!!
දේව වාදී ආගම් දෙයියෝ අදහන ඒක සාධාරණයි කියමුකෝ ඒත් නොතේරෙන කරුණ තමයි මෙච්චර හේතුවාදී දර්ශනයකින් ආලෝකය ලබපු මිනිස්සු මෙච්චරම මිත්‍යා සංකල්ප පස්සේ දුවන්නේ ඇයි කියන එක… මේක අදාලද මන්ද ඒත් කියල යන්නම්, ලොවෙත් අහඹු සිද්දියක් වෙන උපතින් ලබපු ආගම ජාතිය අන් ආගම් අන් ජාතීනට වඩා උසස් කියන ඒකත් මට තේරෙන විදියට නම් හීනමානයක්….
Soda ගුණේ,
මටත් වටහා ගත නොහැකි වූවක් තමයි //මෙච්චර හේතුවාදී දර්ශනයකින් ආලෝකය ලබපු මිනිස්සු මෙච්චරම මිත්‍යා සංකල්ප පස්සේ දුවන්නේ ඇයි කියන එක…//
//ලොවෙත් අහඹු සිද්දියක් වෙන උපතින් ලබපු ආගම ජාතිය අන් ආගම් අන් ජාතීනට වඩා උසස් කියන ඒකත් මට තේරෙන විදියට නම් හීනමානයක්….// මේකටත් එකඟයි.