අරුණි ශපීරෝ‍ වෙතින්

තේරේ ඝර් කේ සාම්නේ …

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2012

… එක් ඝර් බනාඌංගා තේරේ ඝර් කේ සාම්නේ …

ඉන්දියාවේ දෙයියො අගය කළේ නැතිවුනාට මම ඉන්දියාවේ හින්දි සංගීතය රසවිඳින්න කැමැතියි. ඉතින් ඊයේ ගියා සුවිශේෂී හමුවකට. ඒ පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ හින්දි ගීත ප්‍රසංගයකට. සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ බිෂෝප්ස් විද්‍යාලයේ වුවත් ඊයේ පැවතියේ කොළඹ මහජන පුස්තකාල දේශනාගාරයේ.

මේක ප්‍රියන්ත ගමගේ විසින් පටන් ගන්නා ලද්දක්. 2012 ට 10 වසරක් පිරෙන උත්සාහයක්.

හරියට මුහුණුපොත වගේ ම තමයි, කිසිවිටෙක එහි රසාස්වාදය ලබන්නාගෙන් අය කිරීමක් නැහැ.

ප්‍රසංගයේ ගී ගැයූ අය වගේ ම ප්‍රෙක්ෂකයන් අතර ද ගී ගයනා දක්ෂයන් සිටින බවත් හින්දි භාෂාව අගයන සෑහෙන පිරිසක් රැස් ව සිටි බවත් දැකගන්නට ලැබුණා.

ඉතින් පැරණි හින්දි චිත්‍රපටි ගීත රසික සමාජයට එකතු වෙන්න කැමති අයට පුළුවන් නො. 93/30, ප්‍රගතිපුර මාදිවෙල, කෝට්ටෙ වෙතින් තොරතුරැ ලබාගන්න. දුරකතනය 2778649/0718293411

සංගීතය බෙදාහරින්න සහායට ගත්ත පැරණි භාණ්ඩ ප්‍රදර්ශනයක් සහ පැරණි සඟරා තොගයකුත් දකින්න ලැබුණා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භව්‍ය භාෂා අංශයේ අන්ධ මහාචාර්ය විමල් වීරක්කොඩි ඉදිරිපත් කළ එකෝඩියන් වාදනය ඉතා අගෙයි. එකෝඩියන් එකක් දැක්කෙ ගොඩ කාලෙකට පස්සෙ.

ආපු දවස්වල ම ගිහින් ආනන්ද විද්‍යාලය ඉදිරිපත් කරන ප්‍රශස්ති බලන්නත් ලැබුණ. පරණ පුරුද්දට තමා කොළඹ පිරිමි ඉස්කොල වලින් ඉදිරිපත් කරන වැඩසටහන් බලන්න හිතුනෙ. පිටිපස්සෙ හිටපු ගැටවර වයසේ කොළු පැංචෙක් සංගීතය හමුවේ දාපු රංගනය අනිත් අය පරදවන දක්ෂතාවයක් ඉස්මතු කළා. කොල්ලාව ඇමෙරිකාවට එක්කන් ගියා නම් ඊ ළඟ ඇමෙරිකන් ඩාන්සින් ස්ටාර් වෙනවා ෂුවර්!

පාසැල් සංගීත කණ්ඩයාම් ඉතා දක්ෂ ලෙස සංගීතය සැපයුවත් වැඩි අවධානය අනවසරයෙන් ඇදී ගියේ දාලා තිබිච්ච ලයිට් ෂෝ එකට. හරියට පාවිච්චි කරපු කාර් සේල් තැනක වගේ දාපු ඒ ලයිට් නැත්නම් ප්‍රසංගය තවත් රසවිඳින්න තිබ්බා.

නිසි අයට තුති පුද කරන එකිනෙකාගේ වර්ණනා කියා ගැනීම් නම් මේ අවස්ථා දෙකේ ම පමණට වඩා වැඩි යැයි සිතුණා. මම කරපු කියපු දෙයකට ඒ වගේ සභාවක් ඉදිරියේ ස්තූති කරන්න පටන් ගත්තා නම්, මම ආයෙත් ඒ වගේ වැඩක් නොකර ඉන්න තරමට ලැජ්ජා වෙනවා.

මා ගත්ත පින්තුරයට වඩා හොඳ පින්තූරයක් මට එව්ව එක්කෙනාට ස්තූතියි.

21 Responses

Subscribe to comments with RSS.

  1. kathandara said, on පෙබරවාරි 27, 2012 at 1:10 පෙ.ව.

    /* පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භව්‍ය භාෂා අංශයේ අන්ධ මහාචාර්ය විමල් වීරක්කොඩි */

    අන්ධ මහාචාර්ය Is that a title like Associate Professor, Senior Professor or Emeritus Professor?

    I guess some professors are blind even without issues with their eyes.

  2. Sudath said, on පෙබරවාරි 27, 2012 at 1:49 පෙ.ව.

    මමත් දන්න හැටියට මහාචාර්ය වීරක්කොඩිගේ පෙනීම බොහෝ මහාචාර්යවරුන්ට වඩා හොඳයි. හරියට එක්ස්පෝස් වෙලා නැති පොටෝ එකකින් හරි එතුමාව දැකගන්න සැළැස්වීම ගැන ස්තුතියි.
    මටත් ලැබුනා එකම එක අවුරුද්දක ඔය ප්‍රසංගය බලන්න. එදා නිවේදන කටයුතු කළේ ඇවිදින ගීත කැ‍ටලොග් එකක් වැනි රංජිත් පීරිස් මහත්මයා. හැබැයි පොරගෙ කයිවාරුව තමයි ටිකක් වැඩි. ඕනැ වෙලාවක ඇහුවොත් “ආන් මිලෝ සජ්නා, චිත්‍රපටියෙ සංගීතය සැපයුවෙ කවුද” කියල “ම්….. ලක්ෂ්මීකාන්ත ප්‍යාරෙලාල්. ඔය ෆිල්ම් එක ආවෙ 1970දි විතර. රඟපෑවෙ……..” කියල දිග විස්තරයක් කියන්න තරම් මතකයක් තියෙනව.
    ප්‍රසංගයේදි සමහර අය රාෆි ලතා මුකේශ් හමගැහුව තමයි. හැබැයි හොඳට සිංදු කියපු කීපදෙනකුත් හිටිය. මොකක් වුනත් අගය කළ යුතු කටයුත්තක්. සිහිවචනයක් හැටියට සිඩී දෙක තුනකුත් මං අරගෙනයි ආවෙ.

    • arunishapiro said, on පෙබරවාරි 27, 2012 at 8:40 ප.ව.

      Sudath,

      මහාචාර්ය විමල් වීරක්කොඩි ගැන මෙහෙම ලිපියක් ද කියවන්න ලැබුණා.

      සමාවෙන්න වාදකයන්ට අවහිරයක් නොවන්න ෆ්ලෑෂ් නැතිව පොටෝ ගැහිල්ල සාර්ථක වූයේ නැහැ ශාලාව ඇතුලත දී.

      සමහර අය හිතනවා දන්න දේවල් ඔක්කොම එකපාරින් පෙන්වන්න ඕනෑ කියලා. හැබැයි සිංහලෙන් කියවන්නා අතර තියෙන අඩුපාඩුවක් තමයි එහෙම පෙන්වන්නෙ නැති අයෙක් යමක් දන්නවා කියා පෙන්වන එක දෙය ගැන සැක කිරීම හා ඊට විසුළු කිරීම.

      චායා ප්‍රහර්ෂී නම් වූ පුංචි කෙල්ලෙක් ලස්සනට ගායනා කළා. ඒ වගේ ම “ෂෝර නහී බබා ෂෝර …” ගායනා කරපු දෙන්නත් ඉතා මිහිරි මතකයකට ඇදගෙන ගියා.

      මාත් සිහිවටනයක් හැටියට සිංදු පොතක් හා සීඩී තැටියක් අරගෙනයි ආවේ.

  3. Observer said, on පෙබරවාරි 27, 2012 at 5:14 පෙ.ව.

    //තේරේ ඝර් කේ සාම්නේ …//

    සිංහල සිංදුව ‘ ප්‍රේමේ….උදාරයි ප්‍රියේ….’ වගේ වචන තියෙන එකක් නේද ?

    • Mobileman said, on පෙබරවාරි 27, 2012 at 11:58 පෙ.ව.

      මේක අර “රේල් පාරෙ මම යනකොට…..” පෝස්ට් එකට සම්බන්ධයි.
      http://www.lankadeepa.lk/index.php/articles/29025

      • Observer said, on පෙබරවාරි 28, 2012 at 4:32 පෙ.ව.

        ස්තුතියි

    • Mobileman said, on පෙබරවාරි 27, 2012 at 12:06 ප.ව.

      සිංහල තේරුම “ඔබේ ගෙදර ඉස්සරහා”
      මෙතනින් අහන්නකො

    • arunishapiro said, on පෙබරවාරි 27, 2012 at 8:45 ප.ව.

      Observer,

      ඔබා අයියේ, සිංහල තේරුම එයාල දීපු සිංදු පොතේ විදියට මෙහෙමයි:

      නිවසක් තනවාලමි මම ඔබේ නිවස අසලින්//

      නිවසක් තනවාලීම නොවේ එතරම් පහසු වැඩක්//

      හදේ ආලය වේ නම් සැඬ සුළඟ ද වෙරළතකි
      අකුණ ආදරයේ සලකුණකි
      ගත සිත කැප කරවාලමි ඔබේ නිවස අසලින්
      ආදර මාවතේ කටුකොහොල් බහුලය
      ආලය වෙනුවෙන් නුඹ කුමක් කරයිදැයි බලමු
      කිරුළු බිඳුනේ ආදරය නිසාය
      කිරුළු තැනුනේ ආදරය නිසාය
      මම ද යමක් තනවාලමි ඔබේ නිවස ඉදිරියේ//

      • Observer said, on පෙබරවාරි 28, 2012 at 4:34 පෙ.ව.

        ස්තුතියි. මම සඳහන් කල සින්දුව, හින්දි ගීතයට සිංහල වචන යෙදුව එක :-)

  4. kumaraya said, on පෙබරවාරි 27, 2012 at 11:08 පෙ.ව.

    මම නම් එච්චරම හින්දි සින්දු ප්‍රිය කරන්නෙ නෑ.. නමුත් අර ඡායාරූපයේ තිබුණ ”වෑල්ව්” වලින් හදපු ඇම්ප්ලිපයරයට නම් හිත ගියා.. සංගීතය රස විඳින්න කියාපු භාණ්ඩෙ.

    • arunishapiro said, on පෙබරවාරි 27, 2012 at 8:50 ප.ව.

      kumaraya,

      මම ලංකාවේ ඉන්න කාලේ සිංහල ගුවන් විදුලි සේවයෙන් හින්දි ගීත ඇහුනා මිසක් උවමනාවකින් අහන්න පුරුදු වෙච්ච සංගීතයක් නෙමෙයි. ඒත් මේ ප්‍රසංගය අහගෙන ඉන්දැද්දී කොච්චර හුරු පුරුදු සංගීතයක් වගේ ම ඒවායේ පද රචනා ද හිතේ සටහන් වෙලා බව දැක්කම මටත් පුදුම හිතුණා.

      ඔව් ඒ විජට්ටු නම් නියම තමා.

  5. ඔබ නොදු‍ටු ලොවක් said, on පෙබරවාරි 27, 2012 at 2:51 ප.ව.

    ඉස්කෝලේ වෙස්ටන් බෑන්ඩ් එකේ දැක්කට පස්සේ ගොඩක් කාලෙකින් එකෝඩියන් එකක් දැක්කේ….

    • arunishapiro said, on පෙබරවාරි 27, 2012 at 8:52 ප.ව.

      ඔබ නොදු‍ටු ලොවක්,

      ඇමෙරිකාවේ රටපුරා යන සර්කස් වල දී එකෝඩියන් වාදනය කරන අය ඉන්නවා දකින්න පුළුවන්. ඒවාට වැඩිය යන්නෙ නැති නිසා මාත් හුඟ කාලෙකින් දැක්කෙ.

  6. N.S.A. Niriella said, on පෙබරවාරි 27, 2012 at 4:06 ප.ව.

    මමත් කන් ඇහෙන කාලේ හින්දි සින්දු ඇහුවෙ බොහොම ආසාවෙන්…
    “ආජාරේ..” “මේරා ප්යාර්හෙ තුහි…” “දිල්මෙ චුපාකේ …” “රූප් තෙරා”
    වගේ සිංදු තවමත් මතකයි….

    • arunishapiro said, on පෙබරවාරි 27, 2012 at 8:54 ප.ව.

      N.S.A. Niriella,

      “ආජාරේ” මටත් මතකයි, මේවා අහගෙන ඉන්න කොට සිහියට ආව මතකයේ කොහේදෝ අස්සක රැඳි තිබිච්ච ප්‍රමාණය දැක්කම මටත් පුදුමයි.

  7. praveena said, on පෙබරවාරි 27, 2012 at 9:13 ප.ව.

    In Front of Your House HA ??? :-)

  8. praveena said, on පෙබරවාරි 27, 2012 at 10:27 ප.ව.

    one of my favorites…. :-)

    (Mohammed Rafi – Chaudhvin Ka Chand Ho )

  9. පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ ප්‍රසංගයක් කීවම රංජිත් එදිරිසංහ අනිවාර්‍යෙයන්ම ඉන්න එපැයි

    • arunishapiro said, on පෙබරවාරි 28, 2012 at 8:54 ප.ව.

      ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති),

      රංජිත් එදිරිසිංහ එම රසික සමාජයේ අනුශාසක මණ්ඩලයේ ඉන්නවා. ගී පොතේ ගීත තොරතුරු සැපයූ අය අතරින් ද කෙනෙක්. එදා සිටිය බව නම කියනවා ඇහුනා වගේ මතකයි, වේදිකාවටත් පිවිස කතා කළා යැයි ද හිතනවා. ඒත් අර පිට කහන, දුම් පිඹින විලාසිතාව වැඩි වී යද්දී ඒ වර්ණනා කරන හැමෝගේම නම් මතක තබා ගැනීම අපහසුයිනෙ!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 134 other followers