අරුණි ශපීරෝ‍ වෙතින්

වයිරස් බිය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 28, 2012

කුඩා කාලය ගැන කියද්දී “කමිස අතෙන් නැහැය පිස දමමින් ගිය කාලේ” යැයි අපි කැම්පස් සිටි කාලයේ දී කියුවෙමි. ඒ තරමට පාසැල් ගිය කාලයේ දී අපිට හෙම්බිරිස්සාව උණ හැදුනානේ.

මේ වයිරස් බියක් ඇති වූ පියෙක් ගැන පුවත්පතක වූ ප්‍රවෘත්තියක්. එවපු යාළුවා ගෙන් මම ඉල්ලුවා පුවත්පතේ නම සහ දිනය. ඒවා ලැබුනාම ඒවත් ඇතුල් කරන්නම්. මේක දැක්ක කෙනෙක් ඉන්නවා නම් ඒ පත්‍රයේ නම සහ දිනය එවන්න.

ලංකාවට පරිගණක ගෙනා මුල් කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඒවා තැබි කාමරය හා ඊට ඇතුලත් වූ පිළිවෙත් දුටුවා නම් මේ පියාගේ බිය තවත් වැඩිවෙනවා.

23 Responses

Subscribe to comments with RSS.

  1. Observer said, on පෙබරවාරි 28, 2012 at 9:58 ප.ව.

    70 දශකයේ අග හෝ 80 දශකයේ මුල ලංගමට පරිඝනක ගෙනාව කාලේ, අපිට ඔය මේන් ෆ්‍රේම් එක කියන එක සවි කරපු, වායු සමීකරණය කරපු, කාමරේට ඇතුල් වෙන්න වත් දුන්නෙ නෑ. දැන් පොඩි ලැප් ටොප් එකකින් කරන වැඩ දහ දාහෙන් එකක් වත් ඒ මේන් ෆ්‍රේම් කාමරේ තිබ්බ මහා විශාල මැෂිමෙන් සිද්ධ වුනාද කියන එක නම් සැකයි.

    • arunishapiro said, on මාර්තු 1, 2012 at 7:07 ප.ව.

      Observer,

      ඔව් ඔබා අයියේ, හඳට ගිය ඇමෙරිකන්කාරයාගෙ උදව්වට තිබ්බ දැවැන්ත මේන් ෆ්‍රේම් වල තිබුනාට වඩා වැඩ කිඩ දැන් සාක්කුවේ දාගෙන යන වයර්ලස් ෆෝනයේ තියෙනවානෙ.

  2. ඔබ නොදු‍ටු ලොවක් said, on පෙබරවාරි 28, 2012 at 11:52 ප.ව.

    අපේ ඉස්කෝලේ ලැබ් එක එක පාරටම වහලා ..ලොකු අයියලා කිව්වා වයිරස් එකක් ගිහිල්ලා කියලා…සර් හෙන කල්පනාවක…අපිත් මාසයක් විතර බලං ඉඳලා බයෙන් බයෙන් ගියේ ඇතුලට…එක එකාගෙන් ඇහුවත් එක්ක හචින් එහෙම ගියාද..උණ වගේ ආවද කියලත්…

  3. N.S.A. Niriella said, on පෙබරවාරි 29, 2012 at 1:21 පෙ.ව.

    වෛරස් ගැන ඉස්කෝලවල IT උගන්වන ගුරුවරුවත් හරියට දන්නෙ නෑ. ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද ?

    • arunishapiro said, on මාර්තු 1, 2012 at 7:14 ප.ව.

      N.S.A. Niriella,

      මෙහෙ විතරක් නෙමෙයි ඇමෙරිකාවෙත් ඕක ඔහොමයි. IT පංති ගන්න ළමයි ගුරුවරුන්ටත් කියාදෙන්න සමත්. හැබැයි වෙනස මේකයි. එහෙදි ගුරුවරු දන්නවා යැයි කියමින් පෙන්වමින් නොසිටීම. ඔවුන් අතර වැඩියෙන් සිසුන්ගෙන් වුවත් ඉගෙන ගන්නට කැමති අය ඉන්නවා.

  4. Ravi said, on පෙබරවාරි 29, 2012 at 1:30 පෙ.ව.

    මේ වගෙ පුවත් පලවෙන්නෙ බොහෝවිට ලංකාදීපෙ…මට හිතෙන්නෙ නම් මේ බහුතරයක් ප්‍රබන්ධ කියලයි…පත්තරේ විකුණා ගන්න දාන Gimmick කෑලි…. :)

    • මේකනං කොහොමද දන්නෑ . . ඒත් ලංකාදීපෙ ඇත්තටම රවී කියනදේ කරනව

      • arunishapiro said, on මාර්තු 1, 2012 at 7:24 ප.ව.

        ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති),

        අද රවී කියන මොනා හරි “ගිමික්” එකක් නොකරන මාධ්‍ය්‍යක් තමා හොයාගන්න අසීරු.

        ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති)/රාජ්,

        අශීලාචාර ඇන්ටිලා ඉන්නෙ කවුරු බලන නිසා ද? ඉල්ලුමක් නැත්නම් සැපයුමක් තියේ ද?

    • arunishapiro said, on මාර්තු 1, 2012 at 7:16 ප.ව.

      Ravi,

      News of the World වගේ වෙන්නැති. පත්තර විකුණා ගන්නත්, රූපවාහිනියට ඇඩ් දාගන්නත් මොනවා හරි ක්‍රමයක් එපායෑ.

      මට ඇමෙරිකාවේ වෙන දේවල් ගැන කියලා දෙන්න එන අය බොහෝයි. මාධ්‍යයෙන් දකින සියල්ල විශ්වාස කරන්න එපා කිව්වට ඒ අය පිළිගන්නෙ නැහැ.

  5. Sudath said, on පෙබරවාරි 29, 2012 at 3:40 පෙ.ව.

    ඔය වගේ දේකට හිනා වෙන එක පව් කියල හිතෙන්නෙ නැද්ද?

  6. Kandyan said, on පෙබරවාරි 29, 2012 at 5:25 පෙ.ව.

    මේ කතාව මට වෙච්ච දෙයක්…90 මුල ආණ්ඩුවේ කාර්යාලවලට කොම්පියුටර් දුන්න කාලේ එක්තරා ඈත පලාතක කාර්යාලයකට ගියා රාජකාරී වැඩකට. ඒ අතරේ කොම්පියුටරේ තිබ්බ කාමරේටත් යන්න උනා.මම ඇතුලට යන්න හදනකොට කා.කා.ස. පොර ඇවිත් මට කියනවා “මහත්තයා සපත්තු ගලවලා යන්න” කියලා. මං ” ඇයි ඒ” කියලා අහනකොට පොර කියනවා…
    “කොම්පියුටර් මිස් කියනවා සපත්තු දාගෙන ගියාම වයිරස් ද මොකක්ද කොම්පියුටරේට යනවා කියලා” :-)

  7. ඉඳුනිල් said, on පෙබරවාරි 29, 2012 at 5:38 පෙ.ව.

    ප්‍රධාන පෙළේ පාසලක තොරතු තාක්ෂණය උගන්වන මම දන්න ගුරුවරයෙක් , ඇන්ටි වෛරස් එකක් ඉන්ස්ටෝල් කරගන්න දන්නේ නැහැ. ඕනෑම වෙලාවක පරිගණක වල වෛරස් පිරිලා..මේ ලංකාවේ ඉහලම පහසුකම් තියෙන තැනක..

    • arunishapiro said, on මාර්තු 1, 2012 at 7:20 ප.ව.

      ඉඳුනිල්,

      ඉස්සර කාලේ හතුරන්ට වස්කවි කියනවා වගේ දැන් කාලේ යවන්නෙ පරිගණක වයිරස් කියා හිතෙනවා. ලංකාවේ වෙබ් කියවද්දි තමයි වැඩියෙන් ම වෛරස් එක්ක ගැටෙන ඇන්ටි වෙහෙසෙන්නෙ!!

  8. praveena said, on පෙබරවාරි 29, 2012 at 10:35 ප.ව.

    ගෑනු ලමයින් බැන්ඳට පස්සේ තේරුම් ගත්තෑකි හස්බන්ඩා වැඩිය ආදරේ කරන්නේ කාටද කියලා එයාට පරිගනක පැත්තේ එන්ට නොදෙන කොට…. :-)

  9. praveena said, on පෙබරවාරි 29, 2012 at 10:36 ප.ව.

    මොනවත් හන්ද නෙමේ වයිරස්වලට බයේ එන්ට දෙන්නේ නෑ කියලා අනිවාර්යයෙන් කියයි. :-D


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 134 other followers