ලංකාවේ මා දැකි අනගිතම ගෘහස්ථ රඟමඬල
සිනමා ශාලාවලට යෑම කෙමෙන් කෙමෙන් අඩු වී ගොස් ලොව වටා ජනයා සිනමාවත්, ටෙලිනාට්‍යයත් ගෙදර දී ම නැරඹීම සේ ම පරිගණක ක්‍රීඩාවන් ද ගෙදර දී ම සෙල්ලම් කරන්නට ඇති කැමැත්ත වැඩි වෙමින් පවතී.
අකුරැස්ස පාරේ පිලාන හංදියට නුදුරින් වූ මේ සුවිශේෂී ගෘහස්ථ රඟමඬල නිම කර ඇත්තේ පින්තූරයේ පෙනී සිටින සරත් අතපත්තු නැමති දක්ෂ කැටයම් ශිල්පියා විසිනි. ඇම්බැක්කේ කැටයම් කලාවෙන් පෝෂිත වී හැදුණු මෙය ලංකාවේ මා දැකි අනගිතම ගෘහස්ථ රඟමඬල යැයි කියත හැකිය.
******
2012 මාර්තු 3 වැනිදා එකතු කරන ලදි:
මදැයි! උදේ නැඟිට්ට ගමන් ඔක්කොම ප්‍රතිචාර කියවමින් හිනාවෙන්න ගිහින් තව පොඩ්ඩෙන් නිදාගෙන හිටිය ඇඳෙන් බිමටත් වැටෙනවා!!!
කෙටියෙන් සටහන් ලිවීම දිග සටහන් ලියනවාට වඩා මට හොඳයි යැයි කිව්වාට, දාර්ශනික දේ ලියනවාට වඩා සරල දේ ගැන සටහන් ලිවීම මට හොඳැයි කිව්වාට, “අන්න හඳ කියද්දී ඇඟිල්ල දිහා බලනවා” යැයි මට කිව්වාට, කෙටියෙන්, සරල දෙයක් ගැන ලිව්වාම ලැබෙන වැඩිපුර ප්‍රතිචාර මේවා ද?!!!!!
මෙන්න සංසන්දනය කරන්න “මිලිතත්පර 500ක යශස” සටහනේ දී මා දැමූ ඇමෙරිකන් ගෘහස්ථ රඟමඬලක පින්තූරයක්; ඒකට එහෙම කියන්න කැමත්තක් නැත්නම් ඔය පහත ප්‍රතිචාර වල දාලා තියන තමන් කැමති නම් වලින් ඕන එකක් යොදා ගන්න.
මෙම ගෘහස්ථ ස්ථානය රඟමඬලක් කරගන්න බැරි හිතන්න බැරි අයට විතරයි! මට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරයෙක් වන ගාමිණී හත්තොටුවේගම අද ජීවතුන් අතර හිටියා නම් එයා මෙතැන නාට්‍ය්‍යක් වුනත් රඟදක්වන්නට සමත් වෙයි!!!
ඒත් ඇයි රසවින්දනයට සිනමාව, ටෙලිනාට්‍ය හෝ සජීවි නාට්‍යය වල පමණක් හිරවෙන්නෙ? ඇයි පරිගණක ක්‍රීඩාවේ යෙදීමෙන් විනෝදාශ්වාදයක් ලැබෙන්නෙ නැත් ද?
ටිකක්, සරල ව ලිව්වාම ඉතිරිය හිතාගන්න මොළය වෙහෙසන්න අකමැති අය සිංහලෙන් කියවන්නෝ අතර වැඩියෙන් ඉන්න නිසාම වෙන්නැති මාත් දිගින් දිගට, නුහුරු දේවල් ගැන වැඩි විස්තර ඇතුව ලියන්න හුරු වෙලා ඇත්තෙත්



රඟ මඩල කියන්නේ ඇයි මේ එන්ටර්ටේන්මන්ට් රූම් / ටෙලිවිෂන් රූම් එකට? වැරදියි!
රඟ මඩල කියන්නේ තියටර් theatre නේද?
kathandara,
ඇමෙරිකාවේ අය home theatre කියන්නේ ගෙදර තියන මේ වගෙ තැනකට, ඒක කාමරයක් ම නෙමෙයි.
ඇමරිකාවෙ අය හෝම් තියටර් කියල මොකකට කිව්වත්, රඟමඬල කියන්නෙ රඟමඬලකට මිසක් ටීවී බලන තැනකට නෙවෙයිනෙ. ඒ නිසා, මාතෘකාව වැරදියි. (රඟමඬලටත් තියටර් කියල කියන්න සිද්ද වීම ගැන සුද්දාගේ දුප්පත් භාෂාව කෙරෙහි අනුකම්පා කරන එක වෙනම කාරණාවක්)
@sudath
හනේ මෝඩ සුද්ද home theater system එක හැදුවට හරියට වචනයක් හදා ගන්න බැරි හැටි. ලංකාවේ මිනිස්සු ඕකට කියන්නෙ ටී වී රූම් එක කියල සුද්ද සිංහලෙන්.
@ aruni
පිටරට නිශ්පාදිත පාරිභෝගික භාණ්ඩ ආනයනය වී ඉහලින් ලංකාව පහත් වූ විට එම භාණ්ඩය හා අදාල සංස්කෘතිය ඉබේ පාත්වෙන්නේ නැත.එම නිශ්පාදන ක්‍රියාවලියට භෞතික සම්බන්දයක් නොමැති නිසා මේවාට සිංහල නම් හොයන්න ගියාම අපිට යන්න වෙන්නේ 2500 අතීත ශ්‍රී විභූතිය කරා තමයි එතකොට එන වචන ගැලපෙන්නේ නෑ වගේ කතන්දර ට දැනීම අරුමයක් නොවේ.
හෝම් තියටර් කියන එක වැරදියි කියල මම හිතන්නෙ නැහැ. ඉංගිරිසියෙන් තියටර් කියල කියනවනේ පොදුවේ ඔය හැම එකකටම. මම කියන්නෙ සිංහලෙන් රඟ මඬල කියල කිව්වහම සජීවී ලෙස නටන්න රඟපාන්න පුළුවන් තැනක් කියල අපට වැටහෙන බවයි. සුද්දා මෝඩයෙක්වත් අපි මෝඩයෝවත් නෙවෙයි. ඒත් ඕනෑම බාසාවක තියන දුප්පත්කමක් තමයි එකම වචනය තේරුම් කීපයක් සඳහාම යොදන්නට සිදු වීම. හිතට අමාරු වුනත් ඒක පිළිගන්න වෙනවා.
අනිත් එක හෝම් තියටර් එකක් හදන එකත් මහා ලොකු විස්මකර්ම වැඩක් නෙවෙයි. මිනිස්සු නිර්මාණ කරන්නෙ තමන්ගෙ අවශ්‍යතාවන් අනුවයි.
කතන්දරකරු,
ඔබේ තර්කයේ යම් කිසි ගත යුත්තක් ඇතැයි මට සිතෙයි. ඉංගිරිසිකාරයන් තියටර් යන්න, ඔපෙරා තියටර්, මූවි තියටර්, ඩ්‍රාමා තියටර් යනා දී ලෙස නන්වැදෑරුම් අයුරින් වහරන බැවින් ඔවුන් හෝම් මූවි තියටර් යන්න කෙටි කර හෝම් තියටර් ලෙස භාවිතා කරන බව පෙනේ. එනයින් ගත් කල, අදාල ස්ථානයට සිංහලෙන් කිව යුතු වන්නේ ගෘහස්ථ සිනමා හල යන්න බව මගේ අදහසයි. මන්ද රඟ මඬල ලෙස සිංහලෙන් හඳුන්වන්නේ නාට්‍ය ආදී සජීවී කලාංග රඟ දක්වන ස්ථාන වන බැවිනි. සරත් අතපත්තු මහතාණන් විසින් නිම කර ඇති ගෘහස්ථ විනෝද ස්ථානයේ නාට්‍ය රඟ දැක්විය හැකි බවක් නොපෙනෙන බැවින්, එයට ගෘහස්ථ සිනමා ශාලාව ලෙස පැවසීම වඩා සුදුසු නොවේද?
ශපීරෝ මැතිනියගේ අදහසත් බලාපොරොත්තු වෙමි.
සිනමා කිව්වමත් සිංහල නොවෙයි නේ මං යොජනා කරන්නේ කුටුම්භ චලරූපාගාරය
නෑ ඒක හරියන්නෑ රූපාගාරය කියන studio එකට භවිතා කරන්වනේ නේ “කුටුම්භ චලන රූප ශාලාව”
කෙවින් පෙරේරා මහතාණෙනි,
ඔබ විසින් යෝජනා කර ඇති වදන් ද සුදුසු නොවන බව මගේ හැඟීමයි. තාක්ෂණිකව අදාල වදන් නිවැරදි විය හැකි වුවත් භාෂාවක ප්‍රායෝගික භාවිතය ගැනත් සැලකිලිමත් විය යුතු නො වේද? සුදුසු වදන් වෙතොත් වෙනත් භාෂාවකින් උකහා ගැනීමේ කිසිදු වරදක් මට නො පෙනේ.
ඔව් කාරියකරවන මහත්මයා ඔබ හරි ගෘහස්ථ සිනමා ශාලාව තමයි නියම ප්‍රායෝගික වචනය මම අරිසෙන් අහුබුදු විහිලුවක් කලේ… home =ගෘහ, සිනමා = චලන රූප, ශාලාව =සල “ගෘහ චල රූ සල” කොහොමද??
වයසට නෙමේ වැඩ….
කාටද ඔය කිව්වෙ ?
යාළු මාළුවෝ, වයසට කළ යුතු හා නොකළ යුතු වැඩ මෙසේ මෙසේ යැයි කියා තියෙන්නෙ කවුද?!!!
ෂා නියමෙට ඇති ….. බ්ලුරේ කොලිටියෙන් තියන එකක් බලන්න නියම තැන
ඔය වම් පැත්තෙ තියන ජනේලෙන් එන එලියෙන් ස්ක්‍රීන් එකේ ඇතිවෙන ග්ලෙයාර් එක කරදරයක් නෙමෙයිද ඇහැට ?
හාමිනේලගෙ ගෙදර ගිය වෙලාවක අහල බලන්න ඕන මේ ගැන. විස්තරේ හැටියට නම් එහේ ඉඳල පයින් යන දුර වගේ.
නවම්,
කොග්ගල වෙරළේ සිට ඩයලොග් ඩොන්ගල් පිහිටෙන් ඉන්දියන් සාගරයේ සිසිලස විඳිමින්, උසට වැවුනු පොල්ගස් යට හා කොටට වැවුනු වැටකෙයියා පඳුරු අසලින් හිඳගෙන මෙසේ ලියමි!!!
ඒ ජනේලය වහන්න පුළුවන් පියන් තියෙනවා. ස්ටෑන්ඩ් එක පිටිපස්සෙත් ජනේලයක් තියනවා. ඒක වහලා තමයි පින්තූරේ ගත්තෙ.
අකුරැස්ස පාරේ පිලාන ගම හරිම සුන්දරයි. අපිට පාර පෙන්වන්න “ඒ පැත්තෙ තමයි මාත් යන්නෙ” කියපු පාරේ ගිය අක්කා කෙනෙක්ව වාහනයට නඟ්ගා ගෙන තමයි රබර් කිලෝමීටර් පසු කරගෙන අපි තැන හොයාගෙන ගියේ.
හාමිනේලාගේ ගෙදර ගිය වෙලාවක ගිහින් බලන්න, දොර විවෘතයි එන ඕනෑම කෙනෙකුට.
වෙල්යායේ සුළඟ හමා ගිහින් වී කරල් වැනෙන්නේත් මුහුදේ රැල්ල පෙරළෙන්නේත් එකම තාලයකට දැයි චූටි මැණිකෙ ගෙන් අහන්න?
//වෙල්යායේ සුළඟ හමා ගිහින් වී කරල් වැනෙන්නේත් මුහුදේ රැල්ල පෙරළෙන්නේත් එකම තාලයකට දැයි …….//
දෙකම සිද්ද වෙන්නෙ හුළඟ නිසා.
ඩයලොග් ඩොන්ගල් uses GSM technology GSM, which stands for Global System for Mobile communications සිංහලෙන් ජංගම සන්නිවේදන ය සඳහා වන ලෝකව්‍යාප්ත ක්‍රමය (ජංසලෝක්‍ර ) සිංහලෙන් සුද්ද හදන නිශ්පාදන වලට නම් දාන එකත් මාර fun වැඩක්නේ
// ….(රඟමඬලටත් තියටර් කියල කියන්න සිද්ද වීම ගැන සුද්දාගේ දුප්පත් භාෂාව කෙරෙහි අනුකම්පා කරන එක වෙනම කාරණාවක්)….// sudath
එච්චරයි මට ඇහුනෙ……
නිමවා ඇති කැටයම් කලාවෙන් පමණක් ගෘහස්ථ සිනමාහල උසස් තත්වය පිළිබඳව තක්සේරුවකට එළඹීම සුදුසු වේ ද? ඒ සඳහා ශාලාවේ ආලේප කර ඇති වර්ණයන්, පනවා ඇති ආසන පහසුකම්, ශබ්ද උපාංග වල තත්වය, ටෙලිවිෂන් තිරයේ ප්‍රමාණය සහ රූපවල සුපැහැදිලි බව, සිනමා පටයක් නැරඹීමේදී දෑසට දැනෙන පහසු බව ආදී නන් විධ කරුණු පිළිබඳව විමසා තීරණයක් ගැනීම සුදුසු බවට යෝජනා කරමි.
මගේ පුද්ගලික මතයට අනුව මෙහි ආලේප කර ඇති දීප්තිමත් ශ්වේත වර්ණය ගෘහස්ථ සිනමාහලක් සඳහා එතරම් උචිත නොවේ. ටෙලිවිෂන් තිරය තබා ඇති උස ද ගෙලට අපහසුවක් ගෙනෙන අනුචිත උසක් බව බැලූ බැල්මට පෙනේ.
සරත් අතපත්තු මහතා දක්ෂ ලී කැටයම් කරුවකු විය හැකියි. එහෙත් ඔහුගේ මේ ගෘහස්ථ සිනමා ශාලාවනම් සාර්ථක නිර්මාණයක් යැයි කියන්න බෑ.
ටී.වී. එක තියෙන්න ඕන බිම් මට්ටමේ ඉඳලාඅඩි 3හමාරක් පමණ ඉහළින්, සීරු මාරු කළ හැකි පරිදි වෙන්න ඕන. ටී. වී. එකේ ඉඳලා දෙපැත්තට අඩි 4 – 4 පරතරයෙන් බෆල් දෙකක් තියෙන්න
ඕන.ටී.වී. එකට ඉහළිනුත් බිත්තියේ රඳවපු බෆල් එකක් තියෙන්න ඕන. ටී.වී එකේ ඉඳලා අඩි 8ක් ඉදිරියෙන් නැරඹුම් ආසනය තියෙන්න ඕන. ආසනය දෙපසිනුත් බෆල් තියෙන්න ඕන. වහළය ෆිනිෂින් වීම සුදුසු නෑ, සිවිලිමක් තියෙන්න ඕන. අවශ්‍ය වෙලාවට වහන්න පුළුවන් ෂටර්ස්
තියෙන්න ඕන. බිත්තියේ වර්ණය පරාවර්ථන ආලෝකය අඩු එකක් වෙන්න ඕන.(අඳුරු වර්ණයක්)
ඔය විදියට තිබුණොත් තමයි ගෘහස්ත සිනමා ශාලාව සාර්ථක එකක් වෙන්නෙ.
මේක එයාගේ ගේ ඇතුලේ වෙන්න ඇති…මමත් හිතුවේ මහජනයාට බලන්න හදපු තැනක් කියලා….
ඔබ නොදුටු ලොවක්,
තවම හදලා ඉවර නැහැ, මහජනයාට විවෘත වෙයි හදලා ඉවර වුනාම ළඟ දී දවසක. නමුත් මුදල් අයකර රැඟුම් පෙන්වන තැනක් නම් නෙමෙයි.
හපෝයි!
ඔච්චර හිතට අමාරු කරගන්න එපා මැඩම්. (පස්සෙ ලියපු කෑල්ල ගැන මේ කියන්නෙ). මේ හෝම් තියටර් එක රඟමඬලක් කරගන්නත් පුළුවනි. ගැරේජ් එකක් කරගන්නත් පුළුවනි. මමත් කතන්දරකාරයාත් කියල තියෙන්නෙ මේ පින්තූරයෙ පෙන්නල තියන එක රඟමඬලක් කියල හඳුන්වන්න බැරි එකක්ය කියන සරළ කාරණය විතරයි. නොයෙක් දෙනා තම තමන්ට ආපු හිත් අමාරුකම් වලට මොන මොන දේවල් ලිව්වත් මේක රඟමඬලක් වෙන්නෙ නැහැ. මෙතන තියෙන්නෙ පොඩි පරිවර්තන දෝෂයක්. පොල් ගහේ බැඳල ඉන්න හරකාගේ කණේ මැක්කෙක් හිටියට මාතෘකාව මැක්ක කියල දාන්න එපා. වෙච්ච අතපසුවීම තර්කයෙන් නිවැරදි කරන්න යන්නත් එපා. තැඹිලි කරත්තෙකට රජපොල් කරත්තයක් කියල හරියන්නෙ නෑ.
ඔයාගෙ ලිපිය සාරගර්භයි. ලියල තියන හැටි ලස්සනයි. මේ වගේ දෙයක් කතා කරන එකත් හොඳයි. වැඩියෙන් පිඟන් කැඩෙන්නෙ වැඩියෙන් හෝදන එක්කෙනාගෙ අතින්. කමෙන්ට් විතරක් ලියන අය අතින් වැරදි වෙන්නෙ නෑ. කොහොමටත් ඒ අය වැරදි මාතෘකා දාන්නෙ නෑනෙ.
තවත් ලිපියක් ලියන්න.
Sudath,
//ඔච්චර හිතට අමාරු කරගන්න එපා මැඩම්. (පස්සෙ ලියපු කෑල්ල ගැන මේ කියන්නෙ)//
මම පස්සෙ ලියපු කෑල්ල පටන් ගත්ත
//උදේ නැඟිට්ට ගමන් ඔක්කොම ප්‍රතිචාර කියවමින් හිනාවෙන්න ගිහින් තව පොඩ්ඩෙන් නිදාගෙන හිටිය ඇඳෙන් බිමටත් වැටෙනවා!!!//
ඒ ටික කියෙව්ව ම:
මගේ හිත අමාරු කරගත්තා වගේ පෙනුනා ද? එහෙනම් ඉතින් සිංහලෙන් ලියන දේවල් කියවන අය ගැන //හපෝයි!// තමා.
ඒ හිනාව වේදනාබර හිනාවක් කියල මට තේරුනා.
Sudath,
සටහනක් කියවා ඔහොම නිගමනය කරන්න පුළුවන් යැයි සිතන්නේ නම් ඔබ හා තව දුරටත් කතා කිරීම නිෂ්ඵලය.
මම ඇඳෙන් වැටෙන තරමට හිනාවෙලා වැඩිවෙච්ච වෙලාවේ ඔයා විතරක් නෙමෙයි වෙන කවුරුන් වත් මගේ නිදන කාමරයේ තියා ඒ ගෙදරවත් හිටියෙ නැහැනෙ!!!
ඇයි ෂේක්ස්පියර්ට “පර” කියන විශේෂණය යෙදුවෙ? (“පර” කියන්නෙ “අනුන්” කියන එකයි කියලනම් කියන්න එපා)
ඩල්යා මූන් ගැන මා දන්නෙ නැහැ. එයා පර සුද්දෙක් නෙවෙයිද? ඒ ක්වෝට් එකේ අදාළත්වය මට තේරෙන්නෙත් නැහැ.
ඇඟිල්ල දිහා නෙමෙයි, නියපොත්තෙ ගාල තියෙන පාට බලන්නෙ….
ටෙලිවිෂන් රූම් එකකට වඩා ඒක theatre එකක් වගෙ තියෙයි නේද?
අංජන,
‘ රඟ මඬලකි ජීවිතේ ‘
ෂේක්ස්පියර් මෙසේ කියයි
All the world’s a stage,
And all the men and women merely players;
They have their exits and their entrances,
And one man in his time plays many parts,
His acts being seven ages.
Hm…..
Sudath,
අන්තිමට උදව්වට එන්නෙ පර සුද්දෙක් ම වගෙයි!
//“මුළු ලෝකයම රඟහලකි. එහි ඉන්නා ගැහැණු සහ පිරිමි සියල්ලෝම රැඟුම් දක්වන්නෝ පමණි. වේදිකාවට ඇතුල්වීමත් ඉන් නික්ම යාමත් ඔවුන් සතුවෙති. එක් පුද්ගලයෙක් ඔහුගේ කාලය තුල දී චරිත කිහිපයක් රඟපායි.”//
//Having knowledge is not the same as being smart. Facts are merely trivia. Smart is knowing what to do with it. -Practice Cake, a romantic comedy by Dalya Moon
දැනුම තිබි පමණින් දක්ෂයෙක් වෙන්නෙ නැහැ. පරිසිද්ධියන් වනාහි එතරම් අගයක් නැති සුළු දේවල්. දක්ෂයෙක් යනු ඒවායෙන් කුමක් කරන්නේ ද යැයි දැන සිටීමයි.//