අරුණි ශපීරෝ‍ වෙතින්

හැම දරුවෙක් ම බුද්ධිප්‍රභාවයෙන් යුතු වූවෙකි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 5, 2012

මෙය කුඩා පාසැලකි. වැඩියෙන් ඉන්නේ අනාථ නිවාසයකින් පැමිණ ඉගෙන ගන්නා ළමුන් වෙති. පුංචි පැංචන් හා පැංචියන් අතර ලොව ජයගන්නට හැකියාව ඇති දක්ෂයෝ නොමඳව ඉන්නා බව ඔවුන් නොපැකිළව අහන ප්‍රශ්න වලින් පැහැදිලි ය. ඔවුනට අත දෙන්නේ නම් ඔවුන් ජය මාවතේ බොහෝ දුර යන්නට නොඉවසිල්ලෙන් බලාගෙන සිටින්නෝය.

ඔස්ට්‍රියාවේ වාසය කරන අසෝකා ගස්නර්ගේ මූලිකත්වයෙන්, ලංකාවේ වාසය කරන ධම්මිකාගේ අනුදැක්මෙන් සිදුවෙන මේ අනගි මෙහෙයට දුර රටක සිටියත් මටත් ඔබ වෙනුවෙන් වෙහෙසී කවදා හෝ දිනයක ඔබේ ජය ගැන සතුටු වෙන්නට ලැබේවා යැයි පතමි.

20 Responses

Subscribe to comments with RSS.

  1. සපතේරු උන්නැහේ said, on මාර්තු 5, 2012 at 12:15 ප.ව.

    “හොඳම දේ දරුවන්ට” ලැබිය යුතු වුනත් මේ දරුවන්ට මව්පිය සෙනෙහස නැති වීමම කොයි තරම් දුකක්ද….

    අක්කලා මේ කරනදේ දිග කාලයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන…

    මේ මම අහල තියෙන අනාථ දරුවො කීප දෙනෙක්…. ඔයාල කරනව වගේ කවුරුහරි කරපු නිසා ලෝකෙට වැඩක් ඇති මිනිසුන් වෙච්ච්…

    මම පුද්ගලිකව වීරයෙක් හැටියට සලකන,ලෙස් බ්‍රවුන්
    ලියෝ තෝල්ස්තෝයි
    විලියම් වර්ඩ්ස්වර්ත්
    නෙල්සන් මැන්ඩෙලා
    ස්ටීව් ජොබ්ස්
    මැරලින් මොන්රෝ
    ජෝන් ලෙනන්
    ඉන්ග්‍රිඩ් බර්ග්මාන්

    පරණ කට්ටිය….

    ඇරිස්ටෝටල්
    ජොහැන්ස් කෙප්ලර්
    ජුලියස් සීසර්

    ඒ පුංචි ඉස්කෝලෙනුත් ලෝකෙට වැඩක් ඇති මිනිසුන් බිහිවෙයි…. ඒ නැතත් ලෝකෙට වෛර නොකරන ලෝකෙට බරක් නැති මිනිසුන් වුණත් ඒ ඇති නේද….

    • arunishapiro said, on මාර්තු 5, 2012 at 11:29 ප.ව.

      සපතේරු උන්නැහේ,

      අළුතින් ආපු ප්‍රින්සිපල් මහත්මිය ඉතා දක්ෂයි. වැඩ ගොඩක් ඉදිරියේ දී කරගන්න හැකිවේ යැයි සිතනවා. දැනටමත් “ගෘහවිද්‍යා” පංති කාමරයේ අඩුපාඩු පුරවා ඉවරයි.

  2. ඔබ නොදු‍ටු ලොවක් said, on මාර්තු 5, 2012 at 4:03 ප.ව.

    අපේ පැත්තෙත් තියෙනවා ස්වීඩන් වලින්ද කොහෙද කරන ළමා නිවාසයක්..ඔක්කොම ඉන්නේ අංගවිකල ළමයි..ගොඩක් දාන මාන දෙන්නේ පංසලට වඩා මෙතනට….

    • arunishapiro said, on මාර්තු 5, 2012 at 11:32 ප.ව.

      ඔබ නොදු‍ටු ලොවක්,

      මෙතැන උප විදුහල්පති පළාතේ පංසලේ ස්වාමීන්වහන්සේ නමක්. උන්වහන්සේගේ අනුදැනුම යටතේ තමයි ළමා නිවාසයේ ළමයින්ව අධිකරණ නියෝගයක් මත පාසැල් එවන්නේ. පංසලත් පාසැලත් එකතු වූ තැනක්.

  3. Observer said, on මාර්තු 5, 2012 at 6:43 ප.ව.

    අපි දෙන්නත් ආධාර කරනව මාතර මේ වගේ තැනකට. පහුගිය අප්‍රියෙල් අපි යනකොට එහෙ අවුරුදු උත්සවේ. මේ අප්‍රියෙල් වලත් ලංකාවට ගියාම එහෙ යනව. රාගම රණ විරු සෙවන සහ මාතර ඒ කිව්ව ළමා නිවාසෙ අපි නොවරදවා යන තැන් දෙකක්

    • arunishapiro said, on මාර්තු 5, 2012 at 11:34 ප.ව.

      Observer,

      දිගටම රැඳී ඉන්න අදහස් කරන තැනක්. මෙහි අත දිය යුතු ව්‍යාපෘති බොහොමයක් තියෙනවා. වෙන පාසැල් වල අම්මලා තාත්තලා ඉන්නවානේ පාසැලේ උන්නතිය සඳහා වැඩ කරන්නට. මෙහි ඒ අඩුපාඩුව පුරවන්නත් ඕනා.

  4. chandi said, on මාර්තු 5, 2012 at 8:01 ප.ව.

    බොහොම පින් ඇති වැඩක් නංගි. මේ ටිකේ මට ඉන්ටර් නෙට් නැති නිසා හරිම අපහසුයි දෙයක් ලියන්න. ලබන සතිය වෙනවිට හදාදේවි කියල බලා ඉන්නවා. මුදල් ගෙවා යලි මේ ගෙදරට සම්බන්ධතාව හරවන්න දැනට සති දෙකකට වඩා ගියා. අධිවේගී වැඩ!.

    • arunishapiro said, on මාර්තු 5, 2012 at 11:35 ප.ව.

      chandi,

      ගෙවල් මාරු කරන එක කොච්චර අමාරු ද කියලා යාළුවෙක් එක්ක කතා වුනා ඊයේ රෑ. සමහර අය උපන්දා සිට එතැනම පදිංචියත් ඒ නිසාම වෙන්නැති!!!

  5. praveena said, on මාර්තු 5, 2012 at 10:09 ප.ව.

    හොඳ වැඩක්. ලමයි ටික දැක්කාම දුක හිතෙනවා.

    • arunishapiro said, on මාර්තු 5, 2012 at 11:37 ප.ව.

      praveena,

      ප්‍රන්සිපල් පාසැලේ දඟකාරයාව තමයි නායකයෙක් බවට හරවන්නට උත්සාහයක් ගන්නෙ. ඒ නිවැරදි දැක්ම නිසාම ප්‍රින්සිපල් අතින් දරුවන්ට යහපතක් වෙන බව හිතන්න පුළුවන්.

  6. ගෝල්ඩ් fish said, on මාර්තු 5, 2012 at 11:07 ප.ව.

    උතුම් වැඩක්..!!!

    • arunishapiro said, on මාර්තු 5, 2012 at 11:39 ප.ව.

      ගෝල්ඩ් fish,

      පාසැලට තෑගි කරපු පරිගණක තියන කාමරයේ සිවිලිමෙන් වතුර කාන්දු වී හරි ඇබැද්දියක්. දැන් ඒවා අළුත්වැඩියා කරන්නටත් සිදු වෙලා.

  7. emailkavikaari said, on මාර්තු 5, 2012 at 11:20 ප.ව.

    ජය !!!!!!

    • arunishapiro said, on මාර්තු 5, 2012 at 11:40 ප.ව.

      emailkavikaari,

      පුස්තකාලයේ පොත් හොරකම් කරන් ගිහින් ජනේලයක් කඩලා. අනාථ දරුවන්ගෙන් හොරකම් කරන අයත් ඉන්නවා!

      • නවම් said, on මාර්තු 6, 2012 at 12:07 පෙ.ව.

        වැ‍ටුනු කමෙන්ට්ස් ටිකයි ඒකට අරුණි අක්කා දීපු උත්තරයි කියවගෙන යනකොට ඇයි මට අමුත්තක් හිතෙන්නෙ ?

      • arunishapiro said, on මාර්තු 6, 2012 at 12:46 පෙ.ව.

        Navam, in case reader thinks we just went over only to distribute chocolate chip cookies!!! :)

      • Sudath said, on මාර්තු 6, 2012 at 8:45 පෙ.ව.

        සුනාමියට අහුවෙච්ච කෙල්ලන්ගෙ කරාබු කඩාගත්තු එවුනුත් මේ ලංකාවෙ හිටියා.

  8. Nice to see these kids who has oppurtunity to become grate person in history. you have done grate work Aruni akke by giving a hand to them ,
    (Sorry for wrting in English .No unicode writer with me now)

  9. danishka said, on මාර්තු 17, 2012 at 7:08 පෙ.ව.

    මේ පාසැලෙ දරුවන්ටත් තොරතුරු තාක්ෂණය සහ ඒ ඇසුරින් අනිකුත් විශයන් උගන්වන්න එක්වෙමුද?
    කොහොමද කරන්නෙ කියන එක මේ විඩියෝව ඉවර වෙනකන් බැලුවම තෙරෙයි. :)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 134 other followers