මං ලතවෙනවා නොදකින්නෙ ඇයි?
මේ කවි පංතිය ලියා පළ කර තිබුනේ “සුළඟ සේ ඇවිදින්” ලියන මැණික් නංගි, 2011 ජූලි 27 වෙනිදා. ඇයගේ අවසරය එදා ඉල්ලා ගත්තා මෙය මගේ සටහන් වලට එකතු කරන්න. වසරක් පිරෙන්නට පෙර එයට පිවිසෙන්නට හැකිවීම ලොකු ජයක්.
රිදවන්න හඬවන්න
මා මේ තරම්
මා කළ වරද කිමදැයි
නොකියන්නෙ ඇයි
ඔය හිත ළඟම ගැවසෙන්න
ඉඩ නැතිම නම්
යන්නම යන්න ඉඩ දෙන්න
සදහටම දැන්
පුංචිම පුංචි දේටත්
මං කඳුලැලි පෙරත්
වරු ගානක්ම ලතවෙනවා
නොදැකින්නෙ ඇයි?
නපුරුම නපුරු හිතකින්
දහසක් දේ කියා
රිදවා සතුටු වන බව
මං දන්නව ඔයා
මිනිසත් බවට උරුමයින
මේ සෝ සුසුම්
මට සමුදීල සදහටම
හිනැහෙන්න දැන්
රිදවන්න හඬවන්න
මා මේ තරම්
මා කළ වරද කිමදැයි
නොකියන්නෙ ඇයි
මැණික් නංගි ලියපු කවි පංතිය ඉල්ල ගත්තු මම විස්තර කරන්න යන්නෙ ලෝකයේ තියන මිනිස් ස්වභාවයක් ගැන.
මිනිස් ප්‍රාජක හතරෙන් එකක් වන අනෝන්‍ය විශ්වාසය හා කැක්කුමකින් යුතු සබඳතාවයන් පවත්වා ගැනීමට වූ ප්‍රාජකය ස්වභාවයෙන් ම නැති අය.
මේ අය ඉතා සූක්ෂම ලෙස තව කෙනෙකුගේ කිසියම් දුර්වල තැනක් අල්ලා ගන්නට දක්ෂයි. එය තම වාසියට හරවා ගන්නට සහජ හැකියාවකින් යුතුයි. දිගු කාලීන වූ සබඳතාවයන් අඩුයි. කුළුපග මිතුරු මිතුරියන් ටික කාලයකට ඉන්නවා. ඒ අයගෙ මොකක් හරි වැරැද්දක් අඩුපාඩුවක් පෙන්නලා තමන් තරහා වෙච්ච බව පෙන්වනවා. ඕනෑම වැරදීමක් වෙන කාගේ හරි අඩුපාඩුවක්.
මේ ලක්ෂණ කුඩා දරුවන් තුලින් දකින්නට ලැබී ඔවුන් ගැටවර වයසට එන්නෙ ලිංගිකත්වය ගැන කිසිම හැඟීමක් නැතිව. ආදරය ගැන වූ කිසිම හැඟීමක් නැතිව. කාටවත් ආදරය කරන්නෙ නැති කෙනෙක්. ඒත් ඉතා ලෙන්ගතු, දැඩි ආදරයකින් බැඳී සිටින විදියට කාව හරි රවට්ටන්න පුළුවන් තරම් රඟපෑමක් කරත හැකි කෙනෙක්. හැබැයි ටික කාලයයි ඒක කරන්නෙ.
එයාව ආශ්‍රය කරන අය ඔවුන්ට ඒ වෙලාවකට ආදරය පෙන්වීමත් ඊට පස්සෙ ටික දවසකින් සතේකට ගණන් ගන්නෙ නැති හැසිරීම දිහා බලලා අහන්නෙ ඇයි අපි කරපු වැරැද්ද මොකක් ද කියන්න කියලයි.
අම්මා තාත්තාට වුවත් නපුරු ම නපුරු දේවල් කියලා හිත් රිදවලා ඊට පස්සෙ එහෙම කිව්වෙ අම්මා තාත්තා ඒවට මොකද කරන්නෙ බලන්න කියලා එයාට හිනාවෙන්න පුළුවන්.
එයා නිසා මං ලතවෙනවා නොදකින්නේ ඇයි? යැයි අහන වැඩිහිටියන් පිරිස එන්න එන්න ම වැඩිවෙනවා.
ලෝකයේ තියන නීති වලින්, ලංකාවේ තියන නීති වලින් හිත් රිදෙව්වට ගන්න පියවරක් නැහැ කාටවත්. එවැන්නෙක් ගිහින් වෙනත් නීතියක් කඩ කළොත් තමයි දඬුවම් කරත හැකියාව ඇත්තේ.
මේ ගැන සටහන් පේලියක් දාන්න හිතාගෙන ඉන්නෙ.
Hervey Cleckly විසින් The Mask of Sanity ලියන්නෙ 1941 දී. ඒ පොතේ නම මේ අයට වඩාත් ගැලපෙනවා කියන්න පුළුවන්. මොකද මේ අය තමන් තුල වූ වියරුව කාටවත් පේන්නෙ නැතිවෙන්න වෙස්මුහුණක් පැළඳගත්තු අය. ඒ අයව ආශ්‍රය කරන අය හිතනවා තමන්ට පිස්සු කියලා.
ඒ අය වෙනුවෙන් කරන්න දැනට ලෝකයේ කිසිම පිළිවෙතක් නැතිවීම අභ්‍යාග්‍යයක්. ඒත් ඒ අය නිසා ලතවෙන අය වෙනුවෙන් වූ වැඩ සටහන් කෙමෙන් කෙමෙන් පැතිර යාම හිතට සැනසීමක්. අපි මේ මිනිස් ස්වභාවය ගැන දැනුවත් වූවොත් අපිට එවැනි අය හමුවෙද්දී ඔවුන් වසාගත් වියරුව හඳුනාගෙන ලතනොවී ඉන්න දැනුමක් ලැබේවි.



///මිනිස් ප්‍රාජක හතරෙන් එකක් වන අනෝන්‍ය විශ්වාසය හා කැක්කුමකින් යුතු සබඳතාවයන් පවත්වා ගැනීමට වූ ප්‍රාජකය ස්වභාවයෙන් ම නැති අය. /// මේක නම් ඇත්ත. ගොඩක් වෙලාවට කාර්යය බහුල තරඟකාරී සමාජයත් එක්ක දැන් ඇතිවෙන්නේ “ජංගම” කෙටිකාලින සම්බන්ධතා විතරයි…!
Gold fish,
නැහැ නැහැ යාළු මාළුවෝ මේ කියන්න යන්නෙ කොච්චර කාල වේලා තිබ්බත් මොළයේ ඊට අවශ්‍ය ප්‍රාජකය පිහිටා නැති අය ගැන. බලමු පැහැදිලි කරන්නට මා ගන්නා වෑයම කොච්චර සාර්ථක වේ දැයි කියා!!
ඔබතුමිය සින්හල හා English පෝස්ට්ස් දාන්නෙ මොන wordpress plugin eka පාවිච්චි කරලද? මගේ එකටත් පාවිච්චිය සන්දහා මට කියන්න
Dasun,
ආයුබෝවන්!
පරිගණකය මට උපකරණයක් (tool) පමණයි. එයින් මට අවශ්‍ය වැඩගන්නේ කෙසේද කියා එය භාවිතයෙන් ම හොයාගත්තට එය වැඩ කරන හැටි ගැන වැඩි අවබෝධයක් නැහැ. ඒ නිසා තවත් කෙනෙකුට කියාදෙන්න තරම් දැනුමක් නැති බව කියන්නේ කණගාටුවෙන්.
වර්ඩ්ප්‍රෙස් වල language සඳහා si-sinhala හැරෙන්නට වෙන විශේෂ plug-in එකක් මට නැහැ.
පරිගණකයේ language and preferences ගිහින් තමන් කැමති භාෂා තෝරගන්න පුළුවන්නෙ. ඊට පස්සෙ ඩෙස්ක්ටොප් එකේ ඉංග්‍රීසි වලට/සිංහල වලට මාරු වෙන්න ෂෝට් කට් හදාගන්න පුළුවන්. සටහනක් ලියද්දී ඇමෙරිකන්/ලංකා කොඩිය ක්ලික් කළාම භාෂාව මාරු කරන්නත් එහෙම නැත්නම් සිංහල දාගෙන ලියද්දී caps lock කළාම වෙන කිසිවක් නොකර ඉංග්‍රීසි ලියන්නත් පුළුවන්. ඒ මට තියන ඇපල් මැක්බුක් එයාර් එකෙන්. ඒක එන්නෙ සිංහල අක්ෂර සමඟින්.
ජය!
Pls tell me the wordpress plugin you use to put Sinhala words in the Middle of English posts. (My default language is English and I need to put Sinhala there too.
If you do not mind can you please tell me the translation plugin you use for that ?
I read your blog with huge interest. Really good work. .
/ මිනිස් ප්‍රාජක හතරෙන් එකක් වන අනෝන්‍ය විශ්වාසය හා කැක්කුමකින් යුතු සබඳතාවයන් පවත්වා ගැනීමට වූ ප්‍රාජකය ස්වභාවයෙන් ම නැති අය. /
ඒ ප්‍රාජකය නැති අයද අරුණි, නැත්නම් ඒ ප්‍රාජකය තියෙනව ඒත් ඒක සැඟවිලා එහෙම නැත්නම් ඒක ප්‍රයෝජනයට නොගන්න අයද?
එතකොට එයාල ඒ ප්‍රාජකය නැතිඅයම කියල කියමු….ඒ අය එහෙම හැසිරුනාය කියල ඒ අයට දොස් පවරන්න පුළුවන්ද?….එයාලගෙ ඒවගෙ සබඳතාවක් පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රාජකය නෑ…එපමණයි…එයාල අපිට වඩා වෙනස්…. එයාලව හඳුනාගෙන තේරුම් ගන්න ඕන..
හඬවන්න මා පෙති සිඳින කුසුම සේ,
රිදවන්න මා රළ බිඳින සයුර සේ,
මට සැපතකි ඒ,
ඉවසන්න බෑ මේ,
මුනිවත ඔබේ…….
මෙහෙම හිතන, මෙහෙම කියන උදවියත් ඉන්නව අරුණි…හෙහ්, හෙහ්,
Ravi,
ඔව්, නැති අය. සැඟවිලාත් නැහැ. ප්‍රයෝජනයට ගන්නටත් බැහැ මොකද එවැන්නක් පිහිටා නැති නිසා.
ඔව්, එහෙම අයට දොස් පවරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. ඇයි ඔවුන් එය කැමැත්තෙන් තෝරාගත්තු දෙයක් නෙමෙයිනෙ.
රවිගේ කවියෙන් කියන අයට මේ අයව හමුවෙලා නැහැ!!!
anunge hith ridawanawa samaharu aththatama eyalata adare kiya balanna, boru leda ganeema wage dewal neda samahara nandammala loku putha awama kendiri ganawa eeta passe kiyanawa mama kochchara keewada mawa gihin dapan ambalamakata kiya ewani dewal kiyanne attention seeking wageda? ekath mano viyadiyakda? dana ganna kamathi oben visthara athiwa thanks Aruni,
Shanthi Chandrasekera,
මේ ගැන තව ලියන්න ඉන්නෙ. මේක මානසික රෝගයක් යැයි හඳුන්වනවාට තෝමස් සාස් ඉතා අකමැතියි. බොරු ලෙඩ සමහර අයට ඇත්තටම රිදෙන ඒවා!!!! මානසික විතරක් නෙමෙයි ඔයා කිව්වා වගේ ශාරීරික වූ වේදනාවන් ද වැඩියෙන් දැනිලා අනුකම්පාව ආදරය හොයන්න හැඩගැසිච්ච අය ඉන්නවා. පාසැලේ දී තමන් මුහුණ දුන් සිද්ධියකින් පැන නැඟිච්ච මානසික හේතුවක් පිට ආයේ ඉස්කෝලේ යන්න අකමැති වෙච්ච ළමයෙකුට වෙව්ලලා උණගැනිච්ච අවස්ථා ඕන තරම් අහන්න ලැබෙනවා.
Malingering is a medical term that refers to fabricating or exaggerating the symptoms of mental or physical disorders for a variety of “secondary gain” motives, which may include financial compensation (often tied to fraud); avoiding school, work or military service; obtaining drugs; getting lighter criminal sentences; or simply to attract attention or sympathy.
බොරු ලෙඩෙක් ගැන ලියැවුනු රසවත් කතාවක් තමයි Frances Hodgson Burnett ලියූ The Secret Garden (1911).
මටත් පරිගණක ගැන ෙලාකු දැනුමක් නෑ.මමත් පරිගණකය භාවිතා කරන්ෙන් උපකරණයක් විදිහටම තමයි