අරුණි ශපීරෝ‍ වෙතින්

විශ්වාස කළ නොහැකි මිනිස්සු

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 24, 2012

පිරිමි, ගැහැණු පමණක් නොව කුඩා දරුවන් අතර ද විශ්වාස කළ නොහැකි අය ඉන්නවා. ඒ අයගේ වැරැද්දක් යැයි කියන්නට බැරි ඔවුන් එය උවමනාවකින්, තෝරාගැනීමකින් හදාගත් හැදියාවක් නොවන නිසා. තමන්ට නැති නිසා එවැනි හැකියාවක් අනුන්ට ඇත්තේ මන්දැයි පහදා ගන්නට ද ඔවුන්ට නොහැකියි.

තවකෙක් විශ්වාසයෙන් ජීවත්වන මිනිසා ඒ ඒ අවස්ථාවල දී ඒ ඒ ප්‍රමාණයෙන් අනුන් ගැන විශ්වාසයක් තබමින් ජීවත් වෙන්නෙක්.

කුඩා දරුවෙක්ට තෝරාගැනීමක් නැතිව ම තම දෙමාපියන් සහ වැඩිහිටියන් ගැන විශ්වාසයක් තබන්න සිද්ධ වෙනවා. කුඩා දරුවන්ට අතවර වද හිංසා කරන දෙමාපියන්ට හා වැඩිහිටියන්ට සමාජය දඬුවම් කරන්න නීති ගෙනෙන්නේ ඒ නිසයි.

මහ මඟට බහිද්දී අපි විශ්වාස කරනා අයට අපි අපේ ගෙවල් වල යතුරු, ක්‍රෙඩිට් කාඩ් පත් හෝ දරුවන් බලා කියාගන්න දෙන්නේ නැහැ. ඒත් මහමඟ දී ඔවුන් අපේ ජීවිතයට අනතුරක් කරනු නැතැයි කියා විශ්වාසයක් තියෙන නිසා අපි ගමන් බිමන් යනවා.

අපි පරිභෝජනය කරන හැම භාණ්ඩයක් ම සේවාවක් ම අපේ යහපත වෙනුවෙන් සාදන ලද්දක් යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. ඒත් අපි පරිභෝජනය කරන හැම දෙයක් ගැන ම යම්තාක් දුරකට හෝ විශ්වාසයක් නැත්නම් අපි ඒවා භාවිතා කරනවා ද?

රටේ පාලකයා වෙහෙසෙන්නේ තමන්ගේ සුවසෙත පිණිස යැයි කිසිම රටක පුරවැසියෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒත් මේ පාලකයා අර පාලකයාට වඩා හොඳ යැයි එහෙම තෝරාගැනීම් වලට ඉඩ තියෙන රටවල අය තීරණ ගන්නවා.

තවත් මිනිසෙක් හදන බඩුවක්, දෙන සේවයක් වගේ ම දක්වන හිතවත්කමක් පිළිබඳවත් මිනිස් මොළයේ ඇත්තේ විශ්වාස කරන්නට හුරුවෙච්ච හැදියාවක්. විශ්වාසය කැඩී යන අවස්ථා වැඩි වෙන්නට වැඩි වෙන්නට විශ්වාස කිරීමේ හැදියාව අඩු වී යන්නේ. එකිනෙකා විශ්වාසයට වඩා සැකය වැඩි වූ සමාජයක මිනිස් සබඳතා බිඳ හැලී දියුණුව අඩාල වෙන හැටි පෙන්වන්නේ ඉතිහාසයෙන්.

මිනිසාට අනෙකා විශ්වාසයට උවමනාවක් ස්වභාවයෙන් ම පිහිටන්නේ මොළයේ prefrontal cortex (PFC) හි. පරිනාමයේ දී තම ජීවිත ආරක්ෂාවට ම කුටුම්භයක් වූ මිනිසාත්, කල්ලි ගැසුණු කුටුම්භත් නිසා තම ආරක්ෂාව වැඩි වී හා තම දියුණුව වැඩිවන බව දැක අනෙක් මිනිස්සු විශ්වාසයට පටන් ගෙන වැඩි වර්ධනය වූ මොළයේ තමයි PFC පිහිටා ඇත්තේ. සත්තු අතරින් අපි වෙනස් වන මොළයේ ලක්ෂණ පිහිටා ඇත්තේ ද මෙහි.

මිනිස් පරිනාමයේ දී මිනිස් සත්තු අතර කොටසක් ඔවුන්ගේ PFC හි මෙම කොටස එනම් අනෙකා ගැන දක්වන විශ්වාසය, කැක්කුම නැතිව බිහි වී අද දක්වා එය එසේම තිබිය දී අප අතර ජීවත්වෙන්නට හැකියාව ලැබ සිටිනවා. එදා අපි ඒ අය ගැන දැනගත්තේ ඔවුන්ගේ හැසිරීම් අනුව. එහෙත් අද ඔවුන්ගේ අභ්‍යන්තර මොළයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයට අවස්ථාව ලැබී තිබෙනවා.

Dawkins’s dodo/ඩෝකින්ස්ගෙ ඩෝඩෝ වල පළ වූ ස්ත්‍රී සුරතාන්තය? මොළයේ සිදුවන්නේ කුමක් ද? යන ලිපිය කියැවූ අයට මෙය වටහාගන්න තරමක් පහසු වේවි.

මේ අයගේ මොළ ස්කෑන් වල දී අනික් අය තුල විශ්වාසය උපදවන දේ දකිද්දී ඇතිවන රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙනවා දකින්නට නැහැ. මනස (mind) හා මොළය (brain) අතර වෙනස්කම් හඳුනාගන්නට යම් රෝගයක් නිසා, අනතුරක් නිසා මොළය පාවිච්චියට නොහැකි අය තමයි මුලින් පර්යේෂණ වලට ගැනෙන්නේ. Increased DLPFC activity during moral decision-making in psychopathy ලියන අය පෙන්වා දෙන්නේ dorsolateral prefrontal cortex (DLPFC) හි ආවේගාත්මක ආචාර ධාර්මික වූ තෝරාගැනීමක් කරද්දී මනෝව්‍යාධිකයාට amygdala වෙන් (අනිත් මිනිස් සත්වයන්ගේ ආවේගයන් හා සම්බන්ධ මොළ පෙදෙස) ලැබෙන සහාය නොලැබෙන බවයි. ඒ නිසා මනෝව්‍යාධිකයා තමන් ඉදිරියේ ඇති ආවේගාත්මක තොරතුරු අතරින් යමක් තෝරාගන්නට වෙනත් විධි ක්‍රම සොයාගන්නා බවයි.

අද psychopaths සේ හැඳින්වෙන මේ මනෝව්‍යාධිකයන් අප අතර අපි හිතනවාට වඩා බහුල සංඛ්‍යාවක් සිටින බව ඒ ගැන තොරතුරු හොයන්නට පටන් ගත්තාමයි ලෝකයා දැන ගන්නේ.

ඒත් මනෝව්‍යාධිකයා සහ තෝරාගැනීමකින් සිය වර්ගයා විනාශ කරන අපරාධකරුවෙක් අතර වෙනස වටහා ගන්නට මිනිසා වෙහෙසන හැටි දැකගන්න පුළුවන් නෝර්වේ හි Anders Breivik නඩුව දිහා බැලුවම. අනිත් අය ගැන සභානුභූතියක් (empathy) දැනුනා දැයි විමසද්දී ඔහු කියන්නේ තමන්ගේ සියළු ආවේග මොට කරගන්නට ඔහු පුහුණු වූවා යැයි කියා. When prosecutors Friday asked Breivik whether he felt empathy for others, the killer said he taught himself to dull all emotions – “from happiness to sorrow, despair, hopelessness, anxiety, fear” through meditation.

තමන් තුල කිඳාබැස ගත් යම් විශ්වාසයක් නිසා කරන තෝරාගැනීමක් නම් එය මොළයේ ස්වභාවිකව නැති හැකියාවක් නිසා සිද්ධ වූවක් නොවේ. එහෙත් හොඳ නරක තෝරාගැනීමකට හැකියාවක් නැත්නම් එය මොළයේ වෙනසක්. බොරු කීමත් (එහි වැරැද්දක් නොදකින නිසා) හා එයින් සිතට වද නොදැනීමත් මනෝව්‍යාධිකයාගේ මොළයේ ස්වභාවයක්. අවුල් ගොඩයි!!!!

The Moral Landscape: How Science Can Determine Human Values ලියන සෑම් හැරිස් පිටු 95-96 හි ළමා අපයෝජනයේ යෙදි මනෝව්‍යාධිකයෙක් පිළිබඳ විස්තරාත්මක පුවතක් සටහන් කරයි. එවැනි අපරාධ රෑගත කර විකිණීම අද ලොව බිලියන ගණනක කර්මාන්තයකි. නීති විරෝධී හා දඬුවම් ලැබෙන කර්මාන්තයකට ඉල්ලුමක් තිබීමෙන් පෙනී යන්නේ එය සොයන මිනිස් හැදියාවක් ඇති බවයි. බල ලෝභී සමාජවල එවැනි අය වැඩියෙන් ඉන්නවා යැයි කියන්නට ඉක්මන් නොවෙන්න. අනිත් සමාජවල එවැනි තොරතුරු වසන් කරගත හැකියාව නිසා අපට දැනගන්නට නොලැබෙනවා පමණි.

අයෙක් විශ්වාස කරන අදහස් නිසා ඔහු කෙසේ හැසිරෙයි දැයි අපිට අනුමාන කළහැකි වුවත් මනෝව්‍යාධිකයෙක් කෙසේ හැසිරෙයි දැයි අපට අනුමාන කළ නොහැක. මේ මනෝව්‍යාධිකයන් තුල ඇති බලවත් අවිය නම් ඔවුන් තමන් වටා සිටින අයවළුන් අතර ඇති ආවේගාත්මක දුර්වලතා හඳුනාගන්නට දක්ෂයන් වීමයි. එයින් රූකඩ නටවන්නට මෙන් මිනිසුන් නටවන්නට තම සිතේ කිසිත් අවුලක් නැතිව කරත හැකියාව තිබීමයි. එනම්, අනුන් ගැන හිතට දුකක් දැනෙන්නේ නැති බව ස්වභාවයෙන් ම ලබා තිබීමයි.

About these ads

4 Responses

Subscribe to comments with RSS.

  1. Inesh said, on අප්‍රේල් 24, 2012 at 11:55 ප.ව.

    එතකොට අනිත් මිනිස්සු ගෑන හැගීමක් නැති දුකක් දැනෙන්නේ නැති හුගක් මිනිස්සු මනෝව්‍යාධිකයන්ද?

    • arunishapiro said, on අප්‍රේල් 25, 2012 at 9:49 පෙ.ව.

      Inesh,

      මිනිස් මොළයේ ඇති ස්වභාවික වූ ප්‍රාජකයක් තමයි අනිකුත් මිනිසුන් ගැන හැඟීමක් තිබීම. ඒක ඔප්පු කරලා තියෙන්නෙ මොළ ස්කෑන් වලින් කරන පර්යේෂණ වල දී නියුරෝරසායන ක්‍රියාවලියන් දිහා බලල. අපරාධ කරපු අයගේ සිත් පිත් නැති හැදියාව වටහා ගන්නට ඔවුන්ගේ මොළ ස්කෑන් කරද්දී පෙනී යන්නේ ඔවුන්ගේ මොළයේ ඒ කොටස්වල දැඩි කැළඹීමක් තිබුණත්, හොඳ නරක කියන ආවේගාත්මක කොටසේ කිසිම සහායක් නොලැබෙන බව.

      මොළයේ නියුරෝරසායන ක්‍රයාවලියේ ඇති වෙනස්කම් වලින් තමයි අනිත් මිනිස්සු ගැන හැඟීමක් ඇති අය හා අනිත් මිනිස්සු ගැන හැඟීමක් නැති අය කියා කොටස් දෙකකට පැහැදිලිව වෙන්කරන්න හැකියාව ලැබෙන්නේ.

      මේ මොළ ස්කෑන් හැකියාව ලැබෙන්නේ මෑතක දී. තාම පර්යේෂණ හැඩ ගැසෙන හා ප්‍රතිඵල පහදන්නට නියුරෝරසායන විද්‍යාවත්, නියුරෝ විද්‍යාවත්, ජානු විද්‍යාවත් යනාදී ක්ෂේත්‍ර කිහිපයක ආධාරයෙන් ඉදිරියට ගෙන යන උත්සාහයක්.

      මීට කළින් මා ලියූ “මං ලතවෙනවා නොදකින්නෙ ඇයි?” සටහනේ එන Hervey Cleckly තමයි වසර ගණනාවක් පුරා බාහිර චර්යාවෙන් මේ අයගෙ වෙනස්කම් හඳුනාගෙන සටහන් තබන්නේ. අද ඒ සටහන් වලින් සොයාගත් චර්යාව මේ විද්‍යාත්මක අධ්‍ය්‍යන වලින් තහවුරු කරන්න ලැබෙනවා.

      අනිත් මිනිස්සු ගැන හැඟීමක් නැති, අනිත් අය ගැන දුකක් දැනෙන්නේ නැති හැමෝම මනෝව්‍යාධිකයන් … ඒත් හැමෝම දරුණු අපරාධකරුවන් නෙමේ. තව විස්තර ඉදිරියේ දී.

  2. Shanthi Chandrasekera said, on අප්‍රේල් 26, 2012 at 4:02 පෙ.ව.

    anunwa hama welawema viswasa karana ekath , ekaparatama kalakireemath, mano viyadiyak neda? dana ganna ahanne . wadagath lipiyak. thanks Aruni,

    • arunishapiro said, on අප්‍රේල් 26, 2012 at 7:09 පෙ.ව.

      Shanthi Chandrasekera,

      මනෝව්‍යාධියක් ලෙස psychopaths ලා හඳුන්වන්නේ අර රූ කිව්වා වගේ මෙය මානසික රෝග යටතේ වර්ගීකරණය වෙන්නෙ නැති නිසා. එසේම ඇමෙරිකන් Diagnostic and Statistical Manual of Mental Disorders 5 වැනි වෙළුම (DSM-V) යටතට එකතුවෙන සමහර මානසික රෝග ලෙසින් වර්ගීකරණය වෙන ඒවා මානසික රෝග දැයි සැකයි. ඒ ගැන කළින් ලිව්වා. අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් ද? අළුත් සටහනක් ඉක්මණින් දාන්නම්.

      මම දන්න තරමින් අනුන් හැම විශ්වාස කිරීමත්, එකපාරට කළකිරීමත් මානසික රෝගයක් වෙන්නෙ නැහැ. ඒක වෙනත් මානසික රෝගයක අතුරු ලක්ෂණ අතර තියෙන්නක් වූවක් විය හැකියි. මානසික රෝගයක් නැති එහෙත් වැඩියෙන් එහෙම හැදියාවක් ඇතැයි අපි දකිනා අය අතර කෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව එසේ හැදිලා ඉන්න හුරුවක් නිසා කියලා මම හිතන්නෙ.

      අපි අයෙක් විශ්වාස කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ අපේ මොළයේ තැන්පත් වී ඇති වෙනත් මතකයන් වලින් අවදි කරන ආවේගාත්මක මොළයේ තෝරාගැනීමක් තුලින්. හිතන්න පුළුවන් අයෙකුට තමන් සොයා නොබලා විශ්වාස කරපු අයෙක් ප්‍රතික්ෂේප කරන්නත්, ප්‍රතික්ෂේප කරපු අයෙක් විශ්වාස කරන්නටත් විචාරයකින් පසුව ඇතිවන අවබෝධයකින් හැකියාව තියනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 239 other followers

%d bloggers like this: