වොෂිංටන් ඩී සී හෙවත් කොලොම්බියා දිස්ත්‍රික්කයේ ජෝර්ජ්ටවුන් නගරය
වොෂිංටන් නගරය පිහිටන වොෂිංටන් ඩී. සී. වලට ඉස්සර කිව්වේ කොලොම්බියා දිස්ත්‍රික්කය කියා ය. ඊට වොෂිංටනය කියා ද කියැවේ. මේ වොෂිංටනය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් නොවේ. ප්‍රාන්තයක් ලෙසින් හැඳින්වෙන වොෂිංටනය පිහිටන්නේ ඇමෙරිකාවේ වයඹ දිග ය. (ස්තූතියි විචාරක.)
1790 ජූලි 16 වැනිදා කොංග්‍රසයේ අවසරයෙන් ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන් අගනගර දිස්ත්‍රික්කයක් අනුමත විය. ඊයේ ඒ අගනගරය මැදින් යද්දී මගේ සිතේ Hunger Games හි Capitol ගියා යන හැඟීම නළියන්නට විය!!!!
මේරිලැන්ඩ් සහ වර්ජිනියා ප්‍රාන්ත විසින් පොටෝමික් ගඟේ ඉඩම් කොටස් ෆෙඩරල් දිස්ත්‍රික්කය හදන්නට පවරති. කොංග්‍රසය කොටසක් ආපසු වර්ජිනියාවට බාර දෙති. වොෂිංටන් නගරය 1791 දී දී උපත ලබද්දී, ජෝර්ජ්ටවුන් 1751 දී උපත ලබා තිබිණ.
ජෝර්ජ්ටවුන් නගරයට නම වැටෙන්නේ ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් නිසා නෙමෙයි. ජෝර්ජ්ටවුන් හැදෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි ජෝර්ජ් රජුගේ පාලන සමයේ ය. සමහරු කියන විදියට මෙයට නම වැටී ඇත්තේ නගරය හදන්නට ඉඩම් මිල දී ගත්තේ පවුම් 280 කට George Gordon සහ George Beall යන දෙදෙනා ගෙන් නිසා ඔවුන්ගේ නම වැටුණා ය කියා ය.
“ගර්ජනය කළ මීයා” හි චෙට් බෙස්ටන් මෙන් අදත් පොටෝමික් ගඟේ ඔරු පදිනා අය දැක්කෙමි. මොන රාජ්‍ය තාන්ත්‍රික ලියැවිලි වතුරට හලාගෙන ද දන්නෑ යැයි සිතුට නැඟුණි!!!
කෝච්චිය නැවතුම් පළෙන් පිටවෙලා ගියාට පස්සෙ ගමන යන්න ක්‍රම හොයන අයව වොෂිංටන් වරායේ නවතා තිබු බෝට්ටු දකිද්දී සිහිවිය. ඒ ලංකාව යුරෝපීය බෝට්ටු වෙළඳපොලට ඇතුල් වන්නට සැලසුම් හදනවා යැයි ප්‍රවෘත්තියයි. සුඛෝපභෝගී දේවල් ගන්නේ ප්‍රාථමික අවශ්‍යතා සපුරා ගත් පසු ය. ධනවතුන් ගෙන් බලහත්කාරයෙන් උදුරා ගෙන සියල්ලනටම බෙදා දෙන ප්‍රතිපත්ති වලින් බංකොළොත් වී සිටින යුරෝපීයයන් අතර, විනෝදය පිණිස මිලට ගන්නා බෝට්ටු වෙළඳපොල 2008 සිට මේ වෙද්දී 50% කින් අඩු වී ඇතැයි සැලසුම් ගහනා අයට කියන්නට කෙනෙක් නැතිවා නෙමෙයි, එහෙම කිව්වොත් අර පොකැට්ටුවට වැටෙන කොටස අහිමි වෙන කෙනාගෙන් මැරුම් කන්නට වෙන නිසා බයේ එහෙයි යුරෝපීයයන්ට බෝට්ටු විකුණත හැකියි කියනවා ඇති. ප්‍රංශයේ සමාජවාදී ජනාධිපති ධනවතුන්ගේ ආදායමෙන් 75% ක් බදු උදුරා ගන්නට ලක ලැහැස්ති වෙද්දී පණ අදින යුරෝපයට බෝට්ටු විකුණන්නට බංකොළොත් සැලසුම් ගහන්නේ ජනතාවට සේවයක් පිණිස ආණ්ඩුවක් ම තමයි!!!!
ඩී. සී. හි ජෝර්ජ්ටවුන් පැත්තේ, නෙවාඩා හි ලාස්වේගාස් වල මෙන් ගංවතුර ගැලීමක දී වතුර බහින්න හැදූ කාණු වල ජීවත්වෙන මිනිස්සු නැත. මෙහෙ ඉන්නා මොළ කුරුවල් වෙච්ච සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහියට ලක් වූවන් මේ දවස්වල ඉන්නේ වයිට්හවුස් හි නිසා කුමට කාණු වල නිවාස හදාගන්න ද? චැහ් … එතැනින් කතාව ඉවර කරන්න තිබුණා නම් කොච්චර ලස්සන ද? ඒත් බෑනේ, සිංහලෙන් කියවන අයට ලැබෙන්නෙ කතාවේ එක පැත්තක් නිසා අනිත් පැත්ත ලියන්නත් කවුරු හරි ඉන්න එපායෑ
ලාස් වේගාස් නොහොත් පව්කාර නගරයේ කාණුවල දුප්පතුන් සිටිනවා යැයි කියමින් එය ඇමෙරිකාවේ අඩුපාඩුවක් ලෙස දකිනා අය සිටිති. දුප්පතුන් සියල්ල ම ධනවත් කරන්නට පෙරමුණ ගත් රුසියාවත්, චීනයත් මිලියන ගණන් මිනිස් ජීවිත අහිමියෙන් පසු අවසානයේ ඔප්පු කර පෙන්වූයේ පාලකයන් හැරෙන්නට සියල්ලෝ ම දුප්පත් වූ බවයි. එහෙත් එය නොදකින්නට ඇස් පියාගෙන ඉන්නා අය වැසියන් 583,756 ක් ඉන්නා ලාස් වේගාස් නගරයේ 1000 ක් දෙනෙක්, එනම් නගරයේ ජනගහණයෙන් 0.17% ක් මානසික ලෙඩ්ඩු, කුඩු ගහනා අය, ජීවිතයේ යම් අභාග්‍ය්‍යට මුහුණ පෑ අය, කැමැත්තෙන් ගිහින් නතර වූ තැනක් වෙත ඇඟිලි දිගු කරති.
ලංකාවේ හිඟමන් යදින්නියකට කොළකැඳ කෝප්පයක් නොමිලේ දෙන්නට ගිය කඩකරුවෙකට ඇය කියා තිබුනේ අපිට කොළ කැඳ කෝප්පයක් ගන්න සල්ලි තියෙනවා විතරක් නෙමේ, ගෙවල් හා බැංකු ගිනුම් ද තියෙනවා කියා බව පසුගිය දවසක දිවයින පුවත්පතේ පළ විය.
ලාස් වේගාස් වල වැඩියෙන් ම වැසි ලැබි මාසයේ වැසි වතුර ප්‍රමාණය අඟල් 0.69 ක් යැයි සටහන් වෙද්දී දාහක් මිනිස්සු රැඳී සිටිනවා යැයි කියන ඉහත අමුණා ඇති සබැඳියෙන් ගං වතුර බැස යන්නට හදා ඇති දැවැන්ත කාණු දැක ගත හැකිය!!!!
මිනිස් සභ්‍යත්වයේ එක් පියවරක් වූයේ indoor plumbing හෙවත් වාසස්ථානය ඇතුලට පයිප්ප හා වතුර ගෙනෙන්නට හැකියාව ලැබීමයි. ආණ්ඩු විසින් බලහත්කාරයෙන් අය කරගන්නා නිවාස බදු වලින් ගැලවෙන මොවුන් පයිප්ප හා වතුර යන මාර්ගයේ (inside the plumbing) ජීවත්වෙන්නට මඟක් සොයා ගන්නා කදිම යෝග්‍යතමයන් ද?!!!!
ලාස් වේගාස් වලත් වෙනත් හැම ඇමෙරිකන් ප්‍රාන්තයක ම මෙන් අසරණ බවින් ගොඩ එන්නට උත්සාහයක් ගන්නා අයට ආහාර නොමිලේ ලබා දෙන සුප් කිචන්, ආහාර ගබඩා, නවතින්නට නිවාස යනාදියෙන් අසරණයන්ට සහනය දෙන ස්වේච්ඡා සේවා සංවිධාන බොහොමයකි. එහෙත් ඒවායේ ආධාර ලබන්නට නම් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් ඉවත් කරන සැලසුම් වලට සහභාගී විය යුතුයි. සොයා දෙන රස්සාවට ගොස් හිඟාකෑමෙන් ඉවත් වී ස්වාධීන වීම පටන් ගත යුතුයි. පව්කාර වැඩ වලින් මිදී සේවා සපයන සංවිධාන වල රෙගුලාසි අනුගමනය කළ යුතුයි. ඒවාට අකැමති වී, කැමැත්තෙන් දුප්පතුන් වී සිටීම ද නිදහස් පුද්ගලයාගේ අයිතියකි. කැමැත්තෙන් සල්ලි පස්සෙ හඹා යන අයට දොස් පවරණ වාමාංශිකයන් කැමැත්තෙන් දුප්පතෙක් වී සිටින්නට ද අයිතියක් ඇතැයි නොදකිති. වහල් මනස් ඇති අයව වැඩ කරන ජනතාව යැයි කියා බලහත්කාරයෙන් තල්ලු කරගෙන යන කොමියුනිස්ට් හිත්වල මානසික ලෙඩ්ඩුන්ට, අහිගුණ්ඨිකයන්ට, හිඟන්නන්ට, තාපසයන්ට, යතිවරුන්ට ඉඩක් නැත.







Thanks for the photos!
You’re welcome.
අපි අනුගමනය කලයුත්තේ කාගේ දර්ශනයද? අපි ස්වාධීන වීම සඳහා කියවිය යුත්තේ කාගේ පොතද? කොයි අච්චුවේ හදපු සපත්තුවද අපේ කකුලට හරියන්නේ? කොයි සාප්පුවේ තොප්පියද අපේ ඔලුවට හරියන්නේ? මේ අවුල්ජාලයෙන් මිදෙන්නට කතිකාවත්, කතිකාවත්, කතිකාවත්, ඒත් කෝ පෙනෙන පැහැදිලි මාර්ගයක්. කවුරුහරි ඒකාධිපතියෙක් අපිව අල්ලාගෙන අවුරුදු 25 ක් විතර දැඩි පාලනයකට යටත් කරගෙන හිටියොත් අපි හැදෙයිද? ඔය මගේ හමුදා මොලයට ආපු අදහසක්. මාව මැරුවත් දැන්නම් ඉතුරුවෙලා තියන විසඳුම ඒකයි.
ආය සැරයක් ඇයි හිතාමතාම සිංහල වැරැද්දුවේ? වයඹ කියන තනි වචනය තියෙද්දී මොකටද උතුරු බටහිර කියන්නේ?
wicharaka විචාරක,
ලංකාව වෙන කාගේවත් දර්ශනයක් අනුගමනය කළ යුතු නැහැ. ලංකාව සුවිශේෂීයි. රුසියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ඉල්ලා ගත්තකින් හදාගන්නවාට වඩා ලංකාවට ගැලපෙන දර්ශනයක් ලංකාවේ අය හදා ගත යුතුයි.
මේ ආණ්ඩුව පෙරළා හදන තවත් ආණ්ඩුවක් වූ පමණින් එය බැහැ.
එය ඇත්තේ එක් අයෙක් අත නෙමෙයි. එය ඇත්තේ ලංකාවේ ජීවත්වන නිදහස් මිනිසුන් සියල්ල ම අත.
ඒකාධිපතියෙක්ට රටක් හදන්න බැහැ. ඉන්දුනීසියාවේ 70 ගණන් වල රේගු නිලධාරීන් කරන වංචා නවත්වන්නට ස්විට්ස්සර්ලන්තයේ කළමනාකරුවන්ට ටික කාලයකට රේගුව බාර දුන්නා. ඉන්දුනීසියාවට ආදායම වැඩියෙන් ද, ව්‍යාපාරිකයන්ට පහසුවෙන් වෙළඳාම් කරගෙන යන්න ඉඩක් ලැබුණ. ඒත් පගා වලට හුරු වෙච්ච මිනිස්සු නොයෙකුත් වර්ජන වලින් ආණ්ඩුවට කරදර කරලා ස්විස් කළමනාකරණය අහක් කරන්න කටයුතු කළා. ආයෙත් පෙර පරිදිම ඉන්දුනීසියාවේ රේගු අල්ලස් වංචා වලින් පිරිලා ගියා. ඉතිහාසයේ කිසිම දවසක ඒකාධිපතියෙකුට මිනිහෙක් ලවා අකමැති වූවක් කරවන්න හැකිවෙලා නැහැ, තමනට අකමැති මිනිසාගේ ජීවිතය අහිමි කරන්නට හැකි වූවාට.
මිනිස්සු තුල නීති ගරුක වීමට කැමැත්තක් ඇති කරන්න නීති රැකීමෙන් සියලු රටවැසියන්ගේ උන්නතිය ලැබෙන බව පැහැදිලි කරන පිළිවෙත් එයාලට පෙනෙන්නට ඕනා. ඒ දවස ඉක්මණින් ගෙන්වා ගන්න නම් එක එක්කෙනා තමන් නීති ගරුක විය යුතුයි. වැරැද්ද වෙනතක යැයි කියන අයගේ බොරු හෙළි කළ යුතුයි.
ස්තූතියි ඔන්න හැදුවා, උතුරු බටහිර වෙනුවට වයඹ කියල දැම්මා.
// විනෝදය පිණිස මිලට ගන්නා බෝට්ටු වෙළඳපොල 2008 සිට මේ වෙද්දී 50% කින් අඩු වී ඇතැයි සැලසුම් ගහනා අයට කියන්නට කෙනෙක් නැතිවා //
අරුණි අක්ක මේ මොනව කතා කරනවද… ඔය උපදේසක ගොල්ලන්ගෙ උපදෙස් අරං අපි දැන් තුන්වෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොලකුත් හදනව ලංකාවෙ… ( තියෙන එකම බීජ ගොවිපොල වහල දාල ඒක උඩ )
ලෝකයේ සයිස් එකෙන් 123 නේ ඉන්න ඇබිත්තන් රටක් හැම තිස්සෙම ලෝකයේ 4 වැනි රට එක්ක සංසන්දනය කරන්න යද්දි ඔහොම අවුල් තමයි සිද්ධ වෙන්නෙ!!!!
පැහැදිළිවම මෙහි ජීවත් වන අය තුල වෙනසක් ඇතිවිය යුතුයි. ආණ්ඩුව පෙරලූ පමණින් එය වන්නේ නෑ. එකිනෙකා තුළින්ම තමයි එය ඇතිවිය යුත්තේ. කෙනෙක් රට ගොඩනගනවාට විරුද්දයි. කෙනෙක් එය ගරහනවා. එකෙන් එය හරිම හොඳයි කියල අනුමත කරනවා. කිසිම ජාතික හැඟීමක් ඇත්තේ නැහැ. හැම දෙනෙක්ම තම මව්බිමට ආදරය කලයුතුයි. ආකල්පමය වෙනසක් ගොඩනැගිය යුතුයි කියල තමයි හිතෙන්නෙ. පැහැදිළිවම රට තුල වෙනසක් පෙනෙන්නට තියෙත්දි කට්ටිය සොයන්නෙම වෙන වැරදිම තමයි.