අරුණි ශපීරෝ‍ වෙතින්

එපිකියුර් කැෆේ

Posted in Uncategorized by arunishapiro on මාර්තු 18, 2013

DSCN0198

එපිකියුරස් (ක්‍රි. පූ. 341-270) නම් පුරාතන ග්‍රීසියේ දාර්ශනිකයා එපිකියුරියන්වාදයේ නිර්මාතෘවරයා වෙයි. ඔහුට අනුව ජීවිතයේ අරමුණ සතුටින් සිටීමයි. අනෙක් ග්‍රීක දාර්ශනිකයන් සේ ම ඔහු ද අනුන්ට ජීවත්වෙන හැටි කෙසේදැයි නිර්දේශයන් ඉදිරිපත් කළ අයෙකි!!!!!

අද කවුරුන් හෝ ඉස්මුරුත්තේ යනකම් කෑවේ, සල්ලාල ලෙසින් හැසිරුණේ, එහෙමත් නැත්නම් සුරා මතෙන් නැටුවේ එපිකියුරියන්වාදය නිසා යැයි කිව්වොත් එය එපිකියුරස්ගේ වරදක් නොවේ. එය ඔහුගේ දර්ශනය වැරදියට පරිවර්තනය කරන ලද රෝමානුවන් ගේ වරදකි.

එපිකියුරස් ගෙවා ඇත්තේ සරල ජීවිතයකි. පාන්, චීස් හා ඔලිව් සමඟ ඉඳහිටෙක පානය කරන ලද වයින් ද, හැමොක් එකක නිදා ගැනීමෙන් ද, යහළුවන් සමඟ අල්ලාප සල්ලාපයේ හා සිය උද්‍යානයේ ඇවිදින්නට කාලය ගෙවීමෙන් ඔහු ජීවිතයේ සතුට වින්ඳේය.

කිසිම කටයුත්තක් එයින් සතුටක් නොලැබෙන්නේ නම් කළ නොයුතු බව ඔහුගේ මතය විය. කිසිම කටයුත්තක් එයින් ලැබෙන වේදනාවක් නැත්නම් ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් ඔහුගේ මතය විය.

ආශාවන් වර්ග දෙකක් යැයි ඔහු කීය. ඒ නිසා ඒ ආශාවන් පිනවීමෙන් සතුට වර්ග දෙකකින් ලැබේ යැයි ඔහු කීය!!!

1. ස්වභාවික ආශාවේ කොටස් දෙකකි. එකක් ආහාර හා නින්ද වැනි අත්‍යාවශ්‍ය වූව. අනෙක ලිංගික එකතුව වැනි අත්‍යාවශ්‍ය නොවූව.

2. තුච්ඡ ආශාව නම් විසිතුරු ඇඳුම් පැළඳුම් හා විදේශයන් වලින් ගෙනෙන (exotic) ආහාර වලට ඇති ආශාවයි. :D

ස්වභාවික ආශාව තෘප්තිමත් කළ යුත්තයි. එසේම පහසුවෙන් තෘප්තිමත් කරගත හැකි වූව ද වන්නේය. ඒවායෙන් ඇතිවන වේදනාකාරී ප්‍රතිඵල අඩු යැයි ඔහු කීවේය. එහෙත් තුච්ඡ ආශාව යනු පහසුවෙන් තෘප්තිමත් කරත නොහැකි වූව යැයි ඔහු කීය. ඒවාට ස්වභාවික සීමා නොමැති වීම ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දුනි. ඒවාට තදබල ලෙසින් ඇලී ගැලීමක් ඇති වී වේදනාකාරී ප්‍රතිඵල ගෙනෙන බව ඔහු කීය.

ලිංගික එකතුවට ඇති ආශාව ස්වභාවික වුවත් එයින් ගැලවීමට හැකි අවස්ථා වල දී ගැලවිය යුතු යැයි ඔහු කීය. මන්ද එම ආශාව තෘප්තිමත් කිරීමෙන් දැඩි සතුටක් ලැබුණත්, සියළු දැඩි සතුටක් ගෙනෙන ආවේග තත්වයන් අවදානම් යැයි ඔහු සැලකීය. ඒ අවස්ථාවේ දී සතුටක් ලැබුනත් ලිංගික ආශාවෙන් සතුට සොයා යෑම නිසා පසුව වේදනාකාරී තත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා යැයි හේ සැලකීය.

DSCN0192 DSCN0194 DSCN0195 DSCN0197

එපිකියුරින්වාදය සැලකිල්ලට ගැනීමේ දී ඔහු සතුට යන්න ඍනාත්මක වූවක් හැටියට සලකන බව පෙනෙයි. එනම් සතුට යනු වේදනාව නොමැති වීමයි. පසුකාලීන Beyond the Pleasure Principle ලියූ සිග්මන් ෆ්‍රොයිඩ් විසින් ද මෙවැනි නිගමනයකට එළඹ ඇත. එහි ෆ්‍රොයිඩ් කියන්නේ ‘සතුටු සිද්ධාන්තය’ පිටුපස ඇත්තේ මරණ බිය කියාය.

ඉතින් ඒ නිගමනයට එපිකියුරස් එළඹීම ඔහු විසින් කියන ලද මරණය යනු සංවේදනයන්ගේ පැවැත්මක් නැතිවීම පමණක් යන්න හා ගැලපෙන්නේ නැත.

“මරණය ගැන අපි සැලකිල්ලක් නොදක්වමු. මන්ද අපි ජීවත් වී සිටිනා තාක් මරණය පැමිණ නැත. එය පැමිණෙද්දී අපි තව දුරටත් ජීවත් වී නොසිටිමු.”

ඔහු ඉතා වේදනා සහගත රෝගයක් වැළඳී එහෙත් උදාර හා නිර්භීත ලෙසින් අවසන් කාලය ගෙවා මිය ගියේය.

මේ ඔහු කියුවා යැයි සැලකෙන දාර්ශනික කියමන් කිහිපයක්. ඔහුගේ දර්ශනය ගැන දැනගන්නේ අනෙක් අය තැබූ සටහන් වලිනි.

“බහුතරයක් කැමති ලෙසින් කටයුතු කරන්නට මම කිසි විටෙක ප්‍රාර්ථනා කර නැත්තෙමි. මන්ද මා දන්නා දේට ඔවුන් ප්‍රසාදය පළ කරන්නේ නැති නිසාය, ඔවුන් ප්‍රසාදය පළ කරන්න මා නොදන්නා නිසාය.”

“ලැබී නැති දෙයකට ආශා කරමින් ඔබට ලැබී තිබෙන දැය නරක් කරගන්න එපා; දැනටමත් ඔබ සතු දේ ඔබ එක් අවස්ථාවක දී බලාපොරොත්තු වූවක් බව මතක් කරගන්න.”

“ප්‍රඥාවන්තයාගේ අභාග්‍යය මෝඩයාගේ සමෘද්ධියට වඩා අගනේ ය.”

“යුක්තිය යනු හිරිහැර කරන්න එපා සහ හිරිහැර ලැබෙන්න එපා යන දෙකේම සම්මුතියකි.”

මා ගිය ෆෙයාර්ෆැක්ස් වර්ජිනීයාවේ එපිකියුර් කැෆේ පවත්වා ගෙන යන්නේ පර්සියන් සම්භවයෙන් යුතු අයයි. එය සුළු ආසන ප්‍රමාණයකින් යුතු අවන්හලකි.

මධ්‍යධරණී සම්භවයෙන් යුතු රසම රස විදේශයන් වලින් ගෙනෙන (exotic) ආහාර පිළිගැන්වෙන තැනකි. :D

බිත්ති සරසන්නට එල්ලා ඇති චිත්‍ර මිල දී ගත හැකියි. සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රියේ දී පමණක් සජීවී සංගීතය සැපයේ. හිටිවන කවි කියනා අයට ද ඉඩක් ලැබෙන බව දැනගන්නට ලැබිණ.

DSCN0211 DSCN0213

About these ads

10 Responses

Subscribe to comments with RSS.

  1. දුකා said, on මාර්තු 18, 2013 at 8:24 පෙ.ව.

    නොදැනුවත්වම මමත් මේ එපිකියුරියන්වාදයට අනුව ජීවත් වෙච්චි එකෙක් නේ අප්පා . . .

    නියම ලිපියක් . . .

    හැමදාම වගේ කියවලා සෑහන තරමක් කල්පනා කරන්නත් සෑහෙන තරම් වෙනස් වෙන්නත් ඉගෙන ගන්න යමක් තියෙන ලිපියක් . .

    ස්තූතියි අරුණි අක්කේ . .

    • arunishapiro said, on මාර්තු 18, 2013 at 8:40 පෙ.ව.

      දුකා මල්ලී,

      මම විදේශයන් වලින් එන exotic කෑම කන්න කැමති නිසා රෝමානුවන් වැරදියට පරිවර්තනය කරපු එපිකියුරියන්වාදියෙක්!!!!!

  2. Gold fish said, on මාර්තු 18, 2013 at 10:03 පෙ.ව.

    කෑම නම් රස පාටයි…

    • arunishapiro said, on මාර්තු 18, 2013 at 11:25 පෙ.ව.

      Gold fish,

      කෑම රහයි. සේවයත් ඉහළයි. පින්තූර ගන්නදැයි අහලා ගත්තෙ. වේටර් කෙල්ල පිටත් වෙලා යද්දී ඇහැව්වා අපි හොඳයි කියලා නේද කියන්නෙ කියලත්!!!

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 18, 2013 at 10:48 පෙ.ව.

    නිව් යෝර්ක් වල ඉන්න එකේ වාසිය තමයි ඕනෑම රටක කෑම කන්න පුළුවන්. හැබැයි චීනා විතරයි උන්ගෙම කෑම අපිට දෙන්නේ නැත්තේ චීනා චීන කෑම යන යන පළාතට ගැලපෙන්න ලාබෙට දෙන්න පුළුවන් විදියට මොඩිෆයි කරලා ඒවාට චයිනිස් නම් දානවා. බලන්න ඕනෑම චීන රෙස්ටුරන්ට් එකක වැඩකරන අය වෙනම ඒ අයගේ විදියට කනවා අපිට දෙන්නේ චීන කෑම කියල වෙනම දෙයක්.
    මේක බැලුවම බඩගිනි උනා තුච්ච අසාවක්ද?

    • arunishapiro said, on මාර්තු 18, 2013 at 11:32 පෙ.ව.

      Uditha,

      ඔව් හැම පැත්තකින් ම ඇවිත් නැවතිච්ච අය ඉන්න නිසා අව්‍යාජ exotic ආහාර නිව් යෝර්ක් වල!!! ලබන මාසේ එන්න හිතාගෙන ඉන්නෙ. කෑම රස බලන්නම නෙමෙයි, ඒත් ඒකත් අතුරු වාසියක්!!!

      චීන අය එයාලගෙ විදියට දුන්නොත් අපි කයි ද කියන එකත් විශ්වාස නැහැ.

      ඔව් විදේශීය ආහාර තුච්ඡ ආශාවක් හැටියට තමා එපිකියුරස් සලකන්නෙ. හැබැයි ඇලී ගැලී ඇබ්බැහි වෙන්නෙ නැත්නම් (obsessive) ඒක කමක් නැහැල්ලු. :)

  4. Chandi said, on මාර්තු 20, 2013 at 5:17 පෙ.ව.

    මටත් ඔය තුච්ච ආසාව කෑමවලට නම් තියෙන්වා. ඇඳුම් පැළදුම් වලට නම් නැත. එක එක රටවල කෑම වෙනස් නිසා රස විඳින්න ආසයි.

  5. ravi said, on මාර්තු 20, 2013 at 7:05 පෙ.ව.

    එපිකියුරස් ගැන මම දැනගත්තෙ හරිම අහඹු විදිහකට.මට මතක විදිහට ( මේ ගැන තොරතුරක් හොයාගන්න උත්සාහ කලා අන්තර් ජාලෙ, ඒත් හරිගියේ නෑ ) 1998 විතර චන්ද්‍රිකා බ. කු. ජනාධිපතිනිය සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පැවරුවා සන්ඩේ ටයිම්ස් කර්තෘ සිංහ රත්නතුංගට විරුද්ධව.හේතුව ටයිම්ස් එකේ පලවුනු ලිපියක මෙහෙම තිබ්බය කියල. මේ වචනම නොවෙන්න පුලුවන්. ඒත් මේ වගෙ දෙයක් තමයි ඒකෙන් කියවුනේ.

    Until the wee hours of the breaking dawn she was there wining and dining catering to and fulfilling her epicurean tastes………..

    තනිකරම නඩුව ගියේ ” එපිකියුරියන් ” කියන වචනෙ මත.චන්ද්‍රිකාගෙ ලෝයර්ස්ල තර්ක කලේ ඒ වචනෙං ජනාධිපතිනියගෙ කීර්ති නාමයට බොහොම බරපතල කැළලක් උනාය කියල. ටයිම්ස් පත්තරේ වෙනුවෙන් පෙනී හිටපු නීතීඥයො තර්ක කලා ඒ වචනෙං කිසිම අපහාසයක් වෙන්නෙ නැහැකියල. කොහොම හරි මට මතක විදිහට දර්ශන වාදය ගැන පොත් වගේම ප්‍රසිද්ධ ශබ්දකෝෂත් නඩුවට අදාල භාණ්ඩ විදිහට උසාවියට ඉදිරිපත් කෙරුණා.නඩුවෙ තීන්දුවෙන් මට මතක විදිහට සිංහ රත්නතුංගට සිර දඬුවමක් නියම උනා. අභියාචනයෙන් එයා නිදහස් උනයි කියලත් මතකයි.

    • arunishapiro said, on මාර්තු 20, 2013 at 9:45 පෙ.ව.

      ravi,

      ලංකාවේ නීති බලයේ ඉන්නා අයට ඕනෑ විදියටනෙ හැමදාම ක්‍රියාත්මක වුනේ. ඔය කතාව මම අහලා තිබුනේ නැහැ.

      මේ දවස්වල පූටින් ගේ රටේ ද දැඩි අපහාස නීතියක් තියෙනවා. දැනට ලෝකයේ නිදහස් ප්‍රකාශණය නීතියෙන් ආරක්ෂා වෙලා තියෙන එකම රට ඇමෙරිකාව. ඒකත් වෙනස් කරන්න දේශප්‍රේමී පනතක් ගෙනැල්ලා බුෂ් මුලින් ම, ඊට පස්සෙ ඒක අහෝසි කරනවා කියල චන්ද පොරොන්දු දුන්නට එහෙම නොකරපු ඔබාමා බෙන්ගාසි තානාපති මරණයේ දී හිමිහිට උත්සාහයක් කරලා දැඩි ජනතා අප්‍රසාදයට ලක් වුවා. ඇමෙරිකාවට බනින ගොඩ දෙනෙක් දකින්නෙ නැත්තෙ ඇමෙරිකාවේ ව්‍යවස්ථාව විසින් කොච්චර නිදහසක් ලෝකයේ හැම දෙනා වෙනුවෙන් ආරක්ෂා කරලා දෙනවා ද කියන එක. රුසියාවේ වගේ ව්‍යවස්ථාවක් ඇමෙරිකාවට තිබ්බා නම් මෙළහකට මුළු ලෝකයම ඇමෙරිකාවේ වහල් සේවකයන් වෙනවා කියල දකින්න බැරි නිසා ඇමෙරිකාවට පලු යන්න බනින්න අයිතිය දීලා ඒ බැනුම් අහමින් බනින්න අයිතියත් ආරක්ෂා කර දෙනවා කියන එක දකින්නෙ නැහැ!!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 226 other followers

%d bloggers like this: