අරුණි ශපීරෝ‍ වෙතින්

දර්ශනය හා මනෝවිද්‍යාව

විෂයමූලිකවාදය

අයින් රෑන්ඩ් ඉදිරිපත් කළ විෂයමූලිකවාදය අද ඇමෙරිකාවෙහි නව පිබිදීමකින් හා ජනප්‍රියතාවයක් ලබා ගනිමින් නව සිසු පිරිසක් ද එකතු වෙන දර්ශනයකි. කුමක් ද මේ විෂයමූලිකවාදය?

අයින් රෑන්ඩ්ගේ වදන් වලින්ම මෙසේ එය සඳහන් කළ හැකිය.

විෂයමූලික නියතයක් ලෙසින් යථාර්ථය පවතී. කරුණු පිළිබඳව වූ සත්‍යය මනුෂ්‍යයාගේ හැඟීමි, ප්‍රාර්ථනා, බලාපොරොත්තු හෝ භය නිසා වෙනස් නොවෙයි. යථාර්ථය අවබෝධයට මනුෂ්‍යයාට පිහිට වන්නේ එකම ඥානයක් පමණි. එනම් තර්කානුකූල ක්‍රමවේද ඥානයයි. සියළු ඉන්ද්‍රියයන් මඟින් ලබා ගන්නා තොරතුරු තර්කානුකූල ක්‍රමවේදය උපයෝගී කරගෙන මනුෂ්‍යයා යථාර්ථය කුමක්දැයි හඳුනා ගනී. ඔහුගේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකයා වන්නේ මෙම ප්‍රත්‍යක්ෂ දැනුම වෙයි. එසේම මනුෂ්‍යයාගේ පැවැත්ම රඳා පවතින්නේ ද මෙම දැනුම මතයි.

නියතයක් යනු කුමක් ද? යථාර්ථය නියතයකි. පැවැත්ම නියතයකි. දුහුවිලි අංශුවක් නියතයකි. එසේම මනුෂ්‍ය ජීවිතය ද නියතයකි. ඔබ ජීවත් වන්නේ ද මරණයට පත් වන්නේ ද යන්න නියතයකි. ඔබ පාන් කැබැල්ලක් කන්නේ ද නැතහොත් එය ඔබෙන් උදුරා ගත් අයෙකුගේ කුස පුරවන්නට ගියේ  ද යන්න නියතයකි.

ඥානය යනු මනසින් අවධාරණය කර ගැනීමට හැකි ප්‍රත්‍යක්ෂ ඥානයකි. නිරීක්ෂණයෙන් අවබෝධ වන හෝ නිරීක්ෂණයෙන් ලැබෙන දත්ත වලින් උකහා ගන්නා තර්කානුකූල ක්‍රමවේදයෙන් ඇති වන්නේ ඥානයයි.

මනුෂ්‍යයා යනු ඔහුගේම අන්තය වෙයි. වෙනත් අය වෙනුවෙන් මනුෂ්‍යයා ජීවත් නොවන්නෙකි. මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ තමන්ගේම සුවසෙත සඳහාය. මනුෂ්‍යයා අනුන් වෙනුවෙන් බිල්ලක් නොවනවා සේම අනුන්ව බිල්ලකට ද නොගත යුතුය. තමන්ගේම වූ ස්ව-යථාර්ථවාදී උවමනාවන් හා තමන්ගේම සතුට සෙවීම මනුෂ්‍යයාගේ ආචාර ධාර්මික වූ විෂයමූලික අරමුණ වන්නේය.

සතුට යනු සාර්ථක වූ ජීවිත තත්වයකි. වේදනාව යනු මරණයේ ඒජන්තවරයෙකි. තමන්ගේ අගයන් මුදුන් පමුණුවා ගැනීම නිසා ඇතිවන සවිඥානය නොහොත් සචේතනික වූ ඥානය සතුට ඇති කරයි. සතුට යටපත් කිරීමට හෝ සතුට අත්හරින්නට යයි කියා දෙන න්‍යයායන් අචාර ධර්ම යන සංකල්පය නිෂේධනය කරති. අනුන් වෙනුවෙන් තම සතුට බිල්ලට දෙන්න යයි කියා දෙන ධර්මයන් ඔබගේ ප්‍රමිතිය කරවන්නේ මරණය යන සංකල්පයයි.

ජීවිතය හෝ සතුට ලබාගන්නට අඥාන වූ හුදු හිතුමතය නිසා කරන ක්‍රියා වලින් නොහැකිය. ස්වභාව ධර්මයා මනුෂ්‍යයාට ජීවත් වන්නට ඉඩ සලසා ඇත්තේ යම් ආකාරයකට ජීවත් වුනොත් පමණි. ඊට අනුකූල නොවී මනුෂ්‍යයාට ජීවත් වන්නට බැරිය. ස්වභාව ධර්මයේ නීති රීතීන්ට පිටතින් ජීවත් වන්නට යත්න දරන්නෝ සිටිති. ඔවුන් වැඩිකල් ජීවත් නොවන්නාක් මෙන්ම ස්ව-ආචාර ධර්මයන්ට අනුකූල නොවන සතුට සොයන්නට යන මනුෂ්‍යයාට ද සත්‍යය වූ සතුට ළගා නොවේ. නිසි ආචාර ධර්ම කියා දෙන්නේ මනුෂ්‍යයාට දුක් පීඩා විඳ මරණයට පත් වීමට නොව සතුටින් ජීවත් වීමටය.

විෂයමූලිකවාදයේ දේශපාලන ආර්ථික පද්ධතිය වන්නේ නිදහස් වෙළඳපොලය. එහි දී මනුෂ්‍යයා තවත් අයෙක් හා ගණුදෙනු කරන්නේ අපරාධයට ලක් වූ අය හෝ වධකයා ලෙසින් නොවෙයි. අයිතිකරැවන් හෝ වහල් වූවන් ලෙසින් නොවෙයි. නමුත් නිදහස් වෙළෙඳපොලේ සිය කැමැත්තෙන් ඔවුනොවුන්ගේ අභිමතයන් සපුරා ගන්නට ගණුදෙනු කරන අය ලෙසයි. මෙවැනි පද්ධතියක කිසිම මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුගෙන් බලහත්කාරයෙන් ශරීර ශක්ති බලය යොදා අගයන් ලබා නොගනී. එවැනි සමාජයක ශාරීරක දඬුවම් ලැබෙන්නේ ශාරීරික අතවර මුලින් කරන අයටය. අපරාධකරුවන් ‍හෝ විදේශික ආක්‍රමණිකයන්ටය. සර්ව සම්පූර්ණ වූ නිදහස් ආර්ථිකයක (එවැන්නක් ලොව නැත) රජය හා ආර්ථිකය කිසිම සබැඳියාවකින් තොර වන්නේය. රජය හා ආගමික ආයතනයන් ද කිසිම සබැඳියාවකින් තොර වන්නේ කුමන හේතූන් නිසා ද අන්න ඒ හේතූන් නිසාම රජය හා ආර්ථිකය වෙන් වී සිටිය යුතුය.

1962 ටයිම්ස් මිරර් පත්‍රය අයින් රෑන්ඩ් හා කළ සාකච්ඡාවක කොටසකින් මෙම අනුවාදය ඔබ වෙතට.

 

දර්ශනය හා මනෝවිද්‍යාව ගැන කතා කරන්න ‍බිලෝග් එකෙන් ඉඩක් හොයා ගත්ත. පුතිචාර කොහොමද බලමු. ලියන්න ලියන්න කියලා ඉල්ලන අය කියවන්න එයිද දන්නේ නැහැ. සමහර විට නව පාඨකයෝ එකතු වෙයි නේද?

මම අරුණි ශපීරෝ. ඉගෙන ගත්තෙ ලංකා‍ෙවි. දැන් පදිංචිය ඇ‍ෙමරිකා‍ෙවි. රටවල් දෙකක උගන්නලා, පොත් ලියලා දැන් බ්ලොග් වලට අත දාන්න බලන්නෙ. දන්න දෙයක් බෙදා ගනිමු.

ධනාත්මක චින්තනය ගැන ලියවුන කතා පළ කරන්නත් අදහසක් තියෙනවා.

බලන්නට ආවට ස්තූතියි.‍

13 Responses

Subscribe to comments with RSS.

  1. ඩබ්.එම්.ඩී.ප්‍රභාශ්වර said, on නොවැම්බර් 10, 2009 at 6:46 පෙ.ව.

    ඔ‍බේ ලිපියේ හරය අර්ථය කියවපු අයගෙන් කීදෙනෙක් ගත්තද කියන්න සැකයි.හේතුව මනෝවිද්‍යාවේ ඇති අපප්‍රසිද්ධ බව.කියවන අයත් මෙහි ඇති සාමාන්‍ය භාවිතයෙන් තොර වචන නිසා අපහසුතාවයට පත්වනවා.මමත් මනෝවිද්‍යාව ටිකක් හදාරපු හුගක් ඇලුම් කරන අයෙක්.ඔබේ දැනුමෙන් මා පෝශනය වීම හා මගේ අදහස් දැනගැනීම ඔබට අපහසුතාවක් නොවනු ඇතැයි මා සිතනවා.මට ඔබට ක්ෂනිකව ප්‍රතිචාර දැක්වීමට නොහැකියි හේතුව මා අන්තර්ජාලයේ සැරිසරන්නේ internet cafe එකකින් වීමයි.ඔබේ මේ මහගු කාර්යයට මාගේ සුභපැතුම්.

  2. Buru said, on දෙසැම්බර් 4, 2009 at 3:40 ප.ව.

    මටනම් ටිකක් සැර වැඩි වගේ. මෙයිට වඩා සරලව ලියන්න පුළුවන් නම් මම ගොඩාක්ම කැමතියි.

  3. KHAP Dayaratne said, on දෙසැම්බර් 26, 2009 at 1:58 පෙ.ව.

    දාර්ශණික කරුනු බ්ලොග් හරහා සාකච්ඡා කිරීමට ඔබ ගත් උත්සාහය සහ අයින් රෑන්ඩ් හදුන්වා දීම ඉතා අගය කරමි. නිශ්චිත දාර්ශණික කරුනක් අරභයා ඔබගේ අදහස ඉදිරිපත් කලේ නම් ප්්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීමට මීට වඩා හොද ඉඩක් විවර වීමට ඉඩ තිබුනි.
    විෂය මූලික නියතයක් ලෙස යථාර්ථය පවතී යන්න අරුම ප්‍රකාශයක් නොව එය සියළු භෞතික වාදයන් ගේ මූලික හරයයි. ප්‍රත්‍යකෂය හා ඥාණය සම්බන්දවද සම්භාව්‍ය අර්ථයෙන් අයින් රෑන්ඩ් වෙනස් වී ඇති බවක් නොපෙනේ (Refer philosophy of David Hume). ආර්ථික හා දේශපාලන කරුනු සම්බන්දව මීට වඩා පලල්ව සාකච්ඡා කල යුතුව තිබේ.
    ඔබගේ ලිපිය අන් අයට නොවැටහීම සැලකිය යුතු කරුනක් නොවන්නේ දාර්ශණය යනු පාරිභාෂිත පද වලින් තොරව හැදෑරිය හැකි විෂයක් නොවන බැවිනි.

    • ගමයා said, on සැප්තැම්බර් 13, 2011 at 2:15 ප.ව.

      පිළිතුරු දී ඇති, නිශේධනය කර ඇති කරුණු නැවත නැවතත් උපුටා දක්වන්නේ කිමදැයි නොවටහේ. වඩ් විස්තර සඳහා kalya.org වෙත පිවිසෙන්න.

  4. luckmini said, on මැයි 15, 2010 at 9:04 ප.ව.

    excellent writing, I like to read a lot , So much infomation from your letters. I live in USA maryland, Do you like mahamvnawa? We do have a sill event every month in the amarican univecity .

    Thanks

  5. අසංක said, on සැප්තැම්බර් 11, 2010 at 5:59 පෙ.ව.

    ධනාත්මක චින්තනය ගැන ලියවුන කතා පළ කරන්නත් අදහසක් තියෙනවා…..

    ඔබතුමිය මේ වීශය ගැන ලිපියක් පල කරනකම් අපි බලන් ඉන්නවා……

  6. අසංක said, on සැප්තැම්බර් 11, 2010 at 8:41 පෙ.ව.

    ඔබතුමියගේ ලිපි හරවත් බවින් මෙන්ම රසවත් බවින්ද යුතුයි…………… දිගටම මේ ලිපි ,පෙල සමගින් රැදි සිටිමට බලපොරොත්තු වෙනවා…….

  7. mahesh said, on ජූලි 14, 2011 at 3:06 ප.ව.

    i like it i am very interesting this field write more and if u can let me know more blogs about psychology

  8. vajira kantha said, on ජනවාරි 31, 2012 at 4:58 පෙ.ව.

    lankawata me kaleta ona phylosophy ekak eka hadaganna oyage lipi wedagath wey thawa liyanna sinhalen suba pathum///////…../////.

  9. සිතේ තිබෙන විඳීමේ ස්වභාවය කෙතෙක් සියුම් කළත් සමූපූර්ණයෙන්ම අහෝසිකර දැමිය නොහැකිය. එය නැතිකර දැමිය හැක්කේ විදර්ශනා භාවනාව වැඩීමෙන් පමණි.කෙතෙක් සමාධිය වැඩුවද සිතේ විඳීමේ ස්වභාවය සියුම්වීම හැරෙන්නට සිතේ විඳීමේ ස්වභාවය නැතිකර දැමිය නොහැකිය.විදර්ශනාවේදී අරමුණු කරනුයේ ප්‍රඥාව හා බුද්ධියයි.එළඹ සිටි සිහි නුවණින් යුතුව මානව සැකසුමේ මනෝකායික ස්වරූපය පිලිබඳ සිහි නුවණින් විශ්ලේෂණය කිරීමේදී ( විදර්ශනා භාවනාවේදී සප්ත විශුද්ධිය වැඩීමේදී සිදුවන ක්‍රියාවලිය මෙයයි) අනුක්‍රමිකව සිතේ විඳීමේ ශක්තිය සිඳී යයි.එවිට සසර භවය පුරා යළි යළි උපත සිදුවන ස්වභාවය නැතිව යයි.යළී උපතක් ලැබීමට හේතුවනුයේ සාසව ධර්මයි.සාසව ධර්ම යනු සිතේ විඳීමේ ස්වභාවයයි.කර්ම විපාක ලබා දීමට හේතුවද මෙසේ සිතේ ඇති සාසව ධර්මයි.හෙවත් විඳමේ ස්වභාවයයි.මේ විඳීමේ ස්වභාවය ඉවත්කළවිට විපාක ගෙන දීමේ ස්වභාවය නැතිව යයි.එවිට ක්‍රියාවලට විපාක ගෙනදීමේ හැකියාවක් නැත.එබඳු සිතකින් සිදුකරන ක්‍රියා හුදෙක් ක්‍රියා ලෙසම පමණක් හැඳින්වේ.රහතන්වහන්සේලාගේ චර්යා සියල්ල ක්‍රියා පමණක් වනුයේ එනිසාය.පටිච්චපමුප්පාද ධර්මය නම් උදයව්‍යය බැලීමයි. මෙය සප්ත විශුද්ධියට අයත් මග්ගාමග්ගඥාණ විශුද්ධි සම්පාදනයේදී සිදුකරනු ලැබේ.රේරුකානේ චන්දවිමල හිමි ගේ විදර්ශනා භාවනා ක්‍රමය නම් පොත කියවා බලන්න.මම නම් මේ දැනුම ලබා ගත්තේ මේ කියවීමෙන් පමණක් නොවේ. මගේ ආචාර්ය උපාධියට ලිවූ නිබන්ධනයේ මාතෘකාව ත්‍රිපිටකය ඇසුරින් හෙළීවන සංජානන පිළිබඳ විචාරපූර්වක අධ්‍යයනයක් යන්නයි.එහිදී ධ්‍යාන හා මාර්ගඵල අවබෝධය සිදුවන ආකාරය පිළිබඳ ත්‍රිපිටක ධර්මය හා නූතන මනෝවිද්‍යා ගුරුකුල ආශ්‍රිතව මා විසින් ඉතා ගැඹුරු පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකරනු ලැබුවා. අවශ්‍ය නම් විස්තර තවත් පසුව ලියන්නමි. මම දැනුම හුවමාරු කරගන්න බෙදා හදා ගෙන අළුතින් යමක් ඉගෙන ගන්න හරීම ආසයි. ඒ විතරක් නෙවෙයි මම ප්‍රායෝගිකව විදර්ශනා භාවනා ක්‍රම ප්‍රගුණ කරලත් තියෙනවා.තවමත් එහි යෙදී ඉන්නවා.ඊට වඩා නම් ඒ ගැන අහන්න එපා.මම මගේ චිත්ත දියුණුව ගැන මෙහෙම අන්තර්ජාලයෙන් කතාකරන එක සදාචාරාත්මක නැහැ.මොකද ඒක පෞද්ගලික දෙයක් නිසා.පෞද්ගලික කරුණකට ධර්මයෙහි හරය බැර කරන්න හොඳ නැහැ ඒකයි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 134 other followers