අරුණි ශපීරෝ‍ වෙතින්

අනිත් රටවල ආහාර හිඟය
අන්තර්ජාතික පාසැලක ගුරුවරයක් ළමයි වෙත ප්‍රශ්නයක් යොමු කරයි,

“අනිත් රටවල ආහාර හිඟය ගැන ඔබේ මතය කුමක් ද?”

අප්‍රිකානු ශිෂ්‍යයෙක්, “මොනවා ද ආහාර කියන්නෙ?”

යුරෝපීය ශිෂ්‍යයෙක්, “මොකක් ද හිඟය කියන්නෙ?”

ඇමෙරිකන් ශිෂ්‍යයෙක්, “මොනවා ද ‘අනිත් රටවල්’ කියන්නෙ?“

චීන ශිෂ්‍යයෙක්, “මොකක් ද ‘මගේ මතය’ කියන්නෙ?”

උපුටාගන්නේ fatpita.net වලිනි.

හාස්‍ය දනවන්නේ විහිළුවක කුමන හෝ සත්‍යය ගැබ් වූ කොනක් ඇත්නම් ය. ඉහත විකට උත්සාහයේ ඇත්තේ සත්‍යයක පදනම් වී එයින් ගලා යන විහිළුවයි. ඒත් සමහර විට විහිළුවෙන් ඇස් රතු වෙන්නේ සමහරු විහිළුව සත්‍යයක් යැයි සිතන්නට ගිහින් හාස්‍ය රසවිඳින්නේ නැති නිසා ය!!!!

ඇමෙරිකන් සිනමාව තුල කිසිවෙක් නොදන්නා රටක් ගැන කියන්නට උවමනා වූවා ම ලංකාවේ නම කියන්නට පටන් ගත්තේ Die Hard (1988) චිත්‍රපටියෙනි. සවුත්පාර්ක් විකට කාටූන් වැඩසටහනේ දී “The Mexican Staring Frog of Southern Sri Lanka” ගැන ද එම වසරේ දී ම සඳහන් වුණි. Burn Notice, House M.D., Castle වැනි ජනප්‍රිය රූපවාහිනි ටෙලිනාට්‍ය තුල ද ශ්‍රී ලංකාව එසේ නිරූපනය වෙයි. Children of Men (2006) නමින් වූ බ්‍රිතාන්‍ය-ඇමෙරිකන් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියේ මුල් ජවනිකාවක අම්මා කෙනෙක් පුතා සොයාදෙන්න යැයි සිංහලෙන් කියමින් හඬා වැලපෙන හැටි දැකිය හැකිය. Hanna (2011) යුරෝපීය-ඇමෙරිකන් චිත්‍රපටියේ ඉංග්‍රීසි කතා කරන්නට බැරි වුනත් කමක් නැහැ ඇමෙරිකාවේ වුනත් ජනප්‍රිය ගායකයෙක් වෙන්න ශ්‍රී ලංකාවෙන් ආපු M.I.A.ට හැකි වූවා යැයි සඳහනක් වෙයි. මේ මා නරඹා ඇති ඒවාය. මා නොදැකි හා ඉදිරියට තවත් කොපමණ කාලයක් දැන් හැමෝම දන්නා රටක් එසේ කවුරුත් නොදන්නා රටක් සේ පිළිබිඹු කරන්නට සිනමාකරුවන් පෙළඹෙනු ඇත් ද?!!!

අද හැඳින්වීම: ගෝලීයකරණය (gloabalization)

දේශපාලනයට අද ඇති මහත් අභියෝගය නම් දේශපාලනඥයන් කැමති වුවත් නැති වුවත් ලෝක ජනතාව වඩාත් ඉක්මණින් එකිනෙකා හා සබඳතාවයන් ඇති කර ගැනීමයි.

ගෝලීයකරණයට ඉතිහාසයේ පටන් ඕලන්ද, පෘතුගීසි, ප්‍රංශ, ඉතාලි, ඉංග්‍රීසි යනාදීන් යොමු වූහ. ජපනුන්, රුසියානුවන් හා ජර්මානුවන් ගෝලීයකරණයට ගියේ නැත. ඔවුන් රටවල් තුලට බලහත්කාරයෙන් ඇතුල් වී විරුද්ධවාදීන් දහස් ගණනින් මරා දමා රටේ සම්පත් සූරා කෑහ!!! ඇමෙරිකන්කාරයා රටක් අල්ලා ගත්තේ නැත. එහෙත් අන්තර්ජාලය සහ සමාජ සබඳතා අඩවි වලින් ගෝලීයකරණයට ඔවුන් ඉතිහාසයේ අනික් හැම උත්සාහයකට වඩා සාර්ථක වෙයි. මන්ද, එය රටක පාලකයන් විසින් නොව රට රටවල සාමාජිකයන් විසින් සිය කැමැත්තෙන් කරනා ගණුදෙනු වලින් පිරි වූ නිසා ය.

එයින් අහක් වී සිටිය හැකිය. එහෙත් ගෝලීයකරණය නැවතීමට නොහැකිය.

ලෝක ජනගහණයට ආහාර සැපයුම
ලෝක ජනගහණය වැඩිවෙලා, සත්තු වර්ගයන් වඳ වී යනවා, බිලියනක ජනතාවක් යාන්තමින් කුසගිනි පියවාගන්නේ යන වදන් ඇහෙනා විට ඒවා කියනා අය මානව, පරිසර, සත්ව හිතවාදී වූවන් යැයි දැඩි ලෙන්ගතුකමක් තමයි සිතට දැනෙන්නෙ. ඒත් මේ අයගේ ඇජෙන්ඩාව මොකක් ද? කියා සිතා ඒ ගැන සොයා බලන්න පටන් ගත්ත දාට තමයි ඇත්ත ඇති සැටියෙන් පේන්න පටන් ගන්නෙ.

පසුගිය ගිම්හානයේ ඩෙලවෙයාර්හි රෙහොබොත් නැමති වෙරළාසන්න නගරයේ ප්‍රාන්ත කිහිපයක ප්‍රාන්ත ආණ්ඩුවල නිලධාරීන් හමුවක් පැවතුණා. ඊට නොයෙක් ක්ෂේත්‍ර වල ඉන්නා අය ගෙන්වා දේශන පැවැත්වූවා. මෙහි දී දේශනයක් පවත්වන්න ආපු පෝල් ශපීරෝ (නෑදැයෙක් නෙමෙයි දන්න තරමින්) ඇමෙරිකාවේ සත්ව හිතවාදය වෙනුවෙන් කැප වූ ජාතික සංවිධානයේ නියෝජිතයෙක්.

කළින් කිව්වනෙ ඩෙලවෙයාර් වල කර්මාන්ත කුකුල් වගාව ප්‍රධාන ආදායම් මාර්ගයක් කියල. අද ඇමෙරිකාවේ ගෙවතු කුකුල් වගාව ජනප්‍රිය වීගෙන යනවා. තමන්ගෙ වත්තෙ කුකුලෙක් දෙන්නෙක් දාගෙන බිත්තර වලට වැඩියෙන් හා ඉඳහිටක මස් පිණිස ඇති කිරීම. පෝල් ශපීරෝ ඉතා දක්ෂ කථිකයෙක්, මම දන්න ශපීරෝලා ගොඩක් එහෙමයි!! අනික තැනේ හැටියට සටන්කාමීත්වය අඩු වැඩි කරලා කතා කරන්නත් දන්න අයෙක්.

තමන්ගෙ වත්තෙ කොටු කරන්නෙ නැතිව නිදහසේ ඇවිදින කුකුල්ලු හදාගනිද්දි හැමදාම බිත්තරයක් දෙන ‘හෙන්රියෙටා’ කිකිළියට කොතරම් ආදරයක් ලැබෙනවා දැයි ඔහු කියද්දි අහගෙන ඉන්න අයට අමතක වෙන්නෙ රෑට වත්තට ඇවිත් ‘හෙන්රියෙටාව’ මරලා කන නරි නාම්බා ගැන. කුකුලන් රොත්තක් එළිමහනකට දැම්මොත් උන් වහාම පියස්සක් අස්සට දුවන්නෙ. ගස්වල අතුවලින් මුවා වෙලා තමයි පනුවෝ ඇහිඳින්නෙ. ඒ සහජ වූ ජානුගත ස්ව ආරක්ෂාවට. අහසේ පියාසර කරන රාජාලියන්, උකුස්සන් වෙතින් බේරෙන්න.

ඇඩම් ස්මිත්ගේ භාෂාවෙන් කිව්වොත් කර්මාන්තකරණය නිසා ශ්‍රමයෙන් පොඩ්ඩක් වෙහෙසලා විශාල වැඩ ප්‍රමාණයක් නිම කරන්න අද ඉඩක් ලැබෙනවා. ඒ තේ බිබී අල්ලාප සල්ලාපයේ යෙදී වැඩ නොකරන අයට නෙමෙයි. ලංකාවේ අය පිටරට ගියාම පරණ යාළුවෝ සේරම එක්ක මුහුණුපොතෙන්, ස්කයිප් වලින් කතා බහට ඉඩ තියෙනවා. ඒත් ලංකාවේ ඉන්දැද්දී ඒ අයව අල්ලා ගන්න හරි අමාරුයි. මොනවට ද ඔබේ කාලය වැඩියෙන් ම ගෙවෙන්නෙ? ඵලක් ඇති වැඩක් කරන්න ද? නැත්නම් සම්ප්‍රලාප වලට ද?

මිනිසා බිත්තර සඳහා කුකුලෙක්, මස් වලට ඌරෙක්, තමන්ගෙ පරිහරණයට එළවළු පළතුරු වවපු නොයෙක් කාලයන් ලෝකේ තිබ්බා. ඉතිහාසයෙන් පෙනෙන්නෙ ඒ වෑයම් වල දී ස්වභාවික උපද්‍රව නිසා, ආණ්ඩු පිළිවෙත් නිසා රටවල් පිටින් ජනතාව සාගතයෙන් වූ බව.

1315-17 යුරෝපීය මහා සාගතය පෙන්වන්නේ පුංචි ළූණු ගෙඩි දෙකක් ගන්න දවසෙන් බාගයක් වැඩ කරන්න වෙච්ච හැටි!! 2006-8 කාලයේ ද ලෝකයේ යුරෝපීය මහා සාගතය කාලයේ දී මෙන් තිරිඟු හිඟයක් පැවතියා. ඒත් 1315 දී වගේ බඩගින්නේ හිටිය අය ගැන අහන්න ලැබුනේ නැහැ. (අද සාගත ඇති රටවල් ගැන වෙනම සටහනක් මඟ එනවා.)

2006-8 දී තිරිඟු නිෂ්පාදන වලින් ආහාර සපයන කර්මාන්ත බොහොමයක් මුලින් ම තමන් විසින් පාඩු විඳගෙන මිල ඉහළ දැම්මෙ නැහැ. මොකද මුලින් ම මිල ඉහළ දාන කෙනාගෙ බඩු ගන්න අයෙක් නැතිවෙන නිසා. ඒ මිල පාලනයක් නැති රටවල එකිනෙකා හා තරඟයෙන් මිල තීරණය වෙද්දී!!! ඊ ළඟට ඔවුන් කරන්නෙ නිෂ්පාදන වැය අඩු කරගන්න වෙනත් අංශ දිහා බැලීම. අවසානයේ දී තමයි මිල ඉහළ යන්නෙ. ඒ නිසා 2008 දී තිරිඟු හිඟයෙන් ගොඩ එද්දී මිල ඉහළ යෑම අවම කරගෙන පාරිභෝගිකයාව භාණ්ඩය පරිහරණයේ තබාගන්න ඔවුන්ට හැකිවෙනවා. තවත් විදියකින් කිව්වොත් පාරිභෝගිකයා හාමතේ හිටියේ නැහැ!!!

අද එක් අයෙකුට ලැබෙන ආහාර සියල්ල වවන්නට, අසුරන්නට, බෙදා හරින්නට එක් අයෙකුට බැහැ. ඒවා බොහෝ පිරිසක් අතින් නිමවෙලා තමයි එක් අයකුගේ පරිහරණයට එන්නෙ. ලංකාවේ අයත් කන්නෙ බොන්නෙ රටේ විතරක් නෙමෙයි පිටරටින් ද ගෙන්වන ඒවා. ලංකාවේ විතරක් නෙමෙයි මේ පැති වලත් “පළාතේ වවලා පළාතේ කන්න” කියන අය බොහොමයක්. ඔවුන්ට අමතක වෙන කාරණය තමයි එදා වගේ සීමිත ආහාර වට්ටෝරුවක අපි හිරවෙලා නැති බව.

ඩෙලවෙයාර් වල කිතුල් හකුරු නැහැ. ඒත් සෝයා බෝංචි වගාව සරුවට කෙරෙනවා. කෙසෙල් වවන්න පුළුවන් රටේ ඇපල් හදන්න බැරි නම් ඇපල් කන්න එපා කියන එක නෙමෙයි සිද්ධ විය යුත්තේ. කෙසෙල් විකුණලා ඇපල් මිලට ගත හැකි ක්‍රමය හදා ගන්න එක. කෙසෙල් ද කන්නෙ ඇපල් ද කන්නෙ කියන එක මිල නිසා නොව එවිට කැමැත්ත නිසා තීරණය වෙන්නෙ.

උඩ පින්තූරය ගත්තෙ ඊයේ කඩේ ගිය වෙලාවේ. ඇමෙරිකාවේ පැයකට ගෙවන අවම පඩිය $7.25 ක් වෙද්දී කුකුල් මස් රාත්තලක් ඩොලරයකට ගන්න පුළුවන්. ඩෙලවෙයාර් වල අලෙවි බදු නැහැ.

ඇමෙරිකාව ලෝකයේ නන් දෙසින් එන භාණ්ඩ වැඩියෙන් ම මිල දී ගන්නා රට වෙන නිසාම ඔවුන්ට නිදහස, කාලය හා මුදල් වැය කරන්න හැකියාව තියනවා ලෝකයට ම විකුණන ඇපල් (කන ඒවා නෙමෙයි!!) බඩු අළුතින් බිහි කරන්නට. කුකුල් මස් රට පටවන්නට. බඩ ඉරිඟු වවන්න. ඒත් පිටරටින් මෙහෙට ගෙන්වන හැම දෙයක් ම මෙහෙ ඊට වැඩි මිලකට හදන්න නීති ඇවිත් ඒවාට හිරවුනාම තමන්ට වැඩියෙන් ලාභ උපයත හැකි දේවල් නිපදවන හැකියාව නැති වී යනවා.

මෙතැන කියන්නෙ කැමැති කෙනෙකුට වත්තෙ එළවළුවක් පළතුරක් එක්ක බිත්තර ගන්න කුකුලෙක් තියාගැනීමට ඉඩ නොදෙන නීති ගේන්න කියා නෙමෙයි!!! එයට ඇති නිදහස සමඟින් කර්මාන්ත ගොවිපල වලින් අඩු මිලට ලැබෙන ප්‍රමිතියෙන් යුතු ආහාර වල අගය අවතක්සේරු නොකරන්න යැයි කීම.

ලෝක ජනගහණයට ආහාර සැපයුම සඳහා ඒ ඒ රටවල් තමන්ගේ පසට, දේශගුණයට, දක්ෂතාවයට අනුව නිෂ්පාදන කළ යුතුයි. යම් දැයකට ජගතෙක් වීමෙන් තමයි තමන්ට අවශ්‍ය අනිත් දේවල් සියල්ල මිල දී ගත හැකියාව ලැබෙන්නෙ.

ඒත් මොන දෙයින් ද ජගතෙක් විය යුත්තෙ යන්න තීරණය කිරීම මහා සැලසුම් ගහන ආණ්ඩුවට දෙන්න බැහැ. ඒක කාටවත් අනාවැකි කියන්න බැරි වූවක්. කවුද අනාවැකියක් කිව්වෙ 2012 දී ස්ටීව් ජොබ්ස්ගෙ ඇපල් අයිෆෝන් ගන්න චීනයේ මිනිස්සු කෝලාහල කරයි කියල?!!!!

භාණ්ඩයක් නිෂ්පාදනයට හා අලෙවියට ඉඩක් ලැබෙන රටක, ඒකීය වූ පුද්ගලයන් විසින් නිෂ්පාදන රාශියක් ලෝකයට පිරිනමන්න සමත්වීම පෙන්වන්නේ ලෝක දත්ත වලින්.

ඉතින්, මේ ලෝක ජනගහණයට ආහාර සපයන්න ඇති ප්‍රධාන ගැටළුව: කර්මාන්ත ගොවිපල නිෂ්පාදන ගැන අපේ ආකල්ප නැවත විමසා බැලීමක් අවශ්‍ය වීම.

අද හැඳින්වීම: මිශ්‍ර ආර්ථිකය (mixed economy)

රෙගුලාසි ඇති හා නැති ආර්ථිකයක් මිශ්‍ර ආර්ථිකයක් වෙයි. බොහෝ දියුණු රටවල් නිදහස් වෙළඳපොලක් ඉලක්ක කරගත්ත ද අද බොහෝ දුරට ආණ්ඩුවේ මැදිහත්වීම් වලට යටත් වී ඇත. දුම්රිය හා ගුවන් ප්‍රවාහන වලට දෙන සහනාධාර මෙන් ම ජනතාවට දෙන සුබසාධන ද එහි ලක්ෂණ ය.

“මෝඩයෝ, එයාලගේ එකම අරමුණ ඔවුන්ටත් වඩා ලොකු මෝඩයෝ රැළක් අතින් තනතුරු වලට තෝරා පත්වෙන්නටයි,” (Fools, who’s singular objective is to be elected by an even bigger bunch of fools.) ආණ්ඩුව ගැන එසේ කියන්නේ Luke Goss විසින් රඟපාන Silver Hawk (2004) නැමති හොංකොං චිත්‍රපටියේ ය.

පොහොර විප්ලවය
1900 ගණන් වලට වඩා 15% කින් වැඩි වී ඇති නගරාශ්‍රිතව ජීවත් වන ලෝක ජනතාව, 2012 දී නැවතත් ලෝක ඉතිහාසයේ වැඩියෙන් ම නගරාසන්න ජීවත්වෙන සංඛ්‍යාව ඉහළ වූ තැනකට ගෙනැවිත් ඇත. මීට වැඩියෙන් ම දායක වන්නේ චීනයයි. චීනයේ බිලියන 1.35 ක ජනතාවගෙන් බාගයක් 2011 අවසානය වෙද්දී නගර පදිංචියට ඇවිදින්. ඇමෙරිකාවේ රටේ බාගයක් නගර පදිංචියට ගියේ 1920 ට පෙර ය.

ජනතාව නගරයේ පදිංචියට ගිය නිසා ලෝකයේ සශ්‍රීකත්වය වැඩි වූවා මිස අඩු වී නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා පසුගිය වසර 50 තුල ලෝකයේ දරිද්‍රතාවය ඊට වසර 500 ක කාලයක දී අඩු වූවාට වඩා වැඩියෙන් අඩු වී ඇති බව පිළිගන්නට සිද්ධ වී ඇත. (The proportion of humankind living in poverty has fallen faster in the past 50 years than in the previous 500 years.) එහෙත් එය සිද්ධ වූයේ ඔවුන් කළ හපන්කමක් නිසා නොවන බව දන්නේ ලොව අල්පයකි!!!!

අඟලෙන් අඟල, ඵලදාවෙන් ඵලදාවට නොයෙකුත් ක්‍රම විධි භාවිතාවෙන් මිනිසා වඩාත්ම දුර්වල පොළවෙන් ද ආහාර නිපදවන්නට අද සමත් වෙති.

1798 දී Robert Malthus නැමැත්තා ජනප්‍රිය වූ Eassay on the Principle of Population ලියා අනාවැකියක් ඉදිරිපත් කළේ ආහාර සැපයිල්ලට ජනගහණයේ වර්ධනය හා වේගයෙන් යා නොහැකි බවයි. මන්ද, සම්පත් සීමිතයි කියා සිතූ අය සේ, ඉඩම් වලින් ද ලබා ගත හැක්කේ යම් ප්‍රමාණයකට වූ ඵලදාවක් පමණක් යැයි ඔවුන් සිතූ නිසා ය.

19 වැනි ශ. ව. දී වාෂ්ප වලින් දුවන නැව්, දුම්රිය මාර්ග, ඊරි කැනාල් මාර්ගය, සීතකරණ හා අස්වනු නෙළන විජට්ටුව නිසා ඇමෙරිකාවට මහත් තොග වශයෙන් තිරිඟු යුරෝපයේ කාර්මික කර්මාන්ත වල යෙදි අයගේ කුසගිනි නිවන්නට යවත හැකි විය. එසේම තිරිඟු වලින් පෝෂිත වූ හරක් මස් සහ ඌරු මස් ද පිටරට පටවත හැකි විය.

2012 වෙද්දී ධාන්‍ය අස්වනු නෙළන තාක්ෂණය දියුණු වූ විජට්ටුවකින් එක මනුෂ්‍යයෙකුට එක දවසක දී පාන් රාත්තල් මිලියන බාගයක් හදන්නට ඇති තරම් තිරිඟු පිටි සඳහා අස්වනු නෙළත හැකිය!!!! වැදගත් කාරණයක් මෙහි දී මතකයේ තබා ගත යුතුයි. මොවුන් උදේ 8 සිට සවස 5 දක්වා වැඩ කරන රජයේ සේවකයෝ නොවේ!! අකුරට වැඩ කරන යුනියන් සේවකයෝ ද නොවේ!!! සිය කැමැත්තෙන් වැඩ කරන ස්වයං ව්‍යාපාරික ගොවීන් වෙති. ඔවුන් ගිම්හානයේ දී වැඩියෙන් වැඩකර හේමනත්යේ දී වැඩියෙන් නිදා ගනිති!!!

1830 දී දකුණු ඇමෙරිකාවේ කුරුළු දූපත් සහ දකුණු අප්‍රිකානු වෙරළාසන්න පළාත් වල කොමොරන්ට්, පෙන්ගුවින් හා බූබි කුරුල්ලන්ගේ අශූචි ගොඩවල් වලින් සියවස් ගණනාවක් තිස්සේ ඒකරාශී වූ නයිට්‍රජන්, පොස්පරස් පිරි නිධි දකින්නට හැකි වුණි. ගුආනෝ නැත්නම් මේ ගොඩ ගැසුණු මුහුදු පක්ෂීන්ගේ අශූචි හෑරීම ඉතා ලාභදායක විය. වසර කිහිපයක දී කුඩා දූපතක් වූ Ichaboe ටොන් 800,000 ක ගුආනෝ ඵලදාවක් ලබා දුනි. 1840 ත් 1880 ත් අතර දී ගුආනෝ නයිට්‍රජන් යුරෝපීය කෘෂිකර්මයේ මහත් වෙනසක් කරන්නට සමත් වුණි.

ඒත් වැඩි කලක් නොගොස් ඒ හොඳම ඵලදාව පාවිච්චි කර අවසන් වී ගියේය.

20 වැනි ශ. ව. උදාවීමත් සමඟ (1900 ජනවාරි) පොහොර අර්බූදයක් ලොව පැවතිණ!!!!

“තිරිඟු ප්‍රශ්නය” නම් සිරස්තලයෙන් දේශනයක් පවත්වන්නේ බ්‍රිතාන්‍යයේ සම්මානනීය රසායන විද්‍යාඥයෙක් වූ Sir William Crookes විසිනි. ඔහු තර්ක කළේ වැඩිවෙන ජනගහණයට සරිලන්නට ඇමෙරිකාවේ වගා කරන්නට තරම් ඉඩම් අක්කර ප්‍රමාණයක් නැතිවීම හේතුවෙන්, යම් විද්‍යාත්මක ක්‍රමයකින් වායුවෙන් නයිට්‍රජන් රසායනිකව හැඩගස්වන්නට නොහැකි නම් “සියළු සංස්කෘතියන් කන්න ඇති තරමට නැතිව මිය යනු ඇතැයි” කියාය. ශ්‍රේෂ්ඨ කොකේසියානු ජාතිය ලෝකයේ ඉදිරියෙන් ඉන්නා ජාතිය නොවී පැවැත්මෙන් ඔවුන්ව නැති වී යන්නේ ලොව තිරිඟු වලින් හදන පාන් කෑමෙන් ජීවිතය රැක ගන්නා ජාතීන් ඉතිරි වී යෑම නිසා යැයි ද ඔහු කීය.

ඔහු කළ අභියෝගය, එනම් නයිට්‍රජන් හදන්න රසායනික ක්‍රමයක් සොයා ගැනීම වසර 15 ක දී සිද්ධ වුණි!!!

Fritz Haber සහ Carl Bosch දෙදෙනා නව ක්‍රමයකින් ඉතා විශාල ප්‍රමාණයන් ගෙන් අකාබනික නයිට්‍රජන් පොහොර හදන්නට සමත් වූහ. ඒ වාෂ්ප, මෙතේන් හා වායුවෙනි. ඒත් ඊටත් වඩා විසල් වශයෙන් කෲක්ස් විසින් කියූ අනාවැකිය ඉටු නොවන්නට හේතු වූයේ අභ්‍යන්තර දහන එන්ජිමයි (internal combustion engine).

එදා ට්‍රැක්ටර් වලට තිබි මහත් ම වාසිය නම් ඒවායේ පැවැත්මට වගා ඉඩම් අවශ්‍ය නොවීම ය. අද අපි ට්‍රැක්ටර් වලට ආහාර පිණිස තිරිඟු වගා කරන්න පටන් ගෙන!!

1915 දී මුළු ඇමෙරිකාවේ අශ්ව ජනගහණය මිලියන 21 ක් යැයි කියැවේ. එවක ඇමෙරිකාවේ ඉඩම් ප්‍රමාණයෙන් තුනෙන් එකක් ඔවුන්ගේ ආහාර වගාව සඳහා වෙන් වී තිබිණ. ඉතින්, කරත්ත අදින අශ්වයන් වෙනුවට ට්‍රැක්ටර් පාවිච්චිය පටන් ගැනීමෙන් මිනිස් ආහාර සඳහා ආහාර වගාවට ඉඩම් වැඩි වුණි. එසේම මෝටර් රථ ප්‍රවාහනයෙන් රේල්ලුව ළඟට නිපදවූ ආහාර ගෙන යන්නට ද පිටිසර ගොවියාට හැකියාව ලැබුණි.

1920 දී ඇමෙරිකාවේ ධාන්‍යාගාරය ලෙස සැලකෙන මැද පළාතේ සරු පොළව රේල් පාරකින් සැතපුම් 80 කින් ඈතක විය. අශ්ව කරත්තයකින් දවස් පහක ගමනකි. ධාන්‍යයේ මිල අගයට වඩා සත 30 කින් වැඩි වියදමක් (ප්‍රවාහනයට) යන්නකි.

1920 දී තිරිඟු වගා කරන්නෝ හිමාලයෙන් ගෙන ආ පැලෑටියකුත් ඇමෙරිකන් පැලෑටියකුත් බද්ධ කර ජවයෙන් පිරි ශක්තිමත් අළුත් ප්‍රහේදයක් (Marquis) නිෂ්පාදනයට සමත් වූහ. එයින් ඇමෙරිකාවේ උතුරින් වන කැනඩාව දක්වා වගාවෙන් පුරවන්නට ඔවුන් සමත් වූහ.

ඉතින්, ට්‍රැක්ටර් වලත්, පොහොර වලත්, නව ප්‍රභේදයේත් ආධාරයෙන් 1931 වෙද්දී, එනම් සර් කෲක්ස් ඔහුගේ අනාගත සාගතය දරුණු වේ යැයි කියූ වර්ෂය උදාවෙද්දී, තිරිඟු සැපයුම එදා තිබි ඉල්ලුමට වඩා බෙහෙවින් වැඩි කරගන්නටත්, තිරිඟු මිල පහළ ගොස් යුරෝපය පුරා තිරිඟු වගා කළ බිම් සත්වයන්ට තණකොළ කන්නට වෙන් වූ භූමි බවට පත් කරන්නට සමත් වෙති.

මොළයෙන් හිතන්නට බැරි සුද්දා අනාගත සාගතයක් ගැන විද්‍යාත්මක අනාවැකි කියද්දී මොළයෙන් සිතන සුද්දෝ ඊට පිළියමක් සොයා ගත්හ.

තව විස්තර සඳහා කියවන්න: Matt Ridley ලියූ The Rational Optimist (2010). මැට් රිඩ්ලි ජීව විද්‍යාඥයෙකි. ඔහු ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ විද්‍යා කතුවරයා ලෙසින් සේවය කර ඇත.

මේ දිනවල ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව විද්‍යා ලිපි ලියන පත්‍රකලාවේදියෙකු සොයති. විස්තර මෙතැනින්!!!

අද හැඳින්වීම: කම්කරුවෝ (proletariat)

මාක්ස්වාදී තියරියේ වචනයක් වන වැඩ කරන ජනතාව හඳුන්වන්නට යොදා ගන්නකි කම්කරුවෝ යන්න. කම්කරුවන්ට නිෂ්පාදනය කරන උපක්‍රම (means of production) අයිති නැත. ඒ නිසා ඔවුන් තම ශ්‍රමය විකුණා දිවි රැක ගනිති.

අද ඉංජිනේරුවන්, වෛද්‍යවරු, නීතිවේදීන්, ගණකාධිකාරීන්, ගුරුවරුන් …. කීයෙන් කී දෙනාට ද නිෂ්පාදනය කරන උපක්‍රම අයිතිය ඇත්තේ?

ශ්‍රමය විකුණා දිවි රැක ගන්නා අපි හැමෝම කම්කරුවෝ නෙමෙයි ද?!!!!

“අශ්ව බලයෙන්” අශ්ව බෙටි අර්බූදය විසඳයි
19 වැනි ශ. ව. දී ලෝකයේ ජනගහණය සීඝ්‍රයෙන් වැඩි විය. වැඩියෙන් ම වර්ධනයක් දැකිය හැකි වූයේ ලන්ඩන්, පැරිස්, නිව් යෝර්ක් සහ චිකාගෝ වැනි අග නගර වල ය. ඇමෙරිකාවේ පමණක් නගර ජනගහණය මිලියන 30 කින් වර්ධනය වූ අතර ඉන් බාගයක් ම වැඩි වූයේ 19 වැනි සියවසේ අවසන් වසර විස්ස තුල දී ය.

ඉතින් මේ දැවැන්ත ජනගහණය තමන්ගේ පරිහණයට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරද්දී ගැටළුවක් පැන නැඟුණි. භාණ්ඩ ප්‍රවාහනය කරපු ප්‍රධාන ක්‍රමය නිසා අයපහත් අතුරැ ප්‍රතිපල ගණනාවක් බිහි විය. නගර වල තදබදය වැඩි විය. රක්ෂණ ගාස්තු ඉහළ යන ලදි. මාර්ග අනතුරු ද සීඝ්‍රයෙන් ඉහළ ගියේය. ආහාර මිල ඉහළ ගියේ සහ ආහාර හිඟයන් ඇති වූයේ ආහාර පිණිස කරන වගාව ඉන්ධන සඳහා වගාවකට හරවන්නට සිද්ධ වීම නිසා ය. විෂ සහිත සහ අපවිත්‍ර කරන අපද්‍රව්‍ය වායුවට එකතු වීම නිසා පරිසරයට පමණක් නොව පුද්ගලයන්ගේ ශාරීරික සෞඛයයට ද අවදානම් කාලයක් විය.

19 වැනි සියවසේ දී ලෝකයේ අග නගරයන්හි භාණ්ඩ ප්‍රවාහනය කරපු ප්‍රධාන ක්‍රමය වූයේ අශ්වයන් මාර්ගයෙනි.

19 වැනි සියවස අවසන් වෙද්දී (ස්තූතියි රවී!) නිව් යෝර්ක් නගරයේ අශ්වයන් 200,000 ක් ජීවත් වූ බව කියැවේ. එහි විසූ සෑම මනුෂයෙකුටම අශ්වයෙක් බැගින් විසූ බව කියැවේ.

ඉහත පින්තූරය මැසචූසෙට්ස්හි හාවඩ් විශ්ව විද්‍යාලය අසල දී පසුගිය ගිම්හානයේ දී ගත්තකි. මේ පඩිපෙල දැක්කාම ඒ ගැන සටහනක් ලියන්නට පින්තූරය ගත්තෙමි!!!

1900 දී අශ්ව අනතුරු නිසා නිව්යෝර්ක් වැසියන් 200 ක් මරුමුවට පත් වූහ. හැම 17,000 කින් ම එක් අයෙක් බැගින් ය. 2007 දත්ත දිහා බලද්දී රිය අනතුරු නිසා නිව් යෝර්ක් වැසියන් 274 ක් මරුමුවට පත් වූහ. හැම 30,000 කින් ම එක් අයෙක් බැගින් ය.

ඒත් අශ්ව අනතුරු හා රිය අනතුරු වලට වඩා වැඩියෙන් වූ හානිය පැමිණියේ අශ්ව බෙටි වලිනි. අලි බෙටි දැක ඇති නිසා අශ්ව බෙටි එතරම් විශාල ප්‍රමාණයක් යැයි සිතීමට නොහැකි වුවත්, අශ්වයන් ලක්ෂ දෙකක් නගරයේ ඉන්නේ නම් කොහොම වෙයි ද?!!!

සාමාන්‍යයෙන් අශ්වයෙක් රාත්තල් 24 ක් පමණ බෙටි දවසකට පහ කරයි. අශ්වයන් ලක්ෂ දෙකකින් රාත්තල් මිලියන පහක් පමණ .. ඒ එක දවසකට!!!

ඉතින් හිතන්න ඉන් ඇති පරිසර දූෂණය. ඒවා අස් කරන්න යන වැය? අශ්වයන් වැඩි වෙන්න කළින් අශ්ව බෙටි වලට ඉල්ලුමක් තිබුණ -පොහොර වලට. ඒත් සැපයුම දිනපතා ලැබෙන රාත්තල් මිලියන පහක් වෙද්දි .. එච්චර පොහොර ඕනා කාට ද?!!!

එවක දී අශ්ව බෙටි පාරවල් දෙපැත්තේ ගොඩ ගැසෙනවා, හෙන ඉහළට. ඉහළ පින්තූරයේ යකඩ පඩි පෙළ පටන් ගන්න තැන බලන්න. එතැනට වෙන තෙක් අශ්ව බෙටි ගොඩ ගැසෙන නිසයි කරත්තෙන් බැහැලා ගොඩනැඟිල්ලට ඇතුල් වෙන්න මේ යකඩ පඩිපෙළවල් හදලා තියෙන්නෙ. මේක 19 වැනි ශ. ව. ගොඩනැඟිල්ලක්, අද ඊයේ හදපු එකක් වගේ පෙනුම තිබුණාට.

නිව් යෝර්ක් නගරයේ සහ හාවඩ් වැනි පැරණි නගර වල මෙවැනි පිටතින් දා ඇති යකඩ පඩි සහිත ගොඩනැඟිලි බොහොමයක් තවම දකින්න ලැබෙනවා.

1898 වෙන කොට ලෝකයේ ජනගහණයෙන් අධික වූ නගර අශ්වයන් නැතිව ජීවත් වෙන්නටත් එසේම අශ්වයන් එක්ක ජීවත් වෙන්නටත් බැරි තත්වයකට ආවා.

ඒත් හදිසියේ ම ඒ ගැටළුව නිරාකරණය වුනා. මාර්ග තදබදය නැතිවෙලා ගියා. අශ්ව කෑම පිණිස වගා කරන ආහාර වෙනුවට මිනිස්සුන්ට කන්න ආහාර වවන්න හැකිවුනා. අශ්ව බෙටි “කඳු” වලින් පරිසරයට වූ හානියත් නැවතුණා.

“අශ්ව බලය” තමයි විසඳුම!!!!

ඒත් දැන් ඒ “අශ්ව බලයෙන්” ලැබිච්ච විසඳුම ආයෙත් මිනිසාව එවැනිම තත්වයකට ගෙනැවිත්. අශ්ව අර්බූදය නිසා මිනිස් පැවැත්ම තව දුරටත් පවත්වා ගත නොහැකි යැයි කියූ අය එදා සිටියා. අදත් එහෙමයි. මාටින් වයිට්ස්මන් කියන්නෙ හාවඩ් විශ්ව විද්‍යාලයේ පරිසරවේදී අර්ථ ශාස්ත්‍රඥයෙක්. ඔහු කියන විදියට මිනිස් පැවැත්මට අවශ්‍ය ඉන්ධන නිසා අහිතකර වායුව පිටවෙලා ගෝලීය උණුසම වැඩි වෙලා පෘතුවිය විනාශ වෙනවා.

දැන් තියන “අශ්ව බලය” නිසා ආයෙත් අශ්ව බෙටි වලටත් ඉල්ලුමක් තියෙනවා!! කොච්චර ඉල්ලුමක් තියෙනවා ද කිව්වොත් මැසචූසෙට්ස් වල එක ගොවියෙක් එයාගෙ අසල්වැසියා අශ්ව බෙටි හොරකම් කරනවා කියල පොලීසියට චෝදනා කරලා. අසල්වැසියා කියනවා මේක සුළු වැරදීමක්, එයාට ගොවියා අවසර දුන්නාලු අශ්ව බෙටි අරන් යන්න. ගොවියා කියනවා නැහැ නැහැ එහෙම නිකන් දෙන්නෙ නැහැ, කැමති නම් ඩොලර් 600 ක් දීලා අරගන්න කියල.

කවුද මේ අශ්ව බෙටි කැමති අසල්වැසියා? අර ගෝලීය උණුසුම ගැන අනාවැකි කියපු මාටින් වයිට්ස්මන්!!!

ඉතින් මේ කතාව පුවත්පත් වලට වැටුනා ම, වයිට්ස්මන් දන්නා අයෙක් ඔහුට පණිවිඩයක් යවනවා මෙහෙම: “සුබ පැතුම්! මා දන්නා බොහෝ අර්ථ ශාස්ත්‍රඥයන් කරන්නේ අශ්ව බෙටි ශුද්ධ අපනයනය. ඒත් ඔයා, බලාගෙන ගියාම පෙන්නේ හරියට ශුද්ධ ආනයනයක් කරන බවයි.” (Congratulations, Most economists I know are net exporters of horseshit. And you are, it seems, a net importer.)

සටහනේ විස්තර Steven D. Levitt සහ Stephen J. Dubner ලියූ Super Freakonomics (2009) පොත ඇසුරින්.

ඉතින් මේක කියෙව්වට පස්සෙ මට ආර්ථිකය ගැන ලියන්න ආරාධනා එන එකක් නැතිවෙයි!!!!

මෙරිලන්ඩ් හඩ්සන් පවුලට ආධාර පිණිස චිකන් ඇන්ඩ් ඩම්ප්ලින්ග් කෑවෙමි
මම වාසය කරන අර්ධ ද්වීපය පිහිටන්නෙ චෙසපීක් බොක්ක හා අත්ලාන්තික් සාගරයට මැදින් ය. මෙහි කොටසක් ඩෙලවෙයාර්, කොටසක් මෙරිලන්ඩ් හා කොටසක් වර්ජීනියාවට අයිති නිසා ඩෙල්මාර්වා යන නමින් හැඳින්වේ.

ඩෙලවෙයාර්හි ප්‍රධාන ආදායම් උපයන වෘත්තීන් වූයේ ඉංග්‍රීසි භාෂාවේ C අකුරෙන් පටන් ගත් ඒවාය; කාර්, කෙමිකල් කොම්පැණි, ක්‍රෙඩිට් කාඩ් කොම්පැණි, හා කුකුල් මස් නිෂ්පාදනයයි. ආණ්ඩුවේ රෙගුලාසි වැඩිවීම නිසා කාර් හදන කර්මාන්ත තුරන් විය. ඉතිරිව ඇත්තේ රසායන කොම්පැණි අල්පයකි. ක්‍රෙඩිට් කාඩ් බැංකු බොහොමය ද බංකොළොත්ය. අද කුකුල් කර්මාන්තයත් අවදානමකට වැටී සිටිය දී පළාතේ වැසියන් එකතු වී ජීවිකාව බේරා ගන්නට සටන් වදිනා හැටි ගැන සටහනකි මේ.

ඩෙල්මාර්වා දූපත ඇමෙරිකාවේ මස් පිණිස කුකුලන් වැඩියෙන් ම ඇති කරන පළාතයි. මස් පිණිස කුකුලන් ඇති කරන කුකුල් කොම්පැණි 5 ක ප්‍රමුඛත්වයෙන් සති පතා කුකුලන් මිලියන 11 කට ආසන්න සංඛ්‍යාවක් බැගින් නිෂ්පාදනයේ මෙහි ස්වයං ව්‍යාපාරික ගොවි පවුල් 1,700 ක් නියැළෙති.

කුකුල් කොම්පැණි වලට කුකුලන් ඇති දැඩි කරන්නේ ස්වයං ව්‍යාපාරික පවුල් විසිනි. කුකුල් ගොවිපල හා ආම්පන්න ඔවුන් සතු ය. කුකුල් කොම්පැණියෙන් සපයන්නේ කුකුල් පැටව්, තාක්ෂණික සහාය, කුකුල් ආහාර, බිම අසුරන කඩදාසි පෙලට්, කුකුල් නිවාස උණුසුම්ව තබන්නට ප්‍රොපේන් ගෑස්, කුකුලන්ගේ සෞඛ්‍ය රකින්න හා ඇති දැඩි කරන්නට තාක්ෂණයයි.

ඩෙල්මාර්වාහි කුකුල් ආහාර නිපදවන මෝල් 10 ක් ද, බිත්තර උණුසුම් කර කුකුලන් ගන්නා හැචරි 13 ක් ද, කුකුල් මස් පිළියෙල කරන කම්හල් 10 ක් ද වෙයි. කුකුල් කර්මාන්තයෙන් පළාතේ 14,000 කට පමණ රැකියා ලැබේ.

රටේ රෙගුලාසි වැඩි වීම නිසා පළාතේ කුකුල් කොම්පැණි බංකොළොත් බවින් වැසී යන්නට පටන් ගෙන ය.

හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් ආණ්ඩුවේ හැදියාව මෙසේ යැයි වරක් කියන ලදි. “ව්‍යාපාරයක් දුවන්නේ නම් ආණ්ඩුව බදු වැඩි කරයි. තවත් යන්නේ නම් රෙගුලාසි පනවයි. යා ගන්න බැරි වූ විට සහනාධාර දෙයි.” ඒ ව්‍යාපාරයකට දුවන්නට ඉඩ දී සිටියොත් ආණ්ඩුවට කරන්නට වැඩක් නැති වෙන නිසා ය!!!

හඩ්සන් පවුල ස්වයං ව්‍යාපාරික කුකුලන් ඇති කරන්නෝ ය. ඔවුන්ගේ ඉඩමේ ඕෂන් සිටි නගරයෙන් මිලට ගෙනැවිත් ගොඩ ගැසූ පොහොර ගොඩක් විය. මේ පොහොර ඔවුන් තම කුකුල් ගොවිපල ඇති ඉඩමේ වවන එළවළු සඳහා ය. වතුර ආරක්ෂා කරන්නට යැයි කියාගත් සංවිධානයකින් මේ පොහොර ගොඩෙන් කුකුල් අපද්‍රව්‍ය පළාතේ වතුර මාර්ග වලට සේදී යනවා යැයි චෝදනාවක් ගෙනැවිත් නඩු පැවරූහ. ඔවුන් නඩු පැවරුවේ හඩ්සන් පවුලට එරෙහිව පමණක් නොවේ. හඩ්සන් පවුල කුකුලන් ඇති කරන කුකුල් කොම්පැණියට ද විරුද්ධව ය. එහෙත් ඔවුන් ඕෂන් සිටී නගරයට විරුද්ධව නඩු කියන්නේ නැත.

රොබට් එෆ්. (ටෙඩ්) කෙනඩි ඇමෙරිකාවේ වාමාංශික අදහස් පිරි සෙනෙට් සභිකයෙක් වූයේය. 80 ගණන් වල මැද භාගයේ දී ඔහු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණින. දඬුවමක් ලෙසට ඔහුට පැය 800 ක මහජන සේවය නියම කෙරිණ. ඒ සඳහා ඔහු යන්නේ හඩ්සන් ගංඟා පදනමට ය.

2000 සිට වඩාත්ම පුළුල් ලෙස විහිදී ගිය පරිසර ආරක්ෂා සංවිධාන දාමයක් කෙනඩි යටතට පත්වේ.

මෙරිලන්ඩ් හි විශ්ව විද්‍යාලය විසින් “නොමිලේ” නීති උපදෙස් දෙන සේවයක් ඇත. මේ නීති උපදෙස් ලබා දෙන්නේ මෙරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ආචාර්යවරුන් හා එහි නීති ශිෂ්‍යයන් වෙතිනි. විශ්ව විද්‍යාලයත්, ඒ සේවාවත් ප්‍රාන්තයේ බදු මුදලින් දිවෙන්නකි.

පසුගිය දිනෙක මෙරිලන්ඩ් ආණ්ඩුකාරයා මෙරිලන්ඩ් විශ්ව විද්‍යාලයට මතක් කර සිටියේ ඔවුන්ගේ වැය දරන්නේ කවුදැයි අමතක කරන්න එපා යැයි කියාය.

මෙරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ නීති උපදෙස් ලබන්නේ පළාතේ බදු ගෙවන හඩ්සන් පවුල නොව නිව් යෝර්ක් වල මූලාස්ථානය ඇති වතුර ආරක්ෂා කරන සංවිධානයයි. හඩ්සන් ඉඩමේ වූ නගරයෙන් විකුණු පොහොර වල කුකුල් අපද්‍රව්‍ය නොමැති බව ඔප්පු විය. එහෙත් නඩුව ඉල්ලා අස් කරගෙන නැත. නඩුවේ වියදම දැනට ඩොලර් 300,000 කි.

රටේ ප්‍රධාන ජනමාධ්‍යයන් මුල දී කුකුල් ගොවිපළ විසින් පරිසරයේ වතුර විනාශ කරන ආකාරය ගැන මහ හඬින් ප්‍රවෘත්ති නිවේදනය කළහ. එහෙත් කුකුල් අපද්‍රව්‍ය පොහොර වල නැති බව ඔප්පු වූවාට පසුව නිවේදන නැවතුනා මිසක එසේ නොතිබූ බව කියන්නට කාලයක් මිඩංගු නොකළහ.

ධනවාදී ආර්ථික ක්‍රමයක තරඟයෙන් එකිනෙකා පරදවා ආදායම වැඩි කරගන්නට වෙහෙසන කුකුල් ගොවීහු එකිනෙකා හා එකතු වූහ. ආණ්ඩුවේ රෙගුලාසි වලින් සහ පරිසරය ආරක්ෂා කරන මුවාවෙන් ව්‍යාපාරිකයන්ට බොරු චෝදනා ගෙනෙන සංවිධාන වලින් ගැලවෙන්නට ඔවුන් හඩ්සන් පවුලේ නඩු වියදම් සඳහා මුදල් එකතු කරති.

චිකන් ඇන්ඩ් ඩම්ප්ලින්ග් සහ අතුරුපස මේස පිරුනේ පළාතේ අය විසින් තෑගි කරන ලද ආහාර වලිනි. ඒවා කන්නට මුදල් ගෙවා පළාතේ වැසියෝ එක්වූහ. මෙවැනි අවස්ථා කිහිපයක් පළාත පුරා තැන තැන සංවිධානය කරන්නේ අනිකුත් ගොවියන් විසිනි. මා සහභාගී වූව පැවැත්වුනේ ස්වේච්ඡා ගිනි නිවන හමුදා බිල්ඩිමක ය.

එපමණක් නොව ගොවි රේඩියෝ නාලිකා වලින් මේ ගැන කතාබහ පැතිර ගොස් රටේ ඈත ප්‍රාන්ත වල ගොවියන් ද හඩ්සන් පවුලේ ගොවිපල බේරා ගන්නට ආධාර මුදල් එවති.

මෙයට මෙරිලැන්ඩ් ප්‍රාන්තයේ කෘෂිකාර්මික ලේකම්වරයා (පින්තූරයේ දකුණේ ඉන්නේ) බඩී හෑන්ස් ද පැමිණ සිටියේය.

පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරගන්නට වෙහෙසිය යුත්තේ පුරවැසියන් ම ය. එවිට අහක බලාගෙන ඉන්නා ආණ්ඩුවට ද, ව්‍යාපාරිකයන්ට විරුද්ධව බොරු චෝදනා ගෙනෙන පරිසරවේදී සංවිධාන වල මුලාවන් ද හෙළි වේ.

අද ඔබ ජපානයේ දී කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් අවන්හලකින් කුකුල් මස් කෑවා නම් ඒ කුකුල් මස් ඩෙලවෙයාර් වලින් සපයන ලද්දකි!!!

මාක්ස්වාදී ලෙනින්වාදීන් අයිතීන් වෙනුවෙන් සටන් වදිති. ඔවුන්ට ජයවේවා!
ඉන්දියාවෙන් ඇහෙන ප්‍රවෘත්තියක් ගැනයි සිරස්තලය. ඒකට යන්නෙ සටහනේ ටිකක් දුර ගියාම.

ලංකාවට රිචඩ් ඩෝකින්ස් ආවා කියල ක්‍රිස්තියානි, මුස්ලිම් හා හින්දු ආගම් අදහන කවුරුත් පෙළපාලි ගිය බවක් අහන්න ලැබුනේ නැහැ. බුද්ධාගමේ දෙයියෝ ඉන්නෙ පංසල් ඇතුලේ තියන කෝවිල් වල නිසා වෙන්නැති බුද්ධාගමේ අයත් පෙළපාලි ගිය බවක් ඇහුනේ නැහැ දෙයියෝ මුලාවක් යැයි කියන කෙනෙක් ලංකාවට ආව කියල.

අනික විද්‍යාඥයෙක් කියන දෙයක් එහෙම නැහැයි කියන්න පුළුවන් කාට ද?!!!!

Francis Sellers Collins දෙයියෝ අදහන විද්‍යාඥයෙක්. මේ අඩවියේ ඔහු ගැන සඳහන් කරපු තවත් ලිපියක් මෙතැන. ජානු විශේෂඥයෙක් සහ ශෛල්‍ය වෛද්‍යවරයෙක් වන ඔහු Human Genome Project එකට නායකත්වය දුන්න අයෙක්. 2006 දී ඔහු The Language of God: A Scientist Presents Evidence for Belief කියා පොතක් ලියනවා විද්‍යාඥයෙක් දෙයියෝ විශ්වාස කරන්නෙ ඇයි දැයි කියන්න.

රිචඩ් ඩෝකින්ස් ලියපු දේවල් වලින් සාමාන්‍ය මහජනයා දන්නෙ ඔහුගේ ජනප්‍රිය පොත් ගැන. ඒවා අතරින් විද්‍යාත්මක පර්යේෂණ ලිපි හැටියට පර්යේෂණ විද්‍යාඥයන්ට විචාරයට ලක් කරන්නට පළ කරපු ඒවා ගැන නොවේ. ඔහු බොහෝ විට දේශන පවත්වන්නේ පර්යේෂණ ලිපියක් ඉදිරිපත් කරන විද්‍යාත්මක සම්මේලන වල දී නෙමෙයි. ඔහු පවත්වන්නේ ප්‍රබන්ධ රචකයන් සේ මහජන දේශන. ඒ වගේම ඔහුගේ පොත් කියවන්නේ නැතිව, ඔහු කරන දේශන වලට පමණක් ඇහුම් කන් දෙන අයත් බහුලයි.

ඩෝකින්ස්ගේ ජනප්‍රිය පොත්වල එන විද්‍යාත්මක මත පිළිගන්නා අය විද්‍යාඥයෙක් හැටියට Human Genome Project එකට සම්බන්ධ වූ හා ශෛල වෛද්‍යවරයෙක් විදියට ජානුගත රෝගයන් වැළඳි ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරපු ෆ්‍රැන්සිස් කොලින්ස් ලියපු පොත කියැවීම කිසිත් විමසා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීම ද බහුලයි.

ෆ්‍රැන්සිස් කොලින්ස් ඇමෙරිකන්, ඒ මදිවට ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි. දෙයියො එක්ක කෙළින් ම කතා කරන්න හැකියාව මිනිසාට තියෙනවා යැයි හිතන ක්‍රිස්තියානි අයට අයිතියි. අතරමැදි ආගමික නායකයෙක් හරහා දෙයියො එක්ක ගණුදෙනු අවශ්‍ය යැයි හිතන ක්‍රිස්තියානි කොටසට අයිති කෙනෙක් නෙවෙයි. අනිත් අයත් තමන්ගෙ ආගමට ආ යුතුයි කියා ඒ වෙනුවෙන් වෙහෙසන්නෙත් ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි අය විතරක් නෙමෙයි. එහෙම අයට ඕනා අපි කැමති වුවත් අකමැති වුවත් අපි අතින් වන ආගම අනුව නරක යැයි සැලකෙන වැඩ නවත්තන්න, අපිව සාතන් ගෙන් බේරා ගන්න, නැත්නම් දිව්‍ය ලෝකේ ගෙනියන්න.

දෙයියෝ අදහන අය හා දෙයියෝ අදහන්නෙ නැති අය ඉන්නා ඇමෙරිකාවේ (2007 දත්ත: ක්‍රිස්තියානි 78.4%; වෙනත් ආගම් 4.7%; ආගමක් නැති 16.1%) ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි (බුෂ්ලා) හා ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි නොවන (කෙනඩි) දෙපැත්තෙන් ම ජනාධිපතිවරු පත් වී තියෙනවා. ඇමෙරිකාවේ පුරවැසියන් බිල් ක්ලින්ටන් සහ බරාක් ඔබාමා ජනාධිපතිවරු ලෙස පත් කරගත්තේ ඔවුන්ට වඩා දෙවියන්වහන්සේ ඇදහූ කුමන ප්‍රතිවාදීන් පරාජය කරලා දැයි, ඇමෙරිකාව දෙයියො අදහන අයයි ජනාධිපති කරගන්නෙ යැයි අවලාද කියන්නෝ සොයා බලන්නේ ද නැහැ. දෙයියෝ අදහන කෙනෙක් හෝ අදහන්නේ නැති කෙනෙක් පත්කර ගත් පමණින් රටක ප්‍රශ්න විසඳෙන්නේ නැහැ, වැඩි වෙන්නෙත් නැහැ … ඉතාලියේ ආර්ථිකය බංකොළොත් වෙද්දී වතිකානුව බංකොළොත් වෙයි ද?!!!

දැන් සිරස්තලයට එන්නම්. ප්‍රවෘත්තියේ සිරස්තලය Salman in No Rush to Die … ලියන්නෙ Shikha Dalmia විසින්. සල්මන් රශ්ඩී නැමති ඉන්දියාවේ උපන් රිචඩ් ඩෝකින්ස්ගෙ රටේ ම වාසය කරන ග්‍රන්ථ රචකයා ගැන අහලා ඇතිනෙ. එයා ලියපු The Satanic Verses පොත ගැනත් අහලා ඇතිනෙ. ඒක ලියපු නිසා එයාව මරන්න ලෑස්ති අයත් ඉන්නවා කියලත් අහලා ඇතිනේ!!!

ඉන්දියාවේ පැවැත්වෙන ජයපූර් සාහිත්‍ය උළෙල සල්මන් රශ්ඩී සහභාගී වෙන්නක්. ඒත් පසුගියදා ඒ උත්සවයට පැමිණෙන්නට සල්මන්ට වීසා දෙන්න එපා යැයි ඉන්දියානු රජයට බල කරන්න ඉන්දියාවේ මුස්ලිම් ආගමික නායකයෝ පිරිසක් විරෝධතාවක් දක්වා තියෙනවා.

ඉරානයේ අයටොල්ලා රුහොල්ලා කුමෙයිනි 1989 දී fatwa කින් මුස්ලිම්වරුන්ට සල්මන් රශ්ඩී මරන්නට අණ දෙනවා. ඉරානයේ ඉන්නේ ඉවැන්ජලිකල් නොවන මුස්ලිම් අය වෙන්න ඕනෑ. (ස්තූතියි ඉන්දික උපශාන්ත!) මොකද එයාලට දෙයියො එක්ක කෙළින් ම කතා කරන්න බැරි නිසානෙ ආගමික නායකයෙක් මාර්ගයෙන් යන්නෙ!!! 1998 වෙද්දී ඉරානයේ ජනාධිපති මොහොමඩ් කාසායී විසින් සල්මන් රශ්ඩී මරණ නියෝගය ඉවත් කරගන්නවා.

1989 සිට 1998 දක්වා කාලය ඇතුලෙ සල්මන්ව මැරුවා නම් හරි වැඩේ!!!

ඉරානයේ නියෝගය ඉවත් කරගත් බව කවුරු හරි ඉන්දියාවට දන්වලා යැව්වෙ නැද්ද?!! නැත්නම් ඉරාන මුස්ලිම් නියෝගය ඉවත් කරගැනීම ඉන්දියානු මුස්ලිම් අය පිළිගන්නෙ නැද්ද?!!!

සල්මන් ඉන්දීය පුරවැසියෙක් නිසා ඔහුට ඉන්දීය වීසා අවශ්‍ය නැහැ. ඉතින් වීසා කැන්සල් කරන්න විදියක් ද නැහැ ඉන්දීය ආණ්ඩුවට. රටේ කොටසක් එන්න එපා යැයි ඝෝෂා කරද්දී, වීසා දෙන්නට අවශ්‍ය නැති නිසා ආණ්ඩුවට වීසා කැන්සල් කරන්නත් බැහැනෙ. ඔහුව නසා දමන්නට මුදලට මිනීමරණ දෙන්නෙක් ද සූදානම් යැයි ද ප්‍රසිද්ධ රහසක්. එහි යෑම පවුලේ අයටත්, උත්සවයට සහභාගී වෙන අයටත්, සෙසු රචකයන්ටත් ආරක්ෂාව පිළිබඳ වගකීමකින් තොරව කරන කටයුත්තක් නිසා තමන් නොඑන බවට ප්‍රකාශයක් නිකුත් කර ඔහු යන්නේ නැහැ.

ඉන්දියාවේ දශක දෙකක තහනමකට ලක් වූ සල්මන්ගේ පොතින් කොටස් ජයපූර් සාහිත්‍ය උළෙලේ දී ප්‍රසිද්ධියේ කියවීම එහි සිටි සෙසු ඉන්දීය රචකයෝ කිහිප දෙනෙක් කළ බව කියැවේ. එපමණක් නොව ඔවුන් එසේ කියැවූ බව අන්තර්ජාලයේ ද බෙදා යවති. ඔවුන් සැබැවින් ම නිර්භීත අය ය.

සල්මන් රශ්ඩිගේ අදහස් ප්‍රකාශයට ඇති අයිතිය ආරක්ෂා කරන්නට අනිකුත් රචකයන් හා එක් වෙන්නේ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයයි.

මාක්ස්වාදී ලෙනින්වාදීන් ගෙන් සෑදුනු ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය එහි ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය බියගුල්ලන් අතරින් වෙනස් වී සල්මන් රශ්ඩිගෙ අයිතිය සුරකින්නට ආ එකම දේශපාලන කල්ලිය වීම අරුමයක් නොවේ. ආගම අබිං යැයි කියන මතවාදයක ඉන්නා අය ආගමික නායකයන් වෙතින් පීඩනයට පත්වන අය වෙනුවෙන් ඉදිරිපත් වෙති. එසේම පසුගිය මැතිවරණයෙන් අන්ත පරාජයට පත් වූ ඔවුන් යළි ජනප්‍රිය වන්නට කුමක් හෝ කළ යුතුය!!

කෙසේ නමුත්, අදහසක් ප්‍රකාශයට ඇති නිදහස් අයිතිය රකින්නට අනිකුත් සියල්ලන් මුළුගැන්වී සිටිය දී ඊට නොබියව ඉදිරිපත් වීම නිසා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පැසසිය යුතුය. ඔවුන්ට ජයවේවා! මතවාදයට එකඟ නොවුනාට මිනිසාගේ නිදහස් අයිතියක් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් මගේ හෘදයාංගම ප්‍රසාදය මාක්ස්වාදී ලෙනින්වාදියෙකුට වුව ද පුද කරමි!!!! ඩොලෝරස් ඒත් කැමති නම් ලොලීටා කියා ගත්තාට කමක් නැත!!!

එහෙත් ඕනෑම ආගමකට පහර දෙන අයකුගේ අයිතිය රැකීමට පමණක් නොව ඕනෑම ආගමක් අදහන අයකුගේ අයිතිය රැකීම වෙනුවෙන් ද කවදා හෝ ඔවුන් පෙනී සිටිය හොත් එදාට සැබැවින්ම අපි සියල්ලෝම මනුෂ්‍ය්‍යන් වශයෙන් ජයග්‍රහණය කරනු ඇත!!!

පසුගියදා ලංකාවට සංචාරක වීසා අවසරයෙන් ආපු ඉන්දියාවේ, පකිස්තානයේ, බංගලාදේශයේ, මාල දිවයිනේ, සහ තවත් අරාබි අය ගෙන් සෑදුන 161 ක් Tabligh Jamat නමින් වන මුස්ලිම් ආගමික සංවිධානයක අය. ඔවුන් මුස්ලිම් ආගම කියා දෙන්නට උත්සාහ දරපු නිසා යැයි රටින් යන්න කියලා අණ දීලා. රටක නීතිය අනුව සංචාරකයෙක් කියන්නෙ රට බලන්න, නෑදෑ හිතවතුන් දැක ගන්න එන අයෙක්. ඉතින් එහෙම වීසාවකින් ඇවිත් ආගමක් දර්ශනයක් ප්‍රචාරයට මහජන රැස්වීම් වලින් උත්සාහ කරනවා නම් පැහැදිලිව නීතිය කඩ කිරීමක්.

ඒත්, රිචඩ් ඩෝකින්ස් ආවේ මොන වීසා එකකින් දැයි විමසූ අයෙක් ඉන්නවා ද?!!!

කියුබාවෙන් චිත්‍රපටි!

ජනවාරි 23, 24 හා 25 වැනි දිනයන් හි සුදර්ශි ශාලාවේ (බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට) දී කියුබානු චිත්‍රපටි නරඹත හැකිය.

ජනවාරි 23, සවස 4 ට Jose Marti, The Eye of the Canary

ජනවාරි 24, සවස 6 ට Old House

ජනවාරි 25, සවස 6 ට Red Hot City

ප්‍රවේශ පත්‍ර වැය හා ඉංග්‍රීසි හෝ සිංහල උපරැසි ඇත්දැයි නොදනිමි.

ලතාවන් බොහොමයක් අවුල් කර ඇත්තෙමි!!!! අවුල් ලිහා ගන්නට කියවන්නා විසින් මොළය වෙහෙසනු ඇතැයි සතුටින් බලා සිටින්නෙමි!!!!

අද හැඳින්වීම: මාක්ස්වාදී ලෙනින්වාදය (Marxism-Leninism)

සම්භව්‍ය මාක්ස්වාදී දෘශ්ටිය ව්ලැඩමියර් ලෙනින් අතින් විසදෘශ වී ඉදිරිපත් කිරීමයි. විප්ලවයක් ඇති වීම වළකනු සඳහා බුර්ජුවාසීය විසින් කම්කරුවන්ට යාන්තමට සෑහෙන පමණට වස්තුව ලබා දීම අධිරාජ්‍යවාදී වූ වෙළඳාම යැයි ඔහු හඳුන්වා දුනි. ඒ නිසා බුද්ධිමතුන්ගේ මෙහෙයවීමෙන් සහ කැප වූ විප්ලවවාදීන්ගේ දායකත්වයෙන් වූ අරගලයකින් කම්කරුවන්ට විමුක්තිය ලබා දිය යුතු යැයි ඔහුගේ මතය විය. සංවර්ධනය වන ලෝකය අධිරාජ්‍යවාදයට එරෙහිව විප්ලවවාදී පියවර ගත හැකි සටන් පිටිය යැයි ද ලෙනින් පෙන්වා දුන්නකි. 1919 දී මාක්ස්වාදී ලෙනින්වාදය කොමියුනිස්ට් අන්තර්ජාතිකය විසින් තම ප්‍රධාන දෘශ්ටිය බවට අනුචිත කර ගත්හ.

රුවල් නැවක යන්න එන්න
රුවල් නැවක් මුහුදෙ යන්නෙ ඇදිලා පාවෙලා. මෝටර් බෝට්ටු වගේ වතුර කපාගෙන නෙමෙයි. රුවලෙන් ඇදී යන අඩි 52 ක රුවල් නැවක් ඒ ප්‍රමාණයේ මෝටර් බෝට්ටුවක් යන සද්දෙට වඩා බෙහෙවින් අඩුයි.

නැව් යන වේගය කියන්නෙ “නොට්”  (knot) වලින්. හුලං හමන අත අනුව තමයි තමන් යන පැත්තට වේගයෙන් යන්න පුළුවන් වෙන්නෙත්!! මේ යන්නෙ නොට් 7 ක වේගයෙන්, එක රුවලක ආධාරයෙන්, ඉන්ධන පාවිච්චියක් නැතිව.

රුවල් නැවකින් ඇමෙරිකාවේ මයාමි වලින් බහාමාස් වලට යන්නත් පුළුවන් ඉන්ධන වැයක් නැතිව. දුර නාවුක සැතපුම් 40 ක් පමණ. මෝටර් බෝට්ටුවකින් යනවා නම් පැය දෙකහමාරක් තුනකින් යන්නත් රුවල් නැවකින් නම් පැය අටක ගමනක්. රෑට පටන් ගෙන උදේට එහි නැඟිටින්න තමයි යෑම වඩාත් සුදුසු. හැබැයි එහෙම යනවා නම් කැප්ටන් සාර්ජන්ට් වගේ අයෙක් හොයා ගන්න ඕනා විශ්වාසවන්ත. නැතුව අර ඉතාලි කොස්තා කොන්කෝර්ඩියා එකේ කප්පිත්තා වගේ නැව ගිලෙන්න පැය දෙකකට කළින් කිසිම කරදරයක් නැහැ කියල අන්තර්ජාලයේ පින්තූර දදා ඉන්න අයෙක් නෙමෙයි!!!

අනතුරක්, අවදානමක් පිළිනොගත් පමණින් එය ඉබේ ම පහ වී ගිහින් සියල්ල සාමයෙන් සමාදානයෙන් නිමා වෙන්නෙ නැහැ. අනතුර හා අවදානම දකින්න හැකියාව ඇති අය ඒ සඳහා පිළියම් සොයා ගන්නවා. අනිත් අය පෙන්වා දුන්නත් පිළිනොගෙන තමන් විසින් මවාගත් ලෝකයක හිරවෙලා සිට අන්තිමට බංකොළොත් නැත්නම් මුහුදුබත්!!!

අද හැඳින්වීම: බුර්ජුවාසී (bourgeoisie)

මාක්ස්වාදය හා බොහෝවිට පාවිච්චි වන වචනයක් වන මෙය යොදා ගැනෙන්නෙ නිෂ්පාදනය කරන්නට හැකි අයිතිය තියනා අයව හඳුන්වන්න. ධනවාදී ඉහළ සහ මධ්‍යම පංතිය ගැන කියන්න.

2011 වෙද්දී ලෝකයේ ආණ්ඩුවේ රස්සාවල් නොකරන බොහෝ පිරිස වැටෙන්නෙ හැබැයි බුර්ජුවාසී පංතියට!!!

අද ලෝකයේ මිලියන 200 ක ජනතාවක් තමන්ට ඇති නිෂ්පාදනය කරන්නට ඇති හැකියාවත් අරන් තමන්ගෙ රටේ නිෂ්පාදනයට අයිතිය කියන්න බැරි නම් වෙන රටකට යනවා!!! බුර්ජුවාසි හැත්ත!!!!

දාමරික ප්‍රචණ්ඩත්ව ඉහළ මයාමි බීච්
මයාමි නගරයේ ආර්ට් ඩෙකෝ හෝටල් සහ ලමස් පාර්ක් ඇති මයාමි බීච් මුහුදු වෙරළ අසබඩ පෙදෙස රටේ දාමරික ප්‍රචණ්ඩත්ව ඉහළ ම තැනක් යැයි සැලකේ. සෙසු ඇමෙරිකාවේ (2010 දත්ත) සාමාන්‍යයට (319.1) වඩා එහි දාමරික ක්‍රියා (651.8) දෙගුණයකින් පමණ වැඩි ය. දහවල් කාලයේ එහි පොලිස් නිලධාරීන් බහුලව දැකිය හැකිය. රාත්‍රියේ දී උද්‍යානය, නිවාස නොමැති අය නිදාගන්නා, මත්ද්‍රව්‍ය විකුණන හා මිල දී ගන්නා අයගේ රාජධානිය වෙයි.

සංචාරකයාටත්, පළාතේ වැසියන්ටත් මෙන් ම නිවාසයකට අයිතියක් නොකියා උද්‍යානයක ජීවත්වෙන නිදහස් මිනිසාටත්, ශාරීරික ව්‍යායාම් කරන්නට එළිමහනේ ඉදි වූ මුදල් අය කිරීමක් නැති කය වඩවන ආම්පන්න මෙසේ ඇත.

මයාමි බීච්හි ජනගහණයේ වැඩියෙන් ඉන්නේ හිස්පැනික් නොහොත් දකුණු ඇමෙරිකානු රටවල වැසියන් වෙති. යුරෝපීය ආභාෂය ඇති සුදු හම ඇත්තෝ ඊ ළඟට වැඩිම පිරිස වෙති. චීන, ඉන්දියන් හා කළු අය ඉතා ස්වල්පයකි.

ස්පාඤ්ඤ භාෂාව නොදන්නේ නම් එහි ජීවත්වීම නීරස ය. 2003 දී අපි එහි යද්දී දැක්කාට වඩා 2012 වෙද්දී හැමෝම කතාබහ කරන්නේ ස්පාඤ්ඤ (ලතින් ඇමෙරිකානු හුරුව) බසිනි.

මේ පැත්ත ආර්ට් ඩෙකෝ දිස්ත්‍රික්කය යැයි හැඳින්වෙන්නේ එහි ඇති හෝටල් නිමැ වී ඇති විලාසය සහ ඒවායේ බිත්ති පාට නිසා ය. මේ බිල්ඩින් නිර්මාණ ශෛලීය 1920 ප්‍රංශයෙන් ලබා ගත්තකි.

සෙසු ඇමෙරිකාවේ මෙන් ම මයාමි බීච් පැත්තේ ද දාමරික ප්‍රචණ්ඩත්ව කෙමෙන් අඩු වෙන බව දත්ත පෙන්වයි. එහෙත් නීති දැඩි කිරීමෙන් සාමය උදා වෙනවා යැයි සිතන පාලකයෝ දත්ත දිහා බලනවා දැයි සැක ය.

අද හැඳින්වීම: අරාබි සමාජවාදය (arab socialism)

මේ දේශපාලන සංකල්ප ගොඩ නැඟෙන්නේ සර්ව-අරාබීය ඇජෙන්ඩාවකට එකතු කරගන්නා සමාජවාදී මූල ධර්ම කිහිපයකිනි. අරාබි සමාජවාදයෙන් අරාබිකරයේ රටවල් එකමුතු කරන්නට උත්සාහයක් ඇත. යුරෝපීය සමාජවාදයේ බොහෝ සංකල්ප ද මෙහි දකින්නට තිබිය ද යුරෝපීය සමාජවාදයෙන් ඔවුන් වෙනස් වන්නේ සංස්කෘතිය හා බැඳුනා වූ හා සර්ව අරාබි අධ්‍යාත්මික අනන්‍යතාවයකින් යුතු වූ අදහස් වලින් සමන්විත හෙයිනි.

Al-Ishtirākiyya (සමාජවාදය) යැයි මුලින් ම අරාබි භාෂාවෙන් පොතක් ලියැවෙන්නේ 1913 දී කොප්ටික් ඊජිප්තු වැසියෙක් වන සලාමා මූසා විසිනි.

ස්ත්‍රීන්ට සම්පූර්ණ විමුක්තිය ලබා දිය හැකි යැයි කියන සමාජවාදය හා සමාජවාදී පක්ෂ තියරි වලින් සපිරි ආරබි සමාජවාදය ද සමාජ සමානාත්මතාවයක් නිර්මාණයට කැප වී සිටිති.

1917 සිට 1991 දක්වා සෝවියට් රුසියාවේ ජෝසප් ස්ටාලින්ලා, වී. අයි. ලෙනින්ලා, බොරිස් යෙල්ට්සින්ලා ගෙන් පසුව 2012 දී නැවත දිනන්නට දත කන ව්ලැඩමියර් පූටින් දක්වා කාන්තාවක් කී දෙනෙක් රටේ සෙන්ට්‍රල් කොමිටියේ හිටියා ද, අද ඉන්නවා ද?!!! කොමියුනිස්ට් චීනයේ කී දෙනෙක් හිටියා ද, අද ඉන්නවා ද?!!! කියුබාවේ කී දෙනෙක් හිටියා ද, අද ඉන්නවා ද? උතුරු කොරියාවේ කී දෙනෙක් හිටියා ද, අද ඉන්නවා ද?!!!!

ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ හා අනිකුත් සමාජවාදී පක්ෂ වල සෙන්ට්‍රල් කොමිටියන්හි කාන්තාවන් කොපමණක් හිටියා ද? අද ඉන්නවා ද?!!!!

අරාබි සමාජවාදීන්ට ඒ නිසා, කාන්තාවන්ට විමුක්තිය දෙනවා යැයි තියරි වලින් පොරොන්දු වූවාට බය වෙන්න දෙයක් නැති ද?!!!

ඩොලෝරස් ඒත් කැමති නම් ලොලීටා කියන්න
සටහනේ සිරස්තලයෙන් එන්නෙ මයාමි නගරයේ අවන්හලක නමක්. මේ පින්තූරයෙ තියෙන්නෙ ඒ අවන්හලේ පින්තූරයක්. වාද්දුවෙ තියන Reef Villa & Spa එකේ පින්තූරයක් නෙමෙයි.

පාරිභෝගික භාණ්ඩයක් අලෙවියට වෙළඳ නාමය ඉතා වැදගත්. ඔස්ට්‍රියාවෙන් සූට්කේස් එක පමණක් අතේ අරන් ආපු ආර්නල්ඩ් ස්වාට්සනේගර් තමන්ගෙ නමින් ම රඟපාන්න ඕනෑ යැයි කියද්දී ඒ කාලේ සිනමාවේ එකම විදියට හිතන අය බෙහෙවින් අකමැති වුනා. මිනිස්සු නම කියන්න පුරුදු වෙයි කියලා ආර්නල්ඩ් නම වෙනස් කළේ නැහැ. ලෝකය පුරා වාසය කරන අය ටර්මිනේටර්ගෙ නම උච්චාරණය ඉගෙන ගත්තා.

2008 ඇමෙරිකන් ජනාධිපතිවරණ මුල් වටයේ දී ලංකාවේ අයෙක් මාත් එක්ක අනම් මනම් කතා කරද්දී ඇහැව්වා මම හිතන්නෙ කවුද ඊ ළඟ ඩෙමොක්‍රැටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක වෙන්නෙ කියලා. මම කිව්වා බොහෝ දුරට ඔබාමා තමයි කියලා. එයා පිළිගත්තෙ නැහැ කිසිවෙක් නොහඳුනන අයෙක් කොහොම ද හැමෝම දන්නා හිලරි ක්ලින්ටන්ව පරද්දන්නෙ කියලා. තාම ඔබාමා ජනාධිපති වූයේ කෙසේ දැයි හිතාගන්න බැරි ඇමෙරිකානුවන් ද බොහොමයක් සිටින නිසා ලංකාවේ එයාට තිබිච්ච අවුල වටහා ගන්න මට පුළුවන්!!!!

යම් දර්ශනයක හෝ දේශපාලන අදහසක ඇති නම වැදගත්. ඒත් නම විතරක් නෙමෙයි අර්ථයත් දැනගන්න ඕනා. අපි සමාජවාදීන්, අපි ප්‍රගතිශීලීන්, අපි ධනවාදීන් කියද්දී බොහොමයක් දෙනා දන්නෙ ඒ ගැන ප්‍රචාරණ වලින් හඟවන අර්ථ පමණයි. මූලාශ්‍රයන් සොයා යන්න ඇති අකමැත්ත එතැනත් පේනවා. වැඩිදෙනා ලේසියට කරන්නෙ පැතිර ඇති අදහස් අතුරින් තමන් කැමති අදහසට ගැලපෙන අර්ථය පිළිගැනීමයි.

ඒ නිසා වෙන්නැති මේ අවන්හලේ නම “ඩොලෝරස් ඒත් කැමති නම් ලොලීටා කියන්න” කියා දැම්මෙ!!!

ලෝකය එකිනෙකා හා වැඩි වැඩියෙන් සබඳතා පැවැත්වීම දැනට වඩා තවත් සංකීර්ණ හා පුළුල් වෙනවා මිසක් අඩුවෙලා ගිහින් අනාගතයක දී නැවතෙන්නෙ නැහැ. 2012 වෙද්දී ආර්ථික වාසි සොයා ලෝකයේ බහු පුරවැසිකම් ඇති අය වැඩියෙන් ම ඉන්න වසර වෙනවා. ලෝකයේ මිලියන 200 ක ජනතාවක් අද වැඩ කරන්නෙ, ජීවත් වෙන්නෙ, තමන් උපන්න රටේ නෙමෙයි.

අපි ජීවත් වෙන්න, රැකියාව කරන්න ගිය භූමිය අපේ ජන්ම භූමිය නොවුනත් එහි පුරවැසියෙක් වූවාම එහි දේශපාලනය හා සමාජ කටයුතු ගැන දැන සිටීම අපේ පුරැවැසිකමේ යුතුකම. ඊයේ රෑ ඇහුනා බීබීසී ලෝක වාර්තාවේ දී ලංකාවේ උපන් අජිත් නැමැති ඔස්ට්‍රේලියාවේ වාසය කරනා අයෙක් එහි ඇබොරිජිනීස් නැමති ආදීවාසීන්ගේ සුබ සිද්ධිය ගැන වෙහෙසන ප්‍රවෘත්තියක්.

ලෝකයේ ඕනෑම රටක පාසැල් වල, විශ්ව විද්‍යාල වල දේශපාලකයන්ට හා පංතියේ ගුරුවරුන්ට රිසි පරිදි උගන්වන්නට හැකි වූ කාලය කෙමෙන් අවසන් වී යනවා. තතු සොයන්න කැමති අයෙක්ට තතු සොයාගන්න පුළුවන් ලෝකයට අද අපි පිවිසෙන්නෙ. ජංගම දුරකතන වලින් අන්තර්ජාලයේ සැරිසරා ලෝක තොරතුරු සහ තම රටේ ඉතිහාසය කොතරම් වාරයක් වෙනස් වෙනස් ආකාර වලින් ලියැවී ඇත්දැයි සොයාගන්නත් ලෝක වාසීන්ට ලැබෙන කාලයයි අද!!!

ඉතින්, මේ සිංහලෙන් කියවන්නාට ලෝකයේ දේශපාලන තියරියන් ගැන කෙටියෙන් කියා දෙන්නට උත්සාහයක්. ජීවත්වන නිසා, හිතන්න පුළුවන් නිසා, අපි දැනගත යුතු දේ බොහෝමයි. තමන් තුල හට ගන්නා කුතුහලය අන්තර්ජාලයේ තවත් තැන් වලින් සොයා බලා දිගට ම පවත්වා ගෙන යාවී යැයි මගේ බලාපොරොත්තුව.

නම කුමක් වුවත් කමක් නැහැ අවන්හලට ගිහින් කන්නට. ඒත් නමින් කියන්නේ මෙහෙමයි හිතලා දේශපාලන තියරියක් ගිල්ලොත් නම් දිරවා ගන්න අමාරු වෙයි!!!

අද හැඳින්වීම: පරම බලය (absoulte power)

ආණ්ඩුවක හෝ ජාතියක සහ එහි වාසය කරන සෑම වැසියෙක්ම සඳහා ඇති සම්පූර්ණ ආධිපත්‍යය. සාමාන්‍යයෙන් මේ නම දෙන්නෙ පරම රාජාණ්ඩුවකට. පරම රාජාණ්ඩුවක ඉන්න රජවරු/රැජිනියන් ආණ්ඩු කරන්නෙ පරම බලයකින්. ඒක දෙවියන් විසින් රජු වෙත දුන්න බලයක් බවයි සංකල්පය. එයින් කියැවෙන්නෙ රජුට ආණ්ඩු කරන්න බලය කෙළින් ම දීලා තියෙන්නෙ දෙවියන්වහන්සේ කියලයි.

තවමත් බ්‍රිතාන්‍යයේ මහ රැජින වන දෙවැනි එලිසබෙත්ව අතින් ඇල්ලීම රීතියට එරෙහි වෙන්නෙ දෙවියන්වහන්සේ වෙතින් බලය ලැබි පරම රාජාණ්ඩුවක අගරැජින වන ඇය දෙවියන්ගේ නියෝජිතයෙක් වෙන නිසා.

තව කියවන්න: ඔටුනු පැළඳි ලෝකය

ඇමෙරිකන් වෙරළ මුර කරන හමුදාව!
ඇමෙරිකන් වෙරළ මුර කරන හමුදාව අපේ රුවල් නැව ළඟට ආපු එක වෙලාවක අපි ගිය නැව අයිති කැප්ටන් සාර්ජන්ට් හබලක් අතට අරගෙන “වෙරළ මුර කරන හමුදාවෙන් පැනලා යන මගේ ක්‍රමය” කියලා නැව ඇතුලේ හබල් ගාන හැටි රඟ පෑවා. මේ ඒක දැකලා වෙරළ මුර කරන හමුදාව හැරිලා ආපහු ගිය හැටි සුදු අප්පුහාමි අතින් වූ විඩියෝව.

බලය ඇත්තෝ තම බලය වැඩි කරගන්නට ගන්නා නිති උත්සාහය අවම කරන්නට හැක්කේ ව්‍යවස්ථාව රකිනා නීති පිළිපදින සමාජයකට පමණි. අළුත් විජට්ටු ඇතිව කැමරා බිහිවීම නිසා අද යමක් සිදුවෙද්දී ම එය ලෝකය පුරා බෙදාහරින්නට පුළුවන. ඒ නිසා පොලීසියෙන් පහර දෙන විට, අත් අඩංගුවට ගන්නා විට, කැමරාවෙන් පින්තූර ගන්නා අය ලොව බහුල වුණි. ඉන් “මහජන ආරක්ෂාව” සලසන අයගේ බලය අඩු විය!!! කැමරාවලට එරෙහිව යුධ ප්‍රකාශ වුණි. බලය ඇත්තා හැමදාම හදන්නේ බලය වැඩි කරගන්නටත්, ඇති බලය රැක ගන්නටත් ය. එහෙත් රටේ ව්‍යවස්ථාව රකිනා අය ඉන්නා නිසා ඔවුන්ට ඇමෙරිකාවේ දී ඉඩ අවම වෙයි. ඇමෙරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධන අයිතිය ආරක්ෂා කරමින්, ව්‍යව්සාථානුකූල නීතිය රැකි තීන්දුවක් මෙසේ නියම විය.

ලතාවන් අවුල් කරන නිදහස නැතිව ඉදිරි ගමනක් නැත. විරෝධතා, ඝට්ටන, වියවුල් වලට බිය වී දැඩි නීති වලින් රට පාලනය කරන්නට ගිය සමාජ එක තැන හිර වී සිටිති. බලය වැඩි කරගන්නට උත්සාහයක් ගන්නා අය හැමදාම සිටිනවා සේ ම, ජනාධිපතිවරයා සිට පළාතේ පොලිස් නිලධාරියා දක්වා යම් අයෙක් ව්‍යවස්ථානුකූල නීති කඩන්නේ නම් ඒ වෙනුවෙන් විරෝධය දක්වන ඇමෙරිකානුවන් සිටීම ද මහා ඇමෙරිකන් පර්යේෂණයයි!!!

විසල් ආණ්ඩුවට විරුද්ධව ඇමෙරිකාව පටන් ගත් දා පටන් පුරවැසියන් විසින් විරෝධතාවය දැක්වූවා. ඇමෙරිකාවේ නිදහස් ප්‍රඥප්තියේ මැද කොටසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මහරජ්ජුරුවන්ට විරුද්ධව කරන චෝදනා වල එකක් තමයි අසීමිත බලැති ආණ්ඩුව. ඒ නිසා තමයි ඇමෙරිකන් ව්‍යවස්ථාවේ බලය බෙදී යන ලෙසින් ආණ්ඩුව තුන් කට්ටුවකින් හැදෙන්නෙ. මිනිස් ස්වභාවය දන්නා අය අතින් ලියැවුනු ව්‍යවස්ථාවක්. බලය අල්ලා ගන්නට ලොව කැමැත්ත හා උත්සාහය නැති රටක් ඇතැයි සිතීම මිනිස් ස්වභාවය නොදන්නා අය රවටන්න හැකි වූවක් මිසක් සත්‍යයක් නෙමෙයි.

මිනිස් ස්වභාවය දන්නා අය විසින් ලියන ලද ව්‍යවස්ථාවෙන් කරන්නේ “මහා ඇමෙරිකන් පර්යේෂණයක්” (The Great American Experiment). එනම් ලොව එතෙක් විසඳා නැති විදියකට ගැටළු විසඳන්නට හැකි රටක් බිහි කිරීම. රටට ආ සංක්‍රමණිකයන් අතර පරම්පරා අයිතීන් වලින් නොව ස්ව උත්සාහයෙන් ඉඩම් හිමියන් වන්නට, රදළ කුලය නිසා නොව උත්සාහය නිසා නීතිඥවරයෙක් හෝ වෙළඳ ව්‍යාපාරිකයෙක් වන පර්යේෂණ වලට ඉඩ ලැබුණ.

18 වැනි ශ. ව. දී ලෝකයේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් ගැන ද පර්යේෂණ පැවැත්වුණා. ඒ අදහස් තවමත් හරි හැටියට අවබෝධයට නොහැකි ඇමෙරිකානුවන් ද ඇතුළු පිරිස ලොව බොහොමයි. ඒත් … ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට මහත් ජනතාවක් 2012 දී ඇමෙරිකන් ව්‍යවස්ථාව ගැන සොයා බලන්න උත්සුක වෙලා බව රොන් පෝල් නැමති ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති අපෙක්ෂකයාට ඇති කැමැත්තෙන් පෙනී යනවා.

මහා ඇමෙරිකන් පර්යේෂණය අවසන් නැහැ. තෝමස් එඩිසන්ගේ චිත්‍රපටි කැමරාවෙන්, ගෝලීය උණුසුම අඩු කරන බිල් ගේට්ස් විජට්ටුවෙන්, කුණු විකුණලා ධනපතියෝ වෙන අයගෙන්, ගුවන්යානා වලට හැරවෙන කාර් වලින් ඇමෙරිකන් පුරවැසියන්ට විතරක් නෙමෙයි ලෝක පුරවැසියන් වෙනුවෙන් ද තවමත් පර්යේෂණ පැවැත්වෙනවා. සමහර දේවල් ලෝකයා දන්නෙවත් නැහැ. නිදසුනක් හැටියට චිලේ රටේ දවස් 69 ක් හිර වෙලා හිටිය පතල්කරුවන්ව Copiapó පතලෙන් බේරාගන්නට ඔවුන් හිර වී ඉන්නා හැටියට අනුව පොළව කනින යන්ත්‍රයට (Schramm T130XD) අළුත් කෑලි හදන්න, පතල කඩා වැටුනාට පස්සෙ පටන් ගන්නෙ, ඇමෙරිකන්කාරයෙක් (Center Rock, Inc., of Berlin, Pennsylvania). යන්ත්‍රයට අළුත් කෑලි හදලා පාර්සල් පෝස්ට් වලින් තැපැල් කරලා යවන්නෙ!! අළුත් විදියකට ගැටළුව විසඳන්න සමත් වෙන ඇමෙරිකානුවන් පතල් කනින කේෂ්ත්‍රයේ ද ලොව අනිත් රටවල් සියල්ලට ම වඩා ඉදිරියෙන් ඉන්නා බව පෙන්නනවා.

ඇමෙරිකාව තෙල් වලට යුද කරනවා කියන අය නොදන්නා කාරණයක් තමයි තෙල් නිධි රටක තිබුණාට මදි, කැනීම්, ගැනීම්, පිරිසිදු කිරීම් සියල්ල කරන්න දන්නෙ නැත්නම් ඵලක් ගන්න බැහැ කියන එක. අමුද්‍රව්‍යයක් තිබුණාට මදි. එයින් වැඩක් ගන්න හැකියාවක් දන්නෙ නැත්නම්.

තෙල් කැනීම් හා පිරිසිදු කිරීම් තාක්ෂණය ලෝක වෙළඳපොලට අනිත් රටවල් වලට වඩා ඉහළින් හා අඩු මිලට ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාවේ පුද්ගලික කොම්පැණි. ඇමෙරිකන් ආණ්ඩුව සතු තෙල් කොම්පැණි නැහැ!!! පටන් ගත් දා පටන් අළුත් විදියකට ගැටළු විසඳන්න හුරු වෙච්ච මිනිසුන් ඉන්නා රටක්. ආණ්ඩුවක් කියන විදියට ජීවත් වූ මිනිසුන් අඩු රටක්. ඔවුන්ට වඩාත්ම ඉහළ නිෂ්පාදන ලෝකයට බිහි කරන්න තවමත් හැකියාව ඇතැයි වැටහෙන්නෙ, හිතන්න නිදහසක් ඇත්නම් තමයි අළුත් දෑ ලොවට බිහි කරන්න පුළුවන් යැයි, වැටහෙන අයට පමණයි.

සෝවියට් රුසියාවේ කඩා වැටීමෙන් පස්සෙ රුසියාවට නැඟී සිටින්න ඇමෙරිකාව ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් වලින් ණය ආධාර දී අත දුන්නේ ඇයි? චීනය කඩා වැටුණාට පස්සෙ චීනයට නැඟිටින්න ඇමෙරිකාව ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් වලින් ණය ආධාර දී අත දුන්නේ ඇයි?

රුසියාව අද යුරෝපයේ බොහෝ රටවල් වලට තෙල් සපයන්නට සමත් වෙනවා. ඒත් ඇමෙරිකාවේ තාක්ෂණයට ළං වෙන්න ඔවුන්ට තම රටේ පවතින හිතන හැටි වෙනස් කරන්න සමත් වෙන්නේ නැත්නම් බැහැ. චීනයටත් හිතන හැටි වෙනස් නොවන තෙක් එයම බලපානවා.

මහා ඇමෙරිකන් පර්යේෂණය සඳහා කැප වූ පිරිසක් තවම ඇමෙරිකාවේ ඉන්නවා. පුරවැසියන්ට සිතන්න නිදහසක් දුන්නාම ලෝකයේ ඕනෑම රටක පුරවැසියන්ට සංවර්ධනය වෙන්න පුළුවන් යැයි විශ්වාසයෙන් අනිත් රටවල් වලට ඔවුන් උදව් කරන්නෙ කැමැත්තෙන්. ඇමෙරිකාවේ සමහර අයට මේක වටහා ගන්න බැරි නිසා, ඔබාමා වැනි අය පුරවැසි චින්තනයට වැට බැඳ, ආණ්ඩුවේ සැලසුම් වලට තැන දෙන්නට යෑමෙන්, කොහොම ද අනිත් රටවල බහුතරය මෙය වටහා ගනියි කියා හිතන්නෙ?

ඒ අය දකින්නේ ඇමෙරිකාව තම යුද බලයෙන් ලෝකය “අල්ලා” ගන්නට “යත්න දරන” බවක්. නැහැ, ඇමෙරිකාව නැමති රට උපන් දා සිට එය යුද බලයෙන්, තාක්ෂණයෙන් පමණක් නෙමෙයි, පුරවැසි අයිතීන් හා එරටේ පුරවැසියාගේ යහපත විතරක් නෙමෙයි ලෝක පුරවැසියාගේ යහපත වෙනුවෙන් ද, බැරී බ්ලම්බර්ග් වැනි අළුත් විදියකට හිතා ගැටළු විසඳන්නට සමත් වූ අය පිරි, ලෝකයේ ම ඉදිරියෙන් ඉන්නා රටක්. අල්ලා ගන්න දෙයක් නැහැ … නිදහස කුමක් දැයි අවබෝධයෙන් තොර නිසා දැනටමත් බොහෝ අය පරාජය වී අවසන්. ඔවුන් පැරදී ඉන්නේ තමන් විසින්ම වැට බැඳගත් පටු චින්තනයේ මානසික වහල් බවින්.