අරුණි ශපීරෝ‍ වෙතින්

කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 24, 2009

කාසි වාසි ඇති අය ලඟ මනුස්සකම බොහොම හිඟයි කියලා සිංදුවක් රේඩියෝවෙන් ඇහුණ. පුරුද්ද අත අරින්න බෑ. රටෙන් පිට උන්නට ලංකාවෙ රේඩියෝව අහනවා අන්තර්ජාලයට පින්සිද්ද වෙන්න. ධනවත් අය මනුස්සකම නැති අය හැටියට සැලකීම අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඒක සමාජවාදී අයගේ කතාවකුත් නෙමෙයි. ඈත අතීතයේ කෙනෙක් ධනවත් බව ලබා ගත්‍තේ එක්කො කොල්ල කාලා නැත්නමි උරුමය නිසා. ඉතින් එහෙම අය අතර මනුස්සකම හිඟ බව කියන්න අමුතුවෙන් ඉගෙන ගෙන එන්න අවශ්‍ය නැහැ.

පස්සෙ කාලේ මුදල් නීත්‍යානුකූලව හොයන්න ආදායමි මාර්ග ඇති වුනාම මෙම කියමන කවුරුත් වෙනස් කරන්න ගියේ නෑ. මොකද ඕනෑම සමාජයක ධනවතුන් ඉන්නේ අල්පයයි. හැමෝම ආසයි ධනවත් වෙන්න. ඒත් හැමදාම තමන්ට වඩා ධනවත් කෙනෙක් ආයේ ඉන්නවා. බිල් ගේට්ස් වුනත් ලෝකයේම ලොකුම ධනපතියා කියන තැනින් පහළට ගියානේ. දැන් එයා මහා දානපතියා වෙලා.

නැති කෙනෙකු ගෙන් යමක් ඉල්ලන්න පැකිළෙන අපි ඇති කෙනෙකු ගෙන් ඉල්ලන්න පසුබට වෙන්නෙ නැහැ. අපේ හිතේ සොයාලා නොබලපු අදහසක් තමයි ඇති අය නැති අයට දෙන්න ඕන කියල. ඒක තමයි මනුස්සකම කියන්නෙ කියල. ධනවතාගෙන් ඉල්ලල නුදුන්නොත් අපි බනින්නේ මනුස්සකම නැති එකා කියල. අනිත් පැත්තට ඉල්ලපු දේ ලැබුනාම කියන්නේ ඊට වඩා වුනත් දෙන්න ඌ ගාව තිබුණ කියල.

ලෝකෙටම බෙදලා දෙනවා මං ධනවත් වුනාම කියන ගොයියෝ කාටවත් දෙයක් දෙන්න තරමි ධනවත් වෙලා නැති බව හැමෝම දන්නවා. ඒ අය ධනය හොයන්න නෙමෙයි දහිරිය දාන්නෙ. මේ හරියට තමන් රාජ්‍ය පාලනයට තේරිලා පත් වුනාම හොඳ පාලකයෙක් වෙනවයි කියන පුරසාරමි වගේ. ප්ලේටෝ කියපු දාර්ශනික රජු සංකල්පයක් පමණයි. ඒ සංකල්පය සත්‍යය කරන්න තියා ඒකට කිට්ටු කරන්නවත් එදා මෙදා ලොවට බිහිවෙච්ච රාජ්‍ය පාලකයෙක් නැහැ.

ඔබාමා ජනාධිපති වුනාම රට වෙනස් වෙයි කියලා බලාගෙන හිටපු අය අතරින් දැන් ඔබාමාට චන්දේ දීපු කෙනෙක් හොයා ගන්න බැරි තරමට. අවුරුද්ද වත් ඉවර නැහැ. කමාන්ඩර් ඇන්ඩි චීෆ් කියලා ඇමෙරිකාවෙ ජනාධිපතිට කියන්නේ රටේ හමුදා සේරටම එයා පුධානියා නිසා. දැන් ඔබාමාට දාලා තියන නම ඔ‍ෙර්ටර් ඇන්ඩි චීෆ්. මොකද එයාගෙ කෙරුවාව කටෙන් පමණක් නිසා. එයාට තිබුණේ දාර්ශනික කම රැකගෙන රජ වෙන්නෙ නැතුව ඉන්න.

රටට සේවය කරන අයගේ මුදල් පසුමිබ් තර වෙන එක අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. එහෙත් එහෙමයි. මෙහෙත් මෙහෙමයි. ඔබාමා සෙනෙටි සභාවට තේරිලා පත් වුනාම වයිෆ්ගේ පඩිය ඉහළ ගියා. ඒ අර කරපු වැඩකට නෙ‍ෙමි. සිරිබිරිස් කාටුනයේ එන මගෝඩිස්තුමා හැමදාම තරබාරු වෙන කිසිම රටක නැවතිලා නැහැ.

සමහර විට මනුස්සකම හිඟ උරුමයෙන් ධනවත් වෙච්ච හෝ කොල්ලා කාගෙන ධනවත් වූ අය ‍ළඟ වෙන්නැති. ඒ නිසා මහන්සි වෙලා වැඩක් පළක් කරල මුදල් හොයා ගත්තු අය ළඟ මනුස්සකම නැහැයි කියන එක නමි වැරදියි. එතකොට ඒක අපිත් එක්ක ‍ෙබදා නොගන්න අය ළඟ මනුස්සකම නැහැයි කියනවා වගේ කතාවක් වෙනවා. ධනවත් හැමෝම මනුස්සකමෙන් පිරිහිලා ගිහින් නැහැ වගේම අතේ සතේ නැති හැමෝම මනුස්සකමෙන් පිරිපුන් අයත් නෙවෙයිනෙ.

6 Responses

Subscribe to comments with RSS.

  1. හිරාන් මිලින්ද said, on ඔක්තෝබර් 4, 2009 at 6:43 පෙ.ව.

    ඔබගේ බ්ලෝග් සටහනට මගේ සුභ පැතුම්!

    ඔබෙ ඉහත සටහන හිතන්නට යමක් ඉතිරි කල බව කියන්න ඔනෙ… ඉස්සරහටත් කියවන්න බලාපොරෙත්තු වෙනවා

  2. හීනියට said, on ඔක්තෝබර් 25, 2010 at 9:12 පෙ.ව.

    හත්වලාමේ අවුරුද්දකට කලින් ලියපුව දැනුයි ඔන්න කියෙව්වේ…
    කියවගෙන කියවගෙන කියව……යන්න ඕනෙ වේලව හොයාගෙන

  3. elephas said, on ඔක්තෝබර් 28, 2011 at 8:47 පෙ.ව.

    නියම බ්ලොග් 1ක් වගේ. මුල ඉඳන් පටන් ගෙන ඔක්කොම කියවන්නම්. හැබැයි වැඩේට ගොඩක් කල් යයි නේද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: