අරුණි ශපීරෝ‍ වෙතින්

බුද්ධිමතා ජය ගැනීම

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 25, 2009

ඩාවින්ගේ පරිණාමවාදය අනුව ජයගන්නේ යෝග්‍යතමයාය. ඩාවින් දැක්වූ අන්දමට යෝග්‍යතමයා යනු සවි ශක්තියෙන් බලවත් පරිසරයට හා බාහිර බලපෑමී වලට ඔරොත්තු දී‍ෙම් හැකියාව ඇති අයෙකි. සතුන් සිවිපාවුන්ට ද මිනිසා මෙන් එකසේ මෙම ධර්මය අදාල විය. යෝග්‍යතමයෙකු වීමට ඕනෑම කෙනෙකුට ස්වකීය උත්සාහයෙන් පුළුවන. ඒ සඳහා අවශ්‍ය වන්නේ අනුන් අභිබවා ඉදිරියට යාමට ඇති දැඩි ආශාව හා කැමැත්තයි. යෝග්‍යතමයන් පමණක් අන්තිමේදී ලොව ඉතිරි වේ යයි දැක් වූ ඩාවින්ගේ මතය දැන් විවේචනයට හා නව විග්‍රහයන්ට ලක් වී තිබේ.

සුප්‍රසිද්ධ මානව හිතවාදියෙකු වූ දොස්තර ජෝනාස් සල්ක් 1970 ගණන් මුල දී ලියූ ‘වඩාත්ම බුද්ධිමතාගේ ජය ගැනීම’ (survival of the wisest) නැමති විප්ලවීය ග්‍රන්ථයෙන් මෙම ඩාවින්ගේ මතය හාස්‍යයට ලක් කර ඇත. දොස්තර ජෝනාස් සල්ක් ප්‍රථම පෝලියෝ එන්නත සොයා ගත් වෛද්‍යවරයා වෙයි.

‘වඩාත්ම බුද්ධිමතාගේ ජය ගැනීම’ කෘතිය ලිවීමෙන් පසු ඇමෙරිකානු රූපවාහිනිය මඟින් දොස්තර සල්ක් පිළිබඳව වැඩසටහනක් ඉදිරිපත් කෙරුණි. එහි දී රූපවාහිනී වාර්තාකරුවෙක් ‘ඔබ ඥානය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? යි දොස්තර සල්ක් ගෙන් විමසීය. ඇසි පිය හෙළන පමාවෙන් පිළිතුරු දුන් ඒ උතුමි මානව හිතවාදියා මෙසේ පැවසීය. ‘අතීතයේ පාඩමි තුළින් අනාගතය දෙස බැලීමට ඇති හැකියාව යනු ඥානයයි.’

දැඩි තරඟකාරී ස්වභාවයකින් යුතු මේ නවීන යුගයේ පැන නැඟී ඇති අවුල් දෙස බලන විට අපට අවශ්‍ය වන්නේ යෝග්‍යතමයින් ද නැත්නමි බුද්ධිමතුන් ද යන්න මොනවට පැහැදිලි වේ. සෑම දෙනාම යෝග්‍යතමයින් වීමට දරණ උත්සාහයේ දී ඇතිවන හානිය ඉමහති. එහෙත් සියළු දෙනාම බුද්ධිමතුන් වීමට උත්සාහ කරන්නේ නම් මානව සංහතියේ මානව හිතවාදී දියුණුව එතැන් පටන් ඇරඹෙන්නේය.

ඔබ ද, ඔබගේ ජීවිතයේ එදිනෙදා කෙරෙන සෑම කටයුත්තක දී ම නැණස යොමා බලන්න සිත තබා ගන්න. අවංක උතුමි මිනිසෙකු වීමෙන් මනුෂ්‍ය සංහතියයේ පැවැත්ම තහවුරු කරන්න.

4 Responses

Subscribe to comments with RSS.

  1. sampath said, on පෙබරවාරි 11, 2010 at 3:00 පෙ.ව.

    This is good topic to talk if u hav more about plz upload them. i m also use theories of Sumanadasa sir in normal life.

    Wish u best and this blog is cool

  2. නිකං said, on අගෝස්තු 6, 2013 at 11:55 ප.ව.

    බොහෝ ස්තුතියි අරුණි අක්කේ සැබෑ මනුස්සයෙක් අදුන්වා දුන්නාට
    ඔහුගේ කතාවක ලින්ක් එක පහල තියෙනවා

  3. Open Minds said, on දෙසැම්බර් 1, 2016 at 7:26 පෙ.ව.

    I’m a new reader for this blog.
    Great..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: