මානසික පරිණාමය
මෙයට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට පෙර ලෝකයට බුද්ධිය පහළ වූදා ආලෝකෝ උදපාදී කියා බුදු හිමියන් සත්‍යාවබෝධය ගැන උදම් ඇනූ සේක.
ශද්ධ වූ බයිබලයේ දෙවියන් වහන්සේ ලෝකය මවා ආලෝකය ඇති වෙවා යයි කී විට අන්ධකාරය දුරු වී ආලෝකය පහළ වූ බව කියැවෙයි.
එහෙත් අද වනතෙක් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඇති හැකියාව අපි වසාගෙන ඉන්නේ ඇයි?
මති මතාන්තර හා පරණ හණමිටි කර ගහගෙන ඉන්නා අපි ඒවාට මුල් තැන දී ඇත්ත පෙනි පෙනී ඊට මුහුණ දීම යටපත් කරමු. ඒ අපගේ මානසික පරිණාමය ඉදිරියට යන්නට පැකිළෙන නිසා ද?
ගස් වලට පිදීම තවමත් කරමු. අසල්වැසියාට ආදරය කරන්නේ තරුණ තරුණියන් ආලයෙන් මුසුපත් වුනානම් පමණි. සෑම ආගමකම මූල ධර්මයන් දෙස බලන්නෙකුට ඒවායෙහි කියා ඇති එක හා සමාන වැදගත් වූ පාඩම් දැකගත හැකිය. එහෙත් අපි බෙදී වෙන් වී එකිනෙකා හා ඇනකොටා ගැනීම නවතා නැත.
කාර්මිත දියුණුව නිසා ධනවත් වූ රටවල වුවද අධ්‍යාත්මික වශයෙන් මානසික පරිණාමයක් නැති බව අද කෙරෙන කතා බහෙන් පෙනී යයි. ඉදිරියට යනවා වෙනුවට නොයෙකුත් වාද භේද වලින් කොන් වී අපි කොටු වෙන ආකාරය දකින්නට ඇත.
අනෙක් අයකුගේ මතයක් පිළිනොගත්ත ද ඊට සවන් දීමට තරම් හැකියාවක් අපට වඩවා ගන්නට හැකිද? මෙතෙක් විරුද්ධ වූ දෙයක් ගැන විරුද්ධ පැත්තෙන් හිතා බලන්නට වෑයමක් ගත හැකිද?
එක අන්තයකින් තවත් අන්තයකට යන අපි මැද පිළිවෙත ගැන දැන දැනත් එහි නියැළෙන්නේ නැත්තේ ඇයි?
හ්ම්…මානසික පරිණාමය කවදා සිදුවේවිද?
ආගම ඇති තැන මානසික පරිනාමයකට ඉඩක් කොහින්ද?
වැදගත් පුශ්නයක් තමයි. ආගම් වල ඇති දර්ශනය දිහා බලන්න. පිළිවෙත් දිහා නොබලන්න.
ආගමික දර්ශනයන්ගේ මානසික පරිනාමයට පත්වෙන පුද්ගලයාට කියන විශෙශ නාමපදයක් ඇත. අන්ධ භක්තිකයා යන්නයී. උන්දෙලාව කොන් කිරීම, මැරීම, අපායෙ දමා මද ගින්නේ බැදීම, උන්දෙලාගේ ලමුන් නගර සීමාවේ එල්ලා මැරීම, කන්‍යාවන් පමනක් වහල් බාවයේ තබා ගැනීම ආගමික දර්ශයනයන්ගේ යහතින් තිබේ. ඒ කෙසෙ වෙතත්, පිළිවෙත්නම් අංකාරය. රසවත්ය. කනට සහ ඇසට මිහිරිය.
Of course religion has a good side to it. Religion is like a high-end prostitute. A good f..k but a bad partner to live with.
Ritigala Jayasena, wouldn’t know since I never had this experience 🙂
😀 just speaking from other’s experience…
[…] මෙතෙක් මා ආගම ගැන ලියූ අදහස් කියවා නැත්තෝ පහත සටහන් කියවා නැවත මෙය කියවන්නට එන්න. ආගමූඪ, ටච්ඩවුන් ජීසස් හා වෝල්ටෙයා; ඇති සුගතිය හා නැති සුගතිය; දැනුම කොයිබට ද? ජිහාඩ් ජේන් හා බහරේන් මාලනී; ආත්ම අනාත්ම පටලැවිල්ල; මර්ෆි රිපෝට්, පාප්වහන්සේ හා මහ මළුවේ සඟ සමුළුව; කටාරයේ විලාසිතා ගැන විවාදයක්; දෙබරයකට ගලක්; භාවනාව; උද්යෝගීගේ මෝඩකම; මානසික පරිණාමය […]
Hama agamakama tiyana mulika haraye loku wenasak na.katawat karadarayak natuwa sadaranawa jewath wenna kiyalane saralawa kiyannne.hama manussayekma tamange agamata anuwa jewath wenawanan kisi prashnayak na.etha wade tiyenn Minissu tamange agama wenuwen minie maragattath ee wenuwen 1 dawasakwat jewath wenne nati ekai. 😦 😦
Duke,
එහෙම කියන්න බැහැ. සමහර ආගම් වල එය අදහන අයට දෙන අන්තර්ගතය සාමකාමී යැයි පෙනුනාට එහි මූලික අදහස් තුලින් සාමයක් නොව පතුරවන්නේ අන්‍යාගමිකයන් ප්‍රතික්ෂේප කරන හැදියාව. අන්‍යාගමිකයන් දරණ මත ප්රතික්ෂේපයේ දී නිතැතින්ම සිදු වන්නේ විරෝධතා ගොඩ නැඟීමක්. තමනට කැමති ආගමක් කැමත්ත ඇති පුද්ගලයාට අදහන්නට අයිතිය දෙන, ආගමක් අදහන්නට අකමැති අයට ආගමක් අදහන්නේ නැතිව සිටිය හැකි අයිතියක් ඇති බව, එහෙම අයිතීන් ඇතැයි පිළිගන්නා වූ ආගම් ඉතා සොච්චමයි ලෝකයේ තියෙන්නෙ.
kathawa piliganawa.eth hama agamakama anik minissunata karadara karana eka. boruwa,pranagathaya, wage mulika dewal prathikshepa karanawa neda ?
ඇත්තම කියනවා නම් පොර වල් වගේ හැමෝම ආගම් විවේචනය කලාට ඒ අයට ආගම් කර්තෘ වරයකු හෝ වෙනත් දාර්ශනිකයකුගේ ගැඹුර නැත. මට නම් හිතෙන්නේ ආගම් වලට මෙතරම්ම බනින්නේ තමන්ද ආගමක සෙවෙනේ හැදුන නිසා විය යුතුය. ලොකු වෙන කොට අවශ්‍යතා වැඩි වේ. ඒවායින් බොහොමයක් ඉටුකරගන්නට නම් ආගම් හා සදාචාරය අභිබවා යා යුතු වේ. ඉතින් පොඩි තර්කයක් දෙකකින් හා ලුනු ඇඹුල් ඇති දෙයක් දමා ආගම කැපීම ලේසිය. පර අඹුව සමග සංසර්ගයේ යෙදෙන්න උවමනා වූ විට නම් මිනිසා + ගැහැනිය + සොබා දහම + ලිංගික එකතුව + පුහු විවාහ බන්ධනය කියා ලස්සනට ඒවා සාධාරණීකරනය කල හැක. ඒත් ලොම් හැලී දරු මල්ලන් ලොකු වෙනකොට වෙන දෙයක් හිතෙන්නට ඉඩ ඇත. ගුණදාස අමරසේකර උන්නැහේලා කරුමක්කාරයෝ සිට අසක්දාකව වෙත ආවා වගේය.
වයසට ගියත් හවසට ගෙදර කියන්නාක් වගේ ඉතින් ආගෙමෙත් ගත යුත්තක් නැත්තේම නොවෙයි.
අනික ආගම් බිහිවුන පරිසරය බැලුවොත් ඒ කාල වල අම්බානක කාම සුකල්ලිඛානු යෝගය රජ කරමින් තිබුන බව පෙනෙන්න තිබේ, රෝම අදිරාජ්යය බැලුවත් දම්ඹදිව බැලුවත් කතාව ඒකමය.
කොහොම වුනත් මානසික පරිණාමය දැනටත් වෙමින් තියනවා කියන එක මගේ අදහසයි. සාමාන්‍යයෙන් පරිණාමය ඉක්මන් වන්නේ අමාරු අපහසු කාලවලයි. මොකද එතකොට තමයි ස්වබාවික වරණය හැබෑම ” ලයිෆ් සේවර්” එකක් වෙන්නේ. එහෙම වුනාම තමයි ඒ ජාන පැතිරෙන්නේ.
කොච්චර කෑ ගැහුවත් හිඟන්නො කන්නෙත් රෑට බුරියානි ! ( හිඟන්නෙක් ට බත් පාර්සල් එකක් දෙන්න ට්‍රයි කරන්න බලන්න මම කියන දෙ ඇත්ත නැත්ත තේරෙයි )
ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි ඉන්නේ සුරපුරක කියලා, ඒකෙන් අදහස් වෙන්නේ අපි ඉන්නේ බඩට මුල් තැන දෙන ලෝකෙක කියලා. ඉතින් එහෙම තැනක මානසික පරිණාමය හරි ස්ලෝ!
බඩට මුල් තැන දෙන එක බටහිර සංස්කෘතියෙ තමයි වැඩි පුරම පේන්න තියන්නේ. ඒක තමයි ඒගොල්ලො රටක නායකයො එක්ක තරහ වෙච්ච ගමන්ම ඒ රටේ මිනිස්සුන්ට කන්න නොදෙන ආකාරයේ සම්බාධක පනවලා මිනිසුන්ට නොකියා කියන්නේ ” කන්න ඕන නම් ආන්ඩුව පෙරලපල්ලා ” කියලා. ඒක තමයි අවාසනාවන්ත ” නිව් වර්ල්ඩ් ඕඩර් ” එක.
“අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා” සංස්කෘතියට හිනා වුනාට ඒ ඇටිටියුඩ් එකයි, නවීන දැනුමයි තිබ්බාන මානසික පර්ණාමය දැනටත් සිද්ද වෙලා.