අරුණි ශපීරෝ‍ වෙතින්

උද්‍යෝගීගේ මෝඩකම

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 2, 2009

ඒක නොදන්න කෙල්ලෙක්ගෙ මෝඩකමක්. රෙදි උස්ස ගෙන දුවන්න තරම්, කෑ ගහන්න තරම් දෙයක් නෙමේ. බුද්ධාගමට ගරහන්න මෙහෙම ඇහැකි නමි බුද්ධාගමේ කියලා කියාගන්න අය බුද්ධාගම දන්නෙ නැහැ. බැල්ලි කියලා ඇයව නම් කරන එක තමන් බුද්ධාගමේ කියන අයට මදිකමක්.

ඇමෙරිකානු ආපනශාලා දාමයක් තියෙනවා පාන් තායි නමෙන්. ඒ හැම එකකම ඇමෙරිකාවේ තියන අපේ ශ්‍රී ලංකා පන්සල් වල තියෙනවාටත් වඩා අති විශාල බුද්ධ ප්‍රතිමාවක් කෑම කන හැමෝම ඉදිරියෙන් ප්‍රදර්ශනය වෙනවා. ඒක ගැන කිසිවෙක් කිසිම කතිකාවක් කරනවා මම කොතැනකවත් දැක්කෙ නැහැ. ඒ ගැන මම නමි ඒ ප්‍රදේශයේ පත්තරයට ලිව්වා. පළ වුනේ නැහැ. ඒ ආපනශාලාවටත් ලියුමක් දැම්ම. ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ. ඒත් වැඩි දවසක් නොගිහින් ඒ පළාතේ ආපනශාලාව වහලා දාලා තිබුන. මගේ පැමිණිල්ල වුනේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ උස් අසුනක වාඩි වෙලා කන්න ආගමේ චාරිත්‍ර අනුව නොහැකි බවත්, මත්පැන් පානය නොකරන බවට දිනපතා පන්සිල් ගන්න බුද්ධාගමේ අයට බුද්ධ ප්‍රතිමාවක් ඇති ශාලාවක මත්පැන් පෙරන බාර් එකත්. ඒ වගේම ඊට ඉදිරියෙන් බුද්ධ ප්‍රතිමාව තියෙන එක ගැනත්. ඒකෙ කෑම රසයි. ඒත් කන්න එන්න බැහැ කියල ලියලා යැවිවා.

බුද්ධාගමේ ස්වාමීන්වහන්සේලා කරන කියන වැඩ පත්තර වලින්, අන්තර්ජාලයේ රේඩියෝවෙන් කියවන අහන කොට මේ මෝඩ දැරිවි කළ වැඩේට සම කරන්න බැහැ. එක සුප්‍රසිද්ධ පණ්ඩිත ස්වාමීන්වහන්සේ නමක් රේඩියෝවෙන් ගෑණු අයගේ වස්ත්‍රය ගැන ලොකු බණ දේශනාවක් කළා. මම ඒ ස්වාමීන්වහන්සේටත් ලිපියක් දැම්මා. බුදුරජාණන්වහන්සේ මොන සූත්‍රයේ කොතැනක ද කාන්තාවගේ වස්ත්‍ර ගැන දේශනා කරල තියෙන්නෙ කියල මට දන්වන්න කියල. ඒකට උත්තරයක් ලැබුනෙ නැහැ. තවත් සුප්‍රසිද්ධ හිමිනමක් රේඩියෝවෙන් බණ කියනවා. ‘රනිල්’ කියන නමට දෝෂාරෝපණයක් බණ දේශනාවෙන්. රනිල් කියන දේශපාලනඥයා ඒ දවස්වල ජනාධිපතිට ඉල්ලනවා. බුදුරජාණන්වහන්සේ කෙනෙකුගේ නමක් සුදුසු නැති බව ගැන බණ දේශනා කළ බවක් කිසිම සූත්‍රයක සටහන් වෙනවාද?

බුද්ධාගම රකින්න ඉන්න ස්වාමින්වහන්සේලා බණ කියලා දේශනා කරන්නෙ බුද්ධාගම නෙමෙයි. හින්දු විශ්වාස සහ ඉන්දියාවෙන් ආපූ බුද්ධාගමටත් එරෙහි මත. හැබැයි ඒවාට කිසි වැරැද්දක් කියන්න කවුරුත් ඉස්සරහට එන්නෙ නැහැ. සාදු සාදු කියනවා පමණයි.

අමතක නොකළ යුතු තවත් දෙයක් තමයි මෙවැනි ප්‍රතිමා ලෝකෙ අනන්තවත් තියන බව. ඇමෙරිකානු ගෘහ භාණ්ඩ මිල දී ගන්න සාප්පුවල ගෞතම බුදුරජාණන්ගේ මුහුණ ඇති ප්‍රතිමා අනන්තවත් තියෙනවා. බිම ප්‍රදර්ශනයට දාලා තියෙනවා. ඒවාට විරුද්ධව කතා කරන්න කෙනෙක් නැද්ද? ඒවා මිලට ගන්න අය ඒවා ගෙනහින් කොහේ තියනවාද දන්නෙ නැහැ. ඒ ගැන පත්තරයකට ලියන්න කෙනෙක් නැද්ද?

තවත් කෙනෙක්ට කියන්න ඇහැකි මේක බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් නෙමෙයි ඉන්දියානු තාපසයෙක්ගේ, මුනිවරයෙක්ගේ පිළිරුවක් කියල.

අනිත් ආගම් වලට වඩා බෙහෙවින් උසස් ආගමක් බවට බුද්ධාගම පත්වෙන්නෙ බුද්ධාගමේ තියන හිතන්න ඇති නිදහස නිසා. ඒක අමතක කළොත් අපිත් අනික් ආගම් වගේ අන්තවාදී ආගමක් වෙනවා. පිරිසිදු බුදු දහම අමතක නොකරන්න.

10 Responses

Subscribe to comments with RSS.

  1. L G said, on දෙසැම්බර් 2, 2009 at 2:02 ප.ව.

    මමත් අනන්තවත් දැකලා තියෙනවා, යුරෝපා රටවල් වලත් මේ බුදු පිළිම විලාසිතාව. කඩ සාප්පු ගෙවල් විසිතුරු කිරීමේ භාණ්ඩයක් හැටියට බුදු පිළිම භාවිත කරන්නේ.
    වෙන එකක් තියා නයිට් ක්ලබ් වල බාර් එකේ පවා තියෙන්නේ බුදු පිළිම!

    මේවාට විරුද්දව කොයි තරම් දුරට ප්‍රායෝගික පියවරක් ගන්න පුලුවන්ද..ඒක මොකද්ද … කියන එකයි ප්‍රශ්නේ..

  2. Sam said, on දෙසැම්බර් 2, 2009 at 2:12 ප.ව.

    බුදුහාමුදුරුවො දැන් හිටියානම්, ඔය පිලිම ගැන පත්තරේට ලියයීද?

  3. පිස්සා said, on දෙසැම්බර් 2, 2009 at 6:43 ප.ව.

    රෙද්ද පල්ලෙන් බොරුවට, සදාචාරේ බේරෙන මෝඩ රැලවල් වල් වලට, මේක මහා ලොකු කාරණාවක් උනාට, ඕක හිතන්න තරම් දෙයක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ…

  4. Prabath said, on දෙසැම්බර් 3, 2009 at 4:13 පෙ.ව.

    Udyogita monawath kiyanda epa… eya hari ahinsakai… agamakata gawrawa karana hati danaganda tharam eyage manasa thama morala na..!! paw..!

  5. Grey said, on දෙසැම්බර් 3, 2009 at 6:55 පෙ.ව.

    siraawata… can’t agree more.
    Even here in UK, you can buy Buddha statues from supermarkets. And we can’t expect any respect to our religious symbols from westerners. Most of them don’t even respect Jesus.
    But being a buddhist and Sri Lankan is much more diffrent. We know what Buddha statue stands for and we should respect that.

  6. ~බිன்ku~ said, on දෙසැම්බර් 3, 2009 at 5:39 ප.ව.

    අගනා ලිපියක්!

    ඇත්තෙන්ම අද කාලේ ඉන්නා බෞද්යන්යැයි කියන අයට අමතකයි බුදු සිරිත. මාරයායැයි නමින් කියැවෙන කෙනෙක් බුදුන් ඉදිරිපිටට වෛශ්‍යාවන් ගෙනාවලු, තවත් ඇතැම් අය බුද්නට පරිභව කලා, විවිධ කතා පැතිරෙව්වා.

    ඒත් එයින් කවුරුත් නෙමේ සැලුනේ, කොටින්ම බිම්සාර රජතුමාවත් කෙන්ති අරං හිස ගසා දැමු බවක් අහලාවත් නෑ. ඒත් එහෙව් එකේ අපේ අය බුද්ධාගමට (බුදු දහමට නොව) ඇති ආදරේට කියලා දහමට කිසිත් අදාල නැති හා අනුමත නොකරන හැසිරිම් පෙන්වනවා එක්ක(එක්තරා තැනක බෞද්ධයන්යැයි කියන මේ අයම මේ කාන්තාව එක්ක සංස්ර්ග කරන අන්දමේ කතා කියමින්ද මව් දෙමව්පියන්ටද බැණ තිබුණා.

  7. Milinda Ratnayake said, on ජනවාරි 5, 2010 at 2:29 පෙ.ව.

    This is a just a picture. There were women like this when Lord Buddha’s was living. The only difference I see is There is Lipstic today. Actions are same as 2500 years back. Please forgive people have no knowledge, those who see this picture. This is an eval part you experience in the universe. Not a surprise…
    Not only Lord Buddha, This may have been with other riligeon teachers.
    If you are a buddhist You must practice Samma Ditti (Yahapath Dakeema). i.e. correct vision with your wisdom.
    I feel sorry for those who cannot be a buddhist and see the reality.
    If you say “I am a Buddhist” Please practice those teachings…..

  8. helshi said, on ජූනි 30, 2010 at 7:29 පෙ.ව.

    බුදු දහම යනු ආගමක් බවට ඔබ හුවා දැක්වීම විශාලම වැරැද්දයි.බුදු ද්හම ආගමක් නොව ලොව පවතින සත්‍යයයි.එය හුදෙක්ම ලොවෙහි ස්භාව ධර්මයයි.ඔබ ලොවට දෙන දෙය වර්ධණය වී ඔබට පෙරලා ලැබෙයි.හොද හො නරක කුමක් හො. අනෙක නම් හමුදුරුවරුන් යම් යම් අකාරයට බන කියන්නේ වරැද්දක් පෙන්විමටය එය බුදු හමුදුරුවන් මේ මේ සුත්ත්‍රයෙන් යැයි දේශණා නොකලද බුදු හමුදුරුවන් අපිට සවරව ජිවත් වන්නට කියදී ඇත.අද කාලයේ මිනිසුන්ට මුලින් දෙශනා කලයුත්තේ සිත කය සංවර කර ගැනීමටය ඒ සඳහා මුලින් මිනිසාට පෙනෙන දෙය සංවර විය යුතුය.අසංවර ඇදුමේ අඩුවක් කීම වරදක් නොවේ.

    • arunishapiro said, on ජූනි 30, 2010 at 7:54 පෙ.ව.

      helshi, බුදු දහම යනු ආගමක් නොවන්නේ නම් හාමුදුරුවරුන් හා ගිහියන් යයි පිරිස් දෙකක් මන්ද? ඔබ කරන තර්කයට අනුව මමත් කියන්නේ (හරි වැරදි ගැන කතා නිසා) බණ ද?

  9. […] ගැන විවාදයක්; දෙබරයකට ගලක්; භාවනාව; උද්‍යෝගීගේ මෝඩකම; මානසික […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: