ටයිගර් වුඩ්ස්ගේ පටර් එක
ටයිගර් වුඩ්ස් ලෝකයේ ධනවත්ම ක්රීඩකයා ලෙසින් ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ආදායම ලබයි. ඒ ඔහුගේ හැකියාව නිසා පමණක් නොවෙයි. හැකියාව නිසා පමණක් ආදායම ලබන්නෝ දැන්වීම් වලින් ආදායම උපයන්නේ නලු නිළියන් ලෙසින් පෙනී සිට පමණි. හැකියාවෙන් ලත් ප්රසිද්ධ නම නිසා දැන්වීම් වලට පෙනී සිට ඔහු උපයා ගන්නා ආදායම හේතුවෙන් ඔහුගේ ජීවිතය පුද්ගලිකව තබා ගැනීමට ඔහුට ආයචනයක් කළ හැකිය. එහෙත් එය අයිතියක් හැටියට ඔහුට ඉදිරිපත් කරනු නොහැකිය.
ඇමෙරිකානු ජනතාව ස්තුති පුද කරන දිනයේ ඔහු උදේ පාන්දර දෙක හමාරට නිවසෙන් පැන දුවන්නට උත්සාහ කර ඇත්තේ ටයිගර්ගේ බිරිද, එලින්, ඔහුගේ අනියම් සම්බන්ධකම් සොයාගෙන ඔහු හඹා එද්දී බව අද රහසක් නොවේ. මෙය එවැන්නක් සිද්ධ වූ පළමු වතාව නොවන බව ද රහසක් නොවෙයි.
නිරූපිකාවක් වූ ටයිගර්ගේ බිරිද ඇය විවාහයට පෙර අත්සන් කළ ගිවිසුම වෙනස් කර ඇත. ඔහු හා විවාහ ව සිටීමේ කාලය අඩු කර, ලබා ගත හැකි මුදල් ප්රමාණය ඇය වැඩිකර ඇත. එය හිතක් පපුවක් නැති ක්රියාවක් ලෙස කෙනෙක් දකින්නට ඉඩ ඇත. එහෙත් විවාහය යනු දෙදෙනෙක් එකතු වී අත්සන් කරගන්නා ගිවිසුමකි. ඊට අනුකූලව ජීවත් නොවෙන්නේ නම් අද වැනි යුගයක විවාහ වන්නේ ඇයි?
මෙතෙක් කලක් නිරූපිකාවන් විවාහ කර ගන්නා සුප්රසිද්ධ ක්රීඩකයෝ ගැන ජනතාව දැක්වූයේ දුකකි. නිරූපිකාවන් ඔවුන් හා විවාහ වන්නේ ඔවුන්ගේ ධනවත්කම දිහා බලා මිස ආදරයට නෙවෙයි කියාය. ඇගේ පැත්තෙන් තතු බලන්නට කිසිවෙක් නොවූහ.
කඩවසම් වූ, තරුණ වූ, අති විශාල ධනයක් හිමි, රූමත් බිරිදක්, දරු පැටවි දෙදෙනෙක්, රැකියාවට ක්රීඩා කරන ටයිගර් කළ මෙවැනි මෝඩකමකින් පෙනෙන්නේ ඔහු ද පෘතග්ජනයෙක් බවයි. මෙම සිද්ධියෙන් පසුව දවසට දෙවතාවක් පවුලේ සමගිය වෙනුවෙන් දෙදෙනා මනෝවිද්යා උපදෙස් ලබති.
ජොනී කාසන් රූපවාහිනියේ අතීතයේ දවසක ගොල්ප් ක්රීඩාවෙන් ජයගත් ආර්නල්ඩ් පාමර් ගේ බිරිද ගෙන් ඔහුගේ ජය සදහා ඇය උදව් කරන්නේ කෙසේදැයි ඇසීය. “මම තරගයට කළින් ඔහුගේ බෝල කිස් කරනවා” යැයි ඇය පැවසීය. “ඒකයි එහෙනම් පාමර්ගේ පටර් එක කෙළින්” යයි ෙජානී කාසන් නොපමාව කීය.
ටයිගර්ගේ පටර් එක ගැන ඔබට අදහස් දක්වන්නට ඉඩ තියන්නම්!
බිපෙසි!
you have good and creative idea..keep it up..
can u tel me how can i post a comment to your site in sinhala ?
pls help me.
Go to: http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html#g
If u already have the fonts installed, you need to get the language toolbar on your desktop, then right click to change the setting to Sinhala and apply, save, and left click to put into Sinhala and on the blue EN to Sinhala or ?? to write.
If you have any questions, pls ask. Thanks for visiting.
You can use this site too : http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
[…] රෝග ඝනයට වැටේ. එහෙත් සූදු කෙළිය, ටයිගර් වුඩ්ස් වැන්නන් කම් සුඛ සෙවීම හා අන්තර්ජාල ඇබ්බැහිය ඊට ඇතුලත් […]
[…] ටයිගර් වුඩ්ස් ද නැවතත් ගොල්ෆ් පිටියට එන බව කියා […]