ජෝ බයිඩන්ගේ පුතා සහ මහින්ද රාජපක්ෂගේ පුතා
ජෝ බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයාය. ඔහුගේ පුතා බෝ බයිඩන් නමින් වෙයි. බෝ බයිඩන් පුතණ්ඩියා ඉරාකයේ යුද වැදී ආපසු රටට පැමිණ සිටී. නුදුරු අනාගතයේ දී ඩෙලවෙයාර් ප්‍රාන්තයේ චන්දය ඉල්ලන්නට හේ සූදානම් වෙයි. ඔහු ඉල්ලන්නට යන්නේ ජෝ බයිඩන් තාත්තා උප ජනාධිපති වශයෙන් පත් වූ පසු හිස් ව ඇති සෙනෙට් තනතුරය.
මුලු මහත් ලෝකයටම නිදහස හා අයිතිවාසිකම් ගැන කියා දෙන්නට යන ඇමෙරිකාවේ වැඩවසම් ක්රමවාදයක් ඇති බව පෙනෙන්නේ බුෂ් තාත්තා සහ බුෂ් පුතා, කෙනඩි පරමිපරාව, බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් යනාදී නූතන පුද්ගලයන් දිහා බලනා විටය.
ඉතින් වැඩවසම් ක්‍රමයක් පැවති ලංකාව වැනි රටක, නිදහස ගැන ලෝකයට කියා නොදෙන්නට යන රටක, මහින්ද රාජපක්ෂ තමන්ට පෙර හිටි අනිකුත් නායකයන් අනුගමනය කරමින් තම පුතණ්ඩියාට රට බාර දෙන්නට මග පාදා දීමට ගන්නා උත්සාහය ගැන වැරැද්දක් කිය හැකිද?
බෝ බයිඩන් පුතා ඉරාකයේ යුද්ධයට ගිය පමණින් ඔහු වීරයෙකු වූයේ කෙසේද? ගුරවරයෙකු තම පන්තියේ ළමුන් විභාගයකට ඉදිරිපත් කර ඔවුන් සියල්ලෝම විභාගයෙන් පාස් වූ පමණින් වීරයෙකු වන්නේ නැත. වෛද්‍යවරිය රෝගියෙකු සුව කළ පමණින් ඇය වීරවරියක වන්නේ නැත. තමන්ගේ රැකියාව ඉටු කළ පමණින් ඒ පුද්ගලයා විරයෙකු බවට පත් කිරීමට අපි කැමැත්ත දුන්නේ කවදාද? සරත් පොන්සේකා නම් වූ අණදෙන නිලධාරියා යුද්ධය නිසියාකාරව මෙහෙයවා ඒ අනුව යුද්ධය ජය ගැනීම නිසා ඔහු වීරයෙක් වන්නේ කෙසේද? 9/11 දා නිව් යොර්ක් නගරයේ කටයුතු නිසි ලෙසින් කළ නිසා එහි නගරාධිපති රටේ ජනාධිපති වන්නට ඉල්ලා කොළේ ඉරා ගත්තේය. ජනතාවට හැමදා කොළේ වහන්න ලේසි නැත.
මේ විහිලුකාරයින්ට ඔවුන් නටන මෝඩ නැටුම් ඵල රහිත යයි පෙන්වන්නට අපි සතු වටිනා ආයුධය වූ චන්දය කිසිදා අමතක නොකරමු. සැමියාගේ පුතිපත්ති බලා ඔහු මරා දැමූ නිසා බිරිදටත්, තාත්තාගේ හැකියාව බලා පුතාටත්, රැකියාව නිසි පරිදි කළ නිසා විරයෙක් සේ සලකා අණදුන්නාටත් චන්දය දෙන යුගය දැන් අවසන් කළ යුතු කාලයයි.
ඡායාරූපය මහින්ද රාජපක්ෂ ඩොට් කොම් වෙබ් අඩවියෙනි.
//… තම පුතණ්ඩියාට රට බාර දෙන්නට මග පාදා දීමට ගන්නා උත්සාහය ගැන වැරැද්දක් කිය හැකිද?//
හැකිය. යුතුය.
//බයිඩන් පුතා ඉරාකයේ යුද්ධයට ගිය පමණින් ඔහු වීරයෙකු වූයේ කෙසේද?//
ඇමරිකාවේ සෑම යුද සෙබලෙකුම සලකන්නේ වීරයෙකු ලෙසයී. ලංකාවේ වාගේ ඇමතිගේ පුතාට බුලත් අතක් දීලා පිලිගන්නා සිරිතක් ඇමරිකාවේ කොහමත් නැත. ඇමරිකාවේ සමාජ රීතීන්ට අනුව, ඉරාකයේ යුද්දයට ගිය පමනටම, ඔහු වීරයෙකු වේ.
//ගුරවරයෙකු තම පන්තියේ ළමුන් විභාගයකට ඉදිරිපත් කර ඔවුන් සියල්ලෝම විභාගයෙන් පාස් වූ පමණින් වීරයෙකු වන්නේ නැත//
වීරයා යනු අන්කුත් සියලූම දෙනා අසමත් වුනු දේ කරනා පුද්ගලයායී. එය සාපේෂවාදී අදහසකි. අනෙකුත් සියල්ලූම ගුරුවරු, තමුන්ගේ සිසුන් සමත් කිරීමට අසමත්වෙද්දී, එසෙ කරනා ගුරුවරයා වීරයෙකු වෙයී.
//වෛද්‍යවරිය රෝගියෙකු සුව කළ පමණින් ඇය වීරවරියක වන්නේ නැත.//
නැවතත් සාපේෂවාදී අදහසකි. දොස්තර, රෝගියාට වීරයේකී. මගේ කොලූගේ ප්‍රසව දොස්තර දරු උපත් දුසිමකට වඩා ඒදින සහබාගී විය. නමුත් මට ඔහූ වීරයෙකී.
//සරත් පොන්සේකා නම් වූ අණදෙන නිලධාරියා යුද්ධය නිසියාකාරව මෙහෙයවා ඒ අනුව යුද්ධය ජය ගැනීම නිසා ඔහු වීරයෙක් වන්නේ කෙසේද?//
යුද්දය දිනනා පුද්ගලයන් වීරයන් වීමත්, පරදින පුද්ගලයන් පරාජිතයන් වීමත් සරලය. ප්‍රාතමිකය. බාලන්ශය. ඒ සියල්ලටම වඩා සොල්දාදුවෙකුට වීරයෙකු වීමට විශේශ අයීතියක් ඇත්තේ, මර භය නිසා ඒ රස්සාව අපි නොකරන නිසාය.
//9/11 දා නිව් යොර්ක් නගරයේ කටයුතු නිසි ලෙසින් කළ නිසා එහි නගරාධිපති රටේ ජනාධිපති වන්නට ඉල්ලා කොළේ ඉරා ගත්තේය.//
උන්දෑ නිසි ලෙස කල මංගල්ලයක් නැත. උන්දෑට රා බී උලමෙකු වාගේ එදා පාර තොටේ දුවන්න උනේ දුන් අවාවද නොසලකා උන්දෑ පාලන මධ්‍යස්තානය ලෝක වෙලද මධ්‍යස්තානයේ යටිමලේම ඇටවූ නිසාය. ඒ මදිවාට උන්දෑට ඉරාගත්තු කොලයක් නැත්තේ, ඉරාගන්න කොලයක් උන්දෑට තුබුනේත් නැති නිසාය.
//වටිනා ආයුධය වූ චන්දය //
අපට හෙන ගසා ඇත්තේ ජන්දය උපකරනයක් නොකර ආයුදයක් කොරගන නිසාය.
ඇමෙරිකාවේ සෑම යුද සෙබලෙකුම වීරයෙක් ලෙසින් සැලකෙනවා යයි ඔබ කියා ඇත. එහෙම කියන්නේ කවුද කොතැනද කියා සටහන් කරන්න. වෙටරන් කියන්නේ යුද්ධයට ගිය අයටයි. එහි තේරුම ඉංග්‍රීසි ඩික්ෂනරියකින් කියවන්න. එය සොල්දාදුවාට පමණක් කියන්නක් ද නෙමෙයි. නිර්භීත යන වචනය පාවිච්චි කරනු අසා ඇතත් එයින් වීරත්වයක් නොකියැවේ. ඇමෙරිකානු මාධ්‍ය ඔවුන් ගැන කතා කරන විට කියන්නේ අවිගත් බල ඇණිවල සමාජිකයෝ ලෙසින්ය.
සිංහල වචනය වූ රණවිරු යන්නෙන් වීරත්වයක් අදහස් වෙයි. එය සෑම සොල්දාදුවෙක්ටම යොදා ඇත.
මට හමු වූ සෙනෙට් සභිකයන් හා කොන්ග්රස්වරුන්ගේ දුවලා පුතාලාට නම් මල් දීලා පිළිගන්නවා දැක ඇත්තෙම්. සුවද හමන අලුත් මල්. කන්නෙ නැති බුලත් කොළ මෙහෙ නැති හින්ද වෙන්නැති.
කෙනෙක් තමාගේ රස්සාව හරියාකාරව කළ පමණින් ඔහු හෝ ඇය වීරයෙක් සේ ඔබ සැලකුවාට මට නම් ඔවුන් යහපත් පුරවැසියෝ පමණි. අනිකුත් අයට කරන්න බැරි දේවල් කළ පමණින් කෙනෙක් වීරයෙක් සේ මා සලකන්නේ නැත. අතිවිශිෂ්ඨ මෙහෙයක්, ස්ව පරිත්‍යාගයෙන් කරන, ඔහු හෝ ඇය කළ යුත්තට වඩා ඉහළින්, අන්‍යයන්ට වඩා ඉදිරියට ගොස් කැපවීමකින්, තමන්ට අලාභයක් වුවද, තමන්ට එයින් කීර්තියක් නොලැබුන ද, කරන්නා මගේ ලෝකයේ වීරයෙකි.
ඉතිරි අදහස් වලටත් ලියන්න ඇත්තේ මේ වගේම මම ඔබ හා එකග නොවෙන බව පමණි. හැබැයි, අද එකග නොවුනට වෙන දවසක කියන දේකට එකග වෙන්න ඉඩ ඇත. මම මගේ අදහස් වලට ඇති අනිත් පැත්ත හැමදාම විමසලා බලනවා. ඒ නිසා ඒ ගැන ලියනවාට බොහොම ස්තූතියි.
කුබුරේ ඇති කල ගොයමද, ගෙට ගත් කල වීද, පෑහූ විට හාල්ද, තැම්බූ විට බත්ද කියන්නා සේම, සොල්දාදුවාටද විවිද නාම වලින් කතා කරහැක. බැදීමට පෙර කොලුවෙකුද, බැදීමේදී වීරයෙකුද, බැදීමෙන් පසු සොල්දාදුවෙකුද, ගෙදර ආ පසු වෙටරන්යැයීද කීය හැක. මේ එකක්වත් එකින් එකකට විරුද්ද වන්නේ නැත. එක චරිතයකිදී කියන්නේ වෙටරන් නිසා, අනෙක් චරිතයකට අවස්තාවක් නැතැයී කීම වචන හරබයක් මිසක තාර්කික කාරනයක් වන්නේ නැත.
සොල්දාදුවන් වීරයන් නොවේයැයී කවුදෝ ෆෙස්බුක් සමාජයක් (SANH) පහුගිය දොහේ ආරම්බ කලේය. දැන් “සොල්දාදුවන් වීරයන් වීමට හෝ නොවීමට ඉඩ ඇතැයී” නම ගම වෙනස් කර ඇත්තේ අම්බානට ඉල්ලාගෙන කෑ පසුය. මෙන්න කැට, පුලුවන්නම් සොල්දාදුවන් වීරයන් නොවේයැයී ප්‍රසිද්දියේ ඇමරිකාවේදී කියන්න. නිවස ඉදිරියේ බෝඩ් ලෑල්ලක් එල්ලීම හෝ කමිසයක ලියා ඇදගෙන යාම යෙහෙකී. ෆේස්බුක් හී ප්‍රසිද්දියේ කීමද තරමක හොද පරීක්ශනයකී.
සොල්දාදුවෙක් වීරයකු වන්නේ කෙසේද, කුමන අවස්තාවේදීද, යන දාරිශනික ප්‍රශ්නයට වෙනත් උදවිය උත්තර දී ඇති නිසා, ගූගල්හී සෙවීම මැනවි.
වීරයා යන වචනයට විවිදාකාර තේරුම් දීම සාදාරනය. මා පෙරකීවා වාගේම, එය සාපේක්ෂවාදී අදහසකි. කිසිම පුද්ගලයෙකූ සම්පූරන ස්ව්පරිත්යාගයකින් කිසිම දෙයක් කීරීමේ හැකියාවක් නැති නිසා, වීරයන් නැති ලෝකයක ජීවත් වීම රසවත්බාවයේ අඩුයැයී මට සිතෙයී.
ඇමෙරිකානු සියලු සොල්දාදුවන් වීරයන් යයි සටහන් වී ඇති තැන ගැන ඔබ ලියා නැත.
එසේ කියන කෙනෙක් මට හමුවූ කළ සොල්දාදුවකු වූ පමණින් වීරයකු නොවන බව පුසිද්ධියේ කියන්නම්. මා දන්නා අය, නෑදෑ හා හිතවතුන් අද ඇමෙරිකන් අවිගත් යුද බල ඇණි වල සේවය කරති. ඒ කිසිවෙක් මා ඔවුන් වීරයන් සේ සලකන්නේ නැති බව ගැන කිසිසේත් විරුද්ධ වන්නේ නැත. මන්ද ඔවුන් ද තමන් වීරත්වයෙන් දක්වන්නේ නැති නිසාය. එසේම ඔවුන් වීර ක්‍රියාවක් කළ දාට මා අන් අයට කළින් ඔවුන් වීරයන් සේ අගයන බව ඔවුන් දන්නා හෙයිනි.
වීරයෝ හා වීරවරියෝ අද ලෝකයේ එමට සිටිති. ඔවුන් ගැන දන්නෝ දනිති. නොදන්නේ මිථ්‍යා අදහස් වලින් පිරුණු බැමි වලට අසු වී කොටු කරගත් මනසක් ඇත්තෝ පමණකි. මගේ ලෝකයේ වීර පුද්ගලයන් ගැන මා බ්ලොග් එකක් ලියා ඇත. එය කියවා එවැන්නන් ගැන ඔබත් සොයා ගන්න.
sam americawa pilibanda upadiyak karala wagey.
අරුණි ශපීරෝ thota wena wedak nedda mey wagey moda lipi liyanne?
mata wena wedak nethi nisa thamai mey wagey gon post walata comment gahanne.
බලන්න ආවට තුති. ඔයා වගේ වෙන වැඩක් නැති අයට කියවන්නයි ලියන්නෙ මේ වගේ “මෝඩ” ලිපි!
ලංකීක ජන්ද ක්‍රමවේදය හුදෙක් සුපර් ස්ටාර් තරඟයත් සුදුවට අස්සයන් ඇල්ලීමත් අතර වැඩි වෙනසක් නැත, වෙනස ඒ නිසා පැත්තක ඉන්න අයගේ මුදල් නාස්ති වීම හා ජිවිත/දේපල හානි සිදුවීමයි.
ඔබේ කෝණය තුළින් කියැවෙන්නේ කවුරුත් වීරයෙක් නොවන බවද? එසේ නම් ඔය රාජාණන්ද සැබෑ වීරයෙකු නොවේ, ඒ ඔහුම පුම්බ්වා ගන්නා ආරූඵයකි, හරියට ගෙම්බා තමා පුම්බවන බිබුල තව තව පුම්බවා හරකාගේ සයිස් ඒකට ලොකු වෙන්න හදනවාක් මෙනි.
සරත්ගේ දේශපාලන ආක්‍රමණය ගැනද මගේ මතයක් නැත, යුද්ධයකට සේනාව පුරවාගෙන ගැල් ඇද්ද අස්සයාව යුද්ධයෙන් පස්සේ යුද්ධ බිමට ළඟින් පැවැත්වෙන අස්ස රෙස් එකක්ට සේනාපතිගේ අස්සයා එක්ක රෙස් ඒකට දානවා වගේ වැඩක් එක්ක. එක්කෝ ඒ අස්සයා දිනාවි, නැත්තං සැකිලි වැඩි නිසාත් විශේෂ පුහුණුව නිසාත් නේනාධිපතියාගේ අස්සයා දිනාවි. හැබැයි දෙන්නම ඒකම ගාණේ.
***ඉතින් වැඩවසම් ක්‍රමයක් පැවති ලංකාව වැනි රටක, නිදහස ගැන ලෝකයට කියා නොදෙන්නට යන රටක, මහින්ද රාජපක්ෂ තමන්ට පෙර හිටි අනිකුත් නායකයන් අනුගමනය කරමින් තම පුතණ්ඩියාට රට බාර දෙන්නට මග පාදා දීමට ගන්නා උත්සාහය ගැන වැරැද්දක් කිය හැකිද?
හැකිය. ඇමරිකාව යනු ලංකාව නොවන්නා සේම ලංකාව යනු ඇමරිකාවද නොෙවි. ඉදින් පොදු ජතතා අපේක්ෂාව විනා ඡනාධිපතිවරයක්ගෙන් මෙරට බලාපොරොත්ත වන දේ තම පුතා රජ කරවීම හෝ තම පවුලේ ඇමති මණ්ඩලයක් තර කිරීම නොවෙි. ඇමරිකාවට හොද නමි ලංකාවට නරක මන්දැයි ඔබ අසන්නේ කලක් ලංකාවෙන් බැහැව සිටින නිසා ඇතිවු මානසික තත්වයකින් දැයි ඔබගෙන් අසනු වටී.
***අපි සතු වටිනා ආයුධය වූ චන්දය කිසිදා අමතක නොකරමු. සැමියාගේ පුතිපත්ති බලා ඔහු මරා දැමූ නිසා බිරිදටත්, තාත්තාගේ හැකියාව බලා පුතාටත්, රැකියාව නිසි පරිදි කළ නිසා විරයෙක් සේ සලකා අණදුන්නාටත් චන්දය දෙන යුගය දැන් අවසන් කළ යුතු කාලයයි.
තරමක් දුරට ඔබගේ අදහස් සමග එකගයි. මන්ද ප්‍රතිපත්ති මත හා ඉදිරිපත් කර ඇති ප්රකාශනය මතත් ගත කර ඇති දේශපාලන දිවිය ගැනත් විශ්වාසය තබා රටෙ අනාගතය බාරදුන් අප ප්රජාතන්ත්රවාදය වත්මන උරැමය දැක කදුලු සැලීම හැර අන්යමක් කිරීම කෙෙර් සිත යොමු කලයුතව ඇත. එහිදී තමා ප්‍රකාශ කලදේ හරි ආකාරවත් නිවැරදීවත් ඉටුකල අය (එය ඔහුගේ රජකාරිය වුවත්) දෙස සලකා බැලිය යුත වන්නේ ප්රජාතන්ත්රවාදයට අද වන විට අත්වී ඇති උරැමය දෙස බලා අප්‍රමාදය කටයුත කල නිසා මිස අන් කවර හේතවකටවත් නොවෙි යන්න මගේ හැගීමයි.
අදහස් අතර පරස්පරතාවය කෙසේ වෙතත් විවිධත්වය හා අපූර්ව රචනා හැකියාව අගේ කරමි. යන එන ගමන් නොව නිතර ගොඩවීමට අදහස් කරමි. බුදු සරණයි.
//ඇමෙරිකානු සියලු සොල්දාදුවන් වීරයන් යයි සටහන් වී ඇති තැන ගැන ඔබ ලියා නැත.//
කාරනාවක්, කාරනවවක් වීමට අකුරෙන් ලියා තිබිය යුතු තැත. මූලාශ්‍ය පෙන්විය යුතුවන්නේ සංක්යාලේකයක් ගෙන හැර දැක්වීමේදී පමනී.
//ඔවුන් ද තමන් වීරත්වයෙන් දක්වන්නේ නැති නිසාය//
වීරයක් කවදාවත් තමාට වීරයන්යැයී කියාගන්නේ නැත.
//මගේ ලෝකයේ වීර පුද්ගලයන් ගැන මා බ්ලොග් එකක් ලියා ඇත.//
තෙරේසා මව්තුමිය හැර අනේකුත් සියලූම දෙනා නිසකවම වීරයන්ය. නමුත් ඔබගේ තර්කයට අනුව, ඒ සියලුදෙනා තමන්ගේ තානාන්තරය හොදින් කර පුද්ගලයන් පමනයී නේද?
//බැමි වලට අසු වී කොටු කරගත් මනසක් ඇත්තෝ පමණකි//
සැබෑය. සෑම වචනයකටම මායීම් තිබේ. විරයා පිලිබද මාගේ මායීම වඩා පුලුල්ය. ලිහිල්ය. නමුත් මාගේ අදහසට වඩා දිගවූ හෝ කොටවූ අදහස ඇති අයගේ අදහස්, මිත්‍යා අදහස්යැයී කීමට තරම් දැනුමක් මට නැත.
[…] වීම නිසා හිස් වූ සෙනෙට් සභික තනතුරයි. ජෝ බයිඩන්ගේ පුතා බෝ බයිඩන් එම තනතුරට ඉල්ලන්නට තැත් කළ ද ජනතාවගේ […]