අරුණි ශපීරෝ‍ වෙතින්

හිම වැටෙන උදෑසනක

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 5, 2009

අද හිම වැටෙනවා මේ පැත්තට. මේ ඍතුවට ඉස්සෙල්ලාම වැටෙන හිම. මගේ බැල්ලි හොදට ගුලි ගැහිලා නිදි දැන්. උදේ පාන්දරම ගියා හැතැප්ම භාගයක් විතර ඇවිදින්න දෙන්න එක්ක. ඝණ ලෝම තියෙන නිසා ඌ‍ට නම් සීතල පාටක් පෙනුනේ නෑ. මෙහෙ නීතිය තමයි මහපාරේ මුකුත් ඉතිරි කරලා එන්න තහනම. ඉතින් ආපහු එනකොට උණු උණුවෙ දුම් දාන තෑගි බෑග් එකත් උස්සගෙන තමා ආවේ.

අපි අකමැති දේවල් අපට කරන්න වෙනවා. ගොඩක් දෙනාගෙ පුරුද්ද අකැමති දෙය නොකර ඉන්න එක. අපි අකැමති පොත් කියවන්නෙ නැහැ. අකැමති අය එක්ක කතා බහට යන්නෙ නෑ. අකැමති කෑම කන්නෙ නැහැ.

නමුත් සමහර දේවල් අකැමති වුනත් කරන්න සිද්ධ වෙනවා. අකැමති රැකියාව. අකැමති විභාගය.

ලෝකය දිහා බලල ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න නම්, කැමති දේ වගේම අකැමති දේ ගැනත් හොයල බලන්න ඕන. නැත්නම් කෙනෙක් කොටු වෙලා පුංචි වෙනවා. තරහ ගන්නෙ නැතුව, ඇගේ ලේ රත්කර ගන්නෙ නැතුව විරුද්ධ පැත්ත කියන දෙයක් ඒ අයගේ ඇසින්, සිතින් අවබෝධ කරගන්න නිසි උත්සාහයක් ගන්න ගොඩාක් කාලයක් පුරුදු පුහුණුවකින් හදා ගන්න පුලුවන් හැකියාවක්. අමතක කළොත් නම් එක දවසෙන් නැතිවෙල යන හැකියාවක්.

වැඩි විස්තර දැන ගන්න කැමති අය කියන්න Moving Beyond Tolerance: Allophilia Theory and Measurement” Todd L. Pittinsky, S.A. Rosenthal, and R.M. Montoya: Society for Personality and Social Psychology, Jan 2007

Tagged with:

ප්‍රතිචාරයක් ලබාදෙන්න