අරුණි ශපීරෝ‍ වෙතින්

තවත් රසවත් කාව්‍ය එකතුවක්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 9, 2009

“මිම්ම

උස යැයි මා

කියති උන්

මැන බලා

උන්ගේ කෝදුවෙන්

මිටි යැයි මා

කියති සමහරු

මැන බලා

උන්ගේ කෝදුවෙන්

මම ම මැන්නෙමි

මගේ උස

මගේ ම මගෙ

කෝදුවෙන්

අහසයි තිබ්බේ

මට ඉහළින්

පොළව විතරයි

මට පහළින්.

*****

සරස්වතී ඇඩුවාය

සරස්වතී

කදුලක් පිස දැම්මාය

නොදුන් කල

යන්නට

විද්වත් සමුලුවට

සරස්වතී

රහසින් ඇඩුවාය

එපා යැයි කී දින

යන්නටත්

පොත්ගුලට

සරස්වතී

ඉකි බින්දාය

ඇය ලියූ පොත

තවත් කාගේදෝ

නමකින්

කළ එළි බැස්සා ම.

***

සටන් විරාමය

ගිනි

පිඹපිය

පිට

කහපිය

පිට

කහ කහ

ගිනි

පිඹපිය.”

අනුර මනතුංග කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්යවරයෙකි. ඔහු‍ගේ පුරාවිද්‍යා කෘති වලට අමතරව කාව්‍ය සංග්‍රහයන් හතරකි. කන්ද සහ මිටියාවත, නටබුමක් මත හිද කූවේණිට ලියූ කවි සහ ඉහත කවි ඇතුලත් වන නර කෙසක් දුටු ඇසින් යන්න මා කියවා මහත් රසාස්වාදයක් විදි කවි ඇතුලත් වූ පොත් වෙති. අනුරටම ආවේනික වූ ශෛලයකින් සියල්ල ලියැවී ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: