අරුණි ශපීරෝ‍ වෙතින්

වෙනස

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 15, 2009

වෙනස ගැන කියලා චන්දෙ දිනුව බරාක් ඔබාමා ඒ වෙනස කියන වචනයෙන් ඇමෙරිකන් ජනතාවට මතක් කළේ ජෝර්ජ් බුෂ්ගෙ ආණ්ඩුවට වූ විරුද්ධතාවය. ඒ නැතුව එයා වෙනස් කරපු දෙයක් තාමත් එළි දැකලා නම් නැහැ.

වෙනස් විදියකට හිතන්න කියපු චේ ගුවේරා නම් සුපතල ආර්ජන්ටීනා වැසියා වූ අර්නෙස්ටෝ ගුවේරා සර්නා නමි විප්ලවාදී චින්තකයා වෙනසක් ඉටු කළේය. යමි කතා බහක් පටන් ගන්නා සිංහලයා “නෑ නෑ” කියන්නා මෙන් ආර්ජන්‍ටීනා වැසියන් කතා බහේදී නිතරම “චේ” යයි කියති. ඒ නිසා අර්නොස්ටෝව ආර්ජන්ටීනාවෙන් යයි හැදින්වීමට “චේ” විශේෂණය යෙදුනි.

කෙසේ වෙතත් චේ ගේ පින්තූර සිය කැපිටලිස්ටික් දියුණුවට යොදා ගත් ඇපල් කොම්පැණියේ ස්ටීව් ජොබ්ස් වෙනස් විදියකට හිතන්න යයි පෝස්ටර් ගසා චේ නැමැති ඒ කොමියුනිස්ටිවාදියාව හා ඔහුගේ කියමන වෙනස් විදියකට යොදා ගත්තා පමණක් නොව කොම්පියුටර් ලෝකයේ හා දුරකතන ලෝකයේ මෙන්ම ළගදීම පොත් කියවන ලෝකයේ ද මහත් පෙරළියක් කළේය හා කරමින් සිටියි.

වෙනස ඉතා දුෂ්කරය. ඒ නිසාම ලාංකිකයෝ එන හැම වෙනසක් ඉදිරියේම මැසිවිලි කියති. ළග එන මැතිවරණයත් පැවති මැතිවරණ සියල්ලත් අතර වෙනසක් නැත. එසේම එදා කළාක් මෙන් අදත් මැසිවිලි කියමින් වැරදි පෙන්නා දෙන්න හැමෝම ඉදිරිපත් වනවා මිස කළ යුතු යමක් ගැන සොයා බලන්න කිසිවෙක් ඉදිරියට නොයයි.

වෙනසක් කරන්න ලෙහෙසි පහසු නැත. එයට අප වෙත නිර්භීතත්වය තිබිය යුතුය. නමුත් අපි නිතරම තවත් අය පසු පස්සේ ඔවුන්ගේ නිර්භීතත්වයේ කඩතුරාවෙන් වැසෙන්නට දුවනවා මිසක තනි තනිව අපට කළ හැකි නිර්භීත ක්‍රියාව කුමක්දැයි සොයන්නට නිර්භීත නොවෙමු.

තියෙන මතිමතාන්තර සියල්ලටම විරුද්ධ වීම වෙනස නොවේ.

අපි පිළිගන්න කැමති මත වලට එකග වී පිළිගැනීමට නොකැමති මත වලට විරුද්ධ වීමත් වෙනස් විදියකට සිතීම නොවෙයි.

ලෝකයේ හරි වැරදි යයි දෙකකි. එකක් හරි වූ කළ අනෙක ද හරි වන්නට නොහැකිය.

අවසාන අරමුණ වූ හරි යන්නට ළං වන්නට වැරදි අරමුණු කෙරෙන් යා හැකි යයි සිතීම වෙනසක් නොවේ.

බහුතරය වැරදි, නොදියුණු, වැඩකට නැති දේවල් හරි යයි සිතමින් ඒවායේම ඇලී ගැලී සිටිනා කළ, ඒවා පුන පුනා දක්වමින් ඒවායෙහි අලංකාරය ගයන්නට, වයන්නට එක් රොක් වන කළ, ඇත්ත ඇති සැටියෙන් දැක වැරදි පෙන්වා තමන් තනි වුවත්, විශේෂයෙන්ම බාහිර පුතිලාභ කිසිවක් නොලැබුණත් (තම සිතට වංචා නොකිරීම ඉමහත් ප්‍රතිලාභයකි) තනියෙන් හිටගන්න ශක්තිය ඇත්තා වෙනසට බිය නොවන්නෙකි. ඒ පුද්ගලයා නිදහස්ව නිවහල්ව සිතන්නට හැකියාව ඇත්තෙකි.

ලෝකය හදන්නට අපිට බැරි වන්නේ අපිව හදා ගන්නට අපිට බැරි නිසාය.

(චේ ගේ පින්තූරය විකිපීඩියාවෙනි.)

මේ සබැඳියෙන් ගිහින් චේ ගැන ඉතිරියත් කියවන්න යැයි ආරාධනා කරමි. – 2014 මැයි 20 වැනිදා එකතු කරන ලදි!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: