අරුණි ශපීරෝ‍ වෙතින්

ශ්‍රී පාද වන්දනාව

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 16, 2009

දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා ශ්‍රී පාද වන්දනා සමයයි. කිලෝමීටර් 2.224 ක් වූ (ස්තූතියි වැරදි නිවැරදි වලට) ඒ උස කන්ද නැග ගෙන උඩට යන අයගේ සිත්වල ඇතිවන්නේ කුමන සිතුවිලි ද?

මීදුම නැති පැහැදිලි අහසක කැළණි පාලම පැත්තටත් හිමිදිරි උදෑසන ශ්‍රී පාද කන්ද පෙනුනු කාලයක් විය. අදත් එසේ දකින්නට ඇත්දැයි නොදනිමි.

ඈත සිට දකිනා කල එය උස කන්දක් යැයි සිතේ. මන්ද එතරම් ඈතට පෙනෙන්නට නමි කන්ද උස විය යුතු යයි සිත දන්නා හෙයිනි. ළං වන්නට, ළං වන්නට එය ‍උස් කන්දක් බව ඒ අබියසට යන අයට නිසැකව හැගේ.

කන්ද නගිනා කළ සිරුර විඩාවට පත් කරනා හෙයින් එය උස කන්දක් බවට සැක නැතිවේ.

එහෙත්, කන්ද මුදුනට ගිය කළ, මුදුනේ සිට අවට බලනා කළ,  කන්ද කෙතරම් කුඩා දැයි කල්පනාවට ආවාද? අවට පරිසරය කන්ද වෙනුවෙන් පෙනී සිටිනා විශාල පරිවාර සමූහයක් වෙයි. කන්ද ඒ මැද්දෙන් සිටගෙන ඉන්නා පුංච් ගලක් වෙයි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. eldileepa said, on දෙසැම්බර් 16, 2009 at 11:23 පෙ.ව.

    මීටර් 2.224???

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2009 at 12:02 ප.ව.

      sripada.org තියෙන්නෙ එහෙම. 1997 අර්ජුනගේ ඇට්ලස් ඔප් ශ්‍රී ලංකා වල තියෙන්නෙ මීටර් 2243 හැටියට. වෙනස ඇයි කියා නොදනිමි.

  2. C0dE | කෝඩ් said, on දෙසැම්බර් 16, 2009 at 11:47 පෙ.ව.

    අම්මෝ ඔව් නේන්නම්. උඩට ගියාට පස්සේ හිතෙනවා කොහොමද මෙච්චර උසක් නැග්ගේ කියලා. මාරම සුන්දර අත්දැකීමක් තමයි.

  3. ridma82@gmail.com said, on දෙසැම්බර් 16, 2009 at 12:36 ප.ව.

    මීටර් 2.224 කියන්නෙ නම් උසක් නෙමෙයි. ඒත් කිලෝමීටර් 2.224 හරි මීටර් 2224ක් වගෙ ම, ලොකු උසක් තමා

    • arunishapiro said, on දෙසැම්බර් 17, 2009 at 8:03 පෙ.ව.

      උසට වඩා මට කල්පනා වූ කරුණ නමි උඩට ගියාම නැග්ග කන්ද දකින හැටි ගැනයි. ජර්මනි වල සුට්ස්පිට්ස්සර් කන්ද උඩට ගියාම අවට කදු රාශියක් දකින්න පුලුවන්. නමුත් ශ්‍රී පාද උඩට ගියාම දකින නැග්ග කන්ද පුංචි බවත් අවට විශාල බවත් රස විදින්න බැහැ.

  4. පිස්සා said, on දෙසැම්බර් 18, 2009 at 4:36 ප.ව.

    ‘මීටර් 2.224 ක් වූ ඒ උස කන්ද නැග ගෙන උඩට යන අයගේ සිත්වල ඇතිවන්නේ කුමන සිතුවිලි ද?’

    ශපිරෝ, ඔය උඩ දෙන්නෙක්ම අහලා තියෙන්නේ උස ගැන, ඔයා ඒ අගය ලියලා තියෙන විදිය නිසායි.

    ඒක අපේ විදියට 2.224 km හෝ 2224 m කියලා තමා ලියන්න ඕනේ..
    eldileepa & ridma82@gmail.com ඔයාලා හරි..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: