අරුණි ශපීරෝ‍ වෙතින්

බදු ගෙවීම

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 18, 2009

බදු ගෙව්වාට තමන් වෙනුවෙන් නියෝජනයක් නැතැයි කියා ආදී ඇමෙරිකානුවන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාට එරෙහිව කළ සටනේ දී රටක් කඩා ගන්නට හැකිවුණි.

එහෙත් අදත් බදු ගෙවන්නෝ නියෝජනය කරන කෙනෙක් නැත. බලයට එන්න ඕනෑම දෙයක් පොරොන්දු වෙන්නෝ බලය ලැබුණාම තම තමන්ට උවමනා දේ කරන්නෝය.

ලංකාවේ ආදායම් බදු ගැන කතාවක් කරමින් අනුර ඒකනායක රජයේ සේවකයන් ගෙන් ද බදු අය කරන මෙන් ඉල්ලා සිටියි. ඔහු  Sri Lanka Chamber of Commerce සභාපතිවරයාය.

ජනතාව ගෙවනා බදු විවිධාකාරය. ආදායම් බදු නොගෙවන ආණ්ඩුවේ සේවකයෝ ද සිය එදිනෙදා පාවිච්චියට ගන්නා දෑ වෙනුවෙන් බදු ගෙවති. ලංකාවේ ගෙවන බදු භාණ්ඩයක් සේවාවක් මිල දී ගන්නා විට නොදැක සිටිය නොහැක.

නමුත් අනුර ඒකනායකගේ තර්කය වී ඇත්තේ පුද්ගලික අංශයේ සේවකයෝ මහත් ආදායම් බදු බරක් දරද්දී ආණ්ඩුවේ සේවකයෝ බදු නොගෙවා සිටීම ගැනය. ඈත අතීතයේ දී රජයේ සේවකයන් ලැබුවේ අඩු පඩිය. දැන් ඔවුන් අඩු පඩි වලට අමතරව වාහන, තෙල්, ගෙවල් යනාදී පහසුකම් රාශියක් ලබති. පුද්ගලික හා රජයේ පඩි අතර වැඩි වෙනසක් ද නැත. ඒ නිසා හැමෝටම ආදායමි බදු ගෙවන්න යයි කීම සාධාරණ ලෙස පෙනෙයි.

ආදායම වෙනුවෙන් බද්දක් අය කර ගැනීම මහන්සි වී වැඩ කරනවාට කරන දඩුවමක් වැනිය. වැඩියෙන් මහන්සි වී වැඩියෙන් හම්බ කරන්නේ නමි අපි වැඩියෙන් බදු අය කර ගන්නවා යයි තර්ජනයකි.

අනුර ඒකනායක ඉදිරිපත් කළ යුත්තේ ආදායම් බදු රජයේ සේවකයන්ට පැනවීම නොව රටේ කිසිම කෙනෙකු ආදායම් බදු ගෙවීම අහක් කිරිමට යෝජනාවක් ගෙන ඒමය. සේවා හා භාණ්ඩ මිල දී ගන්නා විට ඇති බදු නිසා කෙනෙකුට තමන් වැය කරන ගණන පාලනය කර ගන්නට හැකිය. ආදායම් බදු නැති කළ පුද්ගලයෝ වැඩි වැ‍ඩියෙන් භාණ්ඩ හා සේවා මිල දී ගනු ඇත. ‍අතේ මුදල් ඇත්නම් එය වියදම් කිරීමට පුද්ගලයෝ පෙළ‍ඹීම මනුෂ්‍යය ගතියයි. වානිජ්‍ය වැඩි කර ගන්නා විට රටටම වැඩදායකය. එවිට තවත් සේවා හා භාණ්ඩ බදු ගෙවා පුද්ගලයෝ සංවර්ධනයට එක්වෙනු ඇත.

ලංකාවේ තිබෙන විවිධ බදු ගණනය කර බලා ලාංකිකයා නොයෙක් ආකාර වලින් බදු වශයෙන් සිය ආදායමෙන් සියයට 63 ක් ගෙවන බව හිටපු ආදායම් බදු කොමසාරිස් වරයෙක් ලියා තිබුණි. ඉතින් වැඩක් නොකර මුදල් හම්බ නොකර ඉන්නට හැර වෙනත් ධෛර්යයක් ඉන් ලැබේද?

2 Responses

Subscribe to comments with RSS.

  1. දුප්පතා said, on දෙසැම්බර් 18, 2009 at 10:52 පෙ.ව.

    ලංකාවේ මුළු ආදායමින් සියයට 80 ක් පමණ ලැබෙනුයේ ඔබ කියන වක්‍ර බදු වලින්. වක්‍ර බදුවල ස්වභාවය නම්, ඒවා දුප්පතුන්ට ඉමහත් බරක් වීමත්, බොහොසතුන්ට අඩුවෙන් බලපෑමත්. ඒකට හේතුව වක්‍ර බදු බොහෝවිට පනවන්නෙ දුපුපතුන් පාවිච්චි කරන භාණ්ඩ මත වීමයි. ඒ නිසයි, බදු විශේෂඥයො කියන්නෙ මේ අවනඩුව විසඳීම සඳහා සෘජු බදු වැඩිවැඩියෙන් අයකරන්න කියල. රතකොට සල්ලිතියන අයට බදු ගෙවන්න සිදුවෙනව. දැන් සිදුවන්නෙ දුප්පත් අය වැඩියෙන් බදු ගෙවීමත් සල්ලිකාරයන් බදුවලින් නිදහස් වීමත්.

    ලංකාවෙ බදු ගෙවන ප්‍රමාණය අඩුකරගන්න නම් රාජ්‍ය අංශය පුංචිකරල විහදම් අඩුකරගන්න ඕනැ. ඒක වෙනම සලකා බැලිය යුත්තක්.

  2. Rasika said, on ජනවාරි 23, 2010 at 2:15 පෙ.ව.

    SL tax rate is more than 50%.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: