දෙන්නේ නැතිව ගන්නා අය
නත්තල් කාලය සැලකෙන්නේ “දීම” මුල් කරගත් සමයක් ලෙසය. නත්තල් සීයා හොද දරුවන්ට තෑගි ගෙනෙයි. දුප්පතුන් වෙනුවෙන් කෑම බීම හා වස්ත්‍ර යනාදි තෑගි එකතු කෙරෙයි. පවුලේ උදවිය හා රැකියා ස්ථාන වල එකිනෙකා හා තෑගි හුවමාරු කර ගැනෙයි.
දෙන්නේ නැතිව ගන්නා අය මේ අතර සිටිති. ඔවුන් තම ගන්නා කලාව ඉතා සුවිශේෂි ලෙස වැඩි දියුණු කරගෙන ඇත. යමක් ලැබුණු විට ඉතා ස්තූතිවන්ත වෙන ඔවුන් ඊට පෙරල පෙරලා ස්තූති කරන්නේ දුන්නු අයව ලැජ්ජාවට පත් කරන්නට මෙන්ය. අන්තිමේ දී දුන් දෙයට වඩා වටිනා දෙයක් ඊ ළගට දෙන්න හිතෙන තරමට ඒ අය ස්තූති කරති.
ඔවුනට අනවශ්‍ය දෙයක් ලැබුණු කල අනේ මේ තරම් වියදම් කරන්න ගියේ මොකද කියා පසුතැවිලි වෙන්නේ දුන් දෙයට වඩා වෙනත් දෙයක් ලැබුණා නමි හොද යයි නොකියා කියමින් දුන් අය වැඩි වියදමක් කළා යයි පසසන ආකාරයෙන් දීපු දෙය අවතක්සේරු කිරීමය.
තමන්ට ලැබීම තමාගේ අයිතිවාසිකමක් සේ සලකන “දෙන්නේ නැතිව ගන්නා අය” අන් අය දුන් දේ ගැන වර්ණනා කරන්නේ ඔබත් ඒ අය මෙන් වටිනා දෑ තෑගි කරන්නට පොළඹවන්නටය. ලැබීම තමන්ගේ උරුමය සේ සලකන නිසා ලැබෙන දෑ ගැන කියවනවා මිස ඔවුන් අන් කිසිවෙකුට දුන් දෑ ගැන මේ අයගේ කටින් කිසි වදනක් පිට නොවෙති.
මෙවැනි ලක්ෂණ රාශියකින් හදුනා ගන්නට හැකි “දෙන්නේ නැතිව ගන්නා අය” පිළිල මෙන් සමාජයේ පැතිරේ.
ඔය විශ්වවිද්‍යාල වල එහෙම අරව දියව් මේව දියව් කිය කිය කෑ ගහන්නෙත් මේ වගේ උදවිය. තමන් කරන්නේ ගන්න එක විතරක් බව ගොඩක් අයට තේරෙන්නෙ නැහැ.