අධිෂ්ඨාන පාරමිතා උළෙල 2010
වසරක් ගෙවී වසරක් උදා වෙද්දී ගෙවෙන වසර ගැන ආවර්ජනා කිරීමත් උදාවන වසර වෙනුවෙන් පැතුම් ඇති කර ගැනීමත් ලෝකවාසීන්ගේ සිරිතකි.
නිදහස්ව සිතන පුද්ගලයෝ රැසක් එකතුව පැවැත්වෙන උත්සවයක් ලංකාව තුල දී ද කාලයක් තිස්සේ සිට පැවතේ. නිදහස්ව සිතන්න මා උගත්තේ මෙම වාතාවරණයේය.
පැතුම් ඉටුවන්නට නම් කෙනෙකු යමක් පැතිය යුතුය. කුසීත, අලස ජීවිත ගෙවන්නෝ හැම දෙයකම වැරදි දකිනවා මිස තමන් යමක් සොයා නොයති. පරාජයට බිය වන්නාට දිනුම ගැන සොයන්නට උවමනාවක් නැත. කුමක් සොයා යන්න දැයි සිතා ගන්නට වත් නොහැකි අය බොහෝය. ඒ අතර නිදහස් සිතින් සිතන්නට හැකියාව ඇති අය, නොබියව පැතුම් ඇති කරගෙන ඒවා ඉෂ්ඨ කර ගන්නා අය අප අතර සිටිති.
නිදහස් සිතින් ඉන්නා අයට ඇති සතුට ඉමහත්ය. මා ඉතා සතුටෙන් කාලය ගත කරන්නෙම්.
ඔබගේ ජීවිතයේ ද ප්‍රාර්ථනා ඉටු කරගන්නට “අධිෂ්ඨාන පාරමිතා උළෙල 2010” නම් වූ උත්සවයක් 2009 දෙසැම්බර් 31 වැනිදා සවස 4 ට කුරුණෑගල යුනීක් ජාත්‍යන්තර පාසැලේ දී පැවැත්වෙයි. පසළොස්දහසක ජනයා සහභාගී වන්නට නියමිතය. ඒ සැමට පැතුම් ඉටු වූ අයෙකු වෙතින් රාත්‍රී භෝජන දන්සැලක් ද පැවැත්වෙයි.
ධනාත්මක චින්තනයට ලැදි අය අතර උදාවන වසර ගෙවන්නට ඔබ කැමති නම් ඊට සහභාගීවන්න.
මෙය සංවිධානය කරන පිරිස එම සංගමයේ නිර්මාතෘවරයාගේ අදහස් වලින් බැහැර ගොස් ඇති පැති කිහිපයකි. එහෙත් ඒ නම විකුණන සංවිධාන අතරින් මෙම පිරිස නිර්මාතෘවරයාගේ අදහස් වලට ඉතාමත් කිට්ටු පිරිසය. ධනාත්මක චින්තනය, මනෝවිද්‍යාව, දර්ශනය යනාදි විෂයයන්ට කැමැත්තක් දක්වන්නේ නමි ලංකාව තුල ඉන්නා නිදහස් චින්තනය සොයන්නෝ රැසක් මෙදින දැන හැදිනගත හැකිය.
මා විසින් ලියන ලද පොත් ද එදින පැවැත්වෙන ධනාත්මක චින්තන පොත් ප්‍රදර්ශනයේ දී ලබාගත හැකිය.
ඔබ සැමට පැතුම් ඉටුවෙන සුබ නව වසරක්!
ඔබටත් සුභ නව වසරක්!
හරි. බලමු සෙට් වෙන්න.
/නිශාන්ත…
සුභ අළුත් අවුරුද්දක්! 🙂
ඔබ කියන්නේ දැනට මනස සංවිධානයේ ගරු සභාපතිතුමා වන සාන්ත ජයසුන්දර මැතිතුමා , ඔබගේ පියාගේ සමහර අදහස් වලට පටහැනිව වැඩ කරන බවද ? මේ ගැන ඔබගේ අදහස මට තව දුරටත් පහද දෙන්න. If you can mail me, its a great pleasure. Thank you madam.
sampath,
මම 2008 දී ලංකාවට ආපු විට මනස සංවිධානයේ රැස්වීමකට සහභාගී වුනා. එදා කතාබහෙන් වෙනස් මඟක යනවා කියා හිතුනෙ නැහැ. එහෙත් පසුගිය දිනක දැනගන්නට ලැබුනා ධන චින්තනයටත් කෙන්සියානුවාදය රිංගා ගෙන බව. ඒ ගැන සටහනක් ඉදිරියේ දී දමන්නම්. කෙටියෙන් කිව්වොත් ණය වෙලා හරි ධනවත් විදියට ඉන්න එතකොට ධනවත් වෙනවා යන කතාවක්. හැබැයි මේක එන්නෙ තම පුතාලා එහෙම ජීවත් වෙන විදිය ගැන දැනගන්න අහපු අම්මා කෙනෙක් ගෙන්. එහෙම ධනාත්මක චින්තනයක් තාත්තා කියල දුන්නෙ නැහැ.
සාන්ත ජයසුන්දර මහතා හමු වූ දවසක ඒ ගැන කතාබහ කරන්න ඕන හරියට ම දැනගන්න.