අරුණි ශපීරෝ‍ වෙතින්

අපි වෙනුවෙන් අපි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 1, 2010

අලුත් අවුරුද්දේ ඉස්සරවෙලාම ලියන්න හිටියේ නම් මෙහෙම සටහනක් නොවෙයි. නව වසර පිළිගන්න රෑ එළිවෙන ජාමේ සාදයන්ට සහභාගි වුන නිසා අද ඇහැරුනේ ටිකක් ප්‍රමාද වෙලා. වෙනදාට එළියට යන්න ‍ඉක්මන් වෙලා ගේ වටේ කැරකැවෙන මගේ බැල්ලිත් මම ඇදෙන් බහින කමි හොදට නිදාගෙන. මහත්තයයි මමයි ඉතින් අවුරුද්දට ආයුබෝවන් කියලා පිළිගන්න ටිකක් වෙලාව ගත්ත.

ටැබූ ලියපු අලුත්ම සටහන කියෙව්වාට පස්සේ හිතුන මගේ තුට්ටු දෙකේ අදහස් මගේ පිටුවේම ලියන්න.

ලංකාවේ ලිංගිකත්වය ගැන විවෘත සංවාදයක් කරන්න පුලුවන් තැන අන්තර්ජාලය වීම එක අතකින් ලංකාවේ මනස්ගාත වලට ගැලපෙනවා. මොකද තමා කවුද කියන එක රහසිගතව තියාගෙන කතා කරන්න ඇහැකි නිසා.

රට පුරාම සැරිසරන්න ළාබාල අවදියේ සිට අවස්ථාව ලැබුණු නිසා නගරයේ හැදිලා වැඩුණට දේශපාලනඥයෝ වත් යන්නේ නැති ඈත පිටිසර පළාත්වලට යන්න අවස්ථාව ලැබුණු කෙනෙක් මම. තාත්තා නිසා මිනිස්සු ගෑණු අතර තියෙන ගැටලු ගැන ඉතා කුඩා කාළයේම පටන් අවබෝධයක් ලැබුවා. විශ්ව විද්‍යාලය ජීවිතය තවත් ලංකාවෙ හැම පැත්තෙන්ම ආව තරුණ අයව සමීප කළා. සෑම තරාතිරකම අයගේ ප්‍රශ්න ගැන ‍දැනගන්න අවස්ථාව ලැබීම ජීවිතයේ වඩාත්ම ලැබූ සතුටයි. මොකද මගේ ජීවිතය ඒ ප්‍රශ්න වලින් තොර කරගන්න දැනීමක් උදාවුනා.

විවෘත මනසක ඉන්න කෙනෙකුට ප්‍රතිවිරුද්ධ පැති ගැන හිතන්න ලේසියි. තර්කයට පමණක් යට නොවුනාම යමක් ඔප්පු කරන්න ඇති අවශ්‍යතාවය නැහැ. අනුන්ව මනින්න යන්නෙ නැති කෙනාට, අනුන්ගෙ රහස් ලෝකෙට නොකියන කෙනාට දැන ගන්න ලැබෙන තරම ඉමහත්. එසේම බොහෝවිට සත්‍යයයි.

ලිංගිකත්වයේ යෙදෙන්න අවස්ථාවක් ලබාගන්න නොහැකිව අසහනයෙන් ඉන්නෙ බෞද්ධ වික්ටෝරියානු මැද පන්තියේ ඉතා සුලු පිරිසක්. වික්ටෝරියානු අගැයුමි වල තියෙන්නෙ ළැම පෙදෙස එළියෙ දැම්මාට කමක් නැහැ විලුඹ පෙන්වන එක අසික්කිතයි වගේ කියන ඒව. ඉතින් ඒවා පිළිගෙන පන්සල් යද්දී කකුල් වැහෙන්න රෙදි පටලවාගෙන යන්න කියන, සංකර යයි කියා සේරම වැහෙන්න කලිසම් අදින ගෑණු අයට බැන වදින බෞද්ධ වික්ටෝරියානු මැද පන්තියෙ කොල්ලො ටිකක් ලැබුණ තැනකින් රහසෙන් රස විදලා ඊට පස්සෙ සාන්තුවරයො වගෙ ඔලුව උස්සල කොල්ලෙක් දිහා නොබලපු ‍කන්‍යාවක් විවාහ කරගන්නට හොයනවා. ඒ අයට තමන් බලපු රස ගැන කතා කරන්න බැහැනෙ. අනේ හරිම අසහනයෙන් ඉන්නෙ කියනවා.

ඒ මොට්ටපාලල හැරෙන්නට අනිත් අය නම්, මැද පන්තියේ අය, ඉහළ පෙළැන්තියේ අය, දුගී දුප්පත් අය, ඇතිවෙන්න කම් සැප රස වින්දනයට හුරු පුරුදු කාරයෝ. ඝනසාරප්පයන් ද ප්‍රසිද්ධව කවුරුත් තමන්ගේ නිරුවත හෙළි නොකරන නිසා, හිතන පතන තරමට කම් සැප නොයෙක් ආකාර‍යන් ගෙන් පුද පූජා ලබන නිසා, තමන්ට නැති නීති අහිංසක උපසකම්මාලට දාලා බය කරගෙන ඉන්නවා. ඒ උපාසකම්මලා තමයි තමන්ගෙ කන්‍යාභාවය රත්තරන් යයි හිතාගෙන ආරක්ෂා කරගෙන ඉන්න සොච්චම. අනේ පවි, එයාලගෙ මහත්තයැල ගිහින් කරල කියල එන ඒවා නොදැන ඒ අගැයුම් ආරක්ෂා කරනවා ඉත හිතින්.

ඉතා විශාල සමාජීයය තරුණ පිරිසකට ඔය කිසිම අසහනයක් නැහැ. එක ගෙදරක වැඩ කරන ‍ගමේ තරුණිය මහත්තයාගෙ සුවපහස විදින්නෙ ලැබෙන තෑගි වලටම නෙමෙ. ගමට ගියාම කොහොමටත් තමන්ව හෑල්ලු කරන අය ඉන්න නිසා අඩුගාණේ තරුණ වයසේ තමන්ගෙ උවමනාවත් සපුරගෙන වයස්ගත කාලයට මුදල් ඉතිරි කරගන්න ක්‍රමයක් හැටියට. මැද පන්තියෙ අම්මලා දරුවො මොන්ටිසෝරියට දාලා තමන්ගෙ ඕනෑකම් හොදට පිරිමසා ගන්නවා. හැබැයි ගෙදර මනුස්සයාට තමන්ගෙ රත්තරන් පැත්ත විවෘත නැහැ. එතකොට මනුස්සයාගෙන් තමන්ට ලැබෙන ගෞරවය නැති වෙනවානෙ. ගෑණි ‍දුන්නොත් එයා ගැන සැක කරන සමාජයකනෙ හැදිලා වැඩිලා තියෙන්නෙ. ඒකයි ඉතින් තමන්ගෙ අය එක්ක නැතිව අනුන්ගෙ අය එක්ක ගිහින් සැතපෙන්න සමාජය හුරු වෙලා ඉන්නෙ. එතකොට හැමෝටම අපි රත්තරන් කියාගන්න ඇහැකි.

හස්තයට වේල් බදින්න කල්පනා කරන අය තමන්ගෙන්ම අහල බලන්න ඕන තමන්ගෙ අගැයුම් මොනවාද කියල. එයාලට තමයි කන්‍යාවියක් කරකාර කරගන්න ඕන. පව් කියල හිතෙනවා පස්සෙ තමන් බැද ගත්තු බර කරත්ත දක්කන හැටි දකින කොට.

තමන් හිතල බලල යමක් කරන්න නොදන්න අයට, කවලා පොවලා උගන්වලා අන්තිමට හොයල බන්දලා දෙනකන් ඉන්න අයට නමි දේශපාලනඥයෝ මොනවා හරි කරල දෙන තෙක්, නීති දාලා හරි ගස්සලා දෙන තෙක් බලාගෙන හිටියාට නිදහස්ව හිතන අපි වෙනුවෙන් කතා කරන්න එන්න එපා කියලා කොහේ හරි සටහන් වෙන්න ඕන නිසා මෙහෙම ලියුවා.

ඒ එක්කම ලියන්න ඕන කම් සැපයට ඇලුම් කළ පමණින් කෙනෙක් කාමයේ වරදවා හැසිරෙන්නෙ නැහැ කියන එක ගැනත් හිතල බලන්න කියල. මොකද හරියට හිතන්න නොදන්න අය මේක වැරදියටනෙ ගන්නෙ.

10 Responses

Subscribe to comments with RSS.

  1. ජනුක said, on ජනවාරි 2, 2010 at 8:49 පෙ.ව.

    මරු.. හරි වෙනස් දෙයක්.. නියමයි.. මේක තමයි කව්රුත් කතාකරන්න බය ඇත්ත..

  2. Sam said, on ජනවාරි 2, 2010 at 10:38 පෙ.ව.

    කාරනා කාරනානම් ඇත්ත. නමුත් ගමේ හොරෙන් පොල් කඩනා නිසා, හොර පොල් කැඩීම අපේ ජාතික ප්‍රතිපත්තියයැ කීව නොහැක. සියලූම දෙනා හොර පොල් කඩනා නිසා, හොරෙන්ම පොල් කඩා ගන්න ඉඩ දීමත්, හොර පොල් කඩලා අහුවෙන එකාට ගහේ බැදලාගම ගහන එකත් කල යූතු කාරයයැයී කියලා මම හිතන්නේ නැත. හොර පොල් කැඩීමත්, පොල් මිලදී ගැනීමත් අතර වෙනස දහවලට රෑය.

    • arunishapiro said, on ජනවාරි 2, 2010 at 11:32 පෙ.ව.

      සෑම්, හොරෙන් පොල් කඩ කඩා තමන් එහෙම කරන්නේ නැහැයි කියන සුදනෝ වැරදි කියලා තමයි මමත් කියන්නෙ. හොරෙන් පොල් කැඩීම අපේ ප්‍රතිපත්තිය විය යුතු නැත. පොල් කඩන්න ගහේ අයිතිකාරයා ඉඩ දෙනවා නම් ඉතින් ඒකට විරුද්ධව මේ ගස් වලින් කැඩුවට කමක් නැහැ අර ගස් වලින් කඩන්න එපා කියන ගස් අයිති නැති කොහෙවත් ඉන්න නීතිකාරයෝ නීති ගේන එක තමයි ප්‍රශ්නෙ. ඒක ගහේ අයිතිකාරයයි කඩන එක්කෙනයි විසදගත්තාවේ. ඒකට නිදහසක් තියෙනවා නම් හොරෙන් පොල් කඩන්න උවමනාවක් ඇති නොවෙයි.

      • Sam said, on ජනවාරි 2, 2010 at 2:08 ප.ව.

        හැබෑ නේන්නම්.

      • මෙල්බා said, on ජනවාරි 3, 2010 at 8:37 පෙ.ව.

        ගහේ අයිතිකාරයා ඉඩ දුන් පලියට හොර පොල් කැඩීමට හුරුවීම තමයි මේ ඔක්කොටම මුල වෙලා තියෙන්නෙ. ඇරුනිගෙ තරම් මගේ අදහස් දාර්ශනික සහ ධනාත්මක නොවෙන්න පුලුවන්. හැබැයි අරුනිගෙ තර්කය, ගැහැණියක්ට සහ මිනිහෙක්ට තමන්ට කැමතිනම් මහ පාර මැද්දෙ ප්‍රසිද්ධියේ සංසර්ගයේ උනත් යෙදෙන්න පුලුවන් කියන එකනම්, මට ඒකට එකඟ වෙන්න බැහැ. මොකද අපි බල්ලො නෙමයිනෙ.

        • arunishapiro said, on ජනවාරි 3, 2010 at 12:08 ප.ව.

          මම මහපාර මැද්දෙ ප්‍රසිද්ධියෙ සංසර්ගයක් ගැන කොහේවත් තර්ක කරලා නැහැ. ලියලා නැති දේවල් හිතින් මවාගෙන විරුද්ධ වෙන්නෙ නැතුව අනේ කරුණාකරල ආයෙත් ලියල තියෙන සටහන කියවන්න.

      • Sam said, on ජනවාරි 4, 2010 at 3:12 ප.ව.

        //ගහේ අයිතිකාරයා ඉඩ දුන් පලියට හොර පොල් කැඩීමට හුරුවීම තමයි මේ ඔක්කොටම මුල වෙලා තියෙන්නෙ//
        ඔක්කෝම කියන්නේ මොනවාද? ඔක්කෝම ඕනේ නැහැ. දෙකක් තුනක් කියන්න බලන්න දැන ගන්නත් එක්ක.

        //ගැහැණියක්ට සහ මිනිහෙක්ට තමන්ට කැමතිනම් මහ පාර මැද්දෙ ප්‍රසිද්ධියේ සංසර්ගයේ උනත් යෙදෙන්න පුලුවන් කියන එකනම්…//
        එහෙම පුරශ්ණයක් මේ වෙනකම් ලෝකයේ කිසිම රියදුරෙකුට මුහුන දීමට සිදුවී නැතත්, කී කාරනය සම්බන්දයේන් තාර්කිකව එකගයී. එහම දේවල් කිරීම විතරක් නොවෙයී, කහ ඉර තිබියදී මහ පාර මැද්දේන්ම පාර පැනීමත්, අදී වේගයෙන් රිය පැදවීමත්, පාරේ කෙල ගැසීමත් වැරදියී.

  3. indik said, on ජනවාරි 4, 2010 at 2:48 පෙ.ව.

    ලියන්න තියෙනදේ කෙලින්ම ලියල තියෙනවා. බොහොම හොඳයි. සිතිය යුතු පැත්තක් විවර කලාට ස්තුතියි.

  4. V said, on ජනවාරි 10, 2010 at 12:11 පෙ.ව.

    ඇත්තේන්ම අද මිනිසුන් ජීවත්වන්නේ තමාගේ අවශ්‍යතාවන්ගේන් තෘප්තිමත් නොවීය එය මුදල් හදල් පමණක් නොව ලිංගික අවශ්‍යතා සදහත් එසේමය

    මෙයට වෙනම හේතුන් ඇත….

  5. Rasika said, on ජනවාරි 23, 2010 at 2:13 පෙ.ව.

    This comment is not for publication.

    Thank you very much ….. excellent advice Rasika, I shall strive to improve in this area.
    -Aruni


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: