ශ්‍රී දළදා මාළිගාව
ශ්‍රී දළදා මාළිගාවේ නව වෙබ් අඩවිය දියත් කර ඇත. බෞද්ධාගම රකින්නට ඇප කැප වී සිටින සංඝරත්නයට අමතක වූ දෑ පෙන්වා දීම අද ගිහියන් වෙතට බාර වී ඇත.
මෙම වෙබි අඩවියේ මාළිගාවේ ඉතිහාසය, අලි ඇතුන් ගැන, බෙදී සිටින මහා නිකායේ වරුණාව, හින්දු දේවාල වතාවත්, පෙරහැර, දියවඩන නිළමේගේ තොරතුරු යනාදී විස්තර බොහොමයකි.
බුදුරජාණන්වහන්සේ ගැන කිසිත් නැත.
බෞද්ධ ධර්මය ගැන කිසිත් නැත.
සමාවෙන්න, බුද්ධ ධර්මය ගැන දැන ගන්නට උවමනා අය ශ්‍රී දළදා මාළිගයේ වෙබ් අඩවිය හා සම්බන්ධ වූ අන්තර්ජාතික බෞද්ධ ඇකඩමිය වෙත යා යුතුය. එහි දී මුදල් ගෙවා උපාධි සහතික ලෙසින් ධර්මය උගත හැකිය.
ආධාර පරිත්‍යාග වලට නම් පැහැදිලිව පෙනෙන සේ රුපියල් හෝ ඩොලර් වලින් දානය කරන්න තැනක් ඇත.
බුදුහාමුදුරුවෝ කවුද කියා දරුවෝ නොදන්නේ වතාවත් හා පිළිවෙත් වලින් ධර්මය වැසී ඇති නිසාද? බුද්ධ ධර්මය හින්දු දේවාල අස්සේ පැහැදිලි කරන්නට යෑම නිසා ධර්මය උපාධියකින් මිස සරලව කියන්නට දන්නා අය අද සිටී ද? තමන්ගේ මවගේ නම චාලට් වූ කළ රනිල්ගේ නම ගැන බණ දේශනා කරන හිමිවරු අති පූජනීය ලෙසින් සැලකූ සමාජයක් බුදු බණ රකිනුයේ කෙසේද?
අංගුත්තර නිකායේ නිකනිපාත භණ්ඩුවග්ග 9 සූත්‍රයේ සදහන් වන පරිදි “මහණෙනි, තථාගතයන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබළයි, වැසුනේ නොම බබළයි.”
ශ්‍රී දළදා මාළිගාවේ වෙබ් අඩවියේ,
මාළිගාවේ ඉතිහාසය,
අලි ඇතුන් ගැන,
මහා නිකායේ වරුණාව,
හින්දු දේවාල වතාවත්,
පෙරහැර,
දියවඩන නිළමේගේ තොරතුරු යනාදී විස්තර බොහොමයකි.
ඉතින් !
බුදුරජාණන්වහන්සේ ගැන කිසිත් නැත.
බෞද්ධ ධර්මය ගැන කිසිත් නැත.
ඉතින් හරිනෙ!
ධර්ම උපාදිය ගැන කීවාහම මට මතක් වෙන්නේ අයිසෙක් ඇසිමොව්ගේ කතාවක්. විද්‍යාඥයෙක් කාල යන්ත්‍රයක් හදලා ශේක්ෂ්පියර්ව ගෙනල්ල විශ්වවිද්‍යාලේ ශේක්ෂ්පියර් පිලිබද උපාදි පාඨමාලාවට ඇතුල් කරනවා. පඨමාලව අන්තිමේදී ශේක්ෂ්පියර් උපාදී පඨමාලවෙන් අසමත් වෙනවා.
ඔකත් හරියට අපේ ඉස්කෝලේ බුද්ධාගම පාඩම නැත්තම්, දහම් පාසල වගේ. විභහග වලට කට පාඩම් කරා මිසක වටහා ගත්තු දෙයක් නැහැ. අර බුදුහාමුදුරුවො කී විදිහටම අනුන්ගේ හරක් බලන එක තමයී කලේ. හොදම උදාහරනය තමයී චත්ත මානවක ගාථා. හිසේ කෙස් ගානට කියලා ඇති. චත්ත මානවකයා මගදී හොර මුලකින් පොලු පාරක් කාල මැරෙනවා කියලා දැනගෙන, මග ඉදලා බුදු හාමුදුරුවො කොල්ලට කිය කියා යන්න ගථා ටිකක් උගන්නනවා. කොල්ලෝ ඔය පාරේ යන්න එපා, හොරු ඉන්නවා බොලන්, තොට ගහල මරයී කියලා බුදුහාමුදුරුවො කීවේ නැහැ. උන්දැට පොලු පහර කාලා මැරෙන්න යන්න ඉඩ දුන්නා. ඇයී එහෙම කලේ කියන එක ගැන කතා කරානම් අපි මීට වඩා හොදට බුද්දාගම වටහාගෙන.
අයිසෙක් ඇසිමෝව්! මමත් රසිකාවියක්මි. හිතන්න බොහෝ දේ ඔහු ලියූ කතාවල ඇත්තේය. මතක් කළාට ස්තූතියි.
Ela…. Digatama Liyanna..
බුදු හාමුදුරැවො නිවන් දැක්ක නිසා හොදයි .
හිටියනම් දිවි නහගන්න තමයි වෙන්නෙ.
දළදා මාළිගාවේ වෙබ් අඩවියේ බෞද්ධ ධර්මය ඇතුලත් කළ යුතු නැත. එය හුදෙක් අදාළ ස්ථානය පිළිබඳ තොරතුරු සැපයීමට සීමා විය යුතු ය.
හැම එකම බදාගෙන අනාගන්නවට වඩා, අදාළ දේ පමණක් කරන එක හොඳ නැද්ද?
මෙම වෙබි අඩවියේ මාළිගාවේ ඉතිහාසය, අලි ඇතුන් ගැන, බෙදී සිටින මහා නිකායේ වරුණාව, හින්දු දේවාල වතාවත්, පෙරහැර, දියවඩන නිළමේගේ තොරතුරු යනාදී විස්තර බොහොමයකි.
ඉතින් ! හරිනේ …
බුද්ධාගම ගැන විස්තර අවශ්‍ය නම් දැන ගන්න ඕනේ තරම් වෙබ් පිටු අන්තර්ජාලය පුරාවටම තියෙන්නෙ. දළදා මාළිගාවෙ වෙබ් අඩවිය ආගමික සිද්ධස්තානයක් පිළිබඳ වෙබ් අඩවියක් මිසක් බුද්ධාගම ගැන වෙබ් අඩවියක් නෙමෙයිනෙ.
ලංකාව ගැන, අපේ සංස්කෘතිය ගැන කතා කර කර ඇමරිකාව ගැන බ්ලොග් පිටු දාන අරුණිට අන්තර්ජාතික උදාහරනයක්ම ඕනෙ නම් වතිකානුවෙ වෙබ් පිටුවට ගිහින් බලන්න. http://www.vatican.va/phome_en.htm
දකින දකින හැම දේකම වැරදි හොයන්න පුරුදු උනාම දැකැත්තෙ ඇදයත් වැරදියටලු පේන්නෙ.
ලංකාවේ සංස්කෘතියත් ඇමරිකාවත් පරස්පරයක් වෙන්නේ කොහොමද? මටනම් ඒ දෙකේම බොහෝම සමානතා තියෙන්වා පරස්පරයන්ට වඩා. ඕනෙනම් ලයීස්තුවක්ම කියන්න පුලුවන්.
මම ඇමරිකාව ගැන කිව්වෙ අරුණිට වතිකානු වෙබ් අඩවිය සුදුසු උදාහරණයක් බව පෙන්නන්න විතරයි. ඒක නිසා අපි සංස්කෘතික වෙනසක් හරි සමාන කමක් හරි ගැන මෙතන කතා නොකර ඉමු. සැම්ට ඒ ගැන කතා කරන්නම ඕනෙනම්, ඔය ලැයිස්තුව තමන්ගෙ බ්ලොග් එකක දාන්නකො. මම ආසයි ඒ සමානකම් දැන ගන්න. නොදන්න දෙයක් දැන ගන්න එක කොහොමත් හොඳයිනෙ.
ඇමරිකානු සිහින රජ්ජයේ සිටින ඔබ හරියටම ඇමරිකානු රජය වගෙ ආසියාතිකයන්ගේ මරමස්තානවලට පහරගැසිමේ කලාව ප්‍රගුන කිරිමට මුලික පුහුනුව ලබනව වගේ. දලදාව කියන්නේ අපේ සංස්කෘතික උරුමයක් බුදුහාමුදුරුවෝ කියල නැ පෙරහැර තියන්න කියල.
ඇප්ගනිස්තානයේ මේ ලගදි 100 ක් විතර වැරදුන ගුවන් ප්රහාරකින් මරල හිලරි අක්ක සමාව ගත්ත හරිම මානුශිකයි.
ඇමරිකාව කියන්නේ නිකන් ඉදල සල්ලි හුරාකන රජයක්(ජනතාව නොවෙ) දන්නේ නැතිනම දලදාවට කලින් ඩොලර් මුදල් හුවමාරුව ගැන ඉගෙන ගන්න.
උන්ට ආපු කුනාටුවෙදි දාමරිකොයෝ කෙල්ලෝ දුෂනය කරද්දි අපිට පුලුවන් විදිහල තේ කොල ටිකක් නම් යැව්ව
CNN බලන අය ඔව දකින්නේ නැ.
මේ අය ටික දවසකින් වෙස්සන්තර රජුට විරුද්දව ලමා අයිතිවාසිකම් හා ස්ත්‍රි අයිතිවාසිකම නඩුදායි වගේ.
ඔය x කන්ඩායම ලිව්ව පොතක් ඒකේ තියනව ඕට වැඩිය හොද අදහස්
ධනාත්මක චින්තනය නිසා මිනිස් ශ්‍රමය අධිකව සුරා කනව අන්තිමට හප වෙච්ච මානසික ලෙඩෙක් තමා ඉතිරිවන්නේ ඇමරිකාවේ පිස්සු දොස්තරල ගැන හා රොගින් ගැන ටිකක් හොයල ලියන්න
තරහ නැත්නම බලන්න චිත්‍රපටි දෙක්ක මගේ වෙබ් එකේ තියනව හොයාගෙන බල්ලන්න
ඇමරිකාව තමයි ලොකුම පරිසර දුෂකයා බොරුනම් ඔප්පුකරන්න
http://muthunayake.blogspot.com/2009/12/where-in-world-is-osama-bin-laden.html
& revolutionary road
තමන්ගෙ අදහස් වලට ගැලපෙන්නෙ නැති දෙයක් යමෙක් කීවහම, මම ඕකට දෙන්නම් බැටේ කියලා, මඩ බාද්දියක් අරගෙන ඇවිල්ල හතර වරිගෙටම මඩ ගානවා. අන්තිමට මඩ ගාන්න ගිය කෙනා තමයී මඩ ඌරා වෙන්නේ. තලෙයීබාන් උන්දෙලා වගේ මැක්කා ගැන කතා කරහමත් ඇමරිකාව ගැන කතා කරලා ඉවර කරන්නේ නැතිව, කාරනා ගැන කාරනා වලිම කතා කොරෝතින් අලංකාරයි නේද.
දලඳා මාලිගාවෙ වෙබ් සයිට් එකේ බුද්ධාගම ගැන විස්තර නැති එක මෙච්චර ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ.
සෑම්ගේ කතාව ඇත්ත. දහම් පාසලේ හෝ ඉස්කෝලෙ උගන්නන බුද්ධගමින් මොනා ඉඅන ගන්නවද කියල මම දන්නෙ නෑ. බුද්ධාගම ගැන ලොකුවට කෑ ගහන්නෙ විභාග පාස් කරන්න බුද්ධාගම ඉගන ගත්තු අය තමා.
ඇමරිකාව ගැන මෙතන කියවුණු දේවල් නම් හරි ෂෝක්. මට හොඳ බ්ලොග් පෝස්ට් එකකට අදහස්ක් ආව ඒකෙන්.