නෙක දුරු රටා ඇති ලොව මවිතකර
මෙහෙම කිව්වෙ මගේ මහාචාර්යතුමා. එයාගෙ දැනුම අතිමහත්. භාෂා ගණනාවක් අධ්‍යයනය කරපු රටවල් දෙක තුනක ඉගෙන ගත්තු ලංකාවේ ව්ශ්ව ව්ද්‍යාලයක තැප තැප හිටිය කාලයක්. දේශපාලනික බලපෑම් නිසා උසස්වීමක් ලැබුනෙ කාලේ පැනල. ඉතින් ඒක නිසා හිතේ අමනාපයට දන්න කරුණු කාරණා කියල දුන්නෙ ඇබිත්තක් විතරයි. දන්න දේ බෙදා ගන්න අවස්ථාවක් නැතිව, ලියපු පොත් පළ කරන්නෙ නැතුව ඒ වටිනා මොළය අපතේ ගියා. ඉංග්‍රීසි නොදන්න උපාධිධාරීන් අතර මා ඉංග්‍රීසි සාහිත්‍ය උසස් පෙළින් සමත් වෙලා දර්ශනය හදාරන්න ආවාම මහාචාර්යතුමාට මා එක්ක සාකච්ඡා කරන්න බොහෝ දේවල් තිබුණ. දේශපාලන නැඹුරුවක් මට නොතිබුණු නිසා අපිට කතා කරන්න තවත් ලේසි වුනා. සිංහලෙන් පරිවර්තනය වෙලා නැති කියවිය යුතු ඉංග්‍රීසි පොත් වල නම් මට දුන්නෙ එතුමා. අනිත් දේශකවරු පැයක් තිස්සෙ කියන දේ වලටත්, මහාචාර්යතුමා කුඩේ වන වන කන්ද නගින ගමන් පැය කාලක් කියන දේ අතරත් තිබුනේ සෑහෙන වෙනසක්. ඒ තරම් දැනුමක් තියාගෙන පංති ගිහින් උගන්නන්නෙ නැත්තෙ ඇයි කියල මම ඇහැව්වෙ මමත් කථිකාචාර්ය පට්ටමක් අරගෙන ඒ දෙපාර්තමේන්තුවට ආවාට පස්සෙ. මුන්ට කිසිම අගයක් නැහැ කියන එකයි එතුමාගෙ පිළිතුර.
අපි වැරදි ගැන විතරක් කතා කරල වැඩක් වෙන්නෙ නැහැ කියන එක මම ඉත හිතින් පිළිගන්නවා. ඒත් වැරදි දකින තැන ඒක පෙන්නලා දෙන්න කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙන්නත් ඕන. ඇමෙරිකාවේ වුනත් වතිකානුවේ වුනත් කෙරෙන වැරදි වහාගෙන ඒවා නොදැක්ක වගේ ඉන්න එක වැරදියි. සංස්ථාව බලවත් වෙන්න වෙන්න ඒ ගැන වැරදි පෙන්වන අය නැතිවෙලා යනවා. ඊ ළගට වෙන්නෙ දන්න කියන අය මුන්ට කිසි අගයක් නැහැ කියල කටවල් වහගෙන දැනුමත් එක්ක මැරිලා යනවා.
කපන කලාව ඉහළින්ම ප්‍රගුණ කරපු ලංකාව වගේ රටක ඉහළට යන්න උත්සාහ කරපු කෙනෙක් තමයි ඒ ගැන හරියට දැන ගන්නෙ. ඉංග්‍රීසි දන්න, කන්න බොන්න අඩුපාඩුවක් නැති පවුලකින්, කොළඹ පාසැලකින්, ජීන්ස් ඇදන් විශ්ව විද්‍යාලයට ආපු නිසා මම වැටුනේ සුලු කොටසට. කැපිලි අසූහාර දාහක්. මම බහුතරය වගේ දුප්පත් ගම්බද පසුබිමකින් ආවා නම් එහෙම වෙන්නෙ නැහැ. නමුත් මහාචාර්යතුමාට වගේ අමනාපයක් මට නැහැ. මගේ මහන්සියෙන් ඉස්සරහට යන්න මට ඇහැකි වුනා වගේම මගේ දැනුම බෙදා ගන්න එදත් අදත් මම උත්සාහ කරනවා. දැනුම එක්ක නිකම් බත් උය උය ඉදලා මැරිලා යන්න මට බැහැ.
වැට වල් බැදගෙන, පැති අල්ලා ගෙන, තමන් ජීවිත කාලයක් විශ්වාස කරපු නිසා හරි යයි හිතාගෙන ඉන්න දේවල් එක්ක ජීවත් වෙන අය එහෙම හිටියාවේ. ඒත් අලුත් දෙයක් කියවන්න, අලුත් එල්ලයකින් බලන්න, වෙනත් පැත්තකින් හිතන්න කැමති අය මම වගේම තවත් ඉන්න නිසා මගේ අදහස් එයාල එක්ක බෙදා ගන්නයි මගේ වෑයම.
දැනුම පැත්තකට සීමා කරන්න බැහැ. දාර්ශනිකයෙක් කියන්නෙ ඕනෑම දෙයක් ගැන හිතන්න ඇරුණු මනසක් තියෙන කෙනෙක්. සම්ප්‍රදායික දාර්ශනිකයෝ එක් එක් අංශ වලට සීමා වෙලා තමන්ගෙ විෂයය පුගුණ කරලා ඇති. නමුත් මම විශ්ව විද්‍යාල සංස්ථාවෙන් අයින් වුනේ ඒකේ බැදල තියන වැටවල් මනස විවෘත කරනවාට වඩා මනස කොටු කරන නිසා. අද ලෝකෙ හැම තැනම මනස කොටු කරන ප්‍රයත්න වැඩි. මනස විවෘත කරන්න ඉඩ දෙන තැන් අඩුයි. අපි ලෝකයා එක්ක එකතු වෙන්න ස්කයිප්, පේස් බුක්, ට්විටර් වගේ සමාජීයය සම්බන්ධතා පහසුතාවය ඇති කරලා කතා බහ කරන්නෙ අපේ ආගමේ අය, අපේ ජාතියේ අය, අපේ දේශපාලනය අනුමත කරන අය, අපේ කුලේ අය, අපේ ගමේ අය එක්ක නම් ඉතින් වැඩක් තියේද?
හැකි පමණින් දන්න දේ බෙදාගන්න උත්සාහ කරනවා. අවුරුදු 18 අඩු අය තමයි මා ලියන කියන දේවල් ඉතා ආශාවෙන් කියවන්නෙ. අහන්නෙ. හේතුව, එයාලගෙ මනස් තාම වැහිලා නැති නිසා. මා කියන කිසි දෙයක් බාර ගන්න, පිළිගන්න, සංවිධානයකට බැදෙන්න, චන්දෙ දෙන්න, ආධාර දෙන්න කියන්නෙ නැති නිසා කැමති කෙනෙක්ට කැමති දෙයක් කරන්න නිදහස තියෙනවා. මගේ එකම උවමනාව මගෙ පුංච් මොළයෙ තෙරපෙන අදහස් එළියට දාන එකයි. මගේ සහෝදර මනුෂ්‍ය වර්ගයා එක්ක අමනාපයෙන් ඉන්නෙ නැතුව ඒ අයට ආදරය කරන එකයි.
දකුණු ඇමෙරිකාවේ වැම්පයර් වවුල් වර්ගයක් ගැන මතක් වුනා. උන්ගෙ ගෑණු සත්තු තමන්ගෙ ලේ සාගතයෙන් පෙළෙන අනිත් වවුලන්ට බොන්න වමාරනවා. ඉතින් මනුෂ්‍යයෝ වෙලා අපි නිවහල් අදහස් බෙදා හදා ගන්න උත්සාහයක යෙදෙන්න ඕනා නේද? මනුෂ්‍යයාට ඇති වැදගත්ම ලක්ෂණය හිතන්න ඇහැකි හැකියාව. නිදහස්ව හිතන්න කැමැත්තෝ තව කියවත්වා!
වැම්පයර් බැට් ඡායාරූපය web ecoist වෙතින්.
කොළඹින් ආවැයි කිව්වම යුනි වල කැපිල කෙටිලි ද ?
මම එක වතාවක් පිටරට සම්මේලනයක් නියෝජනය කරන්න යෑම සදහා අවසන් වටයට තේරුනෙමි. ඒ වටයේ විශිෂ්ඨතම ලෙසින් සභාව අමතන්නට මට හැකි විණ. මා හා තරග කළ හිතවත් ශිෂ්‍යයා පවා එළියේ අප තීරණය ලැබෙන තෙක් හිටගෙන සිටියදී මට අතට අත දී සුබ පැතුවේ මට එම අවස්ථාව නිසැකවම අත්වනු ඇතැයි යන විශ්වාසයෙනි. එතෙක් කළක් කාන්තාවක් ඒ සම්මේලනය නියෝජනය සදහා ලංකාවෙන් තේරී තිබුණේ නැත. පසු කලෙක මා හට දැන ගන්නට ලැබුණු පරිදි, මා වෙනුවෙන් පෙනී සිටි මගේ විශ්ව විද්‍යාලය නියෝජනය කළ ආචාර්යවරියම කමිටුවේ අන් අයගේ පුදුමය මැද මගේ නම කපන ලදි. මන්ද, මට ලැබෙන්න හැකි අවස්ථා මට වඩා අඩු ඉංග්‍රීසි දැනුම, සමාජ සම්බන්ධතා ඇති අයෙකුට නොලැබෙනු ඇති නිසාය. ඒ ගුරුවරිය වෙනුවෙන් මා පසු කලෙක ඉතා පෞද්ගලික වූ ඉමහත් සේවයක් ඉටු කර දුනිමි. මන්ද, ඇයගේ කැපිල්ල මා නතර නොකළේය. මෙවැනි අවස්ථා ගණනාවක් විශ්ව විද්‍යාල පසුබිමෙන් පෙන්වා දිය හැකිය. කොළඹ අයට කිරි ගමේ කැකිරි යන කියමන මා අසා ඇත්තෙම්. නමුත් කොළඹ අයට ඇති තරගය ගැන කවුරුත් සලකනවාද? නැති බැරි නිසා, ගමේ නිසා හෝ ඉංග්‍රීසි හුරුව නැති නිසා කෙනෙකුට විශේෂ සැලකීම ලැබෙන කළ දක්ෂතාවය නිසා ලබත හැකි අවස්ථා “කපා” දැමීම සුදුසු ද?
කැපිල්ල නිසා රට හැර ගියපු කථිකාචාර්යවරු කීප දෙනෙක් මම දන්නවා. හැබැයි ඒ අයට කැපිල්ල තිබුණේ අනිත් කථිකාචාර්යවරුන්ගෙන්මයි.
මම රටින් පිටට ගියේ නමි කැපිල්ල නිසා නෙවෙයි. ඒත් කතාව ඇත්ත, කැපිල්ල වැඩිපුර තියෙන්නෙ අනිත් ආචාර්යවරුන් ගෙන්ම තමා.
සියලු දෙයෙහිම දොස් දැකීම, ඇමරිකාව සහ වතිකානුව, මීට පෙර ඔබ ලියූ සටහනට මා ලියූ ප්‍රතිචාරයේ ඇතුලත් වූ දේ නිසා යමක් නොලියා සිටීමට නොහැකිවිය.
පිට පිට ඔබ ලියූ සටහන් දෙකකට ඔබට විරුද්ධ මත දැරීම (මා ඇතුලු කිහිප දෙනෙක්) නිසා ඔබව කැපිල්ලකට ලක් වී ඇතැයි, ඔබ සිතනවා විය නොහැක. මන්දයත් දර්ශනය පිළිබඳව කථිකාචර්ය පදවි හෙබවූ ඔබ වැන්නියක් , තමන් සම්ප්‍රදායික දාර්ශනිකයෙක් නොවෙයි කියාගන්නා ඔබ වැන්නියක් අප වැනි දුහුනන්ගේ බසින් සලිත වේ යන්න මට පිළිගත නොහැකි බැවිනි.
“ඒත් වැරදි දකින තැන ඒක පෙන්නලා දෙන්න කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙන්නත් ඕන” කියන ඔබේම දර්ශනයට අනුව අප කටයුතු කළ බව පමණක් මෙහි සඳහන් කරමි. ඔබ වැරදි ලෙස දකින දේ සහ අප වැරදි ලෙස දකින දේ අතර වෙනසක් ඇති බව පමණක් මට හැඟේ.
අපේ ගල් මුල් වලින් (ඉදිරියටත් එන) නොසැලී, ඔබේ දැනුම සහ නිවහල් අදහස් බෙදා දීමේ සද්කාර්යය ඉදිරියටත් කරගෙන යන්න මගෙන් සුබ පැතුම්.
මට විරුද්ධ මත දරණ අය මධ්‍යස්ථයේ හැදී වැඩී ඔවුන් හා සුහදත්වයෙන් තවමත් සිටිමි. බ්ලොග් සටහන් වලට ලියූ ප්‍රතිචාර කිසිවක් “කැපිලි” ගණයට වැටෙන්නේ නැත. ඔබ හරි. බොහෝ අවස්ථාවල ගුරුවරයින්ට වඩා, පණ්ඩිතයින්ට වඩා යම් යම් දෑ වෙනත් ඇසකින්, නව කෝණයකින් දකිනු හැකි වන්නේ දුහුනන් වූ යමක් ඉගෙන ගන්නට වෑයමක් දරන අයටය. රාමු වලට කොටු වී හිතන අයට නොවේ. රටවල් කිහිපයක නොයෙකුත් දැනුම මට්ටම් ඇති සභාවන් අමතා, ප්‍රශ්න පිළිතුරු වලට මුහුණ දී, ලංකාවේත්, ඇමෙරිකාවේත් විශ්ව විද්‍යාල කිහිපයකම උගන්වා ඇති මගේ සිත සලිත කරන්නට වෙන කෙනෙකුට ඉඩ නැත. ගල් මුල් පමණක් නොව මල් පොකුරු ද ලැබේවා යයි සිතම්. පැතුම් වලට ස්තූතියි.
මට නම්, ඔබ පෙනෙන්නේ අහංකාර ස්ත්‍රියක ලෙසිනි..
ඔබට හීන මානයක් ඇතිදැයි විටෙක සිතේ..
කැළුම් ගේ කමෙන්ට් එක දැක පරණ කතාවක් සිහිවිය.
මා විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයේ සිසුන් දෙදෙනෙකු අතර වූ දෙබසකි.
විජේඃ අඩෝ, උඹ ආනන්දෙන් කැම්පස් ආවයි කියල උඹට තියෙන හීනමානෙ නැති කර ගනිං.
රසිකඃ මචං, මං ආනන්දෙ ඉගෙන ගත්ත කියල මට තියෙනව නං තියෙන්න ඕනැ හීනමානයක් යැ අධිමානයක් නෙ. මට නං ඔය දෙකම නෑ. උඹ ගැණ නං මට මොකුත් කියන්න බෑ.
කතන්දරකාරයා
Who is this professor? He is a selfish fellow definitely.
I too was once a lecturer at UNIKEL.
-Rasika
Professor S.G.M.Weerasinghe, formerly head of Philosophy and Dean of Social Studies. I am not sure he was the way he was when I studied under him by nature or due SL education and social polity. I saw him as frustrated not selfish. He passed away a while back in London. I see selfishness as a virtue, but that is a topic for another blog.
Thanks to Kelum’s comment above, I have not just one but two posts in my blog now.
http://kathandara.blogspot.com/2010/01/blog-post_25.html
-Kathandara
Aruni,
SL has common weakness of taking sides, which I have felt in diff ways. Not only SL their migrant communities also has it. From time to time I have felt its effects in diff places [not only in SL].
Simple logic is, for certain things they consider us belogning to a certain imaginary group, either their enemies, or their friends or their own. So they like to paste a label on you. And then if you breach the label while being part of their own group they feel offended. [“them” in my writing is those who do this stereo typing, but it covers a lot of SL ppl for sure]
I have no better word than “gati vaadaya”.
Gati vaadaya is not as simple as Kolambata kiri Apata kekiri. It appears in many diff forms. For an ex, some grads think that ppl of their uni are teh best. Some ppl still favor ppl from their school when selecting for jobs. Gati vaadaya has one “innocent” feature [didn’t mean to praise it] compared to political favors. That is because the favoring ppl do it for no reason or benefit for them. It is a “niramisa jada wedak”. However dirty human nature like, jealousy, pride, dogma, disgust, dislike, bias etc are the root causes of it.
Based on the gatta many things change, notably the opinions. In local unis the support/opposition to ragging is primarily based on gatta. That means that raggers and anti-raggers are decided by the gatta [or the region/school] they come from.
Nice story to wrap up my comment.
My school was in Galle district. In the unis in Colombo side, most of my frnds are likely to be pro-rag [based on gatta] whereas in Ruhunu uni most of them are anti-rag [according to gatta]. After 1st yr of those guys, a school mate passed away and we met in funeral place. Me being not in any of local unis, was a pretty good observer there. Talk came to ragging. They did a pretty good debate with some good point and some crap points. [note that ragging was light during these days and they discussed only about very mild – still wrong – kinds of acts]
But one thing was notable. All the students of Colombo unis were very happy and fond of ragging. And those who were from Ruhuna were deadly against it. If ragging is discussed for its own sake, naturally some ppl may like it others may not. But that selection would be random. Here, one side is blindly pro-rag and the other side is blindly otherwise. It was a joke that they so seriously debate something just because they were born at X and studying at Y.
So Aruni this is no surprise.
Like G B Senanayaka once said, I stand out of every “gati” like a lotus and watch at the nonsense with sorrow. I may be with diff groups for a time I share my opinions with them. But I would never take part in an activity just because I was a part of the group.
sujeewa, as I see it this tendency is prevalent not just among SL’s but in every society; it is a good topic for a another post. Many Thanks!
අරුණිගේ මහාචාර්යතුමා ගැනත්, තමා ගැනත් අරුණි හඳුන්වා දෙන හැටියෙන් ඔබ පොළොවට අඟල් කීපයක් ඉහළ අධි මාන පුස් මානසිකත්වයකින් පෙළෙන බව නම් දැනෙයි……නමුත් ඔබේ වියමන් වටිනා බව කියමි…..මම ඔබව ගැඹුරින් කියවා නැති බැවින් අදහස වැරැදි නම් ගැත්තා කමන සේක්වා…