අරුණි ශපීරෝ‍ වෙතින්

දියවැඩියාව

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 6, 2010

දියවැඩියාව නැත්නම් ඩයබිටීස් රෝගයෙන් රටෙන් හතරෙන් එකක් පෙළෙනවා කියල පත්තරෙන් දැක්ක. තාමත් සමහර අය කියන්නෙ “මට ඩයබිටික්” කියලා. මම ඩයබිටික් අයෙක්මි. මට ඇත්තේ ඩයබිටීස්ය යනුවෙන් එය නිවැරදි විය යුතුය.

එන්න එන්න අපේ කෑම බීම වෙනස් වෙලා. වෙනද සාදයකට නැත්නම් උත්සවයට කන කෑම දැන් හැමදාම කන්න පුලුවන්. ඒ එක්කම කන්නෙ බොන්නෙ ඉස්සර බර වැඩ කරපු අය කන බොන විදිහට. ගොයම් කපන්න, වතුපිටි සුද්ද කරලා අතුගාල කය වෙහෙසලා වැඩ කරන අය අඩුයි. බස් එකක ගිහින් ගෙදර ගියාම තියෙන වෙහෙස දන්නෝ ආයෙ වැඩ මොනවද කියල පුටුවක් උඩට වෙලා කොත ගහපු බත් පිගානක් බෙදාගන කාලා පින්තූර පෙට්ටිය දිහා බලාගෙන ඉන්නවා. ඊ‍ට පස්ස ඇදට වැටෙනවා.

කන ප්‍රමාණය වැඩි වෙන්න කෑම බීම සුලබ බව හා සමානව තවත් හේතුවක් තියෙනවා. හිත චංචල අය කෑම කාලා එයින් හිත සංසුන් කර ගන්නවා සුලු කාලයකට. ඉතින් වැඩි වැඩියෙන් කෑවාම වැඩි වැඩියෙන් කාල සීමාවක් සිතේ සහනය පවතිනවා. අද සමාජයේ ඇති මානසිකත්වය දකින්න පුලුවන් පාරේ යන අයගෙ තරබාරු සිරුරු දැක්කම.

කෑමෙන් සිත සනසා ගැනීමට දරුවන් ද පුරුදු වෙන බවක් පේනවා. එයාලට යන්න තැන්, කරන්න දේවල් අඩුයි. පාසැල් යන්නයි ටියුෂන් යන්නයි දවස ගෙවෙන නිසා.

ව්‍යායාම කරන්න යා හැකි තැන් තියෙනවා. ඒව‍ට යන්නෙ සුලු පිරිසක්. මස් ගොබ දොදොල් වගේ හෙලවෙන නලුවෙක් තමන්ගෙ රූපකාය රැකගන්න තමන් අනුගමනය කරන ව්‍යායාම පිළිබදව පත්තරේටත් ලියලා තිබුණ. කරන්න ඕන මොනවද කරන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලිව කියලා දෙන්න වාතාවරණයක් නැති බව පෙනෙනවා. පාසැල පටන් ගන්න කළියෙන් අත් එහාට මෙහාට දාලා කරන දේවල් ගැන ළමයි හරි අකැමතියි. නිකම් හිටගෙන ඉන්න කොටත් දහදිය හැලෙන රටේ පංති පටන් ගන්න කොට හරියටම ව්‍යායාම් ටික කළොත් දවස පුරාම ඉන්න වෙන්නෙ දහදියෙන් තෙත්වුනු ඇදුම් වලින්.

ව්‍යායාමයට ඉඩ කඩ මදි නම්, කාල වේලා මදි නම්, අඩුවෙන් කය වෙහෙසන අය අඩුවෙන් කන බොන එක හොදයි නේද කියලා කිව්වොත් තරහ වෙයි. එක වේලකට කන්න සුදුසු පුමාණය දන්නවා නම් රටෙන් බාගයක් විතර කලන්තෙ දාලා වැටෙයි. මොකද ඒ එච්චරම චුට්ටක් නිසා.

දියවැඩියාවට තවත් හේතුවක් තමයි ජානු බලපෑම. ඇමෙරිකාවේ ජොස්ලින් ඩයබිටීස් සෙන්ටර් එකේ දොස්තර රොබට් ස්ටැන්ටන් අලුත් සොයාගැනීමක් ඉදිරිපත් කළා. ඒ ඉන්සියුලින් නිෂ්පාදනය කරන බේටා සෙල් විනාශ කරන සුවිශේෂි එන්සයිමය හදුනාගන්නට ලැබීම. ඉන් නුදුරු අනාගතයේ දී ඒ එන්සයිමය ආරක්ෂා කරන්න බෙහෙතක් නිෂ්පාදනය කරාම බේටා සෙල් බේරා ගන්න ඇහැකි. එයින් ඩයබිටීස් හැදෙන එක නැවතන්න හැකිවේවි.

එතකොට අර විජාතික බලවේග වලට කෑ ගහන අය පෝලිමේ ගිහින් ලබා ගනියි බෙහෙත්. විජාතික බලවේග සොයා ගත්තු පෝලියෝ එන්නත්, රූපවාහිනී, වයර්ලස් දුරකතන පාව්ච්චිය වගේ.

දියවැඩියාවෙන් බේරෙන්න හැකි ජාතියට, කුලයට, ගමට, ආගමට සීමා වෙලා අවාහ විවාහ වෙන එක වෙනස් කිරී‍මෙන්. එහෙම කරපු අතීතයේ දියවැඩියාව අද තරම් තිබුනේ නෑනෙ. ඉන්දියානුවන්, පරංගීන්, ඕලන්දකාරයෝ එක්ක ලේ හුවමාරුව නිසා රත්තරන් පාට අය අපේ පවුල් වල ඉන්නවා. අනේ එයාලට හරි තැන. විවාහ යෝජනා එමටයි. ඒත් පර සුද්දාට නම් බනිනවා. කේන්දර බලල බැන්දට අපි ජානු කොහොමද කියල හොයල බලල බදින්නෙ නෑනෙ.

කන ප්‍රමාණය අඩු කරන්න අකැමති නම්, ව්‍යායාම කරන්න හොර නම්, තරබාරුකම සාර්ථකත්වයේ ලක්ෂණයක් හැටියට සලකා ගෙන ඉතින් විජාතික බලපෑම් හොයා ගන්න බෙහෙත් පාවිච්චි නොකර  ජාතියක් වශයෙන් දියවැඩියාවත් දරා ගන්න හිත හදාගන්න වෙයි.

4 Responses

Subscribe to comments with RSS.

  1. muthunayake said, on ජනවාරි 6, 2010 at 10:41 ප.ව.

    රත්තරන් පාට අය අපේ පවුල් වල ඉන්නවා. අනේ එයාලට හරි තැන. විවාහ යෝජනා එමටයි…

    පැහැපත් රන්වන් සිරුරක් හිමි උනු ලංකිකයෝ හැමොම පර සුද්දන්ට ජාතක වෙලා නැ.
    සිගිරියේ ලලනාවෝ කලු හා රන් වන් පාට දෙකම ඉන්නවා.
    දු‍ටුගැමුනු කුමාරයා කැලේ පැනපු කලේ හිටියා කෙල්ලෝ දෙන්නෙක් රන් එතනයි, කලු එතනයි.
    ඔය කොලොබ රන් පාට ඔය කියන අය ටිකක් ඉන්නවා. ඒ අය ගේ ආච්චිලා සියලාගේ කෙරුවාව තමා කොරන්නේ ගොඩක් අය නාකි සුද්දෙක්ගේ හරි සුද්දියක් හොයා ගෙන කබුරන එක තාමා කොරන්නේ. රජයේ හරි පුද්ගලික අංශයේ හරි උසස් වැදගත් රස්සාවක් කරන ඔය කවලම් අය හරි අඩුයි. පුද්ගලික ලෙකම්,මොඩ්ලින්,බොනික්කො වගේ ඔ‍ෆිස් වල තියාගෙන ඉන්නවා. ඉහල තනතුරු වල ඉන්නවා හරිම අඩුයි.
    විජාතික බලපැම සහ නිව‍රැදි තාක්ශණය ලබා ගැනිම ගැන අවබොදයක් නැති බව පේන්නේ. ඔය බටහිර දේවල සුද්දො කොරනව විතරයි කියල හිතාගෙනද ඉන්නේ. පාත්ෆ්යින්ඩ්ර් යානයේ කැමරාව හැදුවේ අපේ කෙනෙක්, විශාල ආසියාතිකයො ප්‍රමාණයක් ඒව කරනව පරිගනක සොෆ්ට්වේයා ගොඩක් කරන්නේ ඉන්දියානුවෝ.

    බටහිර බලපැම කියන්නේ මේකයි. අපි තට්‍ටු බිල්ඩින් එකක් හදන්න ඉන්ජිනේරුවෙක් සැලසුමක් හදල ඒක අනුමත කරගන්න විදේශ නය සමාගමට දෙනකොට එක පාවිච්චි කල සියලුම පොත් ලක්ෂ ගානක් දිලා එංගලන්තෙන් ගන්න ඔනි. මොකද ඒ අය කියනව මේ පොතට අනුව ඔනි කියල.
    ඉලගට ISO ඉල්ලනව ඔය ලංකවේ ධිවර වරායවල් වල බොට්‍ටු ගැට ගහන්න බොලාඩ් කියල යකඩ කුට්ටියක් තියෙනව. ඕක ඉස්සර නිකම් කම්මලක හැදුවේ . අපි ලංකාවේ කර්මාන්ත මන්ඩලයේ එකක් දුන්න මුන් කියනව ISO තියෙන සමාගමකින් ගන්න කියනව. ඒක ජර්මන් සමාගමක් සියගුනයක් වියදම් කරල ගනින්කෝ උන්ගෙන් අපි බලෙන් අපේ ඒව දැම්ම
    මේව දැකල තමයි මේ මා‍ෆියාවට අපි විරුද්ද

    • arunishapiro said, on ජනවාරි 7, 2010 at 9:53 පෙ.ව.

      ලංකාවේ සිංහලයා පැවත එන්නේ ඉන්දු යුරෝපීය විජාතිකයන් ගෙනි. බලපෑමකට ලක් නොවුනේ වැදිහූරන් පමණි. පොළොන්නරු සමයේ සිංහල කාන්තාවන් පාණ්ඩ්‍ය රජදරුවන්ට අවාහ කර දෙන ලදි. රොබට් නොක්ස් ලියා ඇති පරිදි සිංහල භාර්යාවන් අමුත්තන් වෙනුවෙන් ද තම සේවය ලබා දී ඇත්තේ සැමියාගේ කැමැත්ත ඇතිව එය ආගන්තුක සත්කාරයේ සාමාන්‍ය දෙයක් ලෙසය. අපට රජ කරන්නට කෙනෙකු නැති කළ පිටින් රජ දරුවන් ද ගෙන ආවෙමු. ශ්‍රී වික්‍රම රාජසිංහගේ බිරින්දෑලා කොහෙන් ගෙනාවා දැයි ඔබ දන්නවාද? ලංකා ඉතිහාසයත් ජානු පිළිබදවත් දැනුමක් නැත්තේ මට නොව ඔබට යයි සිතේ. විජාතික බලවේග කියා දොස් පවරද්දී තමන්ට කැමති කොටසකට පමණක් වෙනස් කර සැලකීමට නොහැක. දෙමළාටත් සිංහලයාටත් නොව එහෙනම් රටේ බාරකාරත්වය දිය යුත්තේ වැදිහූරන්ටය.

      ඉන්දියානුවන් පසුගිය වසර කිහිපය තුල දී සීඝ්‍රයෙන් දියුණුවක් ලබා ගත්තේ හැම වරැද්දටම යටත්විජිත ආධිපත්‍යයට දොස් පැවරීම නවතා තම ආර්ථිකය, දේශපාලනය හා අධ්‍යාපනය දියුණු කරගැනීමට සිත මෙහෙය වූ නිසාය. අපිටත් එසේ කළ හැකිය. දියුණුවට ඉඩ නොදෙන්නේ අපිටම කපා ගන්නා අපිමයි. පිටරට ගොස් යම් සොයාගැනීමක් කළ අයෙකු අපේ කෙනෙක් යයි කීමට අපි ඉක්මන් වෙමු. එහෙත් එවැන්නෝ ලංකාව තුලින් තම කුසලතාවයට දිරි ගැන්වීමක් නැති කමින් රට හැර යෑම ගැන අපි කිසිත් නොකියමු. පිටරට සිටිනා ඉතා දක්ෂ වැදගත් වූ සොයාගැනීම් කළ සිංහලයෝ, ලංකාවේ උපන්නෝ, අභ්‍යාවකාශ ගවේෂණයේ යෙදෙන හා වෛද්‍ය විද්‍යාවේ වැදගත් සොයා ගැනීම් ලෝකයට ඉදිරිපත් කර ඇති අය බොහොමයකි. විශේෂයෙන්ම අද ඇමෙරිකාවේ හා කැනඩාවේ ජීවත්වන අය සැලකිය යුතු සංඛ්‍යාවකි. සමහර දෙනෙකුව පෞද්ගලිකව දැන හදුනමි. ඔවුන් තම සොයා ගැනීම, කීර්තිය ලබා ගත් පසු පමණක් “අපේ කෙනෙක්” කියති. එසේ කියන්නට ලැජ්ජා විය යුත්තේ ලංකාවේ ඉන්නා අයය.

      එසේම ඉන්දියාව අනුන් ගෙන් ණය ඉල්ලන්නේ නැතුව තම දියුණුව කරා යන සේම, අපිත් අපේ දේවල් අපේම සල්ලි වලින් අපිම හදා ගන්නවා නම්, අනුන්ගේ පුමිති වලට යට වෙන්න අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ නේද?

  2. S.C. said, on ජනවාරි 10, 2010 at 8:47 පෙ.ව.

    විරුද්ද වෙන්නෙ රටට හානිකර “විජාතික බලවේග” වලට මිසක් පිටරටින් එන අපේ සංකෘතියට ගැලපෙන හොඳ දේ වලට නෙවෙයි.

    ඇමරිකාවෙ මහත්තැන් තුමාල, අපිට ත්‍රස්තවාදය ඉවර කරන්න දෙන්නෙ නැත්තං, අපේ නායකයොන්ට විරුද්දව බොරු යුද අපරාධ නඩු දාන්න හදනව නං, ඒවාට විරුද්ද වෙන එක ලාංකිකයන්ගෙ වගකීම.

    “ඇමරිකාවෙන් ඩයබිටික් ටැබ්ලට් ලැබෙනෙ නිසා, එයාලගෙ නොපනත් කම් අපි ඉවසන්න ඕන” කියල කවුරු හරි හිතනව නං, ඒක එයාලගෙ තියන මානසික වහල් භාවය.

  3. S.C. said, on ජනවාරි 10, 2010 at 8:59 පෙ.ව.

    “පර සුද්ද” ට බනින්නෙ “පර” වැඩ නිසා මිසක්, හමේ පාට සුදු නිසා නෙවෙයි.

    මේ වගේ සුළු සුළු අඩුපාඩු කීපයක් හැරුනම, කියවන්න ආස හිතෙන ලිපි තියන බ්ලොග් එකක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: