ෆිලඩෙල්ෆියාවේ සිට
අද බ්ලොග් පෝස්ට් එක ලියන්නෙ ෆිලඩෙල්ෆියාවේ සිට. බෝඩර්ස් පොත් කඩයේ කෝපි කඩේ වාඩි වෙලා. දුවට විශ්ව විද්‍යාලයේ නිවාඩු කාලේ ඩාන්ස් ක්ලාස් නැතුව බොහොම අමාරුවෙන් හිටියෙ. එයා ඩාන්ස් මේජර් එකකට ඉගෙන ගන්නෙ. ඉතින් හැතැප්ම 150 ක් ආවා ක්ලාස් දෙකකට. රුසියන් කාණ්ඩයක් උගන්වනවා. මම ඩ්‍රැයිවර් නිසා ඉවර වෙනකන් ඉන්නවා. එයා දුර රිය පදවන්න කැමැති නැහැ. දුවගේ පින්තූරයක් එයා ගිය වසරේ සහභාගී වුන උළෙලක වෙබි සයිට් එකක දාලා. ඉතින් මෙතැනින් බලන්න ඇහැකි කැමති කෙනෙකුට http://www.wmsdf.org/register
මඟ එනකොට දැක්කා ෆ්රැන්ක්ෆර්ට්, පැරිස්, හැම්ප්ෂර්, ලිස්බන් නමි තියන නගර. මේ පැත්තනෙ ඇමෙරිකාවේ ඉස්සෙරවෙලාම ජනගහණය වුනේ. ඉතින් ආපු රටවලින් තම තමන්ගෙ මව්බිමේ නම් තමයි හැම තැනම දකින්න තියෙන්නෙ. ලංකාව මිස් වෙන්නෙ අපිට විතරක් නෙමෙයි. මුල් පදිංචිකාරයෝ සේරටම තම තමන් ආපු රටවල් ගැන ආදරයක් තිබුණ බව පෙනෙනවා.
ඊයේ ලංකාවේ පත්තර කියවද්දි දැක්කා වොලිබෝල් ගැන ලිපියක්. ගෘහස්ත වොලිබෝල් වලට සල්ලි වියදම් කරලා එත් බිච් වොලිබෝල් වලින් රටට දැනටමත් සෑහෙන කීර්තියක් ලැබෙන බව ගැන. පිටරට ගිහින් තම දැනුම වඩවා ගන්න ක්‍රිඩකයෝ වෙතට ඇති අවස්ථාවන් හරිම අඩුයි. පිටරට තරඟ වලට සහභාගී වෙලා පුහුණුවක් ලබන්න ඊටත් වඩා අමාරුයි. මට මේක ගැන පුද්ගලික අත්දැකීමක් තියෙනවා. කාලයක ඉඳන් ටෙනිස් වලට පුහුණු කඳවුරක් ලංකාවේ දාන්න ලොකු තැන්වල හැම අයටම කතා කළා. වියදම වුනත් බලාගන්නම් කියල. ලංකාවට යන්න කැමැති අන්තර්ජාතික ලෙවල් එකේ පුහුණුකරුවෙක් කැමැති කරවා ගත්තා. ටෙනිස් දන්නවා නම් සෙරිනාට, ටොමී හාස්ට එහෙමත් උගන්නපු කෙනෙක්. කොහෙද ඉතින් ඇමතිතුමාට කතා කළාත් කිසි උනන්දුවක් තිබුනේ නැහැ. අනේ ටෙනිස් වලට කැමති පුංචි දරුවො ලංකාවට ගියාම දුක කියනවා. ඉන්න පුහුණුකරුවො කැත විදියට බනිනවා හරියට පුහුණුවක් දෙන්නෙ නැහැ කියල. ලංකාවේ හොඳ ටෙනිස් ක්‍රීඩකයෙක් පත්තරේට ලියලා තිබුණ ටිකක් අන්තර්ජාතික මට්ටමකින් දැනුමක් තිබුණ නම් දිනුම් මීට වඩා ලබා ගන්න හැකියි කියලා. ලංකාවට ගිය දවසක හොයා ගන්න ඕන එහෙම අයව. ලංකාවේ විශ්ව විද්‍යාලයේ ටෙනිස් කණ්ඩායමේ හිටිය මම. වයසට ගිහින් මෙහෙදි තරඟ වදින හැකියාව එදාට වඩා සිය ගුණයකින් වැඩියි.
ඇමෙරිකාවට මලල ක්‍රීඩාවෙන් දක්ෂ ක්‍රීඩකයෝ දෙන්නෙක්ව පුහුණුවට ගෙන්න ගන්න වෑයමක් ගත්ත. හරි ප්‍රශ්න. කාටවත් කියන්න නැතුව කරගන්න ඕනා. නැත්නම් එන ගමනට වල කපනවානෙ. ඉතින් හොරෙන් හොරෙන් තමා සේරම ලැහැස්ති කරන ඒවා කරන්න වෙන්නෙ. එහෙම කරන කොට හරි හැටියකට ලියුමක් ගන්නවත් බැහැ වීසා වලට පෙන්වන්න. මෙහෙන් හොයන්නෙ පුහුණුව ගත්තට පස්සෙ ආපහු යනවද කියන එකයි කවුද ගෙවන්නෙ කියන එකයි. දිනුවට පස්සෙ ලංකාවෙ කෙනෙක් කියලා හරියට උදම් අනන අය අත දෙන්න නම් ඇඟිල්ලක් වත් උස්සන්න කැමති නැහැ. සුසන්තිකා ඇමෙරිකාවේ පුහුණු වෙන කාලේ සල්ලි එකතු කරද්දී සල්ලි යැව්වා. කවුරු ගත්තද කාට දුන්නද දන්නෙ නැහැ. ස්තුතියි කියල ලැබුණ කෙනා ලිව්වෙ නැති නිසා. සුසන්තිකාගෙ නම විකුණල සල්ලි හොයා ගත්ත අයත් ඇති. මේ මලල ක්‍රීඩක දෙන්නගෙන් එක්කෙනෙකුට සියැටල් පැත්තෙ පොඩි කොලෙජ් එකක ශිෂ්‍යත්වයකුත් දිලා ගන්න කැමැති පුහුණුකරුවෙකුත් හොයාගන හිටියෙ. අනේ අන්තිමට නීතියේ විදියට කරන්න ප්‍රමාද වෙනවා කියල ද කොහෙද මෙන්න එක්කෙනෙක් හොරෙන්ම ඇවිත්. සේරම අනාගත්ත. වෙන හේතුවකට ඇවිත් නතර වුනා. මෙන්න මේ ෆිලඩෙල්ෆියා පැත්තෙම. අනේ අර දඹල අමිල හාමුදුරුවො වගෙ මම නම් සල්ලි ගත්තෙ නැහැ ගෙන්න ගන්න උදව් කරන්න. ඒත් හොරෙන් ආවාම එක නීතියක් කඩන කෙනෙක් තව තවත් නීති කඩ කරන්න පසුබට වෙන්නෙ නැති නිසාත්, එන්න කළියෙන්ම හොරෙන් ඉන්න හිතාගෙන එන්න එපා මම උදව් කරන්නෙ නැහැ එහෙම ආවොත් කියුව එක ඇහැව්වෙ නැති නිසාත් දැන් කිසි සබඳකමක් නැහැ. දන්න කියන අය කියන ඒවා පිළිගන්නත් ඒ විදියට කරන්නත් කැමැති නැත්තෙ ලංකාවේ කිසි කෙනෙක් තව කෙනෙකුට ලාබයක් බලා නොගෙන අත දෙන හුරුවක් නැති කමද මන්ද?
ඔබගේ “ගෙම්බාගේ දෘෂ්ටාන්තය” නැමැති ලිපිය ලංකාවේ ජනවාරි 10 වැනි ඉරුදින ලක්බිම පුවත් පතේ පල වුනා. හැකි නම් ලබාගෙන බලන්න. සුබ පැතුම්.
ඔව් ඔව්. මම මේ ගැන පොඩි බ්ලොග් සටහනකුත් ලිව්ව. ඔබට සුභ පැතුම්. ඉරිදා ලක්බිම 18 පිටුව.
මටත් මෙම ප්‍රවෘත්තිය ලබා දෙන්නට අවශ්‍ය වුණා.
සුභම සුභ පැතුම්!
ස්තූතියි සුබ පැතුම් එවන හැම දෙනාටම. ලක්බිම දැකලා මේ පැත්තෙ එන අයටත් ආයුබෝවන්!
රටට සෙතක් වනවා දැකිමට අවශ්‍ය , අවංක මිනිසුන්ද සිටියි. නමුත් ඉහල තැන් වල බලයෙ සිටිනුයෙ සුදුස්සන් නොවෙයි. ක්‍රිකට ක්‍රිඩාව දෙස බලන්න. ඔබගෙ උත්සහය සාර්ථක වෙවායි පතන අතර ඉරිදා ලක්බිමෙ ලිපිය පලවිම වෙනුවෙන් මගෙන් සුබපැතුම්….
අර පින්තුරෙ නම් මාරයි අහ් !!!
ඇත්තේනම ලංකාවේ අපේ අයට උදව් කරන්න හදන එක ලොකු දෙයක්
හැබැයි එක දෙයක් ලංකාවේ සමහර දේශපාලනය කරන අයට කොමිස් එකක් දෙනවානම්( ඔබ කරන්නේ සමාජ සේවයක් ලාභ නොලබන ) ඕන දෙයක් කරයි
අනික ඉතින් ඇමතිතුමා ක්‍රිඩා ගැන දන්නවාද දන්නේත් නැනේ…..
තව දෙයක් අපේ සමහර ලක් වැසියන්ට නිකම් දෙන දෙයේ අගයක් නැ.මොන ජරාවක් උනත් නිකම් දෙනවානම් බදාගෙන පස්සේ අහක දනාවා එක අවශ්‍ය පුද්ගලයාටත් නැ …………
මගෙනුත් සුබපැතුම්..
මෙයත් කියවන්න: http://www.divaina.com/2010/08/01/sports03.html