හයිතියේ දුර්භාග්‍ය
හයිතියේ දුර්භාග්‍ය සිදු වූ භූමිකම්පාව නොවේ. එය විපැත්තියකි. ඕනෑම විපැත්තියක දී හඹා යන ලෝක මාධ්‍යවේදීන් හැකි ඉක්මණින් හයිතියේ කුඩාරම් අටවා ගත්හ. සැටලයිට් මඟින් හයිතියේ කැඩී බිඳී ගිය ස්ථාන, පිරී ඉතිරී ගිය රෝහල් හා මහපාරේ වැටී සිටින අසරණයන් පිරි රූප රාමු සොයන්නට ඔවුන් එකිනෙකා පරදවමින් කෙළ හළමින් දුවති. ආධාර එකතු කරන ලෝක සංවිධානවල කණ්ඩායම් රට රටවලින් පැමිණ ස්කයිප් මඟින් ලෝක රූපවාහිනී සාකච්ඡාවන්ට සහභාගී වෙන්නේ ඉහළ පෙලේ හෝටල් වල ලැගුම් ගෙනය. පැය විසි හතර පුරා ප්‍රචාරය කරන්නට එකම රූප රාමු මදි වූ කල තම රට රටවල විශ්ව විද්‍යාල වලින් සමාජ විද්‍යා, ආර්ථික විද්‍යා විශේෂඥ පණ්ඩිතයන් හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ මුවින් මෙම අභාග්‍යය හයිතිය නඟා සිටුවන්නට ඉමහත් අවස්ථාවක් කරගනු හැකි යයි කියවා ගනිති.
ලංකාවේ දුර්භාග්‍ය ද සුනාමිය නොවීය. සුනාමියෙන් පසු ලංකාවට විදේශික මාධ්යයාතන හා විදේශික ආධාරකරුවන් රැලක් දිව ආහ. පහුගිය දා නිව් යොර්ක් ටයිම්ස් හි ලංකාව වසරේ සංචාරය සඳහා හොඳම රටවල් වලින් ප්‍රථමස්ථානය යයි පළ වු කල ලංකාවේ රූප රාමුවක් ගන්නට කිසිවෙක් නොගියහ. එක්කෝ පත්තරේ බොරු කියනවා ද? නැත්නම් අපිට අගේ මනුෂ්‍ය දුර්භාග්‍ය පමණද? සුනාමියට ආධාර කියා ඇසූ නොවිරූ තරමින් සල්ලි යටිමඩි ගහ ගත්තෝ ලංකාවේ ද අනිකුත් රටවල ද වූහ. සුනාමියෙන් පසු ලංකාවේ ආර්ථික හෝ සමාජයීය දියුණුවක් වූයේ ද?
රූප රාමුවලට අල්ලා ගන්නට අළුත් වූද, තව තවත් දුක්ඛිත වූද පින්තූර නැති කල මාධ්‍යවේදීන් තම තමන් ආ රට රටවලට ආපසු යනු ඇත. දුර්භාග්‍ය කියා සල්ලි එකතු කරගන්නෝ තම පඩිනඩි වැඩි කරගනු ඇත. ලංකාව මෙන්ම හයිතියක් ආපසු සිටි තත්වයේම පවතිනු ඇත.
හැම දෙයටම ඇමෙරිකාවට බනින්නෝ හයිතියේ විපැත්තියටත් ඇමෙරිකාවට බනිනු ඇත. පෝර්ටෝ ප්‍රින්ස් සුඛෝපභෝගී සංචාරක නෞකාවන් යන තොටුපලකි. ඒ අසල ඉතා මැනවින් පරිසරය පැවතිය ද හයිතිය පුරා අන්ත දුගී දුප්පත් ජනතාව බඩගින්නේ එදා වේල සොයාගත නොහැකිව ඉන්නා හැටි ගැන පිටරට අය දොස් කියන්නට පෙර බරාක් ඔබාමා තම රටටම බැන වැදී ඇත. ඒ ඔහුගේ ආත්මචරිතකතනයේය.
මනුෂ්‍ය දුර්භාග්‍යයන් වූ කල ජනමාධ්‍ය කඩි කෑ කල මෙන් හැසිරෙන්නේ ඇයි? දුර්භාග්‍ය වූ පිරිසට සහනාධාර හා පිහිටවීමට ද? එහෙම නම් කැමරා හා නිවේදක පිරිස් යවනවා වෙනුවට හයිතියේ ඉන්නා කැමරාකරුවන්ට හා නිවේදකයන්ට හොඳ මුදලක් ගෙවා ඒ අයගේ දක්ෂතා හා අදහස් ලොවට බෙදා හැරීම කළ යුතු නැද්ද? තමන් විසින් ගත්තත් ලැබෙන්නේ ඒ විපැත්තියේ පින්තූරම නෙවේද?
එසේ නොකරන්නේ එවිට මනුෂ්‍ය දුර්භාග්‍ය වූ මේ “අනගි” අවස්ථාවෙන් තම තමන්ගේ අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීමට ඉඩකඩක් නොසැලසෙන බැවිනි. තම උවමනා සාක්ෂාත් කරගත නොහැකි බැවිනි. පතුලට කිඳා බැස බලනා කල ඔවුන් සියල්ලටම පොදු වූ චිත්ත ආවේගය හයිතියේ මනුෂ්‍ය දුර්භාග්‍ය ගැන සතුටය.
ප්‍රවෘත්තියක්: ටයිගර් වුඩ්ස් ඇරිසෝනාවේ ක්ලිනික් එකකට ඇතුල් වී ඇතැයි වාර්තා වේ. ඔහු ගොස් ඇත්තේ සිය ලිංගික ආශාවන් මර්ධනය කර ගැනීමට ප්‍රතිකාර සොයා යයි ද ප්‍රවෘත්තියෙන් කියැවුණි. හ්ම්…වෙසෙප්රෙසින් රිසෙප්ටර් වලට ගහන වයිරල් ඉන්ජෙක්ෂන් ඉක්මණින් නිපදවන්න වෙනවා වගේ!
[…] හයිතියේ දූර්භාග්‍ය සඳහා දැනටමත් ඇමෙරිකන් ඩොලර් මිලියන 800.9 […]