අරුණි ශපීරෝ‍ වෙතින්

විප්ලවකාරී විකල්පය නොහොත් වෙනස

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 15, 2010

අර්නෙස්ටෝ ගුවේරා වෙනසක් කරන්න  යයි පවසා නිකං හිටියේ නැත. ඔහු ලාදුරු රෝගීන් කොන් කර දැමූ කොළනියකට ගොස් ඔවුන් වෙනුවෙන් කය වෙහෙසා වැඩට බැස්සේය. ස්ටීවි ජොබ්ස් වෙනසක් කරන්න යයි පෝස්ටරයක් ගසා චේ ගේ පින්තූරයක් ද ඊට ඉහළින් එල්ලා ගත්තේය. මැක් කොම්පියුටරය මයික්‍රොසොෆ්ට් වගේ ලෙඩ ගොඩක් නොවේ. අයි ෆෝනය කොපි කරන්නට අනිත් වයර්ලස් සමාගම් ලහිලහියේ ඇප්ස් හොයති. ළඟඳීම මැක් ඉලෙක්ට්‍රොනික් පොතක් ද එළියට දාන්න ලැහැස්ති වන බවට ආරංචිය. කෙන්ඩල් ඉලෙක්ට්‍රොනික් පොත් ගැන දන්නා අය එහි ඇති දුර්වලකම් දන්නා නිසා මැක් ඒ දුර්වලකම් පලවා හැර තවත් කාර්යක්ෂම වූ ඉලෙක්ට්‍රොනික් පොතක් දෙනු ඇතැයි සිතිය හැකිය.

වෙනසක් ඉල්ලා සිටින්නෝ තමා අපේක්ෂා කරන වෙනස කුමක්දැයි පැහැදිලිව නොදන්නේ නම් එතැන වෙනසක් සිදුවන්නේ නැත. මතවාදයක් පෙරළිය හැක්කේ තවත් මතවාදයකින් පමණි. මතවාදය තමන් වත් නොදන්නා කළ තියෙන ප්‍රශ්න ඒ සෙයින්ම කැළතෙමින් පැහව පැහවා ඔඩු දුවනු ඇත. පැහැදිලි මතවාදයක් බිහිවන්නේත් එයින් පවතින මතවාදයක් පෙරළිය හැක්කේත් ආචාරාත්මක වූ බුද්ධියකිනි.

පවතින මතයක් පෙරළන්නට ඒ මතයට විරුද්ධ වී පමණක් නොහැකිය. ඒ මතයේ දුර්වලතා පෙන්නුම් කළ යුතුය. ඒ මතය ප්‍රසිද්ධියේ චෝදනාවට ලක් කිරීමෙන් ඵලක් නැත. පිළිනොගන්නා මතය ප්‍රතික්ෂේප කළ යුතුය. මතයෙන් ඈත් වී කොන් වී සිටීමෙන් ‍නොහැකිය. ඒ වෙනුවට පරිපූර්ණ, සංයුක්ත, නොවෙනස් වන විප්ලවකාරී විකල්පයක් ඉදිරිපත් කළ යුතුය.

විප්ලවකාරී විකල්පය යන්න වාමාංශිකයෝ විසින් පට්ට ගහන ලද්දක් වුවද ඇමෙරිකාව බිහි වූයේ ද විප්ලවකාරී විකල්පයක් සොයා යෑම නිසා බව මතක් කරමි.

ම්ලේච්ඡ යුගයට ආපසු දුවනා අප දියුණුව කරා යෑම අතහැර දමා ඇත. වැරදි කරනවුන්ට දඬුවම් දෙන්නට මානුෂික වූ දණ්ඩ නීති සංග්‍රහයන් ගෙන ආ අප අද එළිපිට තමා නිවැරදි යයි පෙන්වීම වෙනුවට අනිකාත් එම වරදම කරන බව පෙන්වීමට පුරුදුව ඇත. හැමෝම කරන නිසා වරදක් නිවරද නැත. එය දන්නා අය වරද නොකළ යුතුය.

නියතවාදයෙන් බැරි වූ ඇබිත්ත ජානු විද්‍යාවෙන් කර ගන්නට හැම දෙයක්ම ජානුවේ වැරැද්ද මත පටවන්නෝ ද ඇතිවෙමින් පවතී. අපරාධ කරන්නන්, අනාචාරයේ හැසිරෙන්නන්, බේබද්දන්, කුඩු ගහන්නන් යනාදී සියල්ලෝම තමාට ඇත්තේ රෝගයක් යයි කියන්නේ නම් විනයානුකූල පැවැත්මක උවමනාව වෙනුවට මනුෂ්‍ය චර්යාව වෙනස් කරන බෙහෙත් හා එන්නත් යුගයක් ආරම්භ වන ‍ලකුණු ඇත. විනයානුකූල පැවැත්මක් නීතියෙන් ස්ථාපිත කළ නොහැකිය. ඉරානය විසි වසරක් ඊට කැප වූවත් ඵල නොලැබීය. විනයානුකූල පැවැත්මක් විද්‍යාවෙන් ස්ථාපිත කිරීම මනුෂ්‍ය වර්ගයාගේ උන්නතිය වෙනුවට පරිහානියට මුල පුරනු ඇත. ලොවට අවශ්‍ය රූකඩයෝ හෝ රොබොට්ස් නොව තනිවම සිතිය හැකි මනුෂ්‍යයෝය. එක් අයෙක් සියල්ලෝ වෙනුවෙන් සිතනවාට වඩා තම තමන් තමා තමා වෙනුවෙන් සිතීම නිසාය අද දක්වා ලොව දියුණුව සිදු වූයේ. විනයානුකූල පැවැත්මක් ඇතිවන්නේ මනුෂ්‍යයාට ආචාර ධර්මාත්මක බුද්ධියක් ඇති කර ගැනීමට වාතාවරණය සලසා දීමෙනි. මනුෂ්‍යාගේ මොළය ද්වේශයෙන් පුරවන්නේ නැතිව ස්වභාවික වූ කුතුහලය වැඩෙන්නට පරිසරය ඇති කර දීමෙනි.

ආචාර ධර්මාත්මක වූ බුද්ධියක් සෑම බෞද්ධයෙකු  යයි කියා ගන්නා අයෙක් තුලම පැවතිය යුත්තකි. බෞද්ධයා එවන් විප්ලවකාරී විකල්ප මතවාදයකට උරුම කම් කීවේ අවුරුදු දෙදහස් පන්සියයකට පෙර සිටය. එහෙත් අභාග්‍යය වී ඇත්තේ ධර්මය රකින්නට ඇප කැප වූ අයම මතවාදය නොහඳුනන බැවින් අන් වාද පැතිරීමය.

4 Responses

Subscribe to comments with RSS.

  1. ~බිன்ku~ said, on ජනවාරි 15, 2010 at 11:37 පෙ.ව.

    Good Post!

    “විප්ලවකාරී විකල්පය යන්න වාමාංශිකයෝ විසින් පට්ට ගහන ලද්දක් වුවද ඇමෙරිකාව බිහි වූයේ ද විප්ලවකාරී විකල්පයක් සොයා යෑම නිසා” සත්‍යයකි, නමුත් ඊට කාර්මික විප්ලවය සමඟින්ම කම්කරු විප්ලවය හේතු වුණේය. එය තම ධනේචර නායකයන් සියල්ල කරනතුරු කට බලියාගෙන සිටිනා අපේ අයට පාඩමකි.

    අහෝ, මට මාවම මගේ තුළින්ම විප්ලවයක් ඇති කරන්න තවමත් නො හැකි වුණු හැටි!

    • arunishapiro said, on ජනවාරි 15, 2010 at 5:57 ප.ව.

      ඇමෙරිකාව බිහිවුනේ කාර්මික විප්ලවයටත් කම්කරු විප්ලවයටත් බොහෝ පෙර කාලයකය. ඇමෙරිකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව පැවතිණ. ඇමෙරිකානු නිදහස් අරගලය (1776) පැවතියේ බ්‍රිතාන්‍ය අධිරාප්‍යවාදයට විරුද්ධවය. ඒ කාලයේ ලංකාවේ කන්ද උඩරට දකුණු ඉන්දියාවෙන් ආ නායක්කාර වාංශිකයෝ සිංහලයන් අවාහයෙන් රජකම් කළ කාලයයි. පහත රට අල්ලාගෙන සිටියේ ඕලන්දකාරයන්ය. බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය කරන්නට ගත්තේ 1795 පමණය. මා විප්ලවකාරී විකල්පය ලෙසින් සඳහන් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පලවා හැර නිදහස් රටක් සඳහා සටන් වැදි ඇමෙරිකානු නිදහස් අරගලයයි. එය විප්ලවකාරී අරගලය ලෙසින් ද සඳහන්ය. ඒ ගැන තවත් තොරතුරු දැන ගැනීමට කැමති නම් සිංහලෙන් ලියූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් පොත අවශ්‍ය නම් කොපියක් එවත හැකිය.

  2. තරිඳු said, on ජනවාරි 16, 2010 at 2:04 පෙ.ව.

    ඔබතුමියගේ පෝස්ට් වලට කමෙන්ට් දාල එකතු කරන්න දෙයක් මට නෑ. හේතුව ඔබගේ සටහන් පරිපූර්ණ වීම සහ යමක් එකතු කරන්න තරම් මම මෝරලා නැති වීම. ඒ උනත් මම අනිවාර්යයෙන්ම කියවන බ්ලොග් කීපයෙන් එකක් මේක. හැමදාම මම යමක් ඉගන ගන්නවා. හිතන්නට යමක් තියෙනවා. දේශපාලන අසූචි බෙදන බ්ලොග්, සින්ඩිකේටරය ගඳ ගස්සවන මේ කාලයේ ඔබේ මේ සටහන් අපට හරි වටිනවා. තව තවත් අනගි සටහන් ලියන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.

    • arunishapiro said, on ජනවාරි 16, 2010 at 9:53 පෙ.ව.

      ස්තූතියි. පරිපූර්ණ බව කෙසේ වෙතත් ‍මුසාවාද සහ සම්ප්‍රප්පලාප වලින් තොර දෙයක් ලියන්න නම් නිතරම වෑයමක යෙදෙනවා. එය මුදුන් පමුණුවා ගැනීම සඳහා කරන වෑයමත් සතුටක්. කියවන අය ගොඩක් දිනෙන් දින එකතුවන බව මගේ බ්ලොග් කවුන්ටරයෙන් දකිනවා. ඉතින් කමෙන්ට් දැම්මෙ නැතුවට කමක් නෑ කියල හිතනවා කියවන අය ඉන්නවා නම් ලියන්න ආසයි. අරුණි කිව්වම පුමාණවත්. ඔබතුමිය කියන්න ඕන නෑ. ඉතින් මගේ සටහන් වලට එකතු කරන්න ඉක්මණින් දේවල් හිතට එයි දිගටම කියවන කොට. ඒකයි මගේ බලාපොරොත්තුව. තනියම යන ගමනක් ‍නෙමෙයිනේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: