අරුණි ශපීරෝ‍ වෙතින්

පළමු වසරේ කළ හූනියම

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 16, 2010

ක්මෙන්ට් එකක ඉන්දික අහපු ප්‍රශ්නයක් නිසා මේක ලියන්න හිතුන. ප්‍රශ්නෙ වශී ගුරුකම්, හූනියම් වල ඇත්තක් තියේ ද කියලා.

මම පළමු වසරේ කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක්ව ඉන්නා ක‍ාලයේ වූ සිද්ධියක් මේ.

පුස්තකාලයේ පොත් හොය හොය ඉන්න කොට සීනියර්ස් අක්කල කාණ්ඩයක් ඇවිත් අපිට හරි ඇබැද්දියක් වෙලානෙ කිව්ව. හොයල බලන කොට කලර්ස් නයිට් අඳින්න එළියට අරගෙන පෙන්නපු වටින මාලයක් නැතිවෙල. රහසින් කතා කර කර පුස්තකාලයෙන් එළියට ආවා. ‍ඕනම දේකට හිතල බලන්නෙ නැතුව අත දාන මොළේ මෝරා නැති කාලේ නිසා වෙලා තියෙන්නෙ මොකක්ද හොයන්න ගියා හොස්ටල් එකට ඒ ගොල්ල එක්ක.

ගර්ල්ස් හොස්ටල් එකේ කාමරේට ගිහින් හොයල බලන කොට මේකයි වෙච්ච සිද්ධිය. වටිනා මාලේ සූට්කේස් එකෙන් එළියට අරන් පෙන්නල තියෙන්නෙ ඊට ඩිංගකට කළින්. පෙන්නන කොට කාමරේ හිටියෙ හතර පස් දෙනෙක් විතරයිලු. ඊට පස්සෙ මාලේ සූට්කේස් එකට දාලා වහල කාමරෙන් එළියෙ වෙන වැඩක් කරල එනකොට තව එක්කෙනෙක් මාලේ බලන්න අහල. ඒක පෙන්නන්න සූට්කේස් එක අරිද්දි මාලේ අතුරුදහන්.

ඉතින් ආයේ ෂර්ලොක් හෝම්ස් වෙන්න ඕන නෑ වෙලා තියෙන දේ හිතා ගන්න. ඇතුලෙම කෙනෙක්, මාලේ දැකපු අයගෙන්ම කෙනෙක් තමයි ඒක හොරකම් කරල තියෙන්නෙ. හැබැයි ඒක කියන්න බෑ කාණ්ඩෙ සේරම වට වෙලා අනේ බලන්නකො හරි අපරාදේ කිය කිය ඉන්න කොට. අනික මාලේ තමන්ගෙ නැතිවෙච්ච අම්මා මතක් වෙන්න තියන එකම දේ කියලත් නැති කරගත්ත අක්කා කිය කිය අඬනවා.

දැන් මගේ ප්‍රශ්නෙ මාලේ ආපහු ලබා ගන්න එක. හොරා අල්ල ගන්න එක වැඩක් නෑ කියල මම හිතුවා. හැබැයි ඒ කාලේ දැන් වගේ අහල බලල වැඩ කරන කාලයක් නෙමේ. දහ අටයි මාසයයිනෙ වයස. කාගෙන්වත් ඇහුවේ නැහැ ඒ ගැන. හැමෝටම කිව්වා කාමරේ සුද්ද කරන්න පොඩි හූනියමක් කරලා මාලේ ගෙනැල්ල දෙන්නම් කියල.

ඉතින් කාමරේ සුද්ද කරන කොට මාලේ හම්බ වුනේ නැහැ. හැබැයි මකුළු දැල් කඩල, ‍බිම අතුගාල එහෙම සුද්ද කරන කොට අහළ පහළින් යන අය අහනවා මොකද මේ කියල. හැමෝටම කිව්වා පොඩි හූනියමක් කරන්න යන්නෙ කියල මේ නැතිවෙච්ච මාලයක් ගෙන්නන.

පාට ගණනකින් මල් ගේන්න කිව්ව. මතක නැහැ පාට කීයක් ගේන්න කිව්වද කියල දැන්නම්. දෙහි ගේන්න. වතුර පෙරන්න. හිතට ආවා ඔය කතන්දර පොත් වලින් හූනියම් ගැන කියවලා තිබුණ දේවල්. ඒවා ගේන්න කියල කිව්වා. ඒ කාලේ ඩීමන් ආනන්දගේ පොත් කියවලා තිබුණ මම. මාර ජොලි මේ කරන්න යන වැඩේ. 

දැන් මගේ යෙහෙළියන් දෙන්නා අහනවා මම දන්න හූනියම මොකක්ද කියල. ඒ පුස්තකාලයෙන් මාත් එක්ක එළියට ආව මගේ වසරේම ෆ්‍රෙෂාල දෙන්නෙක් චම්පිකා සහ කාන්ති. තාම යාළුයි දෙන්න එක්කම. ඉතින් එතකොටයි මතක් වුනේ ‍හූනියමක් කරන කොට මතුරන්න එපායෑ මන්තර.

පළමු වසරේ මම දර්ශනයට අමතරව ප්‍රංශ භාෂාවයි ජර්මන් භාෂාවයි ඉගෙන ගත්තා. ඉතින් පුංශ සහ ජර්මන් වචන දාලා හිටිවන මන්තරයක් කිව්වා. කාටවත් තෙ‍්රුනේ නැහැ. මටවත් තේරුනේ නැහැ. කාන්ති ඉගෙන ගත්තෙ වානිජ්‍ය. චම්පිකා ඉගෙන ගත්තෙ සෞන්දර්යය. එයාල දෙන්නා විතරයි දන්නෙ මම දොඩවන දේ මන්තර නොවෙයි කියල. සේරම ඉවර වෙලා වටේ ඉන්න අයට කිව්වා රෑ දොළහට කළින් ඇඳ උඩ මාලේ තියෙයි. නැත්නම් ගත්තු එක්කෙනාට බඩ ගිහින් මැරෙනවා කියලා.

හැබැයි කාමරේට රෑ දොළහට කළින් යන්න ඇහැකි එක පාරට එක්කෙනාටයි. දෙන්නෙක් එකට ගියොත් මන්තරේ බලේ නැති වෙනවා කියලත් කිව්ව. නැත්තන් ගත්තු කෙනා ඒක ගිහින් දා‍න්නෙ කොහොමද? 

කාමරය අස්පස් කරල, දෙහි කපල, මන්තර කියල ඉවර වෙනකොට දැන් අව්වත් බැහැල. මට ගෙදරින් තිබුන නීතියක් තමයි කරුවල වෙන්න කළියෙන් ගෙදර ඉන්න ඕනා කියන එක. පැයක බස් ගමනක් යන්න ඕනා ගෙදරට. සීනියර්ස් අයියා කෙනෙක් හම්බ වුනා දාම්පෙ කියල ගෙදර යන බස් එකේ. කරුවල වැටිලා බයට ඇ‍ඬෙනවත් එක්ක. අනේ මේ ඈතක යන අයියා මඟදි අපේ ගෙවල් ළඟ බැහැලා ගේ ළඟටම ගිහින් ඇරලුවා රෑ. හැබැයි පස්සෙ කාලයක් යනකම් මට විහිළු කරන්න අයිතිය තියා ගත්ත එයා රෑ වෙලා ගෙදර යන්න බයේ ඇඬුව එක ගැන.

අම්මා බලාගෙන ඉන්නවා ගේට්ටුව ළඟ. බැනුම් කන්දරාවක්. කියන්න ගියේ නෑ පරක්කු වුනේ මොකද කියලා. ඊ ළඟ දවසෙ කැම්පස් යන්න තහනම් කරා දඬුවමක් හැටියට රෑ වෙන්න කළින් ගෙදර එන්න මතක් වෙන්න.

උදේ පාන්දර ගෙදරට කෙක්, බිස්කට්, කෙසෙල් ගෙඩි අරගෙන ගෑණු ළමයි ඇවිත්. අම්මා නැඟිට්ටවල කිව්වා අන්න කැම්පස් ළමයි ඇවිත් හම්බ වෙන්න කියලා. මාලේ කියපු විදියටම ඇඳ උඩ තියෙනවලු රෑ දොළහට ඔන්න මෙන්න කියද්දි. එක්‍ එක්කෙනා ගිහින් බලල තියෙනවා විටෙන් විට. මාලේ අයිති අක්කා වැන්දෙ නැතුවා විතරයි. එයාලටම කේක්, බිස්කට්, කෙසෙල් ගෙඩි වලින් සංග්‍රහ කරලා ඇරියා. අම්මට පොරොන්දු වුනා ආයේ ඒ වගේ වැඩ කරන්නෙ නැහැ කියලත්.

මාලේ හොරකම් කළේ කවුරු ද කියල මම දන්නවා. ඒත් ඒක කවදාවත් කාටවත් මං කියන්නෙ නෑ. ආපහු දීපු එක වැදගත් කියල මං හිතන්නෙ. එක්කන් යන්න ආපු අක්කගෙයි මාලේ ගත්තු එක්කෙනාගෙයි නම් දෙක විතරයි මතක. මාලේ අයිතිකාරයා කවුද කියල නමි මතක නෑ. දාම්පෙ අයියා දැන් ලොකු පොරක් කියල ආරංචියි. කාන්ති ගුරුවරියක්. චම්පිකාට ප්‍රින්සිපල් පට්ටමක් ලැබුණට තාම ඉස්කෝලයක් ලැබිලා නැහැ.

හූනියමක් හරි යන්නෙ ඒකට භාජනය වෙන අය ඒක විශ්වාස කරනවා නම් විතරයි.

හූනියම් ඇත්ත නම් අහස් යානා වලින් ගිහින් තමනුත් මැරෙන්නෙ නැතුව අල් කයිඩා ත්‍රස්තවාදීන්ට ඇමෙරිකන් කාරයෝ යන අහස් යානා සේරටම හූනියම් දාන්න පුළුවන්නෙ. හිටපු කොටි ත්‍රස්තවාදීන්ට මරාගෙන මැරෙන අය එවන්නෙ නැතුව හදි හූනියම් සිංහල හැමෝටම තැපෑලෙන් එවන්න තිබුණනෙ. එහෙම කරන්නෙ නැත්තෙ ඒවල ඵලයක් නැති නිසයි.

තව විස්තර සඳහා කියවන්න: (1) Rituals, Folk Beliefs & Magical Arts of Sri Lanka; (2) Alien Mysteries in Sri Lanka & Egypt, both written by Mihindukulasuriya Susantha Fernando.

14 Responses

Subscribe to comments with RSS.

  1. indik said, on ජනවාරි 16, 2010 at 9:53 ප.ව.

    බොහොම ස්තුතියි මේක ලිව්වට…
    මමත් මේ සම්බන්ධ සමහර දේවල් අහල, කියවල තියෙනව. මම පොඩි කාලෙ අපි හිටියෙ මැදිරිගිරියෙ. මැදිරිගිය වටදාගය බාරව හිටියෙ අපේ තාත්තා. (තාත්තා ඒකාලෙ වැඩකලේ පුරාවිද්‍යා දෙපර්තමේන්තුවෙ.) ඒ පලාත්වල තියෙන ඔයවගේ දේවල්ගැන තාත්තා කියල තියෙනවා. කොණ්ඩදෙනියෙ හාමුදුරුවො කරපු පුදුම දේවල් ගැන මම කියවල තියෙනවා…
    ඒව විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරුයි. ඒ වුනත් මට අනුවනම් අපිට මේ දේවල් එක පාරටම ප්‍රතික්ෂේප කරන්න අමාරුයි.
    සමහර බොරුකාරයො හින්ද ශාස්ත්‍රයෙ වටිනාකම නැතිවෙලා යනව වුනත් හරියටම මේ දේවල් කරලම පෙන්නන්න පුලුවන් කට්ටියත් තාම ඉන්නව.

  2. Uraj Deemantha said, on ජනවාරි 16, 2010 at 9:55 ප.ව.

    Hikz…… ඔයා නම් මාරයි 😀

  3. රවා said, on ජනවාරි 16, 2010 at 9:57 ප.ව.

    අක්කෙ අපි යමක් දකිනවා. ඇස් දෙකෙන්… කනෙන් අහනවා.. .අපි ගණිතය ඉගෙන ගත්තා,භෞතික විද්‍යාව ඉගෙන ගත්තා, රසායන විද්‍යාව ඉගෙන ගත්තා. අපි උසස් පෙල කරන කාලෙදි වැඩිහිටියොත් එක්ක තර්ක කරා ඔය සම්භන්දව. අපි දිනුවා. නමුත් මම අද හිතනවා අපි එ දා ඇත්තටම පරාද උනා කියලා. මොකද තර්කය කියන දෙ හැමතැනටම හරියන දෙයක් නොවෙයි. අපිට නොතෙරෙන , අපිට අහුනොවෙන දෙවලුත් තියනවා. අපි ඉගෙන ගන්න ගන්න එවා දිහැ අවතක්සෙරුවෙන් බලන්න එපා. එවත් පැරනි දැනුම කොටස්. අපි විද්‍යාව ඉගෙනගෙන අපෙ සමහර දැනුම් කොටස් අමතක කරනවා. නමුත් නමුත් අදත් බොහොම අප්‍රසිද්ධව ඉන්නවා ඔය සම්බන්දව ඉන්න දක්ෂයො. එ දැනුම්ත් ඉස්සරහට එනවා කොහොම කොහොම හරි…

    • arunishapiro said, on ජනවාරි 17, 2010 at 8:32 පෙ.ව.

      ඒ දැනුම කවුරු හරි පිළිගන්න හැකි ආකාරයට බුද්ධිමත්ව ඉදිරිපත් කළොත් මම ඒක බාරගන්න මුලින්ම පෝලිමට ගිහින් ඉන්නවා. නමුත් ඒ දවස එනකම් නිකං බලාගෙන ඉන්නෙ නැතුව අනිත් දේවල් ගැනත් හොයන්න ඕනා.

  4. තරිඳු said, on ජනවාරි 16, 2010 at 10:29 ප.ව.

    ඔය යන්ත්‍ර මන්ත්‍ර ඇත්තද කියලනම් මම දන්නෙ නෑ. මම තාම විශ්වාස කරන්න තරම් සාක්ෂි දැකල නෑ. ඒ නිසා විවර මනසකින් ඉන්නවා ඒ ගැන. අරුණි මෙතන අරුණි සහෝදරිය මේ කියල තියෙන සිද්ධියේ වෙලා තියෙන්නෙ හොරකම කරපු එක්කෙනා හූනියම ගැන විශ්වාස කිරීම.

    පිරිත් නූල් පිරිත් පැන් වලටත් මේ ටිකම තමා කියන්න තියෙන්නෙ. විශ්වාස කරන කෙනාට පිරිත් පැන් කියල බේරෙ වැවේ වතුර පෙව්වත් ලෙඩ හොඳ වෙනවා.

    හැබැයි මම කාලෙකට කලින් කිවෙව්වා මේ ආගමික ස්තෝත්‍ර වල බලය ගැන ලියවුණු පර්යේශනයක විස්තර. සමහර ආගමික ගායනා වතුරේ අණුක සැකැස්ම වෙනස් කරනවා කියල ඒකෙ ඔප්පු කරල තිබ්බ. ශබ්දය විසින් තමා ඒක කරන්නෙ.

    • arunishapiro said, on ජනවාරි 17, 2010 at 8:30 පෙ.ව.

      ආගමික නොවන උස් ස්වරයන් ගෙන් සින්දු කියන හැකියාව ඇති අයට වීදුරු බිඳින්න පුළුවන්. සිත ප්‍රීතියෙන් පිරෙන කොට ලේ පිරිසිදු වෙනවා. තරහෙන් පිරෙන කොට ඇ‍ෙඟ් ලේ නරක් වෙනවා. භීතිය නිසා ඇ‍ෙඟ් ලේ වතුර වෙනවා කියන්නෙ දැඩි භයක් ක්ෂණිකව හට ගත්තොත් එක මොහොතක දි බර රාත්තලක් විතර අඩු වෙනවා. විශ්වාසා පරමා ඥාතී අනුව වැඩ සිද්ද වෙන එක මම පිළිගන්නෙමි. එහෙත් එය සිද්ධ වෙන ආකාරය හඳුනාගත් පසු අර මිථ්‍යාව තව දුරටත් විශ්වාස කරනුයේ කුමට ද?

  5. Siribiris said, on ජනවාරි 17, 2010 at 1:41 පෙ.ව.

    ඉස්සෙල්ලාම කියන්න ඕනා නියම කතාව. “වළයාකාර සූර්යග්‍රහණය සහ ග්‍රහ බලපෑම” ගැන ලිපියටත් ස්තුතියි.හැබැයි ඔයා නවීන විද්යාව පැත්තට වඩා නැඹුරුවක් තිබෙන බව පේනවා.

    නැවත ගල් යුගයට යෑමත්, නවීණ විද්යාවෙන් මිනිසාගේ සියලුම ප්‍රස්ණ විසදේවී යයි උපකල්පනය කිරිමත් නොකොට, මධයම ප්‍රතිපදාවෙන් ලෝකය දෙස බැලීම වඩා සුදුසු නොවන්නේද?

    Sorry for continuing in English. The respect I had for science is somewhat shattered lately. I have no doubt that without modern science, humankind will not survive today. But on the other hand, it seems keeping the science in the hi-priest position is also not so appropriate, considering the facts at least some part of the science (tainted-science) is controlled by multi-national corporations whose interest is not exactly serving the humankind. I don’t know; may be it is my nurture –deep rooted cultural beliefs. What ever it is, I would not reject things I don’t know. As you may know, science is mostly in the state of flux –no theory is written on the stone wall. But I still believe in science, as it is self regulating and we have no other alternative which can come close to it.

    Pls. don’t consider this in a offensive way. I would like to hear your perception about it.

    • arunishapiro said, on ජනවාරි 17, 2010 at 8:21 පෙ.ව.

      I totally agree with you. Consider myself a follower and supporter of the middle path. All problems can be solved by intelligence; Buddha’s view, way before modern science started explaining life. As a human with some intelligence I consider it my duty to investigate everything before accepting anything. Hence my study of science and quest for knowledge. Just because monks are preaching non-buddhism and capitalistic corporations are funding science for profit alone are not enough reasons for me to abandon my search to satisfy my own thirst for information. However, along the way when I find, and prove to myself that there’s no truth in certain beliefs we hold as true, I discard them in order to make room in my brain for better things to look for. Otherwise I wallow forever in the same muddy pond.

  6. ඉෂාන් තිළිණ said, on ජනවාරි 17, 2010 at 4:02 පෙ.ව.

    මරු කතාව. අක්කගේ මොළේ තමා මොළේ . 🙂

  7. Kathandara said, on ජනවාරි 17, 2010 at 11:16 පෙ.ව.

    හොඳට රස වින්දා!
    මේ දවස්වල ඉරිදා ලක්බිමේ යන කොවුර් ගැනත් මේ වගේ කතා තියෙනවා.
    කකා

    • arunishapiro said, on ජනවාරි 17, 2010 at 8:49 ප.ව.

      කොවුර් මහත්තයා අපේ ගෙදරටත් ඇවිත් දේශන පවත්වලා තියෙනවා. ජීවතුන් අතර සිටියදී ඔහු හමුවන්නට හා කතා අහන්නට ලැබීම භාග්‍යයක් සේ සලකමි.

  8. අමිල said, on දෙසැම්බර් 31, 2010 at 11:45 පෙ.ව.

    මතක තියාගන්නම්…….. අපිටත් ඕන වෙයි.

  9. Ashoka said, on මැයි 13, 2011 at 4:16 පෙ.ව.

    g8!
    how long ago did this happen ?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: