අරුණි ශපීරෝ‍ වෙතින්

අයි‍ෆෝනයේ ඇප්ස්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 17, 2010

colts ජය ගත්තෝය. පේටන් මැනින් අද තරඟ වදින ක්වාටර්බැක්ලා අතුරින් වඩාත්ම බුද්ධිමත් වූ පුද්ගලයා යයි ප්‍රතිව්රුද්ධ පිළේ දක්ෂ ක්‍රීඩකයෙක් කීවේ තරඟය පටන් ගන්නට පෙරය. ඉතින් මගේ අශ්ව පැටව් දැන් අවසන් පූර්ව තරඟයට වරම් ලබා ඇත. අද ඇති තරඟ බලා ඔවුන්ගේ ප්‍රතිවාදීන් කෙසේදැයි නරඹන්නට සූදානමින් සිටිමි. ඒ අතර තුර මේ ලියන්නෙ.

අළුත්ම අයිෆෝනයේ තියෙන ඇප්ස් නොහොත් වයර්ලස් ෆෝනයකින් කරන දේවල් ටිකක් ලියන්න හිතුවා. මට මැක් කොමිපැණියෙන් කිසිම ගෙවීමක් නැහැ මේක දානවට! අළුත්ම 3ජී එකේ තියෙන ඒවා ටිකක් මේ. මේ වගේ ඇප්ලිකේෂන්ස් 100,000 කට වඩා තියෙනවා. මේක දැකලා මැක් කොම්පැණියෙ කවුරු හරි මට කතා කළොත් ඒක ගැනත් කියන්නම්. 

ජිබිගෝ – මුදලක් ගෙවලා ගන්න ඕන. පටිගත වදනක් ස්පාඤ්ඤ භාෂාව හා ඉංග්‍රීසි අතර පරිවර්තනය කරන හැකියාව තියෙනවා. සිංහලෙන් එකක් දා ගන්න කාට හරි හදන්න පුළුවන් නම්, ඒ වගේම ඒක පාවිච්චි කරන කළු සුද්දො නොවන අය වැඩි සංඛ්‍යාවක්, මුදල් ගෙවල ගන්න කැමති අය ඉන්නවා නමි සිංහල ඉංග්‍රීසි පරිවර්තනය කරන එකකුත් කවද හරි බිහිවේවි. හ්ම්..ඒකට දාන නම ගැන රණ්ඩු අල්ලන්න ඇහැකි එතකොට.

වයිපර් ස්මාට් – නොමිලේ. යතුරක් නැති ‍රිමෝට් එක හැටියට ෆෝන් එක පාව්ච්චි කරන්න පුළුවන්. ස්මාට් ස්ටාට් වාහනයට දා ගත්තම අයිෆෝනයෙන් වාහනය ලොක් කරන්නත් අරින්නත් පුළුවන්. ෆෝන් එකෙන් ඕනැම තැනක දී වාහනය ස්ටාට් කරන්නත් පුළුවන්. ජේම්ස් බණ්ඩා මතක් වෙනවා.

ඉකෝබී – නොමිලේ. ෆෝන් එකෙන් තමන්ගෙ ගෙදර වායුසමනය පාලනය කරන්න පුළුවන්. උෂ්ණ කාලෙට සීතල අඩු වැඩි කරන්නත් සීතල කාලෙට උෂ්ණය අඩු වැඩි කරන්නත්. එතකොට ගෙදර නැති වෙලාවට වායු සමනය අඩුවෙන් තියලා විදුලි ශක්තිය අඩුවෙන් යොදන්න හැකියාව ලැබෙනවා. ගෙදරට ළඟාවෙන කොට සනීපයට අවශ්‍ය ප්‍රමාණයට වායුව සමනය හදත හැකි. කවුද කියන්නෙ ඇමෙරිකාවේ මිනිස්සු ගෝලයේ උෂ්ණත්වය ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ කියලා!

නිව්යෝර්ක් සබ්වේ – මේක සත අනූනවයක් දීලා ගන්න එක. අයිෆෝනයේ කැමරාව ඕන පැත්තකට එල්ල කළාම ළඟම තියෙන නිව්යෝර්ක් නගරයේ සබ්වේ (උමං දුම්රිය) ස්ටේෂන් එකයි ඊට ඇති දුරයි තොරතුරු වැටෙනවා.

යෙල්ප් මොනොකල් – නොමිලේ. පාරේ ඇවිදින කොට අයිෆෝනයේ කැමරාව මේ ඇප් එක දාලා බිමට අල්ල ගෙන ගියාම ආපනශාලා තියෙන තැන්, හොඳද නරකද අගැයුම්, කෑම ගණන් ගැන වැටෙනවා.

රෙඩ් අයි – නොමිලේ. ගෙදර රූපවාහිනියට, ස්ටී‍රියෝවට, ඩීවීඩී ප්ලෙයර් එකට තියෙන සේරම රිමෝට් ටික විසි කරලා අයිෆෝනයෙන් රෙඩ් අයි සිස්ටම් දාගත්තම ඔක්කොම ෆෝන් එකෙන් පාලනය කරත හැකි.

මාස්ටර් කොන්ට්‍රෝල් – නොමිලේ. පාපන්දු හැකියාව දියුණු කරගන්න ආසා අයට නයිකි වලින් දෙන එකක්. බාර්සලෝනා පුහුණුකරුවන්ගෙන් උපදෙස්, පන්දුව පාලනය සහ වෘත්තීය පාපන්දුකරුවන්ගේ හැකියාවන් ඉගෙන ගන්න ඇහැකි.

යූස්ට්‍රීම් -නොමිලේ. ෆිල්ම් කරන ගමන් අයිෆෝනයෙන්ම යවන්න පුළුවන් එසැණින් පුවත් හා පින්තූර යාළුවොන්ටයි පවුලේ අයටයි. ඒ වගේම ට්විටර්, ෆේස්බුක්, යූටියුබ් දාන්නත් පුළුවන්. ඉතින් නුදුරු අනාගතයේ දී හැම කෙනෙකුටම මාධ්‍යවේදියෙක් වෙන්න හැකියාව තියෙනවා. තොරතුරු ඒ ඒ අයට ඕන විදියට හෙඩ් ලයින් දාගෙන,  එක එකාට කඩේ යන අය ගෙන් නිව්ස් වෙනුවට දන්න අඳුනන අයගෙන් කෙළින්ම නිව්ස් ලැබෙයි. දැන් මෙහෙ ගොඩක් තරුණ කට්ටිය පත්තර බලන්නෙ, රූපවාහිනියෙන් ප්‍රවෘත්ති අහන්නෙ නැහැ. ඇමෙරිකාවේත් මාධ්‍යවේදීන් තමන්ගෙ පැත්තට කඩේ යන අයනෙ ඉන්නෙ. අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති පැත්තට අවශ්‍ය අන්දමට වෙනස් නොකළ, වෘත්තීය මාධ්‍යවේදීන් නොවන අයගෙ නිව්ස් කියවන්න තමයි අළුත්ම පුරුද්ද.

බුද්ධාගමටත් අයිෆෝන් ඇප් එකක් දා ගත්තොත් හොඳා. ප්‍රශ්නයක් ආවම පිළිතුරක් හොයා ගන්න. හැබැයි ථෙරවාද, මහායාන, ‍තායිවාන, ටිබෙට්, වියෙට්නාම්, ජපන්, ලංකාවේ, අවුල් ගොඩයි…කොයි එකට අනුව පිළිතුර ද ඕනා කියලත් හදා ගන්න වෙයි.

හඳහන් විශ්වාස කරන අයට ඒකටත් ඇප් එකක් දා ගන්න ඇහැකි. ලග්නය අනුව දවසේ පලාපල ඕන වෙලාවක දැන ගන්න හඳහන් ඇප් එක එබුවම. ශනි, බුද, කුජ, සිකුරු කොයි නිවසේ ඉන්නවාද කියලා අංක එක, දෙක, තුන එබුවම තමන්ගෙ කේන්දරයයි බඳින්න යන කෙන‍ාගෙ කේන්දරයයි දැම්මම පොරොන්දම ගැලපෙනවා ද කියල ක්ෂණිකව බලාගන්න පුළුවන්. විහිළුවට ලියනවා නෙමේ. මේ දැන් තියෙන තාක්ෂණය අනුව කරන්න බැරි දේවල් නොවෙයි. කොම්පියුටර් ප්‍රොගෑම් එක ලියාගන්න ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයෙක්ව හවුල් කරගන්න ඕනා. ඉන්න හොඳම එක්කෙනාව තෝරා ගන්න සුපර් ස්ටාර් තරඟයක් තියන්නත් පුළුවන්. අනේ අවතක්සේරු කරනවා කියල වැරදියට ගන්න එපා.

මගේ දුවගේ විශ්ව විද්‍යාලයේ එයා දන්න 18 වයසැති තරුණයෙක් වැඩ කරන්නෙ කෙනෙකුට ප්‍රශ්නයක් අහල උත්තරයක් ලබා දෙන ෆෝන් සේවයක. නිවාඩු හැම වෙලාවටම මුදලක් හොයා ගන්නවා කොල්ලා, හොස්ටල් ඉඳන්ම පාඩම් නොකරන වෙලාවට. ඉතින් ෆෝන් නොම්මරේ ගැහැව්වම උත්තරේ අහගන්න පුළුවන්. ගාන වැටෙන්නේ ෆෝන් බිලට. ඊයේ ෆුට්බෝල් බලද්දි දැක්කා රෙඩ් ක්‍රොස් සංවිධානයත් ටෙක්ස්ට් මැසෙජ් ගැහැව්වම හයිතියට ආධාර වශයෙන් ඩොලර් දහයක් පරිත්‍යාග කරන්න නොම්මරයක් දැන්වීම් කරන හැටි. පරිත්‍යාගය සෙල් බිලට වැටෙන්නෙ.

1990 ගණන්වල මුලදි අද පාවිච්චි කරන විදියේ අතේ අරන් යන්න වයර්ලස් ෆෝන් හදන්න මෝටරෝලා ආයතනය ලැහැස්ති වෙලා ඉංජිනේරුවන්ට කිව්වම සෙල් ෆෝන් හදමු කියලා ඒ අය අහලා තියෙන්නෙ “වට් ද හෙල් ඉස් අ සෙල් ෆෝන්?” කියලා. සෙල් තාක්ෂණය පටන් ගත්තේ 1973 දි පමණ. නමුත් අතේ අරගෙන යන්න එකක්, නොදන්න දෙයක්, ජීවිතේටම නොතිබුණු දෙයක් මාස 18ක් වැනි කාලයක දී මහජනයාගේ පරිහරණයට වෙළඳපොලට දාන්න ඔවුනට හැකියාව ලැබුණා. ඒ කාලේ ගඩොල් කෑල්ලක් තරම් ලොකු සෙල් ෆෝන් එකක් වාහනේ සිගරට් ලයිටරය තියෙන විදුලි ශක්තියෙන් වැඩ කරන එක ඇමෙරිකාවේ ඉන්න අය ඩොලර් තුන් දාහකට විතර ගත්තෙ. ඇමෙරිකාවේ මිනිස්සු සොයාගෙන ඉදිරිපත් කරපු නිෂ්පාදනය අද ලෝකෙ ඕනම දුප්පත් රටක ඉන්න කෙනෙකුට වුනත් පාවිච්චි කරන්න ලැබිලා තියෙන්නෙ පොහොසත් අය වැඩි මුදලක් ගෙවලා ඒක පරිහරණය කරපු නිසා. අද අයිෆෝනය වගේ දෙයක් ලංකාවේ සුළු පඩියක් ලබන කෙනෙකුට දරන්න බැරි වියදමක් වුනාට මෙහෙ හැමෝම අයිෆෝන් පාවිච්චි කරන්න පටන් ගත් දාට ලංකාවේ අයටත් ඒ වගේ එකක් දරන්න හැකි මුදලකට ගන්න හැකියාව ලැබෙනවා. කොමිපියුටර් වියදම දරන්න බැරි අයට සේරම වයර්ලස් ෆෝන් එකෙන් අඩු මුදලට දැනුම හොයා යන්න ඇහැකි. මේකයි නිදහස් වෙළඳපොලකින් ලැබෙන වාසි. හැබැයි ධනපතියෝ භංගවේවා කියල කෑ ගහන අය නිසා වෙන්නෙ හැමෝම දියුණු වීම වෙනුවට දියුණු වෙන එකාව කකුලෙන් ඇදලා බිමට දාන හුරුව පැතිරිලා ගිහින් හැමෝම දුප්පතුන් බවට පත්වෙන එකයි. වාමාංශිකයනට වැරදුන තැන ඒ. අපි හැමෝම දියුණුව කරා යමු කියල සටන් පාඨයක් පුමුඛ කර ගත්තා නම් අද ලෝකෙ තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. දියුණුව කියන්නෙ මොකක්ද ගැන වෙන දවසක.

යමක් නිෂ්පාදනය කරන්න, එය බෙදා හරින්න, මුදලක් වැය වෙනවා. නිෂ්පාදනය කරන කිසිවක් නිකම් බෙදලා දෙන්න බැහැ. ඒකට කවුරු හරි වැයක් දරනවා. ලංකාවේ රූපවාහිනිය නොමිලේ බලන්න ලැබෙන්නෙ වෙළඳ දැන්වීම් වලට ගෙවන අය ඉන්න නිසා. ඉතින් වෙළඳ දැන්වීමකරුවෝ නැති කරල දැම්මොත් නොමිලේ ලැබෙන රූපවාහිනියත් බලන්න නෑ. (ඒවල තියෙන වැඩ සටහන් ගැන කතා නොකර ඉමු.)

ද්වේශය මුල් කරගෙන දියුණු වෙන්න බැහැ. දියුණුව ලබන්න ආදරය මුල් වෙන්න ඕනා. තාක්ෂණය නැතුව දියුණු වෙන්න බැහැ. තාක්ෂණය සුදුසු පරිදි පාවිච්චියට ගන්න මොළය වෙහෙසන්න ඕනා. තාක්ෂණය සුදුසු පරිදි පරිහරණය කරන අයට තව තවත් දැනුම සොයා යන්න මාර්ග සොයා ගත හැකියි. ආචාර ධර්ම නැතුව ලෝකේ ජීවත් වෙන්න බැහැ. ආචාර ධර්ම කියන්නෙ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නෙමෙයි කියල තමන්ගෙ අවබෝධය ඕනා. නීති පණවලා රටක් පාලනය කරන්න අමාරුයි. නීති පිළිපදින්න ඕනා ඇයි කියන එක තේරුම් ගන්න නීති සරල හා පැහැදිලි වෙන්න අවශ්‍යයයි.

28 Responses

Subscribe to comments with RSS.

  1. indik said, on ජනවාරි 17, 2010 at 10:09 ප.ව.

    ගන්න පුළුවන්නම් මරු ෆෝන් එකක්නෙ…

  2. අප්පු said, on ජනවාරි 18, 2010 at 12:00 පෙ.ව.

    අනේ අක්කංඩියෙ.
    ගන්න සොමික් ගන්න. නොදන්න දේශපාලනය ගැන කථා නොකර

  3. Siribiris said, on ජනවාරි 18, 2010 at 12:59 පෙ.ව.

    හී හී, ඉස්සෙල්ලාම ආපු සෙල් පොන් එක( Cell-Tel), ගඩොල් බාගයක්ම තමා. කිව්වෙත් ගඩොල් බාගෙද, පොල්ලෙල්ලද කියලයි.

    අද බටහිර රටවල තියෙන්නෙ, කාල් මාක්ස්ගෙ කාලෙ ධනවාදය නෙමෙයි( ලංකාවෙනම් මේ කියමන අතිශයොක්තියක් වෙන්න පුලුවන්). සමාජවාදයෙන් නයට ගත්ත ප්‍රතිපත්ති එකතුකරලා, ප්‍රජාත්‍රන්තවාදය සෑහෙන්න ඉදිරියට ගිහිල්ලා.ඒත් සමාජවාදය එක තැන පල්වෙන එකයි දුක.

  4. Siribiris said, on ජනවාරි 18, 2010 at 1:16 පෙ.ව.

    @අප්පු

    කොයි දේශපාලනය ගැනද ඔය කියන්නෙ. ලංකාව දුප්පතුන්ගෙ ලයිස්තුවෙ ඉහලටම ඒමට පාර පෙන්නපු දේශපාලනයද,ජනතාවට සාධාරණව සුරසැප බෙදා දෙනවා කියන අනිත් දේශපාලනයද?

    රටේ ඉරණම විසදෙන්නෙ දේශපාලනය නොදන්න අයගෙ චන්ද වලින්නම්, ඒ අයට දේශපාලනය කතාකිරීම තහනම් ඇයි?

  5. Dinushka Udara | රොකියා said, on ජනවාරි 18, 2010 at 2:20 පෙ.ව.

    අර දේශපාලණ කැල්ල ඇරෙන්න අනිත් ටිකනම් තේරුනා.

    • arunishapiro said, on ජනවාරි 18, 2010 at 9:04 ප.ව.

      කැළණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ 2008 දි ගිහින් හැම වසරේම සමාජවිද්‍යා පීඨ සිසු එකතුවකටත් පැය තුන හතරක දේශනයක් කරල වැඩි දෙනාට තේරුනේ නැහැ. කාලයකට පස්සෙ ඒ පැත්තෙ ගිය නිසා ළමයිගේ මොළ දියුණු වෙනවා වෙනුවට ආපස්සට ගිහින් කියලා දැක්කෙ එතකොට. මගේ අඩුපාඩුව හරියට අදහස් ඉදිරිපත් නොකිරීම එදා වගේ අදත්. ඉඳහිට මේ පැත්තෙ ඇවිත් කියවන්න. එක සටහනකින් පිළිතුර සපයන්න අමාරුයි. තව ඉස්සරහට ටික ටික මේ ගැන ලියන්නම්.

  6. ~බිன்ku~ said, on ජනවාරි 18, 2010 at 2:43 පෙ.ව.

    iPhone ඒකට විතරක් නෙමේ, දැන් ඇතැම් Smartphone මාදිලි වල iPhone ඒකට වඩා අඩු වැඩියෙන් පහසුකම් තියෙනවා. කෙසේ වෙනත් තුන්වන පාර්ශ්චික මෘදුකෘශ වලින් වැඩියෙන්ම තියෙන්නේ iPhone ඒකට තමා, කලින් ඒ තැන අයිති වෙලා තිබුණේ Nokia symbian දුරකථන වලට.

    පෞද්ගලික රුචි අරුචිකම් නිසා, අවශ්‍යතා හා අඩුපාඩු නිසා ඇතැම් අය iPhone වලට ඇකැමති වෙන වෙලාවලුත් තියෙනවා. ඇතැම් අය තමුන් භාවිතා කරන ඒවායෙන් ලැබෙන තෘප්තීය නිසා iPhone ඒක “චාටර්” වෙන ඒක පුදුමයක් නෙමේ.

    කොතරම් දැක්කත්, දැන හිටියත් භාවිතා ‍කළත් පෞද්ගලිකවම මම iPhone ඒකට කැමති කෙනෙක් නෙමේ. Physical Keyboard, Front Camera, Poor Camera Features, Shortcut Keys, TTY Options හා වෙනත් තව කාරණා නිසා ඊට බලපෑවා. iPhoneහි ශ්‍රාවක තත්වය සාපේක්සව ඇතැම් ඒවාට වඩා අඩු වගේම මගේ Hearing Aid එකේ T-Coil ඒකට හොඳින් ශ්‍රාවණ වෙන්නේ නෑ. ඒ නිසාම මම වෙනත් මාදිලියක් ගත්තා.

    සුබ පැතුම් සහෝදරී! iPhoneය ඔබේ එදිනෙදා ජිවිතයට තව තවත් පහසුවක් වෙතැයි පතනවා.

  7. රවා said, on ජනවාරි 18, 2010 at 3:56 පෙ.ව.

    “වට් ද හෙල් ඉස් අ සෙල් ෆෝන්?”

    ඔකම ලංකාවෙ අදටත් වෙනවා. කෙනෙක් මුලින් හොයාගන්න දෙයක් වර්ධනය කරන්නෙ නැහැ. එකට වැඩිය අරෙහෙන් ගෙන්නන එක ලාබයි කියලා. අර දෙ හොයාගත්තු මිනිහටත් එවා මෙවා කියලා එක නතර කරනවා.
    රොදා දෙකෙ අත් ට්‍රැක්ටරය ආසියාවෙ මුලින්ම හැදුවෙ රේ විජෙවර්ධන කියන මහාත්මයයි .එයා එක කෘෂිකර්මෙට දෙන්න ගියාම එකෙ හිටපු බල්ලො ටික කැග්ගැවුවලු ” මෙවා ලංකාවට ගැලපෙන්නෙ නැහැ” කියලා. 1998 දෙසැම්බර් අන්තිම කලාපයෙ එ මහත්තයා කියලා තිබුනා එයා එන්ගලන්තෙට ගිහිල්ලා ලැන්ඩ් මාස්ටර් කියන වෙලද නාමයෙන් එක හදලා වික්කලු. ජාපානය තමයිලු හොදම ගැනුම් කරු වුනෙ. එ වෙනුවෙන් රේ විජෙවර්ධන මහත්තයට හොදම අපනයන කරුවට හිමි සම්මානයද ලැබුනලු. එයා ලංකාවෙ ජිවත්වෙද්දි ජපානෙන් නයට ට්‍රැක්ටර් ගෙන්නනවා කියලා එයා දුකෙන් කියලා තිබුනා. මම මෙ ලිපිය කියවනකොට මට එ අවුරුදු 11 පරන කියවපු පත්තර ලිපිය මතක් වුනා..

    කොහොම උනත් ලංකාවෙ අපිට නොකියා 3310 තරම් වටින එකක් නැහැ. මොකද එකෙන් පාපන්දු ක්‍රිඩාව උනත් කරහැකි රෙද්දක් ඔතලා ගත්තොත්. ක්‍රිඩාව කර කර ඉන්න අතරතුර ඇමතුමක් උනත් ගත්තැහැකි. නමුත් මාගාව තියන්නෙ N82. ගොඩක් වැඩ කැලි තිබුනට ලංකාවෙ එ සෙල්ලම් බැහැ. අනික දුවෙක්ව පරිස්සන් කරනවා වගෙ පරිස්සන් කරගන්න ඔනා. එ මොනවත් නැහැ 3310 ට.

  8. Hello said, on ජනවාරි 18, 2010 at 6:25 පෙ.ව.

    යෙල්ප් මොනොකල් — How to spell it ? ‘coz im unable to findout in itune

  9. anthr6x said, on ජනවාරි 19, 2010 at 7:00 ප.ව.

    ustream නම් මරු. redeye වලට වෙනම hardware ගන්න ඕන නේ. තැංකූ වේවා..

  10. තමීර said, on ජනවාරි 20, 2010 at 4:57 පෙ.ව.

    ඔය ඇප්ස් වැඩිහරියක් ප්‍රයෝජනේට ගන්න පුළුවන් ඇමෙරිකාවෙ ජීවත්වෙනව නම් විතරයි නේද?

    • arunishapiro said, on ජනවාරි 20, 2010 at 6:01 පෙ.ව.

      ඔව්. ඒකනෙ කිව්වෙ ඇමෙරිකාවේ අය ‍වැඩි දෙනෙක් මේවා පාවිච්චි කරන්න පටන් ගත්තාම ලංකාවටත් පහසුවෙන් ලැබේවි ‍මේ හා සමාන ඊටත් වඩා දියුණු ඒවා.

  11. anewasika said, on ජනවාරි 23, 2010 at 1:01 පෙ.ව.

    ලංකාවෙ ටී.වී. චැනල් ගනන රටේ ආර්ථිකයට දරන්ණ බැරි තරම් වැඩියි. ඒ සේරම රන් වෙන්නෙ ඇඩ්වර්ටීස්මන්ස් වලින්. ඒවට සල්ලි ගෙනව්නේ රටේ පාර්භෝගික ජනතාව.

    ඉස්සර සන්ලියට් දැන්වීම දැම්මේ චනෙල් දෙකේයි. දැන් අහයක දාන්න වෙනවා.

    ආණ්ඩුවත් හිටු නොකියා ලයිෂන් දෙනවා අළුත් චැනල් වලට.

    මේක කිව්වට ලංකාවෙ උන්ට තේරෙන්නෙ නෑ.

    අනේවාසික
    http://anewasika.blogspot.com/

    • arunishapiro said, on ජනවාරි 23, 2010 at 9:47 පෙ.ව.

      පාරිභෝගික ජනතාවට ඒ වියදම දරන්නෙ නැතිව ඉන්න පුළුවන්. රැල්ලට පෙරළී දැන්වීම් වල යන හැම බඩුවක්ම මිල දී නොගන්න කොට දැන්වීම්කරුවෝ ඒවා දාන්න මුදල් විසි කරන එක නවතිනවා. බඩුවක් ගන්න කියලා පිස්තෝලයක් ඔළුවට එල්ල කරන යුගයට අපි තාම ඇවිත් නැති නිසා තවමත් පාරිභෝගිකයාට පාලන හැකියාවක් තියෙනවා. ඒ වැඩසටහන් හෝ නාලිකා නොබලා සිටීමට පුළුවන්. රූපවාහිනිය දමන්න වසන්න ඇති ස්විච් එක ගැනත් මතක් කරලා දෙන්න ඕන. ආණ්ඩුව අළුත් නාලිකා වලට බලපත්‍ර දීම වරදක් නැහැ. මන්ද එතකොට මෝඩ මිනිස්සු‍ ගෙන් බදු ගන්න පුළුවන් නිසා. අපි ඒ මෝඩ මිනිස්සු අතරට එක් වෙනව ද නැද්ද කියන එකටත් නිදහසක් තියෙන්න ඕනා.

  12. […] දානපතියන් විසින් -මතක ද කිව්වා ෆුට්බෝල් බලද්දී දුරකතනයෙන්ම මුදල් පර… කරන්න දැන්වීම් දාපු හැටි ගැන) […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: