අරුණි ශපීරෝ‍ වෙතින්

උඩින් ටයිකෝට් යටින් අමුඩේ

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 20, 2010

ටයිකෝට් හොඳයි කියා හෝ අමුඩේ නරකයි කියා හෝ මින් අදහස් නොකරමි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළබඩ සංචාරක මුහුදු තීරයක වසනා මම ග්‍රීෂ්ම ඍතුවේ අමුඩේටත් වඩා කුඩා රෙදි කැබලි වලින් ලැජ්ජාවක් නැතිව විලිවසා ගන්නා අය දැක පුරුදුයි. ඒ ගැන සදාචාරාත්මක සාකච්ඡාවට වඩා ශරීර සෞඛ්‍යය ගැන කතාබස් කළ යුතුය. තැනට සුදුසු ඇඳුම අඳින්න දැන ගැනීම බුද්ධිය මෙහෙයවීමකි. මංගල්‍යයකට සහභාගී වන්නා උත්සව ඇඳුමක් අඳින්නේ මනාලයා හා මනාලියට ගෞරවයක් වශයෙනි. කුඹුර‍ට බැස වැඩ කරන්නා අමුඩේ අඳින්නේ පහසුව තකාය.  ටයිකෝට් නොහොත් උත්සව වස්ත්‍ර ඇඳගෙන යා යුතු තැනකට කුඹුර හාන අමුඩේන් යෑම නුසුදුසුය.

කල්පනා කර බලන්නට හැකියාව තිබියදී මනසේ මකුළුදැල් බැඳන්නට ඉඩ හැරීම මේ වයර්ලස් ෆෝන්, කොමිපියුටර් භාවිතා කරන යුගයේ උඩින් ටයිකෝ‍ට් පැළඳ යටින් අමුඩ ඇඳගෙන සිටීම වැන්නකි. එය මනුෂ්‍යයෙකුට සුදුසු නැත. මැසචූසෙට්ස් වැසියෝ ඔබාමාට අමනාපය පෙන්වීම සඳහා දකුණට ඊයේ චන්දය දුන්හ. වසර 50 කට ආසන්න කාලයක් වමේ සිටි මිනිස්සු, ගිය වසරේ වමට චන්දය දුන් අය, හදිසියේම මෙසේ දකුණට චන්දය දීම රැල්ලට පෙරළීමකි. එය හිතා බලා කරන ලද්දක් නොව රැල්ලේ වේගයට අසු වූවෝ යැයි කිව හැකිය.

මෙපමණ කාලයක් ඔවුන් එල්බ සිටියේ වැරදි මතයක යැයි හදිසියේ ඔවුනට වැටහී ගියේද? නැත යයි මම සිතමි. චන්ද අපේක්ෂයෝ දෙදෙනාගේ සුවිශේෂි වූ දක්ෂකමක් හෝ දුර්වලතාවයක් ද නොවීය. එහෙනම් මැසචූසෙට්ස් ජනතාව හුදෙක් බාහිර පුද්ගලයෙක් වූ ඔබාමාට කෙළවන්නට චන්දය දී ඇතැයි පෙනේ. මේ පරාදය නිසා ඔබාමා රූකඩ ජනාධිපතිවරයෙක් වෙයි. ඒ පහර ඔහුට වැදී ඇත්තේ ඔහුගේ ජනාධිපති අපේක්ෂක නිලවරණයේ පක්ෂයේ නාම යෝජනාව ස්ථිර වූ ප්‍රාන්තයෙන්මය.

තොරතුරු පහසුවෙන් ලබා ගන්නා අවදියක අපි තොරතුරු ලබා ගන්නේ අපේ පැත්තෙන් පමණක් නමි එය උඩින් ටයි‍කෝ‍ට් ඇඳ යටින් අමුඩ ඇඳීමකි. මන්ද ඉන් අපගේ මනස පිබිදෙන්නට ඇති අවකාශය අප අහුරා ගෙන ඇති නිසාය. තනිවම හිතා බලන්නට හැකියාවට ඉබ්බෝ දාගෙන ඇති නිසාය. එසේම මෙවන් තාක්ෂණ යුගයක අපි පුද්ගලයෙකුට ඇති කැමැත්ත අකමැත්ත නිසා පුතිපත්ති හෝ සංකල්ප අමතක කර දමා ඇත්නම් එයින් ද  පෙන්වන්නේ තම පැත්ත හරි ඇයි දැයි කියා තමාට මුල සිටම පැහැදිලි අවබෝධයක් තිබුණේ නැති බවයි.

දේශපාලනය ගැන අව‍බෝධයක් ඇති කරගෙන තම අදහස් වලට ගැලපෙන පැත්ත ගැන ඇති විශ්වාසය හෝ මහජනතාවට යහපතක් සැලසීම අද මනුෂ්‍යයාගේ සිතේ නැති බව පෙනෙන්නේ මෙසේ ලැබෙන වාසි හෝ අවාසි බලා චන්දය පාවිච්චි කරන අය සිටිනා හෙයිනි. පාලනය කරන්නෝ ද එසේ වන කළ පාලනය වන්නෝ ද එසේම වී ඇත.

මේ හේතුව නිසා පවතින දේශපාලනය දිහා බලන කළ ඇමෙරිකානුවෝත් අද දවසේ උඩින් ටයිකෝට් ඇඳ තවමත් යටින් ඇඳන් ඉන්නේ අමුඩ වෙතැයි කියමි.

මෙහි සැලකෙන්නේ මා කැමති හෝ අකැමති යම් පක්ෂ දේශපාලනයක් නොව අද ඇමෙරිකාවේ පවතිනා දේශපාලන දර්ශනය හා ඒවායෙහි සංකල්ප බව නැවතත් සටහන් කරමි. එකක් නිවැරදි කල තවෙකක් ද නිවැරදි වන්නට බැරිය. ගමනාන්තය කොහේදැයි දැනගත් පමණින් ඊට යා හැකි මාර්ගය කෙනෙකුට නොපෙනේ. යා හැකි මාර්ග බොහොමයක ගමන් කරන්නට හැකියාව තිබුණත් නොසොයා නොබලා යන්නේ නම් වැඩි හරියක අතරමං වන්නට ද සිද්ධ වේ.

ඉතින් එවිට සිද්ධ වන්නේ ඔබාමාට වූ පරිදි “ඇමෙරිකන් අයිඩල්” ව වසරක් සිට දැන් “අතරමං” (ලොස්ට්) වී සිටීමයි. (මෙම රූපවාහිනි වැඩ සටහන් දෙකම මා කිසි දිනෙක නරඹා නැත.) ඔබාමාත් ඇමෙරිකන් ජනතාව සමඟ එක්වී උඩින් ටයිකෝට් ඇඳගෙන යටින් අමුඩය ගසාගෙන ඉන්නවා වැනි යයි මට සිතේ.

7 Responses

Subscribe to comments with RSS.

  1. Grey said, on ජනවාරි 20, 2010 at 7:57 පෙ.ව.

    this is my first visit to your blog.
    Read almost everything in one go. simply awesome.
    I think i learnt a lot from this and hope I can learn more in future.
    Keep up the good work.

    /G

  2. Anarchist said, on ජනවාරි 20, 2010 at 11:02 පෙ.ව.

    Dear Mrs Shapiro,

    Waht du u actually think abt the representative democracy in elections and other institutions? What is ur idea of its’ historical evolution? Tell us abt ur idea of the public and the state?

    And after all what du u feel abt DEMOCRACY?

    I know amerikkka has meny strong (relatively) grass root ppls organizations… And this president was also been a ind of community organizer.

    And there are Minutemen in down there in the Boarder, last year aljazera telecast a movie called White power abt amerikkkas new far right movement. And tea party is a popular phenomenon in mainstream media.

    And in Sl we hv potential two dictators for the Presidency.

    Obama is sending More and more troops to kill poor ppl. This president take oaths while Blacks clebrating Dr. King’s i hv a dream speech anniversary.

    Tell me waht du u think? I think we need tu talk…

    We are a group of concerned Anarchists…

    • arunishapiro said, on ජනවාරි 20, 2010 at 11:29 පෙ.ව.

      I like you to think for yourself. For you to find out after looking at all sides, that means not just Aljazeera but watch CNN and Fox also.

      My feelings do not matter. Your feelings do not matter. What matters? Understanding, acceptance or denial, following or protesting. But to do those things correctly you need to gather information from all sides, not just from one side.

      Best!

  3. indik said, on ජනවාරි 20, 2010 at 11:14 ප.ව.

    සුපුරුදුපරිදි ඔබෙන් තවත් හොඳ ලිපියක්. ස්තුතියි.

  4. Rasika said, on ජනවාරි 21, 2010 at 12:05 පෙ.ව.

    ඔබාමා දිවුරුම් දුන් දිනයේ මා ලියූ කවි පන්තියක් මෙන්න.

    ඔබාමා චූන් එකෙන් ඔබ්බට

    ඔබමා බරක් එක්සත් ජනපදයේ
    ජනපති විලස දිවුරුම් දුන් අද දිනයේ
    නෙත නැගි තුටු කඳුළු පිසදා ලහි ලහියේ
    මේ කවි ලියමි හිරු නැග එන හිමිදිරියේ

    වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
    චන්දය ඉල්ලනා විට බෝසත්ය යස
    බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
    වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

    චන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
    කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
    චන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
    අළුගෝසුවා මැදියම හමුවුනා වැනී

    බලයට එන්න පෙර නිදහස භාෂණයේ
    පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තනයේ
    තම පණ වුවද දෙන්නයි සැරසී සිටියේ
    අමතක වේ ද බලයට පත් වූ හැටියේ

    ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවිද
    වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවිද
    අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
    උප කතුවරුන් හෙට සිරගෙට වැටේවිද

    වදකාගාර ගන්තනමෝ බටලන්ද
    වැලලූ මිනී කාබුල් සූරියකන්ද
    දැම්මත් බලය ගන්නට පෙර මහ සද්ද
    කොමිසන් වාර්තාවට සීමා වෙද්ද

    සේරු අටක් ඇට හෙට ගෙට එවන්නට
    නැති බැරි පිරිස ඇති හැකි අය කරන්නට
    සමුර්දියෙන් ජන-සවියක් දෙවන්නට
    දුන් සැම පොරොන්දුව අමතක වේද හෙට

    බුෂ් ගේ ප‍්‍රජා අයිතිය හෙට නිමවේද
    රට හැම තැනම පෑ තැටි ඉඳිකරවේද
    චෞර රජා ලෙස හොඳ නම හිමිවේද
    පෙන්ටගනයෙ ජොබ් එක මල්ලිට යාද

    විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
    රටේ ප‍්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
    එරට මෙරට කොයි දේසෙත් එකවාගේ
    බලමු හෙට කෙරුම් ජනපති ඔබමාගේ

    21/01/2009


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: