චන්ද පොළක වැඩට ගියෙමි
<p> <font size=”3″>ඇමෙරිකාවේ 2008 ජනාධිපති මැතිවරණයට මාත් ගියා චන්ද පොළක රෙජිස්ටාර් හැටියට වැඩට. ඊට මාස දෙකකට කළින් පංති දෙකකට සහභාගී වෙන්නත් සිද්ධ වුනා. මම විතරයි ඒතැන හිටියේ ආසියාතික කෙනෙකුට.
ටෙනසි ප්‍රාන්තය ඇමෙරිකාවේ උතුරත් දකුණත් වෙන්වෙන මායිමක තියෙන්නෙ. බයිබල් බෙල්ට් කියලා සමහරු හඳුන්වන්නෙ ඒ පැත්තෙ වැඩිපුර ඉන්නෙ බයිබලය අදහන ක්‍රිස්තියානි අය නිසා. ලංකාවේ වගෙ කතෝලික අය නෙමේ වැඩිය ඉන්නෙ බැප්ටිස්ට්, මෙතඩිස්ට්, ප්‍රෙස්බටේරියන්, මෝර්මන්, යෙහෝවා වගේ ආගම් අදහන අය. ඒ කියන්නෙ එයාල අදහන්නෙ එකම බයිබලයත් නෙමෙයි.
ඇමෙරිකාවේ දකුණු පළාතේ අය අතීතයේ සිට කළු හම ඇති අයට සලකන ආකාරය ගැන පොත පතින් කියවලා ඇතිනෙ. ඉතින් ටෙනසි අය කියන්නෙ එයාල දකුණේ කියලා හැදියාව අතින්. උතුරේ කියලා සම මානව අයිතීන් අතින්. තව විදියකින් කිව්වොත් උතුරේ අය අයිස් තේ දෙන්නෙ සීනි නැතුව. දකුණේ අයට සීනි දාලමයි අයිස් තේ හදල දෙන්නෙ. කළු අයට අතීතයේ වාර්තා වලට අනුව වැඩි හිරිහැරයක් ටෙනසි අය කරල නැහැ. හැබැයි වැඩි උදව්වකුත් දීලා නැහැ. පැත්තකට වෙලා හිටිය වගේ පෙනෙන්නෙ.
චන්ද මධ්‍යස්ථානේ වැඩට පුහුණු වෙන්නයි චන්දෙ දවසෙ වැඩ කරන්නයි ගෙවීමක් දෙනවා. ඒක පැයකට ඩොලර් දහයයි. වේටර් වැඩක් කරලා ඊට වඩා දහ ගුණයක් හම්බ කරගන්න පුළුවන් සිකුරාදා රෑ එක පැයකින් ලැබෙන ටිප්ස් වලින්. වන්ද මධ්‍යස්ථානේ වැඩ කරන්න එන්නෙ හැට පැනපු අයයි මං වගේ හැටට ළං වෙන්න ඉන්න අයයි තමයි! විශ්‍රාමිකයෝ.
තමන්ගෙ පක්ෂය මොකක්ද කියලා කියන්න ඕනා. චන්ද මධ්‍යස්ථානයට හැම පක්ෂයෙන්ම අයෙක්ව වැඩට යොදා ගන්න අවශ්‍ය නිසා. හැබැයි පක්ෂෙට කොහේවත් බැඳිලා තියෙන බවක් පෙන්වන කඩදාසි ඕන නැහැ. කවුරුත් ප්‍රශ්න කරන්නෙ නැහැ පක්ෂෙ ඔප්පු කරන්න කියල. ඒ කියන්නෙ මනුෂ්‍යයා අනිවාර්යෙන්ම අවංකයි කියල පිළිගන්න ප්‍රතිපත්තියක් එතන තිබුනෙ. මං ඉතින් මෙහෙ පක්ෂෙකට බැඳිලා නැති නිසා හිතට ආපු පක්ෂෙ නම කිව්වා.
සේරම වැඩ කොම්පියුටර් වලින්. හැට පැනපු ආච්චිලා සීයලා මාර දක්ෂයි. පොඩ්ඩක් හෙමින්. ඒ වුනාට සේරම නීති දන්නවා. සේරම ප්‍රෝගෑම් වැඩ කරන හැටි දන්නවා. අමතක වෙන අයටයි, චන්දෙ දෙන්න එන අයටයි කියල දෙන්නත් කාණ්ඩෙ ඉන්නවා. හැබැයි එයාලා කවුරුත් ඔයා බුලත් කොළේට දාන්නෙ මෙහෙමයි, ඔයා හංසයට දාන්නෙ මෙහෙමයි නම් කිව්වෙ නෑ. නමක් කියන එකෙන් හැම තිස්සෙම වැළකිලා සිටිය.
චන්ද මධ්‍යස්ථානයට ගියේ උදේ පාන්දර 7 ට. මහජනයාට චන්දය පාවිච්චි කරන්න පුළුවන් උදේ 8 සිට රෑ 8 වෙනතෙක්. 7 ඉඳන් 8 ට දොරවල් අරිනකම් මේස, පුටු හරියට තියෙනව ද බැලුවා. චන්ද කොම්පියුටර් මැෂින් ඇවිත් හයි කරලා, සෙකියුර් දුරකතන වයර් වලින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැටි බලාගෙන හිටිය. ඒකත් චන්ද රෙජිස්ටාර්ගෙ වැඩට අයිති. එයාල ඒ මැෂින් වෙනස් නොකරනවා ද බලන එක. මේ පැත්තට ඉස්සෙල්ලා යන්න, ඊ ළඟට අර පැත්තට යන්න, අන්තිමට මෙතැනින් පිට වෙන්න කියන බෝඩ් කෑලිත් ගහනවා බලාගෙන හිටියා. ඊට පස්සෙ එතන මධ්‍යස්ථානාධිපති අපිට ප්‍රතිඥාවක් ගන්න කිව්වා හොර බොරු වංචා නොකරන බවට. එයා වගන්තිය කියද්දී අප දකුණු අත උස්සගෙන එකඟ වුනා.
උදේ 8 ට දොරවල් අරින කොට පෝලිමේ මිනිස්සු බලාගෙන ඉන්නවා. හැබැයි කළින් ඇවිත් හිටගෙන හිටියා කියලා කවුරුත් කුණු කුණු ගාන්නෙ නැහැ. පෝලිම් වල හිටගෙන ඉන්න පුරුදු ජාතියක් නොවුනට පෝලිමේ ඉන්න වුනාම හරි ෂෝක් එකට පිළිවෙලට පෝලිම් පනින්නෙ නැතුව ඉන්න අය.
අපේ ළඟ තියෙන චන්ද ලැයිස්තුවෙ නම තියෙනවා නම් රියැදුරු බලපත්‍රය, පාස්පෝට්, වතුර බිලක් හෝ ලයිට් බිලක් වගේ එකක් පෙන්නලා වුනත් චන්දෙ දාන්න පුළුවන්. චන්දෙ දාන්න රෙජිස්ටර් වෙච්ච බව පෙන්වන හැඳුනුම් පතේ පින්තූරයක් නැහැ. මුලින්ම ආවම අහනවා ගෙදර ඇඩ්රස් එක. උපන් දිනයත් අපේ ලිස්ට් එකේ සඳහන්. ඉතින් අනූවක පුරුෂයෙක් ආවම දහ අටක එක්කෙනා නෙමෙයි කියල දන්නවා. සමහර අය චන්දෙ දාන මධ්‍යස්ථානය නොදැන වැරදිලා ඇවිත් හිටියා. ඒ අයට යන්න ඕන තැන හොයලා දීලා නියම තැනට යැව්වා.
පැත්තක මේසයක කෑම බීමත් ගොඩ ගැහෙන්න ගත්ත. සමහර චන්දෙ දාන්න එන අය කෑම බීමත් ගෙනැත් දුන්නා වැඩ කරන අපිට කන්න. ඉතින් ඉඩක් ලැබෙන හැටියට ගිහින් මොනවා හරි දේකුත් කටට හලාගෙන එනවා. වැඩ කරපු කාණ්ඩෙ එකට පුහුණුව ලබපු කාණ්ඩෙ නෙමෙයි. දවස ඉවර වෙනකොට අළුත් යාළුවෝ ගොඩයි. දේශපාලනය ගැන කවුරුත් කතා කළේ නැහැ. ඒකට නම් වෙලාවක් තිබුනෙත් නැහැ. ගොඩක් සෙනඟ ආපු නිසා.
නම තියනවද බලල, දෙනවා චන්දය දාන්න ඉල්ලුම් පත්‍රයක්. එකේ නමයි අත්සනයි ගහන්න ඕනා. ඊට පස්සෙ යවනවා බැලට් ක්ලාක් ළඟට. එයා රැන්ඩම් අංක 4ක නොම්මරයක් එක්ක යවනවා මැෂින් එක ළඟට. මැෂින් එකට අර රැන්ඩම් නොම්මරේ දැම්මම වැටෙනවා චන්දෙ දාන අයගෙ කොට්ඨාශයේ විස්තර. නමට දෙන නොම්මරේ ගැහැව්වම විස්තර ඉබේම වැටෙන්න ප්‍රොග්‍රෑම් එක හදල තියෙන්නෙ. නමට දෙන නොම්මරේ තියන කොළ කෑල්ල තමයි චන්දෙ දැම්මා කියන රිසිට් පත. ඉතින් ඒ නොම්මරේ ගහන්න පුළුවන් චන්දෙ දෙන එක්කනා. චන්දෙ දුන්නට පස්සෙ ඒ නොම්මරේ අවලංගුයි. දෙසැරයක් ගහන්න බෑ.
චන්දෙ දාන ස්ක්‍රීන් එක හරි පහසුයි. ඒක ගෙදර දී පුහුණු වෙන්න අන්තර්ජාලයෙන් පුළුවන්. ඉතින් කැමැති කැමති අයට චන්දෙ දීලා ස්ථිර කරන බොත්තම එබුවම චන්දෙ වැටෙන්නෙ. කොහොමද කියලා දැනගන්න කැමති අය මේ ලින්ක් එකෙන් ගිහින් චන්දෙ දාන හැටි සෙල්ලම් කරලා බලන්න. වම් පැත්තෙන් තියෙන අංක හතර ගහන්න දකුණු පැත්තෙ අන්තිමට තියෙන රවුම කරකවන්න කර්සර් එකෙන් පුළුවන්. රතුපාට හයිලයිට් වැටුනම එන්ටර් ක්ලික් කරන්න.
http://www.hartintercivic.com/files/eSlate.swf
චන්දය දාන හැටි ප්‍රාන්ත අනුව ඒකම විදියකට නැහැ. කොම්පියුටර් වලින් චන්දය දාන පහසුකම ඇමෙරිකාවේ හැම චන්ද මධ්‍යස්ථානයකටම තිබුනෙත් නැහැ.
රෑ අටට මිනිත්තුවක් දෙකක් තියෙද්දි දෙන්නෙක් දුවගෙන ආවා. ඉක්මණින් ඒ අයව ඇතුලට අරන් දොර අගුල් දැම්මා. එළියේ පෝලිමක් තිබුණ නම් ඒ අය චන්දෙ දාලා ඉවර වෙනකම් අපි ඉන්න ඕනා. හැබැයි හොඳ වෙලාවට එහෙම පෝලිමක් තිබුනෙ නෑ.
කොම්පියුටර් චන්ද මැෂින් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා පොඩ් ගැජට් එකක්. ඒක ටයිප් රයිටරයක් හා කඩවල රිසිට් නිකුත් කරන මැෂිමට අතර මැදි එකක්. චන්දෙ පටන් ගන්න කළින් ඒකෙ මුකුත් වැදිලා නෑ කියල අත්සන් ගහල සහතික කරන්න ඕනා. චන්ද දාලා අවසානයි කියල මැෂින් එකින් එක වහද්දි අර ගැජට් එකෙන් රිසිට් පතක් වගේ දිග කොළයක් වැදෙන්න පටන් ගත්තා. ඒ කොළේ අපිට පේන වෙලාවෙම පළාතෙ පත්තර වලට, රූපවාහිනි, රේඩියෝ වලට තොරතුරු දෙනවා. චන්ද මධ්‍යස්ථානයෙන් කෙළින්ම නගරයේ හා ප්‍රාන්තයේ මූලික මධ්‍යස්ථාන වලටත් තොරතුරු යවනවා. මේ කොළේ අන්තිමට මං එක පක්ෂයක් වෙනුවෙනුත් තවත් කෙනෙක් අනිත් පක්ෂය වෙනුවෙනුත් අත්සන් ගහලා සහතික කළා අපි ඉදිරියේ මේක ප්‍රින්ට් වුනේ කියලා. පක්ෂ දෙකක අය මිසක් පක්ෂ මොනවද කියල ප්‍රශ්න ආවේ නැහැ.
ඒක වැදිලා නතර වුනාම එතන හිටි අපි වගේම, ඊට වෙන කොහේ හරි සිට සම්බන්ධ වෙලා හිටිය මාධ්‍යවේදියෝ සහ ප්‍රාන්තයේ චන්ද නිලධාරීන් පුතිඵල දකිනවා. රෑ 8:30 වෙනකොට ශාලාවත් අස් කරලා, පුතිඵලත් දැනගෙන අපි ගෙදර ගියේ. ඒ හිටපු අය හමේ පාට වෙනස් කියල මට කිසිම වෙනසක් කළේ නැහැ. සමහර ආච්චිලා සීයලා නම් වයස දැක්කම වහල්ලු අයිති කරගෙන හිටිය අයත් වෙන්න ඕන.
2009 මැතිවරණයේ ඇමෙරිකාවේ ජනාධිපති වශයෙන් තෝර ගත්තෙ බරාක් ඔබාමා වුනාට අද නම් ඇමෙරිකාවෙ ඔබාමාට චන්දෙ දීපු කෙනෙක් හොයා ගන්නත් නැහැ. කවුද දන්නෑ චන්දෙ දීලා එයාව ජනාධිපති කළේ! ඇඹුල් වෙනකොට ඇඹලයෝත් දාලා යනවයි කියනවානේ. </font></p>
හොඳ ලිපිය. පෝලිම් ගැන නම් මටත් කියන්න තියෙන්ණෙ ඕකම තමා.
අනේවාසික
ඇති රටවල පෝලිම් පනින්නෙ නැත්තෙ පෝලිමේ ඉන්න හැමෝම තමන්ට නොලැබී යන්නෙ නෑ කියන විශ්වාසයෙන් ඉන්නා නිසාද යයි සිතේ. නැති රටවල පෝලිමේ ඉන්නා අය කෙසේ හෝ තල්ලු කරගෙන ඉස්සරහට යන්න හදන්නේ ඉස්සරහින් ඉන්න කෙනාට නිතරම ලැබෙන හැටිත් පස්සෙන් ඉන්නා අයට නොලැබී යන හැටිත් නිතර දෙවේලේ දැක ඇති නිසාත් යයි සිතේ. මේ මගේ පුද්ගලික අදහස්ය. ඒවා ඔප්පු කරගත හැකි සාධක ඇත්නම්, පෝලිමේ සිටිනා සැමටම තමා බලාපොරොත්තුවෙන් ඉන්නා දෙය ලැබෙන බවට සැකයක් නැතිව අවබෝධ වූ දාට ඔව්හු ද පෝලිමේ සංවරයෙන් සිටිනු ඇත්දැයි සිතේ. තත්වය එසේ වෙනස් කරගත හැකිනම් එය වෙනස් කරගත හැකි හැදියාවකි. අවශ්‍ය වන්නේ නැති රට ඇති රටක් කිරීමයි. සුළු පටු විසඳුමක් නම් නෙමෙයි!
එකඟයි!
මෙහිදිත් ජන්ද පොළක Voluteer කරන්න හෝ වැඩ කරන්න පුළුවන්.
මාත් දවසක කරන්න ඕනේ.
පෝලිම් ගැන කියල තියෙන දේත් විශේෂයි.
එත් මම හිතන්නේ වැදගත්ම දේ මේ ඡන්ද ක්‍රමය. විශේෂයෙන්ම අපේ රටට අද අවශ්‍ය (අත්‍යාවශ්‍ය) මේ වගේ ඡන්ද පවත්වන ක්‍රමයක්. වහ වහාම දැන් පවතින ක්‍රමය වෙනස් විය යුතුයි. මේ සඳහා මාගේ උපරිමය යොදවනවා. හැකි හා කැමති හැම දෙනෙක්ම අදහස් දෙන්න.
අද ලංකාවේ තියන දැනුම මේ චන්ද දාන මැෂින් හදා ගන්න නම් හොඳටම ඇති. එකම බාධකය ඒකට වැඩි දෙනෙක් කැමති කරගන්න පුළුවන් වෙයි ද කියන එකයි. ගස් ඉතුරු කරගන්නත් පුළුවන් චන්දෙ දාන්න කොළ ගහන්නෙ නැතුව.
ලංකාවේත් මේ වගේ දියුණු ,කාර්යක්ෂම ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් කවදා ඇතිවෙයිද දන්නේ නෑ….
ලංකාවේ ජන්ද පොල අපි හිතනවාට වඩා දියුනුයී. ලංකාවේ ජන්දය දැමීම ඇමරිකාවට වඩා හොදයී. අපි කොම්පුයටර නැතිව එලිවෙනකොට ඔක්කොම චන්ද ගැනල අගේට ඉවර කොරනවා.
ජන්දේ කාලෙට තියන ලංකාවේ තියෙන පුරශ්න වෙන වෙන දේවල්.
ඡන්ද ගනන් කරන ක්‍රමය සහ එහි කාර්්යක්ෂමතාවය නෙමේ ලංකාවට වැදගත් වෙන්නෙ. ඡන්ද ව්‍යාපාරයේ මහත්මා ගුණයයි. කාගෙ කාගෙත් හක්කෙ බුදු රැස්, බොක්කෙ දඩමස්.
ලංකාවෙ අපේ මානසිකත්වයට අනුව තමන් තරගයේ යැ්රි කීම තමන්ම වල කපා ගැණීමක්. දිනුව අනිවාර්්‍යය යැයි ම කිව යුතුයි. මිනිස්සු වාසි පැත්තට හෝයියා නිසා.
පැරදුනත් – පරාජය පිළිගන්නේත් නෑ. නැති වැරදි හොයනවා.
ලේක්හවුස්, වැනි රාජ්‍ය මාධ්‍යවලින් විරුද්ධ පාක්ෂික අපේක්ෂකයින් ගැන විස්තර අපක්ෂකපාතීව කිව්ව නම් අපේ අයියලා ඒක රජයේ දුර්වලතාවයක් විදියට තමයි ගනං ගන්නේ.
උනුත් එකයි. අනිත් උන් හිටියත් ඔය ටිකමයි.
අනේවාසික [http://anewasika.blogspot.com]
ඡන්ද ගනන් කරන ක්‍රමය සහ එහි කාර්්යක්ෂමතාවය නෙමේ ලංකාවට වැදගත් වෙන්නෙ. ඡන්ද ව්‍යාපාරයේ මහත්මා ගුණයයි. කාගෙ කාගෙත් හක්කෙ බුදු රැස්, බොක්කෙ දඩමස්.
ලංකාවෙ අපේ මානසිකත්වයට අනුව තමන් තරගයේ underdog යැ්රි කීම තමන්ම වල කපා ගැණීමක්. දිනුව අනිවාර්්‍යය යැයි ම කිව යුතුයි. මිනිස්සු වාසි පැත්තට හෝයියා නිසා.
පැරදුනත් – පරාජය පිළිගන්නේත් නෑ. නැති වැරදි හොයනවා.
ලේක්හවුස්, SLRC, SLBC, ITN වැනි රාජ්‍ය මාධ්‍යවලින් විරුද්ධ පාක්ෂික අපේක්ෂකයින් ගැන විස්තර අපක්ෂකපාතීව කිව්ව නම් අපේ අයියලා ඒක රජයේ දුර්වලතාවයක් විදියට තමයි ගනං ගන්නේ.
උනුත් එකයි. අනිත් උන් හිටියත් ඔය ටිකමයි.
අනේවාසික [http://anewasika.blogspot.com]
ජන්ද වියාපාරයේ මහත්මා ගතිගුනය වෙනමම කාරනයක්. ගුටි කෙලියකින් ඉවර වෙන්නේ නැතිව පන්සලේ දායක සබා චන්දය තියන්න බැරි රටක, පොලීසියක් නැති රටක, මහත්මා ගතිගුනය කියන වචනයේ තේරුම බොහොම වෙනස්.
to claim that usa has an efficient voting system is rather foolish .
we may live in sri lanka but we do knwo about other countries .
we know about acorn vote fraud
we know about counting going on weeks (minnesota 2008 senate race , ny232, etc )
we saw the 2000 election farce ,
compared to all that we do have a efficient uniform system here
I read my post again just to make sure, and I stand correct. I have not claimed anywhere that USA has an efficient voting system. It would be efficient the day we can cast our vote from home, or better yet from our wireless phone!
Also, in my post I have not discussed fraud, but thanks for informing me that Sri Lanka now has an efficient uniform system. So happy for you, may be I should write to my congressman and ask him to send a team of elections officials to go over and learn this system without delay.
Nuts come in many sizes and shapes; coco-nuts, pea-nuts, just plain nuts and…..of course, the Sitting-Nut. Ironically, this one-of-a-kind Nut has something to do with Libertarianism, who makes it looks like Fascism.Won’t waste my breath, if I were you.
Yeah, when one live in a nutty world what else can you expect? Just as nuts are free to air their nutty nut-thoughts, we are also free to talk or not talk about what ever we want. Or are they ‘free’ or bound by some nutty code I wonder.
so typical .
when you have no counter argument based on facts and reason to attempt to avoid and deny the issue altogether even though it was clearly raised above .
so is the use of lame mockery
i just stated some undeniable facts.
but you felt the need to offer you opinion on my happiness and make silly remark about your congressman.
lol
–
siribiris :
what exactly do you object to in my comment ? its truthfulness?
in what way is that fascism ?
where have i ever betrayed my libertarian principles ? if you can, qoute at least one sentence.
but if you prefer insults without justification ( wasting your breath while advising others not to ) . you are free to do so .
but i will point that out
lol