ආදරයේ ප්‍රීති උත්සවය
ආදරයේ ප්රිති උත්සවය ගැන කතා කරන්න කළින් ආදරය කියන එකට නිර්වචනයක් දීලා ඉමු. ආදරය කියන එක කෑමක රහක් වගේ. එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. රහයි කියලා පිළිගන්න රහ කෑම තියෙනවා. කටේ තියන්න බැරි කෑම තියෙනවා. නීරස කෑම තියෙනවා. ආදරයත් ඒ වගේ. සමහර අය හොඳට රස බල බල ආදරේ කරනවා. සමහර අයෙක් විකෘති ආදරයකින් ඉන්නවා. තවත් අයෙක් නොසොයා නොබලා නීරස ආදරයක ජීවිතේ ගෙවනවා. පවුලේ අයට, යහළු යෙහෙළියෝ අතර වගේම ආදරවන්තයෝ අතරත් දකින්න පුළුවන් මේ වගේ ආදර විලාසිතා.
කෑමක් රස ගුණ බලන්නෙ තනියමනෙ. ආදරය කරන්න තනියම බෑ. ආදරය දෙන්නෙක් අතර බෙදා ගන්න කොට තමයි රස ගුණ දැනෙන්නෙ. ගන්න හා දෙන්න දෙකේම සමබර සංකලනයක්.
කෑමක රහක් තව කෙනෙකුට මෙහෙමයි කියල කියල වැඩක් නෑ. කාලම බලන්න ඕනෑ. ආදරයත් ඒ වගේ. ආදරය කරලම දැන ගන්න ඕනා.
ආදරයේ ප්‍රීති උත්සවය නම් ආදරය කරන දෙදෙනා ලිංගිකව එකතුවීමයි. පුද්ගලයාගේ රොමැන්තික ලිංගික ප්‍රතිචාරයේ අතිශය වැදගත් කරුණු දෙකක්. එක, තමන් තෝරා ගන්නා සහායකයාය. අනික, ලිංගික ක්‍රියාවෙන් තමන් ලබා ගන්නා අරුතයි.
තමන් වැදගත් අයෙක් යයි සිතන, ජීවිතයටත් තමන්ටත් ආදරය කරන පුද්ගලයෙක් ආදරය සඳහා සොයන්නේ තමන්ට ගරු කළ හැකි, ආඩම්බර විය හැකි, තමන්ගේ බුද්ධිමත් මට්ටමේ ඉන්නා, තමන් හා සම අගැයුම් වලින් යුතු සහායකයාය.
බුද්ධිමත්, ආත්ම විශ්වාසයකින් යුත්, පෞරුෂයෙන් යුත් කාන්තාවක් සොයා යන පිරිමියා සොයන්නේ තමන්ට අගය කළ හැකි සහකාරියකි. කිසි දෙයක් කර කියා ගත නොහැකි කාන්තාවක් සොයා යන පිරිමියා සොයන්නේ අගය කළ හැකි කෙනෙක් ද නැතහොත් ඒ අය මතින් තම පුරුෂත්වය හුවා දක්වත හැකි කෙනෙක් ද? මෙයම කාන්තාවන් විසින් සොයනා පුරුෂයන්ට ද යොදා ගත හැකිය.
කෙනෙක් ලිංගික එක් වීමකින් සොයන්නේ එකිනෙකා ගැන ඇති ආඩම්බරය හා අගැයුම නිසා දෙදෙනා අතර රස වින්දනයක් ද? නැතහොත් පුරුෂත්වය හෝ කාන්තාභාවය ඔප්පු කර ගැනීමක් ද, ජීවිතයේ අනෙක් සුන් වූ බලාපොරොත්තු සමනය කර ගැනීමක් ද, සංකාව හෝ ආතතිය නැති කර ගැනීමේ මාර්ගයක් ද, නැතහොත් වෙන කරන්න දෙයක් නැති නිසා කරන්නක් ද?
තමන් ගරු නොකරන අයෙක් හා එක්වන කෙනෙක් කැමත්ත නැති කෑමක් කන්න වෙච්ච අයෙක් වගේ. කාලා ඉවර වුනාම කටේ අපුල රහක්.
ඒ වගේම හොරෙන් කන දෙයක් එළිපිට ආශීර්වාද මැද්දෙ කන දේ තරම් රහ දැනෙනවා ද?
ලිංගික එක්වීමට කලින් එනම් ආදරයේ ප්රිති උත්සවයට කලින් තමන් සොයන සහකාරිය/සහකරුවා ගැන අවබෝධයත් ලිංගික එක්වීමෙන් තමන් සොයන්නේ කුමක් ද කියාත් විචාරයක යෙදීම තමන්ගේම ඇස් පාදා ගන්නකි.
ලිංගික එක්වීමක් යනු සම්පූර්ණයෙන්ම දෙදෙනෙක් එකිනෙකාට යටත්වීමකි. එවිට පීඩකයෙක් හෝ පීඩිතයෙක් ද නැත. මනසෙන් මෙන්ම ශරීරයෙන් ද දෙදෙනෙක් ආදරයේ නාමයෙන් ප්‍රීති උත්සව පවත්වන්නේ එලෙසිනි.
මේ සේරම මගේ අදහස් පමණක් නෙමේ. දාර්ශනික හා මනෝවිද්‍යාඥ මත මේ අදහස් කියා තිබුණත් ඒ මූලාශ්‍ර සොයන්නට නොගියෙමි. සුපර්බෝල් බලන්න ආ දා කතාබහ ඇසුරින්. වැලන්ටයින් ගැන සටහන් යන නිසා අද ලියන්න හිතුනෙ. ඉතින් ලිංගික ක්රියාවේ යෙදෙන්න කියලා කාටවත් උපදෙස් දෙනවා කියලා වැරදියට බාර ගන්නත් එපා.
ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරය !
ආදරය මම වටහා ගත් ආකරයට එකිනෙකා මත පවතින ආකර්ශනය , අනොන්‍ය විශ්වාෂය , අනොන්‍ය ගරු කීරීම මත පදනම් වෙන දෙයක්.නමුත් තව දෙයක් ඒ මත ජෛව විද්‍යාත්මක පදමකුත් තියෙනවා.මනුශයා යන ජීවීයා තම ජෛව විද්‍යාත්මක අවශ්‍යතා යාමනය කර ගැනීමට හැකියාව තියෙන නිසයි අන් සතුන්ගෙන් වෙනස් වන්නේ එකයි ආදරය කියන දේ පවතින්නෙත්
හපොයි දැන් කට්ටිය කියයි සහෝදරී වැලන්ටයින් දවසේ ලිංගිකව හැසිරෙන්න කියල දේශනා කරනව කියල. ඕක කෙරුවට කතා කරන්න හොඳ නෑනෙ….. එතකොට අපේ සංස්කුරුතියට මොකෝ වෙන්නෙ. 🙂 අර මොකද්ද කතාවක් තියෙන්නෙ පණුවෝ බකට් එකක් ඇරගත්තද කොහෙද කියල.. අන්න ඒ වගේ තමා..
තරිඳු සහෝදරයා, කෙනෙක් එහෙම වැරදියට හිතා ගනියි කියල නොකියා බෑනේ, තමන් කරන්නෙ මොකක්ද කියන එක ගැනත් විභාගයක් තියෙන්න එපායෑ. සටහනේ තියන අංග සේරම සම්පූර්ණ කරන්න අවංකව බලන කෙනෙකුට අවාට ගියාට එහෙම හැසිරෙන්න පහසු නැහැ කියල පෙනේවි.
මේක මම ආදරය ගැන ලියපු බ්ලොග් සටහනක් ගිය වැලන්ටයින් ඵකට
http://nadeera-kaviyaoba.blogspot.com/2009/02/blog-post.html
ඕනෙම දේක අගය වැඩි වෙන්නෙ ඒක රහසින් කරද්දි.
අපි ගොඩක් දේවල් බලපොරොත්තු වෙනව. ඒත් ඒ දේවල් ලැබුනම ඒකෙ අගයක් නැති වෙලා යනව.
සිංහල ලව් කිරීම සහ ඉංගිරිසි love making අතර වෙනස………….
අනේවාසික
මට නම් ඉතින් ආදරය සමිබන්ධ අත්දැකීම් වැඩියිද මන්ද එක්කොත් ඕන්නැහ් ! ඒක නෙමේ ලංකාවෙ ආදරය තහනම් ලිංගිකත්වයත් තහනම් රාගයෙන් තොර ආදරයක් ..කියල බයිල ගහල තමන්ම තමන් රවට්ට ගන්න පුස්සො ටිකක් !! අපේ බයියන්ට වැලන්ටයින ඩේ එක සිම්පල් විදිහට ගන්න බෑ . හැමදාම ලව් කලාට එදාට කෙල්ලට පොඩි චොකලට් එකක් කිස් එකක් දෙනකොට ටිකක් අමුතුයි ඉතින් අවු 19 ට වැඩි නම් සල්ලි අතේ තියේනම් දෙන්නම කැමතිනම් රෑම් එකකටත් යනව ඇයි අවුල්ද !! බැරි එවුන් ඇඹුල් කියයි අපිට මොකද ? ආදරය ඉතා…ම සුන්දර දෙයක් මම ඒක මැරෙනකල්ම කියනව මගෙ දරැවන්ටත් කියනව