මර්ෆි රිපෝට්, පාප්වහන්සේ හා මහ මළුවේ සඟ සමුළුව
රහසක් වසන් කරගත හැකි වන්නේ එය එක් අයෙකුගේ රහසක් පමණක් නම්ය. කා හට හෝ රහසින් ආදරය, වෛරය, පිළිකුල ඇත්නම් එය කිසිදා කා හටවත් නොකියා වසන් කරගෙන සිටිය හැකිය. නමුත් කවදා හෝ කාට හෝ (ඊට පාත්‍ර වන්නාට ද) කී තැන සිට එය තවත් දුරට රහසක් නොවේ. එවිට එය වසන් කරගෙන සිටිනු ද නොහැකිය.
සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙකු අතින් කෙරෙන වැරැද්දකට වඩා ගුණ ධර්ම රකින්නට ඉන්නා අය අතින් කෙරෙන වැරැද්ද තත්වයෙන් බරපතලය. නීතිය රකින්නට ඉන්නා පොලිස් නිලධාරියා, සාමය රකින්නට ඉන්නා හමුදා භටයා, සමාජයේ දියුණුව සලකන්නට ඉදිරිපත් වන දේශපාලනඥයා මෙන්ම අධ්‍යාත්මය සුරකින්නට ඉන්නා පූජක පක්ෂය ද වැරදි කරන කල ද ඔවුනට ලැබිය යුතු දඬුවම එම වරදම කරන සාමාන්‍ය අයෙකුට වඩා බරපතල විය යුතුය.
පාලකයාට විරුද්ධව ගතු කියන්නට ඉදිරිපත් වූවත් ඒවා ඔප්පු කරගත හැක්කේ කලාතුරකින් වීම නිසාම පාලකයෝ සුදනන් නොවෙති. එසේම සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙකු බිහි කරන්නට ඇති ඉඩකඩ ද අමතක නොකළ යුතුය. පාලකයෝ වග විභාගයකින් තොරව පිළිගැනීම සමාජයේ පැවැත්මට හානිකරය.
2009 නොවැම්බර් මාසයේ එළි දැකි මර්ෆි රිපෝට් සහ 2009 මැයි මාසයේ එළි දැකි රයන් රිපෝට් අයර්ලන්තයේ කාලාන්තරයක් තිස්සේ කතෝලික පූජ්‍ය පක්ෂය විසින් කරන ලද, සඟවා රහසිගත ලෙස යටපත් කරගත් ළමා අපචාර තොරතුරු රැසකින් යුතුය. අද දිනයේ අයර්ලන්ත කතෝලික බිශොප්වරු හා දෙදිනක හමුවට පාප්වහන්සේ මුල්ව ඇත්තේ මේ රහසිගත අපරාධ වලට මුහුණ දෙන්නටය.
කතෝලික පල්ලි සංස්ථාව එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් වඩා ක්‍රමවත් වූ, සමහර බලගතු රටවල් වලටත් වඩා බලයක් තිබි, මුදල් අතින් කිසිදු අඩුපාඩුවක් නොමැති වූ සංස්ථාවක්ව තිබියේය. අප්‍රිකා මහා ද්වීපයේ සමහර ඈත පිටිසර ගම්මාන වල වාසය කළ කතෝලික පූජකවරු වෙත තිබූ රටේ තොරතුරු හා දේශපාලනික වාතාවරණය පිළිබඳ දැනුම මෑත කාලයක් වනතුරු සුපිරි බලවතුන්ට ද නොවිණ. සුපිරි බලවතුන් ද තොරතුරු අසා දැන ගත්තේ කතෝලික පල්ලියේ පූජකවරු වෙතිනි.
එහෙත් මෑතක දී පටන් කතෝලික පල්ලියෙන් බැතිමතුන් ඉවත් ව යති. ඒ ළමා අපචාර චෝදනා මුල්කර ගෙනය. ඇමෙරිකාවේ සමහර පල්ලි වසා දමන්නට සිද්ධ වී ඇත්තේ ළමා අපචාර චෝදනා වලට ගෙවන්නට වන්දි මුදල් නැති කමෙනි. ළමා අපචාර ගැන තොරතුරු එළියට එද්දී බැතිමතුන් පල්ලියට ආධාර මුදල් දීම නතර කරයි.
ලංකාවේ කතෝලික පල්ලියේ ද මෙවැනි ළමා අපචාර වෙයි. මා දන්නා අයෙක් එවැන්නකට මුහුණ දී සිය ජීවිතය නැති කරගන්නට ද සිතුවේය. ඔහු බේරා ගන්නට හැකිවුනි. එහෙත් තම ආගම ගැන ඇති භක්තිය යළි උත්පාදනය කළ නොහැකි විය.
ලංකාවේ බෞද්ධ ආගමික සංස්ථාව තුල ද මෙවැනි ළමා අපචාර වෙයි. ඒවාට මුහුණ දෙන අසරණයන් කියන්නට කෙනෙක් නැති නිසා සිතින් දුක් විඳිමින් සිටිති. කෙනෙක් දෙන්නෙක් සිවුරු හැර දමා ගොස් පවුල් සංස්ථාවට එකතු වී යහපත් ගිහි ජීවිත ගත කරති. මෙතැන දී මා දන්නා අය බොහෝ වෙති.
අනුන් කියන්නට සවන් නොදෙන අයට ඒවා දැන ගැනීමට නොලැබෙන නිසා මෙවැන්න සිදු නොවේය කියා සිතීම හානිකරය. විනිශ්චයක් නොදෙන බව දන්නා අයට පමණක් තම සිත තුල ඇති දුක කියන්නට කෙනෙක් ඉදිරිපත් වෙයි. සුමිතුරෝ වැනි මානසික පිහිට ලබා දෙන තැනකට ගොස් හිතේ දුක කියන්නට සාමනේරයන්ට අවස්ථාවක්, ඉඩකඩක් ඇත් ද? දුක කියා සිතින් පිටකර ගත්ත ද ඊට සහනයක් ලබා ගන්නා මාර්ගයක් ඔවුනට පෙනේ ද? සංස්ථාව තුලම කෙරෙන විචාරයකින් එය වළක්වා ගත හැකි ද? එවිට පීඩකයන්ට සමාජයේ නීතියෙන් නොවුනත් සංස්ථාවේ නිති වලින් දඬුවමක් ලැබේ ද?
ගෙදරින් විවාහ කරදෙන කාන්තාවන් බොහොමයකට තම ස්වාමියා පහර දීම, ලිංගික අතවර හෝ මානසික අතවර හමුවේ ආපසු නිවසට එන්නට ඉඩ නොදෙන දෙමාපියෝ සිටිති. ඒ සමාජ අපවාද අහන්නට අකමැති නිසා දුක දරාගෙන සිටීම ගෑණු අයගේ තවත් පව් ගෙවීමක් ලෙසින් පිළි ගැනුනු නිසාය. ඔවුනට යන්නට තැනක් සමාජයේ නැතිවා සේම ලිංගික අපචාරයට ලක්වන මහණදම් රකින්නාට ද යන්නට තැනක් නැත. කියන්නට කෙනෙක් නැත.
කතෝලික පල්ලියේ අපචාරයන්ට ලක් වූයේ සමාජයේ වූ දරුවන් බොහොමයකි. බෞද්ධ පංසල් සංස්ථාවේ අපචාරයට ලක්වන්නේ කුඩා අවදියේම මහණකමට ඇතුල්වන දරුවාය. වෙනත් අපරාධ මෙන් නොව ලිංගික අපරාධ වලට ලක්වන අය ඒ ගැන කතාබහට කැමැති නැත. එය තමාගේ වරදක් ද, තමාගේ පෙර පව් ගෙවීමක් ද, යන්න හරි හැටියට විමසා තේරුම් ගන්නට ඉඩ කඩක් නොමැති නිසාය.
කතෝලික පල්ලියේ පිරිහීම නිසා ඉගෙන ගත යුත්ත නම් වසන් කරගෙන සිටින කාලය කවදා හෝ නිමාව දකින බවය. බ්‍රහස්පතින්දා ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ කෙරෙන මහා සඟ සමුළුවේ දී නම් මේ ගැන කිසි කතාබහක් නොකෙරෙනු ඇත. එහෙත් ඊට කලින්ම මුහුණ දී කලින්ම පිළියම් සකස් කර ගැනීම කවදා හෝ ලෝකයා ඉදිරියේ කිළිටි වස්ත්‍ර සේදීමට සිද්ධවීමට වඩා නම් සුවදායකය.
මේක කියවද්දි මතක් උනේ Taboo ගෙ මෙන්න මේ ලිපිය.
http://taboosubjects.wordpress.com/2009/03/23/188/
එතන Taboo බෞද්ධ අපචාර ගැන 95%ක් විතර කතා කරලා, කතෝලික අපචාර ගැන 5% ක් විතර කතා කරලා. මෙතන ඒකෙ අනිත් පැත්ත. වෙනසකට දැක්කෙ නම් එච්චරයි. අන්තර්ගතය නම් අර Taboo ගෙ ලිපියෙ තියෙන ටිකම වගේ තමයි.
මේකත් හරියට අර “අපක්ෂපාතී” දේශපාලන විචාරකයෙක්ගෙ විචාරයක් වගේ! අපක්ෂපාතී කියලා පෙන්නන්න අසාර්ථක ප්රයත්නයක් දරලා.
කතෝලික අපචාර ගැන සටහන් කතෝලික පල්ලියේ නූතන තත්වය ගැන ප්රවෘත්ති වෙති. ඊට මා එකතු කළේ මා පුද්ගලිකව දැනගත් අයෙකු ගැන පමණි. පැත්තක් ගැනීමක් වන්නේ ඒ ගැන සඳහන් කිරීම නිසා ද? මා වැඩියෙන් පෞද්ගලිකව දන්නේ බෞද්ධ පන්සල් සංස්ථාවේ වූ අපචාරයන්ය. ඒ මම බෞද්ධයන් වැඩියෙන් ඇසුරු කරන නිසාය. අපක්ෂපාත වෙන්න හෝ පක්ෂපාත වෙන්න දෙයක් ඇත් ද? පොදුවේ කවුරුත් කොයි පැත්තෙන් වුවත් කෙරෙන ළමා අපචාර හෙළා දැකිය යුතු නේද?
Agree!
හරියට මාරි පෙට්ටියේ රූපෙ දිහා බලලා, මාරි විස්කෝතුවෙ රස ගැන විශ්ශයක් දෙනවා වගේ කතාවක් තමයී Gavels කියලා තියෙන්නේ.
කතෝලිපක ද, බෞද්ධ ද, මුස්ලිම් ද, හින්දු ද කියන එක නෙමේ ප්රශ්ණ්ර.
බලය තියෙන උන් අකටයුතු කරනවා. බලය මගින් ඒවා යට ගහනවා.
ඉස්සර රජවරු ගම් වලට හිගින් ගෑනු උස්සගෙන එන්නෙ. පසුග්රි සියවසේ මුල් කාලේ ලංකාවේ දිසාවේ ලා ගම්වලට ගියාම ගෑනු දෙන්න ඕනැ.
උන් සමලිංගික වුනා නම්……
අනේවාසික
ලෝකේ ආරම්භයේදීම ඒව. ආදම්ව අපචාරයකට පොළබවා ගත්තු එකේ ඕවා මොනවද සහෝ!ද්වී ලිංගික විතරක් නොවේ මිනිස්සු සමලිංගිකද වෙනවා. මේකට ආගම් භේදයක් නැ.ඒ නිසා විශේෂයෙන් සංග වාස වල, පුජක නිවාස වල ආරාම වල.මඩම් වල ජීවත් විමට කැපවුනු පොඩිවුන් ගැන සිතා බැලිය යුකුයි. අපචාර වල ගොදුරැ බවට පත්වු මෙවැන්නන් සමාජ වීරෝධින් බවට පත්වි සමාජයෙන් පලිගැනිමේ ඉඩකඩක් ඇති බැවිනි.
අපචාරයට ලක්වන්නා කටයුතු කරනා ආකාරයන් දෙවිදියකි. කට්ටියක් තමන් භාජනය වූ බලපෑම් ඉදිරියේ සියළු අකැප කටයුතු වඩාත් හෙළා දකින්නට පෙළඹෙන අතර තව කට්ටියක් ගුණ ධර්ම අතහරී. මෙවැන්නකට ලක් වූ කෙනෙක් අද දිනයේ ද සමාජයෙන් පළිගන්නවා ද යන්න වැදගත් ප්‍රශ්නයක්. සමාජ විරෝධීන් බවට පත් වී ඉන්නා ආකාරය පැහැදිලිව හඳුනා ගත හැකි වුවත් පළිගැනීම් විවිධාකාර නිසා ඒවා හඳුනාගැනීම දුෂ්කරයි. අනගි ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතියි.
[…] බහරේන් මාලනී; ආත්ම අනාත්ම පටලැවිල්ල; මර්ෆි රිපෝට්, පාප්වහන්සේ හා මහ මළුවේ ස…; කටාරයේ විලාසිතා ගැන විවාදයක්; […]
අපචාර කවුරු කලත් වැරදියිලෙංකාවෙ පන්සල් වලඒව එලියට එන්නෙ නැත්තෙ ලංකාවෙ තියෙන වැඩවසම් ආධිපත්‍ය නිසා.කව්රු හරි ඒ ගැන කතා කලෝත් රෙද්ද අතට අරන් තමයි එන්නෙ . මෙහෙම කිව්වහම ඇයි පල්ලි/කොවිල් නැද්ද කියල මෝඩ ප්‍රශ්න අහන්න එපා . ඒ ඔක්කොම එහෙම තමයි කිව්වෙ පන්සල් හයිලයිට් කලේ මමත් උපතින් බෞද්ධ ඉතින් ඒකනෙ ලංකාවෙ වැඩි වඩාත් සමීප දේ එපායැ කතාකරන්න